< السورة السابقة | فهرس السور | السورة التالية >
surah010
Yunus (10)
Jonas, makkah, 109 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓر ۚ تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْحَكِيمِ ١
අලිෆ්. ලාම්. රා. මේවා ඥානයෙන් පිරි මෙම ධර්මයෙහි (සමහර) ආයාවන් වන්නේය.
أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَآ إِلَىٰ رَجُلٍۢ مِّنْهُمْ أَنْ أَنذِرِ ٱلنَّاسَ وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِندَ رَبِّهِمْ ۗ قَالَ ٱلْكَٰفِرُونَ إِنَّ هَٰذَا لَسَٰحِرٌۭ مُّبِينٌ ٢
(නබියේ!) මිනිසුන්ට බිය ගන්වා අනතුරු අඟවන මෙන් (මිනිස් වර්ගයාට අයත්) ඔවුන්ගෙන් කෙනෙකුට වහී මගින් අපි නියෝග කරන්නේ නම්, මෙම මිනිසුන්ට පුදුමයක් වශයෙන් ඇත්තේද? (නබියේ!) ඇත්තෙන්ම විශ්වාසය තැබූවන්ට තම දෙවියන්ගේ සන්නිධානයෙන් ඉමහත් වූ පදවීන් ඇතැයි ශුභාරංචි දෙනු මැනව! (එහෙත් මෙසේ පවසන ඔබ ගැන) “නියත වශයෙන්ම මොහු පැහැදිලි සූනියම්කරුවෙකුය” යයි මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ.
إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ يُدَبِّرُ ٱلْأَمْرَ ۖ مَا مِن شَفِيعٍ إِلَّا مِنۢ بَعْدِ إِذْنِهِۦ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ أَفَلَا تَذَكَّرُونَ ۳
(මිනිසුනේ!) ඔබගේ දෙවියන් වන එම අල්ලාහ්ම අහස්ද භූමියද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජ්‍යය ස්ථාපිත කළේය. (මේවා සම්බන්ධයෙන් වූ) සියලූ කාරණාවන්ද ඔහුම සැලසුම් කර (පරිපාලනය කරමින්) සිටින්නේය. ඔහුගේ අනුමැතියෙන් තොරව (ඔබ වෙනුවෙන් ඔහු වෙත) මැදිහත් වී කතා කරන්නන් කිසිවෙකුත් නැත. එම අල්ලාහ්ම ඔබව උත්පාදනය කර පෝෂණය කරන්නාය. එබැවින් ඔහුවම (ඔහු එක් කෙනෙකුවම) ඔබ නමදිනු. (හොඳ හැඟීමක් ලබා ගැනීමට මේවා ගැන) ඔබ සිතා බැලිය යුතු නොවේද?
إِلَيْهِ مَرْجِعُكُمْ جَمِيعًۭا ۖ وَعْدَ ٱللَّهِ حَقًّا ۚ إِنَّهُۥ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ لِيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ بِٱلْقِسْطِ ۚ وَٱلَّذِينَ كَفَرُوا۟ لَهُمْ شَرَابٌۭ مِّنْ حَمِيمٍۢ وَعَذَابٌ أَلِيمٌۢ بِمَا كَانُوا۟ يَكْفُرُونَ ٤
(තවද මරණයෙන් පසුවද), ඔබ සියල්ලන්ම ඔහු වෙතම යා යුතුව ඇත්තේය. අල්ලාහ්ගේ (මෙම පොරොන්දුව සත්‍යයකි. නියත වශයෙන්ම ඔහුම උත්පාදනයන් පළමු වතාවටද උත්පාදනය කරන්නේය. (මරණයට පත් වීමෙන් පසු, නැවත වරක්ද) ඔවුන්ට පණ දී ඔවුන්ගේ විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කළ අයට සාධාරණ ලෙස (හොඳ) ඵලවිපාක ලබා දෙන්නේය. (මෙය) කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට පැසී (උතුරණ) ලෝදිය (පරලොවදී) බීමට ලැඛෙනු ඇත. තවද (මෙය) ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුව නිසා (ඔවුන්ට) ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
هُوَ ٱلَّذِى جَعَلَ ٱلشَّمْسَ ضِيَآءًۭ وَٱلْقَمَرَ نُورًۭا وَقَدَّرَهُۥ مَنَازِلَ لِتَعْلَمُوا۟ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَ ۚ مَا خَلَقَ ٱللَّهُ ذَٰلِكَ إِلَّا بِٱلْحَقِّ ۚ يُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ ٥
ඔහුම සූයදැයා (දීප්තිමත් ආලෝකයක් වශයෙන්ද, චන්ද්‍රයා (අලංකාරවත්) ආලෝකය ලබා දෙන්නක් බවටද පත් කර අවුරුදු සංඛ්‍යාවද, (මාසයන්හි) ගණනයද ඔබ දැන ගැනීම පිණිස, (චන්ද්‍රයා වන) එයට (මාරුවෙන් මාරුවට පැමිණිය හැකි) අවස්ථාවන්ද මනක්කල්පිත කළේය. සත්‍යය වූ (නියමිත) කාරණාවක් නොමැතිව මේවා අල්ලාහ් උත්පාදනය කළේ නැත. දැන ගත හැකි ජනතාව වෙනුවෙන් (තම බලසම්පන්නකමට අයත්) සාධකයන් (මෙසේ) විවරණය කරන්නේය.
إِنَّ فِى ٱخْتِلَٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ وَمَا خَلَقَ ٱللَّهُ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَتَّقُونَ ٦
රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙහිද, අහස්හිද, භූමියෙහිද අල්ලාහ් උත්පාදනය කර ඇති දැයෙහිද, භය භක්තියෙන් යුතු ජනතාවට (හැඟීමක් ලබා දිය හැකි) බොහෝ සාධකයන් නියත වශයෙන්ම ඇත්තේය.
إِنَّ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا وَرَضُوا۟ بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَٱطْمَأَنُّوا۟ بِهَا وَٱلَّذِينَ هُمْ عَنْ ءَايَٰتِنَا غَٰفِلُونَ ۷
නියත වශයෙන්ම කවුරුන් අපගේ හමුවීම (පොඩියක් හෝ) විශ්වාස නොකර මෙලොව ජීවිතයම ආශා කර එමගින්ම සෑහීමට පත් වී (එහිම ගැලී) ගියෝද ඔවුන්ද, තවත් කවුරුන් අපගේ ආයාවන් (ප්‍රතික්ෂේප කර) දමා නොසැලකිලිමත්ව සිටින්නෝද ඔවුන්ද (ආදී) -
أُو۟لَٰٓئِكَ مَأْوَىٰهُمُ ٱلنَّارُ بِمَا كَانُوا۟ يَكْسِبُونَ ۸
මෙවැන්නන් සොයා ගත් (නපුරු) විපත් වල හේතුවෙන් මොවුන් රැෙඳන ස්ථානය නිරයයි.
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ يَهْدِيهِمْ رَبُّهُم بِإِيمَٰنِهِمْ ۖ تَجْرِى مِن تَحْتِهِمُ ٱلْأَنْهَٰرُ فِى جَنَّٰتِ ٱلنَّعِيمِ ۹
නියත වශයෙන්ම කවුරුන් විශ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නෝද, ඔවුන්ව දෙවියන් ඔවුන්ගේ විශ්වාසයෙහි හේතුවෙන් ජල දහරා සදා ගලමින් ඇති ඉමහත් සැපතක් ගෙන දෙන ස්වර්ගයට අයත් මාර්ගයෙහි ඇතුළු කරන්නේය.
دَعْوَىٰهُمْ فِيهَا سُبْحَٰنَكَ ٱللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلَٰمٌۭ ۚ وَءَاخِرُ دَعْوَىٰهُمْ أَنِ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ ١۰
ඒවායෙහි ඔවුන් (ඇතුළු වූ වහාම) “අපගේ අල්ලාහ් දෙවියන් වහන්ස! ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. (ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි)” යයි පවසන්නාහ. එහි (තමන්ගේ මිතුරන්ව හමු වන සෑමවිටම) “සලාමුන් (අලෙයිකුම්)” යයි ශූභ පැතුම් කරන්නාහ. අවසානයේදී “ප්‍රශංසා සියල්ල සකල ලෝකයන් සියල්ල උත්පාදනය කර, පෝෂණය කර, සංවර්ධනය කර, පරිපාලනයකරන්නා වූ අල්ලාහ්ටම අයිතිය” යයි (ප්‍රශංසා කර) සුවිශුද්ධ කරමින් සිටින්නාහ.
۞ وَلَوْ يُعَجِّلُ ٱللَّهُ لِلنَّاسِ ٱلشَّرَّ ٱسْتِعْجَالَهُم بِٱلْخَيْرِ لَقُضِىَ إِلَيْهِمْ أَجَلُهُمْ ۖ فَنَذَرُ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ ١١
පින් අයිති කර ගැනීමට (ඔවුන්) ඉක්මන් කරන්නාක් මෙන් අල්ලාහ්ද (වැරදි කළ) මිනිසුන්ට හානියක් කිරීමට ඉක්මන් වුවහොත්, (මේ වන විටත්) නියත වශයෙන්ම ඔවුන්ගේ කාලය ඔවුන්ට අවසන් වී ඇත්තේය. එහෙත් (පරලොව) අපගේ හමුවීම (පොඩියක් හෝ) විශ්වාස නොකළ අයද, ඔවුන්ගේ දුර්මාර්ගයෙහිම දඟලමින් ඒ මේ අත ඉල්ලා ඇවිදින්නට (මෙලොවෙහි ටික කලකට) අපි අත්හැර දමන්නෙමු.
وَإِذَا مَسَّ ٱلْإِنسَٰنَ ٱلضُّرُّ دَعَانَا لِجَنۢبِهِۦٓ أَوْ قَاعِدًا أَوْ قَآئِمًۭا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُۥ مَرَّ كَأَن لَّمْ يَدْعُنَآ إِلَىٰ ضُرٍّۢ مَّسَّهُۥ ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُوا۟ يَعْمَلُونَ ١٢
මිනිසුන්ට යම්කිසි විපතක් සිදු වුවහොත් (එය පහ කරන මෙන්) ඔහු තමන්ගේ (නිදා සිටින) යහනාවෙහිද, වාඩි වී සිටියදීද, (සිටගෙන) සිටින තත්වයෙහිද, අප වෙතම ප්‍රාර්ථනා කරන්නේය. නමුත් ඔහුගේ දුක් කරදරය අපි ඔහුගෙන් පහ කර හැරියහොත් නම්, ඔහු තමන්ට සිදු වූ විපත පහ කරන මෙන් අප වෙත ප්‍රාර්ථනා කළේම නැත්තාක් මෙන් (ප්‍රතික්ෂේප කර) යන්නේය. සීමාව ඉක්මවා යන්නන්ට ඔවුන් කරන කාරණාවන් මෙසේ අලංකාරවත් කර හැරියේය.
وَلَقَدْ أَهْلَكْنَا ٱلْقُرُونَ مِن قَبْلِكُمْ لَمَّا ظَلَمُوا۟ ۙ وَجَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ وَمَا كَانُوا۟ لِيُؤْمِنُوا۟ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلْقَوْمَ ٱلْمُجْرِمِينَ ١۳
(මිනිසුනේ!) ඔබට පෙර විසූ බොහොමයක් පරම්පරාවන්වඔවුන් කරමින් සිටි අපරාධයන්හි හේතුවෙන් නියත වශයෙන්ම අපි විනාශ කර දැමුවෙමු. ඔවුන් වෙත (අප විසින්) යවනු ලැබූ ඔවුන්ගේ දූතයින් පැහැදිලි සාධකයන්ම ගෙන ආවාහ. එහෙත් (ඒවා) ඔවුන් විශ්වාස කළේ නැත. වැරදි කරන අනිත් ජනතාවටද මේ අන්දමටම අපි ඵලවිපාක (ලබා දී දඬුවම්) කරමු.
