< السورة السابقة | فهرس السور | السورة التالية >
surah009
At-Tawba (9)
The Repentance, madinah, 129 verses.
حدد حجم خط الآيات
()
بَرَآءَةٌۭ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلْمُشْرِكِينَ ١
(විශ්වාසවන්තයිනි!) සමානයන් තබා නමදින්නන්ගෙන් කවුරුන් වෙත ඔබ ගිවිසුම් කරගෙන සිටියෙහුද, ඔවුන් වෙතින් අල්ලාහ්ද, ඔහුගේ දූතයාද ඈත් වූහ!
فَسِيحُوا۟ فِى ٱلْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍۢ وَٱعْلَمُوٓا۟ أَنَّكُمْ غَيْرُ مُعْجِزِى ٱللَّهِ ۙ وَأَنَّ ٱللَّهَ مُخْزِى ٱلْكَٰفِرِينَ ٢
එබැවින් (සමානයන් තබා නමදින්නන්ට) “ඔබ (අද පටන්) මාස හතරක් දක්වා භූමියෙහි (මක්කාවෙහි ඕන තැනක) ඒ මේ අත ඇවිදින්නට හැකිය. නියත වශයෙන්ම ඔබට අල්ලාහ්ව පැරදවිය නොහැකිය යන්නද, නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ව අවමන් කරනු ඇත යන්නද, ඔබ ස්ථීර වශයෙන් දැන ගනු” (යයි නබියේ! ඔබ පවසනු මැනව!).
وَأَذَٰنٌۭ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلنَّاسِ يَوْمَ ٱلْحَجِّ ٱلْأَكْبَرِ أَنَّ ٱللَّهَ بَرِىٓءٌۭ مِّنَ ٱلْمُشْرِكِينَ ۙ وَرَسُولُهُۥ ۚ فَإِن تُبْتُمْ فَهُوَ خَيْرٌۭ لَّكُمْ ۖ وَإِن تَوَلَّيْتُمْ فَٱعْلَمُوٓا۟ أَنَّكُمْ غَيْرُ مُعْجِزِى ٱللَّهِ ۗ وَبَشِّرِ ٱلَّذِينَ كَفَرُوا۟ بِعَذَابٍ أَلِيمٍ ۳
අල්ලාහ්ද, ඔහුගේ දූතයාද, සමානයන් තබා නමදින්නන් සමග (කර තිබුණු ගිවිසුමෙන්) නියත වශයෙන්ම ඈත් වූහ යන කාරණාව මෙම ඉමහත් වූ හජ් දිනදී අල්ලාහ්ද, ඔහුගේ දූතයාද ජනතාවට ප්‍රසිද්ධියේ දැනුම් දෙන්නාහ. එබැවින් සමානයන් තබා නමදින්ණෙනි! සමානයන් තැබීමෙන්ද, ප්‍රතික්ෂේප කිරීමෙන්ද) ඔබ ඈත් වුවහොත් එය ඔබටම ඉතාමත් හොඳය. (එසේ නොමැතිව) ඔබ ප්‍රතික්ෂේප කළහොත් නම්, නියත වශයෙන්ම ඔබ අල්ලාහ්ව පරාජය කර දැමීමට නොහැකිය යන්න ස්ථීර වශයෙන් දැන ගනු. (නබියේ! මෙම) ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනා ගෙන දෙන දඬුවමෙන් ඔබ ශුභාරංචි දෙනු මැනව!.
إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنقُصُوكُمْ شَيْـًۭٔا وَلَمْ يُظَٰهِرُوا۟ عَلَيْكُمْ أَحَدًۭا فَأَتِمُّوٓا۟ إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ ٤
එහෙත් ඔබ ගිවිසුම් කර ගත් මෙම සමානයන් තබා නමදින්නන්ගෙන් කවුරුන් (තමන්ගේ ගිවිසුමෙහි) කිසිවක් ඔබට අඩුපාඩුවක් නොකරද, ඔබට විරුද්ධව කිසිවෙකුටත් උදව් නොකරද සිටින්නෝද, ඔවුන්ට ඔවුන්ගේ ගිවිසුමෙහි එහි නියමිත වාරය දක්වා (කිසිම අඩුපාඩුවක් නොකර) පූරණය කර තබනු. නියත වශයෙන්ම අල්ලාහ් භය භක්තිකයින්ව ප්‍රිය කරන්නේය.
فَإِذَا ٱنسَلَخَ ٱلْأَشْهُرُ ٱلْحُرُمُ فَٱقْتُلُوا۟ ٱلْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ وَخُذُوهُمْ وَٱحْصُرُوهُمْ وَٱقْعُدُوا۟ لَهُمْ كُلَّ مَرْصَدٍۢ ۚ فَإِن تَابُوا۟ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ فَخَلُّوا۟ سَبِيلَهُمْ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ٥
(සෑම අවුරුද්දකම දුල්කඅදා, දුල්හජ්ජි, මුහර්රම්, රජබ් ආදී ශුද්ධ වූ මෙම මාස හතර තුළ යුද්ධ කිරීම තහනම්ය). ශුද්ධ වූ (මෙම) මාස (හතර) ගෙවී ගියහොත් සමානයන් තබන්නන්ව දුටු තැන කපා දමනු. ඔවුන්ව සිර ගත කරනු. ඔවුන්ව මුද්‍රා තබනු. සෑම සැඟවෙන ස්ථානයකම (ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන්) ඔවුන් වෙනුවෙන් ඔබ සැඟවී සිටිනු. ඔවුන් (තමන්ගේ නපුරෙන්ද, ප්රතික්ෂේපයෙන්ද) පසුතැවිලි වී ඈත් වී (විශ්වාසය තබා) සලාතයද නොකඩවා ඉටු කර, සකාතයද ගෙවමින් සිටියහොත් ඔවුන්ව ඔබ අතරමගදී අත්හැර දමනු. (ඔවුන්ගේ කාරණාවෙහි හරස් නොවනු).නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَإِنْ أَحَدٌۭ مِّنَ ٱلْمُشْرِكِينَ ٱسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَٰمَ ٱللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُۥ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَعْلَمُونَ ٦
(නබියෙ!) සමානයන් තබා නමදින්නන්ගෙන් කවුරුන් හෝ ඔබ වෙත ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ ආයාවන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව සපයනු. (ඔහු එය සවන් දී විශ්වාසය නොතැබුවහොත්) ඔහුව, ඔහුට ආරක්ෂාව සපයන (වෙනත්) ස්ථානයකට යවනු මැනව! මන්දයත් නියත වශයෙන්ම ඔවුන් දැනුම නැති ජනතාවක් වශයෙන් සිටින්නේය.
كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِندَ ٱللَّهِ وَعِندَ رَسُولِهِۦٓ إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّمْ عِندَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۖ فَمَا ٱسْتَقَٰمُوا۟ لَكُمْ فَٱسْتَقِيمُوا۟ لَهُمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ ۷
අල්ලාහ් වෙතද ඔහුගේ දූතයා වෙතද සමානයන් තබා නමදින්නන්ගෙන් ගිවිසුමට කෙසේ නම් වැදගත්කමක් තිබිය හැකිද? එහෙත් ශුද්ධ වූ මස්ජිදය ඉදිරියේ ඔබ සමග ගිවිසුම් ඇති කර ගත් අය, (තමන්ගේ ගිවිසුමට අනුව) ඔබ සමග ස්ථීරව සිටින තුරු ඔබත් ඔවුන් සමග ස්ථීරවම සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් භය භක්තිකයින්ව ප්‍රිය කරන්නේය.
كَيْفَ وَإِن يَظْهَرُوا۟ عَلَيْكُمْ لَا يَرْقُبُوا۟ فِيكُمْ إِلًّۭا وَلَا ذِمَّةًۭ ۚ يُرْضُونَكُم بِأَفْوَٰهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَٰسِقُونَ ۸
(එහෙත් ඔවුන් සමග) කෙසේ නම් (ගිවිසුම්) තිබිය හැකිද? ඔවුන්ව ඔබ ජයග්‍රහණය කළහොත් නම්, ඔබ (ඔවුන්ට) ඥාතීන් යන්නද, (ඔබටද,ඔවුන්ටද අතරේ ඇති) ගිවිසුමද ගණන් ගන්නේම නැත. තමන්ගේ කට (උත්තරය) මගින් (පමණක්) ඔබව තෘප්තියට පත් කරන්නාහ. නමුත් ඔවුන්ගේ හෘදයන් නම්, (ඔබගෙන්) ඈත් වන්නාහ. ඔවුන්ගෙන් වැඩිදෙනෙකු පාපතරයන් වශයෙන්ම සිටින්නාහ.
ٱشْتَرَوْا۟ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنًۭا قَلِيلًۭا فَصَدُّوا۟ عَن سَبِيلِهِۦٓ ۚ إِنَّهُمْ سَآءَ مَا كَانُوا۟ يَعْمَلُونَ ۹
ඔවුන් අල්ලාහ්ගේ ආයාවන් සුළු මුදලකට විකුණා දමා, (ජනතාව) ඔහුගේ මාර්ගයෙහි යාමද වළක්වන්නාහ. නියත වශයෙන්ම ඔවුන් කරන කාරණාවන් ඉතාමත් නපුරුය.
لَا يَرْقُبُونَ فِى مُؤْمِنٍ إِلًّۭا وَلَا ذِمَّةًۭ ۚ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُعْتَدُونَ ١۰
ඔවුන් කිසිම විශ්වාසවන්තයෙකු ගැනද (ඔහු තම) ඥාතීන් යන්නද, (ඔවුන් සමග කරගෙන ඇති) ගිවිසුමද, ගණන් ගන්නේම නැත. නියත වශයෙන්ම මෙවැන්නන්ම සීමාව ඉක්මවූවන්ය.
فَإِن تَابُوا۟ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ فَإِخْوَٰنُكُمْ فِى ٱلدِّينِ ۗ وَنُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ ١١
ඔවුන් (තමන්ගේ ප්රතික්ෂේපයෙන් ඈත් වී) පසුතැවිලි වී සලාතය නොකඩවා ඉටු කර, සකාතයද ගෙවමින් සිටියහොත් (ඔවුන්) ඔබගේ ධර්ම සහෝදරයින්ය. දැනුම ඇති ජනතාවට අපි (අපගේ) ආයාවන් (මෙසේ) විවරණය කරන්නෙමු.
وَإِن نَّكَثُوٓا۟ أَيْمَٰنَهُم مِّنۢ بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوا۟ فِى دِينِكُمْ فَقَٰتِلُوٓا۟ أَئِمَّةَ ٱلْكُفْرِ ۙ إِنَّهُمْ لَآ أَيْمَٰنَ لَهُمْ لَعَلَّهُمْ يَنتَهُونَ ١٢
(දිව්රා) ගිවිසුම් ඇති කර ගැනීමෙන් පසුවද ඔවුන් තමන්ගේ දිව්රුම් කඩ කර, ඔබගේ ධර්මය ගැනද, අඩුපාඩුකම් පවසමින් සිටියහොත් (නියත වශයෙන්ම) ප්‍රතික්ෂේප කරන්නන්ගේ (මෙවැනි) ප්‍රධානීන් සමග යුද්ධ කරනු. මන්දයත් ඔවුන්ගේ ගිවිසුමෙහි ස්ථීරත්වයක් නැත. (මෙවැනි නපුරෙන්) ඔවුන් ඈත් විය හැකිය.
أَلَا تُقَٰتِلُونَ قَوْمًۭا نَّكَثُوٓا۟ أَيْمَٰنَهُمْ وَهَمُّوا۟ بِإِخْرَاجِ ٱلرَّسُولِ وَهُم بَدَءُوكُمْ أَوَّلَ مَرَّةٍ ۚ أَتَخْشَوْنَهُمْ ۚ فَٱللَّهُ أَحَقُّ أَن تَخْشَوْهُ إِن كُنتُم مُّؤْمِنِينَ ١۳
තමන්ගේ සත්‍යය ගිවිසුම් කඩ කර, (අපගේ) දූතයාව (රටින්) පිටමං කිරීමට අදහස් කර, උත්සාහ කළ ජනතාව සමග ඔබ යුද්ධ කළ යුතු නොවේද? ඔවුන්ම (මෙවැනි නපුර) ඔබ වෙත පළමුවෙන්ම ආරම්භ කළහ. ඔවුන්ට ඔබ බිය වන්නෙහුද? (ඇත්තෙන්ම) ඔබ විශ්වාසවන්තයින් නම්, ඔබ බිය විය යුත්තා අල්ලාහ් (එක් කෙනෙකුම) පමණි.
قَٰتِلُوهُمْ يُعَذِّبْهُمُ ٱللَّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍۢ مُّؤْمِنِينَ ١٤
ඔබ ඔවුන් සමග යුද්ධ කරනු. ඔබගේ අත්වලින්ම අල්ලාහ් ඔවුන්ට දඬුවම් කර ඔවුන්ව අවමන් කර, ඔවුන්ව ඔබ කපා මරා දමන්නටද, ඔබට උදව් කර, විශ්වාසය තැබූ ජනතාවගෙන් හෘදයන්ට සහනයක්ද ලබා දෙනු ඇත.
وَيُذْهِبْ غَيْظَ قُلُوبِهِمْ ۗ وَيَتُوبُ ٱللَّهُ عَلَىٰ مَن يَشَآءُ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ١٥
(ඔවුන් කෙරෙහි) මොවුන්ගේ හෘදයන්හි (දෝංකාර දෙමින්) ඇති කෝපයද පහ කර හරිනු ඇත. අල්ලාහ් (ඔවුන්ගෙන්ද) තමන් අදහස් කරන්නන්ගේ සමාව ඉල්ලීම බාර ගන්නේය. මන්දයත් අල්ලාහ් ඉතාමත් හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
أَمْ حَسِبْتُمْ أَن تُتْرَكُوا۟ وَلَمَّا يَعْلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُوا۟ مِنكُمْ وَلَمْ يَتَّخِذُوا۟ مِن دُونِ ٱللَّهِ وَلَا رَسُولِهِۦ وَلَا ٱلْمُؤْمِنِينَ وَلِيجَةًۭ ۚ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ١٦
(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් (ඇත්තෙන්ම හිත ඇතිවම) යුද්ධ කළ අය කවුරුන්ද යන්න අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, විශ්වාසවන්තයින්වද හැර, (වෙන කිසිවෙකුවත් තමන්ගේ) අභ්‍යන්තරය දැන ගන්නා මිතුරන් බවට (ඔබගෙන්) කිසිවෙකුත් ඇර ගත්තේ නැත යන්නද, (අල්ලාහ් ඔබව පිරික්සුමට ලක් කර) නොදැන, ඔබව අත්හැර දමනු ලබන්නෙහුය යයි අදහස් කළෙහුද? අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.
مَا كَانَ لِلْمُشْرِكِينَ أَن يَعْمُرُوا۟ مَسَٰجِدَ ٱللَّهِ شَٰهِدِينَ عَلَىٰٓ أَنفُسِهِم بِٱلْكُفْرِ ۚ أُو۟لَٰٓئِكَ حَبِطَتْ أَعْمَٰلُهُمْ وَفِى ٱلنَّارِ هُمْ خَٰلِدُونَ ١۷
සමානයන් තබා නමදින මොවුන් තමන් ප්‍රතික්ෂේප කරන්නන්ම යයි (ප්‍රසිද්ධියේ) පවසමින් සිටින තුරු අල්ලාහ්ගේ නැමදුම්පළවල් පරිපාලනය කිරීමට ඔවුන්ට අයිතියක් නැත. ඔවුන්ගේ සෑම හොඳක්ම විනාශ කර දමනු ලැබීය. ඔවුන් සැමදා නිරයෙහිම රැඳී සිටිනු ඇත.
إِنَّمَا يَعْمُرُ مَسَٰجِدَ ٱللَّهِ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَلَمْ يَخْشَ إِلَّا ٱللَّهَ ۖ فَعَسَىٰٓ أُو۟لَٰٓئِكَ أَن يَكُونُوا۟ مِنَ ٱلْمُهْتَدِينَ ١۸
කවුරුන් අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, සලාතයද නොකඩවා ඉටු කර, සකාතයද ගෙවමින් සිට, අල්ලාහ් හැර වෙන කිසිවෙකුටත් බිය නොවීද සිටින්නෝද, ඔවුන්ම අල්ලාහ්ගේ නැමදුම්පළවල් පරිපාලනය කළ හැකි අය වන්නේය. මෙවැන්නන්ම ඍජු මාර්ගයෙහි සිටින බවට විශ්වාසය තැබිය හැකි අයයි.
