< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِى غَفْلَةٍۢ مُّعْرِضُونَ ۝١

මිනිසුන්ට ඔවුන්ගේ ප්‍රශ්න ගණනය කිරීමේ (දිනය) ළඟා වෙමින්ම ඇත්තේය. එහෙත් ඔවුන් නම්, එය ප්‍රතික්ෂේප කර, කිසි දුකක් නැති අය වශයෙන්ම සිටින්නාහ.

مَا يَأْتِيهِم مِّن ذِكْرٍۢ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا ٱسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ ۝٢

තමන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් අළුතින් යම්කිසි හොඳ ඔවදනක් පැමිණෙන සෑම විටම එය ඔවුන් (විශ්වාස නොකර සමච්චල් කර), සෙල්ලම් කරමින්ම සවන් දුන්හ.

لَاهِيَةًۭ قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا۟ ٱلنَّجْوَى ٱلَّذِينَ ظَلَمُوا۟ هَلْ هَٰذَآ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ ۖ أَفَتَأْتُونَ ٱلسِّحْرَ وَأَنتُمْ تُبْصِرُونَ ۝۳

ඔවුන්ගේ හෘදයන් (සත්‍යය) සිතන්නේම නැත. තවද මෙවැනි අපරාධකාරයින් (අපගේ දූතයා ගැන) “මොහු ඔබ වැනි මිනිසෙකු මිස, වෙන කිමෙක්ද? ඔබ බලා සිටියදීම (ඔහුගේ) සූනියමෙහි (පැටළෙන්නට) පැමිණෙන්නෙහුද?”යි තමන් තුළ රහසින් කතා කර ගන්නාහ.

قَالَ رَبِّى يَعْلَمُ ٱلْقَوْلَ فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ۝٤

“අහස්හි හෝ භූමියෙහි හෝ (රහසින්ද, ප්‍රසිද්ධියේද ඇති) සියලූ වදන් මගේ දෙවියන් හොඳින් දන්නේය යයි (ගෙනහැර දක්වන මෙන් නබිවරයා වෙත) ඔහු කීවේය. (මන්දයත්) ඔහු (සියල්ල) සවන් දෙන්නෙකු වශයෙන් හා හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය.

بَلْ قَالُوٓا۟ أَضْغَٰثُ أَحْلَٰمٍۭ بَلِ ٱفْتَرَىٰهُ بَلْ هُوَ شَاعِرٌۭ فَلْيَأْتِنَا بِـَٔايَةٍۢ كَمَآ أُرْسِلَ ٱلْأَوَّلُونَ ۝٥

(අපගේ ආයාවන් ගැන) “මේවා විසිරී ඇති සිතුවිලි නොවෙද! ඔහුම මේවා බොරුවට මනක්කල්පිත කර ගත්තේය. ඔහු කිවිඳියෙකි. (තම කවි නිර්මාණය කිරීමේ ශක්තියෙන් නිර්මාණය කළ වදන්ය මේවා” යයි පවසන අතර) “පෙර කාලයේදී පැමිණි දූතයින් (ගෙන ආ දැය) මෙන්, මොහුද (අපි කැමති අන්දමට) එක් සාධකයක් අප වෙත ගෙන ආ යුතුය” යයිද පවසන්නාහ.

مَآ ءَامَنَتْ قَبْلَهُم مِّن قَرْيَةٍ أَهْلَكْنَٰهَآ ۖ أَفَهُمْ يُؤْمِنُونَ ۝٦

මොවුන්ට පෙර අපි විනාශ කර දැමූ රටවැසියන්ගෙන් කිසිවෙකුත් (සාධකයන් දුටු පසු) විශ්වාස කළේ නැත. (එසේ තිබියදී) මොවුන්ද විශ්වාස කරන්නට යන්නේ?

وَمَآ أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًۭا نُّوحِىٓ إِلَيْهِمْ ۖ فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ ۝۷

(නබියේ!) ඔබට පෙරත් (ඔබ වැනි) පිරිමින්ම මිස අපි, අපගේ දූතයින් වශයෙන් යැව්වේ නැත. (ඔබට දැනුම් දෙන අන්දමටම අපගේ නියෝගයන්) ඔවුන්ට වහී (මගින්) දැනුම් දුන්නෙමු. එබැවින් (මොවුන්ට ඔබ මෙසේ පවසනු: “මෙය) ඔබ නොදන්නේ නම්, පෙර තිඛෙණ ධර්මය හිමි අයගෙන්වත් විමසා දැන ගනු”.

وَمَا جَعَلْنَٰهُمْ جَسَدًۭا لَّا يَأْكُلُونَ ٱلطَّعَامَ وَمَا كَانُوا۟ خَٰلِدِينَ ۝۸

තවද ඔවුන්ට අපි කිසිම ආහාරයක් අනුභව නොකරන්නට හැකි ශරීරයක් ලබා දුන්නේ නැත. තවද ඔවුන් (භූමියෙහි) සැමදා ජීවත් වන්නන් වශයෙන් ස්ථීරවත්ව සිටියේද නැත.

ثُمَّ صَدَقْنَٰهُمُ ٱلْوَعْدَ فَأَنجَيْنَٰهُمْ وَمَن نَّشَآءُ وَأَهْلَكْنَا ٱلْمُسْرِفِينَ ۝۹

පසුව (ඔවුන්ව බේරා ගන්නා බවට අපි) ඔවුන්ට දුන් පොරොන්දුව සත්‍යය කිරීම පිණිස, ඔවුන්වද අපි කැමති වූ (අනිත්) අයවද බේරාගෙන, සීමාව ඉක්මවූ අයව අපි විනාශ කර දැමුවෙමු.

لَقَدْ أَنزَلْنَآ إِلَيْكُمْ كِتَٰبًۭا فِيهِ ذِكْرُكُمْ ۖ أَفَلَا تَعْقِلُونَ ۝١۰

ඔබට (ප්‍රමාණවත්) හොඳ ඔවදන් ඇති ධර්මයම නියත වශයෙන්ම අපි ඔබට පහළ කර ඇත්තෙමු. (මින් පසුව හෝ) ඔබ දැන ගත යුතු නොවේද?

وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍۢ كَانَتْ ظَالِمَةًۭ وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا ءَاخَرِينَ ۝١١

අපරාධකාරයින් වාසය කළ කොපමණදෝ රටවල් අපි විනාශ කර, සුණු විසුණු කර දැමුවෙමු. ඔවුන්ගෙන් පසු (ඒ ස්ථානයන්හි) වෙනත් ජනතාවන් උත්පාදනය කළෙමු.

فَلَمَّآ أَحَسُّوا۟ بَأْسَنَآ إِذَا هُم مِّنْهَا يَرْكُضُونَ ۝١٢

ඔවුන්ද දඬුවමේ ශබ්දය ඇසූ සැණින් (තමන්ගේ රට ගම අත්හැර දමා) දුවන්නට පටන් ගත්හ.

لَا تَرْكُضُوا۟ وَٱرْجِعُوٓا۟ إِلَىٰ مَآ أُتْرِفْتُمْ فِيهِ وَمَسَٰكِنِكُمْ لَعَلَّكُمْ تُسْـَٔلُونَ ۝١۳

(ඒ අතර අපි ඔවුන්ට) “ඔබ නොදුවනු. ඔබ ඉතාමත් ආඩම්බරව (සැප සම්පත් විඳිමින්) වාසය කළ ඔබගේ නිවෙස් වලටම ඔබ ආපසු යනු. එහි ඔබට හොඳින් සත්කාර කරනු ලැබිය හැකිය!” (යයි පැවසුවෙමු).

قَالُوا۟ يَٰوَيْلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ۝١٤

එයට ඔවුන් “අපගේ විනාශයයි! නියත වශයෙන්ම අපි සීමාව ඉක්මවූ (පාපතරයන් බවට) පත් වූවෙමු” යයි කෑගැසූහ.

