< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلسَّمَآءِ ذَاتِ ٱلْبُرُوجِ ۝١

ග්‍රහ මණ්ඩල වලින් පිරි අහස මතද,

وَٱلْيَوْمِ ٱلْمَوْعُودِ ۝٢

පොරොන්දු දෙන ලද (විනිශ්චය) දිනය මතද,

وَشَاهِدٍۢ وَمَشْهُودٍۢ ۝۳

සාක්ෂීන් මතද, සාක්ෂි දැරීම මතද, සත්තකින්ම!

قُتِلَ أَصْحَٰبُ ٱلْأُخْدُودِ ۝٤

අගල් කැපූවන්ව විනාශ කර දමනු ලැබූහ. (එසේම මෙම මක්කාවාසීන්වද, විනාශ කරනු ලබන්නාහ).

ٱلنَّارِ ذَاتِ ٱلْوَقُودِ ۝٥

දර දමා දල්වනු ලබන ගින්දර වල

إِذْ هُمْ عَلَيْهَا قُعُودٌۭ ۝٦

ඒ මත ඔවුන් වාඩි වී සිටි අවස්ථාවේදී-

وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِٱلْمُؤْمِنِينَ شُهُودٌۭ ۝۷

විශ්වාසවන්තයින්ව (වේදනා) කිරීම ඔවුන් (විනෝදයක් වශයෙන්) බලමින් සිටියහ.

وَمَا نَقَمُوا۟ مِنْهُمْ إِلَّآ أَن يُؤْمِنُوا۟ بِٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ ۝۸

(විශ්වාසය තැබූ) ඔවුන්ගෙන් යම්කිසි වැරැද්දක්ද ඔවුන් දුටුවේ නැත. එහෙත් ඉතාමත් ප්‍රශංසාවට අයත් අයද, (සියල්ලන්ටම) බලසම්පන්නයෙකුද වන අල්ලාහ්ව ඔවුන් විශ්වාස කළා මිස. (මෙයම ඔවුන් වැරද්දක් වශයෙන් දුටුවහ).

ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ ۝۹

අහස් හා භූමියෙහි පාලනය ඔහුටම අයත්ය! (ඔහුව විශ්වාස කිරීම නිසාම ඔවුන්ව වේදනා කළහ). අල්ලාහ් නම්, (මොවුන් කළ) සියල්ලටම සාක්ෂි වශයෙන් සිටින්නේය.

إِنَّ ٱلَّذِينَ فَتَنُوا۟ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ ثُمَّ لَمْ يَتُوبُوا۟ فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ ٱلْحَرِيقِ ۝١۰

ඔවුන් විශ්වාසය තැබූ පිරිමින්වද, ගැහැනුන්වද, මෙසේ වේදනා කර, පසුව (ඒ ගැන) ඔවුන් (පසුතැවිලි වී) සමාව ඉල්ලා නොසිටියෙද ඔවුන්ට නිරයේ වේදනාවද පිළිස්සෙන ගින්නෙන් වේදනාවද හිමිවේ.

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُمْ جَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْكَبِيرُ ۝١١

නියත වශයෙන්ම විශ්වාස කර දැහැමි ක්‍රියාවන් වල නිරත අයට යටින් දිය දහරා ගලා බසිනා ස්වර්ගයද හිමිවේ. එය ඉතාමත් ශ්‍රේෂ්ඨය.

إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ ۝١٢

(නබියේ! මෙම අපරාධකාරයින් ගැන ඔබ දුක් නොවනු. මන්දයත්) නියත වශයෙන්ම ඔබ දෙවියන්ගේ ග්‍රහණය ඉතාමත් දරුණුය. (එයින් ඔවුන්ට බේරෙන්නටම නොහැක).

إِنَّهُۥ هُوَ يُبْدِئُ وَيُعِيدُ ۝١۳

නියත වශයෙන්ම ඔහුම (ඔවුන්ව) උත්පාදනය කළේය. (ඔවුන් මරණයට පත් වූ පසුද ඔවුන්ව) ඔහුම පුනරුත්ථානය කරන්නේය.

وَهُوَ ٱلْغَفُورُ ٱلْوَدُودُ ۝١٤

ඔහු (විශ්වාසය තැබූවන්ව) ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා ආදරය කරන්නෙකු වශයෙන් සිටින්නේය.

ذُو ٱلْعَرْشِ ٱلْمَجِيدُ ۝١٥

(ඔහුම) අති ශ්‍රේෂ්ඨ අර්ෂ්හි හිමිය. පරාර්ථකාමී ගතිගුණ ඇත්තෙකි.

فَعَّالٌۭ لِّمَا يُرِيدُ ۝١٦

තමන් කැමති දැය කළ හැකි අයෙකි.

هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْجُنُودِ ۝١۷

(නබියේ!) එම සේනාවන්ගේ පුවත ඔබට ළඟා වූවේද?

فِرْعَوْنَ وَثَمُودَ ۝١۸

(ඒ කවුරුන්ගේ සේනාවන්ද?) ෆිර්අව්න්, සමූද්ගේ (සේනාවන්ය).

بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ فِى تَكْذِيبٍۢ ۝١۹

එහෙත් මෙම ප්‍රතික්ෂේප කරන්නන් (ශුද්ධ වූ කුර්ආනය) බොරු කිරීමෙහිම (ගැලී) සිටින්නාහ.

وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطٌۢ ۝٢۰

අල්ලාහ් නම්, ඔවුන්ව සම්පූර්ණයෙන්ම වට කරගෙන සිටින්නේය.

بَلْ هُوَ قُرْءَانٌۭ مَّجِيدٌۭ ۝٢١

(මෙම ප්‍රතික්ෂේප කරන්නන් බොරු කරන) මෙම උසස් ශුද්ධ වූ කුර්ආනය-

فِى لَوْحٍۢ مَّحْفُوظٍۭ ۝٢٢

ලව්හුල් මව්ෆූල්හිද (සටහන් කරනු ලැබ) ඇත්තේය. (මෙය මොවුන් ප්‍රතික්ෂේප කිරීමෙන් සිදු විය හැක්කේ කුමක්ද?)