< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓر ۚ تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْمُبِينِ ۝١

අලිෆ්. ලාම්. රා. මේවා පැහැදිලි වූ එම ධර්මයෙහි (සමහර) ආයාවන් වන්නේය.

إِنَّآ أَنزَلْنَٰهُ قُرْءَٰنًا عَرَبِيًّۭا لَّعَلَّكُمْ تَعْقِلُونَ ۝٢

(අරාබිවරුණි!) ඔබ හොඳින් දැන ගැනීම පිණිස කුර්ආනය නමැති මෙම (ධර්මය) නියත වශයෙන්ම අපිම (ඔබගේ) අරාබි භාෂාවෙන් පහළ කළෙමු.

نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ ٱلْقَصَصِ بِمَآ أَوْحَيْنَآ إِلَيْكَ هَٰذَا ٱلْقُرْءَانَ وَإِن كُنتَ مِن قَبْلِهِۦ لَمِنَ ٱلْغَٰفِلِينَ ۝۳

(නබියේ!) වහී මගින් අපි ඔබට දැනුම් දෙන මෙම කුර්ආනය මගින් ඉතිහාසයන්ගෙන් ඉතාමත් අලංකාරවත් එකක් ඔබට අපි පවසන්නෙමු. මෙයට පෙර නියත වශයෙන්ම ඔබ (මෙය) නොදැනුවත් කෙනෙකු වශයෙන්ම සිටියෙහිය.

إِذْ قَالَ يُوسُفُ لِأَبِيهِ يَٰٓأَبَتِ إِنِّى رَأَيْتُ أَحَدَ عَشَرَ كَوْكَبًۭا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ رَأَيْتُهُمْ لِى سَٰجِدِينَ ۝٤

යූසුෆ් (නබි, යාකූබ් නබි වන) තමන්ගේ පියාට “මගේ පියාණෙනි! තාරකා එකොළහක්ද, සූයදැයාද, චන්ද්‍රයාද ඇත්තෙන්ම මා හට සුජූද් කරනු මා (සිහිනෙන්) දුටුවෙමි” යයි පැවසූ අවස්ථාවේදී

قَالَ يَٰبُنَىَّ لَا تَقْصُصْ رُءْيَاكَ عَلَىٰٓ إِخْوَتِكَ فَيَكِيدُوا۟ لَكَ كَيْدًا ۖ إِنَّ ٱلشَّيْطَٰنَ لِلْإِنسَٰنِ عَدُوٌّۭ مُّبِينٌۭ ۝٥

(යාකූබ් නබි, යූසුෆ් නබිට) “මගේ ආදරණීය පුතුනේ! ඔබ දුටු සිහිනය ඔබගේ සහෝදරයින්ට නොපවසනු. (එසේ පැවසුවහොත්) ඔවුන් ඔබට විපතක් කිරීමට කුමන්ත්‍රණ කරනු ඇත. මන්දයත් නියත වශයෙන්ම ෂෙයිතාන් මිනිසුන්ට ප්‍රකට සතුරෙකු වශයෙන් සිටින්නේය. (කුමන්ත්‍රණ කරන මෙන් ඔවුන්ව මොහු පොළඹවන්නට ඉඩ ඇත)” යයි පැවසුවේය.

وَكَذَٰلِكَ يَجْتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ وَيُتِمُّ نِعْمَتَهُۥ عَلَيْكَ وَعَلَىٰٓ ءَالِ يَعْقُوبَ كَمَآ أَتَمَّهَا عَلَىٰٓ أَبَوَيْكَ مِن قَبْلُ إِبْرَٰهِيمَ وَإِسْحَٰقَ ۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٌۭ ۝٦

තවද “(ඔබ සිහිනෙන් දුටු) මේ අන්දමටම ඔබගේ දෙවියන් ඔබව තෝරාගෙන, සිහිනයන්ගේ අර්ථ දැක්වීම්ද, ඔබට උගන්වා දී, ඔබ කෙරෙහිද, යාකූබ්ගේ (අනිත්) පවුලේ උදවිය කෙරෙහිද, ඔහු තමන්ගේ වරප්‍රසාදයන් පූරණය කර තබනු ඇත. මේ අන්දමටම මෙයට පෙර ඉබ්රාහීම්, ඉස්හාක් ආදී ඔබගේ මුතුන් මිත්තන් දෙදෙනා කෙරෙහිද (තමන්ගේ වරප්‍රසාදය වන) එය පූරණය කර තැබුවේය. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානය අයත් අයෙකු වශයෙන් සිටින්නේය” (යයිද පැවසුවේය).

۞ لَّقَدْ كَانَ فِى يُوسُفَ وَإِخْوَتِهِۦٓ ءَايَٰتٌۭ لِّلسَّآئِلِينَ ۝۷

(නබියේ! සත්‍යය) විමසන්නන්ට නියත වශයෙන්ම යූසුෆ්ගේ (ඉතිහාසයෙහි)ද ඔහුගේ සහෝදරයින්ගේ (ඉතිහාසයෙහි)ද බොහොමයක් පාඩම් ඇත්තේය.

إِذْ قَالُوا۟ لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰٓ أَبِينَا مِنَّا وَنَحْنُ عُصْبَةٌ إِنَّ أَبَانَا لَفِى ضَلَٰلٍۢ مُّبِينٍ ۝۸

(යාකූබ් නබි තම පුතුන් ෙදාළොස් දෙනාගෙන් යූසුෆ්වද, බුන්යාමීන්වද අධික වශයෙන් ආදරය කිරීම ගැන අවධානය කළ අනිත් පුතුන් ඊර්ෂ්‍යා කර) “අපි ශක්තිවන්තයින් වශයෙන් සිටියදී යූසුෆ්ද, ඔහුගේ සහෝදරයාද අපගේ පියාට අපට වඩා අධික වශයෙන් කැමැත්තට පාත්‍ර වූවන් වශයෙන් සිටින්නාහ. (මෙහි) අපගේ පියා නියත වශයෙන්ම ප්‍රකට වැරැද්දෙහි සිටින්නේය”.

ٱقْتُلُوا۟ يُوسُفَ أَوِ ٱطْرَحُوهُ أَرْضًۭا يَخْلُ لَكُمْ وَجْهُ أَبِيكُمْ وَتَكُونُوا۟ مِنۢ بَعْدِهِۦ قَوْمًۭا صَٰلِحِينَ ۝۹

“(එබැවින්) යූසුෆ්ව මරා දමනු. නැතහොත් භූමියෙහි කොහේ හෝ තැනකට පහ කර හරිනු. (ඉන් පසුව) ඔබගේ පියාගේ බැල්ම සම්පූර්ණයෙන්ම ඔබ දෙසටම හැරී සිටිනු ඇත! මින් පසුව ඔබ (දෙවියන්ගෙන් සමාව ඉල්ලාගෙන) හොඳ මිනිසුන් බවට පත් වනු” යයි පැවසූහ.

قَالَ قَآئِلٌۭ مِّنْهُمْ لَا تَقْتُلُوا۟ يُوسُفَ وَأَلْقُوهُ فِى غَيَٰبَتِ ٱلْجُبِّ يَلْتَقِطْهُ بَعْضُ ٱلسَّيَّارَةِ إِن كُنتُمْ فَٰعِلِينَ ۝١۰

(එයට) ඔවුන්ගෙන් කෙනෙකු “යූසුෆ්ව ඔබ මරා නොදමනු. ඔබ (ඔහුට) යම්කිසි (විපතක්) අනිවායදැයෙන්ම කළ යුතුය යයි අදහස් කරන්නේ නම්, ගැඹුරු පාලූ ලිඳකට ඔහුව වීසි කර දමනු. මැඟියන් කවුරුන් හෝ ඔහුව (ලිෙඳන් එළියට) ගැනීමට ඉඩ ඇත” යයි පැවසුවේය.

قَالُوا۟ يَٰٓأَبَانَا مَا لَكَ لَا تَأْمَ۫نَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُۥ لَنَٰصِحُونَ ۝١١

(පසුව ඔවුන් තමන්ගේ පියා වෙත පැමිණ) “අපගේ පියාණෙනි! කුමන කාරණාවක් නිසා යූසුෆ් ගැන ඔබ අපව විශ්වාස නොකරන්නෙහිද? අපි නම්, ඇත්තෙන්ම ඔහුට හොඳක්ම බලාපොරොත්තුවෙන් සිටින්නෙමු”.

أَرْسِلْهُ مَعَنَا غَدًۭا يَرْتَعْ وَيَلْعَبْ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ ۝١٢

“හෙට දින ඔහුව අප සමග යවනු (මැනව!) ඔහු (කැලේ ඇති පලතුරු) අනුභව කරමින්ද, සෙල්ලම් කරමින්ද සිටිනු ඇත. නියත වශයෙන්ම අපි ඔහුව ආරක්ෂා කර ගන්නෙමු” යයි පැවසූහ.

قَالَ إِنِّى لَيَحْزُنُنِىٓ أَن تَذْهَبُوا۟ بِهِۦ وَأَخَافُ أَن يَأْكُلَهُ ٱلذِّئْبُ وَأَنتُمْ عَنْهُ غَٰفِلُونَ ۝١۳

(එයට ඔහු) “ඔබ ඔහුව කැඳවාගෙන යාම මා හට දුකක් ඇති කරනු ඇත. තවද ඔබ (සෙල්ලම් කරමින්) ඔහුව අමතක කර දමා නොසැළකිලිමත්ව සිටින අවස්ථාවේදී වෘකයෙකු ඔහුට (පහර දී) කා දමනු ඇතැයි මා බිය වන්නෙමි” යයි ඔහු පැවසුවේය.

قَالُوا۟ لَئِنْ أَكَلَهُ ٱلذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ إِنَّآ إِذًۭا لَّخَٰسِرُونَ ۝١٤

එයට ඔවුන් “ශක්තිවන්තයින් වන අපි සිටියදී ඔහුව වෘකයෙකු කා දමන්නේ නම්, නියත වශයෙන්ම අපි දුර්වලයන් බවට පත් වන්නෙමු නොවෙද?”යි පවසා (අනුමැතිය ලබා දීමට සලස්වා)

فَلَمَّا ذَهَبُوا۟ بِهِۦ وَأَجْمَعُوٓا۟ أَن يَجْعَلُوهُ فِى غَيَٰبَتِ ٱلْجُبِّ ۚ وَأَوْحَيْنَآ إِلَيْهِ لَتُنَبِّئَنَّهُم بِأَمْرِهِمْ هَٰذَا وَهُمْ لَا يَشْعُرُونَ ۝١٥

යූසුෆ්ව කැඳවාගෙන ගොස් ඔහුව ගැඹුරු පාළු ලිඳක වීසි කර දැමිය යුතුය යයිම ඔවුන් සියල්ලන්ම ඒකරාශී වී තීරණයක් කර ගනිමින් (වීසි කර) දැමූහ. “ඔවුන්ගේ මෙම ක්‍රියාව ගැන (කලකදී) ඔබ ඔවුන්ට දැනුම් දෙන්නෙහිය. ඒ අවස්ථාවේදී ඔවුන් (ඔබව) දැන ගන්නේද නැත” යයි අපි යූසුෆ්ට වහී දැනුම් දුන්නෙමු.

وَجَآءُوٓ أَبَاهُمْ عِشَآءًۭ يَبْكُونَ ۝١٦

(එදා) හිරු අවරට ගිය පසු ඔවුන් තම පියා වෙත හඞමින් පැමිණ

قَالُوا۟ يَٰٓأَبَانَآ إِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوسُفَ عِندَ مَتَٰعِنَا فَأَكَلَهُ ٱلذِّئْبُ ۖ وَمَآ أَنتَ بِمُؤْمِنٍۢ لَّنَا وَلَوْ كُنَّا صَٰدِقِينَ ۝١۷

“අපගේ පියාණෙනි! නියත වශයෙන්ම අපි යූසුෆ්ව අපගේ බඩු බාහිරාදිය සමග අත්හැර දමා (ඒ මේ අත) දිව (සෙල්ලම් කරමින් ඈත එපිටට) ගියෙමු. ඒ අවස්ථාවේදී ඔහුව වෘකයා (පහර දී) කා දැමුවේය. අපි (කොපමණ) සත්‍යය පැවසුවද, (එය) ඔබ විශ්වාස කරන්නේ නැත” යයි පැවසූහ.

