< السورة السابقة | فهرس السور | السورة التالية >
surah056
Al-Waaqia (56)
The Inevitable, makkah, 96 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ ١
(යුග අවසානය නමැති) අති විශාල සිද්ධිය සිදු වුවහොත්-
لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ ٢
එම සිද්ධිය බොරු කරන්නන් කිසිවෙකුත් නැත.
خَافِضَةٌۭ رَّافِعَةٌ ۳
එය (බොහොමයකගේ තත්වය) පහත හෙලා දමනු ඇත. (බොහොමයකගේ තත්වය) උසස් කර හරිනු ඇත.
إِذَا رُجَّتِ ٱلْأَرْضُ رَجًّۭا ٤
ඒ අවස්ථාවේදී ඉතාමත් බලසම්පන්න භූමි කම්පාවක් ඇති වී-
وَبُسَّتِ ٱلْجِبَالُ بَسًّۭا ٥
කඳු (විනාශ වී එකකට එකක් ගැටී) සුණු විසුනු වී දූවිළි අනු බවට පත් වී-
فَكَانَتْ هَبَآءًۭ مُّنۢبَثًّۭا ٦
ඒවා (අහසෙහි) දූවිලි වශයෙන් පාවී යනු ඇත.
وَكُنتُمْ أَزْوَٰجًۭا ثَلَٰثَةًۭ ۷
(එදිනදී) ඔබ කොටස් තුනකට ඛෙදී යන්නෙහුය.
فَأَصْحَٰبُ ٱلْمَيْمَنَةِ مَآ أَصْحَٰبُ ٱلْمَيْمَنَةِ ۸
(පළමුව): දකුණු පාර්ශවයේ ඇති අයයි. දකුණු පාර්ශවයේ සිටින ඔවුන් කවුරුන්ද (යන්න ඔබ දන්නෙහුද? ඔවුන් ඉතාමත් භාග්‍යවන්තයින්ය).
وَأَصْحَٰبُ ٱلْمَشْـَٔمَةِ مَآ أَصْحَٰبُ ٱلْمَشْـَٔمَةِ ۹
(දෙවනුව): වම් පාර්ශවයේ සිටින අයයි. වම් පාර්ශවයේ සිටින මොවුන් කවුරුන්ද (යන්න ඔබ දන්නෙහුද? මොවුන් ඉතාමත් අභාග්‍යවන්තයින්ය).
وَٱلسَّٰبِقُونَ ٱلسَّٰبِقُونَ ١۰
(තුන්වෙනුව): පෙර ඉකුත්ව ගිය අයයි. (මොවුන් දැහැමි කාරණාවන්හි අන් සියල්ලන්ටම වඩා) පෙර ඉකුත්ව ගිය අයයි.
أُو۟لَٰٓئِكَ ٱلْمُقَرَّبُونَ ١١
මොවුන්ම (තමන්ගේ දෙවියන්ට) ඉතාමත් සමීපවූ අයයි.
فِى جَنَّٰتِ ٱلنَّعِيمِ ١٢
සුවය ගෙන දෙන ස්වර්ගයන්හි සිටින අයයි.
ثُلَّةٌۭ مِّنَ ٱلْأَوَّلِينَ ١۳
(ස්වර්ගයන්හි) පළමු කොටසේ අයගෙන් එක් විශාල සමූහයක්ද,
وَقَلِيلٌۭ مِّنَ ٱلْءَاخِرِينَ ١٤
(පෙර ඉකුත්ව ගිය) පසුව සිටින්නන්ගෙන් එක් සුළු ගණනයක්ද සිටින්නාහ.
عَلَىٰ سُرُرٍۢ مَّوْضُونَةٍۢ ١٥
(රණ්, දියමන්ති වලින්) නිමාවූ උසස් සිංහාසනයන් මත-
مُّتَّكِـِٔينَ عَلَيْهَا مُتَقَٰبِلِينَ ١٦
කෙනෙකුට කෙනෙකු මුහුණ ලා ඒ මත හාන්සි වී සිටින්නන් වශයෙන් සිටිනු ඇත.
يَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌۭ مُّخَلَّدُونَ ١۷
මේ වෙනුවට ලාබාල තරුණයින් (සේවය කිරීමට සෑම විටම) මොවුන් වටා කැරකෙමින්ම සිටින්නාහ.
بِأَكْوَابٍۢ وَأَبَارِيقَ وَكَأْسٍۢ مِّن مَّعِينٍۢ ١۸
: මිහිරි පානයන්ගෙන් පිරි කුසලානයන්ද, කෙණ්ඩිද, බඳුන්ද ඔසවාගෙන (ඔවුන් වටා කැරකෙමින්ම සිටිනු ඇත).
لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ ١۹
එමගින් (එම පානයන් පානය කිරීම මගින්) මොවුන්ට හිසරදයද ඇති නොවේ. මොවුන්ගේ සිහි බුද්ධියද වෙනස් නොවේ.
وَفَٰكِهَةٍۢ مِّمَّا يَتَخَيَّرُونَ ٢۰
මොවුන් (කැමති වී) තෝරා ගන්නා පලතුරු (වර්ගයන්)ද
وَلَحْمِ طَيْرٍۢ مِّمَّا يَشْتَهُونَ ٢١
කැමති පක්ෂීන්ගේ මස්ද, (එම තරුණයින් උසුලාගෙන ඒ මේ අත සැරිසරනු ඇත).
وَحُورٌ عِينٌۭ ٢٢
(එහි මොවුන්ට) හූරුල් ඊන් (නමැති අලංකාරවත් කන්‍යාවන් වන භාර්යයාවන්)ද, සිටිනු ඇත.
كَأَمْثَٰلِ ٱللُّؤْلُؤِ ٱلْمَكْنُونِ ٢۳
(ඔවුන්) ආරක්ෂා කරනු ලබන මිණි මුතු මෙන් (සිටිනු ඇත).
جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ ٢٤
(මේ සියල්ල) මොවුන් කළ (පින් ඇති) ක්‍රියාවන්ට ඵලවිපාක වශයෙන් ලැඛෙනු ඇත.
لَا يَسْمَعُونَ فِيهَا لَغْوًۭا وَلَا تَأْثِيمًا ٢٥
එහි මොවුන් නපුරු වචනද, පුහු කතාබහද සවන් දෙනු නොලබන්නාහ.
إِلَّا قِيلًۭا سَلَٰمًۭا سَلَٰمًۭا ٢٦
එහෙත් සලාම්, සලාම් (ශාන්තිය හා සමාදානයද) යන ශබ්දය මිස, (වෙන කිසිවක් සවන් දෙනු නොලබන්නාහ).
وَأَصْحَٰبُ ٱلْيَمِينِ مَآ أَصْحَٰبُ ٱلْيَمِينِ ٢۷
දකුණු පාර්ශවයේ සිටින අය - දකුණු පාර්ශවයේ සිටින ඔවුන්-
فِى سِدْرٍۢ مَّخْضُودٍۢ ٢۸
කටු නැති මසං ගස් යටද,
وَطَلْحٍۢ مَّنضُودٍۢ ٢۹
(අග සිට මුළ දක්වා) කැන් වශයෙන් එල්ලෙන (මල් නැති) කෙසෙල් ගස් යටද,
وَظِلٍّۢ مَّمْدُودٍۢ ۳۰
දිගු සෙවණෙහිද (සිටිනු ඇත).
وَمَآءٍۢ مَّسْكُوبٍۢ ۳١
(එහි සදාකල්) ගලා යමින් ඇති ජලයද-
وَفَٰكِهَةٍۢ كَثِيرَةٍۢ ۳٢
බොහෝ පලතුරු වර්ගද (ඇත).
لَّا مَقْطُوعَةٍۢ وَلَا مَمْنُوعَةٍۢ ۳۳
ඒවායේ පලතුරු (අනුභව කිරීම) වළක්වනු ලබන්නේද නැත. (කැඩීම නිසා) අඩු වන්නේද නැත. (එකක් කැඩීමෙන් වෙනත් එකක් ඒ ස්ථානයේම දක්නට ලැබේ).
