< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلْمُرْسَلَٰتِ عُرْفًۭا ۝١

එකකට පසු එකක් වශයෙන් යවනු ලබන දැය මතද,

فَٱلْعَٰصِفَٰتِ عَصْفًۭا ۝٢

වේගයෙන් හමන සුළි සුළං මතද,

وَٱلنَّٰشِرَٰتِ نَشْرًۭا ۝۳

විසුරුවාහැරිය වැහි වළා මතද,

فَٱلْفَٰرِقَٰتِ فَرْقًۭا ۝٤

(ඇත්ත, බොරු අතරේ) පැහැදිලිව වෙන් කර ඇති දැය (වන ධර්මයන්) මතද,

فَٱلْمُلْقِيَٰتِ ذِكْرًا ۝٥

මතක් කර දෙන අය (දූතයින්) මතද,

عُذْرًا أَوْ نُذْرًا ۝٦

සමාව හෝ නැතහොත් අනතුරු ඇඟවීම මතද සත්තකින්ම!

إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٌۭ ۝۷

නියත වශයෙන්ම ඔබට පොරොන්දු දෙන ලද දැය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය.

فَإِذَا ٱلنُّجُومُ طُمِسَتْ ۝۸

ඒ අවස්ථාවේදී තාරකාවන්ගේ තම ආලෝකය සිඳී යනු ඇත.

وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتْ ۝۹

අහස පැළී යනු ඇත.

وَإِذَا ٱلْجِبَالُ نُسِفَتْ ۝١۰

කඳු (දූවිලි මෙන්) පාවී යනු ඇත.

وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتْ ۝١١

නියමිත කාලයෙහි (සාක්ෂි කීමට) දූතයින්ව ඒකරාශී කරනු ලබන්නාහ.

لِأَىِّ يَوْمٍ أُجِّلَتْ ۝١٢

(මේ සියල්ල) කුමන දවසක් දක්වා කල් දමා ඇත්තේද-

لِيَوْمِ ٱلْفَصْلِ ۝١۳

(යන්න නබියේ! ඔබ දන්නෙහිද?) විනිශ්චය දෙනු ලබන එදින දක්වාය!

وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلْفَصْلِ ۝١٤

(නබියේ!) තීන්දු දෙනු ලබන දවසේ ගුණාංගයන් ඔබ දන්නෙහිද?

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ۝١٥

(අපගේ ආයාවන්) බොරු කළ අයට එදිනදී විනාශයයි!

أَلَمْ نُهْلِكِ ٱلْأَوَّلِينَ ۝١٦

(එය බොරු කරමින් සිටි) පෙර සිටියවුන්වද අපි විනාශ කර දැමුවේ නැද්ද?

ثُمَّ نُتْبِعُهُمُ ٱلْءَاخِرِينَ ۝١۷

ඊට පසු සිටිය අයවද (විනාශ වී ගිය ඔවුන්ව), අනුගමනය කරන මෙන් සලස්වා-

كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ ۝١۸

(ඔවුන්වද විනාශ කර දැමුවෙමු). එසේම මෙම වැරදිකරුවන්වද, අපි (විනාශ වී යන්නට) සලස්වන්නෙමු.

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ۝١۹

(එබැවින් අපගේ ආයාවන්) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි!

أَلَمْ نَخْلُقكُّم مِّن مَّآءٍۢ مَّهِينٍۢ ۝٢۰

එක් ඉතාමත් අල්ප බිඳක් මගින් අපි ඔබව උත්පාදනය කළේ නැද්ද?

فَجَعَلْنَٰهُ فِى قَرَارٍۢ مَّكِينٍ ۝٢١

එය (ප්‍රවේසම් සහිතව ගර්භාශයෙහි) -

إِلَىٰ قَدَرٍۢ مَّعْلُومٍۢ ۝٢٢

නියමිත කාලයක් දක්වා රැඳී සිටින සේ අපි සලස්වා-

فَقَدَرْنَا فَنِعْمَ ٱلْقَٰدِرُونَ ۝٢۳

පසුව අපිම එය (දරුවෙකු වශයෙන්ද) මනක්කල්පිත කරන්නෙමු. මනක්කල්පිත කරන්නන් සියල්ලන්ගෙන් අපි අපමණ උසස්වන්තයෙකි.

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ۝٢٤

(එබැවින් මේවා) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි!

أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ كِفَاتًا ۝٢٥

අපි භූමිය ඉඩ ලබා දිය හැකි අන්දමට සැලැස්සුවේ නැද්ද?

أَحْيَآءًۭ وَأَمْوَٰتًۭا ۝٢٦

(ඔබගෙන්) පණපිටින් සිටින්නන්ටද, මරණයට පත් වූවන්ටද,

وَجَعَلْنَا فِيهَا رَوَٰسِىَ شَٰمِخَٰتٍۢ وَأَسْقَيْنَٰكُم مَّآءًۭ فُرَاتًۭا ۝٢۷

එහි උස් කඳුද අපි නිර්මාණය කර මිහිරි ජලයද (ඒවායෙන්) ඔබට බීමට සලස්වන්නෙමු.

