< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ هَلْ أَتَىٰ عَلَى ٱلْإِنسَٰنِ حِينٌۭ مِّنَ ٱلدَّهْرِ لَمْ يَكُن شَيْـًۭٔا مَّذْكُورًا ۝١

සෑම මිනිසෙකුටම (ඔහු පිටතට පැමිණීමට) පෙර කාලයක් ගතවූයේ නැද්ද? (එහි) ඔහු අසවල් වස්තුව යයි කීමට නොමැති තත්වයක සිටියේය.

إِنَّا خَلَقْنَا ٱلْإِنسَٰنَ مِن نُّطْفَةٍ أَمْشَاجٍۢ نَّبْتَلِيهِ فَجَعَلْنَٰهُ سَمِيعًۢا بَصِيرًا ۝٢

(පසුව පිරිමි, ගැහැනු) මිශ්‍ර වූ එක් ඉන්ද්‍රිය බිඳක් මගින් නියත වශයෙන්ම අපිම මිනිසාව උත්පාදනය කළෙමු. ඔහුව අපි පිරික්සීම පිණිසම සවණ් ඇති අය වශයෙන්ද, බැල්ම ඇති අය වශයෙන්ද, ඔහුව පත් කළෙමු.

إِنَّا هَدَيْنَٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرًۭا وَإِمَّا كَفُورًا ۝۳

පසුව නියත වශයෙන්ම ඔහුට ඍජු මාර්ගයද, දැනුම් දුන්නෙමු. එහෙත් (එය අනුගමනය කර, අපට) කෘතඥ වන්නන්ද සිටින්නාහ. (එය) ප්‍රතික්ෂේප කර හරින්නන්ද සිටින්නාහ.

إِنَّآ أَعْتَدْنَا لِلْكَٰفِرِينَ سَلَٰسِلَا۟ وَأَغْلَٰلًۭا وَسَعِيرًا ۝٤

ප්‍රතික්ෂේප කරන්නන්ට අපි දම්වැල්ද, විළංගුද, නිරයද, නියත වශයෙන්ම සැලසුම් කර තබා ඇත්තෙමු.

إِنَّ ٱلْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍۢ كَانَ مِزَاجُهَا كَافُورًا ۝٥

හොඳ අය නම්, බඳුන් වල ඇති කපුරු මිශ්‍ර කළ පානයක් පානය කරන්නාහ.

عَيْنًۭا يَشْرَبُ بِهَا عِبَادُ ٱللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًۭا ۝٦

(එය පෞද්ගලිකව) අල්ලාහ්ගේ (හොඳ) වහලූන්ට පානය කිරීම සඳහා ඇතිවුණු උල්පතක ජලය වන්නේය.

يُوفُونَ بِٱلنَّذْرِ وَيَخَافُونَ يَوْمًۭا كَانَ شَرُّهُۥ مُسْتَطِيرًۭا ۝۷

එය ඔවුන් (තමන් කැමති සෑම තැනකම) ගලන්නට සලස්වන්නේය. මොවුන් (තමන්ගේ) බාරහාරද ඉටු කළහ. දීර්ඝ දඬුවමේ දිනයටද බියෙන් සිටියහ.

وَيُطْعِمُونَ ٱلطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسْكِينًۭا وَيَتِيمًۭا وَأَسِيرًا ۝۸

හැරත් අල්ලාහ් කෙරෙහි වූ ආදරයේ හේතුවෙන් දුප්පතුන්ටද, අනාථයින්ටද, සිර ගතවූ අයටද, ආහාර ලබා දෙමින්ම සිටියහ.

إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ ٱللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَآءًۭ وَلَا شُكُورًا ۝۹

(දානමාන ලබා ගන්නා අයට) “අපි ඔබට අහාර ලබා දෙන්නේ, අල්ලාහ්ගේ මුහුණ උදෙසාම මිස, ඔබ වෙතින් අපි කිසිම කුලියක් හෝ නැතහොත් (ඔබ අපට) කෘතඥ වීම හෝ අදහස් කළේ නැත” (යයිද)

إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًۭا قَمْطَرِيرًۭا ۝١۰

“නියත වශයෙන්ම අපි කෝපයෙන් යුතු මුහුණින් දත්මිටි කමින් විදිණු ලබන අප දෙවියන් වෙත ඇති එක් දිනයක් ගැන බිය වන්නෙමු” (යයිද පවසමින් සිටියහ)

فَوَقَىٰهُمُ ٱللَّهُ شَرَّ ذَٰلِكَ ٱلْيَوْمِ وَلَقَّىٰهُمْ نَضْرَةًۭ وَسُرُورًۭا ۝١١

එබැවින් අල්ලාහ් එවැනි දිනයක විපත්වලින් ඔවුන්ව බේරාගෙන ඔවුන්ගේ මුහුණෙහි සන්තෝෂයද, සිරියාවද ලබා දුන්නේය.

