< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓر ۚ كِتَٰبٌ أُحْكِمَتْ ءَايَٰتُهُۥ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ ۝١

අලිෆ්. ලාම්. රා. (මෙය) ධර්ම පුස්තකයයි. සියල්ල හොඳින් දැන සිටින ඥානයෙන් පිරි අය විසින් මෙහි ආයාවන් (විවිධ සාධකයන් මගින්) ස්ථාපිත කළ පසු, (පැහැදිලිව) විවරණය කරනු ලැබ ඇත්තේය.

أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۚ إِنَّنِى لَكُم مِّنْهُ نَذِيرٌۭ وَبَشِيرٌۭ ۝٢

(නබියේ! මිනිසුන්ට ඔබ මෙසේ පවසනු): “ඔබ අල්ලාහ් හැර (වෙන කිසිවෙකුව) නොනමදිනු. (විශ්වාසය නොතැබූවන්ට) බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද, (විශ්වාසය තැබූවන්ට) ශුභාරංචි දෙන්නෙකු වශයෙන්ද, නියත වශයෙන්ම මා ඔහු වෙතින් ඔබ වෙතට පැමිණ ඇත්තෙමි.

وَأَنِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُمَتِّعْكُم مَّتَٰعًا حَسَنًا إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى وَيُؤْتِ كُلَّ ذِى فَضْلٍۢ فَضْلَهُۥ ۖ وَإِن تَوَلَّوْا۟ فَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍۢ كَبِيرٍ ۝۳

“ඔබ, ඔබගේ දෙවියන්ගේ පව් ක්ෂමාව ඉල්ලා (පාපයන්ගෙන් ඈත් වී) ඔහු දෙසට හැරෙනු. (එසේ කළහොත්) නියමිත (දීර්ඝ) කාලයක් දක්වා ඔබව හොඳ අන්දමට සැප සම්පත් විඳීමට සලස්වනු ඇත. දයාවෙන් පිරි සෑම කෙනෙකුටම (පරලොවදී) තම දයාව වැඩි වැඩියෙන් දෙනු ඇත. ඔබ (ඔහුව) ප්‍රතික්ෂේප කළහොත් ඉමහත් වූ දිනදී දඬුවම නියත වශයෙන්ම ළඟා වනු ඇතැයි මා බිය වන්නෙමි.

إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ۝٤

ඔබ අල්ලාහ් වෙතම පැමිණිය යුතුව ඇත්තේය. ඔහු සියල්ලකෙරෙහිම ඉතාමත් බලසම්පන්නයෙකි.

أَلَآ إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُوا۟ مِنْهُ ۚ أَلَا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ۝٥

(මෙම පාපතරයන් තම නපුරු සිතුවිලි) අල්ලාහ්ට සැඟවීම සඳහා (ඒවා) තම හෘදයන්හි (තබා) සඟවා ගැනීමට අදහස් කරන්නාහ යන්න (නබියේ! ඔබ)දැන ගනු (මැනව!) (නින්දට යන විට) ඔවුන් තමන්ගේ පොරවණය මගින් තමන්ව සඟවා ගන්නා තෙක් (එයට වෙනස්ව) ඔවුන් එළිදරව් කරන දැයද, ඔහු හොඳින් දන්නේය යන්න (ඔබ) දැන ගනු (මැනව!) නියත වශයෙන්ම ඔහු හෘදයන්හි ඇති (රහස්) සියල්ල හොඳින් දන්නෙකි.

۞ وَمَا مِن دَآبَّةٍۢ فِى ٱلْأَرْضِ إِلَّا عَلَى ٱللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّۭ فِى كِتَٰبٍۢ مُّبِينٍۢ ۝٦

අල්ලාහ්, ආහාර සැපයීමට බාර නොගත් කිසිම ජීවියෙක් භූමියෙහි නැත. ඒවා (ජීවත් වී) සිටින ස්ථානයද, ඒවා (මරණයට පත් වී) භූමදානය වන ස්ථානයද ඔහු දැනගෙනම සිටින්නේය. මේවා සියල්ල (ලව්හුල් මහ්ෆූල් නමැති ඔහුගේ) පැහැදිලි සටහන් පුස්තකයෙහි සටහන්ව ඇත්තේය.

وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ وَكَانَ عَرْشُهُۥ عَلَى ٱلْمَآءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًۭا ۗ وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِنۢ بَعْدِ ٱلْمَوْتِ لَيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ ۝۷

ඔහුම අහස්ද, භූමියද දින හයකදී උත්පාදනය කළේය. (ඒ අවස්ථාවේදී), ඔහුගේ අර්ෂ් ජලය මත (පාවෙමින්) තිබුණි. ඔබගෙන් දැහැමි ක්‍රියාවන් කරන්නෝ කවරෙක්දැයි ඔබව පිරික්සනු පිණිස, (ඔබවද, මේවාද ඔහු උත්පාදනය කළේය. නබියේ! ඔබ මිනිසුන්ගෙන්) “ඔබ මිය යාමෙන් පසු නියත වශයෙන්ම (පණ ලබා දී) නැගිට්ටවනු ලබන්නෙහුය” යයි පැවසුවහොත්, එයට (ඔවුන්ගෙන් වූ) ප්‍රතික්ෂේප කරන්නන් “මෙය ප්‍රකට සූනියමක් මිස, වෙන කිසිවක් නැත” යයි පවසන්නාහ.

وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِلَىٰٓ أُمَّةٍۢ مَّعْدُودَةٍۢ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُۥٓ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ۝۸

(ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන්) ඔවුන්ට (ලැබිය යුතු) දඬුවම සුළු කාලයක් ප්‍රමාද කළ අවස්ථාවේදී “එය වළක්වා දැමුවේ කුමක්ද?”යි (සමච්චලයෙන් මෙන්) විමසන්නාහ. ඔවුන් වෙත එය පැමිණෙන දිනදී ඔවුන්ගෙන් එය වළක්වා දැමීමට නොහැකිය යන්නද ඔවුන් සමච්චල් කරමින් සිටියහ. (දඬුවම) ඔවුන් සියල්ලන්වම වට කර ගන්නේය යන්නද ඔවුන් දැන ගත යුතු නොවේද?

وَلَئِنْ أَذَقْنَا ٱلْإِنسَٰنَ مِنَّا رَحْمَةًۭ ثُمَّ نَزَعْنَٰهَا مِنْهُ إِنَّهُۥ لَيَـُٔوسٌۭ كَفُورٌۭ ۝۹

අපගේ වරප්‍රසාදයන් මිනිසුන් බුක්ති විඳින ලෙසට අපි සලස්වා පසුව එය ඔහුගෙන් අපි එය පහ කර හැරියහොත්, නියත වශයෙන්ම ඔහු විශ්වාසය බිඳී ඉමහත් කෙළෙහිගුණ නොදන්නෙකු බවට පත් වන්නේය.

وَلَئِنْ أَذَقْنَٰهُ نَعْمَآءَ بَعْدَ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ ٱلسَّيِّـَٔاتُ عَنِّىٓ ۚ إِنَّهُۥ لَفَرِحٌۭ فَخُورٌ ۝١۰

ඔහුට සිදු වූ දුක් ගැහැට පහ කර, ඔහු සැපත බුක්ති විඳීමට අපි සැලැස්සුවහොත් එයට ඔහු “නියත වශයෙන්ම මගේ දුක් ගැහැට සියල්ල පහ වී ගියේය. (මින් පසුව ආපසු එන්නේ නැත)” යයි පවසන්නේය. මන්දයත් නියත වශයෙන්ම මිනිසා (ඉතා ඉක්මනින්) සතුටට පත් වන්නෙකු වශයෙන්ද, උඞඟූ බස් ෙදාඩන්නෙකු වශයෙන්ද සිටින්නේය.

إِلَّا ٱلَّذِينَ صَبَرُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ أُو۟لَٰٓئِكَ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌۭ كَبِيرٌۭ ۝١١

එහෙත් ඔවුන් (දුක් ගැහැට විඳ දරාගෙන) ඉවසිලිමත්ව දැහැමි කාරණාවන් කරමින් සිටින්නෝද, ඔවුන්ට සමාවද ඇත. ඉමහත් ඵළවිපාකද ඇත.

فَلَعَلَّكَ تَارِكٌۢ بَعْضَ مَا يُوحَىٰٓ إِلَيْكَ وَضَآئِقٌۢ بِهِۦ صَدْرُكَ أَن يَقُولُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ كَنزٌ أَوْ جَآءَ مَعَهُۥ مَلَكٌ ۚ إِنَّمَآ أَنتَ نَذِيرٌۭ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ وَكِيلٌ ۝١٢

(නබියේ! මෙම ධර්මය ඔවුන් හරිහැටි සවන් දෙන්නේ නැතැයි ඔබගේ සිත රිදී) ඔබට වහී මගින් දැනුම් දෙනු ලැබූ දැයෙන් සමහර දැය අත්හැර දමන්නෙහිද? (යයි) “ඔවුන් වෙනුවෙන් එක් නිධානයක් පහළ කළ යුතු නොවේද?”යි ඔවුන්ගේ පැවසීම, ඔබට සිතෙහි රිදීමක් ඇති කළ හැකිය. (ඒ ගැන ඔබ දුක් නොවනු). නියත වශයෙන්ම ඔබ (ඔවුන්ට) බිය ගන්වා අනතුරු අඟවන්නෙකු (මිස, වෙන කිසිවක් නැත). සියල්ල පරිපාලනය කරන්නා අල්ලාහ්ය!

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ فَأْتُوا۟ بِعَشْرِ سُوَرٍۢ مِّثْلِهِۦ مُفْتَرَيَٰتٍۢ وَٱدْعُوا۟ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَٰدِقِينَ ۝١۳

(අපගේ දූතයා වන) ඔහු එය බොරුවට මනක්කල්පිත කළේය යයි ඔවුන් පවසන්නෙහුද? (එසේ නම් නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “මෙවැනි මනක්කල්පිත කරනු ලැබූ පරිච්ඡේදයන් දහයක්වත් ඔබ ගෙන එනු. අල්ලාහ් හැර, ඔබට පක්ෂපාතී වන සියල්ලන්වම (මේ වෙනුවෙන්) ආරාධනා කර (ඔබට සහායට) තබා ගනු. (ඇත්තෙන්ම මෙය මනක්කල්පිත යයි) ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම් (මෙසේ කළ හැකි නොවේද!)

فَإِلَّمْ يَسْتَجِيبُوا۟ لَكُمْ فَٱعْلَمُوٓا۟ أَنَّمَآ أُنزِلَ بِعِلْمِ ٱللَّهِ وَأَن لَّآ إِلَٰهَ إِلَّا هُوَ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ ۝١٤

ඔවුන් (මෙසේ මනක්කල්පිත කර, බොරු ගොතා) ඔබට පිළිතුරු නොදුන්නහොත් (මෙය මිනිස් දැනුමට අයත් දැය නොව). නියත වශයෙන්ම අල්ලාහ්ගේ දැනුමෙන්ම (නිර්මාණය කර) පහළ කරනු ලැබූ දැයකි. ඔහු හැර නැමදුමට හිමි වෙන දෙවියෙකු නැත යන්නද (නියත වශයෙන්ම) දැන ගනු. (මින් පසුව හෝ) ඔබ (දෙවියන්ට) සම්පූර්ණයෙන්ම අවනත වන්නෙහුද?

مَن كَانَ يُرِيدُ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَٰلَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ ۝١٥

කවුරුන් හෝ මෙලොව ජීවිතයද, එහි අලංකාරයද, (පමණක්) කැමති වුවහොත් ඔවුන්ගේ ක්‍රියාවන්ට අයත් ඵලවිපාක මෙහිම (මෙලොවෙහිදීම) අපි පූරණ වශයෙන් ඔවුන්ට දෙන්නෙමු. එහි ඔවුන්ට අඩුපාඩුවක් කරනු නොලබන්නාහ.

