< السورة السابقة | فهرس السور | السورة التالية >
surah088
Al-Ghaashiya (88)
The Overwhelming, makkah, 26 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْغَٰشِيَةِ ١
(නබියේ! සියල්ලන්වම) වටකර ගත හැකි (විනිශ්චය දිනය ගැන වූ) පුවත ඔබට ලැබුනේද?
وُجُوهٌۭ يَوْمَئِذٍ خَٰشِعَةٌ ٢
එදිනදී සමහර මුහුණු අවමානයට ලක්ව-
عَامِلَةٌۭ نَّاصِبَةٌۭ ۳
බියෙන් මළානික වී දුබළව තිඛෙණු ඇත.
تَصْلَىٰ نَارًا حَامِيَةًۭ ٤
දළු ලා දැවෙන ගින්නට ඒවා යනු ඇත.
تُسْقَىٰ مِنْ عَيْنٍ ءَانِيَةٍۢ ٥
(ඔවුන්ට පිපාසය ඇති වුවහොත්) උණු වී නටන එක් උල්පතක ජලය බොන්නට සලස්වනු ඇත.
لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍۢ ٦
එහි ඔවුන්ට (තිත්ත අත්තන) කටු හැර, වෙන කිසිවක් ආහාර වශයෙන් ලැඛෙන්නේ නැත.
لَّا يُسْمِنُ وَلَا يُغْنِى مِن جُوعٍۢ ۷
(එමගින් ඔවුන්ගේ ශරීරය) වැඩෙන්නේද නැත. (ඔවුන්ගේ) කුස ගින්න නිවෙන්නේද නැත.
وُجُوهٌۭ يَوْمَئِذٍۢ نَّاعِمَةٌۭ ۸
(එහෙත්) එදිනදී වෙනත් සමහර මුහුණු නම්, ඉතාමත් ප්රබෝදමත්ව ඇත්තේය.
لِّسَعْيِهَا رَاضِيَةٌۭ ۹
(මෙලොවදී) තමන් කළ (හොඳ) කාරණාවන් ගැන තෘප්තියට පත්ව-
فِى جَنَّةٍ عَالِيَةٍۢ ١۰
උසස් වූ ස්වර්ගයෙහි සිටිනු ඇත.
لَّا تَسْمَعُ فِيهَا لَٰغِيَةًۭ ١١
එහි කිසිම පුහු වදනකට සවන් දෙන්නේ නැත.
فِيهَا عَيْنٌۭ جَارِيَةٌۭ ١٢
එහි (මොවුන්ට පානය කිරීමට) සදාකල් ගලමින් ඇති (පැහැදිලි) එක් උල්පතක් ඇත.
فِيهَا سُرُرٌۭ مَّرْفُوعَةٌۭ ١۳
එහි (මොවුන්ට වාඩි වීමට) උසස් ආසනයන් ඇත.
وَأَكْوَابٌۭ مَّوْضُوعَةٌۭ ١٤
(විවිධ වර්ගයේ පානයන් පිරි) බඳුන් (මොවුන් ඉදිරියේ) තිඛෙනු ඇත.
وَنَمَارِقُ مَصْفُوفَةٌۭ ١٥
(මොවුන්ට හාන්සි වී සිටීමට) පුළුන් කොට්ට පේළියට තබන්නට යෙදී තිඛෙණු ඇත.
وَزَرَابِىُّ مَبْثُوثَةٌ ١٦
උසස් ඇතිරිළි (මොවුන්ගේ යටින්) අතුරා තිඛෙණු ඇත. (මෙවැනි සැප සම්පත් වලින් යුත් ස්ථානයන්හි හොඳ වහලූන් සිටිනු ඇත).
أَفَلَا يَنظُرُونَ إِلَى ٱلْإِبِلِ كَيْفَ خُلِقَتْ ١۷
(නබියේ! මෙම ප්රතික්ෂේප කරන්නන් - තමන් වෙත ඇති) ඔටුවා හෝ (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) එය කෙසේ නම් උත්පාදනය කර ඇත්තේද?
وَإِلَى ٱلسَّمَآءِ كَيْفَ رُفِعَتْ ١۸
(ඔවුන්ට ඉහළින් ඇති) අහසද, (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) එය කෙසේ නම්, උඩට ඔසවා ඇත්තේද?
وَإِلَى ٱلْجِبَالِ كَيْفَ نُصِبَتْ ١۹
(ඔවුන් ඉදිරියේ දිස්වන) කඳුද (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) ඒවා කෙසේ නම් සිටවනු ලැබ ඇත්තේද?
وَإِلَى ٱلْأَرْضِ كَيْفَ سُطِحَتْ ٢۰
(ඔවුන් වාසය කරන) භූමියද (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) එය කෙසේ නම් දිග හරිනු ලැබ ඇත්තේද?
فَذَكِّرْ إِنَّمَآ أَنتَ مُذَكِّرٌۭ ٢١
එබැවින් (නබියේ! මේවා ඔවුන්ට ගෙනහැර දක්වා මේවා උත්පාදන කළ අයගේ වරප්රසාදයන් ඔවුන්ට ඔබ පවසා) හොඳ ඔවදන් දෙනු මැනව! (මෙමගින් ඔවුන් හොඳ වැටහීමක් ලබා නොගතහොත් ඒ වෙනුවෙන් ඔබ කණගාටු නොවනු. මන්දයත්) නියත වශයෙන්ම ඔබ ඔවුන්ට හොඳ ඔවදන් ලබා දෙන කෙනෙකි.
لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ ٢٢
(ඒ අන්දමටම කටයුතු කරන මෙන්) ඔවුන්ට ඔබ බල කරන්නට හැකි කෙනෙකු නොව.
إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ ٢۳
එහෙත් කවුරුන් ඈත් වී ප්රතික්ෂේප කරන්නේද-
فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلْعَذَابَ ٱلْأَكْبَرَ ٢٤
ඔහුට අල්ලාහ් ඉමහත් දඬුවම් දෙනු ඇත.
إِنَّ إِلَيْنَآ إِيَابَهُمْ ٢٥
නියත වශයෙන්ම ඔවුන් සියල්ලන්ම අප වෙතම පැමිණිය යුතුව ඇත්තේය.
ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم ٢٦
පසුව නියත වශයෙන්ම ඔවුන්ගෙන් ප්රශ්න ගණනය කිරීමද අපගේ යුතුකමක් වශයෙන් ඇත්තේය.