فَمَا زَالَت تِّلْكَ دَعْوَىٰهُمْ حَتَّىٰ جَعَلْنَٰهُمْ حَصِيدًا خَٰمِدِينَ ۝١٥

ඔවුන්ගේ එම කෑගැසීම කපා ගනු ලැබූ කුඹුරක් මෙන් (ඔවුන්ව විනාශ කර දමා) නොසෙළවන සේ වාඩි කරවන තුරු දීර්ඝ වනු ඇත.

وَمَا خَلَقْنَا ٱلسَّمَآءَ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَٰعِبِينَ ۝١٦

අහස්ද, භූමියද, ඒවා අතර ඇති දැයද (පුහු) සෙල්ලමක් ස`දහා අපි නිර්මාණය කළේ නැත.

لَوْ أَرَدْنَآ أَن نَّتَّخِذَ لَهْوًۭا لَّٱتَّخَذْنَٰهُ مِن لَّدُنَّآ إِن كُنَّا فَٰعِلِينَ ۝١۷

අපි (පුහු) සෙල්ලක්කාරයෙකු වශයෙන් සිට (සෙල්ලම් කළ යුතුය යයි) අපි අදහස් කර සිටියේ නම්, අප වෙත ඇති (අපට සුදුසු) දැය අපි ගෙන ඇත්තෙමු.

بَلْ نَقْذِفُ بِٱلْحَقِّ عَلَى ٱلْبَٰطِلِ فَيَدْمَغُهُۥ فَإِذَا هُوَ زَاهِقٌۭ ۚ وَلَكُمُ ٱلْوَيْلُ مِمَّا تَصِفُونَ ۝١۸

එසේ නොව! සත්‍යය අසත්‍යය මත වීසි කරන්නෙමු. එය, (එයගේ හිස) කඩා බිඳ දමන්නේය. පසුව එය විනාශ වී යන්නේය. (මෙසේ දෙවියන් ගැන ඔහුට භාර්යයාවන් ඇත යයිද, දරුවන් ඇත යයිද) ඔබ පැවසීමේ හේතුවෙන් ඔබට විනාශයයි!.

وَلَهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَنْ عِندَهُۥ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِۦ وَلَا يَسْتَحْسِرُونَ ۝١۹

අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල ඔහුට අයත් දැයයි! ඔහුගේ සන්නිධානයෙහි සිටිය හැකි (මලායිකාවරුන් වුවද කම් නැත, ඔවුන්ද ඔහුගේ වහලූන්ය!) ඔවුන් ඔහුව නොනැමද ආඩම්බර බස් ෙදාඩන්නට හෝ කම්මැලි හෝ නොවන්නාහ.

يُسَبِّحُونَ ٱلَّيْلَ وَٱلنَّهَارَ لَا يَفْتُرُونَ ۝٢۰

ඔවුන් රාත්‍රිය දහවල නොබලා (සෑම වේලාවන්හිදීම) ඔහුව සුවි ශුද්ධ කර, ප්‍රශංසා කරමින්ම සිටින්නාහ.

أَمِ ٱتَّخَذُوٓا۟ ءَالِهَةًۭ مِّنَ ٱلْأَرْضِ هُمْ يُنشِرُونَ ۝٢١

භූමියෙහි ඇති දැය, මොවුන් දෙවිවරුන් වශයෙන් ඇර ගන්නෙහු නොවෙද! ඒවා (මරණයට පත් වූවන්ට) පණ දෙන්නෙහුද?

لَوْ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ ۝٢٢

අහස්හිද, භූමියෙහිද අල්ලාහ් හැර, වෙනත් දෙවිවරුන් සිටියෙහු නම්, ඒ දෙකම (භේද බින්න වී) විනාශ වී යන්නට ඉඩ තිබුණි. අර්ෂ්හි අධිපති වන අල්ලාහ්, ඔවුන් වර්ණනා කරන (මෙවැනි) ගතිගුණයන්ගෙන් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි.

لَا يُسْـَٔلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْـَٔلُونَ ۝٢۳

ඔහු කරන දැය ගැන (ඇයි කළේ? කුමක් නිසා කළෙහිදැයි?) කිසිවෙකුටත් ඔහුගෙන් ප්‍රශ්න කළ නොහැකිය. (එතරම් නිදහස්, නිවහල්, බලසම්පන්නයෙකි). එහෙත් ඔහු නම්, සියල්ලන්වම (ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන) ප්‍රශ්න කළ හැක්කෙකි.

أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ ءَالِهَةًۭ ۖ قُلْ هَاتُوا۟ بُرْهَٰنَكُمْ ۖ هَٰذَا ذِكْرُ مَن مَّعِىَ وَذِكْرُ مَن قَبْلِى ۗ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ٱلْحَقَّ ۖ فَهُم مُّعْرِضُونَ ۝٢٤

(නබියේ!) මොවුන් අල්ලාහ් නොවන දැය දෙවිවරුන් වශයෙන් ගෙන ඇත්තෙහුද? (එසේ නම්, ඔවුන්ට) “මා සමග සිටින්නන්ගෙන් ධර්මයද, මට පෙර සිටියවුන්ගේ ධර්මයන්ද (එනම් කුර්ආන්, ඉන්ජීල්, තව්රාත්) මෙන්න මේ ඇත්තේය. (අල්ලාහ් නොවන දැය නැමදීමට) ඔබගේ සාක්ෂීන් ඔබ ගෙන එනු” යයි කියනු. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සත්‍යය නොදැන ප්‍රතිෂේප කරන්නාහ.

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِىٓ إِلَيْهِ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدُونِ ۝٢٥

ඔබට පෙර අපි යැවූ දූතයින්ට “නියත වශයෙන්ම මාව මිස, වෙන දෙවියෙකු නැත. එබැවින් මාවම ඔබ නමදිනු” යයි අපි වහී දැනුම් නොදී නැත.

وَقَالُوا۟ ٱتَّخَذَ ٱلرَّحْمَٰنُ وَلَدًۭا ۗ سُبْحَٰنَهُۥ ۚ بَلْ عِبَادٌۭ مُّكْرَمُونَ ۝٢٦

(එසේ තිබියදී) මොවුන් රහ්මාන් (මලායිකාවරුන්ව තමන්ට ගැහැනු) දරුවන් වශයෙන් ඇර ගත්තේය යයි පවසන්නාහ. ඔහු නම්, ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. (මලායිකාවරුන් ඔහුගේ දරුවන්) නොව; (ඔවුන් ඔහුගේ) ගෞරවණීය වහලූන්ය.

لَا يَسْبِقُونَهُۥ بِٱلْقَوْلِ وَهُم بِأَمْرِهِۦ يَعْمَلُونَ ۝٢۷

(ඔහුගේ සන්නිධානයෙහි) මොවුන් කිසිම වචනයක් හෝ විරුද්ධව කතා නොකරන්නාහ. ඔහු කළ නියෝගයන් මොවුන් ඉටු කරමින්ම සිටින්නාහ.

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ٱرْتَضَىٰ وَهُم مِّنْ خَشْيَتِهِۦ مُشْفِقُونَ ۝٢۸

ඔවුන් ඉදිරියේ ඇති දැයද, පසුපසින් ඇති දැයද ඔහු හොඳින් දන්නේය. ඔහු කැමති අයට මිස, වෙන කිසිවෙකුටත් මොවුන් මැදිහත්ව කතා නොකරන්නාහ. ඔහුට බියෙන් වෙව්ලමින්ම සිටින්නාහ.

۞ وَمَن يَقُلْ مِنْهُمْ إِنِّىٓ إِلَٰهٌۭ مِّن دُونِهِۦ فَذَٰلِكَ نَجْزِيهِ جَهَنَّمَ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلظَّٰلِمِينَ ۝٢۹

ඔවුන්ගෙන් කිසිවෙකුත් “අල්ලාහ් හැර, නියත වශයෙන්ම මමත් එක් දෙවියෙකි” යයි පැවසුවහොත් ඔහුට නිරයම අපි ඵලවිපාක බවට දෙන්නෙමු. අපරාධකරුවන්ට (ඔවුන් කවුරුන් වුවද) මේ අන්දමටම අපි ඵලවිපාක දෙන්නෙමු.