ثُمَّ جَعَلْنَٰكُمْ خَلَٰٓئِفَ فِى ٱلْأَرْضِ مِنۢ بَعْدِهِمْ لِنَنظُرَ كَيْفَ تَعْمَلُونَ ١٤
ඔවුන්ගෙන් පසු අපි ඔබව (ඔවුන්ගේ) භූමියට අධිපතීන් වශයෙන් (පත් කර), ඔබ කෙසේ කටයුතු කරන්නේද යන්න අවධානය කර බලමින් සිටින්නෙමු.
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَاتُنَا بَيِّنَٰتٍۢ ۙ قَالَ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا ٱئْتِ بِقُرْءَانٍ غَيْرِ هَٰذَآ أَوْ بَدِّلْهُ ۚ قُلْ مَا يَكُونُ لِىٓ أَنْ أُبَدِّلَهُۥ مِن تِلْقَآئِ نَفْسِىٓ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ ۖ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍۢ ١٥
(කළින් විනාශ වී ගිය අයගේ ස්ථානයෙහි වාඩි වීමට සලස්වනු ලැබූ) මොවුන්ට අපගේ පැහැදිලි ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් (පරලාවදී) අපව හමුවීම විශ්වාස නොකළ මොවුන් (ඔබට) “මෙය නොවන වෙනත් කුර්ආනයක් ඔබ ගෙන එනු. නැතහොත් (අපගේ කැමැත්තට අනුව) මෙය වෙනස් කර දමනු” යයි පවසන්නාහ. (එයට ඔවුන්ට “ඔබගේ කැමැත්ත වෙනුවෙන්) මම ම (මගේ කැමැත්තට අනුව) වෙනස් කර හැරීමට මට කිසිම ශක්තියක් නැත. වහී මගින් මා හට දැනුම් දෙන ලද දැය හැර, (වෙන කිසිවක්) මා අනුගමනය කිරීමට දැයක් නැත. මගේ දෙවියන්ට මා වෙනස්කම් කළහොත් ඉමහත් වූ දිනයේ දඬුවමට (ලක් වීමට සිදු වනු ඇතැයි) නියත වශයෙන්ම මා බිය වන්නෙමි” යයි (නබියේ!) ඔබ පවසනු මැනව!.
قُل لَّوْ شَآءَ ٱللَّهُ مَا تَلَوْتُهُۥ عَلَيْكُمْ وَلَآ أَدْرَىٰكُم بِهِۦ ۖ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًۭا مِّن قَبْلِهِۦٓ ۚ أَفَلَا تَعْقِلُونَ ١٦
(තවද) ඔබ මෙසේ පවසනු: (ඔබ වෙනුවෙන් මා මෙය සමුදීරණය කර නොපෙන්විය යුතුය යයි) අල්ලාහ් අදහස් කළේ නම්, මා මෙය ඔබට සමුදීරණය කර පෙන්වා ඇත්තේද නැත. ඔහු ඔබට මෙය දැනුම් දී ඇත්තේද නැත. නියත වශයෙන්ම මා මීට පෙරද දීර්ඝ කාලයක් ඔබත් සමග වාසය කර ඇත්තෙමි (නොවෙද? මා බොරු කියන්නෙකු නොව යන්න ඔබ හොඳින් දන්නෙහුය. මෙතරම් දැයක් වත්) ඔබට දැන ගත නොහැකිද?”
فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓ ۚ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلْمُجْرِمُونَ ١۷
අල්ලාහ් කෙරෙහි බොරු කියන්නාට වඩා හෝ නැතහොත් ඔහුගේ ආයාවන් බොරු කරන්නාට වඩා හෝ අපරාධකරුවා කවරෙක්ද? නියත වශයෙන්ම (මෙවැනි) වැරදිකරුවන් ජයග්‍රහණය කරන්නේම නැත.
وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ وَيَقُولُونَ هَٰٓؤُلَآءِ شُفَعَٰٓؤُنَا عِندَ ٱللَّهِ ۚ قُلْ أَتُنَبِّـُٔونَ ٱللَّهَ بِمَا لَا يَعْلَمُ فِى ٱلسَّمَٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ ۚ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ ١۸
(සමානයන් තබන්නන්) තමන්ට යම්කිසි හොඳක් හෝ නරකක් හෝ කරන්නට නොහැකි අල්ලාහ් නොවන දැය නමදින අතර “මේවා අල්ලාහ් වෙත අප වෙනුවෙන් මැදිහත් වන දැයයි” යයිද පවසන්නාහ. (එබැවින් නබියේ! ඔබ ඔවුන්ට) “අහස්හිද, භූමියෙහිද අල්ලාහ් නොදන්නා දැයක් (ඇත්තේද?) ඒවා, (මේවා මගින්) ඔබ ඔහුට දැනුම් දෙන්නෙහුද? (ඔහු නම්, සියල්ල හෙඳින් දන්නෙකි). ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔවුන් සමානයන් තබන දැයට වඩා ඉතාමත් ශ්‍රේෂ්ඨයෙකි” යයි පවසනු.
وَمَا كَانَ ٱلنَّاسُ إِلَّآ أُمَّةًۭ وَٰحِدَةًۭ فَٱخْتَلَفُوا۟ ۚ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ فِيمَا فِيهِ يَخْتَلِفُونَ ١۹
මිනිසුන් සියල්ලන්ම (ආරම්භයේදී එකම ධර්මයක් අනුගමනය කරන) එකම සමූහයක් වශයෙන් සිටියහ. පසුව (තමන් තුළ ඇති වූ ඊර්ෂ්‍යාවේ හේතුවෙන් විවිධ සමූහයන් වශයෙන්) ඛෙදී ගියහ. (අපරාධයට වූ ඵලවිපාක පරලොවදී පූරණ වශයෙන් දෙනු ලබන්නේය යයි නබියේ!) ඔබ දෙවියන්ගේ පොරොන්දුව දැනටමත් ඇති නොවුනේ නම්, ඔවුන් කරමින් සිටි අපරාධයන්හි හේතුවෙන් ඔවුන්ගේ කාරණාව (මේ වන විටත්) අවසන් වී ඇත්තේය!
وَيَقُولُونَ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌۭ مِّن رَّبِّهِۦ ۖ فَقُلْ إِنَّمَا ٱلْغَيْبُ لِلَّهِ فَٱنتَظِرُوٓا۟ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ ٢۰
තවද “(අපි කැමති ආකාරයට) කුමක් හෝ සාක්ෂියක් (දෙවියන්ගේ නබිවරයා වන) ඔහු කෙරෙහි ඔහුගේ දෙවියන් විසින් පහළ කළ යුතු නොවේද?” යයිද ඔවුන් පවසන්නාහ. එයට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “(ඔබ කැමති ප්‍රකාර සාක්ෂිය පහළ නොකර සිටීමට හේතුව ඔබට ගුප්ත දැයකි). ගුප්ත දැය සියල්ල අල්ලාහ්ටම අයත්ය. (එබැවින් එය ඔබ දැන ගැනීමට අදහස් කළහොත්) ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මමත් (ඔබගේ නපුරු වදනින් ඔබට කුමන වින්නැහියක් පැමිණෙන්නේද යන්න) ඔබ සමග බලාපොරොත්තුවෙන් සිටින්නෙමි”.
وَإِذَآ أَذَقْنَا ٱلنَّاسَ رَحْمَةًۭ مِّنۢ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُمْ إِذَا لَهُم مَّكْرٌۭ فِىٓ ءَايَاتِنَا ۚ قُلِ ٱللَّهُ أَسْرَعُ مَكْرًا ۚ إِنَّ رُسُلَنَا يَكْتُبُونَ مَا تَمْكُرُونَ ٢١
(මෙම) මිනිසුන්ට සිදු වූ දුක් ගැහැට පහ කර, (පසුව අපගේ) දයාව මගින් ඔවුන් සතුටක් අත් කර ගැනීමට අපි සැලැස්සුවහොත් (එයට ඔවුන් කෘතඥ වීම වෙනුවට) එවෙලේම ඔවුන් අපගේ ආයාවන්හි (වැරදි අර්ථ කථනයන් කිරීමට) කුමන්ත්‍රණ කරන්නාහ. (එයට නබියේ! ඔවුන්ට “ඔබගේ කුමන්ත්‍රණයට වඩා) අල්ලාහ්ගේ කුමන්ත්‍රණය ඉදිරියට යනු ඇත” යයි පවසනු මැනව! නියත වශයෙන්ම අපගේ දූතයින් (වන මලායිකාවරුන්) ඔබ කරන කුමන්ත්‍රණ සටහන් කරමින් සිටින්නාහ.
هُوَ ٱلَّذِى يُسَيِّرُكُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ ۖ حَتَّىٰٓ إِذَا كُنتُمْ فِى ٱلْفُلْكِ وَجَرَيْنَ بِهِم بِرِيحٍۢ طَيِّبَةٍۢ وَفَرِحُوا۟ بِهَا جَآءَتْهَا رِيحٌ عَاصِفٌۭ وَجَآءَهُمُ ٱلْمَوْجُ مِن كُلِّ مَكَانٍۢ وَظَنُّوٓا۟ أَنَّهُمْ أُحِيطَ بِهِمْ ۙ دَعَوُا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ لَئِنْ أَنجَيْتَنَا مِنْ هَٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّٰكِرِينَ ٢٢
ජලයේද, ගොඩබිමේද, ඔහුම ඔබව කැඳවාගෙන යන්නේය. ඔබ නැවට නැග ගත් පසු, නැවේ සිටින්නන්ව හොඳ සුළඟ යාත්‍රා කරවමින් යාම නිසා ඔවුන් සතුටට පත්ව සිටින අවස්ථාවේදී, සුළි සුළං හැමීමට ආරම්භ කර, විවිධ දිශාවන්ගෙන් ඔවුන්ව රළ පැමිණ වැදී “නියත වශයෙන්ම අපි (රළ මගින්) වට කර ගනු ලැබ සිටින්නෙමු. (එයින් බේරීමට අපිට කිසිම මාර්ගයක් නැත)” යයි ඔවුන් සිතමින් සිටින අවස්ථාවේදී, (අපට “අපගේ දෙවියන් වහන්ස!) මෙයින් ඔබ අපව බේරා ගනු ලැබුවහොත් නියත වශයෙන්ම අපි (ඔබට) සැමදා කෘතඥ වන්නන් වශයෙන් සිටින්නෙමු” යයි මිශ්‍ර නොවුන මනසින් යුතුව අල්ලාහ්ට අවනත වී (ඉතාමත් යටහත් පහත්ව දණින් වැටී) ප්‍රාර්ථනා කරන්නාහ.