۞ أَجَعَلْتُمْ سِقَايَةَ ٱلْحَآجِّ وَعِمَارَةَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ كَمَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَجَٰهَدَ فِى سَبِيلِ ٱللَّهِ ۚ لَا يَسْتَوُۥنَ عِندَ ٱللَّهِ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ ١۹
අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරන්නන්ට සමාන වශයෙන්, (විශ්වාස නොකර සිටිමින්) හාජිවරුන්ට වතුර ලබා දෙන්නන්වද, ශුද්ධ වූ එම නැමදුම්පළට සේවය කරන්නන්වද, ඔබ පත් කළෙහුද? අල්ලාහ්ගේ සමූහයෙහි මොවුන් (මේ දෙදෙනා) සම වන්නේ නැත. අල්ලාහ් අපරාධකාර ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.
ٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ ٱللَّهِ ۚ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَآئِزُونَ ٢۰
කවුරුන් විශ්වාසය තබා (තමන්ගේ) රටින් පිටමං වී අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන්ගේ වස්තූන්ද, පණද, පූජා කර, යුද්ධ කරන්නෝද, ඔවුන් අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉමහත් වූ පදවි අත් කර ගත් අයයි. මෙවැන්නන්ම නියත වශයෙන්ම ජයග්‍රහණය කළ අයයි.
يُبَشِّرُهُمْ رَبُّهُم بِرَحْمَةٍۢ مِّنْهُ وَرِضْوَٰنٍۢ وَجَنَّٰتٍۢ لَّهُمْ فِيهَا نَعِيمٌۭ مُّقِيمٌ ٢١
ඔවුන්ට, ඔවුන්ගේ දෙවියන් තමන්ගේ ආදර කරුණාවද, ශුද්ධ වූ සොම්නසද ලබා දී, ස්වර්ගයන්ද ඔවුන්ට ලබා දෙන බවට ශුභාරංචි දෙන්නේය. ඔවුන්ට එහි (එම ස්වර්ගයන්හි) සැමදා ස්ථීර වූ සැප සම්පත්ද ඇත.
خَٰلِدِينَ فِيهَآ أَبَدًا ۚ إِنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌۭ ٢٢
සැමදා ඒවායෙහි ඔවුන් ස්ථීර වී සිටිනු ඇත. (මේ හැර), අල්ලාහ්ගේ සන්නිධානයෙහි නියත වශයෙන්ම (ඔවුන්ට) ඉමහත් වූ ඵලවිපාකද ඇත.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوٓا۟ ءَابَآءَكُمْ وَإِخْوَٰنَكُمْ أَوْلِيَآءَ إِنِ ٱسْتَحَبُّوا۟ ٱلْكُفْرَ عَلَى ٱلْإِيمَٰنِ ۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ ٢۳
විශ්වාසවන්තයිනි! ඔබගේ පියවරුන්ද, ඔබගේ සහෝදරවරුන්ද, විශ්වාසයෙන් බැහැර වී ප්රතික්ෂේපය කැමති වුවහොත් ඔබ ඔවුන්ව (ඔබගේ) ආරක්ෂකයින් වශයෙන් පත් කර නොගනු. ඔබගෙන් කවුරුන් හෝ (මෙසේ තිබියදී) ඔවුන්ව ආරක්ෂකයින් වශයෙන් පත් කර ගතහොත් නියත වශයෙන්ම ඔවුන් සීමාව ඉක්මවුවන්ය!.
قُلْ إِن كَانَ ءَابَآؤُكُمْ وَأَبْنَآؤُكُمْ وَإِخْوَٰنُكُمْ وَأَزْوَٰجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَٰلٌ ٱقْتَرَفْتُمُوهَا وَتِجَٰرَةٌۭ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَٰكِنُ تَرْضَوْنَهَآ أَحَبَّ إِلَيْكُم مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦ وَجِهَادٍۢ فِى سَبِيلِهِۦ فَتَرَبَّصُوا۟ حَتَّىٰ يَأْتِىَ ٱللَّهُ بِأَمْرِهِۦ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَٰسِقِينَ ٢٤
(නබියේ! විශ්වාසවන්තයින්ට) ඔබ මෙසේ පවසනු: “ඔබගේ පියවරුන්ද, ඔබගේ ජනතාවද, ඔබගේ සහෝදරවරුන්ද, ඔබගේ සහායයන්ද, ඔබගේ පවුලද, ඔබ හරි හම්බ කර තබාගෙන ඇති (ඔබගේ) වස්තූන්ද, නැති වී යනු ඇතැයි බිය වී (ඉතාමත් ප්‍රවේසමෙන්) කරගෙන එන ව්යාපරයද, ඔබට (ඉතාමත්) කැමැත්තක් ඇති (ඔබගේ) නිවෙස්ද, අල්ලාහ්ටත්, ඔහුගේ දූතයාටත් වඩාද, ඔහුගේ මාර්ගයෙහි යුද්ධ කිරීමටත් වඩාද, ඔබට ඉතාමත් කැමත්තක් දක්වන දැය වශයෙන් තිබුණහොත් (ඔබ සත්‍යය විහශ්වාසවන්තයින් නොව. ඔබ අත් කර ගත යුතු දඬුවම ගැන වූ) අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන තුරු ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. (ඔබ වැනි) පාපතරයින්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.
لَقَدْ نَصَرَكُمُ ٱللَّهُ فِى مَوَاطِنَ كَثِيرَةٍۢ ۙ وَيَوْمَ حُنَيْنٍ ۙ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنكُمْ شَيْـًۭٔا وَضَاقَتْ عَلَيْكُمُ ٱلْأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُم مُّدْبِرِينَ ٢٥
අනේක (යුද) පිටිවල (ඔබ සංඛ්‍යාවෙන් අඩුවෙන් තිබියදී) නියත වශයෙන්ම අල්ලාහ් ඔබට උදව් කර ඇත්තේය. එහෙත් හුනෙයින් යුද්ධ දිනදී අධික සතුටට පත් කරමින් තිබූ ඔබගේ අධික (ජනගහනයේ) සංඛ්‍යාව ඔබට කිසිම ප්‍රයෝජනයක් අත් කර දුන්නේ නැත. භූමිය මෙතරම් විස්තීරණව තිබියදී (ඒ අතර එය) ඔබට ඉතාමත් හැකිළී ගියේය. තවද ඔබ පිටුපස හරවා දුවන්නටද සිදු විය.
ثُمَّ أَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلْمُؤْمِنِينَ وَأَنزَلَ جُنُودًۭا لَّمْ تَرَوْهَا وَعَذَّبَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ وَذَٰلِكَ جَزَآءُ ٱلْكَٰفِرِينَ ٢٦
(මින්) පසුව අල්ලාහ් තමන්ගේ දූතයා කෙරෙහිද, විශ්වාසවන්තයින් කෙරෙහිද, තමන්ගේ ශාන්තිය අත් කර දී දයාව පහළ කළේය. ඔබගේ ඇසට නොපෙණෙන සේනාවන්ද, (ඔබට උදව්වක් වශයෙන්) පහළ කර තබා, ප්‍රතික්ෂේප කරන්නන්ව දඬුවම් කළේය. මෙයයි ප්‍රතික්ෂේප කරන්නන්ට වූ ඵලවිපාකය.
ثُمَّ يَتُوبُ ٱللَّهُ مِنۢ بَعْدِ ذَٰلِكَ عَلَىٰ مَن يَشَآءُ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ٢۷
මින් පසුවද ඔවුන් (පව් ක්ෂමාව ඉල්ලා සිටියහොත් ඔවුන්ගෙන්) අල්ලාහ් අදහස් කරන්නන්ව බාර ගන්නේය. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා ආදර කරුණාවෙන් යුත්තෙකු වශයෙන් සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّمَا ٱلْمُشْرِكُونَ نَجَسٌۭ فَلَا يَقْرَبُوا۟ ٱلْمَسْجِدَ ٱلْحَرَامَ بَعْدَ عَامِهِمْ هَٰذَا ۚ وَإِنْ خِفْتُمْ عَيْلَةًۭ فَسَوْفَ يُغْنِيكُمُ ٱللَّهُ مِن فَضْلِهِۦٓ إِن شَآءَ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ حَكِيمٌۭ ٢۸
විශ්වාසවන්තයිනි! නියත වශයෙන්ම සමානයන් තබා නමදින්නන් අපිරිසිදුවන්තයින්ය! එබැවින් ඔවුන් මේ අවුරුද්දෙන් පසු (මෙම) ශුද්ධ වූ නැමදුම්පළට ළඟා නොවිය යුතුය. (ඔවුන්ව තහනම් කළහොත් ඔවුන් මගින් ලැඛෙමින් තිබුණු ආදායම නැවතී ඔබට) අහේනිය ඇති වේවිදෝ යයි ඔබ බිය වුවහොත් (ඒ ගැන කිසිම බලපෑමක් නැත). අල්ලාහ් අදහස් කළහොත් ඉතාමත් ඉක්මනින් තමන්ගේ වරප්‍රසාදය මගින් ඔබව ධනපතියන් බවට පත් කරනු ඇතැයි (යන්න දැන ගනු). නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
قَٰتِلُوا۟ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلْيَوْمِ ٱلْءَاخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ ٱللَّهُ وَرَسُولُهُۥ وَلَا يَدِينُونَ دِينَ ٱلْحَقِّ مِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ حَتَّىٰ يُعْطُوا۟ ٱلْجِزْيَةَ عَن يَدٍۢ وَهُمْ صَٰغِرُونَ ٢۹
(විශ්වාසවන්තයිනි!) ධර්මය පහළ කරනු ලැබූවන්ගෙන් කවුරුන් අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස නොකරද, අල්ලාහ්ද ඔහුගේ දූතයාද තහනම් කරනු ලැබූ දැය සුදුසු නැතැයි යන්න අදහස් නොකරද, මෙම සත්‍ය ධර්මය අනුගමනය නොකර සිටින්නෝද, ඔවුන් (තමන්ගේ) අත්වලින් යටහත්ව ජිස්යා (නමැති කප්පම්) ගෙවන තුරු ඔබ ඔවුන් සමග යුද්ධ කරනු.
وَقَالَتِ ٱلْيَهُودُ عُزَيْرٌ ٱبْنُ ٱللَّهِ وَقَالَتِ ٱلنَّصَٰرَى ٱلْمَسِيحُ ٱبْنُ ٱللَّهِ ۖ ذَٰلِكَ قَوْلُهُم بِأَفْوَٰهِهِمْ ۖ يُضَٰهِـُٔونَ قَوْلَ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَبْلُ ۚ قَٰتَلَهُمُ ٱللَّهُ ۚ أَنَّىٰ يُؤْفَكُونَ ۳۰
යුදෙව්වන් ‘උසෙයිර්’ව අල්ලාහ්ගේ පුතා යයි පවසන්නාහ. (මෙසේම) ක්‍රිස්තියානුවන් ‘මසීහ්’ව අල්ලාහ්ගේ පුතා යයි පවසන්නාහ.මොවුන් තමන්ගේ මුවින් පවසන මෙම කියමන් මොවුන්ට පෙර විසූ ප්‍රතික්ෂේප කරන්නන්ගේ කියමන් වලටම සම වන්නේය. අල්ලාහ් මොවුන්ව විනාශ කර දමත්වා! (සත්‍යය ප්‍රතික්ෂේප කර) මොවුන් කොහේ නම් කඩාගෙන දුවන්නෙහුද?
ٱتَّخَذُوٓا۟ أَحْبَارَهُمْ وَرُهْبَٰنَهُمْ أَرْبَابًۭا مِّن دُونِ ٱللَّهِ وَٱلْمَسِيحَ ٱبْنَ مَرْيَمَ وَمَآ أُمِرُوٓا۟ إِلَّا لِيَعْبُدُوٓا۟ إِلَٰهًۭا وَٰحِدًۭا ۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ۚ سُبْحَٰنَهُۥ عَمَّا يُشْرِكُونَ ۳١
මොවුන් අල්ලාහ් හැර තමන්ගේ පූජකයින්වද, පඬිවරුන්වද, මර්යම්ගේ පුත් මසීහ්වද, (තමන්ගේ) දෙවිවරුන් වශයෙන් ඇර ගන්නාහ. එහෙත් එකම දෙවියන්ව මිස, වෙන කිසිවෙකුවත් නැමදිය යුතු නැතැයිම මොවුන් (සියල්ලන්ම) නියෝග කරනු ලැබ ඇත්තාහ. නැමදුමට යුතු දෙවියන්, ඔහු හැර වෙන කිසිවෙකුත් නැත. ඔවුන් සමානයන් තබන මේවා වලින් ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි.
يُرِيدُونَ أَن يُطْفِـُٔوا۟ نُورَ ٱللَّهِ بِأَفْوَٰهِهِمْ وَيَأْبَى ٱللَّهُ إِلَّآ أَن يُتِمَّ نُورَهُۥ وَلَوْ كَرِهَ ٱلْكَٰفِرُونَ ۳٢
මොවුන් තමන්ගේ මුවින්ම (පිඹ) අල්ලාහ්ගේ ආලෝකය නිවා දැමීමට අදහස් කරන්නාහ. එහෙත් මෙම ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළද, අල්ලාහ් තමන්ගේ ආලෝකය පූරණය කර නොතබා සිටින්නට යන්නේ නැත.
هُوَ ٱلَّذِىٓ أَرْسَلَ رَسُولَهُۥ بِٱلْهُدَىٰ وَدِينِ ٱلْحَقِّ لِيُظْهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوْ كَرِهَ ٱلْمُشْرِكُونَ ۳۳
ඔහුම තමන්ගේ දූතයාව ඍජු මාර්ගය මගින්ද, සත්‍යය ධර්මය මගින්ද යවා ඇත්තේය. සමානයන් තබා නමදින්නන් (එය) පිළිකුල් කළද, (ලොවෙහි) ඇති ධරමයන්ගෙන් එම සත්‍යය ධර්මය අනිවායදැයෙන්ම ජයග්‍රහණය කරන්නේය.
۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ كَثِيرًۭا مِّنَ ٱلْأَحْبَارِ وَٱلرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَٰلَ ٱلنَّاسِ بِٱلْبَٰطِلِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ ۗ وَٱلَّذِينَ يَكْنِزُونَ ٱلذَّهَبَ وَٱلْفِضَّةَ وَلَا يُنفِقُونَهَا فِى سَبِيلِ ٱللَّهِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍۢ ۳٤
විශ්වාසවන්තයිනි! නියත වශයෙන්ම (ඔවුන්ගේ) පූජකවරුන්ද, පඬිවරුන්ද, බොහොමයක් දෙනා ජනතාවගේ වස්තූන් වැරදි ආකාරයෙන් ගිල දමන අතර (ජනතාව) අල්ලාහ්ගේ මාර්ගයෙහි යාමද වළක්වන්නාහ. එබැවින් (මොවුන්ටද, තවද කවුරුන්) රත්රන්ද, රිදීද එක්කාසු කර තබා, එය අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් නොකර සිටින්නෝද ඔවුන්ටද, (නබියේ!) ඔබ වේදනා ගෙන දෙන දඬුවම මගින් ශුභාරංචි දෙනු මැනව!
يَوْمَ يُحْمَىٰ عَلَيْهَا فِى نَارِ جَهَنَّمَ فَتُكْوَىٰ بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ ۖ هَٰذَا مَا كَنَزْتُمْ لِأَنفُسِكُمْ فَذُوقُوا۟ مَا كُنتُمْ تَكْنِزُونَ ۳٥
(රත්රන්, රිදී ආදී) දැය නිරා ගින්නෙන් රත් පැහැ ගැන්වෙන තුරු රත් කර, එමගින් ඔවුන්ගේ නළල් වලද, ඉළඇට පෙදෙස්වලද, ඔවුන්ගේ පිට කොන්දෙහිද පුළුස්සා ‘ඔබ වෙනුවෙන් ඔබ එක්කාසු කර තැබූ දැය මෙයයි. එබැවින් ඔබ එක්කාසු කර තිබූ මේවා (පොඩියක්) විඳ බලනු’ යයි කියනු ලබන දින (නබියේ! ඔබ ඔවුන්ට මතක් කර දෙනු).