وَجَآءُو عَلَىٰ قَمِيصِهِۦ بِدَمٍۢ كَذِبٍۢ ۚ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًۭا ۖ فَصَبْرٌۭ جَمِيلٌۭ ۖ وَٱللَّهُ ٱلْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ ۝١۸

තවද (තමන්ගේ පියාට පෙන්වීම සඳහා) ඔහුගේ කමිසයෙහි (එළුවෙකුගේ) බොරු ලේ පැල්ලමක් තවරාගෙනැවිත් (පෙන්)වූහ. (ලේ තැවරුනණු එම කමිසය නොඉරී තිබීම දැක “වෘකයා පහර දී කා දැමුවේ) නැත. ඔබගේ සිත් එක් (නපුරු) කාරණාවක් ඔබට අලංකාරවත් කර පෙන්වා හැරියේය. (ඒ අන්දමටම ඔබ කළෙහුය). එබැවින් (මෙම ශෝකය) විඳ දරා ගැනීමම අගනේය. ඔබ පවසන දැයෙන් (යූසුෆ්ව ආරක්ෂා කර ගන්නා මෙන්) අල්ලාහ් වෙතම උදව් උපකාර ඉල්ලා සිටින්නෙමි” යයි පැවසුවේය.

وَجَآءَتْ سَيَّارَةٌۭ فَأَرْسَلُوا۟ وَارِدَهُمْ فَأَدْلَىٰ دَلْوَهُۥ ۖ قَالَ يَٰبُشْرَىٰ هَٰذَا غُلَٰمٌۭ ۚ وَأَسَرُّوهُ بِضَٰعَةًۭ ۚ وَٱللَّهُ عَلِيمٌۢ بِمَا يَعْمَلُونَ ۝١۹

පසුව (ළිඳ අසළට) එක් සංචාරකයින් සමූහයක් පැමිණියහ. ඔවුන් තමන්ගෙන් කෙනෙකු (වතුර ගෙන ඒමට) යැවූහ. ඔහු තම බාල්දිය (ළිඳට) දැමුවේය. (යූසුෆ් එහි වාඩි වූවේය). යූසුෆ් එහි සිටිනු දැක “(ඔබට) සුභාරංචියකි! මෙන්න එක් (අලංකාරවත්) දරුවෙකු!” යයි (යූසුෆ්ව පෙන්වමින්) පැවසුවේය. (ඔහුව දුටු ඔවුන්, තම) වෙළෙඳ භාණ්ඩයක් වශයෙන් ඔහුව (පත් කර ගැනීමට අදහස් කරමින්) සඟවා ගත්හ. අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාව හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.

وَشَرَوْهُ بِثَمَنٍۭ بَخْسٍۢ دَرَٰهِمَ مَعْدُودَةٍۢ وَكَانُوا۟ فِيهِ مِنَ ٱلزَّٰهِدِينَ ۝٢۰

(මේ අතර ඔහුගේ සහෝදරයින් එතැනට පැමිණ “මොහු බේරී පැන ආ අපගේ වහලෙකි” යයි පවසා ඔවුන් වෙතම) ඔහුව, ඔවුන් සුළු මුදලකට විකුණා දැමූහ. (මන්දයත් ඔහුගේ සහෝදරයින් වන) ඔවුන්, ඔහුව ඉතාමත් පිළිකුල් කරන්නන් වශයෙන්ම සිටියහ.

وَقَالَ ٱلَّذِى ٱشْتَرَىٰهُ مِن مِّصْرَ لِٱمْرَأَتِهِۦٓ أَكْرِمِى مَثْوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوْ نَتَّخِذَهُۥ وَلَدًۭا ۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِى ٱلْأَرْضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ ۚ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمْرِهِۦ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ۝٢١

(ඔහුව මිලදී ගත් අයද ඔහුව ඊජිප්තුවට ගෙන ගොස් එම රටේ අධිපති වෙත විකුණා දැමුවේය). ඊජිප්තුවේදී ඔහුව මිලදී ගත් අය, තම බිරිඳට “ඔබ මොහුව ඉතාමත් ගෞරවණීය අන්දමින් තබා ගනු. (ඔහුගෙන්) අපට හොඳක් අත් කර ගත හැකිය. නැතහොත් ඔහුව අපි අපගේ (හදා වඩා ගන්නා) පුතෙකු බවට පත් කර ගත හැකිය” යයි පැවසුවේය. යූසුෆ් එම රටේ උසස් තනතුරක් හෙබවීම පිණිසද, (කළින් ඔහු දුටුවාක් වැනි) සිහිනයන්ගේ පැහැදිලි කිරීම් ඔහුට උගන්වා දීම පිණිසද, මෙසේ අපි ඔහුට පහසුකම් සැලැස්සුවෙමු. අල්ලාහ් තම සිතුවිළි ඉටු කිරීමෙහි (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය. නමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත.

وَلَمَّا بَلَغَ أَشُدَّهُۥٓ ءَاتَيْنَٰهُ حُكْمًۭا وَعِلْمًۭا ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ۝٢٢

ඔහු තම තරුණ විය අත් කර ගත් වහාම අපි ඔහුට ඥානයද, අධ්‍යාපනයද ලබා දුන්නෙමු. මෙසේ හොඳ දැය කරන්නන්ට අපි ඵලවිපාක ලබා දෙන්නෙමු.

وَرَٰوَدَتْهُ ٱلَّتِى هُوَ فِى بَيْتِهَا عَن نَّفْسِهِۦ وَغَلَّقَتِ ٱلْأَبْوَٰبَ وَقَالَتْ هَيْتَ لَكَ ۚ قَالَ مَعَاذَ ٱللَّهِ ۖ إِنَّهُۥ رَبِّىٓ أَحْسَنَ مَثْوَاىَ ۖ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّٰلِمُونَ ۝٢۳

ඔහු සිටි නිවසෙහි හාම්පුතාගේ බිරිඳ (ඔහුට ආලය කර, තමන්ව විලාසිතාවන්ගෙන් අලංකාරවත් කරගෙන) සියලූම ෙදාරටු වසා දැමීමෙන් අනතුරුව තමන්ගේ කැමැත්තට එකඟ වන ලෙසට ඔහුව ‘එනු’ යයි ආරාධනා කළාය. එයට ඔහු ‘(මාව) අල්ලාහ් ආරක්ෂා කර ගනු මැනව!’ යයිද ‘නියත වශයෙන්ම මගේ හාම්පුතා වන (ඔබගේ ස්වාමි)පුරුෂයා මාව ඉතාමත් (ආදරයෙන්ද) ගෞරවණීය අන්දමටද තබා ඇත්තේය. (මෙවැනි හොඳක් කරන අයට ද්‍රෝහිකම් කරන) අපරාධකාරයින් හොඳක් අත් කර ගන්නේ නැත’ යයිද පැවසුවේය.

وَلَقَدْ هَمَّتْ بِهِۦ ۖ وَهَمَّ بِهَا لَوْلَآ أَن رَّءَا بُرْهَٰنَ رَبِّهِۦ ۚ كَذَٰلِكَ لِنَصْرِفَ عَنْهُ ٱلسُّوٓءَ وَٱلْفَحْشَآءَ ۚ إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُخْلَصِينَ ۝٢٤

ඇය ඔහුව ආලය කිරීමෙහි ඉතාමත් ස්ථීරව සිටියාය. ඔහු තම දෙවියන්ගේ අනතුරු ඇඟවීම නොදුටුවේ නම් ඔහුද, ඇයව ආලය කරන්නටම ඉඩ තිබුණි. එහෙත් නපුරෙන්ද, අවමන් ගෙන දෙන ක්‍රියාවන්ගෙන්ද, ඔහුව හරවා හැරීම සඳහා අපි (ඔහුට) මෙසේ (අනතුරු ඇඟවීම්) කළෙමු. නියත වශයෙන්ම ඔහු අපගේ (සත්‍යය වූ) තෝරා ගනු ලැබූ වහලූන්ගෙන් කෙනෙකු වශයෙන් සිටියේය.

وَٱسْتَبَقَا ٱلْبَابَ وَقَدَّتْ قَمِيصَهُۥ مِن دُبُرٍۢ وَأَلْفَيَا سَيِّدَهَا لَدَا ٱلْبَابِ ۚ قَالَتْ مَا جَزَآءُ مَنْ أَرَادَ بِأَهْلِكَ سُوٓءًا إِلَّآ أَن يُسْجَنَ أَوْ عَذَابٌ أَلِيمٌۭ ۝٢٥

(යූසුෆ ් ඇයව අත්හැර දමා බේරීමට සිතා ගනිමින් පිටතට යාමට දිව ගියේය. ඇය ඔහුව අල්ලා ගැනීමට සිතා ඔහු පසුපස දිවුවාය). දෙදෙනාම කෙනෙකු අනිත් කෙනාව අභිබවා යාමට ෙදාරටුව දෙසට වේගයෙන් දිව ගියහ. (යූසුෆ් ඉදිරියට ගියෙන්, ඔහුගේ කමිසයෙන් අල්ලා ඇද්දාය). එබැවින් ඔහුගේ කමිසයේ පිටුපස ඉරී ගියේය. ඒ අවස්ථාවේදී ප්‍රධාන ෙදාරටුව අසළ ඇයගේ ස්වාමිපුරුෂයා සිටිනු දෙදෙනාම දුටුවහ. (එබැවින් ඇය බිය වී තමන් බේරීමට අදහස් කර, ඔහුට) “ඔබගේ බිරිඳට විපතක් කිරීමට අදහස් කළ අයට සිර ගත කිරීම හෝ නැතහොත් වේදනා ගෙන දෙන දඬුවම් දීම මිස, වෙන දඬුවමක් ඇත්ද?”යි පැවසුවාය.

قَالَ هِىَ رَٰوَدَتْنِى عَن نَّفْسِى ۚ وَشَهِدَ شَاهِدٌۭ مِّنْ أَهْلِهَآ إِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن قُبُلٍۢ فَصَدَقَتْ وَهُوَ مِنَ ٱلْكَٰذِبِينَ ۝٢٦

(යූසුෆ් එය ප්‍රතික්ෂේප කර) “ඇයයි මාව බල කර, තමන් වෙත ආරාධනා කළේ” යයි පැවසුවේය. (මේ අතර එහි සිටි) ඇයගේ පවුලේ කෙනෙකු (මෙයට) සාක්ෂි වශයෙන් මෙසේ පැවසුවේය: “ඔහුගේ කමිසයේ ඉදිරිපස ඉරා දමනු ලැබ තිඛෙන්නේ නම්, ඇය සත්‍යය පවසන්නීය. ඔහු බොරු කාරයෙකි!”

وَإِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن دُبُرٍۢ فَكَذَبَتْ وَهُوَ مِنَ ٱلصَّٰدِقِينَ ۝٢۷

“තවද ඔහුගේ කමිසයේ පිටුපස ඉරා දමනු ලැබ තිඛෙන්නේ නම්, ඇය බොරු කියන්නීය. ඔහු සත්‍යය පවසන්නෙකි!” (යයි කීවේය).

فَلَمَّا رَءَا قَمِيصَهُۥ قُدَّ مِن دُبُرٍۢ قَالَ إِنَّهُۥ مِن كَيْدِكُنَّ ۖ إِنَّ كَيْدَكُنَّ عَظِيمٌۭ ۝٢۸

එබැවින් (ඇයගේ ස්වාමිපුරුෂයා) යූසුෆ්ගේ කමිසය අවධානය කර බැලීමෙන් එය පිටුපස පැත්තෙන් ඉරී තිඛෙනු දැක (තම බිරිඳට) “නියත වශයෙන්ම මෙය (කාන්තාවන් වන) ඔබලාගේ කුමන්ත්‍රණයකි. නියත වශයෙන්ම ඔබලාගේ කුමන්ත්‍රණය ඉතාමත් ඉමහත්ය” (යයි පවසා)

يُوسُفُ أَعْرِضْ عَنْ هَٰذَا ۚ وَٱسْتَغْفِرِى لِذَنۢبِكِ ۖ إِنَّكِ كُنتِ مِنَ ٱلْخَاطِـِٔينَ ۝٢۹

(යූසුෆ්ට) “ඕ යුසුෆ්! ඔබ මෙය මෙතැනින් අත්හැර දමනු. (මේ ගැන කිසිවෙකු සමග විමර්ෂණය නොකරනු” යයි පවසා, නැවතත් ඇයට) “ඔබ, ඔබගේ පාපයට සමාව ඇයද සිටිනු. නියත වශයෙන්ම ඔබමය වැරැද්ද කර ඇත්තේ” යයි පැවසුවේය.

۞ وَقَالَ نِسْوَةٌۭ فِى ٱلْمَدِينَةِ ٱمْرَأَتُ ٱلْعَزِيزِ تُرَٰوِدُ فَتَىٰهَا عَن نَّفْسِهِۦ ۖ قَدْ شَغَفَهَا حُبًّا ۖ إِنَّا لَنَرَىٰهَا فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ۝۳۰

(මෙම කාරණාව පිටතට පැතිර යාමට පටන් ගත් වහාම) එම නගරයේ සිටි කාන්තාවන් බොහොමයක් දෙනා (මෙය අවමානයෙන් යුතුව සිතා) “අසීස්ගේ බිරිඳ තමන් වෙත සිටින එක් (වහල්) තරුණයෙකු තමන්ට අවනත වන ලෙසට බල කර ඇත්තීය. ආලය ඇයව රවටා දැමීය! නියත වශයෙන්ම ඇය ඉතාමත් වැරදි මාර්ගයක සිටිනු අපි දකින්නෙමු” යයි (ඉතාමත් අවමානයෙන් යුතුව) කතා බහ කරන්නට වූහ.

فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَـًۭٔا وَءَاتَتْ كُلَّ وَٰحِدَةٍۢ مِّنْهُنَّ سِكِّينًۭا وَقَالَتِ ٱخْرُجْ عَلَيْهِنَّ ۖ فَلَمَّا رَأَيْنَهُۥٓ أَكْبَرْنَهُۥ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَٰشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنْ هَٰذَآ إِلَّا مَلَكٌۭ كَرِيمٌۭ ۝۳١

(එම) කාන්තාවන්ගේ (මෙම) නින්දිත කතා වලට සවන් දුන් ඇය එම කාන්තාවන් වෙනුවෙන් භෝජණ සංග්‍රහයකට එක්රැස් කර, එයට ඔවුන්ව ආරාධනා කළාය. එහි පැමිණි සෑම කෙනෙකුටම (පලතුරක් බැගින්ද, එය කපා අනුභව කිරීමට) පිහියක්ද දී ඔහුව (ඇඳුම් පැළඳුම් වලින් අලංකාරවත් කර), “ඔවුන් ඉදිරියෙන් ගමන් කරනු” යයි පැවසුවාය. ඔහුව එම කාන්තාවන් දුටු වහාම (ඔහුගේ පෙනුම දැක), ඔහුට නමස්කාර කර (අන්දමන්ද වී පලතුර කැපීම වෙනුවට) තමන්ගේ අත් (ඇඟිලි) කපා ගනිමින් “අල්ලාහ් අපිව ආරක්ෂා කර ගනු මැනව! මොහු මිනිසෙකු නොව; මොහු (සියල්ලන්ගේම මනස ආකර්ෂණය කළ හැකි) ශ්‍රේෂ්ඨ මලායිකාවරයෙකු මිස, වෙන කිසිවෙක් නොව” යයි පැවසූහ.

قَالَتْ فَذَٰلِكُنَّ ٱلَّذِى لُمْتُنَّنِى فِيهِ ۖ وَلَقَدْ رَٰوَدتُّهُۥ عَن نَّفْسِهِۦ فَٱسْتَعْصَمَ ۖ وَلَئِن لَّمْ يَفْعَلْ مَآ ءَامُرُهُۥ لَيُسْجَنَنَّ وَلَيَكُونًۭا مِّنَ ٱلصَّٰغِرِينَ ۝۳٢

එයට ඇය “ඔබ කවුරුන් ගැන මාව නින්දා කළේද, ඔහු මොහුය. නියත වශයෙන්ම මමයි ඔහුව මා හට අවනත වන මෙන් බල කළේ. එහෙත් ඔහු මගෙන් බේරී ගියේය. මින් පසුවත් මා කියන දැය නොකළහොත් නියත වශයෙන්ම ඔහුව සිර ගත කොට නින්දා කරනු ලබනු ඇත” යයි පැවසුවාය.

قَالَ رَبِّ ٱلسِّجْنُ أَحَبُّ إِلَىَّ مِمَّا يَدْعُونَنِىٓ إِلَيْهِ ۖ وَإِلَّا تَصْرِفْ عَنِّى كَيْدَهُنَّ أَصْبُ إِلَيْهِنَّ وَأَكُن مِّنَ ٱلْجَٰهِلِينَ ۝۳۳

එයට ඔහු “මගේ දෙවියනේ! ඔවුන් මාව ආරාධනා කරන (මෙම නපුරු) කාරණාවට වඩා සිර කූඩුවම මා කැමති වන්නෙමි. එබැවින් මෙම කාන්තාවන්ගේ කුමන්ත්‍රණයෙන් ඔබ මාව වළක්වා නොගතහොත් මෙම කාන්තාවන්ට පැටළී (පාපයන් කරන) අඥානයින්ගෙන් මමත් කෙනෙකු බවට පත් වනු ඇත” යයි ප්‍රාර්ථනා කළේය.

فَٱسْتَجَابَ لَهُۥ رَبُّهُۥ فَصَرَفَ عَنْهُ كَيْدَهُنَّ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ۝۳٤

ඔහුගේ ප්‍රාර්ථනාව ඔහුගේ දෙවියන් බාර ගෙන, නියත වශයෙන්ම ඔහු (අල්ලාහ්) සවන් දෙන්නෙකු වශයෙන් හා සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

ثُمَّ بَدَا لَهُم مِّنۢ بَعْدِ مَا رَأَوُا۟ ٱلْءَايَٰتِ لَيَسْجُنُنَّهُۥ حَتَّىٰ حِينٍۢ ۝۳٥

(යූසුෆ් නිර්දෝශී යන්නට අයත්) සාක්ෂීන් ඔහු දුටුවායින් පසුව, (මෙම සිද්ධිය ගැන කුමක් කළ හැකිදැයි ඔවුන් සාකච්ඡා කළහ. ඔවුන්ගේ බැල්මෙන් යූසුෆ්ව සඟවා තැබීමම අගනේය යයි අදහස් කර, ඒ වෙනුවෙන්) ටික කලකට ඔහුව සිර ගත කර තැබීමම සුදුසු යයි ඔවුන්ට හැඟූණි.(එබැවින් ඔහුව සිර මැදිරියට යැවූහ).

وَدَخَلَ مَعَهُ ٱلسِّجْنَ فَتَيَانِ ۖ قَالَ أَحَدُهُمَآ إِنِّىٓ أَرَىٰنِىٓ أَعْصِرُ خَمْرًۭا ۖ وَقَالَ ٱلْءَاخَرُ إِنِّىٓ أَرَىٰنِىٓ أَحْمِلُ فَوْقَ رَأْسِى خُبْزًۭا تَأْكُلُ ٱلطَّيْرُ مِنْهُ ۖ نَبِّئْنَا بِتَأْوِيلِهِۦٓ ۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلْمُحْسِنِينَ ۝۳٦

(ඔහු සිරයට ගිය අවස්ථාවේදී, විවිධ වැරදි සඳහා තවත්) තරුණයින් දෙදෙනෙකු ඔහු සමග සිර ගත වූහ. ඒ දෙදෙනාගෙන් කෙනෙකු (දිනක් යූසුෆ්ට) “ඇත්තෙන්ම මා මිදි යුෂ මිරිකමින් සිටිනු (සිහිනෙන්) දුටුවෙමි” යයි පැවසුවේය. අනිත් කෙනා “ඇත්තෙන්ම මා මගේ හිසෙහි රොටී ටිකක් ඔසවාගෙන යමින්ද, ඒවා පක්ෂීන් (පැමිණ කොට කොටා) අනුභව කරනු මා (සිහිනෙන්) දුටුවෙමි” යයි පැවසීමෙන් අනතුරුව, (යූසුෆ්ට) “නියත වශයෙන්ම අපි ඔබව ඉතාමත් (ඥානයෙන් පිරි) හොඳ මිනිසෙකු වශයෙන්ම දකින්නෙමු. (එබැවින්) මෙම සිහිනයන්ගේ පැහැදිලි කිරීමක් ඔබ, අපට ලබා දෙනු මැනව!” (යයි පැවසුවේය).

قَالَ لَا يَأْتِيكُمَا طَعَامٌۭ تُرْزَقَانِهِۦٓ إِلَّا نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِۦ قَبْلَ أَن يَأْتِيَكُمَا ۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِى رَبِّىٓ ۚ إِنِّى تَرَكْتُ مِلَّةَ قَوْمٍۢ لَّا يُؤْمِنُونَ بِٱللَّهِ وَهُم بِٱلْءَاخِرَةِ هُمْ كَٰفِرُونَ ۝۳۷

(එයට යූසුෆ් ඔවුන්ට) “ඔබ අනුභව කළ හැකි ආහාර (පිටතින්) ඔබ වෙත පැමිණ සේන්දු වීමට (පෙර)ද, (එම සිහිනයන්හි) ඵලවිපාක ඔබ අත් කර ගැනීමට පෙරද, (එය) මා ඔබට දැනුම් දෙන්නෙමි. (සිහිනයන්ට පැහැදිලි කිරීමක් කරන) මෙය, මගේ දෙවියන්ම මා හට උගන්වා දී ඇත්තේය. මන්දයත් අල්ලාහ්ව විශ්වාස නොකර පරලොවද ප්‍රතික්ෂේප කරන ජනතාවගේ ධර්මය නියත වශයෙන්ම මා අත්හැර දැමුවෙමි”.

وَٱتَّبَعْتُ مِلَّةَ ءَابَآءِىٓ إِبْرَٰهِيمَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ ۚ مَا كَانَ لَنَآ أَن نُّشْرِكَ بِٱللَّهِ مِن شَىْءٍۢ ۚ ذَٰلِكَ مِن فَضْلِ ٱللَّهِ عَلَيْنَا وَعَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ ۝۳۸

“තවද මගේ මුතුන් මිත්තන් වන ඉබ්රාහීම්, ඉස්හාක්, යාකූබ් ආදී මොවුන්ගේ ධර්මයම මා අනුගමනය කරමින් සිටින්නෙමි. (එබැවින්) අල්ලාහ්ට කිසිවක් අපි සමානයන් වශයෙන් තැබීම අපට සුදුසු දැයක් නොව. මෙය (මෙම ප්‍රතිපත්තිය මත සිටීම) අප කෙරෙහිද, අන් ජනතාව කෙරෙහිද අල්ලාහ් පහළ කළ එක් වරප්‍රසාදයක් වන්නේය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (අල්ලාහ්ගේ වරප්‍රසාදයන්ට) කෘතඥ වන්නේ නැත”.

يَٰصَىٰحِبَىِ ٱلسِّجْنِ ءَأَرْبَابٌۭ مُّتَفَرِّقُونَ خَيْرٌ أَمِ ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ ۝۳۹

“සිර මැදිරියේ සිටින මගේ මිතුරන් දෙදෙන! (කිසිම ශක්තියක් නොමැති) විවිධ දෙවිවරුන් උසස්ද? නැතහොත් (සියල්ලන්වම) යටහත් පහත් කර පාලනය කරන (එකම හිමි වන) අල්ලාහ් එක් කෙනෙකුම උසස්ද?”

مَا تَعْبُدُونَ مِن دُونِهِۦٓ إِلَّآ أَسْمَآءًۭ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلْطَٰنٍ ۚ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ ۚ أَمَرَ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّآ إِيَّاهُ ۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ۝٤۰

“ඔහු හැර, ඔබ නමදින දෑ සියල්ල ඔබත් ඔබගේ මුතුන් මිත්තනුත් තබා ගත් පුහු (මනක්කල්පිත) නාමයන් මිස, (ඇත්තෙන්ම ඒවා කිසිවක්) නැත. අල්ලාහ් මෙයට කිසිම සාක්ෂියක් පහළ කළේ නැත. සියලූ බලය අල්ලාහ් එක් කෙනෙකුටම මිස (වෙන කිසිවෙකුටත්) නැත. ඔහු හැර, (වෙන කිසිවක්) ඔබ නැමදිය යුතු නැතැයි ඔහුම නියෝග කර ඇත්තේය. මෙයයි ඍජු මාර්ගය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත” (යයි යූසුෆ් ඔවුන්ට හොඳ ඔවදන් දී)-

يَٰصَىٰحِبَىِ ٱلسِّجْنِ أَمَّآ أَحَدُكُمَا فَيَسْقِى رَبَّهُۥ خَمْرًۭا ۖ وَأَمَّا ٱلْءَاخَرُ فَيُصْلَبُ فَتَأْكُلُ ٱلطَّيْرُ مِن رَّأْسِهِۦ ۚ قُضِىَ ٱلْأَمْرُ ٱلَّذِى فِيهِ تَسْتَفْتِيَانِ ۝٤١

(නැවතත් ඔවුන්ට) “සිර ගෙයි සිටින මගේ මිතුරන් දෙදෙන! (ඔබගේ සිහිනයන්ගේ ඵලවිපාක නම්), ඔබගෙන් කෙනෙකු (නිදහස් වී, ඔහු කළින් කරමින් සිටි වැඩ කටයුත්තද බාර ගෙන, කළින් මෙන්ම) තම හාම්පුතාට මිදි යුෂ පොවමින් සිටිනු ඇත. අනිත් කෙනා නම්, කුරුසයෙහි තබා ඇන ගසනු ලැබ, ඔහුගේ හිස (කපුටන්, උකුස්සන් වැනි) පක්ෂීන් (කොට කොටා) අනුභව කරනු ඇත. ඔබ ඉල්ලා සිටි පැහැදිලි කිරීම නම්, (සිහිනයන්ගේ) ඵලවිපාක නියම කරනු ලැබීය. (එසේ අනිවායදැයෙන්ම සිදු වනු ඇත)” යයිද පැවසුවේය.

