< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمْ ۚ إِنَّ زَلْزَلَةَ ٱلسَّاعَةِ شَىْءٌ عَظِيمٌۭ ۝١

මිනිසුනේ! ඔබ, ඔබගේ දෙවියන්ට බිය වනු. නියත වශයෙන්ම විනිශ්චය දින කම්පනයෙන් යුතු ඉමහත් වැඩ සටහනක් වන්නේය.

يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّآ أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى ٱلنَّاسَ سُكَٰرَىٰ وَمَا هُم بِسُكَٰرَىٰ وَلَٰكِنَّ عَذَابَ ٱللَّهِ شَدِيدٌۭ ۝٢

(නබියේ!) එදිනදී, කිරි පොවමින් සිටින සෑම මවක්ම තමන් කිරි පොවන ළදරුවා අමතක කර දමන්නීය. සෑම ගැබිණියකගේම ගැබ්බර සිඳී විසිරී යනු ඔබ දකින්නෙහිය. මිනිසුන් සිහි බුද්ධිය සිඳී ගියවුන් වශයෙන් සිටිනු ඔබ දකින්නෙහිය. ඔවුන්ගේ (සිහි බුද්ධිය සිඳී යාමට හේතුව) බී මතින් නොව. අල්ලාහ්ගේ දඬුවම නියත වශයෙන්ම ඉතාමත් දරුණුය. (එය දැක තිගැස්සී ඔවුන්ගේ සිහි බුද්ධිය සිඳී යනු ඇත).

وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍۢ وَيَتَّبِعُ كُلَّ شَيْطَٰنٍۢ مَّرِيدٍۢ ۝۳

මිනිසුන්ගෙන් සමහරෙක් කිසිම අධ්‍යාපන දැනුමක් නැතිවම අල්ලාහ් ගැන තර්ක කර, (විශ්වාසය) කඩා බිඳ දමන ෂෙයිතාන්වරුවම අනුගමනය කරන්නාහ.

كُتِبَ عَلَيْهِ أَنَّهُۥ مَن تَوَلَّاهُ فَأَنَّهُۥ يُضِلُّهُۥ وَيَهْدِيهِ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ ۝٤

කවුරුන් ඔහුව මිතුරෙකු බවට පත් කර ගන්නේද ඔහුව, ඔහු නියත වශයෙන්ම දරුණු දඬුවම දෙසටම ඇතුළු කරනු ඇතැයි නියම කරනු ලැබීය.

يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمْ فِى رَيْبٍۢ مِّنَ ٱلْبَعْثِ فَإِنَّا خَلَقْنَٰكُم مِّن تُرَابٍۢ ثُمَّ مِن نُّطْفَةٍۢ ثُمَّ مِنْ عَلَقَةٍۢ ثُمَّ مِن مُّضْغَةٍۢ مُّخَلَّقَةٍۢ وَغَيْرِ مُخَلَّقَةٍۢ لِّنُبَيِّنَ لَكُمْ ۚ وَنُقِرُّ فِى ٱلْأَرْحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًۭا ثُمَّ لِتَبْلُغُوٓا۟ أَشُدَّكُمْ ۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرْذَلِ ٱلْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِنۢ بَعْدِ عِلْمٍۢ شَيْـًۭٔا ۚ وَتَرَى ٱلْأَرْضَ هَامِدَةًۭ فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْ وَأَنۢبَتَتْ مِن كُلِّ زَوْجٍۭ بَهِيجٍۢ ۝٥

මිනිසුනේ! (විනිශ්චය දිනදී ඔබට පණ දී) නැගිට්ටවීම ගැන ඔබ සැක සිතුවහොත් (ඔබව පළමුවෙන් කෙසේ උත්පාදනය කළෙමුදැයි යන්න අවධානය කර බලනු). නියත වශයෙන්ම අපි ඔබව (ඔබගේ මුල් පියා වන ආදම්ව) කිරි මැටියෙන් උත්පාදනය කළෙමු. පසුව (ඔබව) ඉන්ද්‍රිය බිඳකින් (උත්පාදනය කර), පසුව එය එක් ලේ කැටියක් වශයෙන්ද, පසුව (එය) අඩු රුවකින් යුත් නැතහොත් පූරණ රුවකින් යුත් මාංශ පිණ්ඩයක් වශයෙන්ද, (අපි උත්පාදනය කරන්නෙමු. අපගේ බලසම්පන්න කම) ඔබට පැහැදිලි කරනු පිණිස (මෙසේ කර), අපි අදහස් කළ අයව ගර්භයන්හි නියමිත කාලයක් දක්වා රැඳී සිටින සේ සලස්වන්නෙමු. පසුව ඔබව ළදරුවන් වශයෙන් ඉකුත් කර ඔබ, ඔබගේ තරුණ විය අත් කර ගැනීමට සලස්වන්නෙමු. (මේ අතර) මරණයට පත් වන්නන්ද ඔබගෙන් සමහරෙක් ඇත්තාහ. (නැතහොත් ජීවත්ව සිටිමින්) සියල්ල දැන ගත්තායින් පසු, කිසිවක් නොදන්නා කෙනෙකු බවට පත් වන මහළු වයස දක්වා (ජීවත් වීමට) අත්හැර දමන්නන්ද ඔබගෙන් සිටින්නාහ. (මිනිසුනේ!) භූමිය (කිසිම භෝගයක් නොමැති) පාළු කර්කශක (භූමියක්) වශයෙන් තිඛෙණු ඔබ දුටුවේ නැද්ද? ඒ මත අපි වර්ෂාව වසින්නට සැලැස්සුවහොත් එය සශ්‍රීක වී, වැඩී අලංකාරවත් විවිධ වර්ගයේ (ජෝඩු ජෝඩු වශයෙන්) උසට වැඩුණු ගස්වැල් වැඩෙන්නට සලස්වනු ලැබේ.

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّهُۥ يُحْىِ ٱلْمَوْتَىٰ وَأَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ۝٦

මෙසේ (කරන්නා) නියත වශයෙන්ම අල්ලාහ්ය. ඔහුම සත්‍යවන්තයෙකි. නියත වශයෙන්ම ඔහු මරණයට පත් වූවන්ට පණ දී නැගිට්ටවන අයයි. නියත වශයෙන්ම ඔහු සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු යන්න මෙයම ප්‍රමාණවත් (සාධකයක් වශයෙන් ඇත්තේය).

وَأَنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌۭ لَّا رَيْبَ فِيهَا وَأَنَّ ٱللَّهَ يَبْعَثُ مَن فِى ٱلْقُبُورِ ۝۷

නියත වශයෙන්ම විනිශ්චය කාලය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. එහි කිසිම සැකයක් නැත. (එදිනදී) සොහොන්වල (වැළලී) ඇති අයව නියත වශයෙන්ම අල්ලාහ් (පණ දී) නැගිට්ටවන්නේය.

وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍۢ وَلَا هُدًۭى وَلَا كِتَٰبٍۢ مُّنِيرٍۢ ۝۸

මිනිසුන්ගෙන් සමහරෙක් අධ්‍යාපන දැනුම හෝ, (තර්කානුකූල) ඍජු මාර්ගය හෝ පැහැදිලි ධර්ම (සාධකයන්) හෝ නොමැතිවම අල්ලාහ් ගැන තර්ක කරන්නාහ.