إِنَّ عِدَّةَ ٱلشُّهُورِ عِندَ ٱللَّهِ ٱثْنَا عَشَرَ شَهْرًۭا فِى كِتَٰبِ ٱللَّهِ يَوْمَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ مِنْهَآ أَرْبَعَةٌ حُرُمٌۭ ۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ ۚ فَلَا تَظْلِمُوا۟ فِيهِنَّ أَنفُسَكُمْ ۚ وَقَٰتِلُوا۟ ٱلْمُشْرِكِينَ كَآفَّةًۭ كَمَا يُقَٰتِلُونَكُمْ كَآفَّةًۭ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَعَ ٱلْمُتَّقِينَ ۳٦
නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙහි මාසයන්ගේ ගණනය (එක් වසරකට) ෙදාළහකි. (මෙසේම) අහස්ද, භූමියද උත්පාදනය කළ දින සිට අල්ලාහ් විසින් මනක්කල්පිත කරනු ලැබ ඇත්තේය. ඒවායෙන් (මාස) හතරක් පරිශුද්ධය. මෙයයි ඍජු ධර්මය. එබැවින් මේවායෙහි (ඔබ යුද්ධ කර), ඔබටම ඔබ හානියක් කර නොගත යුතුය. එහෙත් සමානයන් තබා නමදින සියල්ලන්ම (එම මාසයන්හිදීද) ඔබ සමග යුද්ධ කළහොත්, එසේම ඔබත් (ඔවුන්ට විරුද්ධව) සියල්ලන් සමගම (එම මාසයන්හිදීද) යුද්ධ කරනු. නියත වශයෙන්ම අල්ලාහ් භය භක්තිකයින් සමග සිටින්නේය යන්න ස්ථීර වශයෙන් දැන ගනු.
إِنَّمَا ٱلنَّسِىٓءُ زِيَادَةٌۭ فِى ٱلْكُفْرِ ۖ يُضَلُّ بِهِ ٱلَّذِينَ كَفَرُوا۟ يُحِلُّونَهُۥ عَامًۭا وَيُحَرِّمُونَهُۥ عَامًۭا لِّيُوَاطِـُٔوا۟ عِدَّةَ مَا حَرَّمَ ٱللَّهُ فَيُحِلُّوا۟ مَا حَرَّمَ ٱللَّهُ ۚ زُيِّنَ لَهُمْ سُوٓءُ أَعْمَٰلِهِمْ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَٰفِرِينَ ۳۷
(යුද්ධ කිරීම නොකළ යුතුය යයි තහනම් කරන ලද මාසයන්හි, ඔවුන් තමන්ගේ කැමැත්තට අනුව) ඉදිරියට පස්සට ගැනීම මගින් ප්රතික්ෂේපය වැඩි කරන්නේය. මෙමගින් ප්‍රතික්ෂේප කරන්නන්වම මාර්ගය වැරද යවනු ලබන්නාහ. (මන්දයත් ඔවුන් තමන්ගේ කැමැත්තට අනුව මාසයන් ඉදිරියට පස්සට කර) එක් අවුරුද්දකදී එය (එම මාසයන්හි යුද්ධ කිරීම) අනුමැතිය දෙනු ලැබූවක් බවට පත් කර ගන්නාහ. වෙනත් අවුරුද්දකදී (එම මාසයන්හිම යුද්ධ කිරීම තහනම් යයි) වළක්වා හරින්නාහ. (මෙසේ ඔවුන් කිරිමේ අපේක්ෂාව නම්, තමන් තහනම් කරන ලද මාසයන්හි ගණනය), අල්ලාහ් තහනම් කරන ලද මාසයන්හි ගණනයට සම කර, අල්ලාහ් තහනම් කළ මාසයන්ද තමන් අනුමත කර ගැනීමටය. ඔවුන්ගේ මෙම (නපුරු) ක්‍රියාවන් (ෂෙයිතාන් විසින්) ඔවුන්ට අලංකාරවත් කරනු ලැබ ඇත්තේය. අල්ලාහ් ප්‍රතික්ෂේප කරන මෙම ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ ٱنفِرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ٱثَّاقَلْتُمْ إِلَى ٱلْأَرْضِ ۚ أَرَضِيتُم بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا مِنَ ٱلْءَاخِرَةِ ۚ فَمَا مَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فِى ٱلْءَاخِرَةِ إِلَّا قَلِيلٌ ۳۸
විශ්වාසවන්තයිනි! අල්ලාහ්ගේ මාර්ගයෙහි (යුද්ධ කිරීමට) ඔබ පිටත් වනු යයි ඔබට කියනු ලැබුවහොත් (එසේ පිටත් නොවී) ඔබ ගමේ රැඳී සිටීමෙහි හේතුව කුමක්ද? පරලොවට වඩා මෙලොව ජීවිතය මගින් ඔබ සෑහීමට පත් වූවෙහුද? පරලොව (ජීවිතය) ඉදිරියේ මෙලොව ජීවිතයෙහි සුවය ඉතාමත් අල්පය!
إِلَّا تَنفِرُوا۟ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًۭا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْـًۭٔا ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ۳۹
(ඔබ යුද්ධයට කැඳවනු ලැබ) ඔබ නොගියහොත්, ඔබව ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම මගින් වද දෙනු ඇත. තවද (ඔබව යවා) ඔබගේ ස්ථානයෙහි වෙනත් අයව පත් කර හරිනු ඇත. (මෙයට) ඔබ ඔහුට කිසිම හානියක් කිරීමට නොහැක. (මන්දයත්) අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි.
إِلَّا تَنصُرُوهُ فَقَدْ نَصَرَهُ ٱللَّهُ إِذْ أَخْرَجَهُ ٱلَّذِينَ كَفَرُوا۟ ثَانِىَ ٱثْنَيْنِ إِذْ هُمَا فِى ٱلْغَارِ إِذْ يَقُولُ لِصَٰحِبِهِۦ لَا تَحْزَنْ إِنَّ ٱللَّهَ مَعَنَا ۖ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَيْهِ وَأَيَّدَهُۥ بِجُنُودٍۢ لَّمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلسُّفْلَىٰ ۗ وَكَلِمَةُ ٱللَّهِ هِىَ ٱلْعُلْيَا ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ ٤۰
(අපගේ දූතයා වන) ඔහුට ඔබ උදව් නොකළහොත් (එමගින් ඔහුට කිසිම පාඩුවක් ඇති වන්නේ නැත. මන්දයත්) ප්‍රතික්ෂේප කරන්නන් ඔහුව (රටෙන්) පිටමං කළ අවස්ථාවේදී නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට උදව් කරමින්ම සිටියේය. (තවුර් නමැති කඳු) ගුහාවෙහි සිටි දෙදෙනාගෙන් කෙනෙකු වශයෙන් ඔහු සිටිය (විට, සතුරන් පැමිණ වට කර ගත්) අවස්ථාවේදී තමන් සමග (ගල් ගුහාවෙහි) සිටි සහායයා (අබූබක්කර්)ට “ඔබ කණගාටු නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් අප සමග සිටින්නේය” යයි (සැනසුම් වදන්) පැවසූ විට, අල්ලාහ් ඔහුට තමන්ගේ ශාන්තිය පහළ කළේය. (තබූක් වැනි වෙනත් යුද්ධයන්හිද) ඔබට දැක ගත නොහැකි සේනාවන් මගින් ඔහුට උදව් කර, ප්‍රතික්ෂේප කරන්නන්ගේ පොරොන්දුව (ඉටු නොකර) පහත දැමුවේය. (මන්දයත්) අල්ලාහ්ගේ පොරොන්දුවම (සෑම විටම) ඉදිරියෙන් සිටින්නේය. තවද අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්යෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
ٱنفِرُوا۟ خِفَافًۭا وَثِقَالًۭا وَجَٰهِدُوا۟ بِأَمْوَٰلِكُمْ وَأَنفُسِكُمْ فِى سَبِيلِ ٱللَّهِ ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ ٤١
ඔබ ආයුධ සුළු ප්‍රමාණයකින් යුක්තව සිටියා වුවද කම් නැත, සම්පූර්ණ ආයුධ වලින් සන්නද්ධව සිටියා වුවද කම් නැත, ඔබ (පයින් ගමනින් හෝ වාහනයන් මත නැගී හෝ) පිටත්ව ගොස්, අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබගේ වස්තූන්ද, පණද, පූජා කර යුද්ධ කරනු. ඔබ දැනුම ඇත්තවුන් වශයෙන් සිටින්නෙහු නම්, මෙයම ඔබට ඉතාමත් හොඳය.
لَوْ كَانَ عَرَضًۭا قَرِيبًۭا وَسَفَرًۭا قَاصِدًۭا لَّٱتَّبَعُوكَ وَلَٰكِنۢ بَعُدَتْ عَلَيْهِمُ ٱلشُّقَّةُ ۚ وَسَيَحْلِفُونَ بِٱللَّهِ لَوِ ٱسْتَطَعْنَا لَخَرَجْنَا مَعَكُمْ يُهْلِكُونَ أَنفُسَهُمْ وَٱللَّهُ يَعْلَمُ إِنَّهُمْ لَكَٰذِبُونَ ٤٢
(නබියේ!) එවෙලේම යම්කිසි වස්තූන් ලැඛෙන්නට තිබී, (ඔබ ගිය ස්ථානය) සමීපයෙහිද වූවේ නම්, නියත වශයෙන්ම ඔවුන් ඔබව අනුගමනය කර පැමිණෙමින්ම සිටිනු ඇත. එහෙත් (ඔබ ගිය ස්ථානය) ඔවුන්ට ඉතාමත් ඈත්ව හා ඉතාමත් දුෂ්කර එකක් බවට හැඟුණි. (එබැවින්ම ඔවුන් ඔබව අනුගමනය කර පැමිණියේ නැත. එබැවින් ඔබ ඔවුන්ගෙන් “ඔබ කුමක් නිසා පැමිණියේ නැද්ද?”යි විමසුවහොත් එයට ඔවුන්) “අපට හැකි එකක් බවට වූවේ නම්, නියත වශයෙන්ම අපි ඔබ සමග අනිවායදැයෙන්ම පැමිණ ඇත්තෙමු” යයි අල්ලාහ් මත දිව්රා (පවසනු) ඇත. (මෙසේ බොරු දිව්රීම් කරන) ඔවුන් තමන්වම විනාශ කර ගන්නාහ. නියත වශයෙන්ම ඔවුන් බොරුකාරයින් යන්න අල්ලාහ් හොඳින් දන්නේය.
عَفَا ٱللَّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمْ حَتَّىٰ يَتَبَيَّنَ لَكَ ٱلَّذِينَ صَدَقُوا۟ وَتَعْلَمَ ٱلْكَٰذِبِينَ ٤۳
(නබියේ!) අල්ලාහ් ඔබට සමාව දී දයාව පහළ කරනු මැනව! (ඔවුන් ඔබ සමග යුද්ධයට නොගොස් නැවතී සිටීමට ඔබ වෙතින් අනුමැතිය ඉල්ලා සිටි අවස්ථාවේදී), ඔවුන්ගෙන් ඇත්ත කියන්නේ කවුරුන්දැයි ඔබට පැහැදිලි වන තුරුද, බොරුකාරයින් කවුරුදැයි යන්නද ඔබ නොදැනුවත්ව සිටියදීද, ඔබ ඔවුන්ට කුමක් නිසා අනුමැතිය දුන්නෙහිද?.
لَا يَسْتَـْٔذِنُكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ أَن يُجَٰهِدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلْمُتَّقِينَ ٤٤
අල්ලාහ්වද, අවසාන දිනයද (ඇත්තෙන්ම) විශ්වාසය තැබූවන් තමන්ගේ වස්තූන්ද, පණද, පූජා කර යුද්ධ නොකර සිටීමට ඔබ වෙතින් අනුමැතිය ඉල්ලා සිටින්නේම නැත. භය භක්තියෙන් පිරි මොවුන්ව අල්ලාහ් හොඳින් දන්නේය.
إِنَّمَا يَسْتَـْٔذِنُكَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَٱرْتَابَتْ قُلُوبُهُمْ فَهُمْ فِى رَيْبِهِمْ يَتَرَدَّدُونَ ٤٥
(යුද්ධයට නොගිහින් සිටීමට) ඔබ වෙතින් අනුමැතිය ඉල්ලා සිටින්නේ අල්ලාහ්වද, අවසාන දිනයද ඇත්තෙන්ම විශ්වාස නොකරන අයයි. ඔවුන්ගේ හෘදයන් සැකයෙහි ගැලී ගියේය. එබැවින් ඔවුන් තමන්ගේ සැකයෙහිම දඟලන්නාහ.
۞ وَلَوْ أَرَادُوا۟ ٱلْخُرُوجَ لَأَعَدُّوا۟ لَهُۥ عُدَّةًۭ وَلَٰكِن كَرِهَ ٱللَّهُ ٱنۢبِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِيلَ ٱقْعُدُوا۟ مَعَ ٱلْقَٰعِدِينَ ٤٦
ඔවුන් (ඔබ සමග යුද්ධයට) පිටත්ව යාමට (ඇත්තෙන්ම) අදහස් කර සිටියෙහු නම්, එයට අවශ්‍යය ආම්පන්න (කළින්ම) ඔවුන් පිළියෙල කර ඇත්තෙහුය. එහෙත් (ඔබ සමග) ඔවුන් පිටත්ව යාම අල්ලාහ් පිළිකුල් කර, ඔවුන්ව පිටත්ව නොයා වළක්වා හැරියේය. එබැවින් (මහල්ලන්, දරුවන්, කාන්තාවන් වැනි යුද්ධයට යාමට නොහැකි නිවෙස්වල) රැඳී සිටින්නන් සමග ඔබත් රැඳී සිටිනු” යයි (ඔවුන්ට) කියනු ලැබූවාක් (වැනිය!)
لَوْ خَرَجُوا۟ فِيكُم مَّا زَادُوكُمْ إِلَّا خَبَالًۭا وَلَأَوْضَعُوا۟ خِلَٰلَكُمْ يَبْغُونَكُمُ ٱلْفِتْنَةَ وَفِيكُمْ سَمَّٰعُونَ لَهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلظَّٰلِمِينَ ٤۷
ඔවුන් ඔබ අතරේ පැමිණ සිටියෙහු නම්, අවිනීතව හැසිරෙනවා මිස, (වෙන කිසිම හොඳක්) ඔවුන් ඔබට වැඩි කර හරින්නේ නැත. නපුර අදහස් කරමින් ඔබ අතරේ අවලක්ෂණයද ඇති කරන්නට ඉඩ තිබුණි. ඔවුන්ට (ඔවුන්ගේ නපුරු වදන් වලට) සවන් දෙන්නන්ද ඔබගෙන් බොහොමයක් දෙනා සිටින්නාහ. නමුත් අල්ලාහ් මෙවැනි අපරාධකරුවන්ව හොඳින් දන්නේය.
لَقَدِ ٱبْتَغَوُا۟ ٱلْفِتْنَةَ مِن قَبْلُ وَقَلَّبُوا۟ لَكَ ٱلْأُمُورَ حَتَّىٰ جَآءَ ٱلْحَقُّ وَظَهَرَ أَمْرُ ٱللَّهِ وَهُمْ كَٰرِهُونَ ٤۸
ඔවුන් පිළිකුල් කළද, සත්‍යය එළිදරව් වී අල්ලාහ්ගේ නියෝගයන් ජයග්‍රහණය කරන තුරු, මෙයට පෙරද ඔවුන් නපුර කිරීමට අදහස් කර, ඔබගේ කාරණාවන් (උඩු යටිකුරු කර) පෙරළමින්ම සිටියහ.
