< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱقْتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلْقَمَرُ ۝١

විනිශ්චය දිනය ළඟා විය. (එයට සළකුණක් වශයෙන්) චන්ද්‍රයාද පැළී ගියේය.

وَإِن يَرَوْا۟ ءَايَةًۭ يُعْرِضُوا۟ وَيَقُولُوا۟ سِحْرٌۭ مُّسْتَمِرٌّۭ ۝٢

එහෙත් ඔවුන් එම සාධකය දුටුවා වුවද, (එය) ප්‍රතික්ෂේප කර “මෙය දිගටම පැවත එන සූනියමකි” යයි පවසන්නාහ.

وَكَذَّبُوا۟ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ ۚ وَكُلُّ أَمْرٍۢ مُّسْتَقِرٌّۭ ۝۳

තවද එය බොරු කර, තමන්ගේ (ශරීර) ආශාවන්ම අනුගමනය කරන්නාහ. (මෙසේ ඔවුන් එය ප්‍රතික්ෂේප කළා වුවද, පැමිණිය යුතු) සෑම කාරණාවක්ම (එහි කාලය තුළ පැමිණ) ස්ථීර වී යනු ඇත.

وَلَقَدْ جَآءَهُم مِّنَ ٱلْأَنۢبَآءِ مَا فِيهِ مُزْدَجَرٌ ۝٤

(මොවුන්ට ප්‍රමාණවත් පාඩමක් ලබා දිය හැකි බොහොමයක් කාරණාවන් (මීට පෙරද) නියත වශයෙන්ම ඔවුන් වෙත පැමිණම ඇත්තේය.

حِكْمَةٌۢ بَٰلِغَةٌۭ ۖ فَمَا تُغْنِ ٱلنُّذُرُ ۝٥

(ඒවා ඔවුන්ට) පූරණ ඥානයක් ලබා දිය හැකි දැයයි. එහෙත් (එවා මගින්) බියගන්වා අනතුරු ඇඟවීම (මොවුන්ට) ප්‍රයෝජනයක් අත් කර දුන්නේ නැත.

فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ ٱلدَّاعِ إِلَىٰ شَىْءٍۢ نُّكُرٍ ۝٦

එබැවින් (නබියේ!) ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමනු. මොවුන් පිළිකුල් කරන (එම ප්‍රශ්න ගණනය කිරීමේ) කාරණාව වෙනුවෙන් (ඉස්රාෆීල් යයි) හඳුන්වනු ලබන්නා, ආරාධනා කරන දිනදී

خُشَّعًا أَبْصَٰرُهُمْ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌۭ مُّنتَشِرٌۭ ۝۷

ඔවුන් පහත හෙලු බැල්මෙන් යුතුව සොහොන්වලින් ඉකුත් වී විසිරී සිටින පළඟැටියන් මෙන් කැඳවන්නා වෙත වේගයෙන් දිව එන්නාහ.

مُّهْطِعِينَ إِلَى ٱلدَّاعِ ۖ يَقُولُ ٱلْكَٰفِرُونَ هَٰذَا يَوْمٌ عَسِرٌۭ ۝۸

‘මෙය ඉතාමත් අමාරුකමෙන් යුත් දිනයකි’ යයිද එම ප්‍රතික්ෂේපකයන් (ඒ අවස්ථාවේදී) පවසනු ඇත.

۞ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ فَكَذَّبُوا۟ عَبْدَنَا وَقَالُوا۟ مَجْنُونٌۭ وَٱزْدُجِرَ ۝۹

(මේ අන්දමටම) මොවුන්ට පෙර සිටි නුහුගේ ජනයාද (එම දිනය) බොරු කරමින් සිටියහ. එබැවින් ඔවුන් (ඒ ගැන අනතුරු ඇඟවූ) අපගේ (දූතයා වන) වහලාව බොරුකාරයා කළ අතර (ඔහුව) පිස්සෙකු යයි පවසා (වේදනා කර) එළවා දැමූහ.

فَدَعَا رَبَّهُۥٓ أَنِّى مَغْلُوبٌۭ فَٱنتَصِرْ ۝١۰

එබැවින් ඔහු තම දෙවියන්ට “නියත වශයෙන්ම මා (පරදවා, මොවුන් විසින්) ජයග්‍රහණය අත්කර ගනු ලැබූහ. ඔබ මට උදව් කරනු (මැනව!)” යයි ප්‍රාර්ථනා කළේය.

فَفَتَحْنَآ أَبْوَٰبَ ٱلسَّمَآءِ بِمَآءٍۢ مُّنْهَمِرٍۢ ۝١١

එබැවින් අහස්හි ෙදාරටු විවර කර දමා දාරානිපාත වර්ෂාව වසින්නට අපි සැලැස්සුවෙමු.

وَفَجَّرْنَا ٱلْأَرْضَ عُيُونًۭا فَٱلْتَقَى ٱلْمَآءُ عَلَىٰٓ أَمْرٍۢ قَدْ قُدِرَ ۝١٢

තවද භූමියෙහි උල්පත්ද (උතුරා) ගලා බසින්නට සැලැස්සුවෙමු. එබැවින් නියමිත ප්‍රමාණයකට ජලයන් (දෙකම) කළවම් වී (ඉහළ නගින්නට) විය.

وَحَمَلْنَٰهُ عَلَىٰ ذَاتِ أَلْوَٰحٍۢ وَدُسُرٍۢ ۝١۳

අපි ඔහුව (ද, ඔහුව විශ්වාස කළ අයවද) ලෑලිවලින්ද, ඇනවලින්ද තනන ලද (ලී) වල්ලමක් මත උසුළා ගත්තෙමු.

تَجْرِى بِأَعْيُنِنَا جَزَآءًۭ لِّمَن كَانَ كُفِرَ ۝١٤

එය අපගේ ඇස් ඉදිරියේම (වල්ලමේ පාවී) ගියේය. (අන් අය නම්, ගිලී මැරී ගියහ. මොහු විසින්) ප්‍රතික්ෂේප කරනු ලැබූ අයට ඵලවිපාක වශයෙන් (මෙසේ දඬුවම් කරන ලදී).

وَلَقَد تَّرَكْنَٰهَآ ءَايَةًۭ فَهَلْ مِن مُّدَّكِرٍۢ ۝١٥

නියත වශයෙන්ම අපි මෙය (පසුකාලීන අයට) එක් පාඩමක් වශයෙන් කර හැරියෙමු. (මෙමගින්) හොඳ වැටහීමක් ලබා ගත හැකි අය කවුරුන් හෝ ඇත්ද?

فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ ۝١٦

මගේ දඬුවමද, (මගේ) බියගන්වා දැනුම් දීමද, කෙසේ වූයේද (යන්න අවධානය කරයිද? )

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍۢ ۝١۷

මිනිසුන් හොඳ වැටහීමක් ලබා ගැනීම පිණිසම මෙම කුර්ආනය නියත වශයෙන්ම අපි ඉතාමත් පහසු කර ඇත්තෙමු. එබැවින් (මෙමගින්) හොඳ වැටහීමක් ලබන්නන් කවුරුන් හෝ ඇත්ද?

كَذَّبَتْ عَادٌۭ فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ ۝١۸

ආද් (නමැති (ජනයා)ද (මේ අන්දමටම අපගේ දූතයාව) බොරු කරමින් සිටියහ. එහෙත් (ඔවුන්ට ඇති වූ) මගේ දඬුවමද (මගේ) අනතුරු ඇඟවීමද, කෙසේ වූයේද (යන්න අවධානය කරයිද?)

إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًۭا صَرْصَرًۭا فِى يَوْمِ نَحْسٍۢ مُّسْتَمِرٍّۢ ۝١۹

නියත වශයෙන්ම අපි ඔවුන් කෙරෙහි (කවදත්) ස්ථීර වූ අභාග්‍යවන්ත දිනදී ඉතාමත් දරුණු සුළි සුළඟක් යැව්වෙමු.

تَنزِعُ ٱلنَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍۢ مُّنقَعِرٍۢ ۝٢۰

එය මුල් නැති ඉඳි ගස් මෙන් මිනිසුන්ව උදුරා (වීසි) කර දැමුවේය.

فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ ۝٢١

මගේ දඬුවමද, බිය ගැන්වීමද, කෙසේ වූයේද (යන්න අවධානය කරයිද?)

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍۢ ۝٢٢

(මිනිසුන්) හොඳ වැටහීමක් ලබා ගනු පිණිසම මෙම කුර්ආනය නියත වශයෙන්ම අපි ඉතාමත් පහසු කර ඇත්තෙමු. එබැවින් (මෙමගින්) හොඳ වැටහීමක් ලබන්නන් කවුරුන් හෝ ඇත්ද?

كَذَّبَتْ ثَمُودُ بِٱلنُّذُرِ ۝٢۳

(මෙසේම) සමූද් (නමැති ජනයා)ද, සාලිහ් නබි (තමන්ට) බියගන්වා අනතුරු ඇඟවූ දැය බොරු කළහ.

فَقَالُوٓا۟ أَبَشَرًۭا مِّنَّا وَٰحِدًۭا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذًۭا لَّفِى ضَلَٰلٍۢ وَسُعُرٍ ۝٢٤

(තවද) “අපගෙන් වූ මිනිසෙකුවද අපි අනුගමනය කරන්නේ? අනුගමනය කළහොත් නියත වශයෙන්ම අපි දුර්මාර්ගයෙහි ගොස්, පිස්සන් බවට පත් වී යන්නෙමු” යයි පැවසූහ.

أَءُلْقِىَ ٱلذِّكْرُ عَلَيْهِ مِنۢ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌۭ ۝٢٥

(තවද) “අප තුළ (අප කෙරෙහි හැර), මොහු කෙරෙහිද ධර්මය පහළ කරනු ලැබුවේ? නොඑසේය. මොහු ඉමහත් බොරු කියන දෙබිඩි පිළිවෙතකින් යුත්තෙකි” (යයිද පැවසූහ).

سَيَعْلَمُونَ غَدًۭا مَّنِ ٱلْكَذَّابُ ٱلْأَشِرُ ۝٢٦

නියත වශයෙන්ම හෙට දිනම බොරු කියන දෙබිඩි පිළිවෙතින් වූ අය කවුරුන්දැයි ඔවුන් දැන ගනු ඇත.

إِنَّا مُرْسِلُوا۟ ٱلنَّاقَةِ فِتْنَةًۭ لَّهُمْ فَٱرْتَقِبْهُمْ وَٱصْطَبِرْ ۝٢۷

“(එබැවින්) ඔවුන්ව පිරික්සනු ලබනු පිණිස, ඇත්තෙන්ම එක් ඔටු-දෙනකු අපි යැව්වෙමු. “(ඕ සාලිහ් නබි!) ඔබ ඉවසිල්ලෙන් යුතුව සිටිමින් ඔවුන්ව අවධානය කරමින් සිටිනු.

وَنَبِّئْهُمْ أَنَّ ٱلْمَآءَ قِسْمَةٌۢ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍۢ مُّحْتَضَرٌۭ ۝٢۸

(ඒ ගමේ ඇති උල්පත්) ජලය ඔවුන්ටද (එම ඔටුවාටද) අතරේ ඛෙදනු ලැබිය යුතුය. ‘සෑම කෙනෙකුම නියම අන්දමට බීමට පැමිණිය හැකිය’ යයිද ඔවුන්ට දැනුම් දෙනු” (යයිද අපි කීවෙමු).

فَنَادَوْا۟ صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ ۝٢۹

එහෙත් ඔවුන් (සමිඳු යයිම) තමන්ගේ මිතුරාට ආරාධනා කළහ. ඔහු (කඩුවක් අතැතිව) අත දිගු කර උගේ කකුලේ නහර කපා හැරියේය.

فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ ۝۳۰

එබැවින් මගේ දඬුවමද, (මගේ) අනතුරු ඇඟවීමද, කෙසේ වූයේද (යන්න මොවුන් අවධානය කරයිද?)

إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةًۭ وَٰحِدَةًۭ فَكَانُوا۟ كَهَشِيمِ ٱلْمُحْتَظِرِ ۝۳١

නියත වශයෙන්ම අපි ඔවුන් කෙරෙහි එකම එක (හෙණ හඞක්) ශබ්දයක්ම යැව්වෙමු. එබැවින් ඔවුන් වැට බඳින්නන්ගේ (උදුරා වීසි කරන ලද) පඞරැල් මෙන් බවට පත් වූහ.

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍۢ ۝۳٢

(මිනිසුන්) හොඳ වැටහීමක් ලබා ගනු පිණිස, නියත වශයෙන්ම අපි මෙම කුර්ආනය ඉතාමත් පහසු කර තබා ඇත්තෙමු. එබැවින් හොඳ වැටහීමක් ලබන්නන් කවුරුන් හෝ ඇත්ද?

كَذَّبَتْ قَوْمُ لُوطٍۭ بِٱلنُّذُرِ ۝۳۳

ලුත්ගේ ජනයාද (අපගේ) අනතුරු ඇඟවීම බොරු කළහ.

إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٍۢ ۖ نَّجَّيْنَٰهُم بِسَحَرٍۢ ۝۳٤

ලුත්ගේ පවුලේ උදවිය හැර, අන් අය කෙරෙහි අපි ඇත්තෙන්ම ගල් වරුසාවක් වැසීමට සැලැස්සුවෙමු. අළුයම් කාලයේදී අපි ඔහු(ගේ පවුලේ අය)ව බේරා ගත්තෙමු.

نِّعْمَةًۭ مِّنْ عِندِنَا ۚ كَذَٰلِكَ نَجْزِى مَن شَكَرَ ۝۳٥

(මෙය) අපගේ වරප්‍රසාදයක් වන්නේය. මේ අන්දමටම කෘතඥ වන්නන්ට අපි ඵලවිපාක දෙන්නෙමු.

وَلَقَدْ أَنذَرَهُم بَطْشَتَنَا فَتَمَارَوْا۟ بِٱلنُّذُرِ ۝۳٦

අපගේ (ද`ඩුවම්) ග්‍රහණය ගැන නියත වශයෙන්ම ඔහු, ඔවුන්ට අනතුරු ඇ`ගවූවේය. එහෙත් එම අනතුරු ඇ`ගවීම ගැන ඔවුන් තර්ක කිරීමට ආරම්භ කළහ.

وَلَقَدْ رَٰوَدُوهُ عَن ضَيْفِهِۦ فَطَمَسْنَآ أَعْيُنَهُمْ فَذُوقُوا۟ عَذَابِى وَنُذُرِ ۝۳۷

තවද ඔහුගේ අමුත්තන්වද නියත වශයෙන්ම (නපුරු කාරණාව සඳහා) ඔහුගෙන් ඉල්ලාගෙන යාමට සැරසුනාහ. එබැවින් ඔවුන්ගේ ඇස් අපි පිසදමා (අන්ධ කර) දමා “මගේ දඬුවමද, මගේ අනතුරු ඇඟවීමද, දැන් විඳ බලනු” (යයි කීවෙමු).

وَلَقَدْ صَبَّحَهُم بُكْرَةً عَذَابٌۭ مُّسْتَقِرٌّۭ ۝۳۸

එබැවින් අළුයමදී ස්ථීර වූ දඬුවම නියත වශයෙන්ම ඔවුන් වෙත පැමිණ සේන්දු විය.

فَذُوقُوا۟ عَذَابِى وَنُذُرِ ۝۳۹

“එබැවින් මගේ දඬුවමද, (මගේ) බියගැන්වීමද ඔබ විඳ බලනු” (යයි කීවෙමු).

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍۢ ۝٤۰

(මිනිසුන් හොඳ වැටහීමක් ලබා ගනු පිණිස, මෙම කුර්ආනය නියත වශයෙන්ම අපි ඉතාමත් පහසු කර තබා ඇත්තෙමු. එබැවින් (මෙමගින්) හොඳ වැටහීමක් ලබා ගන්නන් කවුරුන් හෝ ඇත්ද?

وَلَقَدْ جَآءَ ءَالَ فِرْعَوْنَ ٱلنُّذُرُ ۝٤١

නියත වශයෙන්ම ෆිර්අව්න්ගේ සමූහය වෙත (බොහොමයක්) අනතුරු ඇඟවීම් පැමිණියේය.

كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا كُلِّهَا فَأَخَذْنَٰهُمْ أَخْذَ عَزِيزٍۢ مُّقْتَدِرٍ ۝٤٢

එහෙත් අපගේ ප්‍රාතිහාර්යයන් සියල්ල ඔවුන් බොරු කළහ. එබැවින් සර්වබල ශක්තියෙන් පිරි බලසම්පන්නයෙකු අල්ලා ගන්නාක් මෙන් අපි ඔවුන්ව අල්ලා ගත්තෙමු.

أَكُفَّارُكُمْ خَيْرٌۭ مِّنْ أُو۟لَٰٓئِكُمْ أَمْ لَكُم بَرَآءَةٌۭ فِى ٱلزُّبُرِ ۝٤۳

(ඕ මක්කාවාසීනී!) ඔබගෙන් වූ ප්‍රතික්ෂේප කරන්නන් (විනාශ වී ගිය) මොවුන්ට වඩා උසස් අයද? නැතහොත් (ඔබව දඬුවම් කරනු නොලබන්නේය යයි) ඔබට (දඬුවම) පහ කිරීම ගැන සාධකයන් කිසිවක් ධර්මයන්හි ඇත්තේද?

أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌۭ مُّنتَصِرٌۭ ۝٤٤

නැතහොත් (නබියේ!) “අපි ජයග්‍රහණය පළඳවන (ඉමහත්) සමූහයක් (නිසා අපට කිසිම බියක්ද නැත)” යයිද මොවුන් පවසන්නෙහුද?

سَيُهْزَمُ ٱلْجَمْعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ ۝٤٥

ඉතාමත් ඉක්මනින් මොවුන්ගේ සමූහය සී සීකඩ කරනු ලැබ, (පරාජයට පත් වී මොවුන්) පසුපස හරවා යනු ඇත.

بَلِ ٱلسَّاعَةُ مَوْعِدُهُمْ وَٱلسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ ۝٤٦

එපමණක් නොව (පරලොවම) මොවුන්ට පොරොන්දු වන ලද (පිරික්සුම්) කාලයයි. එම කාලය මොවුන්ට (මෙලොව පිරික්සුම් කාලයට වඩා ඉතාමත් තිගැස්සෙන සුළු හා ඉතාමත් අමිහිරි රසයෙන් යුක්ත වශයෙන්ද තිඛෙනු ඇත.

إِنَّ ٱلْمُجْرِمِينَ فِى ضَلَٰلٍۢ وَسُعُرٍۢ ۝٤۷

(එහෙත්) නියත වශයෙන්ම මෙම වැරදිකරුවන් දුර්මාර්ගයෙහිද, සිහි බුද්ධිය සිඳීද සිටින්නාහ.

يَوْمَ يُسْحَبُونَ فِى ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا۟ مَسَّ سَقَرَ ۝٤۸

මොවුන්ව නිරයට මුණින් අතට දමා ඇදගෙන යනු ලබන දින මොවුන්ට “(ඔබව) නිරා ගින්න දවා හැරීම විඳ බලනු” (යයි කියනු ලැබේ).

إِنَّا كُلَّ شَىْءٍ خَلَقْنَٰهُ بِقَدَرٍۢ ۝٤۹

නියත වශයෙන්ම අපි සෑම වස්තුවක්ම (නියමිත) ප්‍රමාණයකට අනුවම නිර්මාණය කර ඇත්තෙමු.

وَمَآ أَمْرُنَآ إِلَّا وَٰحِدَةٌۭ كَلَمْحٍۭ بِٱلْبَصَرِ ۝٥۰

(කිසිම වස්තුවක් හෝ අපි උත්පාදනය කිරීමට අදහස් කළහොත්) ඇස් පිය හෙළනවාක් මෙන් එක් වචනයක් (කියන සැණින්) අපගේ අණ සිදු වන්නේය.

وَلَقَدْ أَهْلَكْنَآ أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍۢ ۝٥١

(මක්කාවාසීනී!) ඔබ වැනි (පාපයන් කරමින් සිටි) කොපමණදෝ) සමූහයන්ව ඇත්තෙන්ම අපි විනාශ කර ඇත්තෙමු. එබැවින් (ඔබගෙන්) හොඳ වැටහීමක් ලබන්නන් කවුරුන් හෝ ඇත්ද?

وَكُلُّ شَىْءٍۢ فَعَلُوهُ فِى ٱلزُّبُرِ ۝٥٢

ඔවුන් කරන සෑම කාරණාවක්ම (ඔවුන්ගේ) සටහන් පිටුවල ඇත්තේය.

وَكُلُّ صَغِيرٍۢ وَكَبِيرٍۢ مُّسْتَطَرٌ ۝٥۳

කුඩා හෝ ලොකු හෝ සියල්ලම (එහි) සටහන් කරනු ලැබ ඇත්තේය.

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍۢ وَنَهَرٍۢ ۝٥٤

නියත වශයෙන්ම භය භක්තියෙන් යුත් අය ස්වර්ගයන්හිද, (එහි ඇති) දිය දහරාවන්හිද, සිටිනු ඇත.

فِى مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍۢ مُّقْتَدِرٍۭ ۝٥٥

(එය ඇත්තෙන්ම) ඉතාමත් ගෞරවයෙන් පිරි වාසස්ථානයකි. (එය) ඉමහත් ශක්තිසම්පන්න රජ්ජුරුවන් වෙත ඇත්තේය.