فَلَمَّآ أَنجَىٰهُمْ إِذَا هُمْ يَبْغُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ ۗ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَا بَغْيُكُمْ عَلَىٰٓ أَنفُسِكُم ۖ مَّتَٰعَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ ثُمَّ إِلَيْنَا مَرْجِعُكُمْ فَنُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ٢۳
ඔහු ඔවුන්ව බේරා ගත්තේ නම්, ඔවුන් (වෙරළට සේන්දූ වූ) ඒ අවස්ථාවේදීම අසාධාරණයේ භූමියෙහි අපරාධ කිරීමට ඉදිරිපත් වන්නාහ. මිනිසුනේ! ඔබගේ අක්‍රමිකකම් ඔබටම නපුරට අවසන් වනු ඇත. (එබැවින්) මෙලොව ජීවිතයෙහි පොඩියක් සුවය විඳිය හැකිය. පසුව නම්, අප වෙතම ඔබ ආපසු ඒමට සිදු වනු ඇත. ඔබ කරමින් සිටිය දැය කුමක්ද යන්න ඒ අවස්ථාවේදී අපි ඔබට දැනුම් දෙන්නෙමු.
إِنَّمَا مَثَلُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَآءٍ أَنزَلْنَٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخْتَلَطَ بِهِۦ نَبَاتُ ٱلْأَرْضِ مِمَّا يَأْكُلُ ٱلنَّاسُ وَٱلْأَنْعَٰمُ حَتَّىٰٓ إِذَآ أَخَذَتِ ٱلْأَرْضُ زُخْرُفَهَا وَٱزَّيَّنَتْ وَظَنَّ أَهْلُهَآ أَنَّهُمْ قَٰدِرُونَ عَلَيْهَآ أَتَىٰهَآ أَمْرُنَا لَيْلًا أَوْ نَهَارًۭا فَجَعَلْنَٰهَا حَصِيدًۭا كَأَن لَّمْ تَغْنَ بِٱلْأَمْسِ ۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَتَفَكَّرُونَ ٢٤
මෙලොව ජීවිතයෙහි උපමාව වලාකුළෙන් අපි වසින්නට සලස්වන ජලයට සම වන්නේය. එය ගමේ සතුන්ටද, මිනිසුන්ටද අනුභවයට ගත හැකි ගස් වැල් පලා ආදිය සමග මිශ්‍ර වී (ඝන භෝග බවට පැළ වී, පිපී, කරළ් හටගෙන) භූමිය අලංකාරවත් කරගෙන තිඛෙන අවස්ථාවේදී එහි අයිතිකරුවන් (අපි වගා කළ ගොයම් අස්වැන්න නෙළීමට කාලය එළඹ ඇත. හෙට) එය නියත වශයෙන්ම අපි කපා නෙළා ගන්නෙමු යයි අදහස් කරමින් සිටියහ. ඒ අවස්ථාවේදී, රාත්‍රියේදී හෝ දහවලේදී හෝ අපගේ නියෝගය (මගින් එක් විපතක්) පැමිණ එමගින් ඒවා ඊයේ දින ඒ ස්ථානයේ තිබුනේම නැත යයි සිතන්නට හැකි වන ලෙසට ඒවා අපි විනාශ කර දැමුවෙමු. (මෙම උදාහරණය) සිතා වටහා ගත හැකි ජනතාවට, අපි (අපගේ) ආයාවන් මෙසේ (පැහැදිලිව) විවරණය කරන්නෙමු.
وَٱللَّهُ يَدْعُوٓا۟ إِلَىٰ دَارِ ٱلسَّلَٰمِ وَيَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ٢٥
(මිනිසුනේ!) ශාන්තිය හා සමාදානය ලබා දිය හැකි නිවසටම අල්ලාහ් (ඔබව) ආරාධනා කරන්නේය. (ඔහුට අවනත වී කටයුතු කරන අයගෙන්) ඔහු කැමැත්තන්ව (එයට හිමි) ඍජු මාර්ගයෙහිම ඇතුළු කරන්නේය.
۞ لِّلَّذِينَ أَحْسَنُوا۟ ٱلْحُسْنَىٰ وَزِيَادَةٌۭ ۖ وَلَا يَرْهَقُ وُجُوهَهُمْ قَتَرٌۭ وَلَا ذِلَّةٌ ۚ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ ٢٦
හොඳක් කරන අයට (ඵලවිපාක) පින්ය! (ඔවුන් කළ දැයට වඩා) අධික වශයෙන්ද ලැඛෙනු ඇත. (එමගින් ඔවුන් ඉතාමත් සතුටට පත් වූවන් වශයෙන් සිටිනු ඇත). ඔවුන්ගේ මුහුණු ශෝකය හෝ නැතහොත් අවමානය හෝ වට කර ගන්නේ නැත. නියත වශයෙන්ම ඔවුන් ස්වර්ගවාසීන්ය. ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත.
وَٱلَّذِينَ كَسَبُوا۟ ٱلسَّيِّـَٔاتِ جَزَآءُ سَيِّئَةٍۭ بِمِثْلِهَا وَتَرْهَقُهُمْ ذِلَّةٌۭ ۖ مَّا لَهُم مِّنَ ٱللَّهِ مِنْ عَاصِمٍۢ ۖ كَأَنَّمَآ أُغْشِيَتْ وُجُوهُهُمْ قِطَعًۭا مِّنَ ٱلَّيْلِ مُظْلِمًا ۚ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ ٢۷
පාපයන් කවුරුන් කළා වුවද, පාපයන්ට අයත් ඵලවිපාක ඒ වගේම පාපයයි! ඔවුන්ව බැගෑවද පැමිණ සේන්දු වනු ඇත. අල්ලාහ්ගේ (දඬුවමෙන්) ඔවුන්ව බේරා ගන්නන් කිසිවෙකුත් නැත. අන්ධකාර වූ රාත්‍රියේ එක් කොටසක් පැමිණ වට කර ගත්තාක් මෙන් ඔවුන්ගේ මුහුණු (කළු වී) දක්නට ඇත. ඔවුන් නිරාවාසීන්ය. එහි ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත.
وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًۭا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا۟ مَكَانَكُمْ أَنتُمْ وَشُرَكَآؤُكُمْ ۚ فَزَيَّلْنَا بَيْنَهُمْ ۖ وَقَالَ شُرَكَآؤُهُم مَّا كُنتُمْ إِيَّانَا تَعْبُدُونَ ٢۸
(විනිශ්චය සඳහා) ඔවුන් සියල්ලන්වම අපි ඒකරාශී කරන දිනදී ඔවුන්ගෙන් සමානයන් තබා නමදින්නන්ට “ඔබත්, ඔබ සමානයන් තබා නැමදූ දෙවිවරුන්ද, පොඩියක් මෙහි ප්‍රමාද වනු” යයි පවසා, ඔවුන් අතරේ තිබුණු සම්බන්ධය පහ කරමු. ඒ අවස්ථාව්දී ඔවුන්ගේ දෙවිවරුන් (ඔවුන්ට) “ඔබ අපව නැමදුවේම නැත” යයිද-
فَكَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنَنَا وَبَيْنَكُمْ إِن كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَٰفِلِينَ ٢۹
“(මෙයට) අපටත් ඔබටත් අතරේ අල්ලාහ්ම ප්‍රමාණවත් සාක්ෂියක් වශයෙන් ඇත්තේය. ඔබ (අපව) නැමදීම දැන ගත්තේද නැත” යයි පවසනු ඇත.
هُنَالِكَ تَبْلُوا۟ كُلُّ نَفْسٍۢ مَّآ أَسْلَفَتْ ۚ وَرُدُّوٓا۟ إِلَى ٱللَّهِ مَوْلَىٰهُمُ ٱلْحَقِّ ۖ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ ۳۰
: එහි සෑම ආත්මයක්ම තමන් සිදු කර යැවූ අපරාධයන් විභාග කර, (එය පින්ද පව්ද යන්න) දැන ගනු ඇත. පසුව ඔවුන් තමන්ගේ සත්‍යය හාම්පුතා වන අල්ලාහ් දෙසටම ගෙන එනු ලබන්නාහ. ඔවුන් බොරුවට මනක්කල්පිත කරගෙන සිටි දෙවිවරුන් සියල්ල ඔවුන්ගෙන් සැඟවී යනු ඇත.
قُلْ مَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ أَمَّن يَمْلِكُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَمَن يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَيُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ وَمَن يُدَبِّرُ ٱلْأَمْرَ ۚ فَسَيَقُولُونَ ٱللَّهُ ۚ فَقُلْ أَفَلَا تَتَّقُونَ ۳١
(නබියේ!) ඔබ (ඔවුන්ට) “අහස්වලින්ද, භූමියෙන්ද ඔබට ආහාර ලබා දෙන්නේ කවරෙක්ද? (ඔබගේ) සවණටද, බැල්මටද අයිතිකරුවා කවරෙක්ද? පණ නැති දැයෙන් පණ ඇති දැයද, පණ ඇති දැයෙන් පණ නැති දැයද ඉකුත් කරන්නේ කවරෙක්ද? (ලොවෙහි) සියලූම කාරණාවන්ද සැලසුම් කර ක්‍රියාත්මක කරන්නේ කවරෙක්ද?”යි විමසනු මැනව! එයට ඔවුන් “අල්ලාහ්” යයි පවසනු ඇත. එසේ නම්, “(ඔහුට) ඔබ බිය විය යුතු නොවේද?”යි විමසනු මැනව!
فَذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمُ ٱلْحَقُّ ۖ فَمَاذَا بَعْدَ ٱلْحَقِّ إِلَّا ٱلضَّلَٰلُ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ ۳٢
“ඇත්තෙන්ම ඔහුම ඔබව උත්පාදනය කර, පෝෂණය කරන අල්ලාහ්ය! මෙම සත්‍යයෙන් පසුව, (ඔබ ඔහුට යටහත් පහත් නොවී සිටීම) දුර්මාර්ගය මිස, වෙන කිසිවක් නැත. (මෙම සත්‍යයෙන්) ඔබ කොහේට නම්, හැරෙනු ලබන්නෙහුද?” (යයිද නබියේ! ඔබ විමසනු මැනව!)
كَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ فَسَقُوٓا۟ أَنَّهُمْ لَا يُؤْمِنُونَ ۳۳
“(මොවුන් විශ්වාස නොකළ) මේ අන්දමටම පාපයෙහි ගැලී සිටින අනිත් අයද විශ්වාස කරන්නේම නැත” යයි ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව සත්‍යය වී ගියේය.
قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ۚ قُلِ ٱللَّهُ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ ۳٤
(තවද ඔවුන්ට) “අළුතින් උත්පාදනයන් ඇති කළ හැකි හා (මරණයෙන්) පසු ඒවා මිදීමට හැකි ඔබ සමානයන් තබා නමදින දෙවිවරුන්ගෙන් කුමක් හෝ දැයක් ඇත්ද?”යි (නබියේ!) ඔබ විමසනු (මැනව!). (එයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද? ඔබම ඔවුන්ගෙන්) “උත්පාදනයන් පළමුවෙන්ම උත්පාදනය කරන්නාද, (මැරුණායින්) පසු ඒවා මුදා ගන්නාද අල්ලාහ්ය” (යයිද පවසා “මෙම සත්‍යයෙන්) ඔබ කොහේ නම්, යන්නෙහුද?”යි විමසනු (මැනව!)
قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَهْدِىٓ إِلَى ٱلْحَقِّ ۚ قُلِ ٱللَّهُ يَهْدِى لِلْحَقِّ ۗ أَفَمَن يَهْدِىٓ إِلَى ٱلْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لَّا يَهِدِّىٓ إِلَّآ أَن يُهْدَىٰ ۖ فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ ۳٥
(තවද) “සත්‍යය (මාර්ගයෙහි) ඇතුළු කළ හැකි ඔබ නමදින දෙවිවරුන්ගෙන් කුමක් හෝ ඇත්තේද?” යයිද විමසනු. (එයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද? ඔබම ඔවුන්ට) “අල්ලාහ්ම සත්‍ය (ධර්ම)යෙහි ඇතුළු කළ හැකි අයයි. සත්‍ය (මාර්ග)යෙහි ඇතුළු කළ හැකි අයව අනුගමනය කිරීම සුදුසුද? නැතහොත් අනුන් මාර්ගය පෙන්වා නොදී තමන් විසින්ම මාර්ගයෙහි යා නොහැකි දැය අනුගමනය කිරීම සුදුසුද? ඔබට කුමන (වින්නැහියක්) සිදු වී ඇත්ද? (මෙයට වෙනස්ව) ඔබ කෙසේ නම් තීරණය කළ හැකිද?” යයිද ඔබ පවසනු මැනව!.
وَمَا يَتَّبِعُ أَكْثَرُهُمْ إِلَّا ظَنًّا ۚ إِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْـًٔا ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا يَفْعَلُونَ ۳٦
ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පුහු දිව්රුම ම මිස, අනුගමනය කරන්නේ නැත. නියත වශයෙන්ම පුහු සැකය, ඇත්ත දැන ගැනීමට පොඩියක් හෝ ප්‍රයෝජනවත් වන්නේ නැත. නියත වශනේම අල්ලාහ් ඔවුන් කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.
وَمَا كَانَ هَٰذَا ٱلْقُرْءَانُ أَن يُفْتَرَىٰ مِن دُونِ ٱللَّهِ وَلَٰكِن تَصْدِيقَ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ ٱلْكِتَٰبِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ ٱلْعَٰلَمِينَ ۳۷
මෙම කුර්ආනය අල්ලාහ් විසින් (පහළ කළා) මිස, (වෙන කිසිවෙකු විසින්) බොරුවට මනක්කල්පිත කර ගත් දැයක් නොව. තවද මෙය, මෙයට පෙර ඇති ධර්මයන් සත්‍යය කර තබා ඒවායේ ඇති දැය විවරණය කර පවසන්නක් වශයෙන්ද ඇත්තේය. එබැවින් (මෙය) ලෝකවාසී සියල්ලන්වම උත්පාදනය කර පෝෂණය කරන්නාගෙන් පැමිණියේය යන්නෙහි කිසිම සැකයක් නැත.
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ فَأْتُوا۟ بِسُورَةٍۢ مِّثْلِهِۦ وَٱدْعُوا۟ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَٰدِقِينَ ۳۸
මෙය (අපගේ දූතයා වන) “ඔහු බොරුවට මනක්කල්පිත කර ගත්තේය” යයි ඔවුන් කියන්නෙහුද? (එසේ නම් නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ සත්‍යය පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම් අල්ලාහ් හැර, ඔබට පුළුවන් දැය (ඔබට සහායට) කැඳවාගෙන (ඔබ සියල්ලන්ම ඒකරාශී වී) මෙහි ඇති දැය මෙන් පරිච්ඡේදයක් (නිර්මාණය කර) ගෙන එනු”.
بَلْ كَذَّبُوا۟ بِمَا لَمْ يُحِيطُوا۟ بِعِلْمِهِۦ وَلَمَّا يَأْتِهِمْ تَأْوِيلُهُۥ ۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلظَّٰلِمِينَ ۳۹
කිමෙක්ද! ඔවුන් තමන්ගේ බුද්ධියෙන් දැන ගත නොහැකි දැයද, (සිදු වනු ඇතැයි) එහි සඳහන්ව ඇති දැය නොසිදු වී තිබියදී ඒවාද, (එහි සඳහන්ව ඇති වෙනත් දැයද), බොරු යයි ඔවුන් පවසන්නාහ. ඔවුන්ට පෙර විසූවන්ද ඒ ආකාරයටම (තමන්ගේ බුද්ධියට ළඟා කර ගත නොහැකි දැයද, තමන් නොදැක්ක දැයද) බොරු යයි පවසමින් සිටියහ. එබැවින් එම අපරාධකාරයින්ගේ අවසානය කෙසේ වූයේදැයි යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු (මැනව!).
وَمِنْهُم مَّن يُؤْمِنُ بِهِۦ وَمِنْهُم مَّن لَّا يُؤْمِنُ بِهِۦ ۚ وَرَبُّكَ أَعْلَمُ بِٱلْمُفْسِدِينَ ٤۰
(ශුද්ධ වූ කුර්ආනයෙහි සඳහන් කරනු ලැබ ඇති දැය සිදු වන්නේය යයි) එය විශ්වාස කරන්නන්ද ඔවුන්ගෙන් ඇත. (සිදු වූ පසුද), එය විශ්වාස නොකරන්නන්ද ඔවුන්ගෙන් ඇත. (එය විශ්වාස නොකළ) මෙම අපරාධකරුවන්ව ඔබගේ දෙවියන් හොඳින් දැන ගන්නේය.
وَإِن كَذَّبُوكَ فَقُل لِّى عَمَلِى وَلَكُمْ عَمَلُكُمْ ۖ أَنتُم بَرِيٓـُٔونَ مِمَّآ أَعْمَلُ وَأَنَا۠ بَرِىٓءٌۭ مِّمَّا تَعْمَلُونَ ٤١
(නබියේ!) ඔබව බොරුකාරයා යයි ඔවුන් පැවසුවහොත් (ඔබ ඔවුන්ට “පින් හෝ පව් හෝ) මගේ ක්‍රියාවන්ගේ (ඵලවිපාක) මට අයත්ය. (එසේම) ඔබගේ ක්‍රියාවන්ගේ (ඵලවිපාක) ඔබට අයත්ය. මගේ ක්‍රියාවන්හි (ඵලවිපාකයන්)ගෙන් ඔබ අත්හැර දැමූ අයයි. ඔබගේ ක්‍රියාවන්හි (ඵලවිපාකයන්)ගෙන් මා අත්හැර දැමූ අයයි” යයි පවසනු (මැනව!).
وَمِنْهُم مَّن يَسْتَمِعُونَ إِلَيْكَ ۚ أَفَأَنتَ تُسْمِعُ ٱلصُّمَّ وَلَوْ كَانُوا۟ لَا يَعْقِلُونَ ٤٢
ඔවුන්ගෙන් ඔබගේ වදන් ඇසූ අය (මෙන් භාවිතා කරන්නන්)ද සිටින්නාහ. (එබැවින් ඔවුන් ඔබට අවනත වූහ යයි ඔබ සිතා ගත්තෙහිද? ඕනෑම දැයක් සවන් දී) දැන ගත නොහැකි (පූරණ) බිහිරන්ව අසන්නට සැලැස්වීමට ඔබට හැකිද?
وَمِنْهُم مَّن يَنظُرُ إِلَيْكَ ۚ أَفَأَنتَ تَهْدِى ٱلْعُمْىَ وَلَوْ كَانُوا۟ لَا يُبْصِرُونَ ٤۳
ඔබව බලන්නන්ද ඔවුන්ගෙන් බොහොමයක් සිටින්නාහ. (එබැවින් ඔවුන් ඔබව දැන ගත්තාහ යයි සිතා ගත්තෙහිද? කිසිවක්) බැලිය නොහැකි (උත්පත්තියෙන්) අන්ධයින්ව බලන්නට සැලැස්වීමට ඔබට හැකිද?
إِنَّ ٱللَّهَ لَا يَظْلِمُ ٱلنَّاسَ شَيْـًۭٔا وَلَٰكِنَّ ٱلنَّاسَ أَنفُسَهُمْ يَظْلِمُونَ ٤٤
නියත වශයෙන්ම මිනිසුන්ට එක් අනු ප්‍රමාණයකින් හෝ හානියක් කරන්නේ නැත. එහෙත් මිනිසුන් (නපුරු අපරාධයන් කර), තමන්ට තමන්ම අපරාධ කර ගන්නාහ.
وَيَوْمَ يَحْشُرُهُمْ كَأَن لَّمْ يَلْبَثُوٓا۟ إِلَّا سَاعَةًۭ مِّنَ ٱلنَّهَارِ يَتَعَارَفُونَ بَيْنَهُمْ ۚ قَدْ خَسِرَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِلِقَآءِ ٱللَّهِ وَمَا كَانُوا۟ مُهْتَدِينَ ٤٥
(විනිශ්චය සඳහා) ඔවුන්ව ඒකරාශී කරන දිනදී එක් දහවලක සුළු කාලයකදී මිස, (මෙලොවදී) තමන් රැඳී සිටියේ නැත යයි ඔවුන් සිතන අතර තමන් තුළ කෙනෙකුට කෙනෙකුව හඳුනා ගන්නාහ. (නමුත් කෙනෙකුට කෙනෙකු උදව් කිරීමට ඉදිරිපත් වන්නේ නැත). අල්ලාහ්ගේ හමුවීම බොරු කළ අයද, ඍජු මාර්ගයෙහි ඇතුළු නොකළ අයද, නියත වශයෙන්ම (එදිනදී) පරාජිත වී සිටිනු ඇත.
وَإِمَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ ٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا يَفْعَلُونَ ٤٦
(නබියේ!) අපි ඔවුන්ට පොරොන්දු වී ඇති (දඬුවම් වලින්) සමහරක් ඔබගේ ජීවිත කාලයේදීම) ඔබ දකින සේ සලස්වන්නෙමු. නැතහොත් (ඒවා පැමිණීමට පෙර) අපි ඔබව අත්පත් කර ගන්නෙමු. කෙසේ වෙතත් ඔවුන් අප වෙතම පැමිණිය යුතුව ඇත්තේය. අල්ලාහ් ඔවුන් කරන දැය බලාගෙනම සිටින්නේය.
وَلِكُلِّ أُمَّةٍۢ رَّسُولٌۭ ۖ فَإِذَا جَآءَ رَسُولُهُمْ قُضِىَ بَيْنَهُم بِٱلْقِسْطِ وَهُمْ لَا يُظْلَمُونَ ٤۷
සෑම සමුහයකටම (අප විසින් යවන ලද) එක් දූතයෙකු ඇත. ඔවුන්ගේ දූතයා (ඔවුන් වෙත) පැමිණෙන අවස්ථාවේදී, (ඔහුව අනුගමනය කරන්නන්ව ආරක්ෂා කරද, බොරු කළ අයව විනාශ කරද), ඔවුන් අතරේ සාධාරණවම විනිශ්චය කරනු ලබයි. ඔවුන් (අනු ප්‍රමාණයකින් හෝ) අසාධාරණ නොකරනු ලබන්නාහ.
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ ٤۸
“ඔබ සත්‍යය පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම් (ඔබ බිය ගන්වන) දඬුවම කවදා (එන්නේද)?”යි ඔවුන් විමසන්නාහ.
قُل لَّآ أَمْلِكُ لِنَفْسِى ضَرًّۭا وَلَا نَفْعًا إِلَّا مَا شَآءَ ٱللَّهُ ۗ لِكُلِّ أُمَّةٍ أَجَلٌ ۚ إِذَا جَآءَ أَجَلُهُمْ فَلَا يَسْتَـْٔخِرُونَ سَاعَةًۭ ۖ وَلَا يَسْتَقْدِمُونَ ٤۹
(එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් අදහස් කළ දැය මිස, කිසිම හොඳක් හෝ නරකක් හෝ මා මටම සොයා ගැනීමට ශක්තියක් නොමැත්තෙකි. සෑම සමුහයකටම එක්තරා නියමිත කාල අවකාශයක් ඇත. ඔවුන්ගේ වාරය පැමිණෙන අවස්ථාවේදී පැයක් පමා කිරීමද නොකරන්නාහ. ඉදිරියට ගැනීමද නොකරන්නාහ. (එම වාරයෙහිම ඔවුන්ගේ කාරණාව අවසන් කරනු ලැබේ).
