< السورة السابقة | فهرس السور | السورة التالية >
surah042
Ash-Shura (42)
Consultation, makkah, 53 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ ١
හා. මීම්.
عٓسٓقٓ ٢
අයින්. සීන්. කාෆ්.
كَذَٰلِكَ يُوحِىٓ إِلَيْكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبْلِكَ ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ۳
(නබියේ! මෙම පරිච්ඡේදය ඔබට පහළ කරනු ලබන්නේය). මෙසේම (මීට පෙර) ඔබටත්, ඔබට පෙර සිටියවුන්ටත්, (අල්ලාහ් තමන්ගේ ආයාවන්) වහී මගින් දැනුම් දෙන්නේය. අල්ලාහ් (සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَلِىُّ ٱلْعَظِيمُ ٤
අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද, ඔහුට අයත් දැයයි. (සියල්ලන්ටම වඩා) ඔහුම ඉතාමත් උසස්වන්තයෙකු හා අති විශාලවන්තයෙකු වන්නේය.
تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرْنَ مِن فَوْقِهِنَّ ۚ وَٱلْمَلَٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَن فِى ٱلْأَرْضِ ۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ ٥
(මිනිසුන් කරන පාපයන්හි හේතුවෙන්) ඉහළ ඇති අහස පුපුරා (ඇද වැටෙන්නට)ද ඉඩ ඇත. (නමුත්) මලායිකාවරුන් (බිය වී) තමන්ගේ දෙවියන්ව ප්‍රශංසා කර, සුවිශුද්ධ කර, භූමියෙහි සිටින්නන්(ගේ වැරදි වලට) සමාව දෙන මෙන් අයදිමින් සිටින්නාහ. (මිනිසුන් පාපයන්ගෙන් ඈත් වී සමාව ඉල්ලා සිටියහොත්) නියත වශයෙන්ම අල්ලාහ්ම ඉමහත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තව සිටින්නේය යන්න (නබියේ! ඔබ දැන ගනු (මැනව!)
وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ ٱللَّهُ حَفِيظٌ عَلَيْهِمْ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍۢ ٦
කවුරුන් ඔහු හැර (අන් අයව තමන්ට) ආරක්ෂකයින් වශයෙන් ඇර ගත්තෝද, ඔවුන්ව අල්ලාහ් අවධානය කරන්නෙකු වශයෙන් සිටින්නේය. (නබියේ!) ඔවුන් කෙරෙහි ඔබ වගකිව යුත්තෙකු නොව.
وَكَذَٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ قُرْءَانًا عَرَبِيًّۭا لِّتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا وَتُنذِرَ يَوْمَ ٱلْجَمْعِ لَا رَيْبَ فِيهِ ۚ فَرِيقٌۭ فِى ٱلْجَنَّةِ وَفَرِيقٌۭ فِى ٱلسَّعِيرِ ۷
(නබියේ! මෙය තිඛෙන) මේ අන්දමටම (මෙම) කුර්ආනය අරාබි භාෂාවෙන් අපි වහී මගින් ඔබට දැනුම් දුන්නෙමු. “නගරයන්හි මව (වන මක්කාවෙහි සිටින්නන්)ද ඒ වටා සිටින්නන් (වන ලෝකවාසීන් සියල්ලන්ට)ම ඔබ බිය ගන්වා අනතුරු අඟවන (විනිශ්චය සඳහා සියල්ලන්වම) ඒකරාශී කරනු ලබන -සැකයෙන් තොර- දිනය ගැන බිය ගන්වා අනතුරු ඇඟවීමටද (මෙම කුර්ආනය අපි ඔබට පහළ කළෙමු. එදිනදී) එක් සමුහයක් ස්වර්ගයෙහිද, එක් සමුහයක් නිරයෙහිද (සිටිනු ඇත).
وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَهُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَلَٰكِن يُدْخِلُ مَن يَشَآءُ فِى رَحْمَتِهِۦ ۚ وَٱلظَّٰلِمُونَ مَا لَهُم مِّن وَلِىٍّۢ وَلَا نَصِيرٍ ۸
අල්ලාහ් අදහස් කර තිබුනේ නම්, ඔවුන්ව (එකම ධර්මයක් අනුගමනය කරන) එකම සමුහයක් බවට පත් කරන්නට ඉඩ තිබුණි. (එහෙත් සියල්ලන්ගේම ගති ගුණයන් එකම ආකාරයකට තිබුනේ නැත). එබැවින් (තමන්) කැමති (හොඳක් කරන) අයවම තම දයාවෙහි ඔහු ඇතුළු කරන්නේය. (පාපයන් කරන) අපරාධකාරයින්ව (දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේය). ඔවුන්ව ආරක්ෂා කරන්නන්ද නැත. උදව් කරන්නන්ද නැත.
أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ ۖ فَٱللَّهُ هُوَ ٱلْوَلِىُّ وَهُوَ يُحْىِ ٱلْمَوْتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ۹
(නබියේ! අල්ලාහ් වන) ඔහු හැර (අන් දැය තමන්ගේ) ආරක්ෂකයින් වශයෙන් ඔවුන් ගත්තෙහුද? (එසේ නම්, එය සම්පූර්ණයෙන්ම වැරදිය). නමුත් අල්ලාහ් -ඔහු, (එක් කෙනෙකු)ම (සත්‍ය) ආරක්ෂකයාය. ඔහුම මරණයට පත් වූවන්ව පණ දෙන්නේය. ඔහු සියල්ල කෙරෙහි බලය ඇත්තෙකි.