وَقَالَ لِلَّذِى ظَنَّ أَنَّهُۥ نَاجٍۢ مِّنْهُمَا ٱذْكُرْنِى عِندَ رَبِّكَ فَأَنسَىٰهُ ٱلشَّيْطَٰنُ ذِكْرَ رَبِّهِۦ فَلَبِثَ فِى ٱلسِّجْنِ بِضْعَ سِنِينَ ۝٤٢

තවද ඒ දෙදෙනාගෙන් කවුරුන් නිදහස් වනු ඇතැයි ඔහු අදහස් කළේද, (ඔහුට) “ඔබ ඔබගේ හාම්පුතා වෙත මා ගැන (අසාධාරණයේ සිර ගත කර ඇතැයි) පවසනු මැනව!” යයිද පැවසුවේය. එහෙත් (සිර කූඩුවෙන් නිදහස් වී ගිය) ඔහු තම හාම්පුතා වෙත කීමට සිටි (අදහස), ෂෙයිතාන් ඔහුට අමතක කර දැමීමට සැලැස්සුවේය. එබැවින් ඔහු සිර ගෙයි (ඉන් පසුවත්) වසර කිහිපයක් රැඳී සිටියේය.

وَقَالَ ٱلْمَلِكُ إِنِّىٓ أَرَىٰ سَبْعَ بَقَرَٰتٍۢ سِمَانٍۢ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌۭ وَسَبْعَ سُنۢبُلَٰتٍ خُضْرٍۢ وَأُخَرَ يَابِسَٰتٍۢ ۖ يَٰٓأَيُّهَا ٱلْمَلَأُ أَفْتُونِى فِى رُءْيَٰىَ إِن كُنتُمْ لِلرُّءْيَا تَعْبُرُونَ ۝٤۳

(දිනක් ඊජිප්තු) රජ තුමා (තම ප්‍රධානීන්ට “මගේ ප්‍රධානීවරුණි!) තරබාරු එළදෙනුන් හතක් ඈඳනු ලැබූ කැහැටු එළදෙනුන් හත් දෙනෙකු අනුභව කරන ලෙසටද, හොඳින් හැදී වැඩුනු සාරවත් කරල් හතක්ද, වියළී ඇට හැලී ගිය (පඞරැල් වූ) වෙනත් කරල් (හතක්ද) මා සිහිනෙන් දුටුවෙමි. මගේ ප්‍රධානීන්වරුණි! ඔබ අර්ථ දැක්වීමට හැකි වූවන් වශයෙන් සිටින්නෙහු නම්, මගේ (මෙම) සිහිනයන්ගේ ඵලවිපාක දැනුම් දෙනු” යයි පැවසුවේය.

قَالُوٓا۟ أَضْغَٰثُ أَحْلَٰمٍۢ ۖ وَمَا نَحْنُ بِتَأْوِيلِ ٱلْأَحْلَٰمِ بِعَٰلِمِينَ ۝٤٤

එයට ඔවුන් “මෙය (අජීර්ණයකින්ද) අවුල් වූ මනසින්ද ඇති වූ (පුහු) සිහිනයකි. (මෙවැනි පුහු) සිහිනයන්ට අර්ථ දැක්වීමට අපි නොදන්නෙමු” යයි පැවසූහ.

وَقَالَ ٱلَّذِى نَجَا مِنْهُمَا وَٱدَّكَرَ بَعْدَ أُمَّةٍ أَنَا۠ أُنَبِّئُكُم بِتَأْوِيلِهِۦ فَأَرْسِلُونِ ۝٤٥

(යූසුෆ්ගේ සිරගෙයි මිතුරන්) දෙදෙනාගෙන් නිදහස් වූ අය, වසර කිහිපයකින් පසු (ඒ අවස්ථාවේදී ඔහුව) සිහිපත් වී (ඔහු තම සිහිනයට දුන් අර්ථය සම්පූර්ණයෙන්ම හරිහැටි සිදු වීම ගැන සිතා ප්‍රධානීන්ට) “රජ තුමාගේ සිහිනයේ අර්ථය මට දැනුම් දීමට හැකිය. මාව (සිර ගෙයි සිටින යූසුෆ් වෙත) යවනු (මැනව!)” යයි කීවේය. (ඒ අන්දමටම රජ තුමාද යූසුෆ් වෙත ඔහුව යැවුවේය).

يُوسُفُ أَيُّهَا ٱلصِّدِّيقُ أَفْتِنَا فِى سَبْعِ بَقَرَٰتٍۢ سِمَانٍۢ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌۭ وَسَبْعِ سُنۢبُلَٰتٍ خُضْرٍۢ وَأُخَرَ يَابِسَٰتٍۢ لَّعَلِّىٓ أَرْجِعُ إِلَى ٱلنَّاسِ لَعَلَّهُمْ يَعْلَمُونَ ۝٤٦

(ඔහු සිර ගෙදරට ගොස් යූසුෆ්ට “සිහිනයන්ට) සත්‍ය (අර්ථයන්) පවසන යූසුෆ්! තරබාරු එළදෙනුන් හතක්, කැහැටුගැසුණු එළදෙනුන් හතක් අනුභව කරන්නාක් මෙන්ද, හොඳින් වැඩුණු සාරවත් කරල් හතක්ද, (පඞරැල් වූ) වියළී ගිය වෙනත් කරල් (හතක්ද සිහිනෙන් දුටුවහොත් එහි ඵලවිපාක කිමෙක්ද? එය) ඔබ මා හට දැනුම් දෙනු (මැනව!). මාව (මෙහි යැවූ) ජනතාව (මෙය) දැන ගැනීම සඳහා ඔවුන් වෙත මා යා යුතුව ඇත්තේය” (යයි කීවේය).

قَالَ تَزْرَعُونَ سَبْعَ سِنِينَ دَأَبًۭا فَمَا حَصَدتُّمْ فَذَرُوهُ فِى سُنۢبُلِهِۦٓ إِلَّا قَلِيلًۭا مِّمَّا تَأْكُلُونَ ۝٤۷

එයට ඔහු මෙසේ පැවසුවේය: “පිළිවෙලින් එක දිගට (පුරුදු පරිදි හොඳින්) වසර හතක් ඔබ ගොවිතැන් කරන්නෙහුය. එහි ඔබ කපා නෙලා ගන්නා අස්වැන්නෙන් ඔබ ආහාරය සඳහා අවශ්‍ය සුළු ප්‍රමාණයක් මිස, අන් සියල්ල ඒවායේ කරල් වශයෙන්ම තැන්පත් කර තබනු”.

ثُمَّ يَأْتِى مِنۢ بَعْدِ ذَٰلِكَ سَبْعٌۭ شِدَادٌۭ يَأْكُلْنَ مَا قَدَّمْتُمْ لَهُنَّ إِلَّا قَلِيلًۭا مِّمَّا تُحْصِنُونَ ۝٤۸

“ඉන් පසුව අවුරුදු හතක දරුණු (නියඟයක්) එනු ඇත. ඔබ කරල් වශයෙන් තැන්පත් කර තිබූ දැයෙන් (ගොවිතැන සඳහා අවශ්‍ය) සුළු ප්‍රමාණයක් හැර, (ඔබ එක්කාසු කර තිඛෙණ) සියල්ල (එම නියඟය) කා දමනු ඇත”.

ثُمَّ يَأْتِى مِنۢ بَعْدِ ذَٰلِكَ عَامٌۭ فِيهِ يُغَاثُ ٱلنَّاسُ وَفِيهِ يَعْصِرُونَ ۝٤۹

“ඉන් පසුව එක් වසරක් එනු ඇත. එහිදී අප්‍රමාණ වැසි ලැබී (ඔලිව්, මිදි ආදිය හොඳින් වැඩී මිදි ආදියෙහි) යුෂ මිනිසුන් මිරිකාගෙන (බී සුවසේ) සිටිනු ඇත” (යයිද පැවසුවේය).

وَقَالَ ٱلْمَلِكُ ٱئْتُونِى بِهِۦ ۖ فَلَمَّا جَآءَهُ ٱلرَّسُولُ قَالَ ٱرْجِعْ إِلَىٰ رَبِّكَ فَسْـَٔلْهُ مَا بَالُ ٱلنِّسْوَةِ ٱلَّٰتِى قَطَّعْنَ أَيْدِيَهُنَّ ۚ إِنَّ رَبِّى بِكَيْدِهِنَّ عَلِيمٌۭ ۝٥۰

(යූසුෆ් නබි පැවසූ දැය රජ තුමා වෙත පැමිණ ඉතාමත් විස්තරාත්මකව කීවේය). එයට රජ තුමා “(මෙම අර්ථ විවරණය කළ) ඔහුව මා වෙත කැඳවාගෙන එනු” යයි නියෝග කළේය. ඔහුගේ දූතයා යූසුෆ් වෙත (ඔහුව කැඳවාගෙන) ඒමට (පැමිණි) විට, (ඔහු දූතයා සමග යාම ප්‍රතික්ෂේප කර, ඔහුට) “ඔබ, ඔබගේ හාම්පුතා වෙත ආපසු හැරී ගොස් තමන්ගේ අත් (ඇඟිලි) කපා ගත් කාන්තාවන්ගේ (සත්‍ය) කාරණාව කුමක්ද? (කුමක් නිසා එම කාන්තාවන් තමන්ගේ අත් කපා ගත්තෙහුද?)”යි ඔහුගෙන් විමසනු. නියත වශයෙන්ම එම කාන්තාවන්ගේ කුමන්ත්‍රණය මගේ දෙවියන් හොඳින් දන්නෙකි” යයි පැවසුවේය.

قَالَ مَا خَطْبُكُنَّ إِذْ رَٰوَدتُّنَّ يُوسُفَ عَن نَّفْسِهِۦ ۚ قُلْنَ حَٰشَ لِلَّهِ مَا عَلِمْنَا عَلَيْهِ مِن سُوٓءٍۢ ۚ قَالَتِ ٱمْرَأَتُ ٱلْعَزِيزِ ٱلْـَٰٔنَ حَصْحَصَ ٱلْحَقُّ أَنَا۠ رَٰوَدتُّهُۥ عَن نَّفْسِهِۦ وَإِنَّهُۥ لَمِنَ ٱلصَّٰدِقِينَ ۝٥١

(මෙයට සවන් දුන් රජ තුමා, එම කාන්තාවන්ව කැඳවා) ඔබ යූසුෆ්ව ඔබගේ කැමැත්තට අවනත වන මෙන් ආරාධනා කළ අවස්ථාවේදී ඔබට කුමක් සිදු වුනේද?”යි විමසුවේය. (එයට) එම කාන්තාවන් “අල්ලාහ් අපව ආරක්ෂා කරනු මැනව! අපි ඔහු වෙත කිසිම නපුරක් තිඛෙණු දැන ගත්තේ නැත” යයි පැවසූහ. අසීස්ගේ බිරිඳ ‘සත්‍යය දැන්වත් එළිදරව් වූවා නොවෙද! (මින් පසුවත් සඟවා තබා ගැනීමෙන් ඵලක් නැත’ යයි අදහස් කර), “මමයි ඔහුට කැමති වී ආරාධනා කළේ. (තමන් ආරාධනා කළේ නැත යයි) නියත වශයෙන්ම ඔහු සත්‍යයම පැවසුවේය” යයි පැවසුවාය.

ذَٰلِكَ لِيَعْلَمَ أَنِّى لَمْ أَخُنْهُ بِٱلْغَيْبِ وَأَنَّ ٱللَّهَ لَا يَهْدِى كَيْدَ ٱلْخَآئِنِينَ ۝٥٢

(මෙය ආරංචි වූ යූසුෆ් “පෙර සිදු වූ කාරණාවන් මෙසේ විභාග කරන මෙන් මා පැවසීමට) හේතුව: “නියත වශයෙන්ම (මගේ හාම්පුතා වන එතුමා) නොමැතිව සිටි අවස්ථාවේදී එතුමාට මා ද්‍රෝහිකමක් කළේ නැත යන්න එතුමා දැන ගන්නා අතර නියත වශයෙන්ම අල්ලාහ් ද්‍රෝහීන්ගේ කුමන්ත්‍රණ සිදු වීමට ඉඩ දෙන්නේ නැත යන්න (දැනුම්) දීම සඳහාය” (යයි පැවසුවේය).

۞ وَمَآ أُبَرِّئُ نَفْسِىٓ ۚ إِنَّ ٱلنَّفْسَ لَأَمَّارَةٌۢ بِٱلسُّوٓءِ إِلَّا مَا رَحِمَ رَبِّىٓ ۚ إِنَّ رَبِّى غَفُورٌۭ رَّحِيمٌۭ ۝٥۳

“තවද ‘මා පරිශූද්ධවන්තයෙකි’ යයි (මාව මම ම ප්‍රශංසා) කර ගැනීමට පැමිණියේ නැත. මන්දයත් මගේ දෙවියන් දයාව පහළ කළහොත් මිස, (මිනිසුන්ගේ) සිත් පාපයන් කරන මෙන් පොළඹවන්නට හැක්කක් වශයෙන්ම ඇත්තේය. නියත වශයෙන්ම මගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය” (යයි කීවේය).

