< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ ۝١

අහස මතද, අළුයම් තාරකාව මතද, සත්තකින්ම!

وَمَآ أَدْرَىٰكَ مَا ٱلطَّارِقُ ۝٢

(නබියේ!) අළුයම් තාරකාව කිමෙක්දැයි ඔබ දන්නෙහිද?

ٱلنَّجْمُ ٱلثَّاقِبُ ۝۳

(එය) ගිණි දැල් විහිදුවන තාරකාවකි.

إِن كُلُّ نَفْسٍۢ لَّمَّا عَلَيْهَا حَافِظٌۭ ۝٤

සෑම මිනිසෙකු වෙතම (අප විසින් ඇති කරන ලද) අවධානය කළ හැකි කෙනෙකු නැත්තේ නොවේ.

فَلْيَنظُرِ ٱلْإِنسَٰنُ مِمَّ خُلِقَ ۝٥

එබැවින් මිනිසා (තමන්) කුමක් නිසා උත්පාදනය කරනු ලැබ ඇත්තේදැයි පොඩියක් අවධානය කර බැලිය යුතුය.

خُلِقَ مِن مَّآءٍۢ دَافِقٍۢ ۝٦

(ඈතට) පනිමින් ඉකුත් වන එක් ජල බිඳක් මගින්ම උත්පාදනය කරනු ලැබුවේය.

يَخْرُجُ مِنۢ بَيْنِ ٱلصُّلْبِ وَٱلتَّرَآئِبِ ۝۷

එය කොඳු ඇටවලටද, ඉළ ඇටවලටද මධ්‍යයෙන් ඉකුත් වන්නේය.

إِنَّهُۥ عَلَىٰ رَجْعِهِۦ لَقَادِرٌۭ ۝۸

(මෙසේ උත්පාදනය කරනු ලබන) ඔහු, (මොහු මරණයට පත් වූ පසු මොහුට පණ දී) නැවත පණ ගැන්වීමටද, නියත වශයෙන්ම ඔහු බලසම්පන්නයෙකි!

يَوْمَ تُبْلَى ٱلسَّرَآئِرُ ۝۹

කුමන දිනකදී සියලූ ගුප්ත දැයද එළිදරව් වී යන්නේද-

فَمَا لَهُۥ مِن قُوَّةٍۢ وَلَا نَاصِرٍۢ ۝١۰

(එදිනදී) මිනිසාට කිසිම ශක්තියක් ඇත්තේ නැත. උදව් කරන්නන්ද ඇත්තේ නැත.

وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجْعِ ۝١١

වර්ෂාව වසිනා අහස මතද,

وَٱلْأَرْضِ ذَاتِ ٱلصَّدْعِ ۝١٢

(පැළෑටි, ගස්වැල් ආදිය වැඩෙන්නට) පුපුරණ භූමිය මතද,

إِنَّهُۥ لَقَوْلٌۭ فَصْلٌۭ ۝١۳

සත්තකින්ම! ඇත්තෙන්ම මෙය (පින් පව් දෙක) වෙන්කර දැන්විය හැකි පොරොන්දුවකි.

وَمَا هُوَ بِٱلْهَزْلِ ۝١٤

මෙය පුහු සමච්චල් (වදනක්) නොව.

إِنَّهُمْ يَكِيدُونَ كَيْدًۭا ۝١٥

(නබියේ!) නියත වශයෙන්ම ඔවුන් (ඔබට විරුද්ධව) කුමන්ත්‍රණයක් කරන්නාහ.

وَأَكِيدُ كَيْدًۭا ۝١٦

මමද (ඔවුන්ට විරුද්ධව) කුමන්ත්‍රණයක් කරන්නෙමි.

فَمَهِّلِ ٱلْكَٰفِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًۢا ۝١۷

එබැවින් මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට (එතෙක්) ඔබ අවකාශයක් ලබා දෙනු. (අධික වශයෙන් නොව). ඉතාමත් සුළු අවකාශයක් ලබා දෙනු.