< السورة السابقة | فهرس السور | السورة التالية >
surah041
Fussilat (41)
Explained in detail, makkah, 54 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ ١
හා. මීම්.
تَنزِيلٌۭ مِّنَ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٢
අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුත්තා (වන අල්ලාහ්) විසින් පහළ කරන ලදී.
كِتَٰبٌۭ فُصِّلَتْ ءَايَٰتُهُۥ قُرْءَانًا عَرَبِيًّۭا لِّقَوْمٍۢ يَعْلَمُونَ ۳
(මෙය, කුර්ආනය නමැති) ධර්මය වන්නේය. බුද්ධිමත් ජනතාව වෙනුවෙන් (පහළ කරන ලද) අරාබි කුර්ආනය වන මෙහි, ආයාවන් (අරාබි බසින් පැහැදිලිව) විවරණය කර ඇත්තේය.
بَشِيرًۭا وَنَذِيرًۭا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ ٤
(හොඳ අයට මෙය) සුභාරංචි පවසන්නක් වශයෙන්ද, (පාපතරයන්ට) බිය ගන්වා අනතුරු අඟවන්නක් වශයෙන්ද ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) ප්‍රතික්ෂේප කරන්නාහ. තවද ඔවුන් (මෙයට) සවන් දෙන්නේ නැත.
وَقَالُوا۟ قُلُوبُنَا فِىٓ أَكِنَّةٍۢ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ وَفِىٓ ءَاذَانِنَا وَقْرٌۭ وَمِنۢ بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌۭ فَٱعْمَلْ إِنَّنَا عَٰمِلُونَ ٥
තවද “ඔබ කුමක් දෙසට අපව ආරාධනා කරන්නෙහුද, (එය අවධානය කරන්නට නොහැකි වන පරිදි) අපගේ හෘදයන් තිර වලින් ආවරණය කරනු ලැබ ඇත්තේය. (ඔබ පවසන දැයට සවන් දීමට නොහැකි වන පරිදි) අපගේ කණ්වල බිහිරිභාවය ඇත්තේය. අපටත් ඔබටත් අතරේ තිරයක් (දමා වළක්වා) දමනු ලැබ ඇත්තේය. එබැවින් ඔබ (කැමති දැයක්) කරමින් සිටිනු. නියත වශයෙන්ම අපද (කැමති දැයම) කරමින් සිටින්නෙමු” යයිද (මෙය ප්‍රතික්ෂේප කරන්නන්) පවසන්නාහ.
قُلْ إِنَّمَآ أَنَا۠ بَشَرٌۭ مِّثْلُكُمْ يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَٰهُكُمْ إِلَٰهٌۭ وَٰحِدٌۭ فَٱسْتَقِيمُوٓا۟ إِلَيْهِ وَٱسْتَغْفِرُوهُ ۗ وَوَيْلٌۭ لِّلْمُشْرِكِينَ ٦
එබැවින් (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඇත්තෙන්ම මා ඔබ මෙන් මිනිසෙකි. (එහෙත්) ඔබගේ දෙවියන් එකම එක් කෙනෙකි යයි මා හට වහී මගින් දැනුම් දෙනු ලැබ ඇත්තේය. එබැවින් ඔහු දෙසටම ඔබ ස්ථීරව සිටිනු. ඔහු වෙතින් ඔබ සමාවද ඉල්ලා සිටිනු. (ඔහුට) සමානයන් තබන්නන්ට විනාශයයි”.
ٱلَّذِينَ لَا يُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْءَاخِرَةِ هُمْ كَٰفِرُونَ ۷
“(තවද) සකාත් නොගෙවූ අයටද පරලොව ප්‍රතික්ෂේප කළ අයටද, (විනාශයයි)”.
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۢ ۸
“(එහෙත්) කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම (කිසි කලෙක) අවසානයක් නැති (ස්ථීර වූ) ඵලවිපාක ඇත”.
۞ قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِٱلَّذِى خَلَقَ ٱلْأَرْضَ فِى يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُۥٓ أَندَادًۭا ۚ ذَٰلِكَ رَبُّ ٱلْعَٰلَمِينَ ۹
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “(මෙතරම් විශාල) භූමිය දින දෙකකදීම උත්පාදනය කළ අයව ඔබ ප්‍රතික්ෂේප කර දමා (අන් දැය) ඔහුට සමානයන් වශයෙන් තබන්නෙහුද? ඔහුම (සකල) ලෝකයන්ම උත්පාදනය කර පෝෂණය කරන්නාය”.
وَجَعَلَ فِيهَا رَوَٰسِىَ مِن فَوْقِهَا وَبَٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقْوَٰتَهَا فِىٓ أَرْبَعَةِ أَيَّامٍۢ سَوَآءًۭ لِّلسَّآئِلِينَ ١۰
“ඔහුම ඒ මත ඉතාමත් උස කඳු නිර්මාණය කර, ඒ මත (සියලූ අන්දමේ) භාග්‍යයන්ද පහළ කළේය. තවද එහි (වාසය කරන්නන්ට අවශ්‍ය) ආහාරද දවස් හතරකදී සැලසුම් කළේය. (එයද හොඳ අය, නපුරු අය යන භේදයෙන් තොරව) ඉල්ලා සිටි අය (ඉල්ලා නොසිටි අය යන සියල්ලන්ට)ම සමාන වශයෙන් (ලැඛෙන සේ) සැලැස්සුවේය”.
ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌۭ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًۭا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ ١١
පසුව දුමාරයක් වශයෙන් තිබූ අහස දෙසට හැරී (එය උත්පාදනය කර) එයද භූමියද දෙස ඔහු බලා “ඔබ කැමති වුවද, අකමැති වුවද (අවනත වී මා වෙත) පැමිණෙනු” යයි පැවසුවේය. එයට ඒවා “(මෙන්න!) අපි කැමැත්තෙන්ම පැමිණියෙමු” යයි පැවසුවේය.
فَقَضَىٰهُنَّ سَبْعَ سَمَٰوَاتٍۢ فِى يَوْمَيْنِ وَأَوْحَىٰ فِى كُلِّ سَمَآءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَٰبِيحَ وَحِفْظًۭا ۚ ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ ١٢
පසුව ඔහු ඒවා දින දෙකකදී අහස් හතක් වශයෙන් සැලසුම් කර, සෑම අහසකටම නියමිත විවිධ යුතුකම් දැනුම් දුන්නේය. පසුව (මෙතරම් දැයක් කළ) අපිම (භූමියට සමීපයෙන්) පහතින්ම ඇති අහසෙහි (තාරකා නම් වූ) පහන් මගින් අලංකාරවත් කර, (එය) ආරක්ෂා සහිතවද පත් කළෙමු. මේ සියල්ල, (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු (වන අප)ගේම සැලසුමකි.
فَإِنْ أَعْرَضُوا۟ فَقُلْ أَنذَرْتُكُمْ صَٰعِقَةًۭ مِّثْلَ صَٰعِقَةِ عَادٍۢ وَثَمُودَ ١۳
(එබැවින් නබියේ! මෙතරම් දුරට දැනුම් දුන්) පසුවත් ඔවුන් (විශ්වාස නොකර) ප්‍රතික්ෂේප කළහොත් ඔබ මෙසේ පවසනු: “ආද්, සමූද් (නමැති ජනතාවන්ට) ඇති වූ හෙණ හඞ වැනි හෙණ හඞක්ම, මා ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නෙමි”.
إِذْ جَآءَتْهُمُ ٱلرُّسُلُ مِنۢ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۖ قَالُوا۟ لَوْ شَآءَ رَبُّنَا لَأَنزَلَ مَلَٰٓئِكَةًۭ فَإِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَٰفِرُونَ ١٤
ඔවුන් වෙත (අපගේ) දූතයින් ඔවුන්ට ඉදිරියෙන් හා පසුපසින් පැමිණ (ඔවුන්ට) “අල්ලාහ් හැර (අන්) කිසිවක් ඔබ නොනමදිනු” (යයි පැවසීමට) ඔවුන් “අපගේ දෙවියන් (ඇත්තෙන්ම අපට දූතයෙකු යැවීමට) අදහස් කළේ නම්, ඔහු මලායිකාවරුන්වම (දූතයින් වශයෙන්) පහළ කරන්නට ඉඩ තිබුණි. එබැවින් නියත වශයෙන්ම අපි ඔබ ගෙන ආ දූත මෙහෙවර ප්‍රතික්ෂේප කරන්නෙමු” යයි පැවසූහ.
فَأَمَّا عَادٌۭ فَٱسْتَكْبَرُوا۟ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَقَالُوا۟ مَنْ أَشَدُّ مِنَّا قُوَّةً ۖ أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةًۭ ۖ وَكَانُوا۟ بِـَٔايَٰتِنَا يَجْحَدُونَ ١٥
ආද් (නමැති ජනතාව නම්) භූමියෙහි අසාධාරණයේ අහංකාර වී “අපට වඩා ශක්තිවන්තයින් කවුරුන්ද?”යි පැවසූහ. ඔවුන්ව උත්පාදනය කළ අල්ලාහ් නියත වශයෙන්ම ඔවුන්ට වඩා බලසම්පන්නයෙකි යන්න ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? (එහෙත්) ඔවුන් අපගේ (මෙවැනි) සාධකයන්ද, (තර්ක කර) ප්‍රතික්ෂේප කරමින්ම සිටියහ.
فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًۭا صَرْصَرًۭا فِىٓ أَيَّامٍۢ نَّحِسَاتٍۢ لِّنُذِيقَهُمْ عَذَابَ ٱلْخِزْىِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَعَذَابُ ٱلْءَاخِرَةِ أَخْزَىٰ ۖ وَهُمْ لَا يُنصَرُونَ ١٦
එබැවින් අපි ඔවුන් කෙරෙහි (පැමිණි දඬුවමේ) නපුරු දිනයන්හි දරුණු සුළි සුළඟක් යවා අවමන් ගෙනදෙන දඬුවම මෙලොව ජීවිතයේදීම ඔවුන් විඳින ලෙසට සැලැස්සුවෙමු. (ඔවුන්ට) පරලොවදී ඇති දඬුවම නම්, (මෙයට වඩා) ඉතාමත් අවමන් ගෙන දෙන්නක් වන්නේය. (එහිදී කිසිවෙකුටත්) ඔවුන්ට උදව් කරනු නොලබන්නාහ.
