< السورة السابقة | فهرس السور | السورة التالية >
surah053
An-Najm (53)
The Star, makkah, 62 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلنَّجْمِ إِذَا هَوَىٰ ١
(දිස්වී) සැඟවෙන තාරකාවන් මත සත්තකින්ම!
مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ ٢
(අපගේ දුතයා වන) ඔබගේ මිතුරා, මාර්ගය වැරද ගියේද නැත. දුර්මාර්ගයෙහි ගියේද නැත.
وَمَا يَنطِقُ عَنِ ٱلْهَوَىٰٓ ۳
ඔහු තම කැමැත්තට අනුව (කිසිවක්) පවසන්නේ නැත.
إِنْ هُوَ إِلَّا وَحْىٌۭ يُوحَىٰ ٤
මෙය ඔහුට වහී මගින් දැනුම් දෙනු ලැබූ දැයක් මිස, වෙන කිසිවක් නොව.
عَلَّمَهُۥ شَدِيدُ ٱلْقُوَىٰ ٥
(ජිබ්රීල් නමැති) තේජවන්තයාම මෙය ඔහුට උගන්වා දෙන්නේය.
ذُو مِرَّةٍۢ فَٱسْتَوَىٰ ٦
ඔහු ඉතාමත් (ආත්ම) ශක්තියෙන් යුත්තෙකි. (තම ස්වාභාවික හැඩරුවෙන් අපගේ නබි ඉදිරියේ) ඔහු දිස්වූවේය.
وَهُوَ بِٱلْأُفُقِ ٱلْأَعْلَىٰ ۷
ඔහු උස් වූ (අහසේ) ක්ෂිතිජයෙන් (බැස)-
ثُمَّ دَنَا فَتَدَلَّىٰ ۸
සමීප වී, පසුව අසළට පැමිණියේය.
فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ ۹
(නැවුන) දුන්නේ දෙකෙළවර මෙන් හෝ නැතහොත් ඊටත් වඩා සමීපයෙන් ඔහු ළං වූවේය.
فَأَوْحَىٰٓ إِلَىٰ عَبْدِهِۦ مَآ أَوْحَىٰ ١۰
(අල්ලාහ්) ඔහුට දැනුම් දුන් සියල්ල ඔහු, ඔහුගේ (නබිවරයා වන) වහලාට වහී මගින් දැනුම් දුන්නේය.
مَا كَذَبَ ٱلْفُؤَادُ مَا رَأَىٰٓ ١١
(නබිගේ) හෘදය, තමන් දුටු දැය ගැන බොරු කීවේ නැත.
أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ ١٢
ඔහු දුටු දැය ගැන ඔබ (සැක සිතා) ඔහු සමග තර්ක කරන්නෙහුද?
وَلَقَدْ رَءَاهُ نَزْلَةً أُخْرَىٰ ١۳
නියත වශයෙන්ම ඔහු තවත් වරක්ද (ජිබ්රීල් වන ඔහු මිහ්රාජ්) පහළ වනු දැක ඇත්තේය.
عِندَ سِدْرَةِ ٱلْمُنتَهَىٰ ١٤
සිද්රතුල් මුන්තහා නමැති ගසේ සීමාවෙහි-
عِندَهَا جَنَّةُ ٱلْمَأْوَىٰٓ ١٥
එහි සමීපයෙහිම (හොඳ වහලූන්) රැෙඳන ස්වර්ගය ඇත්තේය.
إِذْ يَغْشَى ٱلسِّدْرَةَ مَا يَغْشَىٰ ١٦
එම ගස වටකර ගත යුතු දැය එය (සම්පූර්ණයෙන්ම) වට කර ගත්තේය.
مَا زَاغَ ٱلْبَصَرُ وَمَا طَغَىٰ ١۷
(එයින් ඔහුගේ) බැල්ම ඈත් වූයේද නැත. පසු කළේද නැත.
لَقَدْ رَأَىٰ مِنْ ءَايَٰتِ رَبِّهِ ٱلْكُبْرَىٰٓ ١۸
ඔහු තම දෙවියන්ගේ අති විශාල ප්‍රාතිහාර්යයන් (සියල්ල) ඇත්තෙන්ම දුටුවේය.
أَفَرَءَيْتُمُ ٱللَّٰتَ وَٱلْعُزَّىٰ ١۹
(ඔබ ආරාධනා කරන) ලාත්, උස්සා (නමැති පිළිරූ) ගැනද,
وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلْأُخْرَىٰٓ ٢۰
අනිත් එකක් වන තුන්වන මනාත් (නමැති ගැහැණු පිළිමය) ගැනද ඔබ අවධානය කළෙහුද? (ඒවාට කුමක් හෝ ශක්තියක් ඇත්ද?)
أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلْأُنثَىٰ ٢١
කිමෙක්ද! ඔබට පිරිමි (දරුවන්)ද. ඔහුට ගැහැණු (දරුවන්)ද?
تِلْكَ إِذًۭا قِسْمَةٌۭ ضِيزَىٰٓ ٢٢
එසේ නම්, එය ඉතාමත් අසාධාරණ පංගු ඛෙදීමකි.
إِنْ هِىَ إِلَّآ أَسْمَآءٌۭ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلْطَٰنٍ ۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهْوَى ٱلْأَنفُسُ ۖ وَلَقَدْ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلْهُدَىٰٓ ٢۳
මේවා සියල්ල ඔබත්, ඔබගේ මුතුන් මිත්තනුත් තබා ගත් පුහු නාමයන් මිස, (ඇත්තෙන්ම ඒවා) කිසිවක් නැත. ඒ වෙනුවෙන් (දෙවිවරුන් යන්නට) අල්ලාහ් (ඔබට) කිසියම් සාධකයක් (පෙර තිබූ කුමක් හෝ ධර්මයක) පහළ කළේ නැත. ඔවුන් (තමන්ගේ) මනසේ ආශාවන්ද, (පුහු) සැකයන්ද අනුගමනය කරනවා මිස, වෙන කිසිවක් නැත. නියත වශයෙන්ම ඔවුන් දෙවියන් වෙතින් ඔවුන්ට ඍජු මාර්ගය පැමිණම ඇත්තේය. (එහෙත් එය ඔවුන් අනුගමනය කරන්නේ නැත).
أَمْ لِلْإِنسَٰنِ مَا تَمَنَّىٰ ٢٤
මිනිසා කැමති සියල්ල ඔහුට ලැබේවිද?
فَلِلَّهِ ٱلْءَاخِرَةُ وَٱلْأُولَىٰ ٢٥
මන්දයත් මෙලොවද, පරලොවද අල්ලාහ්ටම අයත්ය! (ඔහු කැමති අයටම ඒවායේ භාග්‍යය ලබා දෙන්නේය).
۞ وَكَم مِّن مَّلَكٍۢ فِى ٱلسَّمَٰوَٰتِ لَا تُغْنِى شَفَٰعَتُهُمْ شَيْـًٔا إِلَّا مِنۢ بَعْدِ أَن يَأْذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرْضَىٰٓ ٢٦
අහස්හි කොපමණදෝ මලායිකාවරුන් සිටින්නාහ. (කිසිවෙකුටත්) ඔවුන් මැදිහත් වී කතා කිරීම, කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. එහෙත් අල්ලාහ් කැමති වී කවුරුන් ගැන හෝ සෑහීමට පත් වී, ඔහු අනුමැතිය ලබා දෙන්නේද, ඔහු හැර. (එවැන්නන් මැදිහත් වී කතා කිරීමෙන් ප්‍රයෝජනයක් අත් වන්නේය).
إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ لَيُسَمُّونَ ٱلْمَلَٰٓئِكَةَ تَسْمِيَةَ ٱلْأُنثَىٰ ٢۷
නියත වශයෙන්ම කවුරුන් පරලොව ගැන විශ්වාස නොකළෝද, ඔවුන් මලායිකාවරුන්ට ගැහැනුන්ගේ නම් තබන්නාහ.
وَمَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ ۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ ۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْـًۭٔا ٢۸
මේ ගැන ඔවුන්ට කිසිම ඥානයක් නැත. (සාක්ෂීන් නැති පුහු) සිතුවිල්ලක් මිස, (වෙන කිසිවක්) ඔවුන් අනුගමනය කරන්නේ නැත. (පුහු) සිතුවිලි හා සත්‍යයට පටහැනි කිසිවක් ස්ථීර කරන්නේ නැත.
فَأَعْرِضْ عَن مَّن تَوَلَّىٰ عَن ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ٢۹
(නබියේ!) කවුරුන් අපගේ මතක් කිරීම ප්‍රතික්ෂේප කර, මෙලොව ජීවිතය හැර, (පරලොව) කැමති නොවී සිටින්නේද, ඔහුව ඔබ ප්‍රතික්ෂේප කර දමනු.
ذَٰلِكَ مَبْلَغُهُم مِّنَ ٱلْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِمَنِ ٱهْتَدَىٰ ۳۰
මොවුන්ගේ අධ්‍යාපන ඥානය මෙපමණ දුර පමණක් යන්නේය! (මීට එහාට යන්නේ නැත). නියත වශයෙන්ම ඔබගේ දෙවියන් තමන්ගේ මාර්ගයෙන් වැරද ගිය අය කවුරුන්ද යන්නද හොඳින් දන්නේය. ඍජු මාර්ගයෙහි යන්නා කවුරුන්ද යන්නද ඔහු හොඳින් දන්නේය.
وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ لِيَجْزِىَ ٱلَّذِينَ أَسَٰٓـُٔوا۟ بِمَا عَمِلُوا۟ وَيَجْزِىَ ٱلَّذِينَ أَحْسَنُوا۟ بِٱلْحُسْنَى ۳١
අහස් හා භූමියෙහි ඇති දැය සියල්ල අල්ලාහ්ටම අයත් දැයයි. එබැවින් නපුර කළ අයට ඔවුන්ගේ (නපුරු) ක්‍රියාවන්ට සරිලන සේ (නපුරම) ඵලවිපාක වශයෙන් ලබා දෙන්නේය. දැහැමි දැය කළ අයට හොඳක්ම ඵලවිපාක වශයෙන් ලබා දෙන්නේය.
ٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَإِذْ أَنتُمْ أَجِنَّةٌۭ فِى بُطُونِ أُمَّهَٰتِكُمْ ۖ فَلَا تُزَكُّوٓا۟ أَنفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ ٱتَّقَىٰٓ ۳٢
(පින් ඇති දැය කරන) ඔවුන් (නොදැනුවත්ව සිදු වන) අල්ප වැරදි මිස, අනිත් විශාල පාපයන්ගෙන්ද, අවමන් ගෙන දෙන කාරණාවන්ගෙන්ද ඈත් වී සිටිනු ඇත. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් සමාව දීමෙහි ඉතාමත් අප්‍රමාණවත්ය. ඔබව පස්වලින් නිර්මාණය කළ අවස්ථාවේදී ඔබගේ (ගති ගුණයන්) ඔහු හොඳින් දන්නේය. ඔබ, ඔබ මවගේ කුසෙහි (මාංශ පිණ්ඩයක් වශයෙන්) සැඟවී තිබූ අවස්ථාවෙහිද, (ඔබව ඔහු හොඳින් දන්නේය). එබැවින් ඔබ, ඔබව පරිශුද්ධවන්තයින් යයි (ආරෝපණය) කර නොගනු. (ඔබගෙන්) පරිශුද්ධවන්තයින් කවුරුන්ද යන්න ඔහුම හොඳින් දන්නේය.
أَفَرَءَيْتَ ٱلَّذِى تَوَلَّىٰ ۳۳
(නබියේ! ඔබව) ප්‍රතික්ෂේප කළ අයව ඔබ අවධානය කළෙහිද?
وَأَعْطَىٰ قَلِيلًۭا وَأَكْدَىٰٓ ۳٤
ඔහු (පොරොන්දු දුන් දැයෙන්) ඉතාමත් සුළු දැයක්ම දුන්නේය. පසුව (විශාල කොටසක් නොදී) තද කර ගත්තේය.
أَعِندَهُۥ عِلْمُ ٱلْغَيْبِ فَهُوَ يَرَىٰٓ ۳٥
(පොරොන්දුවට පටහැනිව කටයුතු කරන) ඔහු වෙතින් සැඟවුණු (කාරණාවෙහි) ඥානය (තමන්ගේ අවසානය එහි) තිබී, ඔහු බැලූවෙහිද?
أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِى صُحُفِ مُوسَىٰ ۳٦
නැතහොත් මූසාගේ ධර්මයෙහි ඇති දැය ඔහුට දැනුම් දෙනු ලැබුවේ නැද්ද?
وَإِبْرَٰهِيمَ ٱلَّذِى وَفَّىٰٓ ۳۷
(නැතහොත් දෙවියන්ගේ නියෝගයන්) පූරණ වශයෙන් ඉටු කළ ඉබ්රාහිම්(ගේ කාරණාවන් හෝ ඔහු නොදන්නේද?)
أَلَّا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۳۸
(නබියේ!) කෙනෙකුගේ පාපයන්ගේ බර අන් කෙනෙකු උසුළන්නේ නැත (යන්න ඔබ දැන ගනු මැනව!).
وَأَن لَّيْسَ لِلْإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ ۳۹
මිනිසාට ඔහු කළ අපරාධය මිස, වෙන කිසිවක් ලැඛෙන්නේ නැත.
وَأَنَّ سَعْيَهُۥ سَوْفَ يُرَىٰ ٤۰
නියත වශයෙන්ම ඔහුගේ අපරාධයම අවධානය කරනු ලැබේ.
ثُمَّ يُجْزَىٰهُ ٱلْجَزَآءَ ٱلْأَوْفَىٰ ٤١
පසුව ඔහුගේ අපරාධයන්ට සරිලන ඵලවිපාක පූරණ වශයෙන් දෙනු ලබන්නේය.
وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلْمُنتَهَىٰ ٤٢
(නබියේ!) නියත වශයෙන්ම (ඔබ සියල්ලන්ම) අවසාන වශයෙන් ගොස් සේන්දු වන්නේ ඔබගේ දෙවියන් වෙතයි.
وَأَنَّهُۥ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ ٤۳
නියත වශයෙන්ම ඔහුම ඔබව සිනාසෙන්නට සලස්වන්නේය. හඞන්නටද සලස්වන්නේය.
وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحْيَا ٤٤
නියත වශයෙන්ම ඔහුම (ඔබව) මරණයට පත් වන්නටද සලස්වන්නේය. (නැවතත්) පණ දෙන්නේය.
وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰ ٤٥
නියත වශයෙන්ම ඔහුම ඔබව පිරිමි, ගැහැනු ජෝඩු වශයෙන් උත්පාදනය කරන්නේය.
مِن نُّطْفَةٍ إِذَا تُمْنَىٰ ٤٦
(ගර්භයෙහි) ඇතුළු කරනු ලබන එක් ඉන්ද්‍රිය බිඳක් මගින්ම (ඔබව උත්පාදනය කරන්නේය).
وَأَنَّ عَلَيْهِ ٱلنَّشْأَةَ ٱلْأُخْرَىٰ ٤۷
නියත වශයෙන්ම (මරණයට පත් වූ පසු) නැවත වරක් පණ දී නැගිට්ටවීමද, ඔහු වෙත අනිවාර්යය යුතුකමක් වශයෙන් ඇත්තේය.
وَأَنَّهُۥ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ ٤۸
වස්තුව ලබා දී (එය ඔබ එක්කාසු කර) ධනවතෙකු බවට පත් කරන්නාද, නියත වශයෙන්ම ඔහුය.
وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعْرَىٰ ٤۹
තවද ෂිඃරා (සයිරියස් නමැති ඉමහත් වූ තාරකාවේ) දෙවියන්ද නියත වශයෙන්ම ඔහුය.
وَأَنَّهُۥٓ أَهْلَكَ عَادًا ٱلْأُولَىٰ ٥۰
(එම තාරකාව නමදිමින් සිටි) පෙර සිටි ආද් (නමැති ජනයාව) විනාශ කර දැමූ අයද නියත වශයෙන්ම ඔහුය.
وَثَمُودَا۟ فَمَآ أَبْقَىٰ ٥١
සමූද් (නමැති ජනයා)වද (විනාශ කර දැමු අය, ඔහුය. ඔවුන්ගෙන් කිසිවෙකුවත්) ඔහු බේරීමට ඉඩ දුන්නේ නැත.
وَقَوْمَ نُوحٍۢ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ هُمْ أَظْلَمَ وَأَطْغَىٰ ٥٢
මොවුන්ට පෙර සිටි නූහුගේ ජනයාවද (විනාශ කළ කෙනා ඔහුය). නියත වශයෙන්ම මොවුන් (සියල්ලන්ම) ඉමහත් අපරාධකාරයින් වශයෙන්ද, සීමාව ඉක්මවා ගිය අය වශයෙන්ද සිටියහ.
وَٱلْمُؤْتَفِكَةَ أَهْوَىٰ ٥۳
(ලුත්ගේ ජනයාගේ) පෙරළී ගිය නගරයන් උඩු යටිකුරු කර පෙරළා දැමූ අයද ඔහුය.
فَغَشَّىٰهَا مَا غَشَّىٰ ٥٤
(ඔවුන් විනාශ වන අවස්ථාවේදී) ඔවුන්ව වට කර ගත යුතු (දඬුවම) නම්, (සම්පූර්ණයෙන්ම) ඔවුන්ව වට කර ගත්තේය.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ ٥٥
(එබැවින් මිනිසුනේ!) ඔබ, ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් සැක සිතන්නෙහුද?
هَٰذَا نَذِيرٌۭ مِّنَ ٱلنُّذُرِ ٱلْأُولَىٰٓ ٥٦
(අපගේ දූතයා වන) මොහුද බියගන්වා අනතුරු අඟවන්නෙකි! (මොහුට) පෙර (මිනිසුන්ට) බියගන්වා අනතුරු ඇඟවූ (අය මෙන්) කෙනෙකි.
أَزِفَتِ ٱلْءَازِفَةُ ٥۷
පැමිණිය යුතු (යුග අවසාන කාලය) ළඟා විය.
لَيْسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ ٥۸
අල්ලාහ් හැර, වෙන කිසිවෙකු විසින් හෝ එය වැළැක්විය නොහැක.
أَفَمِنْ هَٰذَا ٱلْحَدِيثِ تَعْجَبُونَ ٥۹
මෙම පුවත ගැන ඔබ පුදුම වන්නෙහුද?
وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ ٦۰
ඔබ සිනහසෙන්නෙහුද? හැඬිය යුතු නොවේද?
وَأَنتُمْ سَٰمِدُونَ ٦١
(මේ ගැන දුක් නොවී) ඔබලා සෙල්ලමින් විනෝදවෙන්නේහුද?
فَٱسْجُدُوا۟ لِلَّهِ وَٱعْبُدُوا۟ ۩ ٦٢
එබැවින් ඔබ අල්ලාහ්ට හිස බිම තබා සුජූද් කර, (ඔහුවම) නමදිනු මැනව!