قُلْ أَرَءَيْتُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُهُۥ بَيَٰتًا أَوْ نَهَارًۭا مَّاذَا يَسْتَعْجِلُ مِنْهُ ٱلْمُجْرِمُونَ ٥۰
(තවද) ඔබ මෙසේ පවසනු: “කවුරුන්ගේ දඬුවම රාත්‍රියේදී හෝ දහවලේදී හෝ (කුමන වේලාවකදී හෝ) ඔබ වෙත පැමිණෙන අවස්ථාවේදී (එය ඔබට වළක්වා ගත හැකිදැයි යන්න) අවධානය කර බැලූවෙහුද?” (නබියේ!) කුමක් නිසා මෙම වැරදිකරුවන් (දඬුවම කවදා එන්නේද? කවදා එන්නේදැ?යි අසමින්) ඉක්මන් කරන්නෙහුද?
أَثُمَّ إِذَا مَا وَقَعَ ءَامَنتُم بِهِۦٓ ۚ ءَآلْـَٰٔنَ وَقَدْ كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ ٥١
“(මේ අවස්ථාවේදී ඔබ ඉක්මන් කරමින් සිටින) එය පැමිණි පසුද එය ඔබ විශ්වාස කරන්නේ? (ඒ අවස්ථාවේදී ඔබ එය විශ්වාස කිරීමෙහි කිසිම ප්‍රයෝජනයක් නැත). ඔබ ඉක්මන් කරමින් සිටි දැය මෙන්න පැමිණ ඇත!” (යයිම මේ අවස්ථාවේදී කියනු ලබන්නාහ).
ثُمَّ قِيلَ لِلَّذِينَ ظَلَمُوا۟ ذُوقُوا۟ عَذَابَ ٱلْخُلْدِ هَلْ تُجْزَوْنَ إِلَّا بِمَا كُنتُمْ تَكْسِبُونَ ٥٢
තවද එම අපරාධකරුවන්ට “ස්ථීර වූ මෙම දඬුවම විඳිමින් සිටිනු. ඔබ සොයා ගත් (නපුරු) විපතට සරිලන ඵලවිපාකම ඔබට දෙනු ලැබීය” යයි කියනු ලැබේ.
۞ وَيَسْتَنۢبِـُٔونَكَ أَحَقٌّ هُوَ ۖ قُلْ إِى وَرَبِّىٓ إِنَّهُۥ لَحَقٌّۭ ۖ وَمَآ أَنتُم بِمُعْجِزِينَ ٥۳
(නබියේ!) “එය අත්තක්ද?”යි ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “ඇත්තය! මගේ දෙවියන් මත සත්තකින්ම! නියත වශයෙන්ම එය ඇත්තය! (එය) ඔබට වළක්වා දැමිය නොහැක.
وَلَوْ أَنَّ لِكُلِّ نَفْسٍۢ ظَلَمَتْ مَا فِى ٱلْأَرْضِ لَٱفْتَدَتْ بِهِۦ ۗ وَأَسَرُّوا۟ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ ۖ وَقُضِىَ بَيْنَهُم بِٱلْقِسْطِ ۚ وَهُمْ لَا يُظْلَمُونَ ٥٤
(අපගේ) දඬුවම ඇසින් දකින ඒ අවස්ථාවේදී අපරාධ කළ සෑම ආත්මයකින්ම ලොවෙහි ඇති (වස්තූන්) සියල්ල තිබුණද, ඒවා සියල්ලම (තමන්ට) වන්දි වශයෙන් දෙන්නට අදහස් කරති! තවද තමන්ගේ ලැජ්ජාව සඟවා ගන්නටද අදහස් කරති! (එදිනදී) ඒවාට සාධාරණවම විනිශ්චය දෙනු ලැබේ. (අනු ප්‍රමාණයකින් හෝ) ඒවාට අසාධාරණයක් කරනු නොලබයි.
أَلَآ إِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ أَلَآ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ٥٥
(මිනිසුනේ!) අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල අල්ලාහ්ටම අයත්ය යන්න නියත වශයෙන්ම දැන ගනු. අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය යන්නද නියත වශයෙන්ම දැන ගනු. එහෙත් ඔවුන්ගෙන් බොහොමයක් (මෙය) දැන ගන්නේ නැත.
هُوَ يُحْىِۦ وَيُمِيتُ وَإِلَيْهِ تُرْجَعُونَ ٥٦
ඔහුම (ඔබට) පණ දෙන්නේය. ඔහුම (ඔබව) මරණයට පත් කරන්නේය. පසුව ඔහු වෙතම (පරලොවදී) ඔබව ගෙන එනු ලබන්නෙහුය.
يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَتْكُم مَّوْعِظَةٌۭ مِّن رَّبِّكُمْ وَشِفَآءٌۭ لِّمَا فِى ٱلصُّدُورِ وَهُدًۭى وَرَحْمَةٌۭ لِّلْمُؤْمِنِينَ ٥۷
මිනිසුනේ! ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් නියත වශයෙන්ම එක් හොඳ ඔවදනක් පැමිණ ඇත්තේය. (ඔබගේ) හෘදයන්හි ඇති අසනීපයන්ට එය එක්තරා පිළියමකි. තවද (එය) විශ්වාසය තැබූවන්ට ඍජු මාර්ගය පෙන්වන්නක් වශයෙන්ද එක් වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය.
قُلْ بِفَضْلِ ٱللَّهِ وَبِرَحْمَتِهِۦ فَبِذَٰلِكَ فَلْيَفْرَحُوا۟ هُوَ خَيْرٌۭ مِّمَّا يَجْمَعُونَ ٥۸
“(මෙය) අල්ලාහ්ගේ වරප්‍රසාදයක් වශයෙන්ද, ඔහුගේ ආදර කරුණාවක් වශයෙන්ද, (උපයෝගී කර) ඒ වෙනුවෙන් ඔවුන් සතුටට පත් විය යුතුය. මෙය ඔවුන් එක්රැස් කර තබා ඇති (අනිත් වස්තූන්) සියල්ලට වඩා ඉතාමත් උසස්ය” යයිද (නබියේ!) ඔබ පවසනු මැනව!.
قُلْ أَرَءَيْتُم مَّآ أَنزَلَ ٱللَّهُ لَكُم مِّن رِّزْقٍۢ فَجَعَلْتُم مِّنْهُ حَرَامًۭا وَحَلَٰلًۭا قُلْ ءَآللَّهُ أَذِنَ لَكُمْ ۖ أَمْ عَلَى ٱللَّهِ تَفْتَرُونَ ٥۹
(තවද නබියේ!) ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ වෙනුවෙන් අල්ලාහ් පහළ කර ඇති ආහාර ද්‍රව්‍ය ඔබ අවධානය කර බැලූවෙහුද? ඒවායෙන් සමහරක් අනුමත නැත යයිද, සමහරක් අනුමත ඇත යයිද (ඔබගේ කැමැත්තට අනුව) ඔබ පත් කර ගන්නෙහුද! (මෙසේ ඔබගේ කැමැත්තට අනුව කර ගැනීමට) අල්ලාහ් ඔබට අනුමැතිය ලබා දී ඇත්තේද? නැතහොත් අල්ලාහ් කෙරෙහි මනක්කල්පිතව (බොරු) පවසන්නෙහුද?”යි ඔබ විමසනු (මැනව!)
وَمَا ظَنُّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ إِنَّ ٱللَّهَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ ٦۰
අල්ලාහ් කෙරෙහි මනක්කල්පිතව බොරු ගොතන්නන් විනිශ්චය දිනය ගැන කුමක් නම් සිතන්නෙහුද? (එය බොරුවක් යයි සිතන්නෙහුද?) නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන් කෙරෙහි ඉමහත් දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය. (නැතහොත් ඔවුන්ව එවෙලෙ එවෙලේම දඬුවම් කර ඇත්තේය). මෙසේ තිබියදී ඔවුන්ගෙන් බොහොමයක් (ඔහුට) කෘතඥ වන්නේ නැත.
وَمَا تَكُونُ فِى شَأْنٍۢ وَمَا تَتْلُوا۟ مِنْهُ مِن قُرْءَانٍۢ وَلَا تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ ۚ وَمَا يَعْزُبُ عَن رَّبِّكَ مِن مِّثْقَالِ ذَرَّةٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ وَلَآ أَصْغَرَ مِن ذَٰلِكَ وَلَآ أَكْبَرَ إِلَّا فِى كِتَٰبٍۢ مُّبِينٍ ٦١
ඔබ කුමන තත්වයක සිටියත් කුර්ආනයෙන් ඔබ කුමක් (කුමන ආයාවක්) සමුදීරණය කළා වුවද, (ඔබගේ කාරණාවන්හි) ඔබ කළා වුවද, ඔබ ඒවායෙහි යෙදී සිටියදීම ඔබව අපි අවධානය නොකර සිටින්නේ නැත. භූමියෙහි හෝ අහස්හි හෝ ඇති දැයෙන් එක් අනු ප්‍රමාණයකින් හෝ (නබියේ!) ඔබගේ දෙවියන් නොදැන වැරද යන්නේ නැත. මේවාටත් වඩා කුඩා හෝ නැතහොත් ලොකු හෝ (කුමක් වුවද), ඔහුගේ පැහැදිලි සටහන් පුස්තකයෙහි සටහන් නොකර ඇත්තේ නැත.
أَلَآ إِنَّ أَوْلِيَآءَ ٱللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ٦٢
(විශ්වාසවන්තයිනි!) අල්ලාහ්ට අයත් හොඳ වහලූන්ට නියත වශයෙන්ම කිසිම බියක් නැත. ඔවුන් දුක් වන්නේද නැත යන්න ඔබ (ස්ථීර වශයෙන්) දැන ගනු.
ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ ٦۳
ඔවුන් (දෙවියන්ව ඇත්තෙන්ම) විශ්වාස කර (ඔහුට) බිය වීද කටයුතු කරන්නාහ.
لَهُمُ ٱلْبُشْرَىٰ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْءَاخِرَةِ ۚ لَا تَبْدِيلَ لِكَلِمَٰتِ ٱللَّهِ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ٦٤
මෙලොව ජීවිතයෙහිද, පරලොවෙහිද ඔවුන්ට ශුභාරංචි ඇත. (උසස් වූ පදවීන් ඔවුන්ට ලබා දෙන බවට පවසා ඇති) අල්ලාහ්ගේ පොරොන්දුවල කිසිම වෙනසක් නැත. මෙයම ඉමහත් වූ විශාල භාග්‍යයකි.
وَلَا يَحْزُنكَ قَوْلُهُمْ ۘ إِنَّ ٱلْعِزَّةَ لِلَّهِ جَمِيعًا ۚ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ٦٥
(නබියේ! ඔබව අවමන් කර කතා කරන) ඔවුන්ගේ වදන් ඔබව සසළ නොකෙරෙත්වා! නියත වශයෙන්ම ගෞරවයන් සියල්ල අල්ලාහ්ටම අයත්ය! (ඔහු කැමැත්තන්ට ඒවා ලබා දෙන්නේය). ඔහු සවන් දෙන්නෙකු වශයෙන්ද, (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය.