ثَانِىَ عِطْفِهِۦ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ ۖ لَهُۥ فِى ٱلدُّنْيَا خِزْىٌۭ ۖ وَنُذِيقُهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ عَذَابَ ٱلْحَرِيقِ ۝۹

අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනතාව) හරවා දමනු පිණිස, උඞ ගුකමින් යුතුව (මෙසේ තර්ක කරන්නාහ). මෙලොවදී ඔවුන්ට අවමානයයි. විනිශ්චය දිනදී නම්, දැවෙන ගින්නෙහි දඬුවමම ඔවුන්ට විඳින්නට සලස්වන්නෙමු.

ذَٰلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّٰمٍۢ لِّلْعَبِيدِ ۝١۰

(එහිදී ඔවුන්ට මෙසේ කියනු ලබන්නාහ): “මේවා දැනටමත් ඔබගේ අත්වලින් කර යවන ලද නපුරෙහි ඵලවිපාකයි. නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ගෙන් කිසිවෙකුටත් (දඬුවම වැඩි කර හෝ පින් අඩු කර හෝ) පොඩියක්වත් අපරාධයක් කරන කෙනෙකු නොව”.

وَمِنَ ٱلنَّاسِ مَن يَعْبُدُ ٱللَّهَ عَلَىٰ حَرْفٍۢ ۖ فَإِنْ أَصَابَهُۥ خَيْرٌ ٱطْمَأَنَّ بِهِۦ ۖ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ ٱنقَلَبَ عَلَىٰ وَجْهِهِۦ خَسِرَ ٱلدُّنْيَا وَٱلْءَاخِرَةَ ۚ ذَٰلِكَ هُوَ ٱلْخُسْرَانُ ٱلْمُبِينُ ۝١١

මිනිසුන්ගෙන් සමහරෙක් (තාප්පය මත සිටින බළලෙකු මෙන් විශ්වාසයේ) අද්දර සිටිමින් (ස්ථීරයක් නොමැති තත්වයෙහි) අල්ලාහ්ව නමදින්නාහ. ඔවුන් යම්කිසි හොඳක් අත් කර ගන්නා විට, එමගින් සෑහීමට පත් වන්නාහ. ඔවුන්ට යම්කිසි විපතක් ඇති වුවහොත් නම්, ඔවුන් තමන්ගේ මුහුණු (අල්ලාහ්ගෙන්) පිටතට හරවා ගන්නාහ. මොවුන් මෙලොවදීද, පරලොවදීද පරාජය අත් කර ගත්හ. එයම (සැකයෙන් තොර) පැහැදිලි ඉමහත් පාඩුවක් වන්නේය.

يَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُۥ وَمَا لَا يَنفَعُهُۥ ۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلْبَعِيدُ ۝١٢

මොවුන් තමන්ට යම්කිසි හොඳක් හෝ නරකක් හෝ කිරීමට ශක්තියක් නොමැති අල්ලාහ් නොවන දැය (දෙවියන් යයි) ආරාධනා කරන්නාහ. මෙය ඉතාමත් දුරස්ත දුර්මාර්ගය වන්නේය.

يَدْعُوا۟ لَمَن ضَرُّهُۥٓ أَقْرَبُ مِن نَّفْعِهِۦ ۚ لَبِئْسَ ٱلْمَوْلَىٰ وَلَبِئْسَ ٱلْعَشِيرُ ۝١۳

යහපතක් ඇති වීමට වඩා විපතක් ඇති වීමට කවුරුන් හට හැකියාවක් ඇත්තේද, ඔවුන්ව මොවුන් (තමන්ගේ ආරක්ෂකයින් යයි) ආරාධනා කරන්නාහ. (මොවුන්ගේ) එම ආරක්ෂකයින්ද විනාශ වූහ. ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටින්නන් (වන මොවුන්)ද විනාශ වූහ.

إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۚ إِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يُرِيدُ ۝١٤

නියත වශයෙන්ම කවුරුන් විහ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් ස්වර්ගයන්හි ඇතුළු වීමට සලස්වන්නේය. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින්ම ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් තමන් අදහස් කරන දැය කරන්නේය.

مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ ٱللَّهُ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى ٱلسَّمَآءِ ثُمَّ لْيَقْطَعْ فَلْيَنظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُۥ مَا يَغِيظُ ۝١٥

කවුරුන් (අපගේ දූතයා මත ඊර්ෂ්‍යා කර) ඔහුට අල්ලාහ් මෙලොවදීද, පරලොවදීද නියත වශයෙන්ම උදව් නොකරනු ඇතැයි (තමන්ගේ ඊර්ෂ්‍යාවේ හේතුවෙන්) අදහස් කරන්නේද, ඔහු මුදුන් වහලයේ කඹයක් බැඳ (තොන්ඩුවක්ද දමා, එහි ඛෙල්ල සිරකර) කපා ගෙන, ඊර්ෂ්‍යා කළ (අල්ලාහ්ගේ උදව්ව) තමන්ගේ උපාය මාර්ගයෙන් ඇත්තෙන්ම පහ කර හැරියේදැයි බලනු.

وَكَذَٰلِكَ أَنزَلْنَٰهُ ءَايَٰتٍۭ بَيِّنَٰتٍۢ وَأَنَّ ٱللَّهَ يَهْدِى مَن يُرِيدُ ۝١٦

(මෙම කුර්ආනයෙහි ඇති) මෙවැනි පැහැදිලි ආයාවන් වශයෙන්ම අපි මෙය පහළ කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් තමන් කැමති අයවම (මෙමගින්) ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය.

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلصَّٰبِـِٔينَ وَٱلنَّصَٰرَىٰ وَٱلْمَجُوسَ وَٱلَّذِينَ أَشْرَكُوٓا۟ إِنَّ ٱللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ ۝١۷

විශ්වාසවන්තයින්ද, යුදෙව්වන්ද, සාබියීන්වරුන්ද, ක්‍රිස්තියානුවන්ද, (ගින්දර නමදින) මජූසිවරුන්ද, සමානයන් තබා නමදින්නන්ද, ආදී (සෑම දෙනාම, තමන්ම ඍජු මාර්ගයෙහි සිටින්නන් යයි පවසන්නාහ. එහෙත් කවුරුන් ඍජු මාර්ගයෙහි ඇත්තේය යන්න) මොවුන් අතරේ නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චය දිනදී තීන්දුවක් දෙනු ඇත. (මොවුන්ගේ ක්‍රියාවන්) සියල්ල අල්ලාහ් නියත වශයෙන්ම අවධානය කරමින්ම සිටින්නේය.

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يَسْجُدُ لَهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ وَٱلشَّمْسُ وَٱلْقَمَرُ وَٱلنُّجُومُ وَٱلْجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٌۭ مِّنَ ٱلنَّاسِ ۖ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ ٱلْعَذَابُ ۗ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكْرِمٍ ۚ إِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يَشَآءُ ۩ ۝١۸

(නබියේ!) අහස්හි සිටින්නන්ද, භූමියෙහි සිටින්නන්ද, සූර්යයාද, චන්ද්‍රයාද, තාරුකාද, කඳුද, ගස්ද, සතුන්ද, මිනිසුන්ගෙන් බොහොමයක් දෙනාද නියත වශයෙන්ම අල්ලාහ්ට සුජූද් කර, නමදින්නාහ යන්න ඔබ නොදැක්කෙහිද? එහෙත් වැඩිදෙනෙකු මත දඬුවමම නියම විය. කවුරුන්ව අල්ලාහ් අවමන් කරන්නේද, ඔහුව කිසිවෙකු විසින් හෝ ගෞරව කළ නොහැක. නියත වශයෙන්ම අල්ලාහ් තමන් අදහස් කරන දැයම කරන්නේය.

۞ هَٰذَانِ خَصْمَانِ ٱخْتَصَمُوا۟ فِى رَبِّهِمْ ۖ فَٱلَّذِينَ كَفَرُوا۟ قُطِّعَتْ لَهُمْ ثِيَابٌۭ مِّن نَّارٍۢ يُصَبُّ مِن فَوْقِ رُءُوسِهِمُ ٱلْحَمِيمُ ۝١۹

(දෙවියන්ට අවනත වන්නන් හා දෙවියන්ට වෙනස්කම් කරන්නන් ආදී) මේ දෙකොට්ඨාශයම තමන්ගේ දෙවියන් ගැන තර්ක කරමින් සිටින්නාහ. එබැවින් (ඔවුන්ගෙන්) කවුරුන් (තමන්ගේ දෙවියන්ව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට ගින්නෙන් නිම වූ ඇඳුම් සැලසුම් කර ඇත්තේය. උණු වී නටමින් තිඛෙණ ජලය (ලෝදිය) ඔවුන්ගේ හිස් මත වත් කරනු ලැබේ.

يُصْهَرُ بِهِۦ مَا فِى بُطُونِهِمْ وَٱلْجُلُودُ ۝٢۰

එමගින් ඔවුන්ගේ කුසෙහි ඇති දැයද, (ශරීරය මත ඇති) හම්ද දැවී අඟූරු වී යනු ඇත.

وَلَهُم مَّقَٰمِعُ مِنْ حَدِيدٍۢ ۝٢١

ඔවුන් වෙනුවෙන් යකඩ කදාවන් ඇත. (එමගින් ඔවුන්ට පහර දෙනු ලැබේ).

كُلَّمَآ أَرَادُوٓا۟ أَن يَخْرُجُوا۟ مِنْهَا مِنْ غَمٍّ أُعِيدُوا۟ فِيهَا وَذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ ۝٢٢

මෙම ශෝක (ජනක නිරයෙන්) ඔවුන් පිටමං වීමට අදහස් කරමින් උත්සාහ කරන සෑම විටම, එහි තල්ලූ කරනු ලැබ “දවාලනු ලබන දඬුවම විඳිමින් සිටිනු!” (යයිද කියනු ලැබේ).

إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍۢ وَلُؤْلُؤًۭا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌۭ ۝٢۳

කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් ස්වර්ගයන්හි ඇතූළු කරන්නේය. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින්ම ඇත්තේය. (නැවතත්) රන් වළලූද, මුතු වලින් නිමවූ ආභරණද (ත්‍යාග වශයෙන්) ඔවුන්ට අන්ඳවනු ලැබේ. ඔවුන්ගේ ඇඳුම් නම්, (සුමුදු) පට සේළවලින් නිමවූ ඒවා වන්නේය.

وَهُدُوٓا۟ إِلَى ٱلطَّيِّبِ مِنَ ٱلْقَوْلِ وَهُدُوٓا۟ إِلَىٰ صِرَٰطِ ٱلْحَمِيدِ ۝٢٤

පරිශුද්ධ වූ වදන් (වන කලිමා තයියිබ්) ඔවුන්ට උගන්වනු ලැබ, ඉතාමත් ප්‍රශංසාවට අයත් (දෙවියන්ගේ) මාර්ගයෙහිද ඔවුන්ව (මෙලොවදීද) ඇතුළු කරනු ලබන්නාහ.

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَٱلْمَسْجِدِ ٱلْحَرَامِ ٱلَّذِى جَعَلْنَٰهُ لِلنَّاسِ سَوَآءً ٱلْعَٰكِفُ فِيهِ وَٱلْبَادِ ۚ وَمَن يُرِدْ فِيهِ بِإِلْحَادٍۭ بِظُلْمٍۢ نُّذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍۢ ۝٢٥

නියත වශයෙන්ම කවුරුන් හෝ ප්‍රතික්ෂේප කර, අල්ලාහ්ගේ මාර්ගයෙහි (යාමද) වළක්වා, (මක්කාව වන) එහි වාසය කරන්නන් වුවද, පිටත වාසය කරන්නන් වුවද, මිනිසුන් සියල්ලන්ටම සමාන වන පරිද්දෙන් අපි ඇති කළ පරිශුද්ධ වූ නැමදුම්පළට යාමද වළක්වා, (ධර්මයට) පටහැනිව අපරාධ කිරීමට අදහස් කළහොත් ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම විඳින ලෙසට අපි සලස්වන්නෙමු.

وَإِذْ بَوَّأْنَا لِإِبْرَٰهِيمَ مَكَانَ ٱلْبَيْتِ أَن لَّا تُشْرِكْ بِى شَيْـًۭٔا وَطَهِّرْ بَيْتِىَ لِلطَّآئِفِينَ وَٱلْقَآئِمِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ ۝٢٦

(නබියේ!) ඉබ්රාහීම් වෙනුවෙන් ශුද්ධ වූ ස්ථානය අපි නැමදුම්ස්ථානයක් බවට පත් කර දී, (ඔහුට) “ඔබ මා හට කිසිවෙකුත් සමාන නොකරනු. මගේ (මෙම) නිවස (ස්ථානය) වටා ගමන් කරන්නන්ටද, එහි සිටිමින් නැවී, හිස බිම තබා සුජූද් කර නමදින්නන්ටද එය පරිශුද්ධ කර තබනු” යයි අපි පැවසූ අවස්ථාවේදී

وَأَذِّن فِى ٱلنَّاسِ بِٱلْحَجِّ يَأْتُوكَ رِجَالًۭا وَعَلَىٰ كُلِّ ضَامِرٍۢ يَأْتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٍۢ ۝٢۷

“හජ් සඳහා පැමිණෙන මෙන් ඔබ මිනිසුන්ට නිවේදනයක් නිකුත් කරනු. (ඔවුන්) පා ගමනින්ද ඔබ වෙත එනු ඇත. කෙට්ටු වූ ඔටුවන් මත ඉතාමත් ඈත එපිට සිටද (ඔබ වෙත) පැමිණෙනු ඇත”

لِّيَشْهَدُوا۟ مَنَٰفِعَ لَهُمْ وَيَذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ فِىٓ أَيَّامٍۢ مَّعْلُومَٰتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلْأَنْعَٰمِ ۖ فَكُلُوا۟ مِنْهَا وَأَطْعِمُوا۟ ٱلْبَآئِسَ ٱلْفَقِيرَ ۝٢۸

“(වෙළෙඳාම මගින්) තමන්ගේ ඵල ප්‍රයෝජන අත් කර ගැනීමේ අදහසින්ද එනු ඇත. අල්ලාහ් ඔවුන්ට ලබා දුන් එළු, ගව, ඔටුවන් ආදී දැය ඔහුගේ ශුද්ධ වූ නාමය පවසා, නියමිත දිනයන්හි ඛෙල්ල කපා කුර්බාන් කිරීම සඳහාද, (එහි පැමිණෙනු ඇත. එබැවින් එසේ කුර්බාන් කරන ලද) ඒවායෙන් ඔබත් අනුභව කරනු. දුප්පතුන්ටද, දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් ආදී අයටද ලබා දෙනු.

ثُمَّ لْيَقْضُوا۟ تَفَثَهُمْ وَلْيُوفُوا۟ نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا۟ بِٱلْبَيْتِ ٱلْعَتِيقِ ۝٢۹

පසුව (හිස කෙස් බූගා, නියපොතු කපා, ස්නානය කර) තමන්ගේ කිළිටි පිරිසිදු කර ගනිමින් තමන්ගේ බාරහාරද ඔප්පු කර, ඉපැරණි නැමදුම්පළද (ස්ථානය වටා ගොස්) තවාෆ් කරනු.

ذَٰلِكَ وَمَن يُعَظِّمْ حُرُمَٰتِ ٱللَّهِ فَهُوَ خَيْرٌۭ لَّهُۥ عِندَ رَبِّهِۦ ۗ وَأُحِلَّتْ لَكُمُ ٱلْأَنْعَٰمُ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ ۖ فَٱجْتَنِبُوا۟ ٱلرِّجْسَ مِنَ ٱلْأَوْثَٰنِ وَٱجْتَنِبُوا۟ قَوْلَ ٱلزُّورِ ۝۳۰

මෙසේ අල්ලාහ් ඇති කළ ශුද්ධ වූ වත් පිළිවෙත් කවුරුන් ගෞරව කරන්නේද, ඔහුට එය ඔහුගේ දෙවියන්ගේ සන්නිධානයෙහි ඉතාමත් අගනා සේ අවසන් වනු ඇත. (එළු, ගව, ඔටුවන් ආදී ඔබට අනුභව කළ හැකි) සතුන්ගෙන් ඔබට සමුදීරණය කර පෙන්වන ලද (ඉබේ මැරුණු, ලේ, ඌරන්ගේ මස් මාංශ, අල්ලාහ් නොවන දැයෙහි නාමය කියවා කුර්බාන් කරන ලද) දැය හැර, (අනිත් දැය අනුභව කිරීම) ඔබට සුදුසු (හලාල්)ය. එබැවින් පිළිරූ ආරාධනයෙන් වූ අපිරිසිදු භාවයෙන් ඔබ බේරෙනු. තවද (දෙවියන්ට සමානයන් ඇත යයි) බොරු වදනින්ද ඔබ බේරෙනු.

حُنَفَآءَ لِلَّهِ غَيْرَ مُشْرِكِينَ بِهِۦ ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ ٱلسَّمَآءِ فَتَخْطَفُهُ ٱلطَّيْرُ أَوْ تَهْوِى بِهِ ٱلرِّيحُ فِى مَكَانٍۢ سَحِيقٍۢ ۝۳١

අල්ලාහ්ට කිසිවක් සමානයන් වශයෙන් නොතබා ඔහු කෙනෙකුවම සම්පූර්ණයෙන්ම හිස නවා අවනත වනු. කවුරුන් අල්ලාහ්ට සමානයන් තබන්නෝද, ඔහු අහස්හි සිට (මුණින් අතට) වැටී (කපුටන්, උකුස්සන් වැනි) පක්ෂීන් ඔසවාගෙන ගියාක් මෙන් හෝ නැතහොත් ඉතාමත් ඈතින් සුළඟ ගසාගෙන ගියාක් මෙන් හෝ වන්නේය.

ذَٰلِكَ وَمَن يُعَظِّمْ شَعَٰٓئِرَ ٱللَّهِ فَإِنَّهَا مِن تَقْوَى ٱلْقُلُوبِ ۝۳٢

මෙයම (ඔහුගේ ඉරණම වන්නේය). කවුරුන් අල්ලාහ් විසින් ඇති කරන ලද වත් පිළිවෙත් ගෞරව කරන්නේද, එය ඔහුගේ හෘදයේ පරිශුද්ධභාවය දැනුම් දෙන්නේය.

لَكُمْ فِيهَا مَنَٰفِعُ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ثُمَّ مَحِلُّهَآ إِلَى ٱلْبَيْتِ ٱلْعَتِيقِ ۝۳۳

(කුර්බානිය සඳහා වෙන් කරන ලද එළු, ගව, ඔටුවන් වැනි සතුන්ගේ කිරි පානය කළ හැකිය. ඒ මත සංචාරයද කළ හැකිය. (මෙසේ) නියමිත කාලයක් දක්වා ඔබ ඒවා මගින් ප්‍රයෝජනයක් අත් කර ගත හැකිය. පසුව ඒවා පැරණි නැමදුම්පළ වෙත සේන්දු කළ යුතුය.

وَلِكُلِّ أُمَّةٍۢ جَعَلْنَا مَنسَكًۭا لِّيَذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلْأَنْعَٰمِ ۗ فَإِلَٰهُكُمْ إِلَٰهٌۭ وَٰحِدٌۭ فَلَهُۥٓ أَسْلِمُوا۟ ۗ وَبَشِّرِ ٱلْمُخْبِتِينَ ۝۳٤

අල්ලාහ් ඔවුන්ට ලබා දී තිබුණු එළු, ගව, ඔටුවන් මත ඔහුගේ නාමය කියවන මෙන් සැලැස්වීම සඳහාම සෑම සමූහයකටම කුර්බාන් කිරීම අපි අනිවාර්යය යුතුකමක් බවට පත් කර තිබුණෙමු. එබැවින් ඔබගේ දෙවියන් (එකම) එක්කෙනෙකි. ඔහු එක් කෙනෙකුවම ඔබ සම්පූර්ණයෙන් අවනත වී කටයුතු කරනු. අභ්‍යන්තර බිය ඇති අයට (නබියේ!) ඔබ ශුභාරංචි දෙනු මැනව!

ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَٱلصَّٰبِرِينَ عَلَىٰ مَآ أَصَابَهُمْ وَٱلْمُقِيمِى ٱلصَّلَوٰةِ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ ۝۳٥

ඔවුන් කෙබන්ඳන්දයත් අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය කියනු ලැබුවහොත් ඔවුන්ගේ හෘදයන් බිය වී වෙව්ලනු ඇත. ඔවුන්ට ඇති වන අමාරුකම් ඉවසිලිවන්තව විඳ දරා ගන්නාහ. සලාතයද නොකඩවා ඉටු කරන්නාහ. අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් දානමානද කරන්නාහ.

وَٱلْبُدْنَ جَعَلْنَٰهَا لَكُم مِّن شَعَٰٓئِرِ ٱللَّهِ لَكُمْ فِيهَا خَيْرٌۭ ۖ فَٱذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَيْهَا صَوَآفَّ ۖ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا۟ مِنْهَا وَأَطْعِمُوا۟ ٱلْقَانِعَ وَٱلْمُعْتَرَّ ۚ كَذَٰلِكَ سَخَّرْنَٰهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ ۝۳٦

(කුර්බානිය සඳහා වූ) ඔටුවන්! ඔබ වෙනුවෙන් ඇති කරන ලද අල්ලාහ්ගේ වත් පිළිවෙත් වළින් ඇති දැය වන්නේය. එහි ඔබටම ඉමහත් පින් ඇත. එබැවින් (උගේ වම් පැත්තේ ඉදිරි පාදය බැඳ, අනිත් කකුල් තුණෙන්) සිටීමට සලස්වා අල්ලාහ්ගේ නාමය කියවා ඛෙල්ල කපා (කුර්බාන්) කරනු. එය බිම වැටී (පණ) ගියහොත් එයින් ඔබත් අනුභව කරනු. එය ඉල්ලු අයටද, නොඉල්ලු අයටද ලබා දෙනු. ඔබ කෘතඥ වනු පිණිස, මෙසේ එය ඔබට වසඟ කර දුන්නෙමු.

لَن يَنَالَ ٱللَّهَ لُحُومُهَا وَلَا دِمَآؤُهَا وَلَٰكِن يَنَالُهُ ٱلتَّقْوَىٰ مِنكُمْ ۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا۟ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمْ ۗ وَبَشِّرِ ٱلْمُحْسِنِينَ ۝۳۷

(මෙසේ කුර්බාන් කළා වුවද), උගේ මස් මාංශ හෝ නැතහොත් උගේ ලේ හෝ අල්ලාහ් වෙත ගොස් සේන්දු වන්නේ නැත. ඔබගේ (පරිශුද්ධභාවයද) භය භක්තියම ඔහු වෙත ගොස් සේන්දු වන්නේය. අල්ලාහ් ඔබට ඍජු මාර්ගය දැනුම් දීම වෙනුවෙන් (ඔහුට ඔබ කුර්බානි දී) ඔහුව ඔබ ආඩම්බර කිරීම (පිණිස මෙසේ ඒවා ඔබට වසඟ කර දුන්නේය. නබියේ! මෙසේ කුර්බානි දී), කෘතඥ වන්නන්ට ඔබ ශුභාරංචි දෙනු මැනව!

۞ إِنَّ ٱللَّهَ يُدَٰفِعُ عَنِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ ۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍۢ كَفُورٍ ۝۳۸

නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාසය තැබූවන්ව (ප්‍රතික්ෂේප කරන්නන්ගේ විපත්වලින්) ආරක්ෂා කර ගන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ගුණමකු අපරාධකරුවන් කිසිවෙකුත් ප්‍රිය කරන්නේ නැත.

أُذِنَ لِلَّذِينَ يُقَٰتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا۟ ۚ وَإِنَّ ٱللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ ۝۳۹

(ප්‍රතික්ෂේප කරන්නන් විසින්) අපරාධයන්ට ලක් කරනු ලැබූවන්ට (ඔවුන්ට විරුද්ධව) යුද්ධ කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. නියත වශයෙන්ම අල්ලාහ් මොවුන්ට උදව් කිරීමට බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

ٱلَّذِينَ أُخْرِجُوا۟ مِن دِيَٰرِهِم بِغَيْرِ حَقٍّ إِلَّآ أَن يَقُولُوا۟ رَبُّنَا ٱللَّهُ ۗ وَلَوْلَا دَفْعُ ٱللَّهِ ٱلنَّاسَ بَعْضَهُم بِبَعْضٍۢ لَّهُدِّمَتْ صَوَٰمِعُ وَبِيَعٌۭ وَصَلَوَٰتٌۭ وَمَسَٰجِدُ يُذْكَرُ فِيهَا ٱسْمُ ٱللَّهِ كَثِيرًۭا ۗ وَلَيَنصُرَنَّ ٱللَّهُ مَن يَنصُرُهُۥٓ ۗ إِنَّ ٱللَّهَ لَقَوِىٌّ عَزِيزٌ ۝٤۰

මොවුන් (කෙබන්ඳන්දයත්) අසාධාරණයේ තමන්ගේ නිවෙස්වලින් (සතුරන් විසින්) එළවනු ලැබූවන්ය. අපගේ දෙවියන් අල්ලාහ් එක් කෙනෙකි යයි පැවසීමම මොවුන් කළ වරදක් වන්නේය! මිනිසුන්ගෙන් (අපරාධ කරන) සමහරෙකුව සමහරෙකු මගින් අල්ලාහ් වළක්වා නොහැරියේ නම්, ක්‍රිස්තියානුවන්ගේ නැමදුම්පළවල්ද, ඔවුන්ගේ ආරාමයන්ද, යුදෙව්වන්ගේ නැමදුම්පළවල්ද, අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය අධික වශයෙන් පාරායණය කරන මස්ජිදයන්ද විනාශ කරනු ලබන්නට ඉඩ තිබුණි. අල්ලාහ්ට කවුරුන් උදව් කරන්නේද, ඔහුට නියත වශයෙන්ම අල්ලාහ්ද උදව් කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් බලවන්තයෙකූ හා සියල්ලන්ටම බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

ٱلَّذِينَ إِن مَّكَّنَّٰهُمْ فِى ٱلْأَرْضِ أَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ وَأَمَرُوا۟ بِٱلْمَعْرُوفِ وَنَهَوْا۟ عَنِ ٱلْمُنكَرِ ۗ وَلِلَّهِ عَٰقِبَةُ ٱلْأُمُورِ ۝٤١

(තවද) ඔවුන් කෙබන්ඳයත් අපි ඔවුන්ට භූමියෙහි ආධිපත්‍යය ලබා දුන්නහොත් ඔවුන් සලාතය නොකඩවා සලාත් කරන්නාහ. සකාත්ද දෙනු ඇත. හොඳ දැය මගින් පොළඹවා පාපයන්ගෙන් වළක්වන්නාහ. සියලූ කාරණාවන්ගේ අවසානය අල්ලාහ් වෙතම ඇත්තේය.

وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ وَعَادٌۭ وَثَمُودُ ۝٤٢

(නබියේ!) මොවුන් ඔබව බොරුකාරයා කළහොත් (ඒ ගැන ඔබ කණගාටු නොවනු. මන්දයත්) මොවුන්ට පෙර විසූ නූහුගේ ජනතාවද, ආද්, සමූද් නමැති ජනතාවද, (තමන්ගේ නබිවරුන්ව) නියත වශයෙන්ම බොරුකාරයන් බවටම පත් කළහ.

وَقَوْمُ إِبْرَٰهِيمَ وَقَوْمُ لُوطٍۢ ۝٤۳

(මෙසේම) ඉබ්රාහීම්ගේ ජනතාව (ඉබ්රාහීම්වද), ලුත්ගේ ජනතාව (ලුත්වද බොරුකාරයින් කළහ).

وَأَصْحَٰبُ مَدْيَنَ ۖ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَٰفِرِينَ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ ۝٤٤

(මෙසේම) මද්යන්වාසීන්ද, (තමන්ගේ නබිවරයාව බොරුකාරයා කළහ. මෙසේම) මූසාවද (තම ජනතාව විසින්) බොරුකාරයා බවට පත් කරනු ලැබුවේය. එබැවින් ප්‍රතික්ෂේප කළ මොවුන් සියල්ලන්ටම මා සුළු කාල අවකාශයක් ලබා දී, පසුව ඔවුන්ව මා අල්ලා ගත්තෙමි. (මගේ) දඬුවමේ (භයානකභාවය) කෙසේ තිබුණේදැයි (යන්න ඔබ අවධානය කර බැලූවෙහිද?)

فَكَأَيِّن مِّن قَرْيَةٍ أَهْلَكْنَٰهَا وَهِىَ ظَالِمَةٌۭ فَهِىَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئْرٍۢ مُّعَطَّلَةٍۢ وَقَصْرٍۢ مَّشِيدٍ ۝٤٥

අපරාධකාරයින් වාසය කළ කොපමණදෝ රටවල් අපි විනාශ කර ඇත්තෙමු. එහි මුදුන් වහලවල් කඩා බිඳ දමා විනාශ කර දමා ඇත්තේය. කොපමණදෝ ළිං පාළු වී ඇත්තේය. කොපමණදෝ මාලිගාවන්, ගොඩනැගිලි ආදිය පාළු වී ඇත්තේය.

أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌۭ يَعْقِلُونَ بِهَآ أَوْ ءَاذَانٌۭ يَسْمَعُونَ بِهَا ۖ فَإِنَّهَا لَا تَعْمَى ٱلْأَبْصَٰرُ وَلَٰكِن تَعْمَى ٱلْقُلُوبُ ٱلَّتِى فِى ٱلصُّدُورِ ۝٤٦

ඔවුන් භූමියෙහි ඒ මේ අත සැරිසරා (ඒවා) බැලූවේ නැද්ද? (එසේ බලන්නෙහු නම්), වටහා ගත හැකි හෘදයන් ඔවුන්ට ඇති වන්නට ඉඩ තිබුණි. නැතහොත් (හොඳ ඔවදන්) අසන්නට හැකි සවනද ඔවුන්ට ඇති කරන්නට ඉඩ තිබුණි. නියත වශයෙන්ම ඔවුන්ගේ (පිටස්තර) ඇස් අන්ධ වූවේ නැත. එහෙත් සිත්හි ඇති (ඔවුන්ගේ අභ්‍යන්තර) ඇස්ම අන්ධ විය.

وَيَسْتَعْجِلُونَكَ بِٱلْعَذَابِ وَلَن يُخْلِفَ ٱللَّهُ وَعْدَهُۥ ۚ وَإِنَّ يَوْمًا عِندَ رَبِّكَ كَأَلْفِ سَنَةٍۢ مِّمَّا تَعُدُّونَ ۝٤۷

(නබියේ!) ඔවුන් දඬුවම අසා ඔබ වෙත ඉක්මන් කරන්නාහ. (ඔවුන් කෙරෙහි දඬුවම පහළ කරන බව දැනුම් දුන්) අල්ලාහ්, තම පොරොන්දුවට කිසි විටෙකත් වෙනස්කමක් කරන්නේ නැත. නියත වශයෙන්ම ඔබ ගණනය කරන අවුරුදු දහසක් ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙහි එක දිනකට සම වනු ඇත.

وَكَأَيِّن مِّن قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِىَ ظَالِمَةٌۭ ثُمَّ أَخَذْتُهَا وَإِلَىَّ ٱلْمَصِيرُ ۝٤۸

අපි කාල අවකාශ ලබා දුන් කොපමණදෝ රටවැසියන් (නිවැරදි නොවී) නැවතත් ඔවුන් අපරාධම කිරීමට ඉදිරිපත් වූහ. එබැවින් මා ඔවුන්ව අල්ලා ගත්තෙමි. ඔවුන් (මරණයට පත් වූ පසුද) මා වෙතම පැමිණිය යුතුව ඇත්තේය.

قُلْ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَآ أَنَا۠ لَكُمْ نَذِيرٌۭ مُّبِينٌۭ ۝٤۹

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මිනිසුනේ! මා ඔබට ප්‍රසිද්ධියේ බිය ගන්වා අනතුරු අඟවන්නෙකු (මිස, වෙන කිසිවෙකු නොව)”.

فَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُم مَّغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ ۝٥۰

එබැවින් කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට සමාවද ඇත. ගෞරවණීය ආහාරද ඇත.

وَٱلَّذِينَ سَعَوْا۟ فِىٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَحِيمِ ۝٥١

තවද කවුරුන් අපගේ ආයාවන් ප්‍රතික්ෂේප කරන්නට උත්සාහ කරන්නෝද, ඔවුන් නිරාවාසීන්ය!

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍۢ وَلَا نَبِىٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلْقَى ٱلشَّيْطَٰنُ فِىٓ أُمْنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلْقِى ٱلشَّيْطَٰنُ ثُمَّ يُحْكِمُ ٱللَّهُ ءَايَٰتِهِۦ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ۝٥٢

(නබියේ!) ඔබට පෙර අපි යවන ලද සෑම දූතයෙකුගේම, නබිවරයෙකුගේම කැමැත්තෙහි ෂෙයිතාන් අවුල් වියවුල් ඇති කිරීමට උත්සාහ නොකර සිටියේ නැත. (ඔවුන්ගේ මනසෙහි) ෂෙයිතාන් ඇති කළ වැරදි අදහස අල්ලාහ් පහ කළ පසු, තමන්ගේ ආයාවන් (ඔවුන්ගේ හෘදයන්හි) අල්ලාහ් ස්ථීර කර හරින්නේය. අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

لِّيَجْعَلَ مَا يُلْقِى ٱلشَّيْطَٰنُ فِتْنَةًۭ لِّلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ وَٱلْقَاسِيَةِ قُلُوبُهُمْ ۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَفِى شِقَاقٍۭ بَعِيدٍۢ ۝٥۳

(මෙසේ) ෂෙයිතාන් අවුල් වියවුල් ඇති කිරීම, කවුරුන්ගේ හෘදයන්හි අසනීපය ඇත්තේද, නැතහොත් කවුරුන්ගේ හෘදයන් (ගලක් මෙන්) දැඩිව ඇත්තේද, ඔවුන්ව පිරික්සීමට එක් හේතුවක් බවටද පත් කරන්නේය. තවද නියත වශයෙන්ම අපරාධකාරයින් ඉතාමත් ඈතින් වූ සතුරුකමින්ම සිටින්නාහ.

وَلِيَعْلَمَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ أَنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ فَيُؤْمِنُوا۟ بِهِۦ فَتُخْبِتَ لَهُۥ قُلُوبُهُمْ ۗ وَإِنَّ ٱللَّهَ لَهَادِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ۝٥٤

කවුරුන් හට අධ්‍යාපන දැනුම දෙනු ලැබ ඇත්තෝද, ඔවුන් නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් සත්‍යය යයි ස්ථීරවම දැන, මෙය විශ්වාස කර තමන්ගේ සිත ඇතිවම ඔහුට අවනත වන්නාහ. නියත වශයෙන්ම කවුරුන් (ඇත්තෙන්ම) විශ්වාසය තැබුවෝද, ඔවුන්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය.

وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُوا۟ فِى مِرْيَةٍۢ مِّنْهُ حَتَّىٰ تَأْتِيَهُمُ ٱلسَّاعَةُ بَغْتَةً أَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيمٍ ۝٥٥

ප්‍රතික්ෂේප කරන්නන් විනිශ්චය දිනය පැමිණෙන තුරු, නැතහොත් (දරුණු) දඬුවමට අයත් අභාග්‍යසම්පන්න දිනය ඔවුන් වෙත පැමිණෙන තුරු, මේ ගැන සැකයෙන්ම ගැලී සිටිනු ඇත.

ٱلْمُلْكُ يَوْمَئِذٍۢ لِّلَّهِ يَحْكُمُ بَيْنَهُمْ ۚ فَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فِى جَنَّٰتِ ٱلنَّعِيمِ ۝٥٦

එදිනදී සියලූ බලතල අල්ලාහ්ටම අයත්ය. ඔහුම ඔවුන් අතරේ තීන්දු දෙනු ඇත. කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් ඉතාමත් සුවය දෙන ස්වර්ගයන්හි රැඳී සිටිනු ඇත.

وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَا فَأُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌۭ مُّهِينٌۭ ۝٥۷

කවුරුන් ප්‍රතික්ෂේප කර අපගේ ආයාවන් බොරුකරන්නෝද, ඔවුන්ට අවමන් ගෙන දෙන දඬුවම් ඇත.

وَٱلَّذِينَ هَاجَرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ثُمَّ قُتِلُوٓا۟ أَوْ مَاتُوا۟ لَيَرْزُقَنَّهُمُ ٱللَّهُ رِزْقًا حَسَنًۭا ۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ ۝٥۸

(කවුරුන් තමන්ගේ නිවෙස් අත්හැර දමා) අල්ලාහ්ගේ මාර්ගයෙහි පිටත්ව ගොස් පසුව, (යුද්ධයෙහි) කපනු ලැබ හෝ නැතහොත් මරණයට පත් වන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් අලංකාරවත් (අන්දමට) ආහාර ලබා දෙන්නේය. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් ආහාර ලබා දෙන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයෙකි.

لَيُدْخِلَنَّهُم مُّدْخَلًۭا يَرْضَوْنَهُۥ ۗ وَإِنَّ ٱللَّهَ لَعَلِيمٌ حَلِيمٌۭ ۝٥۹

එබැවින් නියත වශයෙන්ම ඔහු ඔවුන්ව, ඔවුන් කැමති විය හැකි ස්ථානයක සේන්දු කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු හා ඉතාමත් ඉවසිලිවන්තයෙකු වශයෙන් සිටින්නේය.

۞ ذَٰلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِۦ ثُمَّ بُغِىَ عَلَيْهِ لَيَنصُرَنَّهُ ٱللَّهُ ۗ إِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٌۭ ۝٦۰

මේ අන්දමටම (සියලූ කරුණු කාරණා සිදු වනු ඇත). කවුරුන් හෝ තමන්ව (සතුරෙකු) වේදනා කරන ආකාරයටම එතරම් දුරට ඔහුව වේදනා ගෙන දීමෙන් අනතුරුව, නැවතත් ඔහුව (එම සතුරාව) වේදනා කළහොත් නියත වශයෙන්ම අල්ලාහ් (වේදනා කරනු ලැබුවාවූ) ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු හා වැරදි ඉවසා දරා ගන්නෙකු වශයෙන් සිටින්නේය.

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَأَنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌۭ ۝٦١

මෙහි හේතුව නම්, නියත වශයෙන්ම අල්ලාහ් රාත්‍රිය දහවලෙහිද, දහවල රාත්‍රියෙහිද ඇතුළු කිරීමට (බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය). නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල සවන් දෙන්නෙකු හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِۦ هُوَ ٱلْبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ ۝٦٢

නියත වශයෙන්ම අල්ලාහ්ම සත්‍යය වූ දෙවියන්ය. ඔවුන් දෙවියන් යයි ආරාධනා කරන අල්ලාහ් නොවන දැය නියත වශයෙන්ම බොරු දැය වන්නේය (යන්නද), නියත වශයෙන්ම අල්ලාහ්ම ශ්‍රේෂ්ඨයෙකි, (උසස්වන්තයෙකි), ඉමහත් විශාලවන්තයෙකි (යන්නද මෙයට හේතූන් වන්නේය).

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَتُصْبِحُ ٱلْأَرْضُ مُخْضَرَّةً ۗ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٌۭ ۝٦۳

(නබියේ!) ඔබ බැලූවේ නැද්ද? නියත වශයෙන්ම අල්ලාහ්ම වලාකුළෙන් වර්ෂාව වසින්නට සලස්වන්නේය. (එමගින්) භූමිය සශ්‍රීක වන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් කරුණාවන්තයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ ۝٦٤

අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල ඔහුට අයත් දැයයි! නියත වශයෙන්ම අල්ලාහ් (කිසිවෙකුගේ උදව්වක්) අවශ්‍ය නොවන්නෙකු හා ප්‍රශංසාවට හිමි කෙනෙකු වශයෙන් සිටින්නේය.

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِى ٱلْأَرْضِ وَٱلْفُلْكَ تَجْرِى فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ وَيُمْسِكُ ٱلسَّمَآءَ أَن تَقَعَ عَلَى ٱلْأَرْضِ إِلَّا بِإِذْنِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٌۭ رَّحِيمٌۭ ۝٦٥

(නබියේ!) ඔබ බැලූවේ නැද්ද? නියත වශයෙන්ම අල්ලාහ් භූමියෙහි ඇති සියල්ල ඔබට වසඟ කර දී ඇත්තේය. නැව ඔහුගේ නියෝගයට අනුව මුහුදෙහි යාත්‍රා කරන්නේය. තමන්ගේ අනුමැතිය නොමැතිව භූමිය මත අහස නොවැටී ඔහු වළක්වා ගෙන සිටින්නේය. නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන් කෙරෙහි ඉතාමත් ආදරයද කරුණාවද ඇත්තෙකු වශයෙන් සිටින්නේය.

وَهُوَ ٱلَّذِىٓ أَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۗ إِنَّ ٱلْإِنسَٰنَ لَكَفُورٌۭ ۝٦٦

ඔහුම ඔබව උත්පාදනය කළේය. ඔහුම මරණය අත් කර ගන්නා ලෙසටද සලස්වන්නේය. නැවතත් ඔහුම ඔබට පණ දෙන්නේය. එහෙත් නියත වශයෙන්ම මිනිසා ඉතාමත් ගුණමකු කෙනෙකු වශයෙන්ම සිටින්නේය.

لِّكُلِّ أُمَّةٍۢ جَعَلْنَا مَنسَكًا هُمْ نَاسِكُوهُ ۖ فَلَا يُنَٰزِعُنَّكَ فِى ٱلْأَمْرِ ۚ وَٱدْعُ إِلَىٰ رَبِّكَ ۖ إِنَّكَ لَعَلَىٰ هُدًۭى مُّسْتَقِيمٍۢ ۝٦۷

(නබියේ!) සෑම සමූහයක්ම (ඒ ඒ කාලයන්ට සරිලන සේ) ඔවුන්ට නැමදිය යුතු මාර්ගයක් අපි ඇති කර තිබුණෙමු. එබැවින් (ඔබගේ කාලයෙහි ඔබට ඇති කර තිඛෙන) මාර්ගය ගැන ඔවුන් ඔබ සමග තර්ක නොකළ යුතුය. තවද ඔබ, ඔවුන්ව ඔබගේ දෙවියන් (ඇති කළ මාර්ගය) දෙසට ආරාධනා කරනු. නියත වශයෙන්ම ඔබම ඍජු මාර්ගයෙහි සිටින්නෙහිය.

وَإِن جَٰدَلُوكَ فَقُلِ ٱللَّهُ أَعْلَمُ بِمَا تَعْمَلُونَ ۝٦۸

(නබියේ!) නැවතත් ඔවුන් ඔබ සමග තර්ක කළහොත් නම්, (ඔවුන්ට) “ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය”.

ٱللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ۝٦۹

“ඔබ කුමන කාරණාවක් මත (මා සමග) තර්ක කරමින් සිටින්නෙහුද? ඒ ගැන විනිශචය දිනදී අල්ලාහ් ඔබ අතරේ තීන්දුවක් දෙනු ඇත” යයි කියනු මැනව!

أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۗ إِنَّ ذَٰلِكَ فِى كِتَٰبٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ ۝۷۰

(නබියේ!) අහස්හිද, භූමියෙහිද ඇති දැය නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය යන්න ඔබ නොදන්නෙහිද? නියත වශයෙන්ම මේවා සියල්ල (ඔහුගේ සිද්ධියට සටහනක් වන ලව්හුල් මහ්ෆූල් නමැති) පුස්තකයෙහි ඇත්තේය. නියත වශයෙන්ම මෙය අල්ලාහ්ට ඉතාමත් පහසු දැයකි!

وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَٰنًۭا وَمَا لَيْسَ لَهُم بِهِۦ عِلْمٌۭ ۗ وَمَا لِلظَّٰلِمِينَ مِن نَّصِيرٍۢ ۝۷١

(නබියේ!) ඔවුන් අල්ලාහ් නොවන දැය නමදින්නාහ. මෙයට ඔවුන් වෙත (අල්ලාහ්) කිසිම සාධකයක් පහළ කළේ නැත. තවද ඔවුන් වෙත අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ කිසිම සාධකයක්ද නැත. මෙවැනි අපරාධකරුවන්ට (විනිශ්චය දිනදී) උදව් කිරීමට කිසිවෙකුත් නොසිටිනු ඇත.

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا بَيِّنَٰتٍۢ تَعْرِفُ فِى وُجُوهِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلْمُنكَرَ ۖ يَكَادُونَ يَسْطُونَ بِٱلَّذِينَ يَتْلُونَ عَلَيْهِمْ ءَايَٰتِنَا ۗ قُلْ أَفَأُنَبِّئُكُم بِشَرٍّۢ مِّن ذَٰلِكُمُ ۗ ٱلنَّارُ وَعَدَهَا ٱللَّهُ ٱلَّذِينَ كَفَرُوا۟ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ۝۷٢

මොවුන්ට අපගේ පැහැදිලි ආයාවන් සමුදීරණය කර පෙන්වුවහොත් (ඒවා) ප්‍රතික්ෂේප කරන මොවුන්ගේ මුහුණුවල පිළිකුල ඔබ දකින්නෙහිය. අපගේ ආයාවන් ඔවුන්ට සමුදීරණය කර පෙන්වන්නන් කෙරෙහි මොවුන් ඇඟට පනින්නාක් මෙන් (දිස් වන්නේය! එබැවින් මොවුන්ට) ඔබ මෙසේ පවසනු: “මා ඔබට මීටත් වඩා දරුණු කාරණාවක් දැනුම් දෙන්නද? (එය නිරා) ගින්නයි. එයම (ඔබ වැනි) ප්‍රතික්ෂේප කරන්නන්ට අල්ලාහ් පොරොන්දු වී ඇත්තේය. (එය) සේන්දු වන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය”.

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ضُرِبَ مَثَلٌۭ فَٱسْتَمِعُوا۟ لَهُۥٓ ۚ إِنَّ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَن يَخْلُقُوا۟ ذُبَابًۭا وَلَوِ ٱجْتَمَعُوا۟ لَهُۥ ۖ وَإِن يَسْلُبْهُمُ ٱلذُّبَابُ شَيْـًۭٔا لَّا يَسْتَنقِذُوهُ مِنْهُ ۚ ضَعُفَ ٱلطَّالِبُ وَٱلْمَطْلُوبُ ۝۷۳

මිනිසුනේ! ඔබට එක් උපමාවක් කියනු ලැබේ. එය හොඳින් සවන් දෙනු. අල්ලාහ් නොවන කුමන දැයක් ඔබ (දෙවිවරුන් යයි) ආරාධනා කරන්නේද, ඒවා සියල්ල ඒකරාශී වී (උත්සාහ) කළා වුවද, එක් මැස්සෙකුව හෝ නිර්මාණය කළ නොහැක. (මැස්සෙකු නිර්මාණය කිරීම කෙසේ වෙතත්) එක් මැස්සෙකු ඔවුන්ගේ යම්කිසි වස්තුවක් ඇර ගත්තා වුවද, උගෙන් එය බේරා ගැනීමට හෝ ඒවාට නොහැක. (මන්දයත් ඒවා දෙවිවරුන් යයි) ආරාධනා කරන්නන්ද, (ඔවුන් විසින් දෙවිවරුන් යයි) ආරාධනා කරනු ලබන්නන්ද ඛෙලහීනයන්ය!

مَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ لَقَوِىٌّ عَزِيزٌ ۝۷٤

අල්ලාහ්ව ගෞරව කළ යුතු ආකාරයට ඔවුන් ගෞරව කළේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් බලවන්තයෙකු හා සියල්ලට බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

ٱللَّهُ يَصْطَفِى مِنَ ٱلْمَلَٰٓئِكَةِ رُسُلًۭا وَمِنَ ٱلنَّاسِ ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌۭ ۝۷٥

මලායිකාවරුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද, අල්ලාහ් (තමන්ගේ) දූතයින්ව තෝරා ගන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۗ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ ۝۷٦

ඔවුන්ගෙන් පෙර (ඉකුත්ව) ගිය අයවද, ඔවුන්ගෙන් පසු (පැමිණෙන්නට) ඇති අයවද ඔහු හොඳින් දන්නෙකි. සියලූ කාරණා අල්ලාහ් වෙතම ආපසු ගෙන එනු ලැබේ.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱرْكَعُوا۟ وَٱسْجُدُوا۟ وَٱعْبُدُوا۟ رَبَّكُمْ وَٱفْعَلُوا۟ ٱلْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ ۩ ۝۷۷

විශ්වාසවන්තයිනි! ඔබ නැවී, හිස බිම තබා සුජූද් කර, ඔබගේ දෙවියන්ව නමදිනු. හොඳක්ම කරමින් සිටිනු. එමගින් ඔබ ජයග්‍රහණය කළ හැකිය.

وَجَٰهِدُوا۟ فِى ٱللَّهِ حَقَّ جِهَادِهِۦ ۚ هُوَ ٱجْتَبَىٰكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِى ٱلدِّينِ مِنْ حَرَجٍۢ ۚ مِّلَّةَ أَبِيكُمْ إِبْرَٰهِيمَ ۚ هُوَ سَمَّىٰكُمُ ٱلْمُسْلِمِينَ مِن قَبْلُ وَفِى هَٰذَا لِيَكُونَ ٱلرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا۟ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ ۚ فَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَٱعْتَصِمُوا۟ بِٱللَّهِ هُوَ مَوْلَىٰكُمْ ۖ فَنِعْمَ ٱلْمَوْلَىٰ وَنِعْمَ ٱلنَّصِيرُ ۝۷۸

(විශ්වාසවන්තයිනි!) ඔබ අල්ලාහ්ගේ මාර්ගයෙහි උත්සාහ කළ යුතු අන්දමට උත්සාහ කරනු. ඔහුම ඔබව තෝරාගෙන, (උසස් කර තබා) ඇත්තේය. මෙම ධර්මයෙහි අල්ලාහ් ඔබට කිසිම අමාරුකමක් ඇති කළේ නැත. (මෙය) ඔබලාගේ පියා වන ඉබ්රාහීම්ගේ ධර්මය වන්නේය. ඔහුම මීට පෙර ඔබට මුස්ලීම්වරුන් යයි නාමය තැබූ අයයි. මෙ(ම ධර්මයෙ)හිද (ඒ අන්දමටම ඔබට නම් කරනු ලැබ ඇත්තේය. මෙයට අපගේ) මෙම දූතයාම සාක්ෂි වශයෙන් සිටින්නේය. ඔබත් අනිත් මිනිසුන්ට සාක්ෂි වශයෙන් සිටිනු. සලාතය නොඩවා ඉටු කරනු. සකාතයද ගෙවමින් සිටිනු. අල්ලාහ්ව තදින් අල්ලා ගනු. ඔහුම ඔබගේ ආරක්ෂකයාය. ආරක්ෂකයින් සියල්ලන්ගෙන් ඔහුම ඉතාමත් හොඳ අයයි. උදව් කරන්නන්ගෙන්ද ඔහුම ඉතාමත් හොඳ අයයි.