وَفُرُشٍۢ مَّرْفُوعَةٍ ۳٤
උසින් පිහිටි උසස් ඇතිරිළි වල (වාඩි වී සිටිනු ඇත).
إِنَّآ أَنشَأْنَٰهُنَّ إِنشَآءًۭ ۳٥
(ඔවුන් සමග අති අලංකාරවත් කන්‍යාවන් වන හූරුල් ඊන් නමැති කන්‍යාවන්ද සිටිනු ඇත. ඔවුන් කිසිවෙකු විසින් ප්‍රසූත කරනු ලැබූවන් නොව). නියත වශයෙන්ම අපි ඔවුන්ටම (අයිති වන සේ මොවුන්ව අළුතින්ම) උත්පාදනය කර ඇත්තෙමු.
فَجَعَلْنَٰهُنَّ أَبْكَارًا ۳٦
(කෙබඳු) කන්‍යාවන් වශයෙන් ඔවුන්ව උත්පාදනය කර ඇත්තෙමුද (යන්න ඔබ දන්නෙහුද? )
عُرُبًا أَتْرَابًۭا ۳۷
(තම ස්වාමිපුරුෂයින්වම) ආදරය කළ හැකි යෞවන වියේ කන්‍යාවන් වන්නාහ.
لِّأَصْحَٰبِ ٱلْيَمِينِ ۳۸
(කළින් වර්ණනා කරන ලද මේවා) දකුණු පාර්ශවයේ සිටින අය වෙනුවෙන් (පිළියෙල කර ඇත්තේය).
ثُلَّةٌۭ مِّنَ ٱلْأَوَّلِينَ ۳۹
(මොවුන් සමග) පෙර සිටි අයගෙන් එක් සමූහයක්ද-
وَثُلَّةٌۭ مِّنَ ٱلْءَاخِرِينَ ٤۰
පසුව සිටි අයගෙන් එක් සමූහයක්ද, සිටිනු ඇත.
وَأَصْحَٰبُ ٱلشِّمَالِ مَآ أَصْحَٰبُ ٱلشِّمَالِ ٤١
වම් පාර්ශවයේ සිටින්නන් නම්- වම් පාර්ශවයේ සිටින්නන්ගේ (අභාග්‍යසම්පන්න තත්වය) දන්නෙහුද?
فِى سَمُومٍۢ وَحَمِيمٍۢ ٤٢
(ඔවුන්) දරුණු උණුසුම් සුළෙඟහිද, උතුරණ ලෝදියෙහිද-
وَظِلٍّۢ مِّن يَحْمُومٍۢ ٤۳
ඝන අඳුරු දුමාරයෙහිද සිටිනු ඇත.
لَّا بَارِدٍۢ وَلَا كَرِيمٍ ٤٤
(එහි) ශීතයක්ද නොතිඛෙනු ඇත. සැනසුමක්ද නොලබන්නාහ.
إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ ٤٥
මීට පෙර මොවුන් නියත වශයෙන්ම ඉමහත් සැප සම්පත්හි සිටියහ.
وَكَانُوا۟ يُصِرُّونَ عَلَى ٱلْحِنثِ ٱلْعَظِيمِ ٤٦
එහෙත් වශාල පාපයන් කිරීමෙහි ස්ථීරව සිටියහ.
وَكَانُوا۟ يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ ٤۷
තවද “කිමෙක්ද! අපි මරණයට පත් වී (දිරා ගොස්) පස් බවටද, ඇටසැකිළි බවටද පත් වූ පසු ඇත්තෙන්ම අපි පණ දී නැගිටවනු ලබන්නෙමුද?
أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ ٤۸
(එසේම) පෙර ඉකුත්ව ගිය අපගේ පියවරුන්වද (නැගිටුවනු ලබන්නෙහුද?)” යයි (සමච්චලයෙන් මෙන්) පවසමින් සිටියහ.
قُلْ إِنَّ ٱلْأَوَّلِينَ وَٱلْءَاخِرِينَ ٤۹
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම ඔබගෙන් වූ පෙර සිටියවුන් වුවද කම් නැත, පසුව සිටියවුන් වුවද කම් නැත,
لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوْمٍۢ مَّعْلُومٍۢ ٥۰
(ඔබ සියල්ලන්ම) නියමිත දිනකදී (නොවැරදී පණ දී නැගිට්ටවනු ලැබ) ඒකරාශී කරනු ලබන්නෙහුය.