أَلَآ إِنَّ لِلَّهِ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ ۗ وَمَا يَتَّبِعُ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ شُرَكَآءَ ۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ ٦٦
අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල නියත වශයෙන්ම අල්ලාහ්ටම අයිතිය යන්න ඔබ දැන ගනු. (මෙසේ තිබියදී) අල්ලාහ් හැර අනිත් දැය දෙවිවරුන් යයි ආරාධනා කරන්නන් කුමක් නම් අනුගමනය කරන්නෙහුද? පුහු සැකය මිස, (වෙන කිසිවක්) ඔවුන් අනුගමනය කරන්නේ නැත. තවද ඔවුන් පුහු මනක්කල්පිත කරන්නන්ය!.
هُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِتَسْكُنُوا۟ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَسْمَعُونَ ٦۷
ඔබ සනීපයක් අත් කර ගැනීම සඳහා රාත්‍රියද, (ඔබ සියල්ල පැහැදිලිව) බලා ගැනීම සඳහා ද හවලද, ඔබට ඔහුම සලස්වා ඇත. (ඔහුගේ ආයාවන්ට) සවන් දෙන ජනතාවට නියත වශයෙන්ම මෙහි බොහොමයක් සාධකයන් ඇත්තේය.
قَالُوا۟ ٱتَّخَذَ ٱللَّهُ وَلَدًۭا ۗ سُبْحَٰنَهُۥ ۖ هُوَ ٱلْغَنِىُّ ۖ لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ إِنْ عِندَكُم مِّن سُلْطَٰنٍۭ بِهَٰذَآ ۚ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ ٦۸
අල්ලාහ්ට පරම්පරාවේ දරුවන් ඇතැයි ඔවුන් පවසන්නාහ. ඔහු නම්, (මෙම සිතුවිල්ලෙන්) ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔහු (දරුවන්ගේ) අවශ්‍යතාවයක් නැත්තෙකි. අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල ඔහුටම අයිතිය. (ඔහුට පරම්පරාවේ දරුවන් ඇතැයි කියන) මෙයට, ඔබ අත කිසිම සාක්ෂ්‍යක් නැත. ඔබ (නියත වශයෙන්ම) නොදැනම අල්ලාහ් කෙරෙහි (මෙසේ බොරු) කියන්නෙහුද?
قُلْ إِنَّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ لَا يُفْلِحُونَ ٦۹
“කවුරුන් අල්ලාහ් කෙරෙහි (මෙසේ) මනක්කල්පිතව බොරු කියන්නෙහුද, ඔවුන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ නැත” යයි (නබියේ!) ඔබ පවසනු (මැනව!)
مَتَٰعٌۭ فِى ٱلدُّنْيَا ثُمَّ إِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِيقُهُمُ ٱلْعَذَابَ ٱلشَّدِيدَ بِمَا كَانُوا۟ يَكْفُرُونَ ۷۰
(මෙවැන්නන්) මෙලොවෙහි සුළු සැපතක් විඳිය හැකිය. පසුව (පරලොවදී නම්), අප වෙතම ඔවුන් පැමිණිය යුතුව ඇත්තේය. පසුව (සත්‍යය මෙසේ) ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔවුන් දරුණු දඬුවම විඳින ලෙසට අපි සලස්වන්නෙමු.
۞ وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِۦ يَٰقَوْمِ إِن كَانَ كَبُرَ عَلَيْكُم مَّقَامِى وَتَذْكِيرِى بِـَٔايَٰتِ ٱللَّهِ فَعَلَى ٱللَّهِ تَوَكَّلْتُ فَأَجْمِعُوٓا۟ أَمْرَكُمْ وَشُرَكَآءَكُمْ ثُمَّ لَا يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةًۭ ثُمَّ ٱقْضُوٓا۟ إِلَىَّ وَلَا تُنظِرُونِ ۷١
(නබියේ!) නූහුගේ ඉතිහාසය ඔබ ඔවුන්ට සමුදීරණය කර පෙන්වනු (මැනව!) ඔහු තම ජනතාවට “මගේ ජනතාවෙනි! මා (ඔබ වෙතින් පැමිණ) සිටීමද, මා (ඔබට) අල්ලාහ්ගේ වදන් කියවා පෙන්වීමද, ඔබට බරක් වශයෙන් දැනී, (ඒ වෙනුවෙන් ඔබ මා හට යම්කිසි හානියක් කිරීමට අදහස්) කළහොත් මා අල්ලාහ් මතම විශ්වාසය තබා ඇත්තෙමි. ඔබ අඩුපාඩුවක් කර දැමුවේය යයි පසුව ඔබට කණගාටුවක් නොවන සේ ඔබ, ඔබගේ සහායයන්ද එක්කාසු කර ගනිමින්, ඔබ සියල්ලන්ම එක්කාසු වී (මට හානියක් කිරීමට) එක් කාරණාවක් තීරණයක් කරගෙන, (ඒ තීරණයට අනුව) මට සිදු කර බලනු. (මෙහි) ඔබ පොඩියක් හෝ ප්‍රමාදයක් නොකරනු” යයි පැවසුවේය.
فَإِن تَوَلَّيْتُمْ فَمَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُسْلِمِينَ ۷٢
“(තවද) නැවතත් (මාව) ප්‍රතික්ෂේප කර හැරියහොත් (ඒ ගැන මට කිසිම දුකක් නැත. මන්දයත්) මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලිය අල්ලාහ් වෙතින්ම මිස, (වෙන කිසිවෙකු වෙත) නැත. මා (ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන) මුස්ලීම්වරුන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින ලෙසට අණ කරනු ලැබ ඇත්තෙමි” (යයි පැවසුවේය).
فَكَذَّبُوهُ فَنَجَّيْنَٰهُ وَمَن مَّعَهُۥ فِى ٱلْفُلْكِ وَجَعَلْنَٰهُمْ خَلَٰٓئِفَ وَأَغْرَقْنَا ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُنذَرِينَ ۷۳
එහෙත් ඔවුන් නම්, (පසුවද) ඔහුව බොරුකාරයා යයිම පැවසූහ. එබැවින් ඔහුවද, ඔහුට ලැදි අයවද නැවෙහි (පටවා) බේරාගෙන, අපගේ ආයාවන් බොරු කළ අයව (විශාල ජල ගැල්මෙහි) ගිල්වා දැමුවෙමු. (ඔවුන් වෙනුවට ඔවුන්ගේ භූමියෙහි අපි බේරා ගත්) මොවුන්ව අධිපතීන් බවට පත් කළෙමු. බිය ගන්වා අනතුරු අඟවනු ලැබූ ඔවුන්ගේ අවසානය කෙසේ වුයේදැයි යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු (මැනව!)
ثُمَّ بَعَثْنَا مِنۢ بَعْدِهِۦ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَآءُوهُم بِٱلْبَيِّنَٰتِ فَمَا كَانُوا۟ لِيُؤْمِنُوا۟ بِمَا كَذَّبُوا۟ بِهِۦ مِن قَبْلُ ۚ كَذَٰلِكَ نَطْبَعُ عَلَىٰ قُلُوبِ ٱلْمُعْتَدِينَ ۷٤
ඔහුගෙන් පසු පැමිණි ජනතාවටද අපි දූතයින් කිහිප දෙනෙකු යැව්වෙමු. ඔවුන්ද පැහැදිලි සාධකයන්ම ඔවුන් වෙත ගෙන ආවාහ. එහෙත් මොවුන්ට පෙර (මොවුන්ගේ මුතුන් මිත්තන්) බොරු කරමින් සිටි දැය (එනම් සත්‍යයන් ගැන) මොවුන්ද, විශ්වාසවන්තයින් වශයෙන් සිටියේ නැත. සීමාව ඉක්මවන මෙවැන්නන්ගේ හෘදයන් කෙරෙහි (ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන්) මේ අන්දමටම අපි මුද්‍රා කර හරින්නෙමු.
ثُمَّ بَعَثْنَا مِنۢ بَعْدِهِم مُّوسَىٰ وَهَٰرُونَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ بِـَٔايَٰتِنَا فَٱسْتَكْبَرُوا۟ وَكَانُوا۟ قَوْمًۭا مُّجْرِمِينَ ۷٥
මොවුන්ගෙන් පසු මූසාවද, හාරූන්වද අපගේ සාධකයන් සමග (අපගේ දූතයින් වශයෙන්) ෆිර්අවුන් වෙතද, ඔහුගේ ප්‍රධානීන් වෙතද යැවුවෙමු. එහෙත් මොවුන් උඬගු වී (සත්‍යය ප්‍රතික්ෂේප කර) වැරදි කරන ජනතාවක් බවටම පත් වූහ.
فَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ مِنْ عِندِنَا قَالُوٓا۟ إِنَّ هَٰذَا لَسِحْرٌۭ مُّبِينٌۭ ۷٦
ඔවුන්ට අපගෙන් සත්‍ය (සාධකයන්) පැමිණි අවස්ථාවේදී “නියත වශයෙන්ම මෙය පැහැදිලි සූනියමක් මිස, වෙන කිසිවක් නැත” යයි පැවසූහ.
قَالَ مُوسَىٰٓ أَتَقُولُونَ لِلْحَقِّ لَمَّا جَآءَكُمْ ۖ أَسِحْرٌ هَٰذَا وَلَا يُفْلِحُ ٱلسَّٰحِرُونَ ۷۷
(එයට) මූසා (ඔවුන්ට) “සත්‍යයම ඔබ වෙත පැමිණි අවස්ථාවේදී ඔබට මෙසේ කිව හැකිද? මෙය සූනියමක් විය හැකිද? සුනියම්කරුවන් ජයග්‍රහණය කරන්නේ නැත” යයි පැවසුවේය.
قَالُوٓا۟ أَجِئْتَنَا لِتَلْفِتَنَا عَمَّا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَا وَتَكُونَ لَكُمَا ٱلْكِبْرِيَآءُ فِى ٱلْأَرْضِ وَمَا نَحْنُ لَكُمَا بِمُؤْمِنِينَ ۷۸
(එයට) ඔවුන් “අපගේ මුතුන් මිත්තන් කුමක් (කුමන ධර්මයක්) මත සිටිනු අපි දැක්කෙමුද, එයින් (ධර්මයෙන්) අපව හරවා යැවීම සඳහාද,මෙම භූමියෙහි ඔබ දෙදෙනා ලොකු අය වීම සඳහාද, ඔබ අප වෙත පැමිණියේ? ඔබ දෙදෙනාවම (දෙවියන්ගේ දූතයින් යයි) අපි විශ්වාස කරන්නේ නැත” යයි පැවසූහ.
وَقَالَ فِرْعَوْنُ ٱئْتُونِى بِكُلِّ سَٰحِرٍ عَلِيمٍۢ ۷۹
පසුව ෆිර්අවුන් (තම ජනතාවට) “සූනියමෙහි අග තැන්පත් සියල්ලන්වම මා වෙත කැඳවාගෙන එනු” යයි අණ කළේය.
فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالَ لَهُم مُّوسَىٰٓ أَلْقُوا۟ مَآ أَنتُم مُّلْقُونَ ۸۰
(විවිධ ස්ථානයන්හි සිටි) සූනියම්කරුවන් (නියමිත වේලාවට නියමිත ස්ථානයට) පැමිණ සේන්දු වූ වහාම, මූසා ඔවුන්ට “ඔබ (සූනියම් කිරීමට) වීසි කරන්නට ඇති දැය වීසි (කර ඔබගේ සූනියම ක්‍රියාත්මක) කරනු” යයි පැවසුවේය.