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ۝٢۸

(අපගේ මෙම කළකම්) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි!

ٱنطَلِقُوٓا۟ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ ۝٢۹

(විනිශ්චය දිනදී මොවුන්ට) “කුමන (නිරයක්) ඔබ බොරු කරමින් සිටියෙහුද, ඒ දෙසට ඔබ යනු”.

ٱنطَلِقُوٓا۟ إِلَىٰ ظِلٍّۢ ذِى ثَلَٰثِ شُعَبٍۢ ۝۳۰

“කොටස් තුනකින් යුත් (නිරයේ) දුමාරය දෙසට ඔබ යනු” (යයි කියනු ලැබේ).

لَّا ظَلِيلٍۢ وَلَا يُغْنِى مِنَ ٱللَّهَبِ ۝۳١

(එහි සිසිළ ගෙන දෙන) සෙවණක්ද නොමැත. උෂ්ණත්වය සමනය කළ හැකි කිසිවක්ද නොතිඛෙණු ඇත.

إِنَّهَا تَرْمِى بِشَرَرٍۢ كَٱلْقَصْرِ ۝۳٢

(එහෙත්) විශාල මාලිගාවන් මෙන් ගිනි දැල් විහිදුවමින්ම තිඛෙණු ඇත.

كَأَنَّهُۥ جِمَٰلَتٌۭ صُفْرٌۭ ۝۳۳

ඒවා කහ වර්ණයෙන් යුත් (විශාල) ඔටුවන් මෙන් දිස් වේ.

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ۝۳٤

(මේවා) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි!

هَٰذَا يَوْمُ لَا يَنطِقُونَ ۝۳٥

එයම ඔවුන් කතා කිරීමට පවා ශක්තියක් නොලැඛෙන දිනයකි.

وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ ۝۳٦

තවද ප්‍රශංසා කිරීමටද ඔවුන්ට අනුමැතියක් ලබා දෙනු නොලැබේ.

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ۝۳۷

(මේවා) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි!

هَٰذَا يَوْمُ ٱلْفَصْلِ ۖ جَمَعْنَٰكُمْ وَٱلْأَوَّلِينَ ۝۳۸

මෙයම විනිශ්චය දිනයයි. ඔබවත් (ඔබට) පෙර විසූවන්වද (විනිශ්චය සඳහා) අපි ඒකරාශී කර දමන්නෙමු.

فَإِن كَانَ لَكُمْ كَيْدٌۭ فَكِيدُونِ ۝۳۹

එබැවින් (එදිනදී ඔවුන්ට) “බේරීමට ඔබ වෙත යම්කිසි කුමන්ත්‍රණයක් තිඛෙන්නේ නම්, කර බලනු” (යයිද කියනු ලැබේ).

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ۝٤۰

මෙය බොරු කරන්නන්ට එදිනදී විනාශයයි!

إِنَّ ٱلْمُتَّقِينَ فِى ظِلَٰلٍۢ وَعُيُونٍۢ ۝٤١

(එහෙත්) භය භක්තිකයින් නියත වශයෙන්ම (එදිනදී ස්වර්ගයන්හි ඇති ගස්වල) සෙවණෙහිද, (එහි අඩියේ ඇති) උල්පත්හිද, සිටිනු ඇත.

وَفَوَٰكِهَ مِمَّا يَشْتَهُونَ ۝٤٢

ඔවුන් කැමති පලතුරු වර්ග ඔවුන්ට ඇත.

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ ۝٤۳

(ඔවුන්ට) “ඔබ කරමින් සිටින (හොඳ) ක්‍රියාවන්හි හේතුවෙන් ඕනෑතරම් මේවා අනුභව කර, පානය කරමින් සිටිනු” (යයි කියනු ලැබේ).

إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ۝٤٤

නියත වශයෙන්ම මේ අන්දමටම හොඳ කරන්නන්ටද අපි ඵලවිපාක දෙන්නෙමු!

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ۝٤٥

(මෙය) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි!

كُلُوا۟ وَتَمَتَّعُوا۟ قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ ۝٤٦

(මෙය බොරු කරන්නෙනි! මෙලොවදී) ඔබ අනුභව කර පොඩියක් සුවය විඳිනු. (එහෙත්) නියත වශයෙන්ම ඔබ වැරදිකරුවන්ය.

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ۝٤۷

(දෙවියන්ගේ ආයාවන්) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි!

وَإِذَا قِيلَ لَهُمُ ٱرْكَعُوا۟ لَا يَرْكَعُونَ ۝٤۸

ඔවුන්ට “(දෙවියන් ඉදිරියේ) ඔබ නැවී නමදිනු” යයි කියනු ලැබුවහොත් ඔවුන් නැවී නමදින්නේම නැත.

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ۝٤۹

(ඔහුගේ මෙම නියෝගය) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි!

فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَهُۥ يُؤْمِنُونَ ۝٥۰

මින් පසුව කුමන කාරණාවක් නම්, ඔවුන් විශ්වාස කරයිද!