أَوَلَمْ يَرَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ كَانَتَا رَتْقًۭا فَفَتَقْنَٰهُمَا ۖ وَجَعَلْنَا مِنَ ٱلْمَآءِ كُلَّ شَىْءٍ حَىٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ ۝۳۰

ආරම්භයේදී එකට එක්කාසු වී තිබුණු අහස්ද, භූමියද අපිම වෙන්කර තැබුවෙමු යන්නද, පණ ඇති සෑම දැයක්ම ජලයෙන් උත්පාදනය කළෙමු යන්නද, මෙම ප්‍රතික්ෂේප කරන්නන් අවධානය කළ යුතු නොවේද? (මෙය) ඔවුන් විශ්වාස නොකරන්නෙහුද?

وَجَعَلْنَا فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًۭا سُبُلًۭا لَّعَلَّهُمْ يَهْتَدُونَ ۝۳١

භූමිය මිනිසුන් සමග ඇල නොවී සිටිනු පිණිස, එහි කඳු අපිම සිටෙව්වෙමු. ඔවුන් (කැමති ස්ථානයකට) යනු පිණිස, එහි විශාලවත් පාරවල්ද අපි ඇති කළෙමු.

وَجَعَلْنَا ٱلسَّمَآءَ سَقْفًۭا مَّحْفُوظًۭا ۖ وَهُمْ عَنْ ءَايَٰتِهَا مُعْرِضُونَ ۝۳٢

අහස ආරක්ෂා සහිත උඩුවියනක් මෙන්ද අපි නිර්මාණය කළෙමු. (මෙසේ තිබියදී) ඒවායේ ඇති සාධකයන්ද ඔවුන් ප්‍රතික්ෂේප කරන්නාහ.

وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلَّيْلَ وَٱلنَّهَارَ وَٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّۭ فِى فَلَكٍۢ يَسْبَحُونَ ۝۳۳

ඔහුම රාත්‍රියද, දහවලද (ඇති කළේය). සූර්යයාද, චන්ද්‍රයාද උත්පාදනය කළේය. මේවා අහසෙහි (තමන්ගේ සීමාවන් තුළ) පිහිනා යන්නේය.

وَمَا جَعَلْنَا لِبَشَرٍۢ مِّن قَبْلِكَ ٱلْخُلْدَ ۖ أَفَإِي۟ن مِّتَّ فَهُمُ ٱلْخَٰلِدُونَ ۝۳٤

(නබියේ!) ඔබට පෙර, කිසිම මිනිසෙකුට අපි මරණයෙන් තොර ජීවිතයක් ඇති කළේ නැත. එබැවින් ඔබ මරණයට පත් වූ පසු මොවුන් සැමදා ජීවත්ව සිටින්නට යන්නෙහුද?

كُلُّ نَفْسٍۢ ذَآئِقَةُ ٱلْمَوْتِ ۗ وَنَبْلُوكُم بِٱلشَّرِّ وَٱلْخَيْرِ فِتْنَةًۭ ۖ وَإِلَيْنَا تُرْجَعُونَ ۝۳٥

සෑම ආත්මයක්ම මරණය අනිවාර්යයෙන්ම අත් විඳින්නාහ. පින් පව් කරන තත්වයෙහි අපි ඔබව (තබා) පිරික්සන්නෙමු. පසුව ඔබ අප වෙතම ගෙන එනු ලබන්නෙහුය.

وَإِذَا رَءَاكَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِى يَذْكُرُ ءَالِهَتَكُمْ وَهُم بِذِكْرِ ٱلرَّحْمَٰنِ هُمْ كَٰفِرُونَ ۝۳٦

(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන් ඔබව දුටුවහොත් “ඔබගේ දෙවිවරුන්ගේ අඩුපාඩුකම් පවසන්නා මොහුද?”යි ඔබව (ගෙනහැර දක්වා තමන් තුළ ඔබ ගැන) සමච්චල් නොකර සිටින්නේ නැත. තවද ඔවුන් නම්, රහ්මාන් (දෙවියන්)ගේ නාමය පැවසීමද පිළිකුල් කරන්නාහ.

خُلِقَ ٱلْإِنسَٰنُ مِنْ عَجَلٍۢ ۚ سَأُو۟رِيكُمْ ءَايَٰتِى فَلَا تَسْتَعْجِلُونِ ۝۳۷

මිනිසා ඉක්මන් වන්නෙකු වශයෙන්ම උත්පාදනය කරනු ලැබ ඇත්තේය. (එබැවින් ඔවුන්ට නබියේ! ඔබ මෙසේ පවසනු: “දඬුවම ගැන වූ) මගේ සාධකයන් ඉතාමත් ඉක්මනින් ඔබට පෙන්වන්නෙමි. ඔබ මා වෙත ඉක්මන් නොවනු”.

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ ۝۳۸

(එම ප්‍රතික්ෂේප කරන්නන් විශ්වාසවන්තයින්ට “දඬුවම පැමිණේවි යයි) ඔබ පැවසීමෙහි සත්‍යවන්තයින් නම්, මෙම පොරොන්දුව කවදා එන්නේද?”යි ඔවුන් විමසන්නාහ.

لَوْ يَعْلَمُ ٱلَّذِينَ كَفَرُوا۟ حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ ٱلنَّارَ وَلَا عَن ظُهُورِهِمْ وَلَا هُمْ يُنصَرُونَ ۝۳۹

තමන්ගේ මුහුණුද, තමන්ගේ පිට කොඳුද නිරා ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට නොහැකිවද, තමන්ට උදව්වට කිසිවෙකුත් නොලැබීද, යන (එම අවස්ථාව) මෙම ප්‍රතික්ෂේප කරන්නන් ස්ථීර වශයෙන් විශ්වාස කළ යුතු නොවේද?

بَلْ تَأْتِيهِم بَغْتَةًۭ فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنظَرُونَ ۝٤۰

එය මොවුන් වෙත ඉතාමත් හදිසියෙන්ම පැමිණ ඔවුන්ව කළබලයට පත් කරනු ඇත. එය එතරම් ගණනයට නොගෙන අත්හැර දැමීමටද ඔවුන්ට නොහැකිය. මොවුන්ට පොඩියක් හෝ අවකාශයක්ද දෙනු නොලැබේ.

وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍۢ مِّن قَبْلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُوا۟ مِنْهُم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ۝٤١

(නබියේ!) ඔබට පෙර පැමිණි (අපගේ) දූතයින්ද (මේ අන්දමටම සතුරන් විසින්) සමච්චල් කරනු ලැබූහ. එබැවින් ඔවුන් සමච්චල් කරමින් සිටි දඬුවම ඔවුන්ව වට කර ගත්හ.

قُلْ مَن يَكْلَؤُكُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ مِنَ ٱلرَّحْمَٰنِ ۗ بَلْ هُمْ عَن ذِكْرِ رَبِّهِم مُّعْرِضُونَ ۝٤٢

(නබියේ! මොවුන්ට) “රාත්‍රියෙහි හෝ දහවලෙහි හෝ පැමිණිය හැකි රහ්මාන්ගේ දඬුවමෙන් ඔබව බේරා ගන්නේ කවරෙක්ද?”යි ඔබ විමසනු. එහෙත් මොවුන් නම්, තමන්ගේ දෙවියන්ව සිහි කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර දැමූහ.

أَمْ لَهُمْ ءَالِهَةٌۭ تَمْنَعُهُم مِّن دُونِنَا ۚ لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنفُسِهِمْ وَلَا هُم مِّنَّا يُصْحَبُونَ ۝٤۳

මොවුන්ව (අපගේ දඬුවමෙන්) වැළැක්වීමට (ශක්තියක් ඇති) දෙවිවරුන්, අපව හැර (වෙන කිසිවෙකුත්) ඇත්තේද? ඔවුන් (මොවුන්ට උදව් කිරිම කෙසේ වෙතත්), තමන්ට තමන්ම උදව් කර ගන්නට හෝ ශක්තියක් නැති දැයයි. එබැවින් අපට විරුද්ධව ඔවුන්ට උදව් කිරීමට හෝ නොහැක.