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَيْسَ لَهُمْ فِى ٱلْءَاخِرَةِ إِلَّا ٱلنَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا۟ فِيهَا وَبَٰطِلٌۭ مَّا كَانُوا۟ يَعْمَلُونَ ۝١٦

(එහෙත්) පරලොවදී නම්, මෙවැන්නන්ට (නිරා) ගින්න මිස, වෙන කිසිවක් නැත. ඔවුන් කළ දැය සියල්ල මෙහිදී විනාශ වී ගියේය. ඔවුන් කරමින් සිටින දැයද නිශ්ඵල දැයයි.

أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّهِۦ وَيَتْلُوهُ شَاهِدٌۭ مِّنْهُ وَمِن قَبْلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامًۭا وَرَحْمَةً ۚ أُو۟لَٰٓئِكَ يُؤْمِنُونَ بِهِۦ ۚ وَمَن يَكْفُرْ بِهِۦ مِنَ ٱلْأَحْزَابِ فَٱلنَّارُ مَوْعِدُهُۥ ۚ فَلَا تَكُ فِى مِرْيَةٍۢ مِّنْهُ ۚ إِنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ ۝١۷

: කවුරුන් තම දෙවියන්ගේ (ශුද්ධ වූ කුර්ආනය නමැති) පැහැදිලි දැනුම ලබා ඇත්තෙහුද ඔවුන්ද, ඔවුන්ට දෙවියන් විසින් (ඊසාට) පහළ කරනු ලැබූ දැය (ඉන්ජීල්) සාක්ෂියක් වශයෙන් ඇත්තේද ඔවුන්ද, තවද ඔවුන්ට මෙයට පෙර පහළ කරනු ලැබූ මූසාගේ ධර්මය එක් මාර්ගෝපදේශයක් වශයෙන්ද, වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේද ඔවුන්ද, අනිවායදැයෙන්ම මෙම ධර්මයද විශ්වාස කරනු ඇත. (ඔවුන් වෙනුවෙන් වූ ඵලවිපාකය නම් ස්වර්ගයයි). මෙම පාර්ශවයන් (තුනෙන්) කවුරුන් මෙය ප්‍රතික්ෂේප කළා වුවද, ඔවුන්ට පොරොන්දු දෙන ලද ස්ථානය නිරයයි. එබැවින් (නබියේ!) ඔබ මෙහි පොඩියක් හෝ සැකයක් ඇති කර නොගනු. නියත වශයෙන්ම මෙය ඔබගේ දෙවියන් විසින් පහළ කරන ලද සත්‍ය (ධර්මය)යි! එහෙත් මිනිසුන්ගෙන් බොහොමයක් දෙනා (මෙය) විශ්වාස කරන්නේ නැත.

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا ۚ أُو۟لَٰٓئِكَ يُعْرَضُونَ عَلَىٰ رَبِّهِمْ وَيَقُولُ ٱلْأَشْهَٰدُ هَٰٓؤُلَآءِ ٱلَّذِينَ كَذَبُوا۟ عَلَىٰ رَبِّهِمْ ۚ أَلَا لَعْنَةُ ٱللَّهِ عَلَى ٱلظَّٰلِمِينَ ۝١۸

අල්ලාහ් මත මනක්කල්පිතව බොරු ගොතා පවසන්නන්ට වඩා අපරාධකරුවන් කවරෙක්ද? එවැන්නන් (පරලොවදී) තම දෙවියන් ඉදිරියේ නවතා තබා “මොවුන් තමන්ගේ දෙවියන් මත බොරු ගොතා පැවසූ අයයි” යයි සාක්ෂිකරුවන් (සාක්ෂි) දරන්නාහ. මෙම අපරාධකරුවන් මත අල්ලාහ්ගේ ශාපය ඇත යන්න (නබියේ! ඔබ) දැන ගනු මැනව!

ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًۭا وَهُم بِٱلْءَاخِرَةِ هُمْ كَٰفِرُونَ ۝١۹

කවුරුන් අල්ලාහ්ගේ මාර්ගය වළක්වා එහි වැරැද්ද (සැකය)ද ඇති කරන්නට අදහස් කරන්නෝද, ඔවුන් පරලොවද ප්‍රතික්ෂේප කරන්නන්ය.

أُو۟لَٰٓئِكَ لَمْ يَكُونُوا۟ مُعْجِزِينَ فِى ٱلْأَرْضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ۘ يُضَٰعَفُ لَهُمُ ٱلْعَذَابُ ۚ مَا كَانُوا۟ يَسْتَطِيعُونَ ٱلسَّمْعَ وَمَا كَانُوا۟ يُبْصِرُونَ ۝٢۰

මෙවැන්නන් භූමියෙහි (දිව ගොස් බේරී අල්ලාහ්ව) පරාජය කිරීමට නොහැක. අල්ලාහ් හැර, මොවුන්ට උදව් කරන්නන්ද නැත. (පරලොවදී නම්) මොවුන්ට දඬුවම දෙගුණ කරනු ලැබේ. (මොවුන්ගේ ඊර්ෂ්‍යාවේ හේතුවෙන් හොඳ වදන්) සවන් දීමට මොවුන් ශක්තියක් නොමැත්තන්ය. (ඍජු මාර්ගය) දකින්නේද නැත.

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ ۝٢١

මෙවැන්නන්ම තමන්ට තමන්ම පාඩුවක් ඇති කර ගත් අයයි. මොවුන් මනක්කල්පිත කරමින් සිටි (දෙවිවරුන්) සියල්ල (එදින) ඔවුන්ගෙන් සැඟවී යනු ඇත.

لَا جَرَمَ أَنَّهُمْ فِى ٱلْءَاخِرَةِ هُمُ ٱلْأَخْسَرُونَ ۝٢٢

පරලොවදී නියත වශයෙන්ම මොවුන් පරාජය අත් කර ගත් අය යන්නෙහි කිසිම සැකයක් නැත.

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَأَخْبَتُوٓا۟ إِلَىٰ رَبِّهِمْ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ ۝٢۳

කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කර, තමන්ගේ දෙවියන්ට ඉතාමත් යටහත් පහත් වන්නෝද, ඔවුන් නියත වශයෙන්ම ස්වර්ගවාසීන්ය! එහි ඔවුන් සදහටම ස්ථීර වන්නාහ.

۞ مَثَلُ ٱلْفَرِيقَيْنِ كَٱلْأَعْمَىٰ وَٱلْأَصَمِّ وَٱلْبَصِيرِ وَٱلسَّمِيعِ ۚ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ أَفَلَا تَذَكَّرُونَ ۝٢٤

මෙම (කොට්ඨාශයන්) දෙකෙන් (එක්) කොට්ඨාශයක් අන්ධයාද, බිහිරි අයද (මෙන් සිටින්නාහ. තවත් කොටසක්) ඇස් පෙනීම ඇත්තාටද, කණ් ඇසෙන්නාටද සම වන්නේය. මෙම කොට්ඨාශයන් දෙක සම වන්නේද? (මෙම උදාහරණය මගින්) හොඳ වැටහීමක් ලබා ගත යුතු නොවේද?

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ إِنِّى لَكُمْ نَذِيرٌۭ مُّبِينٌ ۝٢٥

ඇත්තෙන්ම අපි නූහු ව ඔහුගේ ජනතාව වෙත (අපගේ දූතයා වශයෙන්) යැවුවෙමු. ඔහු (ඔවුන්ට) “නියත වශයෙන්ම මා ඔබට ප්‍රසිද්ධියේම බිය ගන්වා අනතුරු අඟවන්නෙමි”.

أَن لَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۖ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍۢ ۝٢٦

“අල්ලාහ් හැර (වෙන කිසිවක්) ඔබ නොනැමදිය යුතුය. (නැමදුවහොත්) නියත වශයෙන්ම වේදනා ගෙන දෙන දිනදී, දඬුවම් ඔබට (පැමිණෙනු ඇතැයි) මා බිය වන්නෙමි” (යයි පැවසුවේය).

فَقَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا نَرَىٰكَ إِلَّا بَشَرًۭا مِّثْلَنَا وَمَا نَرَىٰكَ ٱتَّبَعَكَ إِلَّا ٱلَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِىَ ٱلرَّأْىِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍۭ بَلْ نَظُنُّكُمْ كَٰذِبِينَ ۝٢۷

එයට ඔහුගේ ජනතාවගෙන් වූ ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රධානීන් (ඔහුට) “අපි ඔබව අප වගේ මිනිසෙකු වශයෙන්ම දකින්නෙමු. තවද අපගෙන් වූ නොසිතන ඉතාමත් දීන වූ අයම මිස, (ගෞරවධෑය අය), ඔබව අනුගමනය කළේ නැත යන්නද අපි දැන සිටින්නෙමු. අපට වඩා ඔබ වෙත යම්කිසි උසස්භාවයක් ඇති බවටද අපි දුටුවේ නැත. තවද ඔබ (සියල්ලන්ම) බොරුකාරයින් වශයෙන්ම අපි අදහස් කරන්නෙමු” යයි පැවසූහ.

قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَءَاتَىٰنِى رَحْمَةًۭ مِّنْ عِندِهِۦ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَٰرِهُونَ ۝٢۸

(එයට) ඔහු, (ඔවුන්ට) මෙසේ පැවසුවේය: “(මගේ) ජනතාවෙනි! ඔබ අවධානය කළෙහුද? මගේ දෙවියන්ගේ සාධකයන් කෙරෙහි මා ස්ථාවරව සිටියදී ද, ඔහු තමන්ගේ සන්නිධානයෙන් (නබිත්වය වන මෙම) වරප්‍රසාදය මා හට පහළ කර තිබියදී ද, එය ඔබගේ ඇස් වලට නොපෙධෑ, එය ඔබ පිළිකුල් කර දැමුවහොත් එය අනුගමනය කරන මෙන් මා ඔබට බල කළ හැකිද?”

وَيَٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مَالًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۚ وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ ۚ إِنَّهُم مُّلَٰقُوا۟ رَبِّهِمْ وَلَٰكِنِّىٓ أَرَىٰكُمْ قَوْمًۭا تَجْهَلُونَ ۝٢۹

“තවද (මගේ) ජනතාවෙනි! මේ වෙනුවෙන් මා, ඔබ වෙතින් කිසිම වස්තුවක් (කුලියක් වශයෙන්) ඉල්ලා සිටියේද නැත. මගේ කුලිය අල්ලාහ් වෙතින්ම මිස, (ඔබ වෙත) නැත. (ඔබගෙන් වූ ඉතාමත් දීන වූවන් වුවද කම් නැත), විශ්වාසය තැබූවන්ව මා එළවා දැමිය නොහැක. නියත වශයෙන්ම ඔවුන් තම දෙවියන්ව (ගෞරවාන්විතව) හමු වන්නන් වශයෙන්ම සිටින්නාහ. නමුත් නියත වශයෙන්ම ඔබවම (ඉතාමත් දීන වූ) මෝඩයින් වශයෙන්ම දකින්නෙමි”.

وَيَٰقَوْمِ مَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِن طَرَدتُّهُمْ ۚ أَفَلَا تَذَكَّرُونَ ۝۳۰

“තවද (මගේ) ජනතාවෙනි! මා ඔවුන්ව එළවා දැමුවහොත් (අල්ලාහ් මාව) දඬුවම් නොකරාවිද? ඒ අවස්ථාවේදී අල්ලාහ් වෙතින් මා හට උදව් කරන්නා කවරෙක්ද? (මෙතරම් දැයක්වත්) ඔබ වටහා ගත යුතු නොවේද?”

وَلَآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ إِنِّى مَلَكٌۭ وَلَآ أَقُولُ لِلَّذِينَ تَزْدَرِىٓ أَعْيُنُكُمْ لَن يُؤْتِيَهُمُ ٱللَّهُ خَيْرًا ۖ ٱللَّهُ أَعْلَمُ بِمَا فِىٓ أَنفُسِهِمْ ۖ إِنِّىٓ إِذًۭا لَّمِنَ ٱلظَّٰلِمِينَ ۝۳١

“අල්ලාහ්ගේ නිධානයන් (සියල්ල) මා වෙත ඇත්තේය යයිද මා ඔබ වෙත පැවසුවේ නැත. මා ගුප්ත දැය දන්නෙකුද නොව. මා මලායිකාවරයෙකු යයි පැවසුවේද නැත. කවුරුන්ව ඔබගේ දෑසට දීන වූවන් වශයෙන් දකින්නේද, ඔවුන්ට අල්ලාහ් කිසිවක් ලබා දෙන්නේ නැතැයිද, මා පවසන්නේ නැත. ඔවුන්ගේ සිත් තුළ ඇති (විශ්වාසය ඔබට වඩා) අල්ලාහ්ම හොඳින් දන්නෙකි. (මෙයට වෙනස්ව යම් කිසිවක් පැවසුවහොත්) නියත වශයෙන්ම මමත් ඒ අවස්ථාවේදීම අපරාධකාරයින්ගෙන් කෙනෙකු බවට පත් වන්නෙමි” (යයිද පැවසුවේය).

قَالُوا۟ يَٰنُوحُ قَدْ جَٰدَلْتَنَا فَأَكْثَرْتَ جِدَٰلَنَا فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ۝۳٢

එයට ඔවුන් “ඕ නූහ්! නියත වශයෙන්ම ඔබ අප සමග තර්ක කරන්නෙහුය. (එයද) අධික වශයෙන්ම අප වෙත තර්ක කළෙහුය. (එබැවින් මින් පසු තර්කයෙන් ඈත් වී දඬුවම පැමිණේවි යයි පැවසීමෙහි) ඔබ (ඇත්තෙන්ම) ඇත්ත කියන්නෙකු වශයෙන් සිටින්නෙහි නම්, ඔබ බිය ගන්වන එය අප වෙත ගෙන එනු” යයි පැවසූහ.

قَالَ إِنَّمَا يَأْتِيكُم بِهِ ٱللَّهُ إِن شَآءَ وَمَآ أَنتُم بِمُعْجِزِينَ ۝۳۳

(එයට) ඔහු “(දඬුවම් ගෙන එන්නා මා නොව); අල්ලාහ්ය. ඔහු අදහස් කළහොත් නියත වශයෙන්ම (ඉතාමත් ඉක්මනින්) එය ඔබට ගෙන එනු ඇත. ඔබට (එය) වැළැක්විය නොහැක” යයි පැවසුවේය.

وَلَا يَنفَعُكُمْ نُصْحِىٓ إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ ٱللَّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ ۝۳٤

තවද “මා ඔබට හොඳ ඔවදන් දීමට අදහස් කළා වුවද, ඔබව දුර්මාර්ගයෙහිම අත්හැර දැමිය යුතුය යයි අල්ලාහ් කැමති වූවේ නම්, මගේ හොඳ ඔවදන් ඔබට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. ඔහුම ඔබව උත්පාදනය කර, පෝෂණය කරන්නාය. (විනිශ්චය දිනදී) ඔහු වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය” (යයිද පැවසුවේය).

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ إِنِ ٱفْتَرَيْتُهُۥ فَعَلَىَّ إِجْرَامِى وَأَنَا۠ بَرِىٓءٌۭ مِّمَّا تُجْرِمُونَ ۝۳٥

(නබියේ! මෙම ඉතිහාසය ගැන) “ඔහු මෙය (බොරු ගොතා) මනක්කල්පිතව පැවසුවේය” යයි ඔවුන් පවසන්නෙහුද? (එසේ නම්), ඔබ මෙසේ පවසනු: “මා එය මනක්කල්පිත කර පැවසුවේ නම්, එම වැරැද්ද මා වෙතම ඇවිත් සේන්දු වනු ඇත. (ඔබ වගකිව යුත්තන් නොව; එසේම) ඔබ (මනක්කල්පිත) කරන වැරදිවලට මා වගකිව යුත්තෙකු නොව”.

وَأُوحِىَ إِلَىٰ نُوحٍ أَنَّهُۥ لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلَّا مَن قَدْ ءَامَنَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا۟ يَفْعَلُونَ ۝۳٦

(නබි) නූහුට වහී දැනුම් දෙන ලදී: “කළින් විශ්වාසය තැබූවන් හැර, (මින් පසු) ඔබගේ ජනතාවගෙන් කිසිවෙකුත් නියත වශයෙන්ම විශ්වාසය තබන්නේම නැත. එබැවින් ඔවුන්ගේ වැඩ කටයුතු ගැන ඔබ දුක් නොවනු”.

وَٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ ۚ إِنَّهُم مُّغْرَقُونَ ۝۳۷

“අපි දැනුම් දෙන්නාක් මෙන් අපගේ ඇස් ඉදිරියේම ඔබ (ලීවලින් වූ) නැවක් සාදනු. අපරාධ කරන්නන් ගැන (මින් පසු) ඔබ මා සමග (මැදිහත් වී) කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුන් (විශාල ජල ගැල්මෙහි) ගිල්වා දමනු ලබන්නෙහුය” (යයිද දැනුම් දෙන ලදී).

وَيَصْنَعُ ٱلْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌۭ مِّن قَوْمِهِۦ سَخِرُوا۟ مِنْهُ ۚ قَالَ إِن تَسْخَرُوا۟ مِنَّا فَإِنَّا نَسْخَرُ مِنكُمْ كَمَا تَسْخَرُونَ ۝۳۸

ඔහු (එම ලී) නැව ඉදි කරමින් සිටින අවස්ථාවේදී ඔහුගේ ජනතාවගේ ප්‍රධානීන් ඒ අසළින් ගිය සෑම විටම ඔහුට සමච්චල් කළහ. එයට ඔහු “ඔබ අපව සමච්චල් කළහොත් ඔබ (මේ අවස්ථාවේදී) අපව සමච්චල් කරන මේ ආකාරයටම නියත වශයෙන්ම (ඉතාමත් ඉක්මනින්) අපිත් ඔබව සමච්චල් කරන්නෙමු” යයි පැවසුවේය.

فَسَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌۭ مُّقِيمٌ ۝۳۹

තවද “අවමන් ගෙන දෙන දඬුවම කවුරුන්ව පැමිණ ළඟා වන්නේද; ස්ථීර වූ දඬුවම කවුරුන් කෙරෙහි ඇත්තේද යන්නද, ඉතා ඉක්මනින් ඔබ (සැකයෙන් තොරව) දැන ගන්නෙහුය” (යයිද පැවසුවේය).

حَتَّىٰٓ إِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلْنَا ٱحْمِلْ فِيهَا مِن كُلٍّۢ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ وَمَنْ ءَامَنَ ۚ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٌۭ ۝٤۰

එබැවින් අපගේ අණ ළඟා වී ලිපෙහි වතුරු උණු වී උතුරණ විට, (නූහුට “සෑම ජීවියෙකුගෙන්ම ගැහැනු පිරිමි) දෙකෙන්ම සමන්විත ජෝඩුවක්ම එහි පටවා ගනු. (විනාශ වී යනු ඇත යන අපගේ) පොරොන්දුව ඇති වූ (ඔබගේ පුතා ආදී) අය හැර, ඔබගේ පවුලේ උදවියද, (අනිත්) විශ්වාසවන්තයින්වද එහි පටවා ගනු” යයි අපි පැවසුවෙමු. ඉතාමත් සුළු මිනිසුන් සංඛ්‍යාවක් හැර, (අන් අය) ඔහු සමග විශ්වාසය තැබුවේ නැත.

۞ وَقَالَ ٱرْكَبُوا۟ فِيهَا بِسْمِ ٱللَّهِ مَجْر۪ىٰهَا وَمُرْسَىٰهَآ ۚ إِنَّ رَبِّى لَغَفُورٌۭ رَّحِيمٌۭ ۝٤١

එයට ඔහු (තමන්ට ලැදි අයට) මෙය යාත්‍රා කිරීමටද, මෙය නතර කිරීමටද බලසම්පන්නයෙකු වන අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය පවසා මෙහි ඔබ නැග ගනු. නියත වශයෙන්ම මගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාව පහළ කරන්නෙකු වශයෙන් සිටින්නේය” යයි පවැසුවේය.

وَهِىَ تَجْرِى بِهِمْ فِى مَوْجٍۢ كَٱلْجِبَالِ وَنَادَىٰ نُوحٌ ٱبْنَهُۥ وَكَانَ فِى مَعْزِلٍۢ يَٰبُنَىَّ ٱرْكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ ٱلْكَٰفِرِينَ ۝٤٢

පසුව එම නැව කඳු වැනි විශාල රළ අතරේ ඔවුන්ව ඔසවාගෙන ගමන ආරම්භ කළේය. (ඒ අවස්ථාවේදී) නූහු තමන්ව අත්හැර ඈත්ව සිටි තම පුතාට “මගේ පුතාණෙනි! අප සමග (විශ්වාසය තබා) ඔබත් (මෙහි) නැග ගනු. (අපගෙන් ඈත් වී) ප්‍රතික්ෂේප කරන්නන් සමග ඔබ නොසිටිනු. (එසේ වුවහොත් ඔබත් ජලයෙහි ගිලී යනු ඇත)” යයි (ශබ්ද නගා) ආරාධනා කළේය.

قَالَ سَـَٔاوِىٓ إِلَىٰ جَبَلٍۢ يَعْصِمُنِى مِنَ ٱلْمَآءِ ۚ قَالَ لَا عَاصِمَ ٱلْيَوْمَ مِنْ أَمْرِ ٱللَّهِ إِلَّا مَن رَّحِمَ ۚ وَحَالَ بَيْنَهُمَا ٱلْمَوْجُ فَكَانَ مِنَ ٱلْمُغْرَقِينَ ۝٤۳

එයට ඔහු “(මෙම විශාල) ජල ගැල්මෙන් බේරීමට හැකි උස කන්ඳක් මතට මා නැග බේරෙන්නෙමි” යයි පැවසුවේය. එයට ඔහු “අල්ලාහ් දයාව පහළ කළහොත් මිස, ඔහුගේ නියෝගයෙන් බේරීමට අද කිසිවෙකුටත් නොහැකිය” යයි පැවසුවේය. (එවිට) ඔවුන් අතරේ එක් (විශාල) රළක් නැග හරස් වුනේය. ඔහුද ගිලී ගිය අය සමග ගිලී ගියේය.

وَقِيلَ يَٰٓأَرْضُ ٱبْلَعِى مَآءَكِ وَيَٰسَمَآءُ أَقْلِعِى وَغِيضَ ٱلْمَآءُ وَقُضِىَ ٱلْأَمْرُ وَٱسْتَوَتْ عَلَى ٱلْجُودِىِّ ۖ وَقِيلَ بُعْدًۭا لِّلْقَوْمِ ٱلظَّٰلِمِينَ ۝٤٤

පසුව “ඕ භූමිය! ඔබ ඔබගේ ජලය ගිල දමනු. ඕ අහස! (වැස්ස වැසීම) නතර කර ගනු” යයි නියෝගයක් නිකුත් කළ වහාම ජලය සිඳී (ගියේය. මේ අතරේ ඔවුන් විනාශ වී ඔවුන්ගේ) කාරණාව අවසන් වී ගියේය. (එම ලී නැව) ජූදි (නමැති කන්දෙ)හි රැඳී සියේය. අපරාධ කළ ජනතාවට (මෙවැනි) විනාශයයි” යයි (ලොව පුරා) ප්‍රචලිත කෙරිණි.

وَنَادَىٰ نُوحٌۭ رَّبَّهُۥ فَقَالَ رَبِّ إِنَّ ٱبْنِى مِنْ أَهْلِى وَإِنَّ وَعْدَكَ ٱلْحَقُّ وَأَنتَ أَحْكَمُ ٱلْحَٰكِمِينَ ۝٤٥

(නූහු නබිගේ පුතා ඔහුව අත්හැර දමා ප්‍රතික්ෂේප කරන්නන් සමග ගිය වහාම ඔහුද විනාශ වී යනු ඇතැයි බිය වී) නූහු තම දෙවියන්ට “මගේ දෙවියනේ! මගේ පුතා මගේ පවුලේ අයෙකි! (ඔබම මගේ පවුලේ උදවියව බේරා දෙන බවට පොරොන්දු දී ඇත්තෙහිය). නියත වශයෙන්ම ඔබගේ පොරොන්දුව සත්‍යයකි. විනිශ්චය කරන්නන්ගෙන් ඔබ ඉතාමත් උසස් විනිශ්චයකරුවෙකි” යයි (ශබ්ද නගා) පැවසුවේය.