وَمِنْهُم مَّن يَقُولُ ٱئْذَن لِّى وَلَا تَفْتِنِّىٓ ۚ أَلَا فِى ٱلْفِتْنَةِ سَقَطُوا۟ ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌۢ بِٱلْكَٰفِرِينَ ٤۹
‘(නබියේ! යුද්ධයට කැඳවා) ඔබ මාව පිරික්සුමට ලක් නොකරම (නිවසෙහි මා රැඳී සිටීමට) මා හට අනුමැතිය දෙනු මැනව!’යි ඉල්ලා සිටින්නන්ද ඔවුන්ගෙන් සමහරෙක් සිටින්නාහ. (එහෙත් මෙසේ ඉල්ලා සිටින) ඔවුන් (අමාරු විවිධ) පිරික්සුමෙහිම ගැලී නොසිටියෙහුද? ප්‍රතික්ෂේප කරන්නන්ව නියත වශයෙන්ම නිරය වට කරගෙන සිටින්නේය.
إِن تُصِبْكَ حَسَنَةٌۭ تَسُؤْهُمْ ۖ وَإِن تُصِبْكَ مُصِيبَةٌۭ يَقُولُوا۟ قَدْ أَخَذْنَآ أَمْرَنَا مِن قَبْلُ وَيَتَوَلَّوا۟ وَّهُمْ فَرِحُونَ ٥۰
(නබියේ!) ඔබට යම්කිසි හොඳක් සිදු වන්නේ නම්, (එය) ඔවුන්ට දුක ගෙන දෙන්නේය. ඔබට යම්කිසි හානියක් සිදු වුවහොත් නම්, “නියත වශයෙන්ම අපි අපගේ කාරණාවෙහි (ඔබව සම්බන්ධ නොකර) දැනටමත් ප්‍රවේසමෙන් සිටියෙමු” යයි පවසා ඉතාමත් සතුටින් (ඔබගෙන්) ඈත් වී ගියහ.
قُل لَّن يُصِيبَنَآ إِلَّا مَا كَتَبَ ٱللَّهُ لَنَا هُوَ مَوْلَىٰنَا ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ٥١
(එබැවින් නබියේ! ඔවුන්ට) “අල්ලාහ් අපට නියම කළ දැය මිස, වෙන කිසිවක් නියත වශයෙන්ම අපට ළඟා වන්නේ නැත. ඔහුම අපගේ ආරක්ෂකයාය” යයි ඔබ පවසනු මැනව! විශ්වාසවන්තයින් සියල්ල අල්ලාහ් මතම විශ්වාසය තබා සිටිය යුතුය.
قُلْ هَلْ تَرَبَّصُونَ بِنَآ إِلَّآ إِحْدَى ٱلْحُسْنَيَيْنِ ۖ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَن يُصِيبَكُمُ ٱللَّهُ بِعَذَابٍۢ مِّنْ عِندِهِۦٓ أَوْ بِأَيْدِينَا ۖ فَتَرَبَّصُوٓا۟ إِنَّا مَعَكُم مُّتَرَبِّصُونَ ٥٢
(තවද නබියේ!) ඔබ මෙසේ පවසනු: (ජයග්‍රහණය නැතහොත් වීර ස්වර්ගය ආදී) ඉතාමත් ශ්‍රේෂ්ඨ මෙම හොඳ දැයෙන් එකක් මිස, (වෙන කිසිම නපුරක්) ඔබ අප වෙනුවෙන් බලාපොරොත්තු විය හැකිද? (එබැවින් මේ දෙකෙන් කුමක් ලැබුණද, අපට හොඳය). එහෙත් ඔබට නම්, අල්ලාහ් තම දඬුවම මගින් හෝ නැතහොත් ඔබගේ දෑත් මගින් හෝ ඔබට අමාරුකමක් ඇති කිරීමම අපි බලාපොරොත්තු වන්නෙමු. එබැවින් ඔබ (අපට පැමිණිය යුතු දැය) බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම අපිද (ඔබට පැමිණිය යුතු දැය) ඔබ සමග බලාපොරොත්තු වන්නෙමු.
قُلْ أَنفِقُوا۟ طَوْعًا أَوْ كَرْهًۭا لَّن يُتَقَبَّلَ مِنكُمْ ۖ إِنَّكُمْ كُنتُمْ قَوْمًۭا فَٰسِقِينَ ٥۳
(තවද) “ඔබ කැමැත්තෙන්ම හෝ නැතහොත් පිළිකුලෙන් හෝ (කුමක්) දානමාන වශයෙන් දුන්නද, (එය) ඔබ වෙතින් බාර ගනු ලබන්නේම නැත. මන්දයත් නියත වශයෙන්ම ඔබ පාපතරයන් වශයෙන්ම සිටින්නෙහුය” යයිද (නබියේ! ඔබ) කියා හරිනු.
وَمَا مَنَعَهُمْ أَن تُقْبَلَ مِنْهُمْ نَفَقَٰتُهُمْ إِلَّآ أَنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَبِرَسُولِهِۦ وَلَا يَأْتُونَ ٱلصَّلَوٰةَ إِلَّا وَهُمْ كُسَالَىٰ وَلَا يُنفِقُونَ إِلَّا وَهُمْ كَٰرِهُونَ ٥٤
ඔවුන් කරන දානමානය ඔවුන්ගෙන් බාර ගනු ලබන්නේ නැත යයි (දෙවියන්) ඔවුන්ට වළක්වා දමා තිබීමට හේතුව, නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ටද, ඔහුගේ රසූල්වරයාටද වෙනස්කම් කිරීමය. තවද ඔවුන් ඉතාමත් අළසකමින් මිස, සලාත් කරන්නේ නැත. පිළිකුලෙන්ම මිස, ඔවුන් දානමාන කරන්නේද නැත.
فَلَا تُعْجِبْكَ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَٰدُهُمْ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُعَذِّبَهُم بِهَا فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَٰفِرُونَ ٥٥
(නබියේ!) ඔවුන්ගේ වස්තූන්ද ඔවුන්ගේ ජනතාවද, (වැඩි වී තිබීම) ඔබව මවිතයට පත් නොකෙරෙත්වා! අල්ලාහ් (ඒවා ඔවුන්ට ලබා දී) ඒවා මගින් ඔවුන්ව මෙලොව ජීවිතයේම දඬුවම් කිරීමට නියත වශයෙන්ම අදහස් කරන්නේය. තවද ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් සිටියදී ඔවුන්ගේ පණ යාමද (අදහස් කරන්නේය).
وَيَحْلِفُونَ بِٱللَّهِ إِنَّهُمْ لَمِنكُمْ وَمَا هُم مِّنكُمْ وَلَٰكِنَّهُمْ قَوْمٌۭ يَفْرَقُونَ ٥٦
නියත වශයෙන්ම තමන්ද ඔබට අයත් අය යයි ඔවුන් අල්ලාහ් මත දිව්රන්නාහ. එහෙත් ඔවුන් ඔබට අයත් අය නොව. ඔවුන් (තමන්ගේ නියම ස්වරූපය එළිදරව් කිරීමට බිය වන) බියගුල්ලන්ය.
لَوْ يَجِدُونَ مَلْجَـًٔا أَوْ مَغَٰرَٰتٍ أَوْ مُدَّخَلًۭا لَّوَلَّوْا۟ إِلَيْهِ وَهُمْ يَجْمَحُونَ ٥۷
බේරී සිටිය හැකි යම්කිසි ස්ථානයක් නැතහොත් (කඳු) ගුහාවන්, නැතහොත් එක් බිං ගෙයක් ඔවුන් දුටුවහොත් නම්, (ඔබගෙන් ඈත් වී) ඒවා දෙසට වේගයෙන් පලා යන්නාහ.
وَمِنْهُم مَّن يَلْمِزُكَ فِى ٱلصَّدَقَٰتِ فَإِنْ أُعْطُوا۟ مِنْهَا رَضُوا۟ وَإِن لَّمْ يُعْطَوْا۟ مِنْهَآ إِذَا هُمْ يَسْخَطُونَ ٥۸
(නබියේ!) ඔබ දානමානයන් ඛෙදා දීමෙහි පක්ෂපාතී යයි ඔබට ෙදාස් නගන්නන්ද ඔවුන්ගෙන් බොහොමයක් දෙනා සිටින්නාහ. (ඔවුන්ගේ කැමැත්තට අනුව) එයින් ඔවුන්ට දෙනු ලැබුවහොත් ඔවුන් සෑහීමට පත් වන්නාහ. එයින් (ඔවුන්ගේ කැමැත්තට අනුව) ඔවුන්ට දෙනු නොලැබුවහොත් නම්, කෝපයට පත් වන්නාහ.
وَلَوْ أَنَّهُمْ رَضُوا۟ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَقَالُوا۟ حَسْبُنَا ٱللَّهُ سَيُؤْتِينَا ٱللَّهُ مِن فَضْلِهِۦ وَرَسُولُهُۥٓ إِنَّآ إِلَى ٱللَّهِ رَٰغِبُونَ ٥۹
අල්ලාහ්ද ඔහුගේ දූතයාද ඔවුන්ට දීම ගැන සෑහීමට පත් වී “අල්ලාහ් අපට ප්රමාණවත්ය. අල්ලාහ් තම වරප්රසාදයන් මගින් නැවතත් දයාව පහළ කරනු ඇත. ඔහුගේ දූතයාද (තවත් දයාව පහළ කළ හැකිය). නියත වශයෙන්ම අපි අල්ලාහ්වම විශ්වාස කර ඇත්තෙමු” යයි ඔවුන් පැවසිය යුතු නොවේද?.
۞ إِنَّمَا ٱلصَّدَقَٰتُ لِلْفُقَرَآءِ وَٱلْمَسَٰكِينِ وَٱلْعَٰمِلِينَ عَلَيْهَا وَٱلْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِى ٱلرِّقَابِ وَٱلْغَٰرِمِينَ وَفِى سَبِيلِ ٱللَّهِ وَٱبْنِ ٱلسَّبِيلِ ۖ فَرِيضَةًۭ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ٦۰
(සකාත් නමැති) දානමානය නම්, දිළින්දන්ටද, දුප්පතුන්ටද, සකාත් එක්කාසු කරන්නන්ටද, අළුතින් ඉස්ලාමය වැළඳ ගත් අයටද, වහලූන්ව නිදහස් කිරීමටද, ණය බරෙන් මිරිකී සිටින අයටද, අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කළ අයටද, මැගියන්ටද, (අයිති දැය වශයෙන්) අල්ලාහ් නියම කර ඇති අනිවායදැය යුතුකමකි. අල්ලාහ් (සියල්ල) ඉතාමත් දැනුවත්ව හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَمِنْهُمُ ٱلَّذِينَ يُؤْذُونَ ٱلنَّبِىَّ وَيَقُولُونَ هُوَ أُذُنٌۭ ۚ قُلْ أُذُنُ خَيْرٍۢ لَّكُمْ يُؤْمِنُ بِٱللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌۭ لِّلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ ۚ وَٱلَّذِينَ يُؤْذُونَ رَسُولَ ٱللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ ٦١
“(මෙම නබිවරයා වෙත කවුරුන් කුමක් පැවසුවද, එයට) සවන් දෙන්නෙකු වශයෙන් ඔහු සිටින්නේය” යි පවසා, (අපගේ) නබිවරයාව වේදනා ගෙන දෙන්නන්ද ඔවුන්ගෙන් බොහොමදෙනෙකු සිටින්නාහ. (එයට නබියේ!) ඔබ මෙසේ කියනු: “(එසේ ඔහු) සවන් දීම ඔබටම හොඳය. ඔහු අල්ලාහ්වද, විශ්වාස කරන්නේය. විශ්වාසවන්තයින්වද විශ්වාස කරන්නේය. තවද ඔබගෙන් විශ්වාසය තැබූවන් කෙරෙහි ඉතාමත් දයාබරවද සිටින්නේය”. එබැවින් (ඔබගෙන්) කවුරුන් (මෙසේ පවසා) අල්ලාහ්ගේ දූතයාව වේදනා ගෙන දෙන්නේද, ඔවුන්ට ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
يَحْلِفُونَ بِٱللَّهِ لَكُمْ لِيُرْضُوكُمْ وَٱللَّهُ وَرَسُولُهُۥٓ أَحَقُّ أَن يُرْضُوهُ إِن كَانُوا۟ مُؤْمِنِينَ ٦٢
(විශ්වාසවන්තයිනි!) ඔබව තෘප්තියට පත් කිරීම පිණිස, ඔබ ඉදිරියේ ඔවුන් අල්ලාහ් මත දිව්රන්නාහ. ඔවුන් (ඇත්තෙන්ම) විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම් ඔවුන්ව තෘප්තියට පත් කර තැබීමට අල්ලාහ්ද, ඔහුගේ දූතයාද ඉතාමත් සුදුස්සන් (යන්න දැන ගන්නාහ).
أَلَمْ يَعْلَمُوٓا۟ أَنَّهُۥ مَن يُحَادِدِ ٱللَّهَ وَرَسُولَهُۥ فَأَنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدًۭا فِيهَا ۚ ذَٰلِكَ ٱلْخِزْىُ ٱلْعَظِيمُ ٦۳
කවුරුන් ඇත්තෙන්ම අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද වෙනස්කම් කරන්නේද, ඔහුට නියත වශයෙන්ම නිරා ගින්නම ලැඛෙනු ඇත. එහි ඔහු (සැමදා) රැඳී සිටිනු ඇත යන්න ඔවුන් දැන ගත්තේ නැද්ද? මෙය ඉමහත් වූ අවමානයකි.
يَحْذَرُ ٱلْمُنَٰفِقُونَ أَن تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌۭ تُنَبِّئُهُم بِمَا فِى قُلُوبِهِمْ ۚ قُلِ ٱسْتَهْزِءُوٓا۟ إِنَّ ٱللَّهَ مُخْرِجٌۭ مَّا تَحْذَرُونَ ٦٤
(විශ්වාසවන්තයින් වන) ඔවුන්ට එක් පරිච්ඡේදයක් පහළ කරනු ලැබ, එය තමන්ගේ හෘදයන්හි ඇති දැය එළිදරව් කර හරීවිදෝ යයි වංචනිකයින් බිය (වන්නන් මෙන් රඟපා සමච්චල්) කරන්නාහ. (නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ කියනු: “ඔබ සමච්චල් කරමින්ම සිටිනු. එහෙත් ඔබ බිය වන දැය නියත වශයෙන්ම අල්ලාහ් අනිවායදැයෙන්ම එළිදරව් කරන්නේය”.
وَلَئِن سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ ۚ قُلْ أَبِٱللَّهِ وَءَايَٰتِهِۦ وَرَسُولِهِۦ كُنتُمْ تَسْتَهْزِءُونَ ٦٥
(මේ ගැන) ඔබ ඔවුන්ගෙන් විමසන්නේ නම්, “සෙල්ලමෙහිද, (පුහු) විවාදයෙහිද ගැලී සිටියෙමු” යයි ඔවුන් පවසන්නාහ. (එයට නබියේ! ඔවුන්ගෙන්) “අල්ලාහ්වද ඔහුගේ ආයාවන්ද ඔහුගේ දූතයාවද ඔබ සමච්චල් කරන්නේ?” යයි විමසනු.
لَا تَعْتَذِرُوا۟ قَدْ كَفَرْتُم بَعْدَ إِيمَٰنِكُمْ ۚ إِن نَّعْفُ عَن طَآئِفَةٍۢ مِّنكُمْ نُعَذِّبْ طَآئِفَةًۢ بِأَنَّهُمْ كَانُوا۟ مُجْرِمِينَ ٦٦
“ඔබ (කරමින් සිටින නපුරු සමච්චලයට පුහු) ප්‍රශංසා නොකරනු. ඔබ විශ්වාස කිරීමෙන් පසු නියත වශයෙන්ම (එය) ප්‍රතික්ෂේප කරම දැම්මෙහුය. (එබැවින්) ඔබගෙන් එක් සමූහයකට අපි සමාව දුන්නද, තවත් සමූහයක් නියත වශයෙන්ම වැරදිකරුවන් වශයෙන්ම සිටින බැවින් අපි ඔවුන්ට අනිවායදැයෙන්ම දඬුවම් කරමු” (යයිද නබියේ! ඔබ පවසනු මැනව!)