فَلَمَّآ أَلْقَوْا۟ قَالَ مُوسَىٰ مَا جِئْتُم بِهِ ٱلسِّحْرُ ۖ إِنَّ ٱللَّهَ سَيُبْطِلُهُۥٓ ۖ إِنَّ ٱللَّهَ لَا يُصْلِحُ عَمَلَ ٱلْمُفْسِدِينَ ۸١
(එසේ) ඔවුන් වීසි කර (සූනියම) කළ වහාම මූසා (ඔවුන්ට) “ඔබ කළ සියල්ල නිකම්ම නිකම් සූනියමකි. නියත වශයෙන්ම ඉතා ඉක්මනින් අල්ලාහ් මේවා විනාශ කර දමනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් (සූනියම් කර) නපුරක් කළ අයගේ ක්‍රියාවන් සාර්ථක කරන්නේ නැත”.
وَيُحِقُّ ٱللَّهُ ٱلْحَقَّ بِكَلِمَٰتِهِۦ وَلَوْ كَرِهَ ٱلْمُجْرِمُونَ ۸٢
“නියත වශයෙන්ම අල්ලාහ් තම පොරොන්දු මගින් සත්‍යය අනිවායදැයෙන්ම ස්ථීර කර හරින්නේය. (එය) වැරදිකරුවන් පිළිකුල් කළද කම් නැත!” යයි පැවසුවේය.(ඔහු පැවසූ ආකාරයටම ඔවුන් කළ සූනියම් සියල්ල විනාශ කර දැමුවේය).
فَمَآ ءَامَنَ لِمُوسَىٰٓ إِلَّا ذُرِّيَّةٌۭ مِّن قَوْمِهِۦ عَلَىٰ خَوْفٍۢ مِّن فِرْعَوْنَ وَمَلَإِي۟هِمْ أَن يَفْتِنَهُمْ ۚ وَإِنَّ فِرْعَوْنَ لَعَالٍۢ فِى ٱلْأَرْضِ وَإِنَّهُۥ لَمِنَ ٱلْمُسْرِفِينَ ۸۳
(මෙය අවධානය කළ පසුද), මූසාව ඔහුගේ වාර්ගිකයින්ගෙන් සමහරෙක්ම විශ්වාස කළහ. ඔවුන්ද තමන්ව ෆිර්අවුන්ද, ඔහුගේ ප්‍රධානීන්ද, වේදනා ගෙනදේවිදෝ යයි බිය වෙමින්ම සිටියහ. මන්දයත් නියත වශයෙන්ම ෆිර්අවුන් එම දේශයෙහි ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන් සිටි බැවින් සීමාව ඉක්මවා (දුක් කරදර ඇති) කරමින් සිටියේය.
وَقَالَ مُوسَىٰ يَٰقَوْمِ إِن كُنتُمْ ءَامَنتُم بِٱللَّهِ فَعَلَيْهِ تَوَكَّلُوٓا۟ إِن كُنتُم مُّسْلِمِينَ ۸٤
මූසා (තම ජනතාවට) “මගේ ජනතාවෙනි! ඔබ (ඇත්තෙන්ම) අල්ලාහ්ව විශ්වාස කර, ඔබ ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වූවන් වශයෙන්ද සිටි බැවින් සම්පූර්ණයෙන්ම ඔහුව විශ්වාස කර (ඔහු වෙතම ඔබගේ කාරණාවන් සියල්ල බාර කර) දමනු” යයි පැවසුවේය.
فَقَالُوا۟ عَلَى ٱللَّهِ تَوَكَّلْنَا رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةًۭ لِّلْقَوْمِ ٱلظَّٰلِمِينَ ۸٥
එයට ඔවුන් “(එසේම) අල්ලාහ් වෙත අපගේ කාරණාවන් සියල්ල බාර කර හැරියෙමු. අපගේ දෙවියනේ! ඔබ අපව අපරාධ කරන ජනතාවගෙන් පිරික්සුමට ලක් කර නොහරිනු (මැනව!)” යයි ප්‍රාර්ථනා කළහ.
وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ ٱلْقَوْمِ ٱلْكَٰفِرِينَ ۸٦
“(අපගේ දෙවියනේ!) ප්‍රතික්ෂේප කරන ජනතාවගෙන් ඔබගේ දයාව මගින් ඔබ අපව බේරා ගනු මැනව!” (යයිද ප්‍රාර්ථනා කළහ).
وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوْمِكُمَا بِمِصْرَ بُيُوتًۭا وَٱجْعَلُوا۟ بُيُوتَكُمْ قِبْلَةًۭ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ ۸۷
(එබැවින්) මූසාටද, ඔහුගේ සහෝදරයාටද, අපි වහී පහළ කළෙමු. “ඔබ දෙදෙනාම ඔබගේ ජනතාව වෙනුවෙන් මිසරයෙහි නිවාස කිහිපයක් තනා දෙනු. ඔබගේ එම නිවෙස්ම නැමදුම්පළවල් බවට පත් කර, (ඒවායෙහි) නොවරදවා නමදිමින් සිටිනු. තවද (‘ඔබ නිදහස ලබනු ඇත’ යයිද) විශ්වාසය තැබූවන්ට ඔබ ශුභාරංචි පවසනු මැනව!”.
وَقَالَ مُوسَىٰ رَبَّنَآ إِنَّكَ ءَاتَيْتَ فِرْعَوْنَ وَمَلَأَهُۥ زِينَةًۭ وَأَمْوَٰلًۭا فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا رَبَّنَا لِيُضِلُّوا۟ عَن سَبِيلِكَ ۖ رَبَّنَا ٱطْمِسْ عَلَىٰٓ أَمْوَٰلِهِمْ وَٱشْدُدْ عَلَىٰ قُلُوبِهِمْ فَلَا يُؤْمِنُوا۟ حَتَّىٰ يَرَوُا۟ ٱلْعَذَابَ ٱلْأَلِيمَ ۸۸
මූසා (තම දෙවියන්ට) “අපගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබ ෆිර්අවුන්ටද, ඔහුගේ ප්‍රධානීන්ටද, අලංකාරයන් (ආඩම්බර)ද, මෙලොව ජීවිතයට අයත් වස්තූන්ද ලබා දී ඇත්තේය. එබැවින් අපගේ දෙවියනේ! ඔවුන් (ඒවා මගින් අනිත් මිනිසුන්ව) ඔබගේ මාර්ගයෙන් හරවා දමන්නෙහුය. අපගේ දෙවියනේ! ඔවුන්ගේ වස්තූන් (සියල්ල) විනාශ කර දමා ඔවුන්ගේ හෘදයන්ද දැඩි කර හරිනු. වේදනා ගෙන දෙන දඬුවම ඔවුන් (දෑසින්) දකිනතුරු ඔවුන් විශ්වාස කරන්නේ නැත යයි ප්‍රාර්ථනා කළේය.
قَالَ قَدْ أُجِيبَت دَّعْوَتُكُمَا فَٱسْتَقِيمَا وَلَا تَتَّبِعَآنِّ سَبِيلَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ ۸۹
(එයට) ඔහු “(ඕ මූසා, හාරූන්!) ඔබ දෙදෙනාගේ ප්‍රාර්ථනාවන් බාර ගනු ලැබීය. ඔබ ස්ථීර වශයෙන් සිටිනු. බුද්ධියක් නැති අයගේ මාර්ගය ඔබ අනුගමනය නොකරනු” යයි පැවසුවේය.
۞ وَجَٰوَزْنَا بِبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْبَحْرَ فَأَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُودُهُۥ بَغْيًۭا وَعَدْوًا ۖ حَتَّىٰٓ إِذَآ أَدْرَكَهُ ٱلْغَرَقُ قَالَ ءَامَنتُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱلَّذِىٓ ءَامَنَتْ بِهِۦ بَنُوٓا۟ إِسْرَٰٓءِيلَ وَأَنَا۠ مِنَ ٱلْمُسْلِمِينَ ۹۰
ඉස්රායීල පරම්පරාවේ දරුවන්ව මුහුද තරනය කරන ලෙසට අපි සැලැස්සුවෙමු. ෆිර්අවුන්ද ඔහුගේ යුද හමුදාවන්ද, සීමාව ඉක්මවා දුක් ගැහැට කිරීමේ (අදහසින්) ඔවුන් පසුපස එළවාගෙන ගියහ. (එබැවින් ඔවුන්ව අපි මුහුදෙහි ගිල්වා දැමුවෙමු). ෆිර්අවුන් ගිලී යාමට ආරම්භ වන විට, ඔහු “ඉස්රායීල පරම්පරාවේ දරුවන් විශ්වාස කර ඇති දෙවියන්ව මමද විශ්වාස කරන්නෙමි. ඔහු හැර වෙන කිසිම දෙවියෙක් නැත. තවද මා ඔහුට සම්පූර්ණයන්ම අවනත වූවන්ගෙන් (කෙනෙකු වශයෙන්) සිටින්නෙමි” යයි (ආරක්ෂාව පතා) වැළපුනේය.
ءَآلْـَٰٔنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنتَ مِنَ ٱلْمُفْسِدِينَ ۹١
(එයට අපි ඔහුට) “මේ අවස්ථාවදීද (ඔබ විශ්වාස කරන්නේ!) ටිකකට කළින් දක්වා, ඔබ වෙනස්කම් කරමින් අපරාධකාරයින්ගේ එක් (ප්‍රධානියෙකු) වශයෙන්ම සිටියෙහිය.
فَٱلْيَوْمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنْ خَلْفَكَ ءَايَةًۭ ۚ وَإِنَّ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ عَنْ ءَايَٰتِنَا لَغَٰفِلُونَ ۹٢
එහෙත් ඔබගෙන් පසු පැමිණෙන්නන්ට එක් සාක්ෂියක් වශයෙන් තැබීමට ඔබගේ දේහය (විනාශ නොවී) අපි අද දින ආරක්ෂා කර තබමු” (යයි පැවසුවෙමු). එහෙත් නියත වශයෙන්ම මිනිසුන්ගෙන් බොහොමයක් දෙනා (එවැනි) සාධකයන් ගැනද නොසැලකිලිමත්ව සිටින්නාහ.
وَلَقَدْ بَوَّأْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ مُبَوَّأَ صِدْقٍۢ وَرَزَقْنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ فَمَا ٱخْتَلَفُوا۟ حَتَّىٰ جَآءَهُمُ ٱلْعِلْمُ ۚ إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ ۹۳
නියත වශයෙන්ම අපි ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට (පොරොන්දු වූ) ඉතාමත් පහසුකමින් යුක්ත ස්ථානයක් ලබා දී හොඳ ආහාරයන්ද ඔවුන්ට ලබා දෙමින් සිටියෙමු. තවද සත්‍ය ඥානය (නමැති මෙම ධර්මය) ඔවුන් වෙත පැමිණෙන තුරු (මෙයට ඔවුන්) වෙනස්කම් දැක්වූයේ නැත. (පැමිණි පසුම මෙය ප්‍රතික්ෂේප කර වෙනස්කම් කරන්නාහ). කුමක් සඳහා ඔවුන් වෙනස්කම් කරන්නෝද, (ඒ ගැන) ඔවුන්ට විනිශ්චය දිනදී නියත වශයෙන්ම (එයයි සත්‍යය යයි) ඔබගේ දෙවියන් තීන්දුවක් දෙනු ඇත.
