< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتْ ۝١

අහස පැළී දෙකඩ වී යන විට,

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ۝٢

තම දෙවියන්ගේ නියෝගයට සවන් දී, එයට නියම කර ඇති පරිදි -

وَإِذَا ٱلْأَرْضُ مُدَّتْ ۝۳

භූමියද දිග හැරෙන විට,

وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ ۝٤

තමන් වෙත ඇති දැය සියල්ල වීසි කර, හිස් එකක් බවට පත් කරන විට,

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ۝٥

තම දෙවියන්ගේ නියෝගයට සවන් දී එයට නියම කර ඇති පරිදි (යුග අවසානය හමු වනු ඇත).

يَٰٓأَيُّهَا ٱلْإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًۭا فَمُلَٰقِيهِ ۝٦

මිනිසාණෙනි! ඔබ ඔබගේ දෙවියන් වෙත යන තුරු (හොඳ හෝ නරක හෝ විවිධ වැඩ කටයුතු වල නිරත වී) අමාරුවෙන් උත්සාහ කරමින්ම සිටින්නෙහිය. පසුව (විනිශ්චය දිනදී) ඔබ ඔහුව හමු වන්නෙහිය.

فَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ ۝۷

එබැවින් (එදිනදී) කවුරුන්ගේ දකුණු අතෙහි ඔහුගේ ක්‍රියාකාරම් සටහන ලබා දෙනු ලැබ ඇත්තේද,

فَسَوْفَ يُحَاسَبُ حِسَابًۭا يَسِيرًۭا ۝۸

ඔහුගෙන් ඉතාමත් පහසුවෙන් ප්‍රශ්න ගණනය විමසනු ලබන්නේය.

وَيَنقَلِبُ إِلَىٰٓ أَهْلِهِۦ مَسْرُورًۭا ۝۹

ඔහු සතුටට පත් වූවෙකු වශයෙන් (ස්වර්ගයෙහි සිටින) තමන්ගේ පවුලේ උදවිය වෙත ආපසු හැරෙන්නේය.

وَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهْرِهِۦ ۝١۰

කවුරුන්ගේ ක්‍රියාකාරකම් සටහන ඔහුගේ පිට කොන්ද පැත්තෙන් දෙනු ලබන්නේද,

فَسَوْفَ يَدْعُوا۟ ثُبُورًۭا ۝١١

ඔහු (තමන්ට) විනාශයයි යයි කෑගසමින්ම -

وَيَصْلَىٰ سَعِيرًا ۝١٢

දැවෙන ගින්න සහිත නිරයට ඇතුළු වන්නේය.

إِنَّهُۥ كَانَ فِىٓ أَهْلِهِۦ مَسْرُورًا ۝١۳

මන්දයත් නියත වශයෙන්ම ඔහු (මෙලොව සිටි කාලය පුරා පරලොව අමතක කර දමා) තම පවුලේ උදවිය සමග ඉතාමත් ආනන්ද ජනකව සිටියේය.

إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ ۝١٤

ඇත්තෙන්ම ඔහු (තම දෙවියන් වෙත) ආපසු එන්නේම නැත යයිද අදහස් කරමින් සිටියේය.

بَلَىٰٓ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرًۭا ۝١٥

එය නිවැරදි නොව. නියත වශයෙන්ම ඔහුගේ දෙවියන් ඔහුව අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටියේය.

فَلَآ أُقْسِمُ بِٱلشَّفَقِ ۝١٦

සවස් කාලයේ රත් පැහැති අහස මත සත්තකින්ම!

وَٱلَّيْلِ وَمَا وَسَقَ ۝١۷

රාත්‍රිය මතද, එය සැඟවී ඇති දැය මතද සත්තකින්ම!

وَٱلْقَمَرِ إِذَا ٱتَّسَقَ ۝١۸

පූරණ සඳ මතද සත්තකින්ම!

لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍۢ ۝١۹

(එක තත්වයක සිට තවත් තත්වයකට) නියත වශයෙන්ම ඔබ ක්‍රම ක්‍රමයෙන් පසුකර යා යුතුව ඇත.

فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ ۝٢۰

එබැවින් (මෙය ප්‍රතික්ෂේප කරමින් සිටින) ඔවුන්ට කුමක් නම් සිදු වී ඇත්ද? ඔවුන් මෙය විශ්වාස කරන්නේ නැත.

وَإِذَا قُرِئَ عَلَيْهِمُ ٱلْقُرْءَانُ لَا يَسْجُدُونَ ۩ ۝٢١

ඔවුන්ට මෙම කුර්ආනය කියවා පෙන්වනු ලැබූවා වුවද, (දෙවියන්ව) ඔවුන් හිස බිම තබා නමදින්නේ නැත.

بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ يُكَذِّبُونَ ۝٢٢

එපමණක්ද? මෙම ප්‍රතික්ෂේප කරන්නන් (මෙම කුර්ආනයම) බොරු කරන්නාහ.

وَٱللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ ۝٢۳

එහෙත් මොවුන් (තම මනසෙහි) එක්රැස් කර (සඟවා) තබා ඇති දැය අල්ලාහ් හොඳින් දැනගෙනම සිටින්නේය.

فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ ۝٢٤

එබැවින් (නබියේ!) වේදනා ගෙන දෙන දඬුවම මගින් ඔවුන්ට ඔබ ශුභාරංචි පවසනු මැනව!

إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۭ ۝٢٥

එහෙත් මොවුන්ගෙන් කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට (සදාකල්) අවසන් නොවන (හොඳ) ඵලවිපාකම ඇත.