< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سَبَّحَ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ۝١

අහස්හිද, භූමියෙහිද ඇති දැය (සියල්ල) අල්ලාහ්ව ප්‍රශංසා කර, සුවිශුද්ධ කරන්නාහ. ඔහුම (සියල්ලටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يُحْىِۦ وَيُمِيتُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ۝٢

අහස් හා භූමියෙහි පාලනයද ඔහුටම අයත්ය! ඔහුම පණ දෙන්නේය. මරණයටද පත් වන සේ සලස්වන්නේය. ඔහු සියලූ දැය කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි.

هُوَ ٱلْأَوَّلُ وَٱلْءَاخِرُ وَٱلظَّٰهِرُ وَٱلْبَاطِنُ ۖ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ ۝۳

පටන්ගැන්මද ඔහුය. අවසානයද ඔහුය. ප්‍රත්‍යක්ෂ වන්නේද ඔහුය. ගුප්තව සිටින්නේද ඔහුය. ඔහු සියලූ දැය දන්නෙකි.

هُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۚ يَعْلَمُ مَا يَلِجُ فِى ٱلْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعْرُجُ فِيهَا ۖ وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنتُمْ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ۝٤

ඔහුම අහස්ද, භූමියද දින හයකදී උත්පාදනය කළේය. පසුව අර්ෂ් මත තම රාජ්‍යය ස්ථාපිත කළේය. භූමියෙහි ඇතුළු වී යාමද, එයින් පිට වී යාමද, අහසින් බැසීමද, ඒ දෙසට (භූමියේ සිට) නැගීමද, ඔහු හොඳින් දන්නේය. ඔබ කොහේ සිටියා වුවද, ඔහු ඔබ සමග සිටින්නේය. ඔබ කරන දැයද, අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය.

لَّهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ ۝٥

අහස් හා භූමියෙහි පාලනය අල්ලාහ්ටම අයත්ය! සියලූ කාරණාවන්ද (එම) අල්ලාහ් වෙතම ගෙන එනු ලබන්නේය.

يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ ۚ وَهُوَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ۝٦

ඔහුම රාත්‍රිය දහවලෙහි ඇතුළු වීමට සලස්වන්නේය. දහවල රාත්‍රියෙහි ඇතුළු වීමට සලස්වන්නේය. හෘදයන්හි ඇති රහස්ද ඔහු හොඳින් දන්නේය.

ءَامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَأَنفِقُوا۟ مِمَّا جَعَلَكُم مُّسْتَخْلَفِينَ فِيهِ ۖ فَٱلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ وَأَنفَقُوا۟ لَهُمْ أَجْرٌۭ كَبِيرٌۭ ۝۷

(එබැවින් මිනිසුනේ! ඔබ) අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, විශ්වාස කරනු. තවද (ඔබට පෙර සිටි අයගේ ස්ථානයන්හි ඔබව තබා) ඔබව ඔහු කුමකට (උරුමක්කාර) නියෝජිතයින් බවට පත් කළේද, එයින් (දානමාන වශයෙන්) වියදම් කරනු. ඔබගෙන් කවුරුන් විශ්වාසය තබා දානමාන කරන්නෝද, ඔවුන්ට අති විශාල ඵලවිපාකයක් ඇත.

وَمَا لَكُمْ لَا تُؤْمِنُونَ بِٱللَّهِ ۙ وَٱلرَّسُولُ يَدْعُوكُمْ لِتُؤْمِنُوا۟ بِرَبِّكُمْ وَقَدْ أَخَذَ مِيثَٰقَكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ۝۸

(මිනිසුනේ!) ඔබට කුමක් නම් (සිදු වී ඇත්ද!) ඔබ අල්ලාහ්ව (කුමක් නිසා) විශ්වාස නොකරන්නේද? (ඔබව උත්පාදනය කර, පෝෂණය කරන) ඔබගේ දෙවියන්වම විශ්වාස කරන මෙන් ඔබව (අපගේ) දූතයා ආරාධනා කරන්නේය. (මේ ගැන දෙවියන්) ඔබ වෙත නියත වශයෙන්ම පොරොන්දුවක් ලබා ඇත්තේය. ඔබ (ඇත්තෙන්ම) විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම්, (අල්ලාහ්වම විශ්වාස කරනු).