فَإِن كُنتَ فِى شَكٍّۢ مِّمَّآ أَنزَلْنَآ إِلَيْكَ فَسْـَٔلِ ٱلَّذِينَ يَقْرَءُونَ ٱلْكِتَٰبَ مِن قَبْلِكَ ۚ لَقَدْ جَآءَكَ ٱلْحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُونَنَّ مِنَ ٱلْمُمْتَرِينَ ۹٤
(නබියේ!) අපි ඔබට දයාව පහළ කර ඇති මෙහි (පොඩියක් හෝ සැක නොසිතනු). ඔබ සැක කළහොත් ඔබට පෙර පහළ කරන ලද ධර්මයන් සමුදීරණය කරන්නන් වෙත ඔබ විමසා බලනු. නියත වශයෙන්ම ඔබ දෙවියන්ගේ සන්නිධානයෙන්ම සත්‍යය (වූ මෙම ධර්මය) ඔබ වෙත පැමිණ ඇත. එබැවින් සැක සිතන්නන්ගෙන් ඔබත් (කෙනෙකු) බවට පත් නොවනු.
وَلَا تَكُونَنَّ مِنَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ فَتَكُونَ مِنَ ٱلْخَٰسِرِينَ ۹٥
තවද අල්ලාහ්ගේ ආයාවන් බොරු කරන්නන් සමග ඔබ එක්කාසු නොවනු. එසේ වුවහොත් පරාජිතයින්ගෙන් ඔබත් කෙනෙකු බවට පත් වන්නෙහිය.
إِنَّ ٱلَّذِينَ حَقَّتْ عَلَيْهِمْ كَلِمَتُ رَبِّكَ لَا يُؤْمِنُونَ ۹٦
නියත වශයෙන්ම කවුරුන් මත (පාපතරයන් යයි) ඔබ දෙවියන්ගේ පොරොන්දුව (තීන්දුව) ආවේද, ඔවුන් විශ්වාස කරන්නේම නැත.
وَلَوْ جَآءَتْهُمْ كُلُّ ءَايَةٍ حَتَّىٰ يَرَوُا۟ ٱلْعَذَابَ ٱلْأَلِيمَ ۹۷
වේදනා ගෙන දෙන දඬුවමම ඔවුන් (දෑසින්) දකින තුරු සාක්ෂීන් සියල්ල ඔබ ඔවුන් වෙත ගෙන ආවා වුවද, (ඔවුන් විශ්වාස කරන්නේම නැත).
فَلَوْلَا كَانَتْ قَرْيَةٌ ءَامَنَتْ فَنَفَعَهَآ إِيمَٰنُهَآ إِلَّا قَوْمَ يُونُسَ لَمَّآ ءَامَنُوا۟ كَشَفْنَا عَنْهُمْ عَذَابَ ٱلْخِزْىِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَمَتَّعْنَٰهُمْ إِلَىٰ حِينٍۢ ۹۸
තමන්ගේ විශ්වාසය ප්‍රයෝජනවත් වන අන්දමට (දඬුවම පැමිණීමට පෙරම දඬුවමේ සළකුණු දුටු වහාම, විශ්වාස කර, දඬුවමෙන් බේරුණු) යූනුස්ගේ ජනතාව මෙන් අනිත් ගම්වාසීන් සිටිය යුතු නොවේද? ඔවුන් (දඬුවමේ සළකුණු දුටු වහාම, දඬුවම පැමිණීමට පෙරම) විශ්වාසය තැබූ බැවින් මෙලොව ජීවිතයෙහි අවමන් ගෙන දෙන දඬුවම ඔවුන්ගෙන් අපි පහ කර හැරියෙමු. තවද සුළු කාලයක් සැප සම්පත් විඳින්නට ඔවුන්ව අත්හැර දැමුවෙමු.
وَلَوْ شَآءَ رَبُّكَ لَءَامَنَ مَن فِى ٱلْأَرْضِ كُلُّهُمْ جَمِيعًا ۚ أَفَأَنتَ تُكْرِهُ ٱلنَّاسَ حَتَّىٰ يَكُونُوا۟ مُؤْمِنِينَ ۹۹
ඔබගේ දෙවියන් අදහස් කර තිබුනේ නම්, භූමියෙහි ඇති සියල්ලන්ම ඒකරාශී වී විශ්වාස කර ඇත්තෙහුය. (එබැවින්) මිනිසුන් (සියල්ලන්ම) විශ්වාසවන්තයින් විය යුතුය යයි ඔවුන්ව ඔබට බල කළ හැකිද?
وَمَا كَانَ لِنَفْسٍ أَن تُؤْمِنَ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَيَجْعَلُ ٱلرِّجْسَ عَلَى ٱلَّذِينَ لَا يَعْقِلُونَ ١۰۰
කුමන ආත්මයක් හෝ අල්ලාහ්ගේ දයාව නොමැතිව විශ්වාසය තැබිය නොහැක. නමුත් බුද්ධියක් නොමැත්තන් (වන අපරාධකාරයින්) මත (ඔවුන්ගේ නපුරෙහි හේතුවෙන්) පාපයන්හි බර පටවන්නේය.
قُلِ ٱنظُرُوا۟ مَاذَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَا تُغْنِى ٱلْءَايَٰتُ وَٱلنُّذُرُ عَن قَوْمٍۢ لَّا يُؤْمِنُونَ ١۰١
(නබියේ! ඔවුන්ට) “අහස්හිද භූමියෙහිද ඇති දැය කුමක්ද යන්න (පොඩියක්) අවධානය කර බලනු” යයි පවසනු මැනව! එහෙත් විශ්වාසය නොතැබූ ජනතාවට (අපගේ) සාධකයන්ද, බිය ගන්වා අනතුරු ඇඟවීමද කිසිම ප්‍රයෝජනයක් නැත.
فَهَلْ يَنتَظِرُونَ إِلَّا مِثْلَ أَيَّامِ ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلِهِمْ ۚ قُلْ فَٱنتَظِرُوٓا۟ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ ١۰٢
(නබියේ!) ඔවුන් තමන්ට පෙර ඉකුත් වූ අයට ඇති වූ අමාරුකම මෙන්ම මිස, (වෙන කිසිවක්) බලාපොරොත්තු වන්නෙහුද? (එබැවින් ඔවුන්ට “එවැනි අමාරු කාලයක්ම ඔබටද පැමිණෙන්නට ඇත). එබැවින් (එය) ඔබත් බලාපොරොත්තු වනු. නියත වශයෙන්ම මමත් (එය ඔබට පැමිණීම), ඔබ සමග බලාපොරොත්තුවෙන්ම සිටින්නෙමි” යයි පවසනු මැනව!.
ثُمَّ نُنَجِّى رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُوا۟ ۚ كَذَٰلِكَ حَقًّا عَلَيْنَا نُنجِ ٱلْمُؤْمِنِينَ ١۰۳
(එසේ දඬුවම පැමිණෙන කාලයෙහි) අපි අපගේ දූතයින්ව බේරා ගන්නෙමු. මෙසේම විශ්වාසය තැබූවන්වද (බේරා ගන්නෙමු. මන්දයත්) විශ්වාසය තැබූවන්ව බේරා ගැනීම අප කෙරෙහි අනිවායදැය යුතුකමක් වශයෙන්ම ඇත්තේය.
قُلْ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمْ فِى شَكٍّۢ مِّن دِينِى فَلَآ أَعْبُدُ ٱلَّذِينَ تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ وَلَٰكِنْ أَعْبُدُ ٱللَّهَ ٱلَّذِى يَتَوَفَّىٰكُمْ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ ١۰٤
(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “මිනිසුනේ! ඔබ මගේ ධර්මයෙහි සැක සිතුවද, අල්ලාහ් හැර, ඔබ නමදින දැය මා කිසි කලෙක නමදින්නට යන්නේ නැත. එහෙත් ඔබගේ කිසිවෙකුගේ පණ හෝ අත්පත් කිරීමට (ශක්තියක් ඇති) අල්ලාහ්වම මා නමදින්නෙමි. විශ්වාසවන්තයින්ගෙන් මමත් කෙනෙකු වශයෙන් සිටිය යුතුය යයිම අණ කරනු ලැබ ඇත්තෙමි.
وَأَنْ أَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًۭا وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ ١۰٥
(නබියේ!) ඍජු මාර්ගය දෙසටම ඔබගේ මුහුණ සදාකල් හරවා තබනු මැනව! සමානයන් තබා නමදින්නන්ගෙන් ඔබත් කෙනෙකු බවට පත් නොවනු.
وَلَا تَدْعُ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكَ وَلَا يَضُرُّكَ ۖ فَإِن فَعَلْتَ فَإِنَّكَ إِذًۭا مِّنَ ٱلظَّٰلِمِينَ ١۰٦
එබැවින් ඔබට යම්කිසි හොඳක් හෝ නරකක් හෝ කිරීමට ශක්තියක් නැති අල්ලාහ් නොවන දැය (දෙවියන් යයි) ඔබ ආරාධනා නොකරනු. එසේ කළහොත් ඒ අවස්ථාවේදීම අපරාධකාරයින්ගෙන් ඔබත් කෙනෙකු බවට පත් වන්නෙහිය.
وَإِن يَمْسَسْكَ ٱللَّهُ بِضُرٍّۢ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَ ۖ وَإِن يُرِدْكَ بِخَيْرٍۢ فَلَا رَآدَّ لِفَضْلِهِۦ ۚ يُصِيبُ بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۚ وَهُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ ١۰۷
අල්ලාහ් ඔබට යම්කිසි හානියක් කරන විට, එය පහ කිරීමට ඔහු හැර, වෙන කිසිවෙකුටත් නොහැකිය. ඔහු ඔබට යම්කිසි හොඳක් කිරීමට අදහස් කළහොත් ඔහුගේ එම දයාව වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකිය. තම වහලූන්ගෙන් ඔහු කැමැත්තන්ටම එය ලබා දෙන්නේය. ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.
قُلْ يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُمُ ٱلْحَقُّ مِن رَّبِّكُمْ ۖ فَمَنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَآ أَنَا۠ عَلَيْكُم بِوَكِيلٍۢ ١۰۸
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මිනිසුනේ! නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන්ම මෙම සත්‍ය ධර්මය ඔබ වෙත පැමිණ ඇත්තේය. කවුරුන් (මෙය අනුගමනය කර), ඍජු මාර්ගයෙහිම ගමන් කරන්නේද ඔහු, තමන්ගේ යහපත සඳහාම (එම) ඍජු මාර්ගයෙහි යන්නේය. කවුරුන් (මෙය අනුගමනය නොකර) මාර්ගය වැරද යන්නේද, ඔහු, නියත වශයෙන්ම තමන්ට නපුරු මාර්ගයෙහිම යන්නේය. තවද මා ඔබව (බල කර) පරිපාලනය කිරීමේ බලය ලැබූ කෙනෙකු නොව.
وَٱتَّبِعْ مَا يُوحَىٰٓ إِلَيْكَ وَٱصْبِرْ حَتَّىٰ يَحْكُمَ ٱللَّهُ ۚ وَهُوَ خَيْرُ ٱلْحَٰكِمِينَ ١۰۹
(නබියේ!) වහී මගින් ඔබට දැනුම් දෙනු ලැබූ දැයම ඔබ අනුගමනය කරමින් සිටිනු. අල්ලාහ් තීන්දුවක් දෙන තුරු (සතුරන්ගෙන් ඇති වන දුක් කරදර ඉවසීමෙන් යුතුව) විඳ දරාගෙන සිටිනු. විනිශ්චය දෙන්නන්ගෙන් ඔහුම ඉතාමත් ශ්‍රේෂ්ඨය.