قَالَ يَٰنُوحُ إِنَّهُۥ لَيْسَ مِنْ أَهْلِكَ ۖ إِنَّهُۥ عَمَلٌ غَيْرُ صَٰلِحٍۢ ۖ فَلَا تَسْـَٔلْنِ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ ۖ إِنِّىٓ أَعِظُكَ أَن تَكُونَ مِنَ ٱلْجَٰهِلِينَ ۝٤٦

එයට ඔහු “ඕ නූහ්! නියත වශයෙන්ම ඔහු ඔබගේ පවුලේ කෙනෙකු නොව; නියත වශයෙන්ම ඔහු නපුරු ක්‍රියාවන්ම කරමින් සිටියේය. (නපුරු ක්‍රියාවෙහි යෙදෙන්නා ඔබගේ පවුලේ කෙනෙකු නොව). එබැවින් ඔබ නොදන්නා කාරණාවන් ගැන මා වෙත (තර්ක කර), නොවිමසනු. නොදැනුවත් අයගෙන් කෙනෙකු බවට ඔබත් පත් නොවනු යයි මා නියත වශයෙන්ම ඔබට හොඳ ඔවදන් දෙන්නෙමි”යයි පවැසුවේය.

قَالَ رَبِّ إِنِّىٓ أَعُوذُ بِكَ أَنْ أَسْـَٔلَكَ مَا لَيْسَ لِى بِهِۦ عِلْمٌۭ ۖ وَإِلَّا تَغْفِرْ لِى وَتَرْحَمْنِىٓ أَكُن مِّنَ ٱلْخَٰسِرِينَ ۝٤۷

එයට ඔහු “මගේ දෙවියනේ! මා නොදන්නා කාරණාවන් ගැන (මින් පසු) ඔබගෙන් නොවිමසන ලෙසට මා ඔබ වෙතින් ප්‍රාර්ථනා කරන්නෙමි. ඔබ මාව ක්ෂමා කර, ඔබ මා හට කරුණාව නොදැක්වුවහොත් නියත වශයෙන්ම මමද පරාජිතයින්ගෙන් කෙනෙකු බවට පත් වන්නෙමි” යයි පැවසුවේය.

قِيلَ يَٰنُوحُ ٱهْبِطْ بِسَلَٰمٍۢ مِّنَّا وَبَرَكَٰتٍ عَلَيْكَ وَعَلَىٰٓ أُمَمٍۢ مِّمَّن مَّعَكَ ۚ وَأُمَمٌۭ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٌۭ ۝٤۸

(ජල ගැල්මෙන් ඇති වූ ජලය සිඳී නූහු නබිගේ ලී නැව ජූදි නමැති කන්ඳ මත රැඳී සිටි වහාම නූහුට) “ඕ නූහ්! අපගේ ශාන්තිය සමග (ලී නැවෙන්) ඔබ බැස ගනු. ඔබ කෙරෙහිද, ඔබ සමග සිටින අනිත් ජනතාව කෙරෙහිද ඉමහත් වූ භාග්‍යයන් ඇති වනු මැනව! (පසු කලකදී ඔබගේ) පරම්පරාවේ දරුවන් (විශාල ලෙස බෝවනු ඇත. මෙලොවදී) අපි ඔවුන්ව නියත වශයෙන්ම සැප සම්පත් බුක්ති විඳීමට සලස්වන්නෙමු. පසුව (ඔවුන්ගෙන් බොහොමයක් දෙනා පාපයන් කිරීමට ඉදිරිපත් වී, එමගින්) ඔවුන්ව අපගේ වේදනා ගෙන දෙන දඬුවම පැමිණ සේන්දු වනු අත” යයි කියන ලදී.

تِلْكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهَآ إِلَيْكَ ۖ مَا كُنتَ تَعْلَمُهَآ أَنتَ وَلَا قَوْمُكَ مِن قَبْلِ هَٰذَا ۖ فَٱصْبِرْ ۖ إِنَّ ٱلْعَٰقِبَةَ لِلْمُتَّقِينَ ۝٤۹

(නබියේ!) මෙය (ඔබට) සැඟවුණු ඉතිහාසයන්ගෙන් ඇති එකක් වන්නේය. වහී මගින්ම අපි මෙය ඔබට දැනුම් දුන්නෙමු. මෙයට පෙර ඔබ හෝ නැතහොත් ඔබගේ ජනතාව හෝ මෙය දැන සිටියේ නැත. එබැවින් (නබියේ! නූහු මෙන් ඔබත් අමාරුකම් විඳ දරාගෙන) ඉවසීමෙන් සිටිනු. නියත වශයෙන්ම (හොඳ) අවසානය භය භක්තිකයින්ටය.

وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًۭا ۚ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ ۖ إِنْ أَنتُمْ إِلَّا مُفْتَرُونَ ۝٥۰

ආද් (නමැති) ජනතාව වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව (අපගේ දූතයා වශයෙන්) යැව්වෙමු. (ඔවුන්ට) ඔහු මෙසේ පවැසුවේය: “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහු හැර වෙන දෙවියෙකු ඔබට නැත. (වෙනත් දෙවියෙකු සිටින්නේය යයි පවසන) ඔබ මනක්කල්පිතව බොරු ගොතා පවසන්නන්ය”.

يَٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱلَّذِى فَطَرَنِىٓ ۚ أَفَلَا تَعْقِلُونَ ۝٥١

“මගේ ජනතාවෙනි! මේ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලිය මාව උත්පාදනය කළ අය වෙතම මිස, (වෙන කිසිවෙකු වෙත) නැත. (මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවේද?”

وَيَٰقَوْمِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًۭا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا۟ مُجْرِمِينَ ۝٥٢

“මගේ ජනතාවෙනි! ඔබ ඔබගේ දෙවියන් වෙතින් පව් සමාව ඉල්ලා (පසුතැවිලි වී) ඔහු දෙසටම හැරෙනු. (ඔහු වළක්වා ඇති) වැස්ස ඔබ කෙරෙහි ඉතාමත් අධික වශයෙන් වැසීමට සලස්වනු ඇත. ඔබගේ ශක්තිය නැවත (නැවතත්) ඔබට වැඩි කරනු ඇත. එබැවින් ඔබ ඔහුව ප්‍රතික්ෂේප කර, වැරදි නොකරනු” (යයිද පැවසුවේය).

قَالُوا۟ يَٰهُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍۢ وَمَا نَحْنُ بِتَارِكِىٓ ءَالِهَتِنَا عَن قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ ۝٥۳

එයට ඔවුන් “ඕ හූද්! ඔබ (අපි කැමති ආකාරයට) යම්කිසි සාධකයක් අප වෙත ගෙන ආවේ නැත. ඔබගේ වදන වෙනුවෙන් අපි අපගේ දෙවිවරුන්ව අත්හැර දමන්නේ නැත. ඔබව අපි විශ්වාස කරන්නේද නැත” යයි පැවසූහ.

إِن نَّقُولُ إِلَّا ٱعْتَرَىٰكَ بَعْضُ ءَالِهَتِنَا بِسُوٓءٍۢ ۗ قَالَ إِنِّىٓ أُشْهِدُ ٱللَّهَ وَٱشْهَدُوٓا۟ أَنِّى بَرِىٓءٌۭ مِّمَّا تُشْرِكُونَ ۝٥٤

(තවද) “අපගේ සමහර දෙවිවරුන් ඔබට හානියක් ඇති කර දැමුවේය. (එමගින් ඔබ මනස අවුල් වී ගියේය!) යන්න මිස, (ඔබ ගැන) අපි වෙන කීමට කිසිවක් නැත” (යයිද පැවසූහ). එයට ඔහු “ඇත්තෙන්ම මා අල්ලාහ්ව සාක්ෂියට තබන්නෙමි. නියත වශයෙන්ම මා (ඔහු හැර), ඔබ සමානයන් තබා නමදින දැයෙන් ඈත් වූවෙමි. (මෙයට) ඔබත් සාක්ෂි වශයෙන් සිටිනු” යයි පැවසුවේය.

مِن دُونِهِۦ ۖ فَكِيدُونِى جَمِيعًۭا ثُمَّ لَا تُنظِرُونِ ۝٥٥

“(එබැවින්) ඔහු හැර, ඔබ සියල්ලන්ම එකට එක්කාසු වී මා හට (කළ හැකි) කුමන්ත්‍රණයක් කර බලනු. (මෙහි) ඔබ මා හට පොඩියක් හෝ අවකාශයක් නොදෙනු”.

إِنِّى تَوَكَّلْتُ عَلَى ٱللَّهِ رَبِّى وَرَبِّكُم ۚ مَّا مِن دَآبَّةٍ إِلَّا هُوَ ءَاخِذٌۢ بِنَاصِيَتِهَآ ۚ إِنَّ رَبِّى عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ۝٥٦

“නියත වශයෙන්ම මා මගේ කාරණාවන් සියල්ල මාවද, ඔබවද උත්පාදනය කර, ආරක්ෂා කරන්නා වන අල්ලාහ් වෙතම බාර කළෙමි. සෑම ජීවියෙකුගේම ඉදිරි කුඩුම්බියද ඔහුම අල්ලාගෙන සිටින්නේය. නියත වශයෙන්ම මගේ දෙවියන් (නීතියේ) ඍජු මාර්ගයෙහිම සිටින්නේය”.

فَإِن تَوَلَّوْا۟ فَقَدْ أَبْلَغْتُكُم مَّآ أُرْسِلْتُ بِهِۦٓ إِلَيْكُمْ ۚ وَيَسْتَخْلِفُ رَبِّى قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّونَهُۥ شَيْـًٔا ۚ إِنَّ رَبِّى عَلَىٰ كُلِّ شَىْءٍ حَفِيظٌۭ ۝٥۷

“ඔබ මාව ප්‍රතික්ෂේප කරන්නේ නම්, (ඒ ගැන මා දුක් වන්නේ නැත. මන්දයත්) මා ඔබ වෙත කුමක් සඳහා යවනු ලැබුවේද, එය නියත වශයෙන්ම මා ඔබට ගෙනහැර දැක්වූවෙමි. (ඔබව විනාශ කර දමා), ඔබ නොවන වෙනත් ජනතාවන් මගේ දෙවියන් ඔබගේ ස්ථානයෙහි තබනු ඇත. (මේ වෙනුවෙන්) ඔබ ඔහුට කිසිම හානියක් කළ නොහැක. නියත වශයෙන්ම මගේ දෙවියන් සියල්ල ආරක්ෂා කරන්නෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් ඔහු මාවද බේරා ගනු ඇත” යයිද පැවසුවේය).

وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا هُودًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَنَجَّيْنَٰهُم مِّنْ عَذَابٍ غَلِيظٍۢ ۝٥۸

(මින් පසුවද ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කර හැරියහ. එබැවින්) අපගේ (දඬුවමෙහි) නියෝගය පැමිණි අවස්ථාවේදී හූද්වද, ඔහු සමග විශ්වාසය තැබූවන්වද අපගේ දයාවෙන් බේරාගෙන, දරුණු දඬුවමෙන්ද අපි ඔවුන්ව බේරා ගත්තෙමු.

وَتِلْكَ عَادٌۭ ۖ جَحَدُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ وَعَصَوْا۟ رُسُلَهُۥ وَٱتَّبَعُوٓا۟ أَمْرَ كُلِّ جَبَّارٍ عَنِيدٍۢ ۝٥۹

(නබියේ!) මෙය ආද් ජනතාවගේ (ඉතිහාසය වන්නේය). ඔවුන් තමන්ගේ දෙවියන්ගේ සාධකයන් ප්‍රතික්ෂේප කර, (ඔවුන් වෙත යවනු ලැබූ) ඔහුගේ දූතයින්ට වෙනස්කම් කළහ. තවද මුරණ්ඩුකමෙන් යුත් නපුරු අය සියල්ලන්ගේ (නපුරු) දේශනාවන්ද ඔවුන් අනුගමනය කළහ.

وَأُتْبِعُوا۟ فِى هَٰذِهِ ٱلدُّنْيَا لَعْنَةًۭ وَيَوْمَ ٱلْقِيَٰمَةِ ۗ أَلَآ إِنَّ عَادًۭا كَفَرُوا۟ رَبَّهُمْ ۗ أَلَا بُعْدًۭا لِّعَادٍۢ قَوْمِ هُودٍۢ ۝٦۰

මෙලොවදී (අල්ලාහ්ගේ) ශාපය ඔවුන් පසුපස එළවන්නේය. විනිශ්චය දිනදීද (ඒ අන්දමටය!) නියත වශයෙන්ම ආද් ජනතාව තමන්ගේ දෙවියන්ට වෙනස්කම් කළහ යන්නද හූද් (නබි)ගේ ජනතාව වන ආද්වරුන්ටද විපතකි යන්නද දැන ගනු.

۞ وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَٰلِحًۭا ۚ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ ۖ هُوَ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَٱسْتَعْمَرَكُمْ فِيهَا فَٱسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى قَرِيبٌۭ مُّجِيبٌۭ ۝٦١

සමූද් (නමැති ජනතාව) වෙත ඔහුගේ සහෝදර සාලිහ් (අපගේ දූතයා වශයෙන් යැව්වෙමු). ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔබට ඔහු හැර, වෙන කිසිම දෙවියෙකු නැත. ඔහුම ඔබව භූමියෙන් උත්පාදනය කළේය. එහිම ඔහු ඔබව ජීවත් වීමටද සැලැස්සුවේය. එබැවින් ඔබ, ඔහු වෙතම සමාව ඉල්ලා ඔහු දෙසටම හැරෙනු. නියත වශයෙන්ම මගේ දෙවියන් (ඔබට) ඉතාමත් සමීපස්තයෙකු වශයෙන්ද, (ප්‍රාර්ථනාවන්) බාර ගන්නෙකු වශයෙන්ද සිටින්නේය” යයි පැවසුවේය.

قَالُوا۟ يَٰصَٰلِحُ قَدْ كُنتَ فِينَا مَرْجُوًّۭا قَبْلَ هَٰذَآ ۖ أَتَنْهَىٰنَآ أَن نَّعْبُدَ مَا يَعْبُدُ ءَابَآؤُنَا وَإِنَّنَا لَفِى شَكٍّۢ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ مُرِيبٍۢ ۝٦٢

එයට ඔවුන් (සාලිහ් නබිට) “ඕ සාලිහ්! මීට පෙර නම්, ඔබ අපගේ විශ්වාසයට අයත් කෙනෙකු වශයෙන් සිටියෙහිය. අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෙවිවරුන්ව අපි නොනැමදිය යුතුය යයි ඔබ අපව වළක්වන්නෙහිද? ඔබ අපව කුමක් කෙරෙහි ආරාධනා කරන්නෙහිද, ඒ ගැන නියත වශයෙන්ම අපි ඉමහත් සැකයෙහිම සිටින්නෙමු” යයි පැවසූහ.

قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَءَاتَىٰنِى مِنْهُ رَحْمَةًۭ فَمَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِنْ عَصَيْتُهُۥ ۖ فَمَا تَزِيدُونَنِى غَيْرَ تَخْسِيرٍۢ ۝٦۳

එයට ඔහු “මගේ ජනතාවෙනි! මා මගේ දෙවියන්ගේ පැහැදිලි සාධකයන් මත සිටියදී, ඔහු තම සන්නිධානයෙන් (නබිත්වයද) පහළ කරමින් සිටියදී, මා ඔහුට වෙනස්කම් කළහොත් (ඔහු මා හට දඬුවම් නොකරාවිද? ඒ අවස්ථාවේදී) අල්ලාහ් වෙත මා හට උදව් කරන්නා කවරෙක්ද යන්න ඔබ අවධානය කළෙහිද? ඔබ නම්, මා හට පරාජය මිස, (වෙන කිසිවක්) වැඩි කර දෙන්නේ නැත” යයි පැවසුවේය.

وَيَٰقَوْمِ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمْ ءَايَةًۭ فَذَرُوهَا تَأْكُلْ فِىٓ أَرْضِ ٱللَّهِ وَلَا تَمَسُّوهَا بِسُوٓءٍۢ فَيَأْخُذَكُمْ عَذَابٌۭ قَرِيبٌۭ ۝٦٤

තවද “මගේ ජනතාවෙනි! අල්ලාහ්ගේ එක් ඔටු දෙනකි. ඔබට මෙය සාධකයක් වශයෙන්ම පහළ කර ඇත්තේය. එබැවින් අල්ලාහ්ගේ භූමියෙහි (ඌ කැමති ස්ථානයක) උලා කෑමට අත්හැර දමනු. ඌට යම්කිසි හානියක් කිරීමට (අදහස් කර), ඌව ස්පර්ශ නොකරනු. එසේ කළහොත් ඉතාමත් ඉක්මනින් දඬුවම ඔබව අල්ලා ගනු ඇත” (යයිද පැවසුවේය).

فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُوا۟ فِى دَارِكُمْ ثَلَٰثَةَ أَيَّامٍۢ ۖ ذَٰلِكَ وَعْدٌ غَيْرُ مَكْذُوبٍۢ ۝٦٥

එහෙත් ඔවුන් (ඔහුගේ නියෝගයට වෙනස්කම් කර), උගේ (කකුලේ නහර) කපා දැමූහ. එබැවින් ඔහු (ඔවුන්ට “මින් පසුව) දින තුනක් දක්වා ඔබගේ නිවෙස්හි (සිටිමින්) ඔබ සැප විඳිය හැකිය. (ඉන් පසුව අල්ලාහ්ගේ දඬුවම ඔබ වෙත පැමිණ සේන්දු වනු ඇත). මෙය නොවරදින පොරොන්දුවක් වන්නේය” යයි පැවසුවේය.

فَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا صَٰلِحًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَمِنْ خِزْىِ يَوْمِئِذٍ ۗ إِنَّ رَبَّكَ هُوَ ٱلْقَوِىُّ ٱلْعَزِيزُ ۝٦٦

(ද`ඩුවම ගැන වූ) අපගේ නියෝගයට (අනුව දඬුවම) පැමිණි විට සාලිහ්වද, ඔහු සමග විශ්වාසය තැබූවන්වද, (දඬුවමෙන්ද) එදින අවමානයෙන්ද අපගේ දයාව මගින් අපි බේරා ගත්තෙමු. (නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ශක්තිවන්තයෙකු හා (සියල්ලට) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

وَأَخَذَ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَٰرِهِمْ جَٰثِمِينَ ۝٦۷

එබැවින් සීමාව ඉක්මවූවන්ව හෙණ හඞ අල්ලා ගත්තේය. ඔවුන් තමන්ගේ නිවෙස්හි සිටි ආකාරයටම මැරී වැටී සිටියදී හිරු උදා විය.

كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ ۗ أَلَآ إِنَّ ثَمُودَا۟ كَفَرُوا۟ رَبَّهُمْ ۗ أَلَا بُعْدًۭا لِّثَمُودَ ۝٦۸

(එයට පෙර) එහි ඔවුන් කිසි කලෙක වාසය නොකළාක් මෙන් (කිසිම සළකුණක් නොමැතිව විනාශ වී ගියහ). නියත වශයෙන්ම සමූද් ජනතාව තම දෙවියන්ව ප්‍රතික්ෂේප කර හැරියහ. එම සමූද් ජනතාව කෙරෙහි ශාපය ඇති විය යන්න දැන ගනු.

وَلَقَدْ جَآءَتْ رُسُلُنَآ إِبْرَٰهِيمَ بِٱلْبُشْرَىٰ قَالُوا۟ سَلَٰمًۭا ۖ قَالَ سَلَٰمٌۭ ۖ فَمَا لَبِثَ أَن جَآءَ بِعِجْلٍ حَنِيذٍۢ ۝٦۹

නියත වශයෙන්ම (මලායිකාවරුන්ගෙන්) අපගේ දූතයින් වන ඉබ්රාහීම්ට ශුභාරංචි ගෙනැවිත් “(ඔබට) ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි පවැසූහ. (ඉබ්රාහීම් එයට පිළිතුරු වශයෙන් “ඔබටත්) ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි පැවසීමෙන් අනතුරුව පොඩියක් හෝ ප්‍රමාද නොවී (කුර්බාන් කර) තෙලෙන් බදින ලද වසු පැටවෙකුගේ මස් ගෙනැවිත් (ඔවුන් ඉදිරියේ) තැබුවේය.

فَلَمَّا رَءَآ أَيْدِيَهُمْ لَا تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةًۭ ۚ قَالُوا۟ لَا تَخَفْ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمِ لُوطٍۢ ۝۷۰

ඔවුන්ගේ අත් එය වෙත නොයනු ඔහු දුටු වහාම ඔවුන් ගැන සැක සිතූහ. ඔවුන් ගැන බියක්ද ඔහුගේ මනසෙහි හොල්මන් කරන්නට විය. (ඒ අවස්ථාවේදී) ඔවුන් (ඉබ්රාහීම්ට) “ඔබ බිය නොවනු. නියත වශයෙන්ම අපි ලුත්ගේ ජනතාව වෙත (ඔවුන්ව විනාශ කර දැමීමට) යවනු ලැබ ඇත්තෙමු” යයි පැවසූහ.

وَٱمْرَأَتُهُۥ قَآئِمَةٌۭ فَضَحِكَتْ فَبَشَّرْنَٰهَا بِإِسْحَٰقَ وَمِن وَرَآءِ إِسْحَٰقَ يَعْقُوبَ ۝۷١

(ඒ අවස්ථාවේදී එහි) සිටගෙන සිටිමින් සිටි ඔහුගේ බිරිඳ (ලුත් නබිගේ ජනතාව කරමින් සිටින නපුරු කාරණාවන් ගැන ඇසී) සිනාසුනාය. නමුත් ඒ අවස්ථාවේදීම ඇයට ඉස්හාක් (නමැති පුතෙකු) ගැනද, ඉස්හාක්ට පසු යාකූබ් (නමැති මුණුබුරෙකු ඉපදීමට යාම) ගැනද ශුභාරංචි පැවසුවෙමු.

قَالَتْ يَٰوَيْلَتَىٰٓ ءَأَلِدُ وَأَنَا۠ عَجُوزٌۭ وَهَٰذَا بَعْلِى شَيْخًا ۖ إِنَّ هَٰذَا لَشَىْءٌ عَجِيبٌۭ ۝۷٢

එයට ඇය “මගේ ශෝකය! (මාස් සුද්ධිය නැවතී) මා මැහැළියක් වශයෙන්ද, මගේ මෙම ස්වාමිපුරුෂයා මහල්ලෙකු වශයෙන්ද වූවායින් පසුවද මා (ගැබ් ගෙන) දරුවෙකු ප්‍රසූත කරන්නේ! නියත වශයෙන්ම මෙය මහා පුදුමයකි!” යයි කීවාය.

قَالُوٓا۟ أَتَعْجَبِينَ مِنْ أَمْرِ ٱللَّهِ ۖ رَحْمَتُ ٱللَّهِ وَبَرَكَٰتُهُۥ عَلَيْكُمْ أَهْلَ ٱلْبَيْتِ ۚ إِنَّهُۥ حَمِيدٌۭ مَّجِيدٌۭ ۝۷۳

එයට ඔවුන් අල්ලාහ්ගේ ශක්තිය ගැන ඔබ පුදුම වන්නෙහිද? අල්ලාහ්ගේ දයාවද, ඔහුගේ භාග්‍යයන්ද, (ඉබ්රාහීම්ගේ) මෙම නිවසේ සිටින ඔබ කෙරෙහි ඇත්තේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ප්‍රශංසාහායදැයව හා ගෞරවාවින්තවද සිටින්නේය” යයි පැවසූහ.

فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَٰهِيمَ ٱلرَّوْعُ وَجَآءَتْهُ ٱلْبُشْرَىٰ يُجَٰدِلُنَا فِى قَوْمِ لُوطٍ ۝۷٤

ඉබ්රාහීම්ගේ තිගැස්සීම පහ වී ශුභාරංචි ලැබුනායින් පසු ලුත්ගේ ජනතාව (විනාශ කර දැමීම) ගැන ඔහු අපගේ (මලායිකාවරුන් සමග) තර්ක කිරීමට ආරම්භ කළේය.

إِنَّ إِبْرَٰهِيمَ لَحَلِيمٌ أَوَّٰهٌۭ مُّنِيبٌۭ ۝۷٥

නියත වශයෙන්ම ඉබ්රාහීම් ඉතාමත් උණුවන සිතක් ඇත්තෙකු වශයෙන්ද, ආදරයෙන් යුතු කෙනෙකු වශයෙන්ද (මෙයට පෙර) අප දෙසටම හැරුණු කෙනෙකු වශයෙන්ද සිටියේය.

يَٰٓإِبْرَٰهِيمُ أَعْرِضْ عَنْ هَٰذَآ ۖ إِنَّهُۥ قَدْ جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَإِنَّهُمْ ءَاتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍۢ ۝۷٦

(එබැවින් එම මලායිකාවරුන් ඉබ්රාහීම්ට) “ඕ ඉබ්රාහීම්! ඔබ මේ (ගැන තර්ක නොකර) ප්‍රතික්ෂේප කර හරිනු. නියත වශයෙන්ම (ඔවුන්ව විනාශ කර දැමීමට) ඔබගේ දෙවියන්ගේ නියෝගය නිකුත් විය. තවද නියත වශයෙන්ම ඔවුන් විසින් වැළැක්විය නොහැකි දඬුවම ඔවුන් වෙත පැමිණ සේන්දු වනු ඇත” (යයි පැවසූහ).

وَلَمَّا جَآءَتْ رُسُلُنَا لُوطًۭا سِىٓءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًۭا وَقَالَ هَٰذَا يَوْمٌ عَصِيبٌۭ ۝۷۷

(ඉබ්රාහීම් වෙතින්) අපගේ මලායිකාවරුන් ලුත් වෙත පැමිණි අවස්ථාවේදී ඔහු (එම මලායිකාවරුන්ට තම ජනතාවගෙන් කෙසේ නම් ආරක්ෂා කර ගන්නේදැයි) දුකට පත් වී ඔහුගේ සිත හැකිළී “මෙය ඉතාමත් දුක්ඛිත දිනයකි” යයි පැවසුවේය.

وَجَآءَهُۥ قَوْمُهُۥ يُهْرَعُونَ إِلَيْهِ وَمِن قَبْلُ كَانُوا۟ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ ۚ قَالَ يَٰقَوْمِ هَٰٓؤُلَآءِ بَنَاتِى هُنَّ أَطْهَرُ لَكُمْ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَلَا تُخْزُونِ فِى ضَيْفِىٓ ۖ أَلَيْسَ مِنكُمْ رَجُلٌۭ رَّشِيدٌۭ ۝۷۸

(මේ අතර) ඔහුගේ ජනතාව දිව ආවාහ. මීට පෙරද ඔවුන් නපුරු කාරණාවන්ම කරමින් සිටියහ. (මේ අදහසින්ම ඔවුන් වෙත, ඔවුන් පැමිණියහ). එයට (ලුත් නබි ඔවුන්ට) “මගේ ජනතාවෙනි! මෙන්න මගේ දියණියන් සිටින්නාහ. (ඔවුන්ව විවාහ කර ගැනීම) ඔබට ඉතාමත් පරිශුද්ධ දැයකි. අල්ලාහ්ට ඔබ බිය වනු. මගේ අමුත්තන්ගේ කාරණාවෙහි මාව ඔබ අවමන් කර නොදමනු. (ඔබට හොඳ ඔවදන් ලබා දෙන) හොඳ මිනිසුන් එක් කෙනෙකුවත් ඔබ වෙත නැත්තේද?”යි විමසුවේය.

قَالُوا۟ لَقَدْ عَلِمْتَ مَا لَنَا فِى بَنَاتِكَ مِنْ حَقٍّۢ وَإِنَّكَ لَتَعْلَمُ مَا نُرِيدُ ۝۷۹

එයට ඔවුන් “ඔබගේ දියණියන් වෙත අපට කිසිම අයිතියක් නැත යන්න ඔබ හොඳින් දන්නෙහිය. අපි කැමති වන්නේ කුමක්ද යන්නද නියත වශයෙන්ම ඔබ හොඳින් දන්නෙහිය” යයිද පැවසූහ.

قَالَ لَوْ أَنَّ لِى بِكُمْ قُوَّةً أَوْ ءَاوِىٓ إِلَىٰ رُكْنٍۢ شَدِيدٍۢ ۝۸۰

එයට ඔහු “ඔබලාව වැළැක්වීමට ප්‍රමාණවත් ශක්තිය මට තිබිය යුතු නොවේද? නැතහොත් (ඔබව වැළැක්විය හැකි) ශක්තිමත් පිහිට ආධාරයක් මා අත් කර ගත යුතු නොවේද?”යි (ඉතාමත් දුකෙන් බරව) පැවසුවේය.

قَالُوا۟ يَٰلُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوٓا۟ إِلَيْكَ ۖ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍۢ مِّنَ ٱلَّيْلِ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ إِلَّا ٱمْرَأَتَكَ ۖ إِنَّهُۥ مُصِيبُهَا مَآ أَصَابَهُمْ ۚ إِنَّ مَوْعِدَهُمُ ٱلصُّبْحُ ۚ أَلَيْسَ ٱلصُّبْحُ بِقَرِيبٍۢ ۝۸١

(එයට ලුත්ගේ අමුත්තන් ඔහුට) “ඕ ලුත්! නියත වශයෙන්ම අපි ඔබගේ දෙවියන් විසින් එවන ලද මලායිකාවරුන් වන්නෙමු. මොවුන් නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ සේන්දු විය නොහැක. (අද) රාත්‍රියෙහි සුළු කොටසක් ඉතිරිව තිබියදී ඔබ, ඔබගේ පවුලේ අය සමග (මෙතැනින්) පිට වී යනු. (ඔබගේ වදන නොඅසන) ඔබගේ බිරිඳ හැර, ඔබගෙන් කිසිවෙකුත් ඔවුන්ව හැරීවත් නොබලනු. ඔවුන්ව අල්ලා ගන්නා දඬුවම නියත වශයෙන්ම ඇයවද අල්ලා ගනු ඇත. (දඬුවම පැමිණි වහාම) නියත වශයෙන්ම මොවුන්ට පොරොන්දු දෙන ලද කාලය අළුයම් කාලය වන්නේය. අළුයම් කාලය සමීප වූවේ නැද්ද?”යි විමසූහ.

فَلَمَّا جَآءَ أَمْرُنَا جَعَلْنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهَا حِجَارَةًۭ مِّن سِجِّيلٍۢ مَّنضُودٍۢ ۝۸٢

අපගේ නියෝගයෙහි (කාලය) පැමිණි වහාම ඔවුන්ගේ ගම උඩ යටිකුරු කර පෙරළා දැමුවෙමු. තවද (එයට පෙර) ඔවුන් කෙරෙහි පුළුස්සන ලද ගඩොල් කැට වලින් (වැස්සක් මෙන්) වසින්නට සැලැස්සුවෙමු.

مُّسَوَّمَةً عِندَ رَبِّكَ ۖ وَمَا هِىَ مِنَ ٱلظَّٰلِمِينَ بِبَعِيدٍۢ ۝۸۳

(වීසි කරන ලද සෑම ගඩොල් කැටයකම) ඔබගේ දෙවියන් විසින් සළකුණු කරනු ලැබ තිබුණි. (පෙරළා දමනු ලැබූ) එම ගම (මක්කාවෙහි වෙසෙන) මෙම අපරාධකාරයින්ට ගොඩාක් දුර නොව. (කැමති වුවහොත් එය මොවුන්ට කෙළින්ම ගොස් බැලිය හැකිය).

۞ وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًۭا ۚ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ ۖ وَلَا تَنقُصُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ ۚ إِنِّىٓ أَرَىٰكُم بِخَيْرٍۢ وَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍۢ مُّحِيطٍۢ ۝۸٤

මද්යන් (නමැති රට)වැසියන්ට ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව (අපගේ දූතයා වශයෙන් යැව්වෙමු). ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහු හැර වෙන කිසිම දෙවියෙකු ඔබට නැත. මිනුමද කිරුමද අඩු නොකරනු. ඔබ හොඳ තත්වයක සිටීමම මා දකින්නෙමි. (එසේ තිබියදී මිනුමද කිරුමද අඩු කර, කුමක් නිසා වංචා කරන්නෙහුද? එසේ කළහොත්) නියත වශයෙන්ම (ඔබව) වට කර ගත හැකි දඬුවම එක් දිනකදී ඔබ වෙත පැමිණ සේන්දු වනු ඇතැයි මා බිය වන්නෙමි.

وَيَٰقَوْمِ أَوْفُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِ ۖ وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ ۝۸٥

“තවද මගේ ජනතාවෙනි! මිනුමද කිරුමද සාධාරණ ලෙසම පූරණය කර තබනු. මිනිසුන්ට (දිය යුතු) ඔවුන්ගේ භාණ්ඩ අඩු නොකරනු. භූමියෙහි අපරාධ කරමින් සැරි සැරීම නොකරනු.

بَقِيَّتُ ٱللَّهِ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ۚ وَمَآ أَنَا۠ عَلَيْكُم بِحَفِيظٍۢ ۝۸٦

“ඔබ (ඇත්තෙන්ම) විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම්, (ඔබගේ ව්‍යාපාරයෙහි ලාභ වශයෙන්) අල්ලාහ් ඉතිරි කර දීමම ඔබට ඉතාමත් උසස් වන්නේය. මා ඔබව අවධානය කරන්නෙකු නොව. (අල්ලාහ්ම ඔබව අවධානය කරන්නෙකු වන්නේය. එබැවින් ඔහුට ඔබ බිය වී කටයුතු කරනු)” යයි පැවසුවේය.

قَالُوا۟ يَٰشُعَيْبُ أَصَلَوٰتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ ءَابَآؤُنَآ أَوْ أَن نَّفْعَلَ فِىٓ أَمْوَٰلِنَا مَا نَشَٰٓؤُا۟ ۖ إِنَّكَ لَأَنتَ ٱلْحَلِيمُ ٱلرَّشِيدُ ۝۸۷

එයට ඔවුන් “ඕ ෂුඅයිබ්! අපි, අපගේ මුතුන් මිත්තන් නැමදූ දෙවිවරුන්ව අත්හැර දමන මෙන්ද, අපි අපගේ වස්තූන්ගෙන් අපේ කැමැත්තට අනුව කටයුතු කිරීම අත්හැර දමන මෙන්ද, (ඔබ අපට නියෝග කරන ලෙසද) ඔබගේ සලාතයද ඔබව පොළඹ වන්නේ? නියත වශයෙන්ම ඔබ ඉතාමත් කරුණාවෙන් යුතු ඍජු කෙනෙකි!” යයි (සමච්චලයෙන් මෙන්) පැවසූහ.

قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَرَزَقَنِى مِنْهُ رِزْقًا حَسَنًۭا ۚ وَمَآ أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَىٰ مَآ أَنْهَىٰكُمْ عَنْهُ ۚ إِنْ أُرِيدُ إِلَّا ٱلْإِصْلَٰحَ مَا ٱسْتَطَعْتُ ۚ وَمَا تَوْفِيقِىٓ إِلَّا بِٱللَّهِ ۚ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ ۝۸۸

එයට ඔහු “මගේ ජනතාවෙනි! මගේ දෙවියන්ගේ පැහැදිලි සාධකයන් මත මා සිටීමද, ඔහු මා හට අවශ්‍ය ආහාරයද හොඳ අන්දමින් ලබා දීමද, ඔබ දන්නෙහිද? (මෙසේ තිබියදී ජනතාවට නපුරක් කිරීමට අවශ්‍යතාවයක් නැත. එබැවින්) මා (පාපයන්ගෙන්) ඔබව වළක්වන (පාපතර) කාරණාවන් කර, ඔබට වෙනස්කම් කිරීමට අදහස් කළේ නැත. (ඔබ නොකළ යුතුය යයි පවසන කාරණාවන් මමත් නොකරන්නෙමි). මා හට හැකි පමණින් (ඔබව) පිළිසකර කිරීම මිස, (වෙන කිසිවක්) මා කැමති වන්නේ නැත. අල්ලාහ්ගේ පිහිට නොමැතිව මා (ඔබව පිළිසකර කිරිමේ කාරණාවෙහි) ජයග්‍රහණය කළ නොහැක. ඔහු මතම මා විශ්වාසය තබා ඇත්තෙමි. ඔහුවම මා බලා සිටින්නෙමි”.

وَيَٰقَوْمِ لَا يَجْرِمَنَّكُمْ شِقَاقِىٓ أَن يُصِيبَكُم مِّثْلُ مَآ أَصَابَ قَوْمَ نُوحٍ أَوْ قَوْمَ هُودٍ أَوْ قَوْمَ صَٰلِحٍۢ ۚ وَمَا قَوْمُ لُوطٍۢ مِّنكُم بِبَعِيدٍۢ ۝۸۹

“මගේ ජනතාවෙනි! ඔබට මා කෙරෙහි ඇති විරෝධතාවය නූහුගේ ජනතාවද, හුද්ගේ ජනතාවද සාලිහ්ගේ ජනතාවද අල්ලා ගත් දඬුවම මෙන් දඬුවමක් ඔබවද අල්ලා ගන්නා ලෙසට පත් කිරීමට ඉඩ නොතබනු. ලුත්ගේ ජනතාව (සිටි ස්ථානයද කාලයද) ඔබට එතරම් ඈතකින් නොව”.

وَٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى رَحِيمٌۭ وَدُودٌۭ ۝۹۰

“එබැවින් ඔබගේ දෙවියන්ගෙන් ඔබ සමාව ඉල්ලා සිටිනු. (ඔබගේ පාපයන්ගෙන් පසුතැවිලි වී) ඔහු වෙතම ඔබ හැරෙනු. නියත වශයෙන්ම මගේ දෙවියන් ඉතාමත් දයාබරව හා (කරුණාවෙන් යුතුව) ආදරය කරන්නෙකු වශයෙන්ද සිටින්නේය” යයි පැවසුවේය.

قَالُوا۟ يَٰشُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًۭا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَىٰكَ فِينَا ضَعِيفًۭا ۖ وَلَوْلَا رَهْطُكَ لَرَجَمْنَٰكَ ۖ وَمَآ أَنتَ عَلَيْنَا بِعَزِيزٍۢ ۝۹١

එයට ඔවුන් “ඕ ෂුඅයිබ්! ඔබ පවසන දැයෙන් වැඩි හරියක් අපි ඈත් කර දැමීමට නොහැකිය. නියත වශයෙන්ම අපි ඔබව අපගෙන් ඉතාම ඛෙලහීනයෙකු වශයෙන්ම දකින්නෙමු. ඔබගේ ජාතිකයින් නොමැති නම්, ඔබව ගල් ගසාම මරා දමා ඇත්තෙමු. ඔබ අපගේ ගෞරවයට පාත්‍ර වුවෙකු නොව” යයි පැවසූහ.

قَالَ يَٰقَوْمِ أَرَهْطِىٓ أَعَزُّ عَلَيْكُم مِّنَ ٱللَّهِ وَٱتَّخَذْتُمُوهُ وَرَآءَكُمْ ظِهْرِيًّا ۖ إِنَّ رَبِّى بِمَا تَعْمَلُونَ مُحِيطٌۭ ۝۹٢

එයට ඔහු “මගේ ජනතාවෙනි! අල්ලාහ්ට වඩා මගේ ජාතිකයින්ද ඉතාමත් ගෞරවාන්විත වූවේ? ඔබ එය ප්‍රතික්ෂේප කර හැරියෙහුය. නියත වශයෙන්ම මගේ දෙවියන් ඔබගේ ක්‍රියාවන් වටකරගෙන සිටින්නේය” යයි පැවසුවේය.

وَيَٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَٰمِلٌۭ ۖ سَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَمَنْ هُوَ كَٰذِبٌۭ ۖ وَٱرْتَقِبُوٓا۟ إِنِّى مَعَكُمْ رَقِيبٌۭ ۝۹۳

තවද “මගේ ජනතාවෙනි! ඔබ ඔබගේ මාර්ගයෙහි (ඔබගේ කාරණාවන්) කරමින් සිටිනු. මමද (මගේ මාර්ගයෙහි මගේ කාරණාවන්) කරමින් සිටින්නෙමි. අවමන් ගෙන දෙන දඬුවම කවුරුන්ව නම් පැමිණ සේන්දු වනු ඇත්ද? බොරු කියන්නා කවරෙක්ද? යන්න ඔබ ඉතා ඉක්මනින් දැන ගන්නෙහුය. (එම කාලය) ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මමද ඔබ සමග (එය) බලාපොරොත්තුවෙන් සිටින්නෙමි” (යයිද පැවසුවේය).

وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا شُعَيْبًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَأَخَذَتِ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَٰرِهِمْ جَٰثِمِينَ ۝۹٤

පසුව (ඔවුන් වෙත) අපගේ නියෝගය පැමිණි විට ෂුඅයිබ්වද, ඔහු සමග විශ්වාසය තැබූවන්වද, අපගේ දයාව මගින් අපි බේරා ගත්තෙමු. අපරාධ කළ අයව හෙණ හඞ අල්ලා ගත්තේය. ඔවුන් තමන්ගේ නිවෙස්වල සිටිමින් (මැරී) වැටී සිටියදීම හිරු උදා විය.

كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ ۗ أَلَا بُعْدًۭا لِّمَدْيَنَ كَمَا بَعِدَتْ ثَمُودُ ۝۹٥

එහි ඔවුන් කිසි කලෙක වාසය නොකළාක් මෙන් (කිසිම සළකුණක් නොමැතිව) විනාශ වී ගියහ. සමූද් ජනතාව කෙරෙහි ශාපය ඇති වූ ආකාරයටම මෙම මද්යන් (ජනතාව) කෙරෙහිද ශාපය ඇති විය යන්න දැන ගනු.

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلْطَٰنٍۢ مُّبِينٍ ۝۹٦

තවද අපගේ ආයාවන් සමගද, පැහැදිලි සාධකයන් සමගද මූසාව (අපගේ දූතයා වශයෙන් ෆිර්අව්න් වෙතද, ඔහුගේ ජනතාව වෙතද) නියත වශයෙන්ම අපි යැව්වෙමු.

إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَٱتَّبَعُوٓا۟ أَمْرَ فِرْعَوْنَ ۖ وَمَآ أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍۢ ۝۹۷

(එබැවින්) ෆිර්අව්න් වෙතද, ඔහුගේ ප්‍රධානීන් වෙතද (ඔහු ගියේය). ෆිර්අව්න්ගේ නියෝගය (ඔහුගේ සමූහය) අනුගමනය කරමින් සිටියහ. ෆිර්අව්න්ගේ නියෝගයන් නම්, ඍජු මාර්ගයෙහි තිබුනේ නැත.

يَقْدُمُ قَوْمَهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ فَأَوْرَدَهُمُ ٱلنَّارَ ۖ وَبِئْسَ ٱلْوِرْدُ ٱلْمَوْرُودُ ۝۹۸

විනිශ්චය දිනදී ඔහු තම ජනතාව ඉදිරියේ (මාර්ගෝපදේශකයෙකු වශයෙන්) ගොස් ඔවුන්ව නිරයෙහි සේන්දු කරනු ඇත. ඔවුන් යන තැන ඉතාමත් නපුරුය.

وَأُتْبِعُوا۟ فِى هَٰذِهِۦ لَعْنَةًۭ وَيَوْمَ ٱلْقِيَٰمَةِ ۚ بِئْسَ ٱلرِّفْدُ ٱلْمَرْفُودُ ۝۹۹

මෙලොවෙහිද, පරලොවෙහිද ශාපය ඔවුන් පසු පස එළවන්නේය. ඔවුන්ට ලැඛෙන ත්‍යාගය ඉතාමත් නපුරුය.

ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْقُرَىٰ نَقُصُّهُۥ عَلَيْكَ ۖ مِنْهَا قَآئِمٌۭ وَحَصِيدٌۭ ۝١۰۰

(ඉහත සඳහන්) මේවා සමහර (රට) වැසියන්ගේ ඉතිහාසයන් වන්නේය. මේවා අපි ඔබට පැවසුවෙමු. මේවායෙන් සමහරක් (දැනටත්) ඇත. සමහරක් විනාශ වී ගියේය.

وَمَا ظَلَمْنَٰهُمْ وَلَٰكِن ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ۖ فَمَآ أَغْنَتْ عَنْهُمْ ءَالِهَتُهُمُ ٱلَّتِى يَدْعُونَ مِن دُونِ ٱللَّهِ مِن شَىْءٍۢ لَّمَّا جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍۢ ۝١۰١

මොවුන්ගෙන් කිසිවෙකුටත් අපි අපරාධයක් කළේ නැත. එහෙත් ඔවුන් තමන්ට තමන්ම අපරාධ කර ගත්හ. ඔබගේ දෙවියන්ගේ අණ පැමිණි අවස්ථාවේදී අල්ලාහ් හැර, ඔවුන් ආරාධනා කරමින් සිටි දෙවිවරුන්ගෙන් කිසිවක් ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් අත් කර දුන්නේ නැත. තවද පරාජයම ඒවා ඔවුන්ට වැඩි කර දුන්නේය.

وَكَذَٰلِكَ أَخْذُ رَبِّكَ إِذَآ أَخَذَ ٱلْقُرَىٰ وَهِىَ ظَٰلِمَةٌ ۚ إِنَّ أَخْذَهُۥٓ أَلِيمٌۭ شَدِيدٌ ۝١۰٢

අපරාධ කරන රටවැසියන්ව (ඔවුන්ගේ අපරාධයේ හේතුවෙන්) ඔබගේ දෙවියන් අල්ලා ගැනීමට අදහස් කළහොත් මේ අන්දමටම ඔහු අල්ලා ගනු ඇත. මන්දයත් නියත වශයෙන්ම ඔහුගේ ග්‍රහණය ඉතාමත් දරුණු වන අතර වේදනා ගෙන දෙන්නක් වශයෙන්ද ඇත්තේය.

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّمَنْ خَافَ عَذَابَ ٱلْءَاخِرَةِ ۚ ذَٰلِكَ يَوْمٌۭ مَّجْمُوعٌۭ لَّهُ ٱلنَّاسُ وَذَٰلِكَ يَوْمٌۭ مَّشْهُودٌۭ ۝١۰۳

පරලොව දඬුවමට බිය වන අයට නියත වශයෙන්ම මෙහි ඉතාමත් හොඳ සාධකයක් ඇත. මිනිසුන් සියල්ල ඒකරාශී කරන දිනයකි එය. තවද ඔවුන් සියල්ල (දෙවියන්ගේ සන්නිධානයට) ගෙන එනු ලබන දිනයද වන්නේය.

وَمَا نُؤَخِّرُهُۥٓ إِلَّا لِأَجَلٍۢ مَّعْدُودٍۢ ۝١۰٤

ටික දිනකට මිස, එය අපි කල් දමා තැබුවේ නැත.