هُوَ ٱلَّذِى يُنَزِّلُ عَلَىٰ عَبْدِهِۦٓ ءَايَٰتٍۭ بَيِّنَٰتٍۢ لِّيُخْرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ ۚ وَإِنَّ ٱللَّهَ بِكُمْ لَرَءُوفٌۭ رَّحِيمٌۭ ۝۹

ඔබව (පාපයන්හි) අන්ධකාරයන්ගෙන් (ඍජු මාර්ගයේ) ආලෝකය දෙසට ගෙන ඒම පිණිසම, ඔහු තම වහලූන් කෙරෙහි පැහැදිලි වදන් (ආයාවන්) පහළ කර ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කෙරෙහි ඉතාමත් කරුණාවන්තයෙකු හා දයාබරවන්ත-යෙකු වශයෙන් සිටින්නේය.

وَمَا لَكُمْ أَلَّا تُنفِقُوا۟ فِى سَبِيلِ ٱللَّهِ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ لَا يَسْتَوِى مِنكُم مَّنْ أَنفَقَ مِن قَبْلِ ٱلْفَتْحِ وَقَٰتَلَ ۚ أُو۟لَٰٓئِكَ أَعْظَمُ دَرَجَةًۭ مِّنَ ٱلَّذِينَ أَنفَقُوا۟ مِنۢ بَعْدُ وَقَٰتَلُوا۟ ۚ وَكُلًّۭا وَعَدَ ٱللَّهُ ٱلْحُسْنَىٰ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ ۝١۰

තවද ඔබට කිමෙක්ද! අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ වියදම් කළ යුතු නොවේද? අහස් හා භූමියෙහි ඇති දැයෙහි උරුමය අල්ලාහ්ටම අයත් නොවෙද! ඔබගෙන් (මක්කාවේ) ජයග්‍රහණයට පෙර (තම වස්තූන්) වියදම් කර යුද්ධද කර, ඉමහත් වූ පදවියද අයත් -මෙවැන්නාට, ඉන් පසුව (තම වස්තූන්) වියදම් කර යුද්ධ කළ අය- සම වන්නේ නැත. එහෙත් මේ දෙදෙනාට අල්ලාහ් හොඳක්ම පොරොන්දු වී ඇත්තේය. අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

مَّن ذَا ٱلَّذِى يُقْرِضُ ٱللَّهَ قَرْضًا حَسَنًۭا فَيُضَٰعِفَهُۥ لَهُۥ وَلَهُۥٓ أَجْرٌۭ كَرِيمٌۭ ۝١١

කවුරුන් අල්ලාහ් වෙනුවෙන් ණය, අලංකාරවත් ණයක් වශයෙන් ලබා දෙන්නේද, ඔහුට එය ඔහු දෙගුණයක් බවට (වැඩි කර) තබන්නේය. තවද ඔහුට ඉතාමත් ගෞරවණීය ඵලවිපාකද ඇත.

يَوْمَ تَرَى ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ يَسْعَىٰ نُورُهُم بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَٰنِهِم بُشْرَىٰكُمُ ٱلْيَوْمَ جَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ۝١٢

(නබියේ!) විශ්වාසය තැබූ (මෙවැනි) පිරිමින්ද, ගැහැනුන්ද, ඔබ දකින එදිනදී ඔවුන්ගේ (ආලෝකයේ) දීප්තිය ඔවුන් ඉදිරියෙන්ද, ඔවුන්ගේ දකුණු පැත්තෙන්ද ගමන් කරමින්ම තිඛෙනු ඇත. (සත්‍යය වූ ඔවුන්ගේ විශ්වාසයෙහි හේතුවෙන් ඔවුන්ට මලායිකාවරුන්) “අද දින ඔබට සුභාරංචියකි. සදාකල් දිය දහරා ගලා බසිමින් ඇති ස්වර්ගයන්හි (ඇතුළු වනු ඇත). සදාක්ල එහි රැඳී සිටින්නෙහුය. මෙයම ඉමහත් වූ භාග්‍යයක්ද වන්නේය” (යයි පවසනු ඇත).