وَقَالَ ٱلْمَلِكُ ٱئْتُونِى بِهِۦٓ أَسْتَخْلِصْهُ لِنَفْسِى ۖ فَلَمَّا كَلَّمَهُۥ قَالَ إِنَّكَ ٱلْيَوْمَ لَدَيْنَا مَكِينٌ أَمِينٌۭ ۝٥٤

(යූසුෆ්ගේ ඥානය දැන ගත්) රජ තුමා “ඔහුව මා වෙත කැඳවාගෙන එනු. මා හට සමීපස්තයෙකු වශයෙන් ඔහුව මා පත් කර ගන්නෙමි” යයි පවසා (ඔහුව කැඳවාගෙන ඒමට සලස්වා) ඔහු සමග කතා කළ වහාම (ඔහුගේ දූරදර්ශී අදහස් දැක) “නියත වශයෙන්ම අද සිට අප වෙත ඉමහත් වූ ගෞරවයද, විශ්වාසයද අත් කර ගත්තෙහිය” යයි පැවසුවේය.

قَالَ ٱجْعَلْنِى عَلَىٰ خَزَآئِنِ ٱلْأَرْضِ ۖ إِنِّى حَفِيظٌ عَلِيمٌۭ ۝٥٥

(එයට) ඔහු “දේශීය ධාන්‍යාගාරයේ පාලකයා වශයෙන් මාව පත් කරනු (මැනව!) නියත වශයෙන්ම මා (ඒවා) ආරක්ෂා කර ගැනීමට හොඳින් දන්නෙකු වන්නෙමි” යයි පැවසුවේය. (ඒ අන්දමටම රජ තුමාද ඔහුව පත් කළේය).

وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِى ٱلْأَرْضِ يَتَبَوَّأُ مِنْهَا حَيْثُ يَشَآءُ ۚ نُصِيبُ بِرَحْمَتِنَا مَن نَّشَآءُ ۖ وَلَا نُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ ۝٥٦

යූසුෆ් එම රටේ තමන් කැමති සෑම තැනකම ගොස්, (කැමති කාරණාවන් කරමින්) සිටින විට, මේ අන්දමට මා ඔහුට පහසුකම් ලබා දුන්නෙමු. අපි අදහස් කරන අයට (මේ අන්දමටම) අපගේ වරප්‍රසාද ලබා දෙන්නෙමු. දැහැමි දැය කරන්නන්ගේ ඵලවිපාක අපි අපතේ හරින්නේ නැත.

وَلَأَجْرُ ٱلْءَاخِرَةِ خَيْرٌۭ لِّلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ ۝٥۷

එහෙත් (අපට) බිය වී කටයුතු කරන විශ්වාසවන්තයින්ට පරලොවදී (අපි ලබා දෙන) ඵලවිපාක නම්, (මීටත් වඩා) ඉතාමත් උසස්ය. (යූසුෆ් පැවසූ ආකාරයට ධාන්‍ය ආරක්ෂා කර තබමින් සිටියහ. නියඟයද ඇති විය).

وَجَآءَ إِخْوَةُ يُوسُفَ فَدَخَلُوا۟ عَلَيْهِ فَعَرَفَهُمْ وَهُمْ لَهُۥ مُنكِرُونَ ۝٥۸

එබැවින් යූසුෆ්ගේ සහෝදරයින් (කන්ආන් හි සිට) පැමිණ ඔහු වෙත ගිය විට, ඔවුන්ව ඔහු (තමන්ගේ සහෝදරයින් යයි) දැන ගත්තේය. නමුත් ඔවුන් නම්, ඔහුව හඳුන ගත්තේ නැත.

وَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمْ قَالَ ٱئْتُونِى بِأَخٍۢ لَّكُم مِّنْ أَبِيكُمْ ۚ أَلَا تَرَوْنَ أَنِّىٓ أُوفِى ٱلْكَيْلَ وَأَنَا۠ خَيْرُ ٱلْمُنزِلِينَ ۝٥۹

යූසුෆ් ඔවුන්ට (අවශ්‍ය) ධාන්‍ය පිළියෙල කර දී (තමන්ගේම සහෝදර බුන්යාමීන්ගේ සුව දුක් ඔවුන්ගෙන් ඉතාමත් සූක්ෂමව කතා බහ කර දැනගෙන “නැවත වරක් ඔබ පැමිණෙන්නේ නම්), එකම පියාගේ වන ඔබගේ සහෝදර (බුන්යාමීන්ව)ද මා වෙත කැඳවාගෙන එනු. (ඔබ අඩු මිලක් ගෙවුවා වුවද), නියත වශයෙන්ම මා ඔබට (ධාන්‍ය) පූරණ වශයෙන් ලබා දුන් අතර, ඉතාමත් උසස් අන්දමින් (ඔබට) සංග්‍රහ කිරීම ගැන ඔබ අවධානය නොකළෙහිද?”

فَإِن لَّمْ تَأْتُونِى بِهِۦ فَلَا كَيْلَ لَكُمْ عِندِى وَلَا تَقْرَبُونِ ۝٦۰

“ඔබ ඔහුව මා වෙත නොගෙනාවහොත් මා වෙත ඇති ධාන්‍ය ඔබට මැන දීමට නොහැකිය. ඔබට මා වෙත ළඟා වීමටද නොහැකිය” යයි පැවසුවේය.

قَالُوا۟ سَنُرَٰوِدُ عَنْهُ أَبَاهُ وَإِنَّا لَفَٰعِلُونَ ۝٦١

එයට ඔවුන් “අපි ඔහුගේ පියා වෙත ඉල්ලා සිටිමින් (ඔහුව කැඳවාගෙන ඒමට) අවශ්‍ය උත්සාහයන් නියත වශයෙන්ම කරන්නෙමු” යයි පැවසූහ.

وَقَالَ لِفِتْيَٰنِهِ ٱجْعَلُوا۟ بِضَٰعَتَهُمْ فِى رِحَالِهِمْ لَعَلَّهُمْ يَعْرِفُونَهَآ إِذَا ٱنقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمْ لَعَلَّهُمْ يَرْجِعُونَ ۝٦٢

(පසුව) යූසුෆ් තම මිනිසුන්ට “ඔවුන් මිල සඳහා දුන් භාණ්ඩ ඔවුන්ගේ (පොදි) මලූවල (සඟවා) තබනු. ඔවුන් තමන්ගේ පවුලේ උදවිය සමග එකතු වී (ධාන්‍ය මලූ ලෙහා බලන විට) එය දැන ගෙන (එය අප වෙත බාර දීමට) ආපසු එනු ඇත” යයි පැවසුවේය.

فَلَمَّا رَجَعُوٓا۟ إِلَىٰٓ أَبِيهِمْ قَالُوا۟ يَٰٓأَبَانَا مُنِعَ مِنَّا ٱلْكَيْلُ فَأَرْسِلْ مَعَنَآ أَخَانَا نَكْتَلْ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ ۝٦۳

ධාන්‍ය මිල දී ගත් ඔවුන් තම පියා වෙත ආපසු පැමිණි විට, “අපගේ පියාණෙනි! (බුන්යාමීන්වද අපි කැඳවාගෙන නොගියහොත්) අපට (ධාන්‍ය) මැන දීම වළක්වා දමනු ඇත. එබැවින් අපගේ සහෝදරයාවද අප සමග යවනු මැනව! අපි ධාන්‍ය මිල දී ගෙන නියත වශයෙන් ඔහුවද ආරක්ෂා කරගෙන ආපසු එමු” යයි පැවසූහ.

قَالَ هَلْ ءَامَنُكُمْ عَلَيْهِ إِلَّا كَمَآ أَمِنتُكُمْ عَلَىٰٓ أَخِيهِ مِن قَبْلُ ۖ فَٱللَّهُ خَيْرٌ حَٰفِظًۭا ۖ وَهُوَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ ۝٦٤

(එයට) යාකූබ් “මෙයට පෙර මොහුගේ සහෝදර (යූසුෆ්ගේ) කාරණාවෙහි මා ඔබලාව විශ්වාස කර (රැවටුනාක්) මෙන් මොහුගේ කාරණාවෙහිද මා ඔබලාව විශ්වාස කරන්නද? (නොහැක). ආරක්ෂා කිරීමෙහි අල්ලාහ් ඉතාමත් උසස්ය. ඔහුම දයාව පහළ කරන්නන්ගෙන් ඉතාමත් දයාළුය” යයි පැවසුවේය.

وَلَمَّا فَتَحُوا۟ مَتَٰعَهُمْ وَجَدُوا۟ بِضَٰعَتَهُمْ رُدَّتْ إِلَيْهِمْ ۖ قَالُوا۟ يَٰٓأَبَانَا مَا نَبْغِى ۖ هَٰذِهِۦ بِضَٰعَتُنَا رُدَّتْ إِلَيْنَا ۖ وَنَمِيرُ أَهْلَنَا وَنَحْفَظُ أَخَانَا وَنَزْدَادُ كَيْلَ بَعِيرٍۢ ۖ ذَٰلِكَ كَيْلٌۭ يَسِيرٌۭ ۝٦٥

පසුව ඔවුන් තමන්ගේ බඩු (පොදි) ලෙහා දමන විට, ඔවුන් (මුදල් වෙනුවෙන්) දුන් භාන්ඩ (සියල්ල) ඔවුන් වෙතම ආපසු ලබා දීම දැක “අපගේ පියාණෙනි! අපට උවමනා කුමක්ද? (භාණ්ඩ නොවෙද!) මෙන්න අප (මුදල් වෙනුවෙන්) දුන් භාණ්ඩද අප වෙතම ආපසු ලබා දී ඇත. (බුන්යාමීන්වද කැඳවාගෙන යාමට අනුමැතිය දෙනු මැනව!) අපගේ පවුලේ අයට අවශ්‍ය ධාන්‍ය මිලදී ගෙන එන්නෙමු. අපගේ සහෝදරයාවද බේරාගෙන එන්නෙමු. (ඔහු වෙනුවෙන්ද) එක් ඔටුවෙකුගේ (බර ප්‍රමාණයක) ධාන්‍ය අධික වශයෙන් ගෙන එන්නෙමු. (ගෙන එනු ලැබූ) මෙය ඉතාමත් ස්වල්ප ප්‍රමාණයකි” යයි පැවසූහ.

قَالَ لَنْ أُرْسِلَهُۥ مَعَكُمْ حَتَّىٰ تُؤْتُونِ مَوْثِقًۭا مِّنَ ٱللَّهِ لَتَأْتُنَّنِى بِهِۦٓ إِلَّآ أَن يُحَاطَ بِكُمْ ۖ فَلَمَّآ ءَاتَوْهُ مَوْثِقَهُمْ قَالَ ٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌۭ ۝٦٦

(එයට ඔවුන්ගේ පියා) “මා ඔහුව ඔබ සමග යවන්නේම නැත. එහෙත් ඔබ සියල්ලන්වම (කිසිම විපතක්) වට කර ගතහොත් මිස, නියත වශයෙන්ම ඔහුව මා වෙත ගෙන එන්නෙහු යයි අල්ලාහ් මත ඔබ (සියල්ලන්ම) මා හට දිව්රා නොදුන්නහොත් මිස” යයි පැවසුවේය. ඔවුන් (එසේ) ඔහුට දිව්රා දුන් වහාම, එයට ඔහු “අපි කර ගත් මෙම ගිවිසුමට අල්ලාහ්ම ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නේය” යයි (පැවසීමෙන් අනතුරුව, බුන්යාමීන්ව කැඳවාගෙන යාමට) අනුමැතිය ලබා දුන්නේය.

وَقَالَ يَٰبَنِىَّ لَا تَدْخُلُوا۟ مِنۢ بَابٍۢ وَٰحِدٍۢ وَٱدْخُلُوا۟ مِنْ أَبْوَٰبٍۢ مُّتَفَرِّقَةٍۢ ۖ وَمَآ أُغْنِى عَنكُم مِّنَ ٱللَّهِ مِن شَىْءٍ ۖ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَعَلَيْهِ فَلْيَتَوَكَّلِ ٱلْمُتَوَكِّلُونَ ۝٦۷

නැවතත් (ඔවුන්ට) “මගේ (ආදරණීය) පුතුනේ! (ඊජිප්තුව තුළට ඔබ සියල්ලන්ම) එකම ෙදාරටුවකින් ඇතුලූ නොවනු. වෙනත් වෙනත් මාර්ගවලින් (තනි තනියෙන්) ඇතුලූ වනු. අල්ලාහ්ගේ නියෝගයන්ගෙන් කිසිවක් මා ඔබට වළක්වා දැමිය නොහැක. මන්දයත් සියලූ බලයන් අල්ලාහ්ට මිස, (වෙන කිසිවෙකුටත්) නැත. (ඔබ සියල්ලන්වම) ඔහු වෙතම බාර කළෙමි. එබැවින් (ඔහුව) විශ්වාස කළ සියල්ලන්ම (මේ අන්දමටම) ඔහු වෙත බාර කරනු” යයි කීවේය.