ٱلْمُنَٰفِقُونَ وَٱلْمُنَٰفِقَٰتُ بَعْضُهُم مِّنۢ بَعْضٍۢ ۚ يَأْمُرُونَ بِٱلْمُنكَرِ وَيَنْهَوْنَ عَنِ ٱلْمَعْرُوفِ وَيَقْبِضُونَ أَيْدِيَهُمْ ۚ نَسُوا۟ ٱللَّهَ فَنَسِيَهُمْ ۗ إِنَّ ٱلْمُنَٰفِقِينَ هُمُ ٱلْفَٰسِقُونَ ٦۷
පිරිමියෙක් වුවද, ගැහැනියක් වුවද, වංචනිකයින් සියල්ල එකම වාර්ගිකයින්ය! ඔවුන් (සියල්ලන්ම) පාපතර ක්‍රියාවන් කරන මෙන් පොළඹවන්නාහ. හොඳ කාරණාවන් වළක්වා හරින්නාහ. (වියදම් කිරීමට අවශ්‍ය අවස්ථාවන්හි) තමන්ගේ අත් වසා ගන්නාහ. මොවුන් අල්ලාහ්ව අමතක කර දැමූහ. එබැවින් අල්ලාහ්ද ඔවුන්ව අමතක කර දැමුවේය. නියත වශයෙන්ම මෙම වංචනිකයින්ම (කුමන්ත්‍රණ කරන දරුණු) පාපතරයන්ය.
وَعَدَ ٱللَّهُ ٱلْمُنَٰفِقِينَ وَٱلْمُنَٰفِقَٰتِ وَٱلْكُفَّارَ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَا ۚ هِىَ حَسْبُهُمْ ۚ وَلَعَنَهُمُ ٱللَّهُ ۖ وَلَهُمْ عَذَابٌۭ مُّقِيمٌۭ ٦۸
වංචනිකයින් වන පිරිමින් හා ගැහැනුන් (එසේම අනිත්) ප්‍රතික්ෂේප කරන්නන්ටද නිරා ගින්නම අල්ලාහ් පොරොන්දු වී ඇත්තේය. එහි ඔවුන් (සැමදා) රැඳී සිටිනු ඇත. එයම ඔවුන්ට ප්‍රමාණවත් (ඵලවිපාක) වනු ඇත. තවද අල්ලාහ් ඔවුන්ව ශාප කර ඇත්තේය. තවද ඔවුන්ට ස්ථීර වූ දඬුවම්ද ඇත.
كَٱلَّذِينَ مِن قَبْلِكُمْ كَانُوٓا۟ أَشَدَّ مِنكُمْ قُوَّةًۭ وَأَكْثَرَ أَمْوَٰلًۭا وَأَوْلَٰدًۭا فَٱسْتَمْتَعُوا۟ بِخَلَٰقِهِمْ فَٱسْتَمْتَعْتُم بِخَلَٰقِكُمْ كَمَا ٱسْتَمْتَعَ ٱلَّذِينَ مِن قَبْلِكُم بِخَلَٰقِهِمْ وَخُضْتُمْ كَٱلَّذِى خَاضُوٓا۟ ۚ أُو۟لَٰٓئِكَ حَبِطَتْ أَعْمَٰلُهُمْ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ ٦۹
(වංචනිකයිනි! ඔබගේ තත්වය) ඔබට පෙර විසූ අයගේ තත්වයට සම වන්නේය. ඔවුන් ඔබට වඩා බලසම්පන්නයන් වශයෙන්ද, (ඔබටත් වඩා) අධික වශයෙන් වස්තූන් අයත් වූවන් වශයෙන්ද, අධික වශයෙන් දරු මල්ලන් අයත් අය වශයෙන්ද සිටියදී, (මෙලොවදී) තමන්ට ලැබුණු (මෙම) භාග්‍යයන් මගින් සුවය අත් කර ගත්හ. ඔබට පෙර විසූ මොවුන් තමන්ට ලැබුණු භාග්‍යයන් මගින් (මෙලොවදී) සුවය අත් කර ගත් ආකාරයටම ඔබත් ඔබට ලැබුණු භාග්‍යයන් මගින් සුවය අත් කර ගත්තෙහුය. ඔවුන් (පුහු) විවාදයන්හි ගැලී සිටි ආකාරයටම ඔබ ගැලී ගියෙහුය. මෙලොවද පරලොවෙහිද ඔවුන්ගේ (හොඳ) ක්‍රියාවන් සියල්ල විනාශ වී ගියේය. (එබැවින්) ඔවුන් ඉමහත් වූ පරාජිතයින් වූහ. (ඒ ආකාරයටම ඔබත් පරාජිත වන්නෙහුය).
أَلَمْ يَأْتِهِمْ نَبَأُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ قَوْمِ نُوحٍۢ وَعَادٍۢ وَثَمُودَ وَقَوْمِ إِبْرَٰهِيمَ وَأَصْحَٰبِ مَدْيَنَ وَٱلْمُؤْتَفِكَٰتِ ۚ أَتَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ ۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ۷۰
මොවුන්ට පෙර විසූ නූහ් (නබිගේ) ජනතාව, ආද්, සමූද්, ඉබ්රාහීම් (නබි)ගේ ජනතාව, මද්යන් (නමැති) ගම්වැසියන්, උඩුයටිකුරු ලෙස පෙරළී ගිය ගම්වැසියන් ආදීන්ගේ ඉතිහාසයන්ද ඔවුන්ට ලැබුනේ නැද්ද? (අප විසින් එවන ලද) ඔවුන්ගේ දූතයින් පැහැදිලි සාධකයන්ම ඔවුන් වෙත ගෙන ආවාහ. (එසේ තිබියදී එම දූතයින්ව ඔවුන් ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් ඔවුන් සියල්ල විනාශ වී ගියහ. මෙහිදී) අල්ලාහ් ඔවුන්ට (කිසිම) හානියක් කළේ නැත. එහෙත් ඔවුන් තමන්ට තමන්ම හානි සිදු කර ගනිමින් (විනාශ වී) ගියහ.
وَٱلْمُؤْمِنُونَ وَٱلْمُؤْمِنَٰتُ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍۢ ۚ يَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَيُطِيعُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ أُو۟لَٰٓئِكَ سَيَرْحَمُهُمُ ٱللَّهُ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ ۷١
විශ්වාසය තැබූ පිරිමින්ද, විශ්වාසය තැබූ ගැහැනුන්ද (තමන් තුළ) කෙනෙකුට කෙනෙකු සමීප සහායයන් වශයෙන් සිටින්නාහ. ඔවුන් (කෙනෙකු අනිත් කෙනාව) හොඳක් කරන මෙන් පොළඹවාද, පාපයන් නොකරන මෙන් වළක්වාද, සලාතය නොකඩවා ඉටු කරද, සකාත් ගෙවමින්ද සිටින්නාහ. අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද අවනත වී කටයුතු කරන්නාහ. මෙවැන්නන්ට ඉතාමත් ඉක්මනින් අල්ලාහ් දයාව පහළ කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකුද වශයෙන් සිටින්නේය.
وَعَدَ ٱللَّهُ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا وَمَسَٰكِنَ طَيِّبَةًۭ فِى جَنَّٰتِ عَدْنٍۢ ۚ وَرِضْوَٰنٌۭ مِّنَ ٱللَّهِ أَكْبَرُ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ۷٢
විශ්වාසය තැබූ පිරිමින්ට හා ගැහැනුන්ට අල්ලාහ් ස්වර්ගයන් පොරොන්දු වී ඇත්තේය. ඒවායෙන් ජල දහරා සදා ගලමින්ම ඇත. ඔවුන් ඒවායෙහිම (සදාකල්) රැඳී සිටිනු ඇත. (එම) සදාකල් නිත්‍ය ස්වර්ගයන්හි පරිශුද්ධ වූ (අලංකාරවත් උසස්) මාලිගාවන්ද (පොරොන්දු වී ඇත්තේය. ඒවා එහි ඔවුන්ට ලැඛෙණු ඇත). නමුත් (මෙවා සියල්ලට වඩා) අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස ඉතාමත් විශාලය. (එයද එහි ඔවුන්ට ලැඛෙණු ඇත. සියල්ලට වඩා) මෙය ඉමහත් වූ භාග්‍යයක් වන්නේය.
يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ جَٰهِدِ ٱلْكُفَّارَ وَٱلْمُنَٰفِقِينَ وَٱغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ۷۳
නබියේ! ප්‍රතික්ෂේප කරන්නන් සමගද, වංචනිකයින් සමගද ඔබ යුද්ධ කරනු මැනව! ඔවුන්ව (කිසි සැලකිල්ලක් නොදක්වා) දැඩි ලෙස හසුරවනු. ඔවුන් රැෙඳන ස්ථානය නිරයයි. (එය) ඉතාමත් නපුරු වාසස්ථානයකි.
يَحْلِفُونَ بِٱللَّهِ مَا قَالُوا۟ وَلَقَدْ قَالُوا۟ كَلِمَةَ ٱلْكُفْرِ وَكَفَرُوا۟ بَعْدَ إِسْلَٰمِهِمْ وَهَمُّوا۟ بِمَا لَمْ يَنَالُوا۟ ۚ وَمَا نَقَمُوٓا۟ إِلَّآ أَنْ أَغْنَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ مِن فَضْلِهِۦ ۚ فَإِن يَتُوبُوا۟ يَكُ خَيْرًۭا لَّهُمْ ۖ وَإِن يَتَوَلَّوْا۟ يُعَذِّبْهُمُ ٱللَّهُ عَذَابًا أَلِيمًۭا فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۚ وَمَا لَهُمْ فِى ٱلْأَرْضِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍۢ ۷٤
(විශ්වාසවන්තයිනි! වංචනිකයින් වන) මොවුන් ප්‍රතික්ෂේප වදන් ඇත්තෙන්ම පවසා තිබියදී (එය) අපි පැවසුවේම නැතැයි අල්ලාහ් මත දිව්රන්නාහ. තවද මොවුන් ඉස්ලාමයෙහි එක්කාසු වීමෙන් පසු (එය) ප්‍රතික්ෂේප කරද ඇත්තාහ. (ඔවුන් ඔබට හානියක් කිරීමට අදහස් කර) තමන් විසින් කර ගත නොහැකි වූ කාරණාවක් කිරීමටද උත්සාහ කරන්නාහ. අල්ලාහ්ද ඔහුගේ දූතයාද ඔහුගේ දයාව මගින් මොවුන්ව ධනපතියන් බවට පත් කිරීම නිසාද (මුස්ලීම්වරුන් වන ඔබව) ඔවුන් පිළිකුල් කරන්නේ? මින් පසුව හෝ ඔවුන් පසුතැවිලි වී (ඈත් වුවහොත් එය) ඔවුන්ට හොඳක් වනු ඇත. තවද ඔවුන් ප්‍රතික්ෂේප කළහොත් නම්, මෙලොව හා පරලොවද අල්ලාහ් ඔවුන්ව ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවමින් වේදනා කරනු ඇත. ඔවුන්ව ආරක්ෂා කරන්නන් හෝ උදව් කරන්නන් හෝ මෙලොවදී (කිසිවෙකුත්) නැත.
۞ وَمِنْهُم مَّنْ عَٰهَدَ ٱللَّهَ لَئِنْ ءَاتَىٰنَا مِن فَضْلِهِۦ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ ٱلصَّٰلِحِينَ ۷٥
ඔවුන්ගෙන් සමහරෙක් සිටින්නාහ; ඔවුන් “අල්ලාහ් තම වරප්රසාදයන් මගින් අපට යම් කිසිවක් දුන්නහොත් නියත වශයෙන්ම අපි (එය දැහැමි මාර්ගයෙහි ඕනෑතරම්) දානමාන කර, නියත වශයෙන්ම අපි දැහැමි වහලූන් වශයෙන්ද පත් වන්නෙමු” යයි අල්ලාහ් වෙත පොරොන්දු දුන්හ.
فَلَمَّآ ءَاتَىٰهُم مِّن فَضْلِهِۦ بَخِلُوا۟ بِهِۦ وَتَوَلَّوا۟ وَّهُم مُّعْرِضُونَ ۷٦
ඔහු (එසේ) ඔවුන්ට තම සැප සම්පත් ලබා දුන් විට, ඔවුන් මසුරුකම් කර, (තමන්ගේ පොරොන්දුවෙන්) වෙනස් වී හැරී ගියහ.
فَأَعْقَبَهُمْ نِفَاقًۭا فِى قُلُوبِهِمْ إِلَىٰ يَوْمِ يَلْقَوْنَهُۥ بِمَآ أَخْلَفُوا۟ ٱللَّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُوا۟ يَكْذِبُونَ ۷۷
එබැවින් ඔහුව මුණ ගැසෙන (අවසාන) දින දක්වා ඔවුන්ගේ හෘදයන්හි වංචනිකභාවය ඇතුළු කර හැරියේය. මෙහි හේතුව ඔවුන් අල්ලාහ්ට ලබා දුන් පොරොන්දු වලට වෙනස්කම් කිරීමෙන්ද, බොරු කරමින්ද සිටීම වන්නේය.
أَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَعْلَمُ سِرَّهُمْ وَنَجْوَىٰهُمْ وَأَنَّ ٱللَّهَ عَلَّٰمُ ٱلْغُيُوبِ ۷۸
ඔවුන් (තමන්ගේ සිත්හි) සඟවා තබා ඇති දැයද, (තමන් තුළ) ඔවුන් රහසිගතව කතා කර ගත් දැයද නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය යන්න සමග නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ගේ අනිත්) රහස් සියල්ලද හොඳින් දන්නේය යන්නද, ඔවුන් දැන ගත යුතු නොවේද?
ٱلَّذِينَ يَلْمِزُونَ ٱلْمُطَّوِّعِينَ مِنَ ٱلْمُؤْمِنِينَ فِى ٱلصَّدَقَٰتِ وَٱلَّذِينَ لَا يَجِدُونَ إِلَّا جُهْدَهُمْ فَيَسْخَرُونَ مِنْهُمْ ۙ سَخِرَ ٱللَّهُ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ ۷۹
මොවුන් කෙබන්ඳන්දයත්, විශ්වාසවන්තයින්ගෙන් වූ ධනපතියන් (තමන්ගේ වස්තූන් දැහැමි මාර්ගයෙහි ඕනෑතරම්) දානමාන කිරීම ගැන ෙදාස් නගන්නාහ. (එහිද විශේෂයෙන්) කුලී වැඩ කර, හරි හම්බ කරන්නන් (තමන්ගේ වස්තූන් මෙසේ දානමාන කිරීම) ගැනද ඔවුන් සමච්චල් කරන්නාහ. අල්ලාහ් (විශ්වාසවන්තයින්ව සමච්චල් කරන) ඔවුන්ව සමච්චල් කරන්නේය. තවද (පරලොවදී) වේදනා ගෙන දෙන දඬුවම්ද ඔවුන්ට ඇත.
ٱسْتَغْفِرْ لَهُمْ أَوْ لَا تَسْتَغْفِرْ لَهُمْ إِن تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةًۭ فَلَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَٰسِقِينَ ۸۰
(නබියේ!) ඔවුන්ට පව් ක්ෂමාව ඉල්ලා සිටියද, නැතහොත් ඔබ ඔවුන්ට පව් ක්ෂමාව නොඉල්ලා සිටියද, (දෙකම එක සමානය. මන්දයත්) ඔවුන්ට සමාව දෙන මෙන් ඔබ හැත්තෑ වාරයක් ඉල්ලා සිටියද, නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ට සමාව දෙන්නේම නැත. නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද (සිතට නොඑකඟව) ප්‍රතික්ෂේප කිරීමම මෙයට හේතුව වේ. අල්ලාහ් පාපයන් කරන (මෙවැනි) ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.