يَوْمَ يَأْتِ لَا تَكَلَّمُ نَفْسٌ إِلَّا بِإِذْنِهِۦ ۚ فَمِنْهُمْ شَقِىٌّۭ وَسَعِيدٌۭ ۝١۰٥

එය පැමිණෙන දිනදී ඔහුගේ අනුමැතියෙන් තොර කිසිම මිනිසෙකු (ඔහු සමග) කතා කළ නොහැක. ඔවුන්ගෙන් අභාග්‍යවන්තයින්ද ඇත. භාග්‍යවන්තයින්ද ඇත.

فَأَمَّا ٱلَّذِينَ شَقُوا۟ فَفِى ٱلنَّارِ لَهُمْ فِيهَا زَفِيرٌۭ وَشَهِيقٌ ۝١۰٦

අභාග්‍යවන්තයින් නිරයෙහි (වැටෙන්නට සලස්වනු ඇත. වේදනාව දරා ගත නොහැකිව) එහි ඔවුන් ඉමහත් සේ ශබ්ද නගා ෙදාඩවනු ඇත.

خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۚ إِنَّ رَبَّكَ فَعَّالٌۭ لِّمَا يُرِيدُ ۝١۰۷

ඔබගේ දෙවියන් අදහස් කළහොත් මිස, අහස්ද භූමියද, ස්ථීරව තිඛෙණ කාලය දක්වා එහි ඔවුන් රැඳී සිටිනු ඇත. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් තමන් කැමති දැය (බාධාවකින් තොරව) ක්‍රියාත්මක කර අවසන් කරනු ඇත.

۞ وَأَمَّا ٱلَّذِينَ سُعِدُوا۟ فَفِى ٱلْجَنَّةِ خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۖ عَطَآءً غَيْرَ مَجْذُوذٍۢ ۝١۰۸

භාග්‍යවන්තයින් ස්වර්ගයෙහි (ඇතුළු වනු ඇත). ඔබගේ දෙවියන් අදහස් කළහොත් මිස, අහස්ද භූමියද ස්ථීරව තිඛෙණ තුරු එහිම ඔවුන් රැඳී සිටිනු ඇත. (එය) අවසානයකින් තොර (සැමදා ස්ථීර වූ) එක් වරප්‍රසාදයක් වන්නේය.

فَلَا تَكُ فِى مِرْيَةٍۢ مِّمَّا يَعْبُدُ هَٰٓؤُلَآءِ ۚ مَا يَعْبُدُونَ إِلَّا كَمَا يَعْبُدُ ءَابَآؤُهُم مِّن قَبْلُ ۚ وَإِنَّا لَمُوَفُّوهُمْ نَصِيبَهُمْ غَيْرَ مَنقُوصٍۢ ۝١۰۹

(නබියේ! සමානයන් තබා නමදින) මොවුන්, නමදින දැය ගැන (මොවුන් වෙත යම්කිසි සාධකයක් ඇත්දෝ යයි) ඔබ සැක නොසිතනු. (කිසිම සාධකයක් නැත). මෙයට පෙර මොවුන්ගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි අන්දමටම මොවුන්ද (කිසිම සාධකයක් නොමැතිවම) නමදින්නාහ. මොවුන්ගේ (දඬුවමේ) කොටස (මොවුන්ගේ මුතුන් මිත්තන්ට ලබා දුන් අන්දමටම) මොවුන්ටද පූරණ වශයෙන් කිසිම අඩුපාඩුවකින් තොරව නියත වශයෙන්ම අපි දෙන්නෙමු.

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ فَٱخْتُلِفَ فِيهِ ۚ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِى شَكٍّۢ مِّنْهُ مُرِيبٍۢ ۝١١۰

නියත වශයෙන්ම අපි මූසාට එක් ධර්මයක් දී තිබුනෙමු. (මෙම කුර්ආනයෙහි මොවුන් මතභේද ඇති කර ගන්නා ආකාරයටම) එහිද ඔවුන් මතභේද ඇති කර ගත්හ. (ඔවුන් දඬුවම් අත් කර ගන්නා කාලය විනිශ්චය දිනදී යයි) ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව කළින්ම ඇති වූවේ නැතිනම්, (මෙලොවදීම) මොවුන්ගේ කාරණාව අවසන් වන්නට ඉඩ තිබුණි. නියත වශයෙන්ම (මක්කාවාසීන් වන) මොවුන්ද (මෙම කුර්ආනය ගැන අවුල් සහගත) සැකයෙහි සිටින්නාහ.

وَإِنَّ كُلًّۭا لَّمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَٰلَهُمْ ۚ إِنَّهُۥ بِمَا يَعْمَلُونَ خَبِيرٌۭ ۝١١١

නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (ඔවුන් සෑම දෙනාටම) ඔවුන්ගේ ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක පූරණ වශයෙන්ම දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු, ඔවුන්ගේ ක්‍රියාවන් හොඳින් දැනගෙනම සිටින්නේය.

فَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطْغَوْا۟ ۚ إِنَّهُۥ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ۝١١٢

(නබියේ!) ඔබට අණ කරන ලද අන්දමට ඔබත් (සමානයන් තැබීමෙන් ඈත් වී) ඔබ සමග පසුතැවිලි වූවන්ද (ඍජු මාර්ගයෙහි) ස්ථීරව සිටිනු. (මෙහි) පොඩියක් හෝ වැරැද්දක් නොකරනු. නියත වශයෙන්ම ඔහු ඔබගේ ක්‍රියාවන් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.

وَلَا تَرْكَنُوٓا۟ إِلَى ٱلَّذِينَ ظَلَمُوا۟ فَتَمَسَّكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ثُمَّ لَا تُنصَرُونَ ۝١١۳

(විශ්වාසවන්තයිනි!) ඔබ සීමාව ඉක්මවූවන් දෙසට (පොඩියක් හෝ) ඇල නොවනු. (එසේ වුවහොත්) නිරා ගින්න ඔබවද අල්ලා ගනු ඇත. (එයින්) ඔබව බේරා ගන්නෙකු අල්ලාහ් හැර, (වෙන) කිසිවෙකුත් නැත. පසුව කිසිවෙකුගේ උදව්වක්ද ඔබට ලැඛෙන්නේ නැත.

وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَىِ ٱلنَّهَارِ وَزُلَفًۭا مِّنَ ٱلَّيْلِ ۚ إِنَّ ٱلْحَسَنَٰتِ يُذْهِبْنَ ٱلسَّيِّـَٔاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّٰكِرِينَ ۝١١٤

දහවලෙහි දෙකෙළවර (වන දවල් හා සවස්) කාලයන්හිද, රාත්‍රී කාලයන්හිද ඔබ (නොවරදවා) සලාත් කරමින් සිටිනු. නියත වශයෙන්ම දැහැමි දැය පාපයන් පහ කර හරිනු ඇත. (දෙවියන්ව) මතක් කරන අයට මෙය එක්තරා හොඳ ඔවදනක් වන්නේය.

وَٱصْبِرْ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ ۝١١٥

(නබියේ! දුක් ගැහැට ඉවසීමෙන් යුතුව) විඳ දරාගනු (මැනව!) නියත වශයෙන්ම අල්ලාහ් දැහැමි දැය කරන්නන්ගේ ඵලවිපාක අපතේ හරින්නේ නැත.

فَلَوْلَا كَانَ مِنَ ٱلْقُرُونِ مِن قَبْلِكُمْ أُو۟لُوا۟ بَقِيَّةٍۢ يَنْهَوْنَ عَنِ ٱلْفَسَادِ فِى ٱلْأَرْضِ إِلَّا قَلِيلًۭا مِّمَّنْ أَنجَيْنَا مِنْهُمْ ۗ وَٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوا۟ مَآ أُتْرِفُوا۟ فِيهِ وَكَانُوا۟ مُجْرِمِينَ ۝١١٦

ඔබට පෙර විසූ පරම්පරාවේ දරුවන්ගෙන් (තමන්ද හොඳ ගති ගුණ ක්‍රියාවට නංවා අනිත් මිනිසුන්ද) භූමියෙහි අපරාධ නොකර වළක්වන්නට හැකි බුද්ධිමතුන් (අධික වශයෙන්) සිටිය යුතු නොවේද? ඔවුන් සංඛ්‍යාවෙන් ඉතාමත් සුළුතරයක් වශයෙන්ම සිටියහ. අපි ඔවුන්ව බේරා ගත්තෙමු. නමුත් අපරාධකරුවන්-ගෙන් (වැඩි දෙනෙකු) නම්, තමන්ගේ ආශාවන් මුදුන් පත් වන සේ අනුගමනය කරමින් වැරදි කරන්නන් වශයෙන්ම සිටියහ.

وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ ٱلْقُرَىٰ بِظُلْمٍۢ وَأَهْلُهَا مُصْلِحُونَ ۝١١۷

(නබියේ!) රටක් එම රටවැසියන් පිළිසකර කර ගනිමින් සිටියදී, (අසාධාරණ ලෙස එම රටවැසියන් සියල්ලන්ව) ඔබගේ දෙවියන් විනාශ කර දමන්නේ නැත.

وَلَوْ شَآءَ رَبُّكَ لَجَعَلَ ٱلنَّاسَ أُمَّةًۭ وَٰحِدَةًۭ ۖ وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ ۝١١۸

ඔබගේ දෙවියන් අදහස් කළේ නම්, මිනිසුන් සියල්ල එකම සමූහයක් බවට පත් කර ඇත්තෙහිය. (එසේ අදහස් කළේ නැත). ඔවුන් තමන් තුළ වෙනස්කම් කරමින්ම සිටිනු ඇත.

إِلَّا مَن رَّحِمَ رَبُّكَ ۚ وَلِذَٰلِكَ خَلَقَهُمْ ۗ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ ۝١١۹

(ඔවුන්ගෙන්) ඔබගේ දෙවියන් දයාව පහළ කළ අය හැර, මේ සඳහාම (වෙනස් වන සුළු) ඔවුන්ව උත්පාදනය කර ඇත්තේය. “(පාපයන් කළ) ජින්වරුන්, මිනිසුන් ආදී සියල්ලන් මගින් නියත වශයෙන්ම මා නිරය පුරවන්නෙමි” යයි ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව අනිවාර්යයෙන්ම පූරණය කරනු ඇත.

وَكُلًّۭا نَّقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ ٱلرُّسُلِ مَا نُثَبِّتُ بِهِۦ فُؤَادَكَ ۚ وَجَآءَكَ فِى هَٰذِهِ ٱلْحَقُّ وَمَوْعِظَةٌۭ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ ۝١٢۰

ඔබගේ හෘදය දැඩි කිරීම සඳහාම අපගේ දූතයින්ගේ ඉතිහාසයන්ගෙන් මේවා සියල්ල අපි ඔබට පැවසුවෙමු. මේවායෙහි ඔබට සත්‍යයද, හොඳ ඔවදන්ද විශ්වාසවන්තයින්ට මතක් කිරීමක්ද ඇත්තේය.

وَقُل لِّلَّذِينَ لَا يُؤْمِنُونَ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنَّا عَٰمِلُونَ ۝١٢١

විශ්වාසය නොතැබූවන්ට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ, ඔබගේ මාර්ගයෙහි (හිතූ මතේ ඔබගේ කාරණාවන්) කරමින් සිටිනු. නියත වශයෙන්ම අපිද, (අපගේ මාර්ගයෙහි) කරමින් සිටින්නෙමු”.

وَٱنتَظِرُوٓا۟ إِنَّا مُنتَظِرُونَ ۝١٢٢

“ඔබත් (මෙහි අවසානය) බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම අපිත් (එය) බලාපොරොත්තුවෙන් සිටින්නෙමු”.

وَلِلَّهِ غَيْبُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ ٱلْأَمْرُ كُلُّهُۥ فَٱعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ ۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ ۝١٢۳

අහස්හිද, භූමියෙහිද සැඟවී ඇති සියල්ල (ඒවායෙහි ඥානයද) අල්ලාහ්ටම අයත්ය. සියලූ කාරණාවන්ද, ඔහු වෙතම ගෙන එනු ලැබේ. එබැවින් ඔහු කෙනෙකුවම ඔබ නමදිනු. ඔහුවම විශ්වාස කරනු. ඔබගේ දෙවියන් ඔබ කරන දැය ගැන නොසැළකිලිමත්ව නැත.