وَلَمَّا دَخَلُوا۟ مِنْ حَيْثُ أَمَرَهُمْ أَبُوهُم مَّا كَانَ يُغْنِى عَنْهُم مِّنَ ٱللَّهِ مِن شَىْءٍ إِلَّا حَاجَةًۭ فِى نَفْسِ يَعْقُوبَ قَضَىٰهَا ۚ وَإِنَّهُۥ لَذُو عِلْمٍۢ لِّمَا عَلَّمْنَٰهُ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ۝٦۸

(ඊජිප්තුවට ගිය) ඔවුන් තමන්ගේ පියාගේ නියෝගයට අනුව (විවිධ මාර්ගයන් ඔස්සේ) ඇතුලූ වූ බැවින් යාකූබ්ගේ මනසෙහි තිබූ එක් සිතුවිල්ලක් ඔවුන් ඉටු කිරීම මිස, අල්ලාහ්ගේ කිසිම මනක්කල්පිත දැයක් ඔවුන්ගෙන් වැළැක්වීමට හැකි දැයක් වශයෙන් තිබුනේ නැත. (මන්දයත් බුන්යාමීන්ව ඔවුන්ට අත්හැර දමා එන්නට සිදු විය). එහෙත් නියත වශයෙන්ම අපි ඔහුට (යූසුෆ්ද, බුන්යාමීන්ද පණ පිටින් සිටින්නාහ යන කාරණාව) දැනුම් දී තිබුණු බැවින් (එය) දැනුවත් කෙනෙකු වශයෙන් සිටියේය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (එය) නොදැනුවත් අය වශයෙන්ම සිටියහ.

وَلَمَّا دَخَلُوا۟ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيْهِ أَخَاهُ ۖ قَالَ إِنِّىٓ أَنَا۠ أَخُوكَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا۟ يَعْمَلُونَ ۝٦۹

ඔවුන් සියල්ලන්ම යූසුෆ් වෙත ගිය අවස්ථාවේදී ඔහු තම සහෝදරයා (බුන්යාමීන්)ව (පැත්තකට කැඳවා) වාඩි කරගෙන (ඔහුට) “නියත වශයෙන්ම මා ඔබගේ සහෝදරයා වන (යූසුෆ්)ය. මට මොවුන් කළ දැය ගැන ඔබ දුක් නොවනු” යයි (රහසින්) පැවසුවේය. (තවද “ඔබව නවතා ගැනීමට මා එක් උපායක් යොදන්නෙමි” යයි කීවේය).

فَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمْ جَعَلَ ٱلسِّقَايَةَ فِى رَحْلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا ٱلْعِيرُ إِنَّكُمْ لَسَٰرِقُونَ ۝۷۰

පසුව ඔවුන්ට අවශ්‍ය ධාන්‍ය පිළියෙල කරන විට, තමන්ගේ සහෝදර (බුන්යාමීන්)ගේ බරෙහි (එක් රත්‍රන්) බඳුණක් තැබුවේය. පසුව (ඔවුන් සමුගෙන ටික දුරක් යන විට) කෙනෙකු ඔවුන්ට “ඕ ඔටු තවලම් කරුවනි! නියත වශයෙන්ම ඔබලා හොරුන් වශයෙන් සිටින්නෙහුය” යයි ශබ්ද නගා කීවේය.

قَالُوا۟ وَأَقْبَلُوا۟ عَلَيْهِم مَّاذَا تَفْقِدُونَ ۝۷١

එයට ඔවුන් මොවුන් ඉදිරියට පැමිණ “ඔබ කුමක් නම් නැති කර ගත්තෙහුද?”යි විමසූහ.

قَالُوا۟ نَفْقِدُ صُوَاعَ ٱلْمَلِكِ وَلِمَن جَآءَ بِهِۦ حِمْلُ بَعِيرٍۢ وَأَنَا۠ بِهِۦ زَعِيمٌۭ ۝۷٢

එයට ඔවුන් “රජ තුමාගේ (ප්‍රමාණය මනින) බඳුනක් අපෙන් නැති වී තිබේ. එය කවුරුන් (සොයා) දුන්නා වුවද, ඔහුට එක් ඔටුවෙකුගේ බර (ධාන්‍ය, ත්‍යාග වශයෙන්) ලැඛෙනු ඇත. මෙයට මම ම වග කිව යුත්තෙකි” යයි (ඔවුන්ගෙන් කෙනෙකු) කීවේය.

قَالُوا۟ تَٱللَّهِ لَقَدْ عَلِمْتُم مَّا جِئْنَا لِنُفْسِدَ فِى ٱلْأَرْضِ وَمَا كُنَّا سَٰرِقِينَ ۝۷۳

එයට මොවුන් “අල්ලාහ් මත සත්තකින්ම! අපි මෙම රටෙහි අපරාධයක් කිරීමට පැමිණියේ නැත යන්න ඔබ හොඳින් දන්නෙහුය. තවද අපි සොරුන්ද නොවන්නෙමු” යයි පැවසූහ.

قَالُوا۟ فَمَا جَزَٰٓؤُهُۥٓ إِن كُنتُمْ كَٰذِبِينَ ۝۷٤

එයට ඔවුන් “ඔබ (මෙහිදී) බොරුකාරයින් බවට පත් වුවහොත් එයට අයත් දඬුවම කිමෙක්ද?”යි විමසූහ.

قَالُوا۟ جَزَٰٓؤُهُۥ مَن وُجِدَ فِى رَحْلِهِۦ فَهُوَ جَزَٰٓؤُهُۥ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلظَّٰلِمِينَ ۝۷٥

එයට ඔවුන් “කවුරුන්ගේ බරෙහි (පොදියෙහි) එය සොයා ගනු ලබන්නේද, ඔහුම එයට අයත් දඬුවම වන්නේය. (එබැවින් ඔහුව වහලෙකු බවට තබා ගත හැකිය. සොරකම් කරන) අපරාධකරුවන්ට මේ අන්දමටම අපි දඬුවම් දෙන්නෙමු” යයි පැවසූහ.

فَبَدَأَ بِأَوْعِيَتِهِمْ قَبْلَ وِعَآءِ أَخِيهِ ثُمَّ ٱسْتَخْرَجَهَا مِن وِعَآءِ أَخِيهِ ۚ كَذَٰلِكَ كِدْنَا لِيُوسُفَ ۖ مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِى دِينِ ٱلْمَلِكِ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ نَرْفَعُ دَرَجَٰتٍۢ مَّن نَّشَآءُ ۗ وَفَوْقَ كُلِّ ذِى عِلْمٍ عَلِيمٌۭ ۝۷٦

පසුව තම සහෝදර (බුන්යාමීන්)ගේ පොදියෙහි (සෝදිසි කිරීමට) පෙර අන් අයගේ පොදි පරික්ෂා කිරීමට ආරම්භ කළේය. (ඒවායෙහි එය සොයා ගැනීමට නොහැකි වීම නිසා) පසුව තම සහෝදරයාගේ පොදියෙහි තිබී එය එළිදරව් කළේය. (තම සහෝදරයාව ලබා ගැනීමට) යුසුෆ්ට මෙම උපාය මාර්ගය අපි උගන්වා දුන්නෙමු. අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔහු තම සහෝදරයාව ලබා ගැනීමට (ඊජිප්තු රජ තුමාගේ නීතියට අනුව නොහැකිව තිබුණි. අපි කැමැත්තන්ගේ පදවි උසස් කරන්නෙමු. සෑම උගතෙකුටම උසස් උගතෙකු (අනිවායදැයෙන්ම) සිටින්නේය. (නමුත් අපි සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨ උගතෙකි).

۞ قَالُوٓا۟ إِن يَسْرِقْ فَقَدْ سَرَقَ أَخٌۭ لَّهُۥ مِن قَبْلُ ۚ فَأَسَرَّهَا يُوسُفُ فِى نَفْسِهِۦ وَلَمْ يُبْدِهَا لَهُمْ ۚ قَالَ أَنتُمْ شَرٌّۭ مَّكَانًۭا ۖ وَٱللَّهُ أَعْلَمُ بِمَا تَصِفُونَ ۝۷۷

(බුන්යාමීන්ගේ පොදියෙහි මිනුම් බඳුන සොයා ගත් යූසූෆ්ගේ අනිත් සහෝදරවරුන්) “ඔහු (එය) සොරකම් කර තිබුණේ නම්, ඔහුගේ සහෝදර (යුසුෆ්ද) මෙයට පෙර නියත වශයෙන්ම සොරකම් කර ඇත්තෙහිය” යය ි (හීබ්රූ භාෂාවෙන් තමන් තුළ) පවසා ගත්හ. (මෙයට සවන් දුන් හීබ්රූ භාෂාව දත්) යුසුෆ්, (එහි ඇත්ත) ඔවුන්ට එළිදරව් නොකර එය තම මනසෙහි තබාගෙන, “ඔබලා ඉතාමත් නපුරු අයයි. (ඔහුගේ සහෝදරයා සොරකම් කළේය යයි) ඔබ පවසනවා නොවෙද? එය අල්ලාහ් හොඳින් දන්නෙහිය” යයි පැවසුවේය.

قَالُوا۟ يَٰٓأَيُّهَا ٱلْعَزِيزُ إِنَّ لَهُۥٓ أَبًۭا شَيْخًۭا كَبِيرًۭا فَخُذْ أَحَدَنَا مَكَانَهُۥٓ ۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلْمُحْسِنِينَ ۝۷۸

එයට ඔවුන් (යූසුෆ්ට, ඊජිප්තු පාලකයා වන) “අසීස් තුමණි! (ඔහු ගැන දුක්වන) මහළු වයස් ගත පියෙකු ඔහුට ඇත. (ඔබ, ඔහුව අල්ලා ගතහොත් මෙම ශෝකයෙන් ඔහු මරණයට පත් වනු ඇත!) එබැවින් ඔහු වෙනුවට අපගෙන් කෙනෙකුව ඔබ අල්ලා ගනු (මැනව!). නියත වශයෙන්ම අපි ඔබව ඉමහත් පරෝපකාරී කෙනෙකු වශයෙන් දකින්නෙමු” යයි පැවසූහ.

قَالَ مَعَاذَ ٱللَّهِ أَن نَّأْخُذَ إِلَّا مَن وَجَدْنَا مَتَٰعَنَا عِندَهُۥٓ إِنَّآ إِذًۭا لَّظَٰلِمُونَ ۝۷۹

එයට ඔහු “කවුරුන් වෙත අපගේ භාණ්ඩය සොයා ගත්තෙමුද, ඔහු මිස (වෙන කිසිවෙකුත්) අල්ලා නොගැනීමට අල්ලාහ් (මාව) ආරක්ෂා කර ගනු මැනව! (වෙනත් කෙනෙකුව අල්ලා ගතහොත්) නියත වශයෙන්ම අපි ඉමහත් අපරාධකරුවන් බවට පත් වන්නෙමු” යයි පැවසුවේය.

فَلَمَّا ٱسْتَيْـَٔسُوا۟ مِنْهُ خَلَصُوا۟ نَجِيًّۭا ۖ قَالَ كَبِيرُهُمْ أَلَمْ تَعْلَمُوٓا۟ أَنَّ أَبَاكُمْ قَدْ أَخَذَ عَلَيْكُم مَّوْثِقًۭا مِّنَ ٱللَّهِ وَمِن قَبْلُ مَا فَرَّطتُمْ فِى يُوسُفَ ۖ فَلَنْ أَبْرَحَ ٱلْأَرْضَ حَتَّىٰ يَأْذَنَ لِىٓ أَبِىٓ أَوْ يَحْكُمَ ٱللَّهُ لِى ۖ وَهُوَ خَيْرُ ٱلْحَٰكِمِينَ ۝۸۰

ඔහු වෙත ඔවුන්ගේ විශ්වාසය බිඳී ගිය වහාම, ඔවුන් (තමන් තුළ) තනි වී සාකච්ඡා කළහ. ඔවුන්ගෙන් වැඩි මහල්ලා (අනිත් අයට) “ඔබගේ පියා ඔබ වෙත අල්ලාහ් මත ස්ථීර වූ දිව්රුම ලබා දී තිබීම, ඔබ නොදන්නෙහුද? මෙයට පෙර ඔබ යුසුෆ්ගේ කාරණාවෙහි කළ ද්‍රෝහිකමද එක් අතකින් ඇත්තේය. එබැවින් මගේ පියා මා හට යම්කිසි අනුමැතියක් ලබා දෙන තුරු හෝ නැතහොත් අල්ලාහ් මා හට යම්කිසි තීන්දුවක් දෙන තුරු හෝ මෙතැනින් මා නොසෙළවෙන්නෙමි. විනිශ්චය දීමෙහි ඔහුම ඉතාමත් උසස්ය” යයි පැවසුවේය.