فَرِحَ ٱلْمُخَلَّفُونَ بِمَقْعَدِهِمْ خِلَٰفَ رَسُولِ ٱللَّهِ وَكَرِهُوٓا۟ أَن يُجَٰهِدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ وَقَالُوا۟ لَا تَنفِرُوا۟ فِى ٱلْحَرِّ ۗ قُلْ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرًّۭا ۚ لَّوْ كَانُوا۟ يَفْقَهُونَ ۸١
(යුද්ධයට නොගොස්) පසුබට වී නැවතී සිටියවුන් අල්ලාහ්ගේ දූතයාට (ඔහුගේ නියෝගයන්ට) වෙනස් ලෙස (තමන්ගේ නිවෙස්වල) තමන් නැවතී සිටීම ගැන සතුටට පත් වන්නාහ. තවද අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන්ගේ වස්තූන්ද, පණද පූජා කර, යුද්ධ කිරීම පිළිකුල් කර (අනිත් අයට) “මෙම උෂ්ණවත් (කාලයෙහි) ඔබ (යුද්ධයට) නොයනු” යයිද පවසන්නාහ. (එයට නබියේ! ඔවුන්ට) “නිරයෙහි ගින්න (මීටත් වඩා) ඉතාමත් උෂ්ණය” යයි ඔබ පවසනු මැනව! (මෙය) ඔවුන් දැන ගත යුතු නොවේද?.
فَلْيَضْحَكُوا۟ قَلِيلًۭا وَلْيَبْكُوا۟ كَثِيرًۭا جَزَآءًۢ بِمَا كَانُوا۟ يَكْسِبُونَ ۸٢
(මෙලොවදී) ඔවුන් ඉතාමත් සුළු වශයෙන්ම සිනහසිය යුතුය. (මන්දයත්) ඔවුන් කරමින් සිටි (නපුරු) හානියට ඵලවිපාක වශයෙන් (පරලොවදී) අධික වශයෙන්ම හඞන්නට සිදු වනු ඇත!
فَإِن رَّجَعَكَ ٱللَّهُ إِلَىٰ طَآئِفَةٍۢ مِّنْهُمْ فَٱسْتَـْٔذَنُوكَ لِلْخُرُوجِ فَقُل لَّن تَخْرُجُوا۟ مَعِىَ أَبَدًۭا وَلَن تُقَٰتِلُوا۟ مَعِىَ عَدُوًّا ۖ إِنَّكُمْ رَضِيتُم بِٱلْقُعُودِ أَوَّلَ مَرَّةٍۢ فَٱقْعُدُوا۟ مَعَ ٱلْخَٰلِفِينَ ۸۳
(නබියේ!) ඔබ (යුද්ධයෙහි ජයග්‍රහණය අත් කර ගත් අය වශයෙන්) ඔවුන්ගෙන් එක් සමූහයක් වෙත ආපසු පැමිණෙන ලෙසට අල්ලාහ් සලස්වා, (ඔබගේ ජයග්රහණයද ඔබ ගෙන ආ වස්තූන්ද ඔවුන් දැක, ඔබ සමග තවත් යුද්ධයකට) පිටත්ව යාමට ඔබ වෙත අනුමැතිය ඉල්ලා සිටියහොත් (ඔවුන්ට) “ඔබ (යුද්ධයට) කිසි කලෙක මා සමග පිටත්ව නොඑනු. මා සමග එක්කාසු වී කිසිම සතුරෙකු සමග ඔබ යුද්ධ නොකළ යුතුය. මන්දයත් නියත වශයෙන්ම ඔබ පළමු වතාවේදී (නිවසෙහි) නැවතී සිටීමට කැමති වූවෙහුය. එබැවින් (මේ අවස්ථාවේදීද) ඔබ (නිවසෙහි) නැවතී සිටින්නන් සමග නැවතී සිටිනු” යයි ඔබ පවසනු.
وَلَا تُصَلِّ عَلَىٰٓ أَحَدٍۢ مِّنْهُم مَّاتَ أَبَدًۭا وَلَا تَقُمْ عَلَىٰ قَبْرِهِۦٓ ۖ إِنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَمَاتُوا۟ وَهُمْ فَٰسِقُونَ ۸٤
තවද ඔවුන්ගෙන් කවුරුන් මරණයට පත් වුවද, ඔහු කෙරෙහි කිසි විටෙකත් (ජනාසා) සලාතයද සලාත් නොකරනු. මන්දයත් නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, ප්‍රතික්ෂේප කර හැරිය අතර පාපතරයන් වශයෙන්ම මරණයට පත් වී ඇත්තාහ.
وَلَا تُعْجِبْكَ أَمْوَٰلُهُمْ وَأَوْلَٰدُهُمْ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُعَذِّبَهُم بِهَا فِى ٱلدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَٰفِرُونَ ۸٥
ඔවුන්ගේ වස්තූන්ද, ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ද (වැඩි වී තිබීම) ඔබව පුදුමයට පත් නොකෙතේවා! (මන්දයත්) ඒවා මගින් මෙලොවදීම ඔවුන්ව වේදනා ගෙන දීමද, ඔවුන් (ගර්විතව) ප්‍රතික්ෂේප කරමින්ම ඔවුන්ගේ පණ යාමද අල්ලාහ් කැමති වන්නේය.
وَإِذَآ أُنزِلَتْ سُورَةٌ أَنْ ءَامِنُوا۟ بِٱللَّهِ وَجَٰهِدُوا۟ مَعَ رَسُولِهِ ٱسْتَـْٔذَنَكَ أُو۟لُوا۟ ٱلطَّوْلِ مِنْهُمْ وَقَالُوا۟ ذَرْنَا نَكُن مَّعَ ٱلْقَٰعِدِينَ ۸٦
අල්ලාහ්ව විශ්වාස කර ඔහුගේ දූතයා සමග එක්කාසු වී යුද්ධ කරන මෙන් යම්කිසි පරිච්ඡේදයක් පහළ කරනු ලැබූවහොත් ඔවුන්ගෙන් වූ ධනපතියන් (යුද්ධයට නොගොස් සිටීමට) ඔබ වෙතින් අනුමැතිය ඉල්ලා “අපව අත්හැර දමනු. (නිවසෙහි) නැවතී සිටින්නන් සමග අපිත් නැවතී සිටින්නෙමු” යයි පවසන්නාහ.
رَضُوا۟ بِأَن يَكُونُوا۟ مَعَ ٱلْخَوَالِفِ وَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ ۸۷
(කුඩා දරුවන්, මහල්ලන්, ගැහැනුන් ආදී යුද්ධයට යාමට නොහැකිව නිවසෙහි) නැවතී සිටින්නන් සමග තමන්ද නැවතී සිටීමටම ඔවුන් කැමති වන්නාහ. ඔවුන්ගේ හෘදයන් මුද්‍රා කරනු ලැබීය. එබැවින් (මෙහි ඇති අවමානය) ඔවුන් වටහා ගන්නේ නැත.
لَٰكِنِ ٱلرَّسُولُ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ جَٰهَدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ ۚ وَأُو۟لَٰٓئِكَ لَهُمُ ٱلْخَيْرَٰتُ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ۸۸
එහෙත් (අල්ලාහ්ගේ) දූතයාද, ඔහු සමග සිටින විශ්වාසවන්තයින්ද, තමන්ගේ වස්තූන්ද, පණද පූජා කර යුද්ධ කරන්නාහ. (මෙලොව, පරලොව) පින් ඇති දෑ සියල්ල මොවුන්ටම අයත්ය. නියත වශයෙන්ම මොවුන්ම ජයග්‍රහණය කළ අයයි.
أَعَدَّ ٱللَّهُ لَهُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ۸۹
අල්ලාහ් ඔවුන් වෙනුවෙන් ස්වර්ගයන් සැලසුම් කර ඇත්තේය. ඒවායෙහි ජල දහරා සදා ගලමින්ම ඇත්තේය. ඒවායෙහි ඔවුන් (සදහටම) රැඳී සිටිනු ඇත. මෙය නම්, ඉමහත්වූ භාග්‍යයකි.
وَجَآءَ ٱلْمُعَذِّرُونَ مِنَ ٱلْأَعْرَابِ لِيُؤْذَنَ لَهُمْ وَقَعَدَ ٱلَّذِينَ كَذَبُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۚ سَيُصِيبُ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ عَذَابٌ أَلِيمٌۭ ۹۰
පිටිසර අරාබිවරුන්ගෙන් සමහරක් (යුද්ධයට නොගොස් සිටීමට) තමන් වෙනුවෙන් අනුමැතිය ඉල්ලන්නාහ. එහෙත් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද බොරු කළ අය නම්, (අනුමැතිය නොඉල්ලාම නිවසෙහි) වාඩි ගත්හ. එබැවින් මොවුන්ගෙන් වූ (මෙම) ප්‍රතික්ෂේප කරන්නන්ව ඉතාමත් ඉක්මනින් ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම විත් සේන්දු වනු ඇත.
لَّيْسَ عَلَى ٱلضُّعَفَآءِ وَلَا عَلَى ٱلْمَرْضَىٰ وَلَا عَلَى ٱلَّذِينَ لَا يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُوا۟ لِلَّهِ وَرَسُولِهِۦ ۚ مَا عَلَى ٱلْمُحْسِنِينَ مِن سَبِيلٍۢ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ۹١
ඛෙලහීනයන්ද, රෝගීන්ද, (යුද්ධයට) වියදම් කිරීමට වස්තූන් නොලදවුන්ද, අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද මිශ්‍ර නොවූ (විශ්වාසවන්තයින්) වශයෙන් සිටියහොත් (ප්රමාණවත්ය. ඔවුන් යුද්ධයට නොගියා වුවද, ඒ ගැන ඔවුන් කෙරෙහි) කිසිම වැරැද්දක් නැත. මෙවැනි හොඳ අය කෙරෙහි (ෙදාස් නැගීමට) කිසිම මගක් නැත. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තවද සිටින්නේය.
وَلَا عَلَى ٱلَّذِينَ إِذَا مَآ أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لَآ أَجِدُ مَآ أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّوا۟ وَّأَعْيُنُهُمْ تَفِيضُ مِنَ ٱلدَّمْعِ حَزَنًا أَلَّا يَجِدُوا۟ مَا يُنفِقُونَ ۹٢
(යුද්ධයට හිමි) වාහනය ඔබ ලබා දෙනු ඇතැයි ඔබ වෙත පැමිණි අයට “ඔබව පටවාගෙන යා හැකි වාහනයක් මා වෙත නැත” යයි ඔබ පැවසූ අවස්ථාවේදී, තමන් වෙතද වියදමට මුදල් නොමැති වීමේ දුකෙන් ඔවුන් තමන්ගේ ඇස්වලින් කඳුළු වෑහෙන්නට වූවන් වශයෙන් (තම වාසස්ථානයන්ට) ආපසු යන්නෙහු නම්, ඔවුන් කෙරෙහිද (යුද්ධයට නොයාම ගැන කිසිම වැරැද්දක් නැත).
۞ إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَسْتَـْٔذِنُونَكَ وَهُمْ أَغْنِيَآءُ ۚ رَضُوا۟ بِأَن يَكُونُوا۟ مَعَ ٱلْخَوَالِفِ وَطَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَعْلَمُونَ ۹۳
එහෙත් කවුරුන් ධනපතියන් වශයෙන්ද සිටියදී, (යුද්ධයට නොගොස් නිවෙස්හි) නැවතී සිටියවුන් සමග තමන්ද නැවතී සිටීමට කැමති වන්නෝද, ඔවුන් කෙරෙහිම (වරැද්දක් ඇල්ලීමට) යම් කිසිවක් ඇත. ඔවුන්ගේ හෘදයන් මත අල්ලාහ් මුද්‍රා තබා හැරියේය. එබැවින් ඔවුන් (මෙමගින් ඇති වන අවමානය) දැන ගන්නේ නැත.
يَعْتَذِرُونَ إِلَيْكُمْ إِذَا رَجَعْتُمْ إِلَيْهِمْ ۚ قُل لَّا تَعْتَذِرُوا۟ لَن نُّؤْمِنَ لَكُمْ قَدْ نَبَّأَنَا ٱللَّهُ مِنْ أَخْبَارِكُمْ ۚ وَسَيَرَى ٱللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُۥ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ۹٤
(විශ්වාසවන්තයිනි! යුද්ධ කර) ඔබ (ජයග්‍රහණය සමගද ශරීර සුවයෙන්ද යුතුව) ඔවුන් වෙත ආපසු පැමිණි අවස්ථාවේදී ඔබ වෙත ඔවුන් (පැමිණ යුද්ධයට නොඒම ගැන සමාව ඉල්ලා) ප්‍රශංසා කරන්නාහ. (එයට නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ ප්‍රශංසා නොකරනු. අපි ඔබව විශ්වාස කරන්නේම නැත. ඔබගේ (වංචනික) කාරණාවන් නියත වශයෙන්ම අල්ලාහ් අපට දැනුම් දුන්නේය. අල්ලාහ්ද, ඔහුගේ දූතයාද ඉතාමත් ඉක්මනින් ඔබගේ ක්‍රියාවන් දැන ගන්නාහ. පසුව ඔබ රහස් හා නොරහස් දන්නා අය වෙත ගෙන යනු ලබන්නෙහුය. ඔබ කරමින් සිටි දැය ඒ අවස්ථාවේදී ඔහුම ඔබට දැනුම් දෙනු ඇත”.
سَيَحْلِفُونَ بِٱللَّهِ لَكُمْ إِذَا ٱنقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُوا۟ عَنْهُمْ ۖ فَأَعْرِضُوا۟ عَنْهُمْ ۖ إِنَّهُمْ رِجْسٌۭ ۖ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ جَزَآءًۢ بِمَا كَانُوا۟ يَكْسِبُونَ ۹٥
(විශ්වාසවන්තයිනි! යුද්ධයෙන් පසු ජයග්‍රහණයත් සමග) ඔවුන් වෙත ඔබ ආපසු පැමිණියහොත් ඔබ ඔවුන්ව (වැරදි නොපටවා) ප්‍රතික්ෂේප කර (අත්හැර) දැමුවහොත් ඔවුන් ඔබ වෙත පැමිණ අල්ලාහ් මත දිව්රනු ඇත. එබැවින් ඔබත් ඔවුන්ව ප්‍රතික්ෂේප කර, (අත්හැර) දමනු. නියත වශයෙන්ම ඔවුන් අපිරිසිදු අයයි. ඔවුන් යන තැන නිරයයි. (එයම) ඔවුන් කරමින් සිටි (නපුරු) අපරාධයන්ට අයත් ඵලවිපාකයයි.
يَحْلِفُونَ لَكُمْ لِتَرْضَوْا۟ عَنْهُمْ ۖ فَإِن تَرْضَوْا۟ عَنْهُمْ فَإِنَّ ٱللَّهَ لَا يَرْضَىٰ عَنِ ٱلْقَوْمِ ٱلْفَٰسِقِينَ ۹٦
(විශ්වාසවන්තයිනි!) ඔවුන් ගැන ඔබ තෘප්තියට පත්වීම පිණිස, ඔවුන් ඔබ වෙත (මෙසේ බොරු) දිව්රුම් කරන්නාහ. ඔවුන් ගැන ඔබ තෘප්තියට පත් වූවා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් පාපතරයන් වන මෙම ජනතාව ගැන තෘප්තියට පත් වන්නේම නැත.
ٱلْأَعْرَابُ أَشَدُّ كُفْرًۭا وَنِفَاقًۭا وَأَجْدَرُ أَلَّا يَعْلَمُوا۟ حُدُودَ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ۹۷
ප්රතික්ෂේපයේද, වංචනිකභාවයේද පිටිසර අරාබිවරුන් ඉතාමත් දරුණුය. තවද අල්ලාහ් තම දූතයා කෙරෙහි පහළ කර ඇති (ධර්ම) සීමාවන් දැන ගන්නටද පහසුකම් නැත්තවුන්ය. අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.