وَمَا ٱخْتَلَفْتُمْ فِيهِ مِن شَىْءٍۢ فَحُكْمُهُۥٓ إِلَى ٱللَّهِ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبِّى عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ ١۰
(නබියේ! ඔවුන්ට ඔබ මෙසේ පවසනු): “මෙහිදී ඔබ කුමන කාරණාවක (විශ්වාසවන්තයින් සමග) භේද වී සිටින්නෙහුද, එහි තීන්දුව අල්ලාහ්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. මෙම අල්ලාහ්ම මගේ දෙවියාය. ඔහු මතම මා සම්පුර්ණයෙ-න්ම විශ්වාසය තබා ඇත්තෙමි. ඔහු දෙසටම (අවනත වී) මා හැරෙන්නෙමි.
فَاطِرُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًۭا وَمِنَ ٱلْأَنْعَٰمِ أَزْوَٰجًۭا ۖ يَذْرَؤُكُمْ فِيهِ ۚ لَيْسَ كَمِثْلِهِۦ شَىْءٌۭ ۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ ١١
ඔහුම අහස්ද, භූමියද උත්පාදනය කළ අයයි. ඔබ වෙනුවෙන් ඔබගෙන්ම ඔහු ජෝඩු වශයෙන්ද (සැමියා හා බිරිඳද, එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ගේ ජෝඩුද උත්පාදනය කර, (මෙමගින්) එහි (විවිධ ප්‍රදේශයන්හි) ඔබව විසිරී යාමට සලස්වන්නේය. ඔහුට සම වන කිසිවක් නැත. ඔහු (සියල්ලට) සවන් දෙන්නෙකු හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය.
لَهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّهُۥ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ١٢
අහස් හා භූමියෙහි වූ (නිධානයන්ගේ) යතුරු ඔහු වෙතම ඇත්තේය. ඔහු කැමත්තන්ට ආහාර විස්තීරණය කර දෙන්නේය. (ඔහු කැමැත්තන්ට හකුළා) සීමා සහිතව ලබා දෙන්නේය. නියත වශයෙන්ම ඔහු සියල්ලම (ඒවායේ ගුණාංගයන්ද) හොඳින් දන්නෙකි.
۞ شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحًۭا وَٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِۦٓ إِبْرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓ ۖ أَنْ أَقِيمُوا۟ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُوا۟ فِيهِ ۚ كَبُرَ عَلَى ٱلْمُشْرِكِينَ مَا تَدْعُوهُمْ إِلَيْهِ ۚ ٱللَّهُ يَجْتَبِىٓ إِلَيْهِ مَن يَشَآءُ وَيَهْدِىٓ إِلَيْهِ مَن يُنِيبُ ١۳
(විශ්වාසවන්තයිනි!) නූහුට ඔහු කුමක් දේශනා කළේද, එයම ඔබටද ඔහු ධර්මයක් බවට කර ඇත්තේය. එබැවින් (නබියේ!) අපි ඔබට වහී මගින් දැනුම් දීමද, ඉබ්රාහීම්, මූසා, ඊසා ආදීන්ට අපි දේශනා කළේ කුමක්දයත් “(ඔබ එකම දෙවියන් යන ප්‍රතිපත්තියෙන් යුතු සත්‍ය වූ) ධර්මය ස්ථීරව අත් කර ගනු. එහි (විවිධ කොටස් වලට) ඛෙදා වෙන් කර නොගනු” යන්නම වන්නේය. (එබැවින්) ඔවුන්ට ඔබ ආරාධනා කරන (එකම දෙවියන් යන ප්‍රතිපත්තිය වන) මෙය, සමානයන් තබා නමදින්නන්ට ඉතාමත් භාරදූර කාර්යයක් වශයෙන් දැනෙනු ඇත. අල්ලාහ් තමන් කැමැත්තන්වම තම මාර්ගයෙහි තෝරා ගන්නේය. ඔහු දෙස බලන්නන්ටම තමන් වෙත පැමිණෙන මාර්ගයද ඔහු දැනුම් දෙන්නේය.
وَمَا تَفَرَّقُوٓا۟ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۚ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى لَّقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُوا۟ ٱلْكِتَٰبَ مِنۢ بَعْدِهِمْ لَفِى شَكٍّۢ مِّنْهُ مُرِيبٍۢ ١٤
ඔවුන් තමන් වෙත ධර්මය පැමිණි පසුවද, තමන් අතර ඇති ඊර්ෂ්‍යාවේ හේතුවෙන්ම මිස, (සත්‍යයෙන්) ඔවුන් ඈත් වූයේ නැත. (ඔවුන්ට තීන්දු දීම) එක් නියමිත කාලයකදී යයි ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව කළින්ම නියම වූයේ නැතිනම් ඔවුන් අතරේ (මේ වන විටත්) තීන්දුව දී හමාරය. තවද ඔවුන්ගෙන් පසු එම ධර්මය කවුරුන් උරුම කර ගත්තෝද, ඔවුන්ද නියත වශයෙන්ම මෙහි ඉමහත් සැකයෙහිම ගැලී සිටින්නාහ.