يَوْمَ يَقُولُ ٱلْمُنَٰفِقُونَ وَٱلْمُنَٰفِقَٰتُ لِلَّذِينَ ءَامَنُوا۟ ٱنظُرُونَا نَقْتَبِسْ مِن نُّورِكُمْ قِيلَ ٱرْجِعُوا۟ وَرَآءَكُمْ فَٱلْتَمِسُوا۟ نُورًۭا فَضُرِبَ بَيْنَهُم بِسُورٍۢ لَّهُۥ بَابٌۢ بَاطِنُهُۥ فِيهِ ٱلرَّحْمَةُ وَظَٰهِرُهُۥ مِن قِبَلِهِ ٱلْعَذَابُ ۝١۳

එදිනදී වංචනික පිරිමින්ද, ගැහැනුන්ද, විශ්වාසවන්තයින්ට “ඔබ (පෙරට නොගොස්) අප වෙනුවෙන් පොඩියක් ප්‍රමාද වනු. ඔබගේ ආලෝකය මගින් අපි ප්‍රයෝජනයක් අත් කර ගන්නෙමු” යයි පවසනු ඇත. (එයට ඔවුන්ට “අප ඉදිරියේ නොසිටිනු). ඔබ, ඔබගේ පිටුපසට ගොස් (ශරීර) ආලෝකය සොයා ගනු” යයි කියනු ලැබේ. ඒ අවස්ථාවේදී ඔවුන් අතරේ එක් බිත්තියක් ගොඩ නැගෙනු ඇත. එයට ෙදාරටුවක්ද තිඛෙනු ඇත. (විශ්වාසවන්තයින් සිටිය හැකි) එහි ඇතුල් පැත්තෙහි (දෙවියන්ගේ) දයාවද, එහි පිට පැත්තෙහි (පාපතරයන් විඳිය හැකි) ඔහුගේ දඬුවමද තිඛෙනු ඇත.

يُنَادُونَهُمْ أَلَمْ نَكُن مَّعَكُمْ ۖ قَالُوا۟ بَلَىٰ وَلَٰكِنَّكُمْ فَتَنتُمْ أَنفُسَكُمْ وَتَرَبَّصْتُمْ وَٱرْتَبْتُمْ وَغَرَّتْكُمُ ٱلْأَمَانِىُّ حَتَّىٰ جَآءَ أَمْرُ ٱللَّهِ وَغَرَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ ۝١٤

මොවුන් (විශ්වාසවන්තයින්ට ‘ලොවෙහි) අපි ඔබ සමග එක්කාසු වී සිටියේ නැද්ද?’යි ශබ්ද නගා පවසන්නාහ. එයට ඔවුන් (මොවුන්ට) “ඇත්තයි. නමුත් ඔබම, ඔබව විපතට පත් කර ගත්තෙහුය. තවද (අපි විනාශ වී යාම) ඔබ බලාපොරොත්තු වූවෙහුය. (මේ දිනය ගැනද) ඔබ සැක සිතමින් සිටියෙහුය. අල්ලාහ්ගේ නියෝගය (වන මරණය) පැමිණෙන තුරු (ඔබගේ) ආශාවන් ඔබව රවටා දැමීය. මායාකාර (ෂෙයිතාන්) අල්ලාහ් ගැන ඔබව රවටා දැමුවේය”.

فَٱلْيَوْمَ لَا يُؤْخَذُ مِنكُمْ فِدْيَةٌۭ وَلَا مِنَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ مَأْوَىٰكُمُ ٱلنَّارُ ۖ هِىَ مَوْلَىٰكُمْ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ۝١٥

“එබැවින් අද දින ඔබ වෙතින් හෝ නැතහොත් (ඔබ මෙන් අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කළ අය වෙතින් හෝ (ඔබට ලැබිය යුතු දඬුවම වෙනුවට) කිසියම් වන්දියක් ලබා ගනු නොලැබේ. ඔබ රැෙඳන ස්ථානය නිරයයි. එයම ඔබට සහාය (වශයෙන් තිබිය හැක්කකි. එය) ගොස් සේන්දු විය හැකි ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය” (යයි කියනු ලැබේ).