بَلْ مَتَّعْنَا هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ ٱلْعُمُرُ ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَآ ۚ أَفَهُمُ ٱلْغَٰلِبُونَ ۝٤٤

මොවුන්වද, මොවුන්ගේ මුතුන් මිත්තන්වද (දීර්ඝ කාලයක් දක්වා) සුවය විඳීමට සැලැස්සුවෙමු. එබැවින් මොවුන්ගේ ආයුෂ කාලයද වැඩි විය. (එබැවින් මොවුන් උඞ `ගු වූවෙහුද?) නියත වශයෙන්ම අපි මොවුන් වටා ඇති භූමිය (ක්‍රම ක්‍රමයෙන්) අඩු කර, (මොවුන්ව සිර කර)ගෙනම පැමිණීම, මොවුන් දුටුවේ නැද්ද? මොවුන් අපගෙන් ජයග්‍රහණය කරන්නෙහුද?

قُلْ إِنَّمَآ أُنذِرُكُم بِٱلْوَحْىِ ۚ وَلَا يَسْمَعُ ٱلصُّمُّ ٱلدُّعَآءَ إِذَا مَا يُنذَرُونَ ۝٤٥

(නබියේ! ඔවුන්ට “දඬුවම මගින්) මා ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නේ වහී මගින් මා හට දැනුම් දුන් දැයයි! (මා ස්වයංව කිසිවක් කීවේ නැත)” යයි ඔබ පවසනු. (මොවුන් නම් බිහිරන් මෙන් සිටින්නාහ. එබැවින්) මෙම බිහිරන්ට බිය ගන්වා අනතුරු ඇඟවූවද, එය ඔවුන් (සවන්) නොදෙන්නාහ.

وَلَئِن مَّسَّتْهُمْ نَفْحَةٌۭ مِّنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَٰوَيْلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ۝٤٦

ඔබගේ දෙවියන්ගේ දඬුවමෙහි තිගැස්සීමක් මොවුන්ව ස්පර්ශ කළා වුවද “අපට විනාශයයි! (විනාශයයි!) නියත වශයෙන්ම අපිම අපට හානියක් කර ගත්තෙමු!” යයි කෑගසනු ඇත.

وَنَضَعُ ٱلْمَوَٰزِينَ ٱلْقِسْطَ لِيَوْمِ ٱلْقِيَٰمَةِ فَلَا تُظْلَمُ نَفْسٌۭ شَيْـًۭٔا ۖ وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍۢ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَٰسِبِينَ ۝٤۷

විනිශ්චය දිනදී නිවැරදි තරාදියක්ම අපි සිටුවන්නෙමු. කිසිම ආත්මයකට (යම්කිසිවක් අඩු කර හෝ වැඩි කර හෝ) අපරාධයක් කරනු නොලැබේ. (පින්, පව්) එක් අබ ඇටයක ප්‍රමාණයක් තිබුණා වුවද, එයද (කිරා බැලීමට) ගෙන එන්නෙමු. ගණනය කිරීමට අපිම ප්‍රමාණවත්ය. (වෙන කිසිවෙකුගේ උදව්වක් අපට අවශ්‍ය නැත).

وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ وَهَٰرُونَ ٱلْفُرْقَانَ وَضِيَآءًۭ وَذِكْرًۭا لِّلْمُتَّقِينَ ۝٤۸

(පින්, පව් දෙක) වෙන්කර දැන්විය හැකි ධර්මයම මූසාටද, හාරූන්ටද අපි දී තිබුනෙමු. එය ආලෝකමත්වද, භය භක්තිකයින්ට හොඳ ඔවදනක් වශයෙන්ද තිබුනි.

ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ وَهُم مِّنَ ٱلسَّاعَةِ مُشْفِقُونَ ۝٤۹

(භය භක්තිකයින්) අභ්‍යන්තරයෙන්ද තමන්ගේ දෙවියන්ට බිය වන අතර පරලොව ගැනද ඔවුන් බිය වී වේවලමින්ම සිටිනු ඇත.

وَهَٰذَا ذِكْرٌۭ مُّبَارَكٌ أَنزَلْنَٰهُ ۚ أَفَأَنتُمْ لَهُۥ مُنكِرُونَ ۝٥۰

මෙය (මෙම කුර්ආනය) ඉතාමත් භාග්‍යවන්ත හොඳ ඔවදනක් වන්නේය. මෙය අපිම පහළ කළෙමු. මෙය ඔබ ප්‍රතික්ෂේප කර දමන්නෙහුද?

۞ وَلَقَدْ ءَاتَيْنَآ إِبْرَٰهِيمَ رُشْدَهُۥ مِن قَبْلُ وَكُنَّا بِهِۦ عَٰلِمِينَ ۝٥١

නියත වශයෙන්ම අපි ඉබ්රාහීම්ට දැනටමත් හොඳ බුද්ධියක් දී තිබුණෙමු. (එයට අයත්) ඔහුගේ ගතිගුණ අපි හොඳින් දැන සිටියෙමු.

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَا هَٰذِهِ ٱلتَّمَاثِيلُ ٱلَّتِىٓ أَنتُمْ لَهَا عَٰكِفُونَ ۝٥٢

ඔහු තම පියාටද තම ජනතාවටද “ඔබ (ඉතාමත් උනන්දුවෙන්) නමදිමින් සිටින මෙම පිළිරූ කිමෙක්ද? (කුමක් සඳහා ඔබ මේවා නමදින්නෙහුද?)”යි විමසූ විට

قَالُوا۟ وَجَدْنَآ ءَابَآءَنَا لَهَا عَٰبِدِينَ ۝٥۳

ඔවුන් “අපගේ මුතුන් මිත්තන් මේවා නමදිමින් සිටිනු අපි දුටුවෙමු. (එබැවින් අපිද ඒවා නමදින්නෙමු)” යයි පැවසූහ.

قَالَ لَقَدْ كُنتُمْ أَنتُمْ وَءَابَآؤُكُمْ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ۝٥٤

(එයට) ඔහු “නියත වශයෙන්ම ඔබත්, ඔබගේ මුතුන් මිත්තන්ද පැහැදිලි දුර්මාර්ගයෙහිම සිටියෙහුය” යයි පැවසුවේය.

قَالُوٓا۟ أَجِئْتَنَا بِٱلْحَقِّ أَمْ أَنتَ مِنَ ٱللَّٰعِبِينَ ۝٥٥

එයට ඔවුන් “ඔබ කුමක් හෝ සත්‍යය වූ පුවතක් අප වෙත ගෙනැවිත් සිටින්නෙහිද? නැතහොත් ඔබ සෙල්ලම් කරන්නෙහිද?”යි විමසූහ.

قَالَ بَل رَّبُّكُمْ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ٱلَّذِى فَطَرَهُنَّ وَأَنَا۠ عَلَىٰ ذَٰلِكُم مِّنَ ٱلشَّٰهِدِينَ ۝٥٦

එයට ඔහු “(එසේ) නොව! අහස්ද භූමියද උත්පාදනය කළ දෙවියන්ම ඔබගේ (සත්‍යය වූ) දෙවියන්ය. ඔහුම ඒවා සියල්ල (පෙර නිදසුනක් නොමැතිවම) උත්පාදනය කළ අයයි. මෙයට මම ම ඔබට සාක්ෂි වශයෙන් සිටින්නෙමි” යයි පැවසුවේය.

وَتَٱللَّهِ لَأَكِيدَنَّ أَصْنَٰمَكُم بَعْدَ أَن تُوَلُّوا۟ مُدْبِرِينَ ۝٥۷

(තවද මෙහි සිට) “ඔබ ආපසු හැරී ගිය පසු, අල්ලාහ් මත සත්තකින්ම! ඔබගේ පිළිරූ වලට උපක්‍රමයක් කර හරින්නෙමි” (යයි පැවසුවේය).