وَمِنَ ٱلْأَعْرَابِ مَن يَتَّخِذُ مَا يُنفِقُ مَغْرَمًۭا وَيَتَرَبَّصُ بِكُمُ ٱلدَّوَآئِرَ ۚ عَلَيْهِمْ دَآئِرَةُ ٱلسَّوْءِ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌۭ ۹۸
(අධ්‍යාපන දැනුම නැති) පිටිසර අරාබිවරුන්ගෙන් බොහොමයක් සිටින්නාහ; ඔවුන් (දානමානය සඳහා) කරන වියදම අර්ථයක් නැති දැය යයි අදහස් කර, ඔබ (කාල) චක්‍රයෙහි පැටළී (අමාරුකමට ඇතුළු වී) යාම බලාපොරොත්තු වන්නාහ. එහෙත් ඔවුන්ගේ (හිස) මතම නරක කාලය කැරකෙමින් ඇත්තේය. අල්ලාහ් සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
وَمِنَ ٱلْأَعْرَابِ مَن يُؤْمِنُ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَيَتَّخِذُ مَا يُنفِقُ قُرُبَٰتٍ عِندَ ٱللَّهِ وَصَلَوَٰتِ ٱلرَّسُولِ ۚ أَلَآ إِنَّهَا قُرْبَةٌۭ لَّهُمْ ۚ سَيُدْخِلُهُمُ ٱللَّهُ فِى رَحْمَتِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ۹۹
අල්ලාහ්වද, අවසාන දිනයද මත විශ්වාසය තැබූ පිටිසර අරාබිවරුන්ගෙන් බොහොමයක් ඇත්තාහ. ඔවුන් තමන් කරන දානමානය අල්ලාහ් වෙත තමන්ව සමීප කරවීමට හා (ඔහුගේ) දූතයාගේ ආශීර්වාදයටද මාර්ගයක් බවට පත් කර ගන්නාහ. නියත වශයෙන්ම එය ඔවුන්ව (අල්ලාහ්ට) සමීප කරවන්නේය යන්න ඔබ දැන ගනු මැනව! අල්ලාහ් ඔවුන්ව ඉතාමත් ඉක්මනින් තම දයාවෙහිද ඇතුළු කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් පව් වලට සමාව දී කරුණාව, දයාව දක්වන්නෙකු වශයෙන් සිටින්නේය.
وَٱلسَّٰبِقُونَ ٱلْأَوَّلُونَ مِنَ ٱلْمُهَٰجِرِينَ وَٱلْأَنصَارِ وَٱلَّذِينَ ٱتَّبَعُوهُم بِإِحْسَٰنٍۢ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّٰتٍۢ تَجْرِى تَحْتَهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ١۰۰
මුහාජිර්වරුන්ගෙන්ද අන්සාරිවරුන්ගෙන්ද කවුරුන් (ඉස්ලාමයෙහි) පළමුවෙන්ම ඉදිරියට (විත් විශ්වාසය) තැබූවෝද, ඔවුන්වද, දැහැමි ක්‍රියාවන්හි (ඇත්තෙන්ම) ඔවුන්ව අනුගමනය කළ අයවද, ගැන අල්ලාහ් තෘප්තියට පත් වන්නේය. ඔවුන්ද අල්ලාහ් ගැන තෘප්තියට පත් වන්නාහ. තවද සදාකල් ජල දහරා ගලා බසිමින් ඇති ස්වර්ගයන් ඔවුන් වෙනුවෙන් සැලසුම් කර තබා ඇත්තේය. ඒවායෙහිම ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත. මෙය ඉමහත් වූ භාග්‍යයකි.
وَمِمَّنْ حَوْلَكُم مِّنَ ٱلْأَعْرَابِ مُنَٰفِقُونَ ۖ وَمِنْ أَهْلِ ٱلْمَدِينَةِ ۖ مَرَدُوا۟ عَلَى ٱلنِّفَاقِ لَا تَعْلَمُهُمْ ۖ نَحْنُ نَعْلَمُهُمْ ۚ سَنُعَذِّبُهُم مَّرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٍۢ ١۰١
(විශ්වාසවන්තයිනි!) ඔබ වටා ඇති (ග්‍රාමයන්හි වාසය කරන) පිටිසර අරාබිවරුන්ගෙන් වංචනිකයින් බොහොමයක් ඇත. (එයින්ද) මදීනාවේ සිටින බොහොමයක් වංචනිකභාවයෙහිම ගැලී ඇත්තාහ. (නබියේ!) ඔබ ඔවුන්ව දැන ගන්නේ නැත. අපිම ඔවුන්ව හොඳින් දන්නෙමු. ඉතාමත් ඉක්මනින් අපි ඔවුන්ව දෙගුණයක් (දැඩි ලෙස) දඬුවම් කරන්නෙමු. අවසානයේදී ඉමහත් වූ දඬුවම දෙසට ඔවුන්ව එළවා දමනු ලබන්නාහ.
وَءَاخَرُونَ ٱعْتَرَفُوا۟ بِذُنُوبِهِمْ خَلَطُوا۟ عَمَلًۭا صَٰلِحًۭا وَءَاخَرَ سَيِّئًا عَسَى ٱللَّهُ أَن يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ ١۰٢
තවත් සමහරෙක් (සිටින්නාහ. ඔවුන්) තමන්ගේ වැරදි බාර ගන්නාහ. (නොදැනුවත්කම නිසා) දැහැමි කාරණාවන්, නපුරු (කාරණාවන්) සමග මිශ්‍ර කර ක්‍රියාවට නැංවුහ. අල්ලාහ් ඔවුන්(ගේ වැරදි)වලට සමාව දිය හැකිය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා දයාව පහළ කරන්නෙකු වශයෙන් සිටිනනේය.
خُذْ مِنْ أَمْوَٰلِهِمْ صَدَقَةًۭ تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيْهِمْ ۖ إِنَّ صَلَوٰتَكَ سَكَنٌۭ لَّهُمْ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ١۰۳
(නබියේ! ඔවුන් තමන්ගේ වැරදිවලට වන්දි වශයෙන් ගෙනැවිත් ඇති) ඔවුන්ගේ වස්තූන් දානමාන වශයෙන් ඔබ ඇරගෙන (ඇතුළත හා පිටත) ඔවුන්ව පරිශුද්ධ කර තබා, එමගින් ඔවුන්ව පරිශුද්ධ කර (භාග්‍යවන්තයින් බවට පත් කිරීමට) ඔවුන්ට ආශීර්වාද කරනු මැනව! ඔබගේ ආශීර්වාදය නියත වශයෙන්ම ඔවුන්ට සැනසීමක් වනු ඇත. අල්ලාහ් සවන් දෙන්නෙකු හා ඉතාමත් දැනුම ඇත්තෙකු වශයෙන් සිටින්නේය.
أَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ هُوَ يَقْبَلُ ٱلتَّوْبَةَ عَنْ عِبَادِهِۦ وَيَأْخُذُ ٱلصَّدَقَٰتِ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ١۰٤
නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ගේ සමාව ඉල්ලා සිටීම බාර ගන්නේය යන්නද, දානමානයන් ඔහුම බාර ගන්නේය යන්නද, නියත වශයෙන්ම අල්ලාහ් පාපයන්ට සමාව දී දයාව පහළ කරන්නා යන්නද, ඔවුන් දැන ගත්තේ නැද්ද?
وَقُلِ ٱعْمَلُوا۟ فَسَيَرَى ٱللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُۥ وَٱلْمُؤْمِنُونَ ۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ١۰٥
(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ කරන දැයක් කරනු. නියත වශයෙන්ම අල්ලාහ්ද, ඔහුගේ දූතයාද, අනිත් විශ්වාසවන්තයින්ද, ඔබගේ ක්‍රියාවන් බලමින්ම සිටින්නාහ. තවද රහස්ද, නොරහස්ද දන්නා දෙසට නියත වශයෙන්ම ගෙන යනු ලබන්නෙහුය. ඔබ කරමින් සිටි දැය (කෙබඳු ඒවාදැයි යන්න) ඒ අවස්ථාවේදී ඔබට දැනුම් දෙනු ඇත”.
وَءَاخَرُونَ مُرْجَوْنَ لِأَمْرِ ٱللَّهِ إِمَّا يُعَذِّبُهُمْ وَإِمَّا يَتُوبُ عَلَيْهِمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ١۰٦
අල්ලාහ්ගේ නියෝගය බලාපොරොත්තුවෙන් (තීන්දුව දීම නවතා තබා) ඇති වෙනත් සමහරෙක්ද සිටින්නාහ. (අල්ලාහ්) ඔවුන්ට දඬුවම් කළ හැකිය. නැතහොත් ඔවුන්ට සමාව දිය හැකිය. අල්ලාහ් (ඔවුන්ගේ කි්රයාවන්) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مَسْجِدًۭا ضِرَارًۭا وَكُفْرًۭا وَتَفْرِيقًۢا بَيْنَ ٱلْمُؤْمِنِينَ وَإِرْصَادًۭا لِّمَنْ حَارَبَ ٱللَّهَ وَرَسُولَهُۥ مِن قَبْلُ ۚ وَلَيَحْلِفُنَّ إِنْ أَرَدْنَآ إِلَّا ٱلْحُسْنَىٰ ۖ وَٱللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَٰذِبُونَ ١۰۷
කවුරුන් (විශ්වාසවන්තයින්ට) හානියක් කිරීමටද, ප්රතික්ෂේපය විසිරුවා හැරීමටද, විශ්වාසවන්තයින් අතරේ වෙන්වීමක් ඇති කිරීමටද, පළමුවෙන් අල්ලාහ් සමගද, ඔහුගේ දූතයා සමගද, යුද්ධ කළ අයට සැඟවෙන ස්ථානයක් බවට තිබීමටද, එක් නැමදුම්පළක් ඉදි කර ඇත්තෝද ඔවුන්, (තමන්ගේ වැරදි සඟවා ගැනීමට අදහස් කර) “නියත වශයේම අපි හොඳක්ම මිස (නපුරක්) අදහස් කළේ නැත” යයි දිව්රන්නාහ. නමුත් අල්ලාහ් නම්, නියත වශයෙන්ම ඔවුන් බොරුකාරයින් යයි සාක්ෂි දරන්නේය.
لَا تَقُمْ فِيهِ أَبَدًۭا ۚ لَّمَسْجِدٌ أُسِّسَ عَلَى ٱلتَّقْوَىٰ مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِ ۚ فِيهِ رِجَالٌۭ يُحِبُّونَ أَن يَتَطَهَّرُوا۟ ۚ وَٱللَّهُ يُحِبُّ ٱلْمُطَّهِّرِينَ ١۰۸
එබැවින් (නබියේ!) ඔබ කිසි කලෙකත් (එහි ගොස්) එහි (සලාත් කිරීමට) නොසිටිනු. ආරම්භක දිනදීම (අල්ලාහ්ගේ) භය භක්තිය කෙරෙහි (පරිශුද්ධ වූ සිතුවිල්ලෙන් යුතුව) ඉදි කරන ලද නැමදුම්පළක් නම්, ඔබ (සලාත් කිරීමටද, සලාතය මෙහෙය වීමටද) සිටීමට ඉතාමත් සුදුසුය. පරිශුධ වුවන් වශයෙන් සිටීමටම කැමති වන මිනිසුන්ම එහි සිටින්නාහ. අල්ලාහ්ද (මෙවැනි) පරිශුද්ධවන්ත-යින්වම ආදරය කරන්නේය.
أَفَمَنْ أَسَّسَ بُنْيَٰنَهُۥ عَلَىٰ تَقْوَىٰ مِنَ ٱللَّهِ وَرِضْوَٰنٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَٰنَهُۥ عَلَىٰ شَفَا جُرُفٍ هَارٍۢ فَٱنْهَارَ بِهِۦ فِى نَارِ جَهَنَّمَ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ ١۰۹
කවුරුන් ශ්‍රේෂ්ඨයන් වන්නේද; අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස අපේක්ෂාවෙන් පරිශුද්ධ (සිතුවිල්ල) කෙරෙහිම තම ගොඩනැගිල්ලෙහි අත්තිවාරම ඉදි කළ අයද? නැතහොත් (කඩා බිඳ වැටීමට හැකි වන සේ) ඇළ ඉව්රේ, එයත් ගරා වැටී ඔහු සමග නිරා ගින්නෙහි වැටෙන්නට හැකි වන සේ තම ගොඩනැගිල්ලෙහි අත්තිවාරම ඉදි කළ අයද? (මෙවැනි) අපරාධකාර ජනතාව, අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.
لَا يَزَالُ بُنْيَٰنُهُمُ ٱلَّذِى بَنَوْا۟ رِيبَةًۭ فِى قُلُوبِهِمْ إِلَّآ أَن تَقَطَّعَ قُلُوبُهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ١١۰
තමන්ගේ හෘදයන්හි සැකයෙන් යුතුව ඔවුන් ඉදි කළ එම ගොඩනැගිල්ල, ඔවුන්ගේ හෘදයන් කෑලි කෑලිවලට කැඩී බිඳී යන තුරු (සැකයෙන්ම) තිඛෙණු ඇත. අල්ලාහ් (මොවුන් සියල්ලන්ම) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
۞ إِنَّ ٱللَّهَ ٱشْتَرَىٰ مِنَ ٱلْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَٰلَهُم بِأَنَّ لَهُمُ ٱلْجَنَّةَ ۚ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّۭا فِى ٱلتَّوْرَىٰةِ وَٱلْإِنجِيلِ وَٱلْقُرْءَانِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِۦ مِنَ ٱللَّهِ ۚ فَٱسْتَبْشِرُوا۟ بِبَيْعِكُمُ ٱلَّذِى بَايَعْتُم بِهِۦ ۚ وَذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ١١١
අල්ලාහ් විශ්වාසවන්තයින්ගේ පණද, වස්තූන්ද, නියත වශයෙන්ම ඔවුන්ට ස්වර්ගය දෙන බවට (පවසා), ඇත්තෙන්ම මිලට ගත්තේය. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කර ඔවුන් (සතුරන්ව) කපා දමන්නාහ. (නැතහොත්) කපනු ලැබ (මරණයට) පත් වන්නාහ. (මේ තත්වයන් දෙකෙහිම ඔවුන්ට ස්වර්ගය දෙන බවට) තව්රාතයෙහිද, ඉන්ජීල්හිද, කුර්ආනයෙහිද, (අල්ලාහ්) පොරොන්දු දී, තමන් කෙරෙහි අනිවායදැය කරගෙන ඇත්තේය. අල්ලාහ්ට වඩා පොරොන්දුව පූරණ වශයෙන් ඉටු කරන්නා කවරෙක්ද? එබැවින් (විශ්වාසවන්තයිනි!) ඔබ ඔවුන් වෙත කර ගත් මෙම ව්‍යාපාරය ගැන සතුටට පත් වනු. නියත වශයෙන්ම මෙය ඉමහත් වූ භාග්‍යයකි!.
ٱلتَّٰٓئِبُونَ ٱلْعَٰبِدُونَ ٱلْحَٰمِدُونَ ٱلسَّٰٓئِحُونَ ٱلرَّٰكِعُونَ ٱلسَّٰجِدُونَ ٱلْءَامِرُونَ بِٱلْمَعْرُوفِ وَٱلنَّاهُونَ عَنِ ٱلْمُنكَرِ وَٱلْحَٰفِظُونَ لِحُدُودِ ٱللَّهِ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ ١١٢
පාපයන්ගෙන් ඈත් වූවන්ද, (දෙවියන් එක් කෙනෙකුවම) නමදින්නන්ද, (රාත්‍රියෙහි හා දහවලෙහි ඔහුවම සුවිශුද්ධ කර) ප්‍රශංසා කරන්නන්ද, (උපවාසයේ යෙදෙන්නන්ද, ධර්ම අධ්‍යාපනය ඉගෙන ගැනීම, ධර්ම ප්‍රචාරයන් කිරීම වැනි ධර්ම කාරණාවන් වෙනුවෙන්) සංචාරයෙහි යෙදෙන්නන්ද, නැවී හිස නවා (සලාත්) කරන්නන්ද, දැහැමි කාරණාවන් කරන මෙන් පොළඹවන්නන්ද, පාපතර කාරණාවන් වළක්වන්නන්ද, අල්ලාහ්ගේ සීමාවන්ට අනුකූලව කටයුතු කරන්නන්ද, ආදී මෙවැනි (සත්‍ය) විශ්වාසවන්තයින්ට (ස්වර්ගය ලැඛෙණු ඇතැයි නබියේ!) ඔබ ශුභාරංචි දෙනු මැනව!.