۞ أَلَمْ يَأْنِ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَن تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ ٱللَّهِ وَمَا نَزَلَ مِنَ ٱلْحَقِّ وَلَا يَكُونُوا۟ كَٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلُ فَطَالَ عَلَيْهِمُ ٱلْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ ۖ وَكَثِيرٌۭ مِّنْهُمْ فَٰسِقُونَ ۝١٦

විශ්වාසය තැබූවන්ගෙන්ගේ හෘදයන් අල්ලාහ්වද, ඔහු පහළ කරන ලද සත්‍ය (ආයාවන්)ද සිතා බිය වී වෙව්ලන කාලය (තවමත්) පැමිණියේ නැද්ද? මොවුන්ට පෙර ධර්මය ලබා දෙනු ලැබූ අය මෙන් මොවුන්ද පත් නොවිය යුතුය. (මෙසේම) ඔවුන් කෙරෙහි එක් කාලයක් ගිය පසු ඔවුන්ගේ හෘදයන් ගල් බවට පත් විය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පාපතරයන් බවට පත් වූහ.

ٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ قَدْ بَيَّنَّا لَكُمُ ٱلْءَايَٰتِ لَعَلَّكُمْ تَعْقِلُونَ ۝١۷

(මිනිසුනේ!) නියත වශයෙන් අල්ලාහ්ම භූමිය - එය මරණයට පත් වූ පසු පණ දෙන්නේය යන්න දැන ගනු. ඔබ දැන ගනු පිණිසම නියත වශයෙන්ම (අපගේ බොහොමයක්) ආයාවන් අපි ඔබට පැහැදිලි කර ඇත්තෙමු.

إِنَّ ٱلْمُصَّدِّقِينَ وَٱلْمُصَّدِّقَٰتِ وَأَقْرَضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًۭا يُضَٰعَفُ لَهُمْ وَلَهُمْ أَجْرٌۭ كَرِيمٌۭ ۝١۸

නියත වශයෙන්ම දානමාන කරන පිරිමින්ගෙන් හෝ ගැහැනුන්ගෙන් හෝ කවුරුන් අල්ලාහ් වෙනුවෙන් (අන් අයට වස්තුව) ණය වශයෙන්-අලංකාරවත් ණය වශයෙන් දෙන්නෝද, ඔවුන්ට එය දෙගුණයක් බවට පත් කරනු ලැබේ. පසුවත් ඔවුන්ට ඉතාමත් ගෞරවණීය ඵලවිපාකද ඇත.

وَٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦٓ أُو۟لَٰٓئِكَ هُمُ ٱلصِّدِّيقُونَ ۖ وَٱلشُّهَدَآءُ عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَحِيمِ ۝١۹

කවුරුන් අල්ලාහ්වද, ඔහුගේ දූතයින්වද, (ඇත්තෙන්ම) විශ්වාස කරන්නෝද, එවැන්නන්ම තම දෙවියන්ගේ සන්නිධානයෙහි සිද්දීකීන්වරුන් (සත්‍යවන්තයින්) වශයෙන් හා ෂුහදාවරුන් (පරිත්‍යාගශීලීන්) වශයෙන් සිටිනු ඇත. (තවද) ඔවුන්ට ඔවුන්ගේ ඵලවිපාකද ඇත. ඔවුන්ට (ඍජු මාර්ගය දැනුම් දිය හැකි) ආලෝකයද ඇත. කවුරුන් (අල්ලාහ්වද, ඔහුගේ දූතයින්වද) ප්‍රතික්ෂේප කර, අපගේ ආයාවන් බොරු කරන්නෝද, ඔවුන් නිරාවාසීන්ය.

ٱعْلَمُوٓا۟ أَنَّمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا لَعِبٌۭ وَلَهْوٌۭ وَزِينَةٌۭ وَتَفَاخُرٌۢ بَيْنَكُمْ وَتَكَاثُرٌۭ فِى ٱلْأَمْوَٰلِ وَٱلْأَوْلَٰدِ ۖ كَمَثَلِ غَيْثٍ أَعْجَبَ ٱلْكُفَّارَ نَبَاتُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصْفَرًّۭا ثُمَّ يَكُونُ حُطَٰمًۭا ۖ وَفِى ٱلْءَاخِرَةِ عَذَابٌۭ شَدِيدٌۭ وَمَغْفِرَةٌۭ مِّنَ ٱللَّهِ وَرِضْوَٰنٌۭ ۚ وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا مَتَٰعُ ٱلْغُرُورِ ۝٢۰