وَجَزَىٰهُم بِمَا صَبَرُوا۟ جَنَّةًۭ وَحَرِيرًۭا ۝١٢

තවද ඔවුන් මෙලොව (අමාරුකම්) විඳ දරාගෙන සිටි හේතුවෙන් ස්වර්ගයද, (හැඳ ගැනීමට) පට ඇඳුම්ද ඔවුන්ට ඵලවිපාක වශයෙන් ලබා දුන්නේය.

مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلْأَرَآئِكِ ۖ لَا يَرَوْنَ فِيهَا شَمْسًۭا وَلَا زَمْهَرِيرًۭا ۝١۳

(ඔවුන්) එහි ඇති සිංහාසනයන්හි (ඇති පුළුන් කොට්ට මත) හාන්සි වී සිටිනු ඇත. එහි සූර්ය උෂ්ණත්වයද, පින්නෙහි දරුණු ශීතයද දකින්නේ නැත.

وَدَانِيَةً عَلَيْهِمْ ظِلَٰلُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًۭا ۝١٤

එහි ඇති (ගස්වල) සෙවණ ඔවුන්ව ආවරණය කරගෙන සිටිනු ඇත. ඒවායෙහි පලතුරු (පහසුවෙන් කඩා ගත හැකි අන්දමට ඔවුන් ඉදිරියේ) පහත් වී තිඛෙණු ඇත.

وَيُطَافُ عَلَيْهِم بِـَٔانِيَةٍۢ مِّن فِضَّةٍۢ وَأَكْوَابٍۢ كَانَتْ قَوَارِيرَا۠ ۝١٥

(විවිධ වර්ගයේ රසවත් පානයන්ගෙන් පිරි) පළිඟූ බඳුන්ද, රිදී කුසලානද, ඔවුන් ඉදිරියේ කැරකෙමින්ම ඇත.

قَوَارِيرَا۟ مِن فِضَّةٍۢ قَدَّرُوهَا تَقْدِيرًۭا ۝١٦

(ඒවා පළිඟූ නොව. එහෙත්) පළිඟූ මෙන් රිදියෙන් (ඔවුන්ගේ අවශ්‍යතාවයට) සරිලන සේ නිර්මාණය කරනු ලැබ ඇත්තේය.

وَيُسْقَوْنَ فِيهَا كَأْسًۭا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا ۝١۷

(ඉඟූරු මිශ්‍ර) සන්ජබීල් නමැති (ඉතාමත් උසස්) පානයක්ද, එහිදී ඔවුන්ට පානය කිරීමට සලස්වනු ලැබේ.

عَيْنًۭا فِيهَا تُسَمَّىٰ سَلْسَبِيلًۭا ۝١۸

එය එහි ඇති එක්තරා උල්පතක ජලයයි. එයට සල්සබීල් යයිද හඳුනවනු ලැබේ.

۞ وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌۭ مُّخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًۭا مَّنثُورًۭا ۝١۹

කවදත් වෙනස් නොවන තරුණ වියේ අය, ඔවුන් වටා කැරකෙමින්ම සිටින්නාහ. (නබියේ!) ඔබ ඔවුන්ව දුටුවහොත් විසිරුණු මුතු මෙන්ම ඔවුන්ව සලකන්නෙහිය.

وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًۭا وَمُلْكًۭا كَبِيرًا ۝٢۰

තවත් අවධානය කර බැලූවහොත් ඉමහත් රජ මාලිගාවන්හි ඇති සුඛෝපභෝගී සියල්ල (එහිදී) ඔබ දකින්නෙහිය.

