< السورة السابقة | فهرس السور | السورة التالية >
surah095
At-Tin (95)
The Fig, makkah, 8 verses.
حدد حجم خط الآيات
()
بِّسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلتِّينِ وَٱلزَّيْتُونِ ١
අත්තික්කා මතද, සෙයිතූන් (ඔලිව්) මතද, සත්තකින්ම!
وَطُورِ سِينِينَ ٢
සිනායි කන්ද මතද සත්තකින්ම!
وَهَٰذَا ٱلْبَلَدِ ٱلْأَمِينِ ۳
(මක්කාව වන) ආරක්ෂාව ලබා දෙන මෙම නගරය මතද සත්තකින්ම!
لَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ فِىٓ أَحْسَنِ تَقْوِيمٍۢ ٤
නියත වශයෙන්ම අපි මිනිසාව ඉතාමත් අලංකාරවත් හැඩයකට උත්පාදනය කර ඇත්තෙමු.
ثُمَّ رَدَدْنَٰهُ أَسْفَلَ سَٰفِلِينَ ٥
(ඔහුගේ නපුරු ක්රියාවන්හි හේතුවෙන්) පසුව ඔහුව දීනවූවන්ගෙනුත් දීන වූවෙකු බවට අපි පත් කර හරින්නෙමු.
إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۢ ٦
එහෙත් කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්රියාවන් කරමින් සිටින්නෝද, ඔවුන් හැර. (ඔවුන් උසස් ගතිගුණයන්ගෙන් යුතුව සිටින අතර) ඔවුන්ට (සදාකල්ම) නොවැළැක්වෙන (හොඳ) ඵලවිපාක ඇත.
فَمَا يُكَذِّبُكَ بَعْدُ بِٱلدِّينِ ۷
මෙම තීන්දුවෙන් පසු (නබියේ!) ඔබව කවුරුන්ට නම් බොරු කළ හැකිද?
أَلَيْسَ ٱللَّهُ بِأَحْكَمِ ٱلْحَٰكِمِينَ ۸
විනිශ්චය කරන්නන් සියල්ලගෙන් අල්ලාහ් ඉතාමත් උසස් විනිශ්චයකරුවා නොවෙද?