ٱرْجِعُوٓا۟ إِلَىٰٓ أَبِيكُمْ فَقُولُوا۟ يَٰٓأَبَانَآ إِنَّ ٱبْنَكَ سَرَقَ وَمَا شَهِدْنَآ إِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَٰفِظِينَ ۝۸١

(තවද ඔවුන්ට) “ඔබ (සියල්ලන්ම) ඔබගේ පියා වෙත ආපසු ගොස්, අපගේ පියාණෙනි! ඔබගේ පුතා (බුන්යාමීන්) ඇත්තෙන්ම සොරකම් කළෙහිය. ඇත්තෙන්ම අපි දන්නා දැයම මිස, (වෙන කිසිවක්) අපි පැවසුවේ නැත. රහසින් සිදු වූ (මෙම කාරණා)වෙන් (ඔහුව) බේරා ගැනීමට අපට නොහැකි විය”.

وَسْـَٔلِ ٱلْقَرْيَةَ ٱلَّتِى كُنَّا فِيهَا وَٱلْعِيرَ ٱلَّتِىٓ أَقْبَلْنَا فِيهَا ۖ وَإِنَّا لَصَٰدِقُونَ ۝۸٢

“(අපි කියන දැය ඔබ විශ්වාස නොකරන්නේ නම්) අපි ගොස් සිටි එම රටවැසියන්වද, අප සමග පැමිණි ඔටු තවලම්කරුවන්වද, ඔබ විමසා (දැන) ගනු (මැනව!). නියත වශයෙන්ම අපි ඇත්තම පවසන්නෙමු” (යයි පවසන ලෙසට කියා, ඔවුන්ව යවා තමන් පමණක් යූසුෆ් වෙතම රැඳී සිටියේය).

قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًۭا ۖ فَصَبْرٌۭ جَمِيلٌ ۖ عَسَى ٱللَّهُ أَن يَأْتِيَنِى بِهِمْ جَمِيعًا ۚ إِنَّهُۥ هُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ ۝۸۳

(තම රටට ආපසු හැරී පැමිණි අනිත් සහෝදරයින් මෙය තම පියා යාකූබ් නබි වෙත පැවසූ වහාම, එයට ඔහු “ඔබ පවසන දැය) නිවැරදි නොව! ඔබගේ සිත් එක් (වැරදි) කාරණාවක් කරන මෙන් ඔබව පොළවන ලදී. එබැවින් (කිසිවෙකුටත් ෙදාස් නොපවරා) විඳ දරා ගැනීම ම ඉතාමත් අගනේය. අල්ලාහ් ඔවුන් සියල්ලන්වම මා වෙත ගෙනැවිත් සේන්දු කරනු ඇත. නියත වශයෙන්ම ඔහු සියල්ල දන්නෙකු හා ඥානයෙන් පිරි කෙනෙකු වශයෙන් සිටින්නේය” යයි පැවසීමෙන් අනතුරුව-

وَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَٰٓأَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَٱبْيَضَّتْ عَيْنَاهُ مِنَ ٱلْحُزْنِ فَهُوَ كَظِيمٌۭ ۝۸٤

ඔවුන්ගෙන් ඈත්ව ගොස් “යූසුෆ් ගැන මගේ ශෝකයයි!” යයි ඔහු ශබ්ද නගා කීවේය. ඔහුගේ දෑස් ශෝකයෙන් (හඞ හඞා) සුදු මැලි වී ගියේය. පසුව ඔහු (තම කෝපයද, ශෝකයද) ගිලගෙන (යටපත් කර) දරා ගත්තේය.

قَالُوا۟ تَٱللَّهِ تَفْتَؤُا۟ تَذْكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ ٱلْهَٰلِكِينَ ۝۸٥

(මෙම තත්වය දුටු ඔහුගේ පුතුන් ඔහුට) “අල්ලාහ් මත සත්තකින්ම! ඔබ යූසුෆ් ගැන සිත (සිතා) කෙට්ටු වී (ක්ෂය වී) මරණයට පත් වන තුරු (ඔහුගේ සිතුවිල්ල) අත්හැර දමන්නේ නැත” යයි කෝපයෙන් යුතුව පැවසූහ.

قَالَ إِنَّمَآ أَشْكُوا۟ بَثِّى وَحُزْنِىٓ إِلَى ٱللَّهِ وَأَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ ۝۸٦

එයට ඔහු “මගේ ශෝකයද, දුකද අල්ලාහ් වෙතම මා පැමිණිළි කරන්නෙමි. ඔබ නොදන්නා දැයද අල්ලාහ්ගේ (දයාවෙන්) මා දැන සිටින්නෙමි”.

يَٰبَنِىَّ ٱذْهَبُوا۟ فَتَحَسَّسُوا۟ مِن يُوسُفَ وَأَخِيهِ وَلَا تَا۟يْـَٔسُوا۟ مِن رَّوْحِ ٱللَّهِ ۖ إِنَّهُۥ لَا يَا۟يْـَٔسُ مِن رَّوْحِ ٱللَّهِ إِلَّا ٱلْقَوْمُ ٱلْكَٰفِرُونَ ۝۸۷

“මගේ පුතුනේ! ඔබ ගොස් යූසුෆ්වද ඔහුගේ සහෝදරයාවද සොයා බලනු. අල්ලාහ්ගේ දයාව ගැන ඔබ විශ්වාසය බිඳ නොදමනු. නියත වශයෙන්ම (අල්ලාහ් මත විශ්වාසය නැති) ප්‍රතික්ෂේප කරන්නන් මිස, (වෙන කිසිවෙකුත්) අල්ලාහ්ගේ දයාවෙහි විශ්වාසය බිඳ දමන්නේ නැත” යයිද (නැවතත් එක් වරක් ඊජිප්තුවට ගොස් සොයා බලන ලෙසට) පැවසුවේය.

فَلَمَّا دَخَلُوا۟ عَلَيْهِ قَالُوا۟ يَٰٓأَيُّهَا ٱلْعَزِيزُ مَسَّنَا وَأَهْلَنَا ٱلضُّرُّ وَجِئْنَا بِبِضَٰعَةٍۢ مُّزْجَىٰةٍۢ فَأَوْفِ لَنَا ٱلْكَيْلَ وَتَصَدَّقْ عَلَيْنَآ ۖ إِنَّ ٱللَّهَ يَجْزِى ٱلْمُتَصَدِّقِينَ ۝۸۸

පසුව මොවුන් (ඊජිප්තුවට පැමිණ) යූසුෆ් වෙත ගොස් ඔහුට “(මිසරයේ අධිපති වන) අසීස් තුමණි! අපවද, අපගේ පවුලද (නියඟයේ) බලපෑම දැඩි ලෙස අල්ලා ගෙන ඇත්තේය. (අප වෙතින්) සුළු භාණ්ඩ ප්‍රමාණයක්ම අපි ගෙනැවිත් සිටින්නෙමු. (එය එතරම් ගණනයකට නොගෙන) අපට අවශ්‍ය (ධාන්‍ය ප්‍රමාණය) පූරණ වශයෙන් මැන දී (ඊටත් වැඩියෙන්ද) අපට දානමාන වශයෙන්ද ලබා දෙනු මැනව! නියත වශයෙන්ම අල්ලාහ් දානමාන කරන්නන්ට (හොඳ) ඵලවිපාක දෙනු ඇත” යයි පැවසූහ.

قَالَ هَلْ عَلِمْتُم مَّا فَعَلْتُم بِيُوسُفَ وَأَخِيهِ إِذْ أَنتُمْ جَٰهِلُونَ ۝۸۹

(ඒ අවස්ථාවේදී ඔවුන්ට) “ඔබ නොදැනුවත්කමෙහි ගැලී සිටියදී යූසුෆ්වද ඔහුගේ සහෝදරයාවද කුමක් කළෙහිද යන්න ඔබ දන්නෙහුද?”යි විමසුවේය.

قَالُوٓا۟ أَءِنَّكَ لَأَنتَ يُوسُفُ ۖ قَالَ أَنَا۠ يُوسُفُ وَهَٰذَآ أَخِى ۖ قَدْ مَنَّ ٱللَّهُ عَلَيْنَآ ۖ إِنَّهُۥ مَن يَتَّقِ وَيَصْبِرْ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ ۝۹۰

එයට ඔවුන් (තිගැස්සී) “ඇත්තෙන්ම ඔබ යූසුෆ් වශයෙන් සිටින්නෙහිද?”යි විමසූහ. එයට ඔහු “මමයි යූසුෆ්. මොහු මගේ සහෝදරයාය. නියත වශයෙන්ම අල්ලාහ් අප කෙරෙහි ඉමහත් වරප්‍රසාදයන් පහළ කර ඇත්තේය. මන්දයත් නියත වශයෙන්ම කවුරුන් පරිශූද්ධවන්තයෙකු වශයෙන් සිටිමින් (දුක් ගැහැටද) විඳ දරා ගන්නෝද, (එවැනි) හොඳ දැය කරන්නන්ගේ ඵලවිපාක නියත වශයෙන්ම අල්ලාහ් අපතේ හරින්නේ නැත” යයි පැවසුවේය.

قَالُوا۟ تَٱللَّهِ لَقَدْ ءَاثَرَكَ ٱللَّهُ عَلَيْنَا وَإِن كُنَّا لَخَٰطِـِٔينَ ۝۹١

එයට ඔවුන් “අල්ලාහ් මත සත්තකින්ම! අපි (ඔබට ඉමහත්) හානියක් කර තිබියදී නියත වශයෙන්ම අල්ලාහ් අපට වඩා ඔබව උසස් කර තබා ඇත්තේය. (අපට යහපතක් කිරීමට අල්ලාහ් ඔබට අවස්ථාවක්ද ලබා දී ඇත්තේය)” යයි පැවසූහ.

قَالَ لَا تَثْرِيبَ عَلَيْكُمُ ٱلْيَوْمَ ۖ يَغْفِرُ ٱللَّهُ لَكُمْ ۖ وَهُوَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ ۝۹٢

එයට ඔහු “අද දින (මා) ඔබ කෙරෙහි කිසිම වැරැද්දක් (පටවන්නේ) නැත. අල්ලාහ්ද ඔබගේ වැරදිවලට සමාව දෙනු මැනව! ඔහු දයාබරයින් සියල්ලන්ගේම ඉමහත් වූ දයාබරවන්තයෙකි!” යයි පැවසුවේය.

ٱذْهَبُوا۟ بِقَمِيصِى هَٰذَا فَأَلْقُوهُ عَلَىٰ وَجْهِ أَبِى يَأْتِ بَصِيرًۭا وَأْتُونِى بِأَهْلِكُمْ أَجْمَعِينَ ۝۹۳

“ඔබ මගේ මෙම කමිසය ගෙන ගොස් මගේ පියාගේ මුහුණෙහි දමනු. (එමගින් එවෙලේම) ඔහුට (නැති වී ගිය) ඇස් පෙනීම අත් කර ගනු ඇත. පසුව ඔබ, ඔබගේ පවුලේ සිටින සියල්ලන්ම කැඳවාගෙන මා වෙත පැමිණෙනු” යයි පවසා (යැවුවේය).

وَلَمَّا فَصَلَتِ ٱلْعِيرُ قَالَ أَبُوهُمْ إِنِّى لَأَجِدُ رِيحَ يُوسُفَ ۖ لَوْلَآ أَن تُفَنِّدُونِ ۝۹٤

ඔවුන්ගේ ඔටු වාහනයන් (ඊජිප්තුවෙන්) පිටත්ව ගිය වහාම ඔවුන්ගේ පියා “(මෙන්න!) යුසුෆ්ගේ සුවඳ නියත වශයෙන්ම මා ග්‍රහණය කරන්නෙමි. (එබැවින්) මාව ඔබ පිස්සෙකු යයි නොසිතිය යුතු නොවේද!”යි කීවේය.

قَالُوا۟ تَٱللَّهِ إِنَّكَ لَفِى ضَلَٰلِكَ ٱلْقَدِيمِ ۝۹٥

(මෙය ඇසූ ඔහුගේ දරුවන්) “අල්ලාහ් මත සත්තකින්ම! ඇත්තෙන්ම ඔබ, ඔබගේ පැරණි වැරදි සිතුවිල්ලෙහිම සිටින්නෙහිය” යයි පැවසූහ.

فَلَمَّآ أَن جَآءَ ٱلْبَشِيرُ أَلْقَىٰهُ عَلَىٰ وَجْهِهِۦ فَٱرْتَدَّ بَصِيرًۭا ۖ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّىٓ أَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ ۝۹٦

ඒ අවස්ථාවේදී (යූසුෆ් ගැන) සුභාරංචි දෙන්නන්ද පැමිණ, (යූසුෆ්ගේ කමිසය) ඔහුගේ (පියාගේ) මුහුණෙහි දැමූ වහාම, ඔහුගෙන් (නැති වී ගිය) ඇස් පෙණුම අත් කරගෙන, “(යූසුෆ් පණ පිටින් සිටීම ගැන) ඔබ නොදැනුවත් දැය සියල්ල අල්ලාහ්ගේ දයාව මගින් නියත වශයෙන්ම මා දැන සිටින්නෙමි යන්න (මීට පෙර) මා ඔබට නොකීවෙමිද?”යි විමසුවේය.