فَجَعَلَهُمْ جُذَٰذًا إِلَّا كَبِيرًۭا لَّهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ ۝٥۸

(ඒ අන්දමටම ඔවුන් ගිය පසු) ඒවායෙන් විශාල පිළිරුව හැර, (අනිත්) සියල්ල කෑලි කෑලි වලට කඩා බිඳ දැමුවේය. ඔවුන් (ආපසු පැමිණි පසු මේ සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා) විශාල පිළිරුව වෙත යනු ඇත (යයි එය පමණක් කඩා දැමුවේ නැත).

قَالُوا۟ مَن فَعَلَ هَٰذَا بِـَٔالِهَتِنَآ إِنَّهُۥ لَمِنَ ٱلظَّٰلِمِينَ ۝٥۹

(ආපසු හැරී පැමිණ මෙම සිද්ධිය දුටු) ඔවුන් “අපගේ දෙවිවරුන්ව මේ අන්දමටම කළේ කවරෙක්ද? නියත වශයෙන්ම ඔහු ඉමහත් අපරාධකරුවෙකි” යයි පැවසූහ.

قَالُوا۟ سَمِعْنَا فَتًۭى يَذْكُرُهُمْ يُقَالُ لَهُۥٓ إِبْرَٰهِيمُ ۝٦۰

එයට (ඔවුන්ගෙන් සමහරෙක්) “එක් තරුණයෙකු මේවා ගැන (ෙදාස්) කියමින් සිටිනු අපි සවන් දී ඇත්තෙමු. ඔහුට ඉබ්රාහීම් යන නමින් හඳුන්වනු ලැබේ” යයි පැවසූහ.

قَالُوا۟ فَأْتُوا۟ بِهِۦ عَلَىٰٓ أَعْيُنِ ٱلنَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ ۝٦١

එයට ඔවුන් “එසේ නම්, ඔහුව ජනතාව ඉදිරියට පමුණුවනු. (ඔහු පවසන පිළිතුරට) සියල්ලන්ම සාක්ෂි වශයෙන් සිටිය යුතුය” යයි පැවසූහ.

قَالُوٓا۟ ءَأَنتَ فَعَلْتَ هَٰذَا بِـَٔالِهَتِنَا يَٰٓإِبْرَٰهِيمُ ۝٦٢

(එසේ ඉබ්රාහීම්ව ගෙනැවිත් ඔහුට) “ඕ ඉබ්රාහීම්! අපගේ දෙවිවරුන්ව මෙසේ කළ අය ඔබද?”යි විමසූහ.

قَالَ بَلْ فَعَلَهُۥ كَبِيرُهُمْ هَٰذَا فَسْـَٔلُوهُمْ إِن كَانُوا۟ يَنطِقُونَ ۝٦۳

එයට ඔහු “නැත. මේවායේ විශාල පිළිරුව මෙන්න මෙහි තිඛෙනවා නොවෙද, මෙයයි කරන්නට ඇත්තේ! (කැඩී තිඛෙන) මේවාට කතා කරන්නට හැකි දැය බවට ඇත්තේ නම්, ඒවාගෙන්ම විමසනු!” යයි පැවසුවේය.

فَرَجَعُوٓا۟ إِلَىٰٓ أَنفُسِهِمْ فَقَالُوٓا۟ إِنَّكُمْ أَنتُمُ ٱلظَّٰلِمُونَ ۝٦٤

ඔවුන් (මෙයට පිළිතුරු දීමට නොහැකිව අමිහිරිව) තමන් තුළ (කෙනෙකු අනෙකාට) “නියත වශයෙන්ම ඔබමය (මෙවාට දෙවිවරුන් යයි පවසා) අපරාධ කළේ” යයි කියා ගත්හ.

ثُمَّ نُكِسُوا۟ عَلَىٰ رُءُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَٰٓؤُلَآءِ يَنطِقُونَ ۝٦٥

පසුව (ලැජ්ජාවට පත්ව ටික වෙලාවක්) හිස පහතට හෙළා සිටිමින් (ඉබ්රාහීම්ට) “මේවා කතා නොකරන්නේය යන්න නියත වශයෙන්ම ඔබ දන්නෙහිය! (එසේ තිබියදී මේවායෙන් විමසන මෙන් අප වෙත කෙසේ නම් පවසන්නෙහිද?)”යි පැවසූහ.

قَالَ أَفَتَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكُمْ شَيْـًۭٔا وَلَا يَضُرُّكُمْ ۝٦٦

එයට ඔහු “ඔබට කිසිම හොඳක් හෝ නරකක් හෝ කිරීමට ශක්තියක් නැති අල්ලාහ් නොවන (මේ) දැයද ඔබ නමදින්නේ?

أُفٍّۢ لَّكُمْ وَلِمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ ۖ أَفَلَا تَعْقِلُونَ ۝٦۷

“චී, චී, චී! ඔබට විනාශයයි! ඔබ නමදින අල්ලාහ් නොවන මේ දැයටද විනාශයයි! (කිමෙක්ද, මෙපමණ දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවේද?”යි පැවසුවේය.

قَالُوا۟ حَرِّقُوهُ وَٱنصُرُوٓا۟ ءَالِهَتَكُمْ إِن كُنتُمْ فَٰعِلِينَ ۝٦۸

එයට ඔවුන් (තමන්ගේ මිනිසුන්ට) “ඔබ කුමක් හෝ දැයක් කරන්නෙහු නම්, මොහුව ගින්නේ දමා පුළුස්සා, ඔබගේ දෙවිවරුන් වෙනුවෙන් පළි ගනු” යයි පැවසූහ.

قُلْنَا يَٰنَارُ كُونِى بَرْدًۭا وَسَلَٰمًا عَلَىٰٓ إِبْرَٰهِيمَ ۝٦۹

(ඒ අන්දමටම ඔවුන් ඉබ්රාහීම්ව ගිනි වලකට වීසි කළ විට, ගින්නට) “ඕ ගින්න! ඉබ්රාහීම්ට සුවය දෙන අන්දමට ඔබ සිසිල් වනු!” යයි අපි කීවෙමු.

وَأَرَادُوا۟ بِهِۦ كَيْدًۭا فَجَعَلْنَٰهُمُ ٱلْأَخْسَرِينَ ۝۷۰

ඔවුන් ඉබ්රාහීම්ට හානියක් කිරීමට අදහස් කළහ. එහෙත් අපි ඔවුන්වම පරාජිතයින් බවට පත් කළෙමු.

وَنَجَّيْنَٰهُ وَلُوطًا إِلَى ٱلْأَرْضِ ٱلَّتِى بَٰرَكْنَا فِيهَا لِلْعَٰلَمِينَ ۝۷١

අපි ඔහුවද (ඔහුගේ සහෝදරයාගේ පුත්) ලුත්වද බේරාගෙන, මෙලොවදීම ඉමහත් භාග්‍යය ලත් (බයිතුල් මුකද්දස් නමැති) රටට ගෙනැවිත් සේන්දු කළෙමු.

وَوَهَبْنَا لَهُۥٓ إِسْحَٰقَ وَيَعْقُوبَ نَافِلَةًۭ ۖ وَكُلًّۭا جَعَلْنَا صَٰلِحِينَ ۝۷٢

තවද අපි ඔහුට (ඔහුගේ) ඉල්ලීමක් නොමැතිවම ඉස්හාක්ටද යාකූබ්ටද දයාව පහළ කළෙමු. මොවුන් සියල්ලන්වම හොඳ වහලූන් බවටද අපි පත් කළෙමු.

وَجَعَلْنَٰهُمْ أَئِمَّةًۭ يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَآ إِلَيْهِمْ فِعْلَ ٱلْخَيْرَٰتِ وَإِقَامَ ٱلصَّلَوٰةِ وَإِيتَآءَ ٱلزَّكَوٰةِ ۖ وَكَانُوا۟ لَنَا عَٰبِدِينَ ۝۷۳

තවද අපගේ නියෝගයන් (ජනතාවට) ලබා දී, ඍජු මාර්ගය දැනුම් දිය හැකි ප්‍රධානීන් බවටද මොවුන්ව පත් කළෙමු. තවද දැහැමි කාරණාවන් කරන මෙන්ද, සලාතය නොකඩවා සලාත් කරන මෙන්ද, සකාත් ගෙවමින් සිටින මෙන්ද, මොවුන්ට වහී මගින් අපි දැනුම් දුන්නෙමු. මොවුන් සියල්ලන්ම අපවම නමදිමින් සිටියහ.

وَلُوطًا ءَاتَيْنَٰهُ حُكْمًۭا وَعِلْمًۭا وَنَجَّيْنَٰهُ مِنَ ٱلْقَرْيَةِ ٱلَّتِى كَانَت تَّعْمَلُ ٱلْخَبَٰٓئِثَ ۗ إِنَّهُمْ كَانُوا۟ قَوْمَ سَوْءٍۢ فَٰسِقِينَ ۝۷٤

ලුත්වද (නබිවරයෙකු බවට පත් කර) ඔහුට ඥානයද, අධ්‍යාපනයද ලබා දී, නපුරු කාරණාවන් කරමින් සිටි රටින්ද අපි ඔහුව බේරා ගත්තෙමු. නියත වශයෙන්ම එම රටවැසියන් (මිනිසුන්ගෙන්) ඉතාමත් නපුරු ජනතාවක් වශයෙන්ද, ඉමහත් පාපතරයන් වශයෙන්ද සිටියහ.

وَأَدْخَلْنَٰهُ فِى رَحْمَتِنَآ ۖ إِنَّهُۥ مِنَ ٱلصَّٰلِحِينَ ۝۷٥

අපි ඔහුව අපගේ දයාවෙහි ඇතුළු කළෙමු. නියත වශයෙන්ම ඔහු හොඳ වහලූන්ගෙන් කෙනෙකු වශයෙන්ම සිටියේය.

وَنُوحًا إِذْ نَادَىٰ مِن قَبْلُ فَٱسْتَجَبْنَا لَهُۥ فَنَجَّيْنَٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ ۝۷٦

නූහුවද (නබිවරයෙකු වශයෙන් යැව්වෙමු). ඔහු ඊට පෙර කරමින් සිටි ප්‍රාර්ථනාව ඔහු වෙනුවෙන් අපි බාර ගෙන, ඔහුවද ඔහුගේ පවුලේ උදවියද ඉමහත් අමාරුකමෙන් බේරා ගත්තෙමු.

وَنَصَرْنَٰهُ مِنَ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمَ سَوْءٍۢ فَأَغْرَقْنَٰهُمْ أَجْمَعِينَ ۝۷۷

අපගේ ආයාවන් බොරු කළ ජනතාවට විරුද්ධව ඔහුට අපි උදව් කළෙමු. නියත වශයෙන්ම ඔවුන්ද, ඉතාමත් නපුරු ජනතාවක් වශයෙන්ම සිටියහ. එබැවින් ඔවුන් සියල්ලන්වම (ජල ගැල්මෙහි) ගිල්වා දැමුවෙමු.

وَدَاوُۥدَ وَسُلَيْمَٰنَ إِذْ يَحْكُمَانِ فِى ٱلْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ ٱلْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَٰهِدِينَ ۝۷۸

දාවූද්වද, සුලෙයිමාන්වද (අපගේ දූතයින් වශයෙන් යැව්වෙමු). සමහර ජනතාවගේ එළුවන් (අනුන්ගේ) බෝග රාත්‍රියෙහි උලා කෑම ගැන ඔවුන් තීන්දු දුන් අවස්ථාවේදී, ඔවුන්ගේ තීන්දුව අපි අවධානය කරමින් සිටියෙමු.

فَفَهَّمْنَٰهَا سُلَيْمَٰنَ ۚ وَكُلًّا ءَاتَيْنَا حُكْمًۭا وَعِلْمًۭا ۚ وَسَخَّرْنَا مَعَ دَاوُۥدَ ٱلْجِبَالَ يُسَبِّحْنَ وَٱلطَّيْرَ ۚ وَكُنَّا فَٰعِلِينَ ۝۷۹

විනිශ්චය කිරීමෙහි (දාවුද්ටද, ඔහුගේ පුත් සුලෙයිමාන්ටද අතරේ මත භේද ඇති වූ අවස්ථාවෙදී), අපි සුලෙයිමාන්ට එහි සාධාරණය පැහැදිලි කර දුන්නෙමු. මොවුන් දෙදෙනාටම (තීන්දු දීමේ) දැනුමද, ඥානයද අපි ලබා දී තිබුනෙමු. කඳුද, පක්ෂීන්ද, දාවුද්ට වසඟ කර දුන්නෙමු. ඒවා ඔහු සමග සුවිශුද්ධ කර ගායනා කළහ. අපිම (මේ සියල්ල) කළෙමු.

وَعَلَّمْنَٰهُ صَنْعَةَ لَبُوسٍۢ لَّكُمْ لِتُحْصِنَكُم مِّنۢ بَأْسِكُمْ ۖ فَهَلْ أَنتُمْ شَٰكِرُونَ ۝۸۰

ඔබ (කෙනෙකුට කෙනෙකු) යුද්ධ කරන විට, (සිදු වන හෙල්ල, පිහි ආදියේ තුවාලවලින්) ඔබව බේරා ගත හැකි පළිහ සෑදීමට අපි ඔහුට උගන්වා දුන්නෙමු. මේ වෙනුවෙන් ඔබ කෘතඥ වන්නෙහුද?

وَلِسُلَيْمَٰنَ ٱلرِّيحَ عَاصِفَةًۭ تَجْرِى بِأَمْرِهِۦٓ إِلَى ٱلْأَرْضِ ٱلَّتِى بَٰرَكْنَا فِيهَا ۚ وَكُنَّا بِكُلِّ شَىْءٍ عَٰلِمِينَ ۝۸١

සුලෙයිමාන්ට වේගවත් සුළඟද, (අපි වසඟ කර දුන්නෙමු). එය ඔහුගේ නියෝගයට අනුව භාග්‍යය ලත් රටට (ඔහුව) ගෙන යනු ඇත. සෑම කාරණාවක්ම අපි දැන සිටියෙමු.

وَمِنَ ٱلشَّيَٰطِينِ مَن يَغُوصُونَ لَهُۥ وَيَعْمَلُونَ عَمَلًۭا دُونَ ذَٰلِكَ ۖ وَكُنَّا لَهُمْ حَٰفِظِينَ ۝۸٢

මුහුදෙහි කිමිදී (මුතු, පබළු වැනි දැය ගෙන) ආ හැකි ෂෙයිතාන්වරුන්ව (අපි ඔහුට වසඟ කර දී තිබුනෙමු). මේ හැර, (ඔහුට අවශ්‍යය වූ) බොහොමයක් වැඩ කටයුතුද ඒවා කරමින් සිටියහ. අපිම ඒවා අවධානය කර බලමින් සිටියෙමු.

۞ وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُۥٓ أَنِّى مَسَّنِىَ ٱلضُّرُّ وَأَنتَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ ۝۸۳

අයියූබ්වද, (අපි අපගේ දූතයා වශයෙන් යැව්වෙමු). ඔහු තම දෙවියන්ට “නියත වශයෙන්ම අසනීපයක් මාව පීඩා කරමින් ඇත්තේය. (එය පහ කර හරිනු මැනව!). ඔබ නම්, දයාබරවන්තයින්ගෙන් ඉමහත් දයාබරවන්තයෙකි” යයි ප්‍රාර්ථනා කළ අවස්ථාවේදී;

فَٱسْتَجَبْنَا لَهُۥ فَكَشَفْنَا مَا بِهِۦ مِن ضُرٍّۢ ۖ وَءَاتَيْنَٰهُ أَهْلَهُۥ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةًۭ مِّنْ عِندِنَا وَذِكْرَىٰ لِلْعَٰبِدِينَ ۝۸٤

අපි ඔහුගේ ප්‍රාර්ථනාව බාරගෙන, පීඩා කරමින් තිබූ අසනීපයද පහ කර, ඔහුගේ පවුලද අපි ඔහුට ලබා දී අපගේ දයාවෙන් නැවතත් ඒ වගේම සංඛ්‍යාවක් (ඔහුට පවුලක් වශයෙන්) ලබා දුන්නෙමු. මෙය (අපව) නමදින්නන්ටද (අප වෙත ප්‍රාර්ථනා කරන්නන්ටද) හොඳ වැටහීමක් ලබා දෙන්නක් බවට ඇත්තේය.

وَإِسْمَٰعِيلَ وَإِدْرِيسَ وَذَا ٱلْكِفْلِ ۖ كُلٌّۭ مِّنَ ٱلصَّٰبِرِينَ ۝۸٥

ඉස්මායීල්වද, ඉද්රීස්වද, දුල්කිබ්ලූවද (අපි අපගේ දූතයින් වශයෙන් යැව්වෙමු). මොවුන් සියල්ලන්ම (තමන්ට ඇති වූ අමාරුකම් විඳ දරාගෙන) ඉවසිලිවන්තයින් වශයෙන් සිටියහ.

وَأَدْخَلْنَٰهُمْ فِى رَحْمَتِنَآ ۖ إِنَّهُم مِّنَ ٱلصَّٰلِحِينَ ۝۸٦

එබැවින් මොවුන් සියල්ලන්වම අපගේ දයාවෙහි එක්කාසු කර ගත්තෙමු. මන්දයත් නියත වශයෙන්ම මොවුන් සියල්ලන්ම හොඳ වහලූන්ය.

وَذَا ٱلنُّونِ إِذ ذَّهَبَ مُغَٰضِبًۭا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَىٰ فِى ٱلظُّلُمَٰتِ أَن لَّآ إِلَٰهَ إِلَّآ أَنتَ سُبْحَٰنَكَ إِنِّى كُنتُ مِنَ ٱلظَّٰلِمِينَ ۝۸۷

(යූනුස් නබි වන) දුන්නූන්වද (අපගේ දූතයෙකු බවට පත් කළෙමු. තම ජනතාවගෙන් ඈත් වී) ඔහු කෝපයෙන් යුතුව පිටමං වූ අවස්ථාවේදී, (අපි ඔහුව අල්ලා ගැනීමට) ඔහු කෙරෙහි අපට ශක්තියක් නැතැයි සිතා ගත්තේය. (එබැවින් ඔහුව මාළුවෙකු ගිල ගැනීමට සැලැස්සුවෙමු. මාළුවාගේ කුසේ) අන්ධකාරයේ සිටි ඔහු (අපට) “ඔබ හැර නැමදුමට යුතු හිමියෙකු වෙන කිසිවෙකුත් නැත. ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. නියත වශයෙන්ම මා නම්, අපරාධකරුවන්ගෙන් කෙනෙකු බවට පත් වුනෙමි. (මා හට සමාව දී දයාව පහළ කරනු මැනව!)” යයි ප්‍රාර්ථනා කළේය.

فَٱسْتَجَبْنَا لَهُۥ وَنَجَّيْنَٰهُ مِنَ ٱلْغَمِّ ۚ وَكَذَٰلِكَ نُۨجِى ٱلْمُؤْمِنِينَ ۝۸۸

අපි ඔහුගේ ප්‍රාර්ථනය බාරගෙන, (ඔහුගේ ඉතාමත් දුක්මුසු) දුක්ගැහැට වලින්ද අපි ඔහුව බේරා ගත්තෙමු. මෙසේම (අමාරුකමෙහි පැටළී අප වෙත ප්‍රාර්ථනා කරන) විශ්වාසවන්තයින්වද අපි බේරා ගන්නෙමු.

وَزَكَرِيَّآ إِذْ نَادَىٰ رَبَّهُۥ رَبِّ لَا تَذَرْنِى فَرْدًۭا وَأَنتَ خَيْرُ ٱلْوَٰرِثِينَ ۝۸۹

සැකරියියාවද, (දූතයෙකු වශයෙන් යැව්වෙමු). ඔහු තම දෙවියන්ට “මගේ දෙවියනේ! ඔබ මාව (දරුවන්ගෙන් තොර) තනිකඩයෙකු බවට පත් නොකරනු! ඔබ නම් උරුමක්කාරයින්ගෙන් ඉතාමත් උසස්වන්තයෙකි” යයි ප්‍රාර්ථනා කළ අවස්ථාවේදී.

فَٱسْتَجَبْنَا لَهُۥ وَوَهَبْنَا لَهُۥ يَحْيَىٰ وَأَصْلَحْنَا لَهُۥ زَوْجَهُۥٓ ۚ إِنَّهُمْ كَانُوا۟ يُسَٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَيَدْعُونَنَا رَغَبًۭا وَرَهَبًۭا ۖ وَكَانُوا۟ لَنَا خَٰشِعِينَ ۝۹۰

අපි ඔහුගේ ප්‍රාර්ථනාව බාරගෙන, (වඳභාවයෙහි සිටි) ඔහුගේ භාර්යයාව (ගැබ් ගැනීමට) සුදුස්සියක් බවට පත් කර, යහ්යාව ඔහුට (දරුවෙකු වශයෙන්) ලබා දුන්නෙමු. නියත වශයෙන්ම මොවුන් සියල්ලන්ම දැහැමි කාරණාවන් කිරීමෙහි කෙනෙකුට කෙනෙකු ඉදිරියෙන් සිටියහ. (අපගේ දයාවට) කැමැත්තෙන්ද (දඬුවමට) බියෙන්ද අප වෙත ප්‍රාර්ථනා කරමින් සිටියහ. මොවුන් සියල්ලන්ම අප වෙත මනස තුළින් බිය බැතිමත්වද සිටියහ.

وَٱلَّتِىٓ أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلْنَٰهَا وَٱبْنَهَآ ءَايَةًۭ لِّلْعَٰلَمِينَ ۝۹١

තමන්ගේ පතිවත ආරක්ෂා කර ගත් (මර්යම් නමැත්)තියවද (ඔබ මතක් කර දෙනු. අපගේ දූතයා වන ජිබ්රීල් මගින්) එහි (ඇයගේ ගර්භයෙහි) අපගේ ප්‍රාණයන්ගෙන් (එක් ප්‍රාණයක්) අපි පිම්ඹෙමු. ඇයවද ඇගේ පුතණුවන්වද ලෝකවාසීන්ට එක් සාධකයක් බවටද පත් කළෙමු.

إِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَأَنَا۠ رَبُّكُمْ فَٱعْبُدُونِ ۝۹٢

(විශ්වාසවන්තයිනි!) ඔබ සියල්ලන්ම (එකම ධර්මයක් අනුගමනය කරන) එකම (උම්මත් - සහෝදරත්වයෙන් යුත්) සමූහයකට අයත් අයයි. (මෙහි කිසිම භේදයක් නැත). ඔබ සියල්ලන්ටම දෙවියන් මා එක්කෙනෙකි! එබැවින් මාවම ඔබ නමදිනු.

وَتَقَطَّعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ ۖ كُلٌّ إِلَيْنَا رَٰجِعُونَ ۝۹۳

එහෙත් මොවුන්, තමන් තුළ (භේද බින්න වී) කොටස් ගණනාවකට ඛෙදී ගියහ. මොවුන් සියල්ලන්ම අප වෙත ආපසු පැමිණිය යුතු අයයි.

فَمَن يَعْمَلْ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤْمِنٌۭ فَلَا كُفْرَانَ لِسَعْيِهِۦ وَإِنَّا لَهُۥ كَٰتِبُونَ ۝۹٤

එබැවින් (මොවුන්ගෙන්) කවුරුන් විශ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නෝද, ඔවුන්ගේ උත්සාහය නිශ්ඵල නොවනු ඇත. නියත වශයෙන්ම අපි ඔවුන්ව සටහන් කරමින් සිටින්නෙමු.

وَحَرَٰمٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَٰهَآ أَنَّهُمْ لَا يَرْجِعُونَ ۝۹٥

අපි කුමන රටවැසියන්ව විනාශ කර දැමුවෙමුද, ඔවුන් නියත වශයෙන්ම (ලොවට) කිසි කලෙකත් ආපසු එන්නේම නැත යයි නියම වී ඇත්තේය.

حَتَّىٰٓ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٍۢ يَنسِلُونَ ۝۹٦

යාජූජ්, මාජූජ් සමූහයන්ට මාර්ගය විවෘත කරනු ලැබුවහොත් ඔවුන් සෑම කඳු මුදුනකින්ම (වතුර ගලා එන්නාක් මෙන්) ගලා බැස (ලොවෙහි විවිධ ප්‍රදේශයන්හිද එය ඉතාමත් සීඝ්‍රයෙන් විසිරී) යන්නාහ.

وَٱقْتَرَبَ ٱلْوَعْدُ ٱلْحَقُّ فَإِذَا هِىَ شَٰخِصَةٌ أَبْصَٰرُ ٱلَّذِينَ كَفَرُوا۟ يَٰوَيْلَنَا قَدْ كُنَّا فِى غَفْلَةٍۢ مِّنْ هَٰذَا بَلْ كُنَّا ظَٰلِمِينَ ۝۹۷

(යුග අවසානය ගැන වූ) සත්‍ය පොරොන්දුව ළඟා විය. (එය පැමිණෙන විට, එය දකින) ප්‍රතික්ෂේප කරන්නන්ගේ ඇස් ඇරුණු ඇරුණු ආකාරයටම තිඛෙණු ඇත. (තවද ඔවුන්) ‘අපට විනාශයයි! නියත වශයෙන්ම අපි මේ ගැන කණගාටු නොවන අය වශයෙන්ම හිඳිමින්, අපට අපිම හානියක් කර ගත්තෙමු!” (යයි විළාප නගන්නාහ).

إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَٰرِدُونَ ۝۹۸

(ඒ සමගම ඔවුන්ට) “නියත වශයෙන්ම ඔබත් අල්ලාහ් හැර, (ඔබ) නමදිමින් සිටි දැයද නිරයෙහි දර කොටන් වශයෙන් සිටින්නෙහුය. ඔබ සියල්ලන්ම එහි යා යුතුව ඇත්තේය” (යයි කියනු ලැබේ).

لَوْ كَانَ هَٰٓؤُلَآءِ ءَالِهَةًۭ مَّا وَرَدُوهَا ۖ وَكُلٌّۭ فِيهَا خَٰلِدُونَ ۝۹۹

(ඔවුන් නමදිමින් සිටි) මේවා (සත්‍ය) දෙවිවරුන් වශයෙන් තිබුනේ නම්, නිරයට පැමිණෙන්නේම නැත. එහෙත් ඔවුන් සියල්ලන්ම (නිරයට තල්ලූ කරනු ලැබ) සදාකල් එහි රැඳී සිටිනු ඇත.

لَهُمْ فِيهَا زَفِيرٌۭ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ ۝١۰۰

එහි ඔවුන් ඉකි බිඳ බිඳ (බූරුවෙකු මෙන්) ෙදාඩවනු ඇත. (වෙන කිසිවෙකුගේ ශබ්දයක් හෝ) එහි ඔවුන්ගේ කණට වැටෙන්නේ නැත.

إِنَّ ٱلَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا ٱلْحُسْنَىٰٓ أُو۟لَٰٓئِكَ عَنْهَا مُبْعَدُونَ ۝١۰١

දැනටමත් අප විසින් කවුරුන් හට නියත වශයෙන්ම පින් ලියනු ලැබ ඇත්තේද, ඔවුන් එයින් (එම නිරයෙන්) ඉතාමත් ඈතින් සිටිනු ඇත.

لَا يَسْمَعُونَ حَسِيسَهَا ۖ وَهُمْ فِى مَا ٱشْتَهَتْ أَنفُسُهُمْ خَٰلِدُونَ ۝١۰٢

එහි කරදරකාරී ශබ්දයද ඔවුන් තමන්ගේ කණ්වලින් නොඅසන්නාහ. තවද ඔවුන් තමන් කැමති වන සැප සම්පත් (ස්වර්ගයෙහි) සදාකල් බුක්ති විඳිමින්ම සිටිනු ඇත.

لَا يَحْزُنُهُمُ ٱلْفَزَعُ ٱلْأَكْبَرُ وَتَتَلَقَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ هَٰذَا يَوْمُكُمُ ٱلَّذِى كُنتُمْ تُوعَدُونَ ۝١۰۳

(පරලොවදී ඇති වන) ඉමහත් තිගැස්සීමද ඔවුන්ව දුකට පත් කරන්නේ නැත. (ඒ අතර) මලායිකාවරුන් ඔවුන්ව සාදරයෙන් පිළිගෙන “ඔබට පොරොන්දු දෙන ලද (හොඳ) දිනය මෙයයි” (යයි ශූභාරංචි පවසන්නාහ).

يَوْمَ نَطْوِى ٱلسَّمَآءَ كَطَىِّ ٱلسِّجِلِّ لِلْكُتُبِ ۚ كَمَا بَدَأْنَآ أَوَّلَ خَلْقٍۢ نُّعِيدُهُۥ ۚ وَعْدًا عَلَيْنَآ ۚ إِنَّا كُنَّا فَٰعِلِينَ ۝١۰٤

ලියන ලද ලිපිය හකුළන්නාක් මෙන් අහස හකුළන දිනදී පළමුවැනි වරට අපි ඔවුන්ව උත්පාදනය කළ ආකාරයටම (එදිනදී) අපි (ඔවුන්ට පණ දී) ඔවුන්ව පුනරුත්ථානය කරන්නෙමු. එය අප කෙරෙහි අනිවාර්යයෙන් කළ යුතු පොරොන්දුවක් වන්නේය. නියත වශයෙන්ම අපි (එය) අනිවාර්යයෙන්ම කරන්නෙමු.

وَلَقَدْ كَتَبْنَا فِى ٱلزَّبُورِ مِنۢ بَعْدِ ٱلذِّكْرِ أَنَّ ٱلْأَرْضَ يَرِثُهَا عِبَادِىَ ٱلصَّٰلِحُونَ ۝١۰٥

නියත වශයෙන්ම අපි සබූර් නමැති ධර්මයෙහි හොඳ ඔවදන් වලින් පසු ලියනු ලැබ ඇත්තෙමු. “නියත වශයෙන්ම භූමිය අපගේ වහලූන්ගෙන් හොඳ ගති පැවතුම් ඇත්තවුන්ම උරුමක්කාරයින් වන්නාහ” යය

إِنَّ فِى هَٰذَا لَبَلَٰغًۭا لِّقَوْمٍ عَٰبِدِينَ ۝١۰٦

(දෙවියන්වම) නමදින ජනතාවට නියත වශයෙන්ම මෙහි හොඳ සුභාරංචියක් ඇත්තේය.

وَمَآ أَرْسَلْنَٰكَ إِلَّا رَحْمَةًۭ لِّلْعَٰلَمِينَ ۝١۰۷

(නබියේ!) අපි ඔබව ලෝකවාසී සියල්ලන්ටම එක් වරප්‍රසාදයක් වශයෙන්ම යවා ඇත්තෙමු.

قُلْ إِنَّمَا يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَٰهُكُمْ إِلَٰهٌۭ وَٰحِدٌۭ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ ۝١۰۸

(එබැවින්) ඔබ මෙසේ පවසනු: “මා හට වහී