وَأَمَّا ثَمُودُ فَهَدَيْنَٰهُمْ فَٱسْتَحَبُّوا۟ ٱلْعَمَىٰ عَلَى ٱلْهُدَىٰ فَأَخَذَتْهُمْ صَٰعِقَةُ ٱلْعَذَابِ ٱلْهُونِ بِمَا كَانُوا۟ يَكْسِبُونَ ١۷
සමූද් (නමැති ජනතාව නම්), ඔවුන්ටද අපි (අපගේ දූතයාව යවා) ඍජු මාර්ගය දැනුම් දුන්නෙමු. එහෙත් ඔවුන්ද ඍජු මාර්ගයට වඩා අන්ධභාවයම කැමති වූහ. එබැවින් ඔවුන් සොයා ගත් (නපුරු) විපතේ හේතුවෙන් අවමන් ගෙන දෙන දඬුවමෙන් යුතු හෙණ හඞ ඔවුන්ව අල්ලා ගත්තේය.
وَنَجَّيْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ ١۸
නමුත් (ඔවුන්ගෙන්) විශ්වාසය තබා (පාපයන්ගෙන් ඈත් වී අල්ලාහ්ට) බිය වී කටයුතු කළ අයව අපි බේරා ගත්තෙමු.
وَيَوْمَ يُحْشَرُ أَعْدَآءُ ٱللَّهِ إِلَى ٱلنَّارِ فَهُمْ يُوزَعُونَ ١۹
අල්ලාහ්ගේ සතුරන්ව නිරය දෙසට දක්කා ගෙන යනු ලබන දිනදී (එහි අසළට පැමිණි වහාම) ඔවුන් (විනිශ්චය සදහා හොඳ අයගෙන්) වෙන් කර සිටුවා තබනු ලබන්නාහ.
حَتَّىٰٓ إِذَا مَا جَآءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَٰرُهُمْ وَجُلُودُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ ٢۰
ඒ අසළට පැමිණි වහාම (පාපයන් කළ) ඔවුන්ට විරුද්ධව ඔවුන්ගේ කණ්ද, ඔවුන්ගේ ඇස්ද, ඔවුන්ගේ (මස් වලින් යුත්) හම්ද, ඒවා කළ දැය ගැන සාක්ෂි කියනු ඇත.
وَقَالُوا۟ لِجُلُودِهِمْ لِمَ شَهِدتُّمْ عَلَيْنَا ۖ قَالُوٓا۟ أَنطَقَنَا ٱللَّهُ ٱلَّذِىٓ أَنطَقَ كُلَّ شَىْءٍۢ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍۢ وَإِلَيْهِ تُرْجَعُونَ ٢١
එයට ඔවුන් තමන්ගේ (මස් වලින් යුත්) හම් වලට “අපට විරුද්ධව ඔබ කුමක් නිසා සාක්ෂි කියන්නෙහුද?”යි විමසනු ඇත. එයට ඒවා “සියලූ වස්තූන්ම කතා කරන්නට සලස්වන අල්ලාහ්ම අපවද කතා කරන ලෙසට පත් කළේය. ඔහුම ඔබව පළමු අවස්ථාවේදීද උත්පාදනය කළේය. (මරණයට පත් වූ) පසුද ඔබව ඔහු වෙතම ගෙන එනු ලැබ ඇත්තේය” යයි පවසනු ඇත.
وَمَا كُنتُمْ تَسْتَتِرُونَ أَن يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَآ أَبْصَٰرُكُمْ وَلَا جُلُودُكُمْ وَلَٰكِن ظَنَنتُمْ أَنَّ ٱللَّهَ لَا يَعْلَمُ كَثِيرًۭا مِّمَّا تَعْمَلُونَ ٢٢
“ඔබගේ කණ්ද, ඔබගේ ඇස්ද, ඔබගේ (මාංශ වලින් යුත්) හම්ද, ඔබට විරුද්ධව සාක්ෂි නොකියා සිටීමට, ඔබ (ඔබගේ පාපයන් ඒවාට) සඟවා ගැනීමට නොහැකි විය. එහෙත් ඔබ කරන දැයෙහි බොහෝ දැය ඇත්තෙන්ම අල්ලාහ් දැන ගන්නේ නැත යයි ඔබ අදහස් කරමින් සිටියෙහුය”.
وَذَٰلِكُمْ ظَنُّكُمُ ٱلَّذِى ظَنَنتُم بِرَبِّكُمْ أَرْدَىٰكُمْ فَأَصْبَحْتُم مِّنَ ٱلْخَٰسِرِينَ ٢۳
“ඔබ, ඔබගේ දෙවියන් ගැන අදහස් කළ ඔබගේ මෙම (වැරදි) සිතුවිල්ලම, ඔබව විනාශ කර දැමුවේය. එබැවින් ඔබ පරාජිතයින් බවට පත් වූවෙහුය” (යයිද ඒවා පවසනු ඇත).
فَإِن يَصْبِرُوا۟ فَٱلنَّارُ مَثْوًۭى لَّهُمْ ۖ وَإِن يَسْتَعْتِبُوا۟ فَمَا هُم مِّنَ ٱلْمُعْتَبِينَ ٢٤
එබැවින් ඔවුන් (කිසිවක් කතා නොකර අමාරුකම්) විඳ දරාගෙන සිටියා වුවද, ඔවුන්ට (නිරා) ගින්නම රැඳී සිටින ස්ථානය වන්නේය. ඔවුන් සමාව ඉල්ලා සිටියා වුවද, ඔවුන්ට සමාව දෙනු නොලබන්නාහ.