مَا كَانَ لِلنَّبِىِّ وَٱلَّذِينَ ءَامَنُوٓا۟ أَن يَسْتَغْفِرُوا۟ لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوٓا۟ أُو۟لِى قُرْبَىٰ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَٰبُ ٱلْجَحِيمِ ١١۳
සමානයන් තබා නමදින්නන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටීම නබිවරයාට හෝ විශ්වාසවන්තයින්ට හෝ සුදුසු දැයක් නොව. ඔවුන් (මොවුන්ට) සමීප ඥාතීන් වශයෙන් සිටියද කම් නැත! ඔවුන් නියත වශයෙන්ම නිරාවාසීන්ය යයි මොවුන්ට පැහැදිලි වූවායින් පසු, (කෙසේ නම් ඔවුන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිය හැකිද?).
وَمَا كَانَ ٱسْتِغْفَارُ إِبْرَٰهِيمَ لِأَبِيهِ إِلَّا عَن مَّوْعِدَةٍۢ وَعَدَهَآ إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُۥٓ أَنَّهُۥ عَدُوٌّۭ لِّلَّهِ تَبَرَّأَ مِنْهُ ۚ إِنَّ إِبْرَٰهِيمَ لَأَوَّٰهٌ حَلِيمٌۭ ١١٤
ඉබ්රාහීම් (නබි) තම පියා වෙනුවෙන් සමාව ඉල්ලා සිටියේ, ඔහු තම පියාට දී තිබූ එක් පොරොන්දුවකට මිස, වෙන කිසිවක් නැත. (ඔහුගේ පියා) අල්ලාහ්ට විරුද්ධවාදියෙක් යයි පැහැදිලිව දැන ගත් වහාම, එයින් (ඔහු වෙනුවෙන් සමාව ඉල්ලා සිටීමෙන්) ඔහු ඈත් වූවේය. නියත වශයෙන්ම ඉබ්රාහීම් ඉතාමත් කරුණාවන්ත හා යටහත් පහත්භාවයෙන්ද පිරි කෙනෙකු වශයෙන් සිටියේය.
وَمَا كَانَ ٱللَّهُ لِيُضِلَّ قَوْمًۢا بَعْدَ إِذْ هَدَىٰهُمْ حَتَّىٰ يُبَيِّنَ لَهُم مَّا يَتَّقُونَ ۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ ١١٥
එක් සමූහයක් අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කළ පසු, ඔවුන් ඈත් විය යුතු කාරණාවන් කුමක්ද යන්න ඔහු, ඔවුන්ට පැහැදිලිව දැනුම් දෙන තුරු, ඔවුන් වැරදි කරන ලෙසට ඔහු අත්හැර දමන්නේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල ඉතාමත් හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
إِنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يُحْىِۦ وَيُمِيتُ ۚ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍۢ ١١٦
අහස් හා භූමියෙහි රාජ්‍යය අල්ලාහ්ටම අයිතිය! (ඔහුම) පණ දෙන්නේය. මරණයටද පත් කරන්නේය. එබැවින් අල්ලාහ් හැර ඔබට උදව් කරන්නෙකුද නැත. ඔබව ආරක්ෂා කරන්නෙකුද නැත.
لَّقَد تَّابَ ٱللَّهُ عَلَى ٱلنَّبِىِّ وَٱلْمُهَٰجِرِينَ وَٱلْأَنصَارِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ فِى سَاعَةِ ٱلْعُسْرَةِ مِنۢ بَعْدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٍۢ مِّنْهُمْ ثُمَّ تَابَ عَلَيْهِمْ ۚ إِنَّهُۥ بِهِمْ رَءُوفٌۭ رَّحِيمٌۭ ١١۷
නබිවරයා කෙරෙහි නියත වශයෙන්ම අල්ලාහ් දයාව පහළ කළේය. (එසේම) දුෂ්කර කාලයන්හි ඔහුව අනුගමනය කළ මුහාජිර්වරුන් කෙරෙහිද, අන්සාරිවරුන් කෙරෙහිද (දයාව පහළ කළේය). ඔවුන්ගෙන් එක් සමුහයකගේ හෘදයන් කළබල වී තිබීමෙන් පසුවද, ඔවුන්ට සමාව දී (ඔවුන් කෙරෙහි දයාව පහළ) කළේය. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කෙරෙහි ආදර කරුණාවෙන් යුතු කෙනෙකු වශයෙන් සිටින්නේය.
وَعَلَى ٱلثَّلَٰثَةِ ٱلَّذِينَ خُلِّفُوا۟ حَتَّىٰٓ إِذَا ضَاقَتْ عَلَيْهِمُ ٱلْأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنفُسُهُمْ وَظَنُّوٓا۟ أَن لَّا مَلْجَأَ مِنَ ٱللَّهِ إِلَّآ إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ١١۸
(අල්ලාහ්ගේ නියෝගය බලාපොරොත්තුවෙන් තීන්දුව නොදී) අත්හැර දමා තිබූ තිදෙනාටම (අල්ලාහ් සමාව දුන්නේය). භූමිය මෙතරම් විස්තීරණව තිබියදී (එය) ඔවුන්ට ඉතාමත් හකුළුවා ඔවුන් ජීවත් වීමද ඉතාමත් දුෂ්කර කර හැරියේය. අල්ලාහ් හැර ඔහුගෙන් බේරී ආරක්ෂක ස්ථානයක් ඔවුන්ට ඇත්තේම නැත යන්නද ඔවුන් ඉතාමත් ප්‍රත්‍යයක්ෂව දැන ගත්හ. එබැවින් ඔවුන් (පාපයන්ගෙන්) ඈත් වනු පිණිස, ඔවුන්ව (ඔවුන්ගේ වැරදිවලට) සමාව දී (ඔවුන්ට දයාව පහළ) කළේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකුද වශයෙන් සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَكُونُوا۟ مَعَ ٱلصَّٰدِقِينَ ١١۹
විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට බිය වී (වචනයෙන්ද, ක්‍රියාවෙන්ද) සත්‍යවන්තයින් වශයෙන් සිටිනු.
مَا كَانَ لِأَهْلِ ٱلْمَدِينَةِ وَمَنْ حَوْلَهُم مِّنَ ٱلْأَعْرَابِ أَن يَتَخَلَّفُوا۟ عَن رَّسُولِ ٱللَّهِ وَلَا يَرْغَبُوا۟ بِأَنفُسِهِمْ عَن نَّفْسِهِۦ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ لَا يُصِيبُهُمْ ظَمَأٌۭ وَلَا نَصَبٌۭ وَلَا مَخْمَصَةٌۭ فِى سَبِيلِ ٱللَّهِ وَلَا يَطَـُٔونَ مَوْطِئًۭا يَغِيظُ ٱلْكُفَّارَ وَلَا يَنَالُونَ مِنْ عَدُوٍّۢ نَّيْلًا إِلَّا كُتِبَ لَهُم بِهِۦ عَمَلٌۭ صَٰلِحٌ ۚ إِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ ١٢۰
මදීනාවාසීන් වුවද කම් නැත, නැතහොත් ඔවුන් වටා වාසය කරන පිටිසර අරාබිවරුන් වුවද කම් නැත, ඔවුන් අල්ලාහ්ගේ දූතයාගෙන් (ඈත් වී) පසුබට වී නැවතී සිටීමද, (අල්ලාහ්ගේ) දූතයාගේ පණට වඩා තමන්ගේ පණම ලොකු යයි අදහස් කිරීමද සුදුසු නැත. මන්දයත් අල්ලාහ්ගේ මාර්ගයෙහි මොවුන්ට ඇති වන දුෂ්කරතාවය, බඩ ගින්න, පිපාසය (ආදී දැයද), ප්‍රතික්ෂේප කරන්නන්ව කෝපයට පත් කරන ස්ථානයෙහි පය ගැසීම හා එමගින් සතුරන්ගේ පැත්තෙන් යම්කිසි දුක් කරදරයක් අත් වීම, ආදී මේ සියල්ල ඔවුන්ගේ දැහැමි ක්‍රියාවන් වශයෙන්ම සටහන් කරනු ලැබේ. නියත වශයෙන්ම අල්ලාහ් මෙවැනි දැහැමි ක්‍රියාවන් කරන්නන්ගේ ඵලවිපාක අපතේ හරින්නේ නැත.
وَلَا يُنفِقُونَ نَفَقَةًۭ صَغِيرَةًۭ وَلَا كَبِيرَةًۭ وَلَا يَقْطَعُونَ وَادِيًا إِلَّا كُتِبَ لَهُمْ لِيَجْزِيَهُمُ ٱللَّهُ أَحْسَنَ مَا كَانُوا۟ يَعْمَلُونَ ١٢١
තවද මොවුන් ලොකුද, පොඩිද, (අල්ලාහ්ගේ මාර්ගයෙහි) කුමක් වියදම් කළද, (ඒ ආකාරයටම අල්ලාහ්ගේ මාර්ගයෙහි) කුමන භූමියක් පසු කළා වුවද, ඔවුන් වෙනුවෙන් එය සටහන් කරනු ලබන්නේය. ඔවුන් කළ මේ දැයට වඩා ඉතාමත් අලංකාරවත් ඵලවිපාක අල්ලාහ් ඔවුන්ට ලබා දෙන්නේය.
۞ وَمَا كَانَ ٱلْمُؤْمِنُونَ لِيَنفِرُوا۟ كَآفَّةًۭ ۚ فَلَوْلَا نَفَرَ مِن كُلِّ فِرْقَةٍۢ مِّنْهُمْ طَآئِفَةٌۭ لِّيَتَفَقَّهُوا۟ فِى ٱلدِّينِ وَلِيُنذِرُوا۟ قَوْمَهُمْ إِذَا رَجَعُوٓا۟ إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ ١٢٢
(ඔබගේ සතුරන් ඔබව විනාශ කර දමන අවස්ථාව බලාපොරොත්තුවෙන් සිටීම නිසා) විශ්වාසවන්තයින් සියල්ලන්ම (තමන්ගේ රටගම අත්හැර) පිටමං වී යාම කිසිම අවස්ථාවක සුදුසු නැත. ධර්ම කාරණාවන් දැන ගැනීමට (අදහස් කළහොත් ඒ වෙනුවෙන්) ඔවුන්ගෙන් සෑම සමුහයකින්ම සමහරෙක් පමණක් පිටත්ව ගියහොත් මදිද? (ඔවුන් ධර්ම කාරණාවන් ඉගෙන ගෙන) තමන්ගේ දරුවන් වෙත ආපසු හැරී පැමිණ ඔවුන්ට (තමන් ඉගෙන ගත් දැය පවසා) බිය ගන්වා අනතුරු අඟවන්නාහ. (ගමේ සිටිනවුන්) ප්‍රවේසමෙන් සිට (තම ජනතාව ආරක්ෂා කර) ගන්නාහ.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ قَٰتِلُوا۟ ٱلَّذِينَ يَلُونَكُم مِّنَ ٱلْكُفَّارِ وَلْيَجِدُوا۟ فِيكُمْ غِلْظَةًۭ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَعَ ٱلْمُتَّقِينَ ١٢۳
විශ්වාසවන්තයිනි! ඔබට සමීපව සිටින (අපරාධකරුවන් වන) ප්‍රතික්ෂේප කරන්නන් සමග යුද්ධ කරනු. ඔවුන් ඔබ වෙත පරුෂකම ම දකිත්වා! නියත වශයෙන්ම අල්ලාහ් භය භක්තිකයින් සමග සිටින්නේය යන්න ස්ථීර වශයෙන් ඔබ දැන ගනු.
وَإِذَا مَآ أُنزِلَتْ سُورَةٌۭ فَمِنْهُم مَّن يَقُولُ أَيُّكُمْ زَادَتْهُ هَٰذِهِۦٓ إِيمَٰنًۭا ۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ فَزَادَتْهُمْ إِيمَٰنًۭا وَهُمْ يَسْتَبْشِرُونَ ١٢٤
යම්කිසි (අළුත්) පරිච්ඡේදයක් පහළ කරනු ලැබූවහොත් “ඔබගෙන් කවුරුන්ගේ විශ්වාසය මෙය වැඩිකරන්නේද?”යි (සමච්චලයෙන් මෙන්) විමසන අයද ඔවුන්ගෙන් බොහොමයක් සිටින්නාහ. (ඇත්තෙන්ම) කවුරුන් විශ්වාසය තබා ඇත්තෙහුද, ඔවුන්ගේ විශ්වාසය (මෙය) වැඩි කර හැරියේය. (මේ ගැන) ඔවුන් සතුටට පත් වන්නාහ.
وَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ فَزَادَتْهُمْ رِجْسًا إِلَىٰ رِجْسِهِمْ وَمَاتُوا۟ وَهُمْ كَٰفِرُونَ ١٢٥
නමුත් කවුරුන්ගේ හෘදයන්හි අසනීපය ඇත්තේද, ඔවුන්ගේ (හෘදයන්හි ඇති) අපිරිසිදුභාවය සමග නැවත නැවතත් අපිරිසිදුභාවයම (එය) ඔවුන්ට වැඩි කර හැරියේය! ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන්ම සිටියහ.
أَوَلَا يَرَوْنَ أَنَّهُمْ يُفْتَنُونَ فِى كُلِّ عَامٍۢ مَّرَّةً أَوْ مَرَّتَيْنِ ثُمَّ لَا يَتُوبُونَ وَلَا هُمْ يَذَّكَّرُونَ ١٢٦
“සෑම අවුරුද්දක් පාසාම වරක් හෝ නැතහොත් දෙවරක් හෝ ඔවුන්ව අපහසුතාවයට පත් කර (පිරික්සුමට) ලක් කරනු ලබන්නාහ” යන්න ඔවුන් දුටුවේ නැද්ද? මෙසේ තිබියදී ඔවුන් පසුතැවිලි වූවේ නැත. හොඳ හැඟීමක් ලබා ගත්තේද නැත.
وَإِذَا مَآ أُنزِلَتْ سُورَةٌۭ نَّظَرَ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ هَلْ يَرَىٰكُم مِّنْ أَحَدٍۢ ثُمَّ ٱنصَرَفُوا۟ ۚ صَرَفَ ٱللَّهُ قُلُوبَهُم بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَفْقَهُونَ ١٢۷
යම්කිසි අළුත් පරිච්ඡේදයක් පහළ කරනු ලැබුවහොත් ඔවුන්ගෙන් සමහරෙක්, සමහරෙකුව බලා (ඇසින් ඉඟියක් කර) “ඔබව කවුරුන් හෝ බලා ගත්තෙහුද?”යි (විමසා) පසුව, (එතැනින්) ආපසු හැරෙන්නාහ. නියත වශයෙන්ම ඔවුන් (සත්‍යය) දැන ගැනීමට නොහැකි ජනතාවක් වශයෙන් සිටින බැවින් අල්ලාහ් ඔවුන්ගේ හෘදයන්ද හරවා දැමුවේය.
لَقَدْ جَآءَكُمْ رَسُولٌۭ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِٱلْمُؤْمِنِينَ رَءُوفٌۭ رَّحِيمٌۭ ١٢۸
(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් නියත වශයෙන්ම (අපගේ) එක් දූතයෙකු පැමිණ ඇත්තේය. (ඔබට යම්කිසි දුකක් කරදරයක් ඇති වී) ඔබ දුෂ්කරතාවයකට මුහුණ දුන්නහොත් (එය) ඔහුට ඉතාමත් දුකක් ගෙන දෙන්නක් බවට වනු ඇත. (එතරම් දුරට ඔබ කෙරෙහි ආදර කරුණාවෙන් යුක්ත වූවෙකි). තවද ඔබට (යහපතක්ම) ඉමහත් සේ කැමැත්තක් දක්වන්නෙකු වශයෙන්ද, විශ්වාසවන්තයින් (වන ඔබ) කෙරෙහි ඉතාමත් ආදරයද හා කරුණාවද ඇත්තෙකු වශයෙන්ම සිටින්නේය.
فَإِن تَوَلَّوْا۟ فَقُلْ حَسْبِىَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَهُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ ١٢۹
(නබියේ! මින්) පසුවද, ඔවුන් (ඔබව අනුගමනය නොකර) ඈත් වුවහොත් (ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ්ම මා හට ප්රමාණවත්ය. ඔහු හැර වෙන කිසිම දෙවියෙක් නැත. (මගේ කාරණාවන් සියල්ලෙහි) ඔහු කෙරෙහි මා පූරණ විශ්වාසය තබා ඇත්තෙමි. ඔහුම අති විශාල වූ අර්ෂ්හි අධිපතිය”.