عَٰلِيَهُمْ ثِيَابُ سُندُسٍ خُضْرٌۭ وَإِسْتَبْرَقٌۭ ۖ وَحُلُّوٓا۟ أَسَاوِرَ مِن فِضَّةٍۢ وَسَقَىٰهُمْ رَبُّهُمْ شَرَابًۭا طَهُورًا ۝٢١

ඔවුන්ගේ ශරීරය මත සිනිඳු කොළ වර්ණයේ පට සේලයන් හෝ, නැතහොත් උසස් වර්ගයේ පට සේලයන් හෝ ඇත. (පරිත්‍යාග වශයෙන්) රිදී වළලූද, ඔවුන්ට පළඳවනු ලැබේ. (මේවාට අමතරව) පරිශුද්ධ වූ එක් පානයක්ද, ඔවුන්ගේ දෙවියන් ඔවුන්ට පානය කරවනු ලැබ,

إِنَّ هَٰذَا كَانَ لَكُمْ جَزَآءًۭ وَكَانَ سَعْيُكُم مَّشْكُورًا ۝٢٢

(ඔවුන්ට) “නියත වශයෙන්ම මෙය ඔබට ඵලවිපාක වශයෙන් දෙනු ලැබීය. ඔබගේ උත්සාහයද බාර ගනු ලැබීය” (යයිද කියනු ඇත).

إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ ٱلْقُرْءَانَ تَنزِيلًۭا ۝٢۳

(නබියේ!) නියත වශයෙන්ම අපි මෙම කුර්ආනය ටිකෙන් ටිකම ඔබ කෙරෙහි පහළ කරන්නෙමු.

فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ ءَاثِمًا أَوْ كَفُورًۭا ۝٢٤

එබැවින් ඔබ, ඔබ දෙවියන්ගේ නියෝගයන් වෙනුවෙන් ඉවසා සිටිනු. ඔවුන්ගෙන් වූ කිසිම පාපතරයෙක්ව හෝ කෙළෙහිගුණ නොදත් අයව හෝ ඔබ අනුගමනය නොකරනු.

وَٱذْكُرِ ٱسْمَ رَبِّكَ بُكْرَةًۭ وَأَصِيلًۭا ۝٢٥

උදේ සවස ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය (පවසා) සුවිශුද්ධ කරමින් සිටිනු.

وَمِنَ ٱلَّيْلِ فَٱسْجُدْ لَهُۥ وَسَبِّحْهُ لَيْلًۭا طَوِيلًا ۝٢٦

රාත්‍රියෙහිද ඔහුට හිස බිම තබා සුජූද් කර, රාත්‍රී කාලයෙහි දීර්ඝ කාලයක් ඔහුව සුවිශුද්ධ කරමින් සිටිනු මැනව!

إِنَّ هَٰٓؤُلَآءِ يُحِبُّونَ ٱلْعَاجِلَةَ وَيَذَرُونَ وَرَآءَهُمْ يَوْمًۭا ثَقِيلًۭا ۝٢۷

නියත වශයෙන්ම මෙම ජනතාව මෙලොව කැමති වී ඔවුන් ඉදිරියේ ඇති දරුණු (විනිශ්චය) දිනය ප්‍රතික්ෂේප කර දමන්නාහ.

نَّحْنُ خَلَقْنَٰهُمْ وَشَدَدْنَآ أَسْرَهُمْ ۖ وَإِذَا شِئْنَا بَدَّلْنَآ أَمْثَٰلَهُمْ تَبْدِيلًا ۝٢۸

අපිම ඔවුන්ව උත්පාදනය කළෙමු. අපිම ඔවුන්ගේ හැඩරුව (අස්ථී හා සන්ධි) ස්ථීර කළෙමු. අපි අදහස් කළහොත් ඔවුන් මෙන් අන් අයව (ඔවුන්ගේ ස්ථානයෙහි) මාරු කර හරින්නෙමු.

إِنَّ هَٰذِهِۦ تَذْكِرَةٌۭ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًۭا ۝٢۹

නියත වශයෙන්ම මෙය එක් හොඳ වදනක් වන්නේය. කැමති කෙනෙකු තම දෙවියන් දෙසට යා හැකි (මෙහි ඇති ඍජු) මාර්ගය ඇරගත යුතුය.

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًۭا ۝۳۰

එහෙත් අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔබ (කිසිවක්) කැමති විය නොහැක. නියත වශයෙන්ම අල්ලාහ් (ඔබ සියල්ලගේ ගති ගුණයන්ද) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.

يُدْخِلُ مَن يَشَآءُ فِى رَحْمَتِهِۦ ۚ وَٱلظَّٰلِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًۢا ۝۳١

(එබැවින් ඔබගෙන්) ඔහු කැමති අයව තමන්ගේ දයාවෙහි ඇතුළු කරන්නේය. අපරාධකාරයින්ට වේදනා ගෙන දෙන දඬුවමම සැලසුම් කර, තබා ඇත්තේය.