۞ وَقَيَّضْنَا لَهُمْ قُرَنَآءَ فَزَيَّنُوا۟ لَهُم مَّا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ فِىٓ أُمَمٍۢ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ ۖ إِنَّهُمْ كَانُوا۟ خَٰسِرِينَ ٢٥
ඔවුන්ට ඉදිරියෙන් හා පසුපසින් ඇති (නපුරු කාරණාවන්) සියල්ල ඔවුන්ට අලංකාරවත් කර පෙන්වමින් සිටි (කිසිදා වෙන් නොවන නපුරු) මිතුරන්ව අපි ඔවුන්ට එක්කාසු කර හැරියෙමු. එබැවින් මොවුන්ට පෙර ඉකුත්ව ගිය සමූහයන්ගෙන් වූ මිනිසුන් වුවද, ජින්වරුන් වුවද, ඔවුන් කෙරෙහි (දඬුවමට යටත් වන්නෙහු යන) අපගේ පොරොන්දුව ස්ථීර වී ගියේය. නියත වශයෙන්ම මොවුන් (සියල්ලන්ම) පරාජයම අත් කර ගත්හ.
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَا تَسْمَعُوا۟ لِهَٰذَا ٱلْقُرْءَانِ وَٱلْغَوْا۟ فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ ٢٦
ප්‍රතික්ෂේප කරන්නන් (අන් අයට) “ඔබ මෙම කුර්ආනය (ඔබගේ කණ් වලින්ද) නොඅසනු. (කවුරුන් එය සමුදීරණය කළා වුවද, ඔබ ඒ අවස්ථාවේදී ශබ්ද නගා) එහි ආරවුල් ඇති කරනු. එමගින් ඔබ ජයග්‍රහණය කරන්නෙහුය” යයිද පැවසූහ.
فَلَنُذِيقَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ عَذَابًۭا شَدِيدًۭا وَلَنَجْزِيَنَّهُمْ أَسْوَأَ ٱلَّذِى كَانُوا۟ يَعْمَلُونَ ٢۷
එබැවින් නියත වශයෙන්ම මෙම ප්‍රතික්ෂේප කරන්නන් දරුණු දඬුවම විඳින සේ අපි සලස්වන්නෙමු. නියත වශයෙන්ම අපි ඔවුන් කරමින් සිටි නපුරු විපත් වලට (දඬුවමම) ඵලවිපාක වශයෙන් ඔවුන්ට ලබා දෙන්නෙමු.
ذَٰلِكَ جَزَآءُ أَعْدَآءِ ٱللَّهِ ٱلنَّارُ ۖ لَهُمْ فِيهَا دَارُ ٱلْخُلْدِ ۖ جَزَآءًۢ بِمَا كَانُوا۟ بِـَٔايَٰتِنَا يَجْحَدُونَ ٢۸
මෙවැනි ඵලවිපාකම අල්ලාහ්ගේ සතුරන්ට අයත් දැය වන්නේය. එනම් නිරයයි. අපගේ ආයාවන් ඔවුන් (මෙසේ) ප්‍රතික්ෂේප කරමින් සිටීමට ඵලවිපාක වශයෙන් මොවුන්ට ස්ථීර වූ නිවස එහිම (ඇත්තේය).
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ رَبَّنَآ أَرِنَا ٱلَّذَيْنِ أَضَلَّانَا مِنَ ٱلْجِنِّ وَٱلْإِنسِ نَجْعَلْهُمَا تَحْتَ أَقْدَامِنَا لِيَكُونَا مِنَ ٱلْأَسْفَلِينَ ٢۹
ප්‍රතික්ෂෙප කරන්නන් (එදිනදී දෙවියන්ට) “අපගේ දෙවියනේ! අපව මාර්ගය වැරද යාමට සැලැස්වූ මිනිසුන්වද, ජින්වරුන්වද අපට ඔබ පෙන්වනු. ඔවුන්ව අවමානයට ලක් කිරීම පිණිස, අපි ඔවුන්ව අපගේ කකුල් වලට යටින් තබා පාගා දමන්නෙමු” යයි පවසනු ඇත.
إِنَّ ٱلَّذِينَ قَالُوا۟ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسْتَقَٰمُوا۟ تَتَنَزَّلُ عَلَيْهِمُ ٱلْمَلَٰٓئِكَةُ أَلَّا تَخَافُوا۟ وَلَا تَحْزَنُوا۟ وَأَبْشِرُوا۟ بِٱلْجَنَّةِ ٱلَّتِى كُنتُمْ تُوعَدُونَ ۳۰
(එහෙත්) නියත වශයෙන්ම කවුරුන් “අපගේ දෙවියන් අල්ලාහ්ය” යයි පවසා (ඒ මත) ස්ථීරව සිටියෙහුද, ඔවුන් වෙත මලායිකාවරුන් පැමිණ (ඔවුන්ට) “ඔබ (කිසි දැයකට) බිය නොවනු. දුක් නොවනු. ඔබට පොරොන්දු දෙන ලද ස්වර්ගය මගින් සතුටු වනු”.
نَحْنُ أَوْلِيَآؤُكُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْءَاخِرَةِ ۖ وَلَكُمْ فِيهَا مَا تَشْتَهِىٓ أَنفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَ ۳١
“අපි මෙලොව ජීවිතයෙහිද ඔබට උදව්කරුවන් වශයෙන් සිටියෙමු. පරලොවදීද (ඔබට උදව්කරුවන්ය). ස්වර්ගයෙහි ඔබගේ මනස කැමති වන ඕනෑම දැයක් ඔබට ඇත. එහි ඔබ ඉල්ලන ඕනෑම දැයක් ඔබට ලැඛෙණු ඇත”.
نُزُلًۭا مِّنْ غَفُورٍۢ رَّحِيمٍۢ ۳٢
“(පාපයන්ට) සමාව දී කරුණාව දක්වන්නා වෙතින් සංග්‍රහයක් වශයෙන් ලැඛෙණු ඇත” යයි (මලායිකාවරුන්) පවසනු ඇත.
وَمَنْ أَحْسَنُ قَوْلًۭا مِّمَّن دَعَآ إِلَى ٱللَّهِ وَعَمِلَ صَٰلِحًۭا وَقَالَ إِنَّنِى مِنَ ٱلْمُسْلِمِينَ ۳۳
කවුරුන් අල්ලාහ් දෙසට (ජනයාව) කැඳවා, (තමන්ද) දැහැමි ක්‍රියාවන් කර, “නියත වශයෙන්ම මා (අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වූ) මුස්ලිම්වරුන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙමි’ යයිද පවසන්නේද, ඔහුට වඩා අලංකාරවත් වදන් පවසන්නා කවරෙක්ද?”
وَلَا تَسْتَوِى ٱلْحَسَنَةُ وَلَا ٱلسَّيِّئَةُ ۚ ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ فَإِذَا ٱلَّذِى بَيْنَكَ وَبَيْنَهُۥ عَدَٰوَةٌۭ كَأَنَّهُۥ وَلِىٌّ حَمِيمٌۭ ۳٤
පින් පව් (දෙක) සමාන වන්නේ නැත. (එබැවින් නබියේ! පාපය) ඔබ පිනක් මගින්ම වළක්වා ගනු. එසේ වුවහොත්, ඔහුටත් ඔබටත් අතරේ ඇති වෛරය වෙනස් වී ඔබගේ (දරුණු) සතුරා (ඒ අතරම) ඔබගේ සත්‍යය (ඉතාමත් සමීප) මිතුරෙකු බවට පත් වනු ඇත.
وَمَا يُلَقَّىٰهَآ إِلَّا ٱلَّذِينَ صَبَرُوا۟ وَمَا يُلَقَّىٰهَآ إِلَّا ذُو حَظٍّ عَظِيمٍۢ ۳٥
ඉවසිලිවන්තයින් හැර, (අනිත්) කිසිවෙකුත් මෙය අත් කර ගන්නේ නැත. තවද ඉමහත් භාග්‍යවන්තයින් හැර, (අන්) කිසිවෙකුත් මෙය අත් කර ගන්නේද නැත.
وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيْطَٰنِ نَزْغٌۭ فَٱسْتَعِذْ بِٱللَّهِ ۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ۳٦
(නබියේ!) ෂෙයිතාන්ගේ යම්කිසි හොල්මන් කිරීමක් (නපුරු කාරණාවන් කරන මෙන්) ඔබව පොළඹවන විට, (ඔබව එයින්) බේරා ගන්නා මෙන් අල්ලාහ් වෙතින් ඔබ ඉල්ලා සිටිනු මැනව! නියත වශයෙන්ම ඔහු (සියල්ල) සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් ඔහු ඔබව බේරා ගනු ඇත).
وَمِنْ ءَايَٰتِهِ ٱلَّيْلُ وَٱلنَّهَارُ وَٱلشَّمْسُ وَٱلْقَمَرُ ۚ لَا تَسْجُدُوا۟ لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَٱسْجُدُوا۟ لِلَّهِ ٱلَّذِى خَلَقَهُنَّ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ ۳۷
“රාත්‍රියද, දහවලද, සූර්යයාද, චන්ද්‍රයාද, (දෙවියන් ගැන දැනුම් දිය හැකි) ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැය වන්නේය. එබැවින් ඇත්තෙන්ම ඔබ අල්ලාහ්වම නමදින්නන් වශයෙන් සිටින්නෙහු නම්, සූර්යයාටද (සුජූද් නොකරනු). චන්ද්‍රයාටද සුජූද් නොකරනු. මේවා උත්පාදනය කළේ කවුරුන්ද, ඔහුටම සුජූද් කරනු” (යයිද නබියේ! ඔබ පවසනු මැනව!)
فَإِنِ ٱسْتَكْبَرُوا۟ فَٱلَّذِينَ عِندَ رَبِّكَ يُسَبِّحُونَ لَهُۥ بِٱلَّيْلِ وَٱلنَّهَارِ وَهُمْ لَا يَسْـَٔمُونَ ۩ ۳۸
(නබියේ!) නැවතත් මොවුන් උඞඟූ (වී දෙවියන්ට නොනැමද ඈත්) වන්නන් වුවහොත් (ඔවුන්ගෙන් ඔහුට කිසිම පාඩුවක්ද නැත). ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙහි සිටින්නන් (වන මලායිකාවරුන්) රාත්‍රියේ හා දහවලේද (සුවිශුද්ධ කරමින්) ප්‍රශංසා කරමින්ම සිටින්නාහ. (මෙහි) ඔවුන් ආයාසයට පත් වන්නේම නැත.
وَمِنْ ءَايَٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلْأَرْضَ خَٰشِعَةًۭ فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْ ۚ إِنَّ ٱلَّذِىٓ أَحْيَاهَا لَمُحْىِ ٱلْمَوْتَىٰٓ ۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ۳۹
(නබියේ! අස්වනු දැවී වියළී) භූමිය පාළු වී තිඛෙණු ඔබ දැකීමද, ඇත්තෙන්ම ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැය වන්නේය. ඒ මත අපි වර්ෂාව වැසීමට සැලැස්සුවහොත් එහි (මොටැයි මතුවී) සශ්‍රීකව වැඩෙන්නේය. (මෙසේ මැරී ගිය) භූමියට කවුරුන් පණ දෙන්නේද, ඔහු මරණයට පත් වූවන්ටද, ඇත්තෙන්ම පණ දෙන්නේය. නියත වශයෙන්ම ඔහු සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකි.
إِنَّ ٱلَّذِينَ يُلْحِدُونَ فِىٓ ءَايَٰتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَآ ۗ أَفَمَن يُلْقَىٰ فِى ٱلنَّارِ خَيْرٌ أَم مَّن يَأْتِىٓ ءَامِنًۭا يَوْمَ ٱلْقِيَٰمَةِ ۚ ٱعْمَلُوا۟ مَا شِئْتُمْ ۖ إِنَّهُۥ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ٤۰
නියත වශයෙන්ම කවුරුන් (තමන්ගේ නපුරු ක්‍රියාවන්ට සාක්ෂි වශයෙන් අපගේ ආයාවන්හි වැරදි අර්ථකතනයන් ගොතන්නෝද, ඔවුන්ගේ ක්‍රියාවන්හි (කිසිවක්) අපට සැඟවෙන්නේ නැත. (විනිශ්චය දිනදී) නිරයට වීසි කර දමනු ලබන්නේ හොඳ අයද? නැතහොත් විනිශ්චය දිනදී කිසිම බියක් සැකක් නැතිව පැමිණෙන්නා (උසස්) අයද? (මිනිසුනේ!) ඔබ කැමති දැය කරමින් සිටිනු. ඔබ කරන දැය නියත වශයෙන්ම ඔහු අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය.
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِٱلذِّكْرِ لَمَّا جَآءَهُمْ ۖ وَإِنَّهُۥ لَكِتَٰبٌ عَزِيزٌۭ ٤١
නියත වශයෙන්ම කවුරුන් තමන් වෙත හොඳ ඔවදන් පැමිණෙන විට, ප්‍රතික්ෂේප කරන්නෝද, (ඔවුන් විනිශ්චය දිනදී තමන්ගේ තත්වය වටහා ගනු ඇත. මන්දයත්) නියත වශයෙන්ම මෙය ඉමහත් ගෞරවණීය ධර්මයක් වන්නේය.
لَّا يَأْتِيهِ ٱلْبَٰطِلُ مِنۢ بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِۦ ۖ تَنزِيلٌۭ مِّنْ حَكِيمٍ حَمِيدٍۢ ٤٢
මීට කළින් හෝ මීට පසුව හෝ (පරිශුද්ධ වූ කුර්ආනය වන) මෙයට බොරු (කිසි සේත්) ළඟා වීමට නොහැකිය. ඉතාමත් ප්‍රශංසාවට අයත් කෙනා හා ඥානවන්තයා විසින් (මෙය) පහළ කරන ලදී.
مَّا يُقَالُ لَكَ إِلَّا مَا قَدْ قِيلَ لِلرُّسُلِ مِن قَبْلِكَ ۚ إِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍۢ وَذُو عِقَابٍ أَلِيمٍۢ ٤۳
(නබියේ!) ඔබ පෙර පැමිණි දූතයින් කුමක් පවසනු ලැබුවේද, එයම මිස, (වෙන කිසිවක්) ඔබට පවසනු ලැබුවේ නැත. (එබැවින් මොවුන් පවසන අවමානයන් ගැන ඔබ කණගාටු නොවනු). නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (හොඳ අයව) ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, (නපුරු අයව) වේදනා කර දඬුවම් කරන්නෙකු වශයෙන්ද සිටින්නේය.
وَلَوْ جَعَلْنَٰهُ قُرْءَانًا أَعْجَمِيًّۭا لَّقَالُوا۟ لَوْلَا فُصِّلَتْ ءَايَٰتُهُۥٓ ۖ ءَا۬عْجَمِىٌّۭ وَعَرَبِىٌّۭ ۗ قُلْ هُوَ لِلَّذِينَ ءَامَنُوا۟ هُدًۭى وَشِفَآءٌۭ ۖ وَٱلَّذِينَ لَا يُؤْمِنُونَ فِىٓ ءَاذَانِهِمْ وَقْرٌۭ وَهُوَ عَلَيْهِمْ عَمًى ۚ أُو۟لَٰٓئِكَ يُنَادَوْنَ مِن مَّكَانٍۭ بَعِيدٍۢ ٤٤
මෙම කුර්ආනය අරාබි නොවන භාෂාවකින් අපි පහළ කර තිබුණේ නම්, (මෙම මක්කාවාසීන්) “මෙහි ආයාවන් (අපගේ අරාබි භාෂාවෙන්) විවරණය කර පවසා තිබිය යුතු නොවේද? මෙය නම් අරාබි නොවන භාෂාවකි. අපි නම් (එය නොදන්නා) අරාබිවරුන්ය” යයි නියත වශයෙන්ම පවසනු ඇත. (නබියේ!) ඔබ මෙසේ පවසනු: “මෙය (ඔවුන්ගේ අරාබි භාෂාවෙන් තිඛෙන අතර) විශ්වාසය තැබූවන්ට ඍජු මාර්ගයක් වශයෙන්ද, (උසස්) නිවාරණයක් වශයෙන්ද ඇත්තේය. කවුරුන් විශ්වාස නොකළෝද, ඔවුන්ගේ කණ්වල බිහිරිභාවය ඇත්තේය. (ඔවුන් සම්බන්ධයෙන් නම්), එය (ඔවුන්ගේ) ඇස් පෙණුම වසා ගන්නා තිරයක් වශයෙන් ඇත්තේය. ඔවුන් (ඔබ අසළ සිටියා වුවද), ඉතාමත් ඈත එපිට සිට ආරාධනා කරන්නාක් (මෙන් ඇත්තේය).
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ فَٱخْتُلِفَ فِيهِ ۗ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِى شَكٍّۢ مِّنْهُ مُرِيبٍۢ ٤٥
නියත වශයෙන්ම අපි මූසාට එක් ධර්මයක් දී තිබුනෙමු. (ඔහුගේ ජනතාව) එහි භේද බින්න වූවෙහුය. (ඔවුන්ගෙන් විනිශ්චය කර තීන්දු දීම විනිශ්චය දිනදීය යයි) ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව කළින් සිදු නොවී තිබුණේ නම්, ඔවුන් අතරේ (මේ වන විටත්) තීන්දු දී තිඛෙන්නට ඉඩ තිබුණි. නියත වශයෙන්ම මොවුන්ද, ඒ කාරණාවෙහි ඉමහත් සැකයෙහිම ගැලී සිටින්නෙහුය.
مَّنْ عَمِلَ صَٰلِحًۭا فَلِنَفْسِهِۦ ۖ وَمَنْ أَسَآءَ فَعَلَيْهَا ۗ وَمَا رَبُّكَ بِظَلَّٰمٍۢ لِّلْعَبِيدِ ٤٦
කවුරුන් හෝ පින් දහම් කළහොත් (එය) ඔහුටම හොඳය. කවුරුන් හෝ පාපයන් කළහොත් (එය) ඔහුටම නපුරක් වන්නේය. ඔබගේ දෙවියන් (තම) වහලූන්ට (කිසි සෙත්) නපුරක් කරන්නේ නැත. (ඔවුන් තමන්ට තමන්ම නපුරක් කර ගන්නාහ).
۞ إِلَيْهِ يُرَدُّ عِلْمُ ٱلسَّاعَةِ ۚ وَمَا تَخْرُجُ مِن ثَمَرَٰتٍۢ مِّنْ أَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِۦ ۚ وَيَوْمَ يُنَادِيهِمْ أَيْنَ شُرَكَآءِى قَالُوٓا۟ ءَاذَنَّٰكَ مَا مِنَّا مِن شَهِيدٍۢ ٤۷
(නබියේ! “විනිශ්චය කිරීමේ කාලය වන විනිශ්චය දිනය කවදා එන්නේද?”යි ඔවුන් විටින් විට ඔබගෙන් විමසන්නාහ. එයට ඔබ මෙසේ පවසනු: විනිශ්චය) කාලය ගැන වූ ඥානය ඔහු වෙතම අත්හැර දමනු ලැබ ඇත්තේය. (එබැවින් ඒ ගැන අපිට කියන්නට දැයක් නැත). ඔහු නොවදැනුවත්ව පලතුරු වලින් කිසිවක් එහි කෝෂයෙන් ඉකුත් වන්නේ නැත. කිසිම ගැහැනියක් ගැබ් ගන්නේද නැත. ප්‍රසූත කරන්නේද නැත. (එබැවින් ඒවා සියල්ල ඔහුම හොඳින් දන්නේය. විනිශ්චය කාලය වන) එදිනදී (ඔහු “ඔබ) සමානයන් වශයෙන් තැබූ දැය (වන බොරු දෙවිවරුන්) කොහේද?”යි ඔවුන්ගෙන් විමසනු ඇත. එයට ඔවුන් “අපගෙන් (එයට) සාක්ෂි දරණ්නන් කිසිවෙකුත් (අද දින) නැතැයි (අපගේ දෙවියනේ!) අපි ඔබට දැනුම් දෙන්නෙමු” යයි පවසන්නාහ.
وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَدْعُونَ مِن قَبْلُ ۖ وَظَنُّوا۟ مَا لَهُم مِّن مَّحِيصٍۢ ٤۸
මීට පෙර ඔවුන් (දෙවියන් යයි) ආරාධනා කරමින් සිටි දැය සියල්ල ඔවුන්ගෙන් ඈත් වී සැඟවී යනු ඇත. තමන්ට බේරීමට කිසිම මාර්ගයක් නැතැයි යන්නද ඔවුන් දැන ගන්නාහ.
لَّا يَسْـَٔمُ ٱلْإِنسَٰنُ مِن دُعَآءِ ٱلْخَيْرِ وَإِن مَّسَّهُ ٱلشَّرُّ فَيَـُٔوسٌۭ قَنُوطٌۭ ٤۹
(ප්‍රාර්ථනා කර) හොඳ දැයම ඉල්ලීමෙහි මිනිසා (කිසි කලෙකත්) වෙහෙසට පත් වන්නේ නැත. එහෙත් ඔහුට (පොඩියක් හෝ) විපතක් ළඟා වුවහොත් ඔහුගේ මනස බිඳී විශ්වාසය සුන් කර ගන්නේය.
وَلَئِنْ أَذَقْنَٰهُ رَحْمَةًۭ مِّنَّا مِنۢ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ هَٰذَا لِى وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةًۭ وَلَئِن رُّجِعْتُ إِلَىٰ رَبِّىٓ إِنَّ لِى عِندَهُۥ لَلْحُسْنَىٰ ۚ فَلَنُنَبِّئَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِمَا عَمِلُوا۟ وَلَنُذِيقَنَّهُم مِّنْ عَذَابٍ غَلِيظٍۢ ٥۰
ඔහුව අල්ලාගෙන තිබූ අමාරුකමෙන් පහ වී ගිය පසු, අපගේ වරප්‍රසාදය විඳින ලෙසට අපි සැලැස්සුවා වුවද, “එය මට උරුමව (පැමිණිය යුතුව තිබූ දැයම පැමිණියේය. විනිශ්චය) කාලය ඇති වනු ඇතැයි මා විශ්වාස කළේම නැත. (එසේ විනිශ්චය දිනය ඇති වී) මගේ දෙවියන් වෙත මා ගෙන යනු ලැබූවද, ඔහු වෙතද නියත වශයෙන්ම මට හොඳක්ම ලැඛෙනු ඇත” යයි පවසන්නේය. නමුත් කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් කළ (නපුරු) කාරණාවන් (එදිනදී) අපි නියත වශයෙන්ම ඔවුන්ට පැහැදිලිව ගෙනහැර දක්වන්නෙමු. තවද දරුණු දඬුවම ඔවුන්ට විඳින ලෙසටද නියත වශයෙන්ම අපි සලස්වන්නෙමු.
وَإِذَآ أَنْعَمْنَا عَلَى ٱلْإِنسَٰنِ أَعْرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ فَذُو دُعَآءٍ عَرِيضٍۢ ٥١
මිනිසාට අපි (යම්කිසි) වරප්‍රසාදයක් ලබා දුන්නහොත් ඔහු (අපට කෘතඥ වීම වෙනුවට අපවද, අපගේ නියෝගයන්ද) ප්‍රතික්ෂේප කර දමා ඈත් වන්නේය. ඔහු වෙත (යම්කිසි) විපතක් පැමිණියහොත් නම්, ඉතාමත් දිග (පළලින් යුත්) ප්‍රාර්ථනාවන් කර, (එය පහ කරන මෙන් ඉල්ලා) සිටින්නේය.”
قُلْ أَرَءَيْتُمْ إِن كَانَ مِنْ عِندِ ٱللَّهِ ثُمَّ كَفَرْتُم بِهِۦ مَنْ أَضَلُّ مِمَّنْ هُوَ فِى شِقَاقٍۭ بَعِيدٍۢ ٥٢
නබියේ!) ඔබ මෙසේ විමසනු: “(මෙම ධර්මය) අල්ලාහ්ගේ සන්නිධානයෙන් පැමිණ තිබියදී මෙය ඔබ ප්‍රතික්ෂේප කළහොත් (මෙසේ) ප්‍රසිද්ධියේම (ඔහුට) විරුද්ධ වන්නාට වඩා දුර්මාර්ගිකයා කවරෙක්ද යන්න ඔබ අවධානය කළෙහුද?”
سَنُرِيهِمْ ءَايَٰتِنَا فِى ٱلْءَافَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ ٥۳
නියත වශයෙන්ම (කුර්ආනය වන) මෙය සත්‍යයකි යයි ඔවුන්ට පැහැදිලි වන තුරු අපගේ සාධකයන් (ලොවෙහි) විවිධ ප්‍රදේශයන්හිද, ඔවුන් ඇතුළුව ඉතා ඉක්මනින් අපි ඔවුන්ට පෙන්වන්නෙමු. (නබියේ!) ඔබගේ දෙවියන් නියත වශයෙන්ම සියල්ල බලමින් සිටින්නේය යන්න ඔබව සෑහීමට පත් කළේ නැද්ද?
أَلَآ إِنَّهُمْ فِى مِرْيَةٍۢ مِّن لِّقَآءِ رَبِّهِمْ ۗ أَلَآ إِنَّهُۥ بِكُلِّ شَىْءٍۢ مُّحِيطٌۢ ٥٤
නියත වශයෙන්ම ඔවුන් තමන්ගේ දෙවියන්ව හමු වීම ගැනද සැකයෙන් සිටින බවද (නබියේ! ඔබ) දැන ගනු (මැනව!) නියත වශයෙන්ම ඔහු සියලූ කාරණාවන්ද (තම ඥානයෙන්) වටකරගෙන (දැන) ගෙනද සිටින්නේය යන්නද දැන ගනු (මැනව!)