فَلِذَٰلِكَ فَٱدْعُ ۖ وَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ ۖ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ ۖ وَقُلْ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَٰبٍۢ ۖ وَأُمِرْتُ لِأَعْدِلَ بَيْنَكُمُ ۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمْ ۖ لَنَآ أَعْمَٰلُنَا وَلَكُمْ أَعْمَٰلُكُمْ ۖ لَا حُجَّةَ بَيْنَنَا وَبَيْنَكُمُ ۖ ٱللَّهُ يَجْمَعُ بَيْنَنَا ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ ١٥
එබැවින් (නබියේ!) එම (සත්‍යය වූ ධර්මය) දෙසට (ඔවුන්ව) ඔබ ආරාධනා කරනු. ඔබට නියෝග කරන ලද අන්දමට ඔබ ස්ථීරව සිටිනු. ඔවුන්ගේ කැමත්ත ඔබ අනුගමනය නොකරනු. නැවතත් (ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් ධර්මය යයි කුමක් පහළ කර තැබුවේද, එයම මා විශ්වාස කරන්නෙමි. ඔබ අතරේ (ඇති ආරවුල් වලට) සාධාරණ ලෙස තීන්දු දෙන මෙන්ද මා අණ කරනු ලැබ ඇත්තෙමි. අපගේ ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක අපට ලැඛෙනු ඇත. ඔබගේ ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක ඔබට ලැඛෙනු ඇත. අපටත් ඔබටත් අතරේ කිසිම තර්කයක් අවශ්‍ය නැත. අප සියල්ලන්වම (පරලොවදී) අල්ලාහ් ඒකරාශී කරනු ඇත. ඔහු වෙතම (අපි සියල්ලන්ම) යා යුතුව ඇත්තේය.
وَٱلَّذِينَ يُحَآجُّونَ فِى ٱللَّهِ مِنۢ بَعْدِ مَا ٱسْتُجِيبَ لَهُۥ حُجَّتُهُمْ دَاحِضَةٌ عِندَ رَبِّهِمْ وَعَلَيْهِمْ غَضَبٌۭ وَلَهُمْ عَذَابٌۭ شَدِيدٌ ١٦
කවුරුන් (විශ්වාසය තබා) අල්ලාහ්ව බාර ගත් පසු ඔහු ගැන (නිකරුණේ) තර්ක කර (ආරවුල් ඇති කරමින්) සිටින්නෝද, ඔවුන්ගේ තර්කය ඔවුන්ගේ අල්ලාහ් වෙත ප්‍රයෝජනයක් නැති දැයක් වන්නේය. එබැවින් ඔවුන් කෙරෙහි (ඔහුගේ) කෝපයද ඇති වී, දරුණු දඬුවමද ඔවුන්ට ලැඛෙනු ඇත.
ٱللَّهُ ٱلَّذِىٓ أَنزَلَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ وَٱلْمِيزَانَ ۗ وَمَا يُدْرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ قَرِيبٌۭ ١۷
සම්පූර්ණයෙන්ම සත්‍යය හා සාධාරණ වූ මෙම ධර්මය අල්ලාහ්ම පහළ කළේය. (නබියේ! විනිශ්චය) කාලය ළඟා වී ඇත යන්න ඔබ දන්නෙහිද?
يَسْتَعْجِلُ بِهَا ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِهَا ۖ وَٱلَّذِينَ ءَامَنُوا۟ مُشْفِقُونَ مِنْهَا وَيَعْلَمُونَ أَنَّهَا ٱلْحَقُّ ۗ أَلَآ إِنَّ ٱلَّذِينَ يُمَارُونَ فِى ٱلسَّاعَةِ لَفِى ضَلَٰلٍۭ بَعِيدٍ ١۸
එය විශ්වාස නොකළ අය, ඒ ගැන (‘කවදා එන්නේද? කවදා එන්නේද?’යි) ඉක්මන් කරන්නාහ. එහෙත් කවුරුන් (එය) විශ්වාස කරමින් සිටින්නෝද, ඔවුන් ඒ ගැන බිය වෙමින් සිටින අතර, නියත වශයෙන්ම එය (පැමිණීම) ඇත්ත යයිද, (ස්ථීර වශයෙන්ම) දන්නාහ. කවුරුන් (විනිශ්චය) කාලය ගැන සැක සිතන්නෝද, ඔවුන් නියත වශයෙන්ම ඉතාමත් ඈත එපිට දුර්මාර්ගයෙහිම සිටින්නාහ යන්න (නබියේ! ඔබ) දැන ගනු (මැනව!)
ٱللَّهُ لَطِيفٌۢ بِعِبَادِهِۦ يَرْزُقُ مَن يَشَآءُ ۖ وَهُوَ ٱلْقَوِىُّ ٱلْعَزِيزُ ١۹
අල්ලාහ් තම වහලූන්ව ඉතා ආදරයෙන් යුතුව සලකමින් සිටින කෙනෙකි. (එබැවින්) ඔහු අදහස් කරන අයට (අවශ්‍ය) ආහාර ලබා දෙමින් සිටින්නේය. ඔහුම බලසම්පන්නයෙකු හා (සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු වශයෙන් සිටින්නේය.
