< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى ۝١

(නබියේ!) ඉතාමත් ශ්‍රේෂ්ඨ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය ඔබ ප්‍රශංසා කර සුවිශුද්ධ කරනු මැනව!

ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ ۝٢

ඔහුම (සියලූ උත්පාදනයන්ම) උත්පාදනය කර (ඒවා නියමිත අන්දමට) සැලසුම් කළ අයයි.

وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ ۝۳

ඔහුව (ඒවාට අවශ්‍ය සියලූ දැය) මනක්කල්පිත කර (ඒවා ලැබිය හැකි) මාර්ගයන්ද (ඒවාට) දැනුම් දුන්නේය.

وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ ۝٤

ඔහුම (ගමේ සතුන්ට) උලෑ කෑමට අවශ්‍ය දැයද ඉකුත් කරන්නේය.

فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ ۝٥

පසුව ඒවා වියළී ගිය පඞරැල් බවට පත් කරන්නේය.

سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ ۝٦

(නබියේ! මෙම කුර්ආනය) අපි ඔබට සමුදීරණය කිරීමට උගන්වන්නෙමු. අල්ලාහ් අදහස් කළහොත් මිස, (එහි කිසිම දැයක්) ඔබ අමතක කරන්නේ නැත.

إِلَّا مَا شَآءَ ٱللَّهُ ۚ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ ۝۷

නියත වශයෙන්ම ඔහු සැඟවී ඇති දැයද, පිටත පෙනුමට ඇති දැයද හොඳින් දන්නේය.

وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ ۝۸

පහසු වූ (ධර්මය) අපි ඔබට පහසු කර ලබා දෙන්නෙමු.

فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ ۝۹

එබැවින් හොඳ ඔවදන් (ජනයාට) ප්‍රයෝජනවත් වන තුරු ඔබ දේශනා කරමින්ම සිටිනු.

سَيَذَّكَّرُ مَن يَخْشَىٰ ۝١۰

නියත වශයෙන්ම කවුරුන් (අල්ලාහ්ට) බිය වන්නේද, ඔහු (මෙමගින්) හොඳ දැනුමක් අත් කර ගන්නේය.

وَيَتَجَنَّبُهَا ٱلْأَشْقَى ۝١١

අභාග්‍යවන්තයා නම්, මෙයින් ඈත් වී යන්නේය.

ٱلَّذِى يَصْلَى ٱلنَّارَ ٱلْكُبْرَىٰ ۝١٢

(එහෙත්) ඔහු (නිරයේ) ඉමහත් ගින්න අත් කර ගන්නේය.

ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ ۝١۳

පසුව එහි ඔහු මරණයට පත් වන්නේද නැත. (සැපසේ) ජීවත් වන්නේද නැත.

قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ ۝١٤

කවුරුන් (පාපයන්ගෙන් ඈත් වී) පරිශුද්ධවන්තයෙකු වන්නේද, ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය.

وَذَكَرَ ٱسْمَ رَبِّهِۦ فَصَلَّىٰ ۝١٥

ඔහු තම දෙවියන්ගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින්ද, නමදිමින්ද සිටින්නේය.

بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ۝١٦

එහෙත් ඔබ නම්, (පරලොව අත්හැර දමා) මෙලොව ජීවිතය තෝරා ගත්තෙහුය.

وَٱلْءَاخِرَةُ خَيْرٌۭ وَأَبْقَىٰٓ ۝١۷

පරලොව ජීවිතයම ඉතාමත් උසස් හා ස්ථීරවත් එකක්ද වන්නේය.

إِنَّ هَٰذَا لَفِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ ۝١۸

නියත වශයෙන්ම මෙය පෙර තිබූ ආගම්වලද-

صُحُفِ إِبْرَٰهِيمَ وَمُوسَىٰ ۝١۹

ඉබ්රාහීම් හා මූසාගේ ආගම්වලද ඇත්තේය.