(මිනිසුනේ!) ඔබ දැන ගනු: නියත වශයෙන්ම මෙලොව ජීවතය නම්, පුහු සෙල්ලමක්ද, විනෝදයක්ද, අලංකාරයද වන්නේය. තවද (එය) ඔබ අතරේ (අනවශ්‍ය) ඊර්ෂ්‍යාවක් ඇති කරන්නක් වශයෙන්ද, වස්තූන් මතද, දරුවන් මතද තරඟයක් ඇති කරන්නක් වශයෙන්ද, (ඇත්තේය. මෙහි උපමාව නම්): එක් කන්දක උපමාවකට සම වන්නේය. එහි (උපකාරයෙන් පැළ වූ) භෝගයන් (හොඳින් වැඩී) ගොවීන්ට සතුට ගෙන දෙමින් තිබුණි. එය වියළී ගිය පසු කහ පැහැ ගැන්වෙණු ඔබ දකින්නෙහුය. පසුව එය පඞරැල් බවට පත් වන්නේය. (මෙලොව ජීවිතයද, ඒ අන්දමටම ඇත්තේය). පරලොවදී නම්, (ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට) දරුණු දඬුවමද, (සමහරෙකුට) අල්ලාහ්ගේ සමාවද, ශුද්ධ වූ පිළිගැනීමද ලැඛෙන්නේය. එබැවින් මෙලොව ජීවිතය (මිනිසාව) රවටන (අල්ප) සුවයක් මිස, වෙන කිසිවක් නැත.

سَابِقُوٓا۟ إِلَىٰ مَغْفِرَةٍۢ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا كَعَرْضِ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ أُعِدَّتْ لِلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ۚ ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ۝٢١

(එබැවින් මිනිසුනේ!) ඔබ, ඔබගේ දෙවියන්ගේ සමාව දෙසටද, ස්වර්ගය දෙසටද ඉක්මන් කර යනු. එහි විස්තීරණය, අහස් හා භූමියෙහි විස්තීරණය මෙන්ම ඇත්තේය. එය අල්ලාහ්වද, ඔහුගේ දූතයින්වද, විශ්වාසය තැබූවන් වෙනුවෙන්ම පිළියෙල කරනු ලැබ ඇත්තේය. එය අල්ලාහ්ගේ වරප්‍රසාදයකි. එය ඔහු කැමති (හොඳ) අයටම ඔහු ලබා දී ඇත්තේය. අල්ලාහ් ඉමහත් වූ දයාබරවන්තයෙකි.

مَآ أَصَابَ مِن مُّصِيبَةٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِىٓ أَنفُسِكُمْ إِلَّا فِى كِتَٰبٍۢ مِّن قَبْلِ أَن نَّبْرَأَهَآ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ ۝٢٢

(සාමාන්‍යයෙන්) භූමියෙහි හෝ නැතහොත් (පෞද්ගලිකව) ඔබට හෝ ඇති විය හැකි කුමන අමාරුකමක් හෝ (පාඩුවක් හෝ) ඒවා අපි උත්පාදනය කිරීමට පෙරම (ලව්හුල් මව්ෆූල් නමැති) පොතෙහි (සටහන් කරනු ලැබ) නැත්තේ නොවේ. නියත වශයෙන්ම මෙය අල්ලාහ්ට ඉතාමත් ලෙහෙසි දැයකි!

لِّكَيْلَا تَأْسَوْا۟ عَلَىٰ مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا۟ بِمَآ ءَاتَىٰكُمْ ۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍۢ فَخُورٍ ۝٢۳

ඔබගෙන් වැරදී ගිය දැය ගැන ඔබ දුක් නොවී සිටීමටද, (අල්ලාහ්) ඔබට ලබා දුන් දැය ගැන ඔබ උඞඟූ නොවී සිටීමටද, (මෙය ඔබට දැනුම් දෙන්නේය). අල්ලාහ් උඞඟූ වී ආඩම්බර බස් ෙදාඩන්නන් සියල්ලන්වම ප්‍රිය කරන්නේ නැත.

ٱلَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبُخْلِ ۗ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ ۝٢٤

කවුරුන් මසුරුකම් කර (අනිත්) මිනිසුන්වද, මසුරුකම් කරන මෙන් පොළඹවන්නෝද, (ඔවුන්ට දරුණු දඬුවම් ඇත. එබැවින් අල්ලාහ්ගේ නියෝගයන්) කවුරුන් ප්‍රතික්ෂේප කරන්නේද, (එය ඔහුටම පාඩුවක් ඇති කරන්නේය. අල්ලාහ්ට කිසිම පාඩුවක් ඇති වන්නේ නැත). මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ්ම ඉමහත් ධනපතියා වශයෙන්ද, ඉමහත් ප්‍රශංසාව හිමි අය වශයෙන්ද සිටින්නේය.

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِٱلْبَيِّنَٰتِ وَأَنزَلْنَا مَعَهُمُ ٱلْكِتَٰبَ وَٱلْمِيزَانَ لِيَقُومَ ٱلنَّاسُ بِٱلْقِسْطِ ۖ وَأَنزَلْنَا ٱلْحَدِيدَ فِيهِ بَأْسٌۭ شَدِيدٌۭ وَمَنَٰفِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ ٱللَّهُ مَن يَنصُرُهُۥ وَرُسُلَهُۥ بِٱلْغَيْبِ ۚ إِنَّ ٱللَّهَ قَوِىٌّ عَزِيزٌۭ ۝٢٥

නියත වශයෙන්ම අපගේ දූතයින්ව (සාධකයන්ගෙන්) ඉතාමත් පැහැදිලි දැය සමග යැව්වෙමු. ඔවුන් සමග ධර්මයද, (නීතියේ) පූරණ සාධාරණත්වයද, මිනිසුන් සාධාරණ ලෙස කටයුතු කරනු පිණිස පහළ කළෙමු. යකඩද අපිම ඇති කළෙමු. එයින් බිහිසුණු (යුද) තර්ජනද ඇත්තේය. මිනිසුන්ට ප්‍රයෝජන බොහොමයක්ද ඇත්තේය. මෙමගින් ඔහුටද, ඔහුගේ දූතයින්ටද රහසින්ද, උදව් කරන්නන් කවුරුන්ද යන්න අල්ලාහ් (පිරික්සුමට ලක් කර) දැන ගන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ශක්තිසම්පන්යෙකු හා (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු වශයෙන්ද සිටින්නේය.

وَلَقَدْ أَرْسَلْنَا نُوحًۭا وَإِبْرَٰهِيمَ وَجَعَلْنَا فِى ذُرِّيَّتِهِمَا ٱلنُّبُوَّةَ وَٱلْكِتَٰبَ ۖ فَمِنْهُم مُّهْتَدٍۢ ۖ وَكَثِيرٌۭ مِّنْهُمْ فَٰسِقُونَ ۝٢٦

නූහුවද, ඉබ්රාහීම්වද, ඇත්තෙන්ම අපිම (අපගේ දූතයින් වශයෙන්) යැව්වෙමු. ඒ දෙදෙනාගේ පරම්පරාවේ දරුවන් තුළම නබිත්වයද, ධර්මයද, (උරුමක්කාරයින් වශයෙන්) පත් කළෙමු. එහෙත් ඍජු මාර්ගයෙහි ගිය අය, ඔවුන්ගෙන් වූ (පරම්පරාවේ දරුවන්ගෙන්) සමහරෙකි. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු නම්, පාපතරයන් බවට පත් වූහ.

ثُمَّ قَفَّيْنَا عَلَىٰٓ ءَاثَٰرِهِم بِرُسُلِنَا وَقَفَّيْنَا بِعِيسَى ٱبْنِ مَرْيَمَ وَءَاتَيْنَٰهُ ٱلْإِنجِيلَ وَجَعَلْنَا فِى قُلُوبِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ رَأْفَةًۭ وَرَحْمَةًۭ وَرَهْبَانِيَّةً ٱبْتَدَعُوهَا مَا كَتَبْنَٰهَا عَلَيْهِمْ إِلَّا ٱبْتِغَآءَ رِضْوَٰنِ ٱللَّهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَايَتِهَا ۖ فَـَٔاتَيْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ مِنْهُمْ أَجْرَهُمْ ۖ وَكَثِيرٌۭ مِّنْهُمْ فَٰسِقُونَ ۝٢۷

(එබැවින් ඉකුත්ව ගිය නූහු, ඉබ්රාහීම්ගෙන්) පසු ඔවුන්ගේ මාර්ගය අනුගමනය කර, (කටයුතු කරන) දූතයින්ව කෙනෙකුගෙන් පසු කෙනෙකු වශයෙන් අපි යැව්වෙමු. එසේම මර්යම්ගේ පුත් ඊසාවද, (ඔවුන්ගෙන් පසු, ඔහුව අනුගමනය කර කටයුතු කරන මෙන්) අපි යැව්වෙමු. ඔහුට ඉන්ජීල් (නමැති ධර්මයද) අපි දුන්නෙමු. මොහුව අනුගමනය කළ අයගේ හෘදයන්හි කරුණාවද, ආදරයද, ඇති කළෙමු. (ලොවෙහි සියලූ සුවයන් පලවා හරින) තපස්භාවය අපි ඔහු කෙරෙහි අනිවාර්යය බවට නියම කළේ නැත. එහෙත් අල්ලාහ්ගේ ශුද්ධ වූ පිළිගැනීම අත් කර ගැනීමට කැමැත්තෙන් ඔහුම එය ඇති කර ගත්තේය. එසේ තිබියදී එය අනුගමනය කළ යුතු අන්දමට ඔවුන් අනුගමනය කළේ නැත. එහෙත් (නබියේ!) ඔවුන්ගෙන් කවුරුන් (ඇත්තෙන්ම ඔබව) විශ්වාස කරන්නෝද, ඔවුන්ගේ ඵලවිපාක අපි ඔවුන්ට ලබා දෙන්නෙමු. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (ඔබව ප්‍රතික්ෂේප කරන) පාපතරයන් වශයෙන්ම සිටින්නාහ.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَءَامِنُوا۟ بِرَسُولِهِۦ يُؤْتِكُمْ كِفْلَيْنِ مِن رَّحْمَتِهِۦ وَيَجْعَل لَّكُمْ نُورًۭا تَمْشُونَ بِهِۦ وَيَغْفِرْ لَكُمْ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ۝٢۸

එබැවින් (ඊසාව) විශ්වාස කළ (ක්‍රිස්තියා)නුවනි! ඔබ අල්ලාහ්ට බිය වී ඔහුගේ (මෙම) දූතයාවද, විශ්වාස කරනු. ඔබට ඔහුගේ වරප්‍රසාදයන්ගෙන් (ඊසාව විශ්වාස කිරීම ගැන එක් පංගුවක්ද, යන වශයෙන්) පංගු දෙකක් (ඵලවිපාක) දෙනු ඇත. ඔබට (ඍජු මාර්ගය දැනුම් දිය හැකි මෙම කුර්ආනය නමැති) ආලෝකයද ලබා දෙනු ඇත. එහි දීප්තිය මගින් ඔබට (ඍජු මාර්ගයෙහි) යා හැකිය. (ඔබගේ) වැරදි වලටද ඔබ වෙනුවෙන් ක්ෂමා කර හරිනු ඇත. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තවද සිටින්නේය.

لِّئَلَّا يَعْلَمَ أَهْلُ ٱلْكِتَٰبِ أَلَّا يَقْدِرُونَ عَلَىٰ شَىْءٍۢ مِّن فَضْلِ ٱللَّهِ ۙ وَأَنَّ ٱلْفَضْلَ بِيَدِ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ۝٢۹

(මෙම දූතයාව විශ්වාස කළ අයට) අල්ලාහ්ගේ වරප්‍රසාදයන්ගෙන් කිසිම පංගුවක් නොලැඛෙන්නේය යයි ධර්මය හිමි අය, සිතාගෙන නොසිටිනු පිණිසම, (මෙය ඔහු දැනුම් දුන්නේය). වරප්‍රසාදයන් සියල්ල නියත වශයෙන්ම අල්ලාහ්ගේ අතේම ඇත්තේය. ඔහු කැමති අයට එය ලබා දෙන්නේය. අල්ලාහ් ඉමහත් වූ වරප්‍රසාදයන්ගෙන් යුක්තයෙකි.