مَن كَانَ يُرِيدُ حَرْثَ ٱلْءَاخِرَةِ نَزِدْ لَهُۥ فِى حَرْثِهِۦ ۖ وَمَن كَانَ يُرِيدُ حَرْثَ ٱلدُّنْيَا نُؤْتِهِۦ مِنْهَا وَمَا لَهُۥ فِى ٱلْءَاخِرَةِ مِن نَّصِيبٍ ٢۰
කවුරුන් පරලොවදී අස්වැන්න කැමති වන්නේද, ඔහුගේ අස්වැන්න (වගාව) අපි ඔහු වෙනුවෙන් වැඩි කරන්නෙමු. කවුරුන් මෙලොව අස්වැන්න (පමණක්) කැමති වන්නේද, අපි ඔහුට එයින් සාමාන්‍ය ප්‍රමාණයක් ලබා දෙන්නෙමු. එහෙත් ඔහුට පරලොවදී කිසිම පංගුවක් නැත.
أَمْ لَهُمْ شُرَكَٰٓؤُا۟ شَرَعُوا۟ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمْ يَأْذَنۢ بِهِ ٱللَّهُ ۚ وَلَوْلَا كَلِمَةُ ٱلْفَصْلِ لَقُضِىَ بَيْنَهُمْ ۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ ٢١
අල්ලාහ් අනුමැතිය නොදුන් කිසිවක් ඔවුන්ට ධර්මයක් වශයෙන් තබනු ලබන සමානයන් (දෙවිවරුන්)ද ඔවුන්ට ඇත්තේද? (නපුරට සරිලන ඵලවිපාක දීම පරලොවදී යයි) තීන්දුව ගැන වූ (දෙවියන්ගේ) පොරොන්දුව නියම නොවී තිබුනේ නම්, (මේ වන විටත්) ඔවුන් අතරේ තීන්දු දී හමාරය. නියත වශයෙන්ම (මෙවැනි) අපරාධකාරයින්ට නම්, ඔවුන්ට ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
تَرَى ٱلظَّٰلِمِينَ مُشْفِقِينَ مِمَّا كَسَبُوا۟ وَهُوَ وَاقِعٌۢ بِهِمْ ۗ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فِى رَوْضَاتِ ٱلْجَنَّاتِ ۖ لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمْ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَضْلُ ٱلْكَبِيرُ ٢٢
(නබියේ!) සීමාව ඉක්මවූ මොවුන් තමන් සොයා ගත් තම කාරණාවන් වෙනුවෙන් (තමන්ට කුමන දඬුවමක් ලැබේවිදෝ යයි එදිනදී) බිය වෙමින් සිටිනු ඔබ දකින්නෙහිය. එය ඔවුන්ට අනිවාර්යයෙන්ම ලැඛෙනු ඇත. කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් ස්වර්ගයන්හි ඇති උද්‍යානයන්හි සිටිනු ඇත. ඔවුන් කැමති සියල්ල ඔවුන්ගේ දෙවියන් වෙතින් ඔවුන්ට ලැඛෙනු ඇත. මෙයම අති විශාල වරප්‍රසාදයක් වන්නේය.
ذَٰلِكَ ٱلَّذِى يُبَشِّرُ ٱللَّهُ عِبَادَهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ ۗ قُل لَّآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا ٱلْمَوَدَّةَ فِى ٱلْقُرْبَىٰ ۗ وَمَن يَقْتَرِفْ حَسَنَةًۭ نَّزِدْ لَهُۥ فِيهَا حُسْنًا ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ شَكُورٌ ٢۳
විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කළ තමන්ගේ (හොඳ) වහලූන්ට අල්ලාහ් දෙන සුභාරංචියද මෙයයි. (නබියේ!) ඔබ මෙසේ පවසනු: “මේ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. ඥාතීන්ට ආදරය කිරීම හැර, කවුරුන් දැහැමි කාරණාවන් සොයා ගන්නේද, ඔහුට අපි ඉන් පසුවද පින්ම වැඩි කර හරින්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා (අල්ප) කෘතඥ වීම (පවා) දන්නෙකු වශයෙන් සිටින්නේය”.
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًۭا ۖ فَإِن يَشَإِ ٱللَّهُ يَخْتِمْ عَلَىٰ قَلْبِكَ ۗ وَيَمْحُ ٱللَّهُ ٱلْبَٰطِلَ وَيُحِقُّ ٱلْحَقَّ بِكَلِمَٰتِهِۦٓ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ٢٤
(නබියේ!) “ඔහු අල්ලාහ් කෙරෙහි බොරුව මනක්කල්පිත කර පවසන්නේය” යයි ඔවුන් (ඔබ ගැන) පවසන්නෙහුද? (එසේ නම් අපගේ මෙම ධර්මය ඔවුන්ට ඔබ කියවා පෙන්වීමට නොහැකි අන්දමට) අල්ලාහ් අදහස් කළේ නම්, ඔබගේ හෘදය මත මුද්‍රා තබන්නට ඉඩ තිබුණි. (එබැවින් ඔවුන්ගේ මෙම කියමන සම්පූර්ණයෙන්ම වැරදි එකක් වන්නේය). අල්ලාහ් නම්, බොරුව විනාශ කර, තමන්ගේ වදන මගින්ම සත්‍යය ස්ථීර කරන්නෙකු වශයෙන් සිටින්නේය. නියත වශයෙන්ම ඔහු හෘදයන්හි (රහසින් තබාගෙන) ඇති දැයද හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
وَهُوَ ٱلَّذِى يَقْبَلُ ٱلتَّوْبَةَ عَنْ عِبَادِهِۦ وَيَعْفُوا۟ عَنِ ٱلسَّيِّـَٔاتِ وَيَعْلَمُ مَا تَفْعَلُونَ ٢٥
ඔහුම තම වහලූන්ගේ සමාව ඉල්ලීම බාර ගෙන වැරදිවලටද සමාව දෙන්නේය. තවද ඔබ කරන දැයද ඔහු හොඳින් දන්නේය.
وَيَسْتَجِيبُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَيَزِيدُهُم مِّن فَضْلِهِۦ ۚ وَٱلْكَٰفِرُونَ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ ٢٦
තවද විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නන්(ගේ ප්‍රාර්ථනා)වන්ද බාර ගෙන, ඔවුන්ට තමන්ගේ වරප්‍රසාදයන් නැවත (නැවතත්) වැඩි කරන්නේය. ප්‍රතික්ෂේප කරන්නන්ට නම්, ඔවුන්ට දරුණු දඬුවම් ලැඛෙනු ඇත.
۞ وَلَوْ بَسَطَ ٱللَّهُ ٱلرِّزْقَ لِعِبَادِهِۦ لَبَغَوْا۟ فِى ٱلْأَرْضِ وَلَٰكِن يُنَزِّلُ بِقَدَرٍۢ مَّا يَشَآءُ ۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرٌۢ بَصِيرٌۭ ٢۷
අල්ලාහ් තම වහලූන්ට (තරාතිරමක් නොබලා) වස්තූන් විස්තීරණය (කර ලබා දුන්නහොත්) ඔවුන් භූමියෙහි අපරාධ කරන්නට ඉදිරිපත් වන්නාහ. එබැවින් (ඔවුන්ගේ තරාතිරමට සරිලන සේ) තමන් කැමති ප්‍රමාණයටම (ඔවුන්ට) ලබා දෙමින් සිටින්නේය. නියත වශයෙන්ම ඔහු තම වහලූන්ව හොඳින් දන්නෙකු හා (ඔවුන්ගේ ක්‍රියාවන්) අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.
وَهُوَ ٱلَّذِى يُنَزِّلُ ٱلْغَيْثَ مِنۢ بَعْدِ مَا قَنَطُوا۟ وَيَنشُرُ رَحْمَتَهُۥ ۚ وَهُوَ ٱلْوَلِىُّ ٱلْحَمِيدُ ٢۸
ඔවුන්ගේ විශ්වාසය බිඳී ගිය පසුද, ඔහුම වැස්ස පහළ කර, නැවතත් තමන්ගේ වරප්‍රසාදයන් පහළ කරන්නේය. ඔහුම ප්‍රශංසාවට හිමි අයයි. ආරක්ෂකයාය.
وَمِنْ ءَايَٰتِهِۦ خَلْقُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَآبَّةٍۢ ۚ وَهُوَ عَلَىٰ جَمْعِهِمْ إِذَا يَشَآءُ قَدِيرٌۭ ٢۹
අහස්ද, භූමියද උත්පාදනය කර තිබීමද, ඒවායෙහි සතුන් (ආදී බොහොමයක් ජීවීන්)ද (ඒ මේ අත) විසිරුවා හැර තැබීමද, ඔහුගේ ප්‍රාතිහාර්යයන්ගෙන් වූ දැයයි. එබැවින් ඔහු කැමති අවස්ථාවන්හිදී (ඒවා මරණයට පත් වූ පසුද) ඒවා ඒකරාශී කිරීමට බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.
وَمَآ أَصَٰبَكُم مِّن مُّصِيبَةٍۢ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُوا۟ عَن كَثِيرٍۢ ۳۰
කුමක් හෝ විපතක් ඔබ වෙත පැමිණ සේන්දු වන්නේ, ඔබගේ අත් සොයා ගත් (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන්මය. එහෙත් (ඒවායෙන්) බොහෝ දැය ඔහු ක්ෂමා කර හරින්නේය.
وَمَآ أَنتُم بِمُعْجِزِينَ فِى ٱلْأَرْضِ ۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍۢ ۳١
ඔබ භූමියෙහි (දිව ගොස් සැඟවී) ඔහුව පරාජය කර දමන්නට නොහැක. තවද අල්ලාහ් හැර, ඔබට උදව් කරන්නෙකු හෝ බේරා ගන්නෙකු හෝ නැත.
وَمِنْ ءَايَٰتِهِ ٱلْجَوَارِ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَٰمِ ۳٢
මුහුදෙහි යාත්‍රා කරන කඳු වැනි නැව්ද ඔහුගේ ප්‍රාතිහාර්යයන්ගෙන් වූ දැයයි.
إِن يَشَأْ يُسْكِنِ ٱلرِّيحَ فَيَظْلَلْنَ رَوَاكِدَ عَلَىٰ ظَهْرِهِۦٓ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍ ۳۳
ඔහු කැමති වුවහොත් සුළඟ නවතා දමන්නේය. ඒවා ඒ මත පාවෙමින් සිටින සේම (නොසෙළවී) නැවතී යන්නේය. (එවැනි අමාරුකම් විඳ) දරාගෙන සිටින්නන්ව (වෙරළට සේන්දු වූ පසු ඉතාමත් සතුටට පත් වී දෙවියන්ට) කෘතඥ වන්නන්ද ආදී සියල්ලන්ටම නියත වශයෙන්ම මෙහි බොහෝ සාධකයන් ඇත.
أَوْ يُوبِقْهُنَّ بِمَا كَسَبُوا۟ وَيَعْفُ عَن كَثِيرٍۢ ۳٤
ඔවුන් සොයා ගත් (නපුරු) ක්‍රියාවන්ගේ හේතුවෙන් ඒවා (මුහුදෙහි) ඔහු ගිල්වා දමන්නේය. එහෙත් (ඔවුන්ගේ වැරදි වලින්) බොහොමයක් දැය ඔහු ක්ෂමා කර හරින්නේය.
وَيَعْلَمَ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِىٓ ءَايَٰتِنَا مَا لَهُم مِّن مَّحِيصٍۢ ۳٥
අපගේ ප්‍රාතිහාර්යයන් ගැන (නිකරුණේ) තර්ක කරන්නන් (අපගේ දඬුවම් වලින්) බේරෙන්නට කිසිම මාර්ගයක් නැත යන්න ඔවුන් දැන ගනිත්වා.
فَمَآ أُوتِيتُم مِّن شَىْءٍۢ فَمَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌۭ وَأَبْقَىٰ لِلَّذِينَ ءَامَنُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ ۳٦
(මෙහි) ඔබට ලබා දී ඇති සියල්ල (ස්ථීරයක් නැති) මෙලොව ජීවිතයට අයත් (අල්ප) සුව පහසුවන්ය! විශ්වාසය තබා තමන්ගේ දෙවියන්වම සම්පූර්ණයෙන්ම විශ්වාස කර, සිටින්නන්ට අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඇත්තේ, ඉමහත් උසස් හා ස්ථීරවත් දැයයි.
وَٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٰحِشَ وَإِذَا مَا غَضِبُوا۟ هُمْ يَغْفِرُونَ ۳۷
(අල්ලාහ්ව විශ්වාස කළ) ඔවුන් අති විශාල පාපයන්ද, අවමන් ගෙන දෙන කාරණාවන්ද, අත්හැර ඈත් වී (සිටින අතර) තමන්ට කෝපය ඇති කළ අවස්ථාවන්හිදී පවා (කෝපය ඇති කළ අයට) සමාව දී අත්හැර දමන්නාහ.
وَٱلَّذِينَ ٱسْتَجَابُوا۟ لِرَبِّهِمْ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَأَمْرُهُمْ شُورَىٰ بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ ۳۸
තවද ඔවුන් තමන්ගේ දෙවියන්ගේ නියෝගයන් බාරගෙන සලාතයද නොකඩවා සලාත් කරන්නාහ. ඔවුන්ගේ සෑම කාරණාවක්ම තමන් තුළ එක්කාසු වී සාකච්ඡා කරන්නාහ. අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් (දානමාන වශයෙන්) වියදම් කරන්නාහ.
وَٱلَّذِينَ إِذَآ أَصَابَهُمُ ٱلْبَغْىُ هُمْ يَنتَصِرُونَ ۳۹
ඔවුන්ගෙන් කවුරුන්ට හෝ අපරාධයක් කරනු ලැබුවහොත් එයට ඔවුන් (සීමාව ඉක්මවා නොයා) පළි ගන්නාහ.
وَجَزَٰٓؤُا۟ سَيِّئَةٍۢ سَيِّئَةٌۭ مِّثْلُهَا ۖ فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُۥ عَلَى ٱللَّهِ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ ٤۰
නපුරට ඵලවිපාක (වශයෙන්) එවැනි නපුර(ම කරන්නාහ. ඊට වැඩියෙන් නොව). නමුත් කවුරුන් හෝ (අන් අයගේ අපරාධයට) සමාව දී (ඔහු සමග) සමාදාන වුවහොත් ඔහුගේ ඵලවිපාක අල්ලාහ් කෙරෙහි (අනිවාර්යය යුතුකමක් වශයෙන්) ඇත්තේය. නියත වශයෙන්ම ඔහු (මෙයට වෙනස්ව) සීමාව ඉක්මවන්නන්ව ප්‍රිය කරන්නේ නැත.
وَلَمَنِ ٱنتَصَرَ بَعْدَ ظُلْمِهِۦ فَأُو۟لَٰٓئِكَ مَا عَلَيْهِم مِّن سَبِيلٍ ٤١
(එහෙත් කවුරුන් හෝ) අපරාධයන්ට (ඒ ප්‍රමාණයටම) පළි ගතහොත් එමගින් ඔවුන්ට විරුද්ධව (ෙදාස් පැවරීමට) කිසිම මගක් නැත.
إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَظْلِمُونَ ٱلنَّاسَ وَيَبْغُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ ۚ أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ ٤٢
නමුත් (සීමාව ඉක්මවා) මිනිසුන් කෙරෙහි අපරාධයන් කර, අසාධාරණයේ භූමියෙහි අපරාධ කරන්නන්ට විරුද්ධවම (ෙදාස් පැවරීමට) මාර්ගයක් ඇත. මෙවැන්නන්ට ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنْ عَزْمِ ٱلْأُمُورِ ٤۳
කවුරුන් හෝ (අනුන් කළ අපරාධය) ඉවසිලිමත්ව විඳ දරාගෙන සමාව දුන්නහොත් නියත වශයෙන්ම එය ඉතාමත් වීර ක්‍රියාවන්ගෙන් වූ කාරණාවක් වන්නේය.
وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن وَلِىٍّۢ مِّنۢ بَعْدِهِۦ ۗ وَتَرَى ٱلظَّٰلِمِينَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ يَقُولُونَ هَلْ إِلَىٰ مَرَدٍّۢ مِّن سَبِيلٍۢ ٤٤
කවුරුන්ව හෝ (ඔහුගේ පාපයන්හි හේතුවෙන්) අල්ලාහ් දුර්මාර්ගයෙහි අත්හැර දැමුවහොත් ඉන් පසුව ඔහුව බේරා ගන්නන් කිසිවෙකුත් ඇත්තේ නැත. (නබියේ! සීමාව ඉක්මවා) අපරාධ කළ අය, දඬුවම (දෑසින්) දකින අවස්ථාවේදී ‘(මෙයින්) බේරෙන්නට කොහේ හෝ මාර්ගයක් ඇත්ද?’යි ඔවුන් විමසනු ඔබ දකින්නෙහිය.
وَتَرَىٰهُمْ يُعْرَضُونَ عَلَيْهَا خَٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرْفٍ خَفِىٍّۢ ۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ ٱلْخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ أَلَآ إِنَّ ٱلظَّٰلِمِينَ فِى عَذَابٍۢ مُّقِيمٍۢ ٤٥
තවද අවමන් විඳ හිස බිමට නවා ගත් අය වශයෙන්ද, (දඬුවම) හොරැහින් බලා ගත් වනම ඔවුන්ව නිරය ඉදිරියට ගෙන එනු ලැබීමද (නබියේ!) ඔබ දකින්නෙහිය. තවද විශ්වාසය තැබූවන් (ඔවුන්ට) “කවුරුන් තමන්ටත්, තම පවුලේ උදවියටත් (මෙලොවදී) පාඩුව සොයා ගත්තෝද, ඔවුන් විනිශ්චය දිනදී නියත වශයෙන්ම සම්පුර්ණයෙන්ම පරාජය අත් කර ගත් අය” යයි පවසන්නාහ. නියත වශයෙන්ම (මෙවැනි) අපරාධකාරයින් ස්ථීරවූ දඬුවමෙහි රැඳී සිටිනු ඇත යන්න දැන ගනු (මැනව!)
وَمَا كَانَ لَهُم مِّنْ أَوْلِيَآءَ يَنصُرُونَهُم مِّن دُونِ ٱللَّهِ ۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن سَبِيلٍ ٤٦
අල්ලාහ් හැර, ඔවුන්ට උදව් කළ හැකි මිතුරන්ද (එදිනදී) ඔවුන්ට ඇත්තේ නැත. කවුරුන්ව අල්ලාහ් වැරදි මාර්ගයෙහි අත්හැර දැමුවේද, ඔහුට (බේරෙන්නට) කිසිම මාර්ගයක් නැත.
ٱسْتَجِيبُوا۟ لِرَبِّكُم مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌۭ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِ ۚ مَا لَكُم مِّن مَّلْجَإٍۢ يَوْمَئِذٍۢ وَمَا لَكُم مِّن نَّكِيرٍۢ ٤۷
අල්ලාහ් වෙතින් අත්හැර දමා බේරෙන්නට නොහැකි දිනයක් පැමිණීමට කළින්ම ඔබගේ දෙවියන්ගේ ආරාධනාවට පිළිතුරු දෙනු. එදිනදී ඔබට කිසිම බේරෙන ස්ථානයක්ද නැත. (ඔබගේ වැරැද්ද) ඔබට ප්‍රතික්ෂේප කරන්නටද නොහැක.
فَإِنْ أَعْرَضُوا۟ فَمَآ أَرْسَلْنَٰكَ عَلَيْهِمْ حَفِيظًا ۖ إِنْ عَلَيْكَ إِلَّا ٱلْبَلَٰغُ ۗ وَإِنَّآ إِذَآ أَذَقْنَا ٱلْإِنسَٰنَ مِنَّا رَحْمَةًۭ فَرِحَ بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ ٱلْإِنسَٰنَ كَفُورٌۭ ٤۸
(නබියේ! මෙතරම් දුරට විවරණය කර පැවසූ පසුද) ඔවුන් (ඔබව) ප්‍රතික්ෂේප කර හැරියහොත් (ඒ ගැන ඔබ කණගාටු නොවනු. මන්දයත්) ඔවුන්ව ආරක්ෂා කරන්නෙකු වශයෙන් අපි ඔබව යැව්වේ නැත. (ඔවුන්ට අපගේ දූත මෙහෙවර) ගෙනහැර දැක්වීම මිස, (වෙන කිසිවක්) ඔබ කෙරෙහි අනිවාර්යය යුතුකමක් නොව. අපගේ වරප්‍රසාදයන් මිනිසුන් විඳින ලෙසට සැලැස්සුවහොත් ඒ ගැන ඔහු ඇත්තෙන්ම සතුටට පත් වන්නේය. ඔහුගේ අත්ම සොයා ගත් (නපුරු) ක්‍රියාවන්ගේ හේතුවෙන් ඔහුට යම්කිසි විපතක් ඇති වූ විට, නියත වශයෙන්ම මිනිසා ගුණමකු අය බවට පත් වී (දෙවියන්වම ප්‍රතික්ෂේප කිරීමටද ඉදිරිපත්) වන්නේය.
لِّلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ يَخْلُقُ مَا يَشَآءُ ۚ يَهَبُ لِمَن يَشَآءُ إِنَٰثًۭا وَيَهَبُ لِمَن يَشَآءُ ٱلذُّكُورَ ٤۹
අහස් හා භූමියෙහි රාජ්‍යය අල්ලාහ්ටම අයිතිය. (මේ හැර), ඔහු කැමති දැයද උත්පාදනය කරන්නේය. එබැවින් ඔහු කැමති අයට ගැහැනු දරුවන්ව පමණක් දෙන්නේය. ඔහු කැමති අයට පිරිමි දරුවන්ව පමණක් දෙන්නේය.
أَوْ يُزَوِّجُهُمْ ذُكْرَانًۭا وَإِنَٰثًۭا ۖ وَيَجْعَلُ مَن يَشَآءُ عَقِيمًا ۚ إِنَّهُۥ عَلِيمٌۭ قَدِيرٌۭ ٥۰
නැතහොත් පිරිමි ගැහැනු කළවම් කර දෙන්නේය. තවද ඔහු කැමති අයට (දරුවන් නැති) වඳ බවටද පත් කර හරින්නේය. නියත වශයෙන්ම ඔහු (ඔවුනොවුන්ගේ තරාතිරම) හොඳින් දන්නෙකු හා (තමන් කැමති ආකාරයකට කිරීමට) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.
۞ وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ ٱللَّهُ إِلَّا وَحْيًا أَوْ مِن وَرَآئِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًۭا فَيُوحِىَ بِإِذْنِهِۦ مَا يَشَآءُ ۚ إِنَّهُۥ عَلِىٌّ حَكِيمٌۭ ٥١
අල්ලාහ් (කෙළින්ම) කතා කිරීමට අයත් තරාතිරමක් මිනිසුන්ගෙන් කිසිවෙකුටත් නැත. එහෙත් වහී මගින් හෝ තිරයෙන් පසුපස හෝ නැතහොත් තමන් කැමති දැය තමන්ගේ අනුමැතියට අනුව වහී (ලබා ගෙන) දැනුම් දිය හැකි දූතයෙකු යවා හෝ (මිනිසුන් සමග කතා කරන්නේය). නියත වශයෙන්ම ඔහු උසස්වන්තයෙකු හා ඥානවන්තයෙකු වන්නේය.
وَكَذَٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ رُوحًۭا مِّنْ أَمْرِنَا ۚ مَا كُنتَ تَدْرِى مَا ٱلْكِتَٰبُ وَلَا ٱلْإِيمَٰنُ وَلَٰكِن جَعَلْنَٰهُ نُورًۭا نَّهْدِى بِهِۦ مَن نَّشَآءُ مِنْ عِبَادِنَا ۚ وَإِنَّكَ لَتَهْدِىٓ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ٥٢
(නබියේ!) මේ අන්දමටම ඔබට අපගේ නියමයන්ගෙන් ජීවමානව ඇති (කුර්ආනය) වහී මගින් දැනුම් දෙන්නෙමු. (මීට පෙර) ඔබ ධර්මය අසවල් දැය යයිද, විශ්වාසය අසවල් දැය යයිද, දන්නෙකු වශයෙන් සිටියේ නැත. එහෙත් (මෙම ධර්මය ඔබට අපි වහී මගින් දැනුම් දී) මෙය ආලෝකයක් බවටද පත් කර, අප වහලූන්ගෙන් අපි කැමති අයට මෙමගින් ඍජු මාර්ගය පෙන්වන්නෙමු. (නබියේ!) නියත වශයෙන්ම ඔබ (මෙමගින් ජනයාට) ඍජු මාර්ගය පෙනවන්නෙහිය.
صِرَٰطِ ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ أَلَآ إِلَى ٱللَّهِ تَصِيرُ ٱلْأُمُورُ ٥۳
මෙයයි අල්ලාහ්ගේ මාර්ගය. අහස්හිද භූමියෙහිද ඇති දැය (සියල්ල) ඔහුට අයත් දැයයි. සියලූ කාරණාවන්ද ඔහු වෙත අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය යන්න (නබියේ! ඔබ) දැන ගනු මැනව!