ثُمَّ إِنَّكُمْ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلْمُكَذِّبُونَ ٥١
ඉන්පසුව (මෙදින) බොරු කළ දුර්මාර්ගිකයිනි! නියත වශයෙන්ම ඔබ,
لَءَاكِلُونَ مِن شَجَرٍۢ مِّن زَقُّومٍۢ ٥٢
සක්කුම් නමැති ගසම අනුභව කරන්නෙහුය.
فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ ٥۳
එමගින්ම (ඔබගේ) කුස පුරවා ගන්නෙහුය.
فَشَٰرِبُونَ عَلَيْهِ مِنَ ٱلْحَمِيمِ ٥٤
පසුව උතුරණ ලෝදියම බොන්නෙහුය”.
فَشَٰرِبُونَ شُرْبَ ٱلْهِيمِ ٥٥
(එයද හදිසි හදිසියෙන්ම) පිපාසයට පත් ඔටුවන් බොන්නාක් මෙන් ඔවුන් පානය කරනු ඇත.
هَٰذَا نُزُلُهُمْ يَوْمَ ٱلدِّينِ ٥٦
ඵලවිපාක දෙන දිනදී ඔවුන්ට අයත් සංග්‍රහය මෙයයි.
نَحْنُ خَلَقْنَٰكُمْ فَلَوْلَا تُصَدِّقُونَ ٥۷
(දුර්මාර්ගිකයිනි!) අපිම ඔබව (පළමු වරට) උත්පාදනය කර ඇත්තෙමු. (එබැවින් නැවත වරක් ඔබව පණ ගැන්වීම) සත්‍යය යයි ඔබ විශ්වාස කළ යුතු නොවේද?
أَفَرَءَيْتُم مَّا تُمْنُونَ ٥۸
ඔබ ඇතුළු කරන ඉන්ද්‍රිය (බිඳ) අවධානය කළෙහුද?
ءَأَنتُمْ تَخْلُقُونَهُۥٓ أَمْ نَحْنُ ٱلْخَٰلِقُونَ ٥۹
එය (දරුවෙකු බවට) ඔබ උත්පාදනය කරන්නෙහුද? නැතහොත් අපි උත්පාදනය කරන්නෙමුද?
نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ ٱلْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ ٦۰
අපිම ඔබ අතරේ (විවිධ අන්දමට) මරණය ඇති කරන්නෙමු. (මෙම කාරණාවෙහි) කිසිවෙකුත් අපට ඉහළින් යා නොහැක.
عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمْثَٰلَكُمْ وَنُنشِئَكُمْ فِى مَا لَا تَعْلَمُونَ ٦١
(තවද) අපි ඔබගේ හැඩරුවම වෙනස් කර, ඔබ නොදන්නා එක් හැඩරුවකින් ඔබව නිර්මාණය කර හැරීමට (නොහැකි කෙනෙකු නොව).
وَلَقَدْ عَلِمْتُمُ ٱلنَّشْأَةَ ٱلْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ ٦٢
පළමු වාරයේදී (ඔබව) උත්පාදනය කිරීම නියත වශයෙන්ම ඔබ හොඳින් දන්නවා නොවෙද! (මෙමගින්) ඔබ හොඳ දැනුමක් ලබා ගත යුතු නොවේද? (මෙසේම පරලොවෙහිද අපි ඔබව පණ දී නැගිට්ටවන්නෙමු).
أَفَرَءَيْتُم مَّا تَحْرُثُونَ ٦۳
ඔබ භූමියෙහි ගොවිතැන් කරන දැය ගැන අවධානය කළෙහුද?
ءَأَنتُمْ تَزْرَعُونَهُۥٓ أَمْ نَحْنُ ٱلزَّٰرِعُونَ ٦٤
එය ඔබ (පැළ කර) අස්වැන්න බවට පත් කරන්නෙහුද? නැතහොත් අපි අස්වැන්න බවට පත් කරන්නෙමුද?
لَوْ نَشَآءُ لَجَعَلْنَٰهُ حُطَٰمًۭا فَظَلْتُمْ تَفَكَّهُونَ ٦٥
අපි කැමති වුවහොත් එය (පැළ නොවන) බොල් බවට පත් කරන්නෙමු. ඒ අවස්ථාවේදී ඔබ විමතියට පත් වී-
إِنَّا لَمُغْرَمُونَ ٦٦
“නියත වශයෙන්ම අපි පාඩුව අත් කර ගත්තෙමු”.
بَلْ نَحْنُ مَحْرُومُونَ ٦۷
“තවද අපට කිසිවක් නොලැබී ගියේය” (යයිද පවසමින් සිටින්නෙහුය).
أَفَرَءَيْتُمُ ٱلْمَآءَ ٱلَّذِى تَشْرَبُونَ ٦۸
ඔබ බොන වතුර අවධානය කළෙහුද?
ءَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ ٱلْمُزْنِ أَمْ نَحْنُ ٱلْمُنزِلُونَ ٦۹
වලාකුළෙන් ඔබ එය වසින්නට සලස්වන්නෙහුද? නැතහොත් අපි වසින්නට සලස්වන්නෙමුද?
لَوْ نَشَآءُ جَعَلْنَٰهُ أُجَاجًۭا فَلَوْلَا تَشْكُرُونَ ۷۰
අපි කැමති වුවහොත් එය (ඔබට බොන්නට නොහැකි) ලූණු ජලය බවට පත් කර හැර ඇත්තෙමු. (මෙයට) ඔබ කෘතඥ විය යුතු නොවේද?
أَفَرَءَيْتُمُ ٱلنَّارَ ٱلَّتِى تُورُونَ ۷١
ඔබ (ලිපෙහි) මොළවන ගින්නද අවධානය කළෙහුද?
ءَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَآ أَمْ نَحْنُ ٱلْمُنشِـُٔونَ ۷٢
එහි දර ලී ඔබ උත්පාදනය කළෙහුද? නැතහොත් අපි උත්පාදනය කරන්නෙමුද?
نَحْنُ جَعَلْنَٰهَا تَذْكِرَةًۭ وَمَتَٰعًۭا لِّلْمُقْوِينَ ۷۳
(නිරා ගින්න ඔබට) මතක් කර දීම පිණිසද, මැගියන්ට ප්‍රයෝජනවත් වනු පිණිසද, එය අපිම ඇති කළෙමු.
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ ۷٤
එබැවින් (නබියේ! මේවාට කෘතඥ වන සේ) ශ්‍රේෂ්ඨ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින් සිටිනු මැනව!
۞ فَلَآ أُقْسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ ۷٥
තාරකාවන්ගෙන් පිහිටි ස්ථානයන් මත මා දිව්රන්නෙමි.
وَإِنَّهُۥ لَقَسَمٌۭ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ ۷٦
(ඔබට) බුද්ධියක් ඇත්නම් නියත වශයෙන්ම මෙය ඉමහත් වූ දිව්රුමක් යන්න දැන ගන්නෙහුය.
إِنَّهُۥ لَقُرْءَانٌۭ كَرِيمٌۭ ۷۷
නියත වශයෙන්ම මෙය ඉතාමත් ගෞරවයෙන් පිරි කුර්ආනය වන්නේය.
فِى كِتَٰبٍۢ مَّكْنُونٍۢ ۷۸
(මෙය ලව්හුල් මව්ෆූල් නමැති) ආරක්ෂා කරන ලද ග්‍රන්ථයෙහි (ලියනු ලැබ ඇත්තේය).
لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلْمُطَهَّرُونَ ۷۹
පරිශුද්ධවන්තයින් මිස, (වෙන කිසිවෙකුත්) මෙය ස්පර්ශ කරන්නේ නැත.
تَنزِيلٌۭ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ ۸۰
සියලූ ලෝකයන්හි දෙවියන් විසින් මෙය පහළ කරන ලදී.
أَفَبِهَٰذَا ٱلْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ ۸١
එබැවින් මෙහි ඇති කාරණාවන්ද, (ගණන් නොගෙන) සුළුකොට සළකන්නෙහුද?
وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ ۸٢
නැතහොත් බොරු කිරීමම ඔබ, ඔබගේ ජීවනෝපාය බවට පත් කරගෙන ඇත්තෙහුද?
فَلَوْلَآ إِذَا بَلَغَتِ ٱلْحُلْقُومَ ۸۳
(ඔබගෙන් මරණයට පත් වන කෙනෙකුගේ පණ) උගුරු දණ්ඩ අත් කර ගතහොත්-
وَأَنتُمْ حِينَئِذٍۢ تَنظُرُونَ ۸٤
ඒ අවස්ථාවේදී ඔබ (මරණයට පත් වන අයට සමීපව සිටියද, ඔබට කිසිවක් කර කියා ගත නොහැකිව) උඩ ගොස් බිම වැටෙන්නෙහුය.
وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَٰكِن لَّا تُبْصِرُونَ ۸٥
එහෙත් අපි ඔහුට, ඔබට වඩා ඉතාමත් සමීපව සිටින්නෙමු. එහෙත් ඔබ (අපව) දකින්නේ නැත.
فَلَوْلَآ إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ ۸٦
ඔබ කිසිවෙකුටත් එක්කාසු නොවී (පූරණ නිදහස ඇත්තෙකු වශයෙන්) සිටිමින්-
تَرْجِعُونَهَآ إِن كُنتُمْ صَٰدِقِينَ ۸۷
ඇත්තෙන්ම ඔබ (මෙහි) සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, එය (මරණයට පත් වූ ඔහුගේ පණ) ඔබ බේරා ගන්නවා නොවෙද!
فَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُقَرَّبِينَ ۸۸
(මරණයට පත් වූ අය පරිශුද්ධවන්තයින් වශයෙන් හිඳ, දෙවියන්ට) සමීප වූවන්ගෙන් කෙනෙකු වශයෙන් ඔහු සිටින්නෙහි නම්-
فَرَوْحٌۭ وَرَيْحَانٌۭ وَجَنَّتُ نَعِيمٍۢ ۸۹
ඔහුට ශරීර සොෟඛ්‍යයද, තෘප්තියද ඇත. සතුට ගෙන දෙන ස්වර්ගයද ඇත.
وَأَمَّآ إِن كَانَ مِنْ أَصْحَٰبِ ٱلْيَمِينِ ۹۰
(එයිනුත්) ඔහු දකුණු පාර්ශවයේ වූ අය වශයෙන් සිටින්නෙහි නම්-
فَسَلَٰمٌۭ لَّكَ مِنْ أَصْحَٰبِ ٱلْيَمِينِ ۹١
(ඔහුට) “ඕ දකුණු පාර්ශවයේ සිටින්නෙනි! ඔබට ශාන්තිය හා සමාදානය අත් වේවා!” (යයි කියනු ලැබේ).
وَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُكَذِّبِينَ ٱلضَّآلِّينَ ۹٢
තවද ඔහු මාර්ගය වැරද ගොස් (මෙම ධර්මය) බොරු කරන්නන්ගෙන් වූ අය වශයෙන් සිටියහොත;
فَنُزُلٌۭ مِّنْ حَمِيمٍۢ ۹۳
උතුරණ ලෝදියම (ඔහුට) සංග්‍රහ කරනු ලබන අතර;
وَتَصْلِيَةُ جَحِيمٍ ۹٤
නිරයෙහිද තල්ලූ කරනු ලබන්නේය.
إِنَّ هَٰذَا لَهُوَ حَقُّ ٱلْيَقِينِ ۹٥
නියත වශයෙන්ම මෙය සැකයෙන් තොර සත්‍යයක් යන්න ස්ථීරය.
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ ۹٦
එබැවින් (නබියේ!) ඔබ ඉමහත් වූ ඔබ දෙවියන්ගේ ශුද්ධ වු නාමය (පවසා) සුවිශුද්ධ කරමින් සිටිනු මැනව!