قَالُوا۟ يَٰٓأَبَانَا ٱسْتَغْفِرْ لَنَا ذُنُوبَنَآ إِنَّا كُنَّا خَٰطِـِٔينَ ۝۹۷

(මේ අතර ඊජිප්තුවට ගොස් සිටි ඔහුගේ අනිත් පුතුන්ද පැමිණ) “අපගේ පියාණෙනි! අපගේ පාපයන්ට සමාව දෙන ලෙසට ඔබ අප වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු මැනව! ඇත්තෙන්ම අපි ඉමහත් වූ වැරදි කළෙමු” යයි (ඔවුන්ම) පැවසූහ.

قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّىٓ ۖ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ ۝۹۸

එයට ඔහු “මා මගේ දෙවියන් වෙත, පසුව ඔබ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි. නියත වශයෙන්ම ඔහු ඉතාමත් පව් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය” යයි පැවසුවේය.

فَلَمَّا دَخَلُوا۟ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيْهِ أَبَوَيْهِ وَقَالَ ٱدْخُلُوا۟ مِصْرَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ ۝۹۹

(පසුව පවුලේ අය සමග කන්ආන්හි සිට) ඔවුන් යූසුෆ් වෙත (ඊජිප්තුවට) පැමිණි විට, ඔහු තම දෙමව්පියන්ව (ඊජිප්තු දේශ සීමාවෙහි බලාපොරොත්තුවෙන් සිට ඉතාමත් ගෞරවාන්විතව) පිළිගෙන, “(දෙවියන්ගේ දයාවෙන්) ඔබ ඊජිප්තුවට ඇතුළු වනු (මැනව!) අල්ලාහ් අදහස් කළහොත් (ඔබ) බියෙන් තොර වූවන් වශයෙන් සිටින්නෙහුය” යයි පැවසුවේය.

وَرَفَعَ أَبَوَيْهِ عَلَى ٱلْعَرْشِ وَخَرُّوا۟ لَهُۥ سُجَّدًۭا ۖ وَقَالَ يَٰٓأَبَتِ هَٰذَا تَأْوِيلُ رُءْيَٰىَ مِن قَبْلُ قَدْ جَعَلَهَا رَبِّى حَقًّۭا ۖ وَقَدْ أَحْسَنَ بِىٓ إِذْ أَخْرَجَنِى مِنَ ٱلسِّجْنِ وَجَآءَ بِكُم مِّنَ ٱلْبَدْوِ مِنۢ بَعْدِ أَن نَّزَغَ ٱلشَّيْطَٰنُ بَيْنِى وَبَيْنَ إِخْوَتِىٓ ۚ إِنَّ رَبِّى لَطِيفٌۭ لِّمَا يَشَآءُ ۚ إِنَّهُۥ هُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ ۝١۰۰

පසුව ඔහු තම මවවද, පියාවද සිංහාසණය මත ඔසවා (වාඩිවීමට) සැලැස්සුවේය. (ඊජිප්තුවේ අධිපති වශයෙන් සිටි) ඔහුට (ඒ කාලයේ චාරිත්‍රයට අනුව) ඔවුන් සියල්ලන්ම නළල බිම තබා ගෞරව කළහ. ඒ අවස්ථාවේදී යූසුෆ් (තම පියාට) “මගේ පියාණෙනි! පෙර මා දුටු සිහිනයන්හි අර්ථය මෙයයි. මගේ දෙවියන් එය සත්‍යය කර හැරියේය. (කිසිවෙකුගේ රෙකමදාරුවක් නොමැතිවම) සිර ගෙයි සිට මාව ඔහු පිටතට යැවූවේය. මටත් මගේ සහෝදරයින්ටත් අතරේ ෂෙයිතාන් වෙන්වීමක් ඇති කළායින් පසුවද, ඔබ සියල්ලන්වම කාන්තාරයේ සිට මා වෙත ගෙනැවිත් එකට එක්කාසු කිරීම මගින් (මගේ දෙවියන්) නියත වශයෙන්ම මා කෙරෙහි ඉමහත් ඵලවිපාකයක් ලබා දී ඇත්තේය. නියත වශයෙන්ම මගේ දෙවියන් තමන් අදහස් කරන්නන් කෙරෙහි සිත් තූළ ආදර කරුණාව ඇත්තෙකු වශයෙන් සිටින්නේය. නියත වශයෙන්ම ඔහු (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය” යයි කිවේය.

۞ رَبِّ قَدْ ءَاتَيْتَنِى مِنَ ٱلْمُلْكِ وَعَلَّمْتَنِى مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ ۚ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ أَنتَ وَلِىِّۦ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۖ تَوَفَّنِى مُسْلِمًۭا وَأَلْحِقْنِى بِٱلصَّٰلِحِينَ ۝١۰١

(තවද) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබ මා හට එක් රාජ්‍යයක්ද, ලබා දී (දයාව පහළ කර) සිහිනයන්ගේ අර්ථයන්ද මා හට උගන්වා දුන්නේය. අහස්ද, භූමියද උත්පාදනය කළ තැනැත්තණි! මෙලොවදීද, පරලොවදීද මාව ආරක්ෂා කරන්නාද ඔබය. සම්පූර්ණයෙන්ම (ඔබව) අනුගමනය කරන්නෙකු වශයෙන්ම මාව ඔබ අත්පත් කර ගනු මැනව! හොඳ වහලූන්ගේ සමූහයෙහිද මාව ඔබ එක්කාසු කර හරිනු මැනව!” (යයි ප්‍රාර්ථනා කළේය).

ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۖ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ أَجْمَعُوٓا۟ أَمْرَهُمْ وَهُمْ يَمْكُرُونَ ۝١۰٢

(නබියේ!) මෙය (ඔබ නොදන්නා) සැඟවුණු කාරණාවන්හි ඇති දැයයි. මේවා අපි ඔබට වහී මගින්ම දැනුම් දුන්නෙමු. ඔවුන් කුමන්ත්‍රණ කර (යූසුෆ්ව ළිෙඳහි තල්ලූ කර දැමිය යුතුය යයි) තමන්ගේ අභිප්‍රායේ අවසන් තීරණයක් ගත් විට, ඔබ ඔවුන් සමග සිටියේ නැත.

وَمَآ أَكْثَرُ ٱلنَّاسِ وَلَوْ حَرَصْتَ بِمُؤْمِنِينَ ۝١۰۳

ඔබ කොපමණ කැමති වුවද, (එම) මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (ඔබව නබිවරයෙකු යයි) විශ්වාස කරන්නේම නැත.

وَمَا تَسْـَٔلُهُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَٰلَمِينَ ۝١۰٤

මේ සඳහා ඔබ ඔවුන්ගෙන් කිසිම කුලියක් ඉල්ලන්නේ නැත. සකල ලෝකවාසී සියල්ලන්ටම මෙය එක්තරා හොඳ පාඩමක් මිස, වෙන කිසිවක් නැත.

وَكَأَيِّن مِّنْ ءَايَةٍۢ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ ۝١۰٥

(මෙසේම) අහස්හිද, භූමියෙහිද අපමණ සාධකයන් ඇත්තේය. ඒවා ඉදිරියෙන් ඔවුන් (දිනපතා) යන්නාහ. එහෙත් ඔවුන් ඒවා (ගැන නොසිතා) ප්‍රතික්ෂේප කරන්නාහ.

وَمَا يُؤْمِنُ أَكْثَرُهُم بِٱللَّهِ إِلَّا وَهُم مُّشْرِكُونَ ۝١۰٦

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු අල්ලාහ්ව විශ්වාස කරන්නේ නැත. (එසේ ඔවුන්ගෙන් කවුරුන් හෝ විශ්වාස කළා වුවද, ඔහුට) ඔවුන් සමානයන් නොතබා සිටින්නේද නැත.

أَفَأَمِنُوٓا۟ أَن تَأْتِيَهُمْ غَٰشِيَةٌۭ مِّنْ عَذَابِ ٱللَّهِ أَوْ تَأْتِيَهُمُ ٱلسَّاعَةُ بَغْتَةًۭ وَهُمْ لَا يَشْعُرُونَ ۝١۰۷

(ඔවුන්ව) වටකර ගත හැකි අල්ලාහ්ගේ දඬුවම ඔවුන් වෙත නොපැමිණෙන්නේය යයි හෝ නැතහොත් ඔවුන් නොදැනුවත්ව සිටියදී හදිසියේම (ඔවුන්ගේ අවසාන) කාලය ඔවුන්ට නොමිණෙන්නේය යයි හෝ ඔවුන් නොබියව සිටින්නෙහුද?

قُلْ هَٰذِهِۦ سَبِيلِىٓ أَدْعُوٓا۟ إِلَى ٱللَّهِ ۚ عَلَىٰ بَصِيرَةٍ أَنَا۠ وَمَنِ ٱتَّبَعَنِى ۖ وَسُبْحَٰنَ ٱللَّهِ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُشْرِكِينَ ۝١۰۸

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මෙයම මගේ (ඍජු) මාර්ගයයි. මා (ඔබව) අල්ලාහ් දෙසට ආරාධනා කරන්නෙමි. පැහැදිලි සාධකයන් කෙරෙහිම මමද, මාව අනුගමන කරන්නන්ද සිටින්නෙමු. (සමානයන් හා සහායයන්ගෙන් ඈත්ව) අල්ලාහ් ඉතාමත් පරිශූද්ධවන්තයෙකි. එබැවින් (ඔහුට) සමානයන් තබන්නන්ගෙන් මමත් කෙනෙකු නොව”.

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًۭا نُّوحِىٓ إِلَيْهِم مِّنْ أَهْلِ ٱلْقُرَىٰٓ ۗ أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۗ وَلَدَارُ ٱلْءَاخِرَةِ خَيْرٌۭ لِّلَّذِينَ ٱتَّقَوْا۟ ۗ أَفَلَا تَعْقِلُونَ ۝١۰۹

ඔබට පෙර (විවිධ රටවැසියන්ටද) අපි යැවූ දූතයින්, ඒ රටවල්හි සිටි මිනිසුන්ම මිස, වෙන කිසිවෙකු නැත. එහෙත් ඔවුන්ට (අපගේ නියෝගයන්) වහී මගින් දැනුම් දුන්නෙමු. මොවුන් භූමියෙහි සංචාරය කළේ නැද්ද? (එසේ සංචාරය කළේ නම්), මොවුන්ට පෙර විසූ අයගේ අවසානය කුමක් වූයේද යන්න ඔවුන් දැක ගන්නෙහුය. පරලොව නිවසම භය භක්තිකයින්ට ඉතාමත් උසස් වන්නේය. (මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවෙද?

حَتَّىٰٓ إِذَا ٱسْتَيْـَٔسَ ٱلرُّسُلُ وَظَنُّوٓا۟ أَنَّهُمْ قَدْ كُذِبُوا۟ جَآءَهُمْ نَصْرُنَا فَنُجِّىَ مَن نَّشَآءُ ۖ وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ ٱلْقَوْمِ ٱلْمُجْرِمِينَ ۝١١۰

(අපගේ) දුතයින් (තමන්ව) බොරුකාරයින් බවට පත් කරනු ලැබුවේය යයි විශ්වාසය බිඳී යන තුරු (එම අපරාධකාරයින්ව අපි අත්හැර දමා තිබුණෙමු. පසුව) අපගේ උදව්ව ඔවුන් වෙත පැමිණ සේන්දු විය. අපි කැමත්තන්ව බේරා ගන්නෙමු. අපගේ දඬුවම වැරදි කරන ජනතාවගෙන් පහ කර හැරීමට කිසිවෙකුටත් නොහැකිය.

لَقَدْ كَانَ فِى قَصَصِهِمْ عِبْرَةٌۭ لِّأُو۟لِى ٱلْأَلْبَٰبِ ۗ مَا كَانَ حَدِيثًۭا يُفْتَرَىٰ وَلَٰكِن تَصْدِيقَ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلِّ شَىْءٍۢ وَهُدًۭى وَرَحْمَةًۭ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ۝١١١

බුද්ධිමතුන්ට (නබිවරුන් වන) මොවුන්ගේ ඉතිහාසයන්හි හොඳ පාඩමක් නියත වශයෙන්ම ඇත්තේය. (මෙම කුර්ආනය) බොරු ප්‍රබන්ධ කතා නොව. නමුත් මෙයට පෙර ඇති (ධර්මයන්) සත්‍යය කර තබා, සෑම කාරණාවක්ම විවරණය කර පවසන්නක් වශයෙන් ඇත්තේය. තවද විශ්වාසවන්තයින්ට ඍජු මාර්ගයක් වශයෙන්ද, එක් වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය.