< السورة السابقة | فهرس السور | السورة التالية >
surah055
Ar-Rahmaan (55)
The Beneficent, madinah, 78 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلرَّحْمَٰنُ ١
(නබියේ! ඔහු) අප්‍රමාණ දයාබරවන්තයෙකි.
عَلَّمَ ٱلْقُرْءَانَ ٢
මෙම කුර්ආනය (ඔහු ඔබට) උගන්වා දුන්නේය.
خَلَقَ ٱلْإِنسَٰنَ ۳
ඔහුම මිනිසාව උත්පාදනය කළේය.
عَلَّمَهُ ٱلْبَيَانَ ٤
ඔහුම මිනිසාට (පැහැදිලිව) කතා කිරීමටද ඉගැන්වූවේය.
ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍۢ ٥
සූර්යයාද, චන්ද්‍රයාද, (ඒවා නිර්මාණය කරන ලද) සීමාවන් ප්‍රකාරම (ගමන් කරන්නේය).
وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ ٦
පැලෑටි, ගස් කොළන් (වැල් ආදී සියල්ල අල්ලාහ්ට අවනත වී) සුජූද් කරන්නේය.
وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلْمِيزَانَ ۷
ඔහුම අහස ඔසවා සමතුලනය කර ස්ථාවරවත් කළේය.
أَلَّا تَطْغَوْا۟ فِى ٱلْمِيزَانِ ۸
එබැවින් ඔබ කිරුමෙහි සීමාව ඉක්මවා නොයා සිටිනු පිණිස,
وَأَقِيمُوا۟ ٱلْوَزْنَ بِٱلْقِسْطِ وَلَا تُخْسِرُوا۟ ٱلْمِيزَانَ ۹
ඔබ සාධාරණ ලෙස කිරිනු. බර අඩු කර නොහරිනු.
وَٱلْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ ١۰
භූමිය-ජීවීන් වාසය කිරීමට පහසු වන අන්දමට එය ඔහුම නිර්මාණය කළේය.
فِيهَا فَٰكِهَةٌۭ وَٱلنَّخْلُ ذَاتُ ٱلْأَكْمَامِ ١١
(තවද) එහි (විවිධ වර්ගයේ) පලතුරු වර්ගද, (වළු වලින් පිරි) අතුවලින් යුත් ඉඳි ගස්ද වැඩෙන්නේය.
وَٱلْحَبُّ ذُو ٱلْعَصْفِ وَٱلرَّيْحَانُ ١٢
දහයියා වලින් වසන ලද ධාන්‍යද, සුවඳ පැළෑටි ගස් වැල්ද පැළවෙන්නේය.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ١۳
එබැවින් (මිනිසුන්, ජින්වරුන් වන) ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
خَلَقَ ٱلْإِنسَٰنَ مِن صَلْصَٰلٍۢ كَٱلْفَخَّارِ ١٤
පුළුස්සන ලද බඳුන් මෙන් (තට්ටු කළහොත් ටං ටං ගාන) ශබ්දයක් ගෙන දෙන කිරි මැටියෙන් ඔහු (පළමු) මිනිසාව උත්පාදනය කළේය.
وَخَلَقَ ٱلْجَآنَّ مِن مَّارِجٍۢ مِّن نَّارٍۢ ١٥
ගිනි දැල්වලින් ඔහු ජින්වරුන්ව උත්පාදනය කළේය.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ١٦
එබැවින් ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
رَبُّ ٱلْمَشْرِقَيْنِ وَرَبُّ ٱلْمَغْرِبَيْنِ ١۷
නැගෙනහිර දිසාවන් දෙකටම ඔහුම අයිතිකරුය. බටහිර දිසාවන් දෙකටම ඔහුම අයිතිකරුය.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ١۸
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
مَرَجَ ٱلْبَحْرَيْنِ يَلْتَقِيَانِ ١۹
එකට එකතු වන සමූද්‍රයන් දෙකම ඔහුම හමු වීමට සැලැස්සුවේය.
بَيْنَهُمَا بَرْزَخٌۭ لَّا يَبْغِيَانِ ٢۰
එහෙත් ඒවා අතර බාධකයක් ඇත. (එම බාධකය) ඒ දෙක, කඩ කරන්නේ නැත.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٢١
එබැවින් (මිනිස් හා ජින්වරුනි!) ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
يَخْرُجُ مِنْهُمَا ٱللُّؤْلُؤُ وَٱلْمَرْجَانُ ٢٢
ඒ දෙකෙන්ම මුතු, පබලූ (ආදිය) ඉකුත් වන්නේය.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٢۳
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَٰمِ ٢٤
කඳු මෙන් උස් වූ මුහුදෙහි යාත්‍රා කරන නැව්ද ඔහුට අයත්ය.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٢٥
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
كُلُّ مَنْ عَلَيْهَا فَانٍۢ ٢٦
භූමියෙහි ඇති සියල්ල අනිවාර්යයෙන්ම විනාශ වී යන්නේය.
وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو ٱلْجَلَٰلِ وَٱلْإِكْرَامِ ٢۷
ඉතාමත් ගෞරවයද, ආඩම්බරයද රැඳුණු ඔබ දෙවියන් පමණක් (විනාශ නොවී) ස්ථීරව සිටින්නේය.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٢۸
එබැවින් ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
يَسْـَٔلُهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِى شَأْنٍۢ ٢۹
අහස්හිද, භූමියෙහිද සිටින සියල්ලන්ම (තමන්ට අවශ්‍ය දැය) ඔහු වෙතම ඉල්ලා සිටින්නාහ. (ඔහු ක්‍රියා විරහිතව සිටියේ නැත). සෑම දිනකම (අළුත් අළුත් අන්දමට) සෑම තත්වයකම සිටින්නේය.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۳۰
එබැවින් ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
سَنَفْرُغُ لَكُمْ أَيُّهَ ٱلثَّقَلَانِ ۳١
දෙ-සමූහයිනි! නියත වශයෙන්ම ඉතා ඉක්මනින් අපි ඔබව අවධානය කරන්නට ඉදිරියට එන්නෙමු.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۳٢
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
يَٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ إِنِ ٱسْتَطَعْتُمْ أَن تَنفُذُوا۟ مِنْ أَقْطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ فَٱنفُذُوا۟ ۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَٰنٍۢ ۳۳
මිනිස්, ජින් සමූහයිනි! ඔබ අහස් හා භූමියෙහි සීමාව ඉක්මවා තරනය කර යාමට ඔබ විසින් හැකි නම්, එසේ යනු. එහෙත් (ඒවා පාලනය කළ හැකි අති විශාල) බලසම්පන්නයා හැර, ඔබට යා නොහැකිය. (එවැනි පාලනයද, බලයද ඔබට නැත).
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۳٤
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌۭ مِّن نَّارٍۢ وَنُحَاسٌۭ فَلَا تَنتَصِرَانِ ۳٥
(ඔබ ඒවායෙන් පිටමං වීමට කැමති වී ගියහොත්) ඔබ කෙරෙහි ගිනි දහරාද, තදින් රත් කරන ලද තඹ (කාල-තුවක්කු උණ්ඩ වැනි දැය)ද වීසි කර (පහර දෙනු) ලැබේ. එය වලක්වා ගැනීමට ඔබට නොහැකිය.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۳٦
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتْ وَرْدَةًۭ كَٱلدِّهَانِ ۳۷
(යුග අවසානය සඳහා) අහස පැළී යන අවස්ථාවේදී, එය (සෙයිතූන්) තෙල් මෙන් රෝස වර්ණයක් බවට පත් වනු ඇත.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۳۸
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
فَيَوْمَئِذٍۢ لَّا يُسْـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٌۭ وَلَا جَآنٌّۭ ۳۹
එදිනදී යම්කිසි මිනිස් හා ජින් කෙනෙකු වෙතින් හෝ පාපයන් ගැන විමසනු ලබන්නේ නැත. (ඔවුන්ගේ සළකුණු මගින්ම දැන ගනු ලැබේ).
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤۰
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
يُعْرَفُ ٱلْمُجْرِمُونَ بِسِيمَٰهُمْ فَيُؤْخَذُ بِٱلنَّوَٰصِى وَٱلْأَقْدَامِ ٤١
වැරදිකරුවන්ව ඔවුන්ගේ මුහුණේ සළකුණු මගින්ම දැන ගනු ලබන්නාහ. ඔවුන්ගේ ඉදිරි කෙස් රොදින්ද, කකුල් වලින්ද අල්ලා ඇදගෙන එනු (ලැබ නිරයෙහි වීසි කරනු) ලැබේ.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٢
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِى يُكَذِّبُ بِهَا ٱلْمُجْرِمُونَ ٤۳
මෙයයි වැරදිකරුවන් බොරු කරමින් සිටි නිරය.
يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ ءَانٍۢ ٤٤
මෙයටද, උතුරණ ලෝදියටද අතරේ (දෙපැත්ත ගිනි ගත් දර කැබැල්ලක හසුවුනු කූඹීන් මෙන්) ඔවුන් ඒ මේ අත දුවන්නාහ.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٥
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ ٤٦
කවුරුන් තම දෙවියන්ගේ සන්නිධානයට බිය වන්නේද, ඔහුට (ස්වර්ගයෙහි) උයන් වතු දෙකක් ඇත.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤۷
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
ذَوَاتَآ أَفْنَانٍۢ ٤۸
මේ දෙකම අතුවලින් ගහනව (පිරී) පවතීයි.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤۹
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ ٥۰
ඒ දෙකේම උල්පත් දෙකක් (සදාකල්) මතු වී ගලා බසිමින්ම ඇත්තේය.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥١
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
فِيهِمَا مِن كُلِّ فَٰكِهَةٍۢ زَوْجَانِ ٥٢
ඒ දෙකේම සෑම පලතුරු වර්ගයක්ම (ඉදුණු හා අමු වශයෙන්) දෙවර්ගයක් ඇත.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥۳
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشٍۭ بَطَآئِنُهَا مِنْ إِسْتَبْرَقٍۢ ۚ وَجَنَى ٱلْجَنَّتَيْنِ دَانٍۢ ٥٤
ඉස්තබ්රක් නමැති සේද මෙට්ටයන් (යහනාවන්) මත හාන්සි වී සිටින්නන් වශයෙන් සිටිනු ඇත. එම උයන් දෙකේ පලතුරු වර්ග (කඩා ගැනීමට) ළං වී තිඛෙනු ඇත.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥٥
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
فِيهِنَّ قَٰصِرَٰتُ ٱلطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌۭ قَبْلَهُمْ وَلَا جَآنٌّۭ ٥٦
ඒවායෙහි පහත බැල්මෙන් යුත් (අලංකාරවත්) කන්‍යාවන්ද සිටිනු ඇත. මොවුන්ට පෙර ඔවුන්ව කිසි මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ස්පර්ශ කර නැත.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥۷
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
كَأَنَّهُنَّ ٱلْيَاقُوتُ وَٱلْمَرْجَانُ ٥۸
ඔවුන් රතු මිණි කැට මෙන්ද, පබළු මෙන්ද සිටිනු ඇත.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥۹
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
هَلْ جَزَآءُ ٱلْإِحْسَٰنِ إِلَّا ٱلْإِحْسَٰنُ ٦۰
හොඳට හොඳක්ම මිස, (වෙනත්) ඵලවිපාකයක් ඇත්ද?
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦١
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
وَمِن دُونِهِمَا جَنَّتَانِ ٦٢
මේ දෙක හැර, (ස්වර්ගයෙහි ඔවුන්ට තවත්) උයන් දෙකක් ඇත.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦۳
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
مُدْهَآمَّتَانِ ٦٤
ඒ දෙකම තද කොළ වර්ණයෙන් යුක්තය.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦٥
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ ٦٦
ඒ දෙකේම උල්පත් දෙකක් (සදාකල්) උතුරා ඉකුත් වෙමින්ම සිටිනු ඇත.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦۷
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
فِيهِمَا فَٰكِهَةٌۭ وَنَخْلٌۭ وَرُمَّانٌۭ ٦۸
ඒ දෙකේම (විවිධ වර්ගයේ) පලතුරුද, ඉඳිද, දෙළුම්ද ඇත.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦۹
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
فِيهِنَّ خَيْرَٰتٌ حِسَانٌۭ ۷۰
ඒවායෙහි අලංකාරවත්, හොඳ ගුණවත් හා හොඳ හැඩරුවෙන් යුත් කන්‍යාවන්ද ඇත්තාහ.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۷١
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
حُورٌۭ مَّقْصُورَٰتٌۭ فِى ٱلْخِيَامِ ۷٢
(ඔවුන්ම) හූර් (නමැති අලංකාරවත් කන්‍යාවන්)ය. ඔවුන් (මුතු, පබලූ වලින් නිමා කරන ලද) කූඩාරම්හි වාසය කරන්නාහ.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۷۳
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
لَمْ يَطْمِثْهُنَّ إِنسٌۭ قَبْلَهُمْ وَلَا جَآنٌّۭ ۷٤
මොවුන්ට පෙර ඔවුන්ව කිසිම මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ස්පර්ශ කර නැත.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۷٥
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
مُتَّكِـِٔينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍۢ وَعَبْقَرِىٍّ حِسَانٍۢ ۷٦
(ස්වර්ගවාසීන්) උසස් කොළ වර්ණයෙන් යුත් මැණික් ඔබ්බන ලද ලෝම ඇතිරිල්ලෙහි (ආහාර) අනුභව කර, කොට්ට මත හාන්සි වී සිටින්නන් වශයෙන් සිටින්නාහ.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۷۷
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?
تَبَٰرَكَ ٱسْمُ رَبِّكَ ذِى ٱلْجَلَٰلِ وَٱلْإِكْرَامِ ۷۸
(නබියේ!) ඉතා උසස් හා ගෞරවයෙන් පිරි ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය ඉතාමත් භාග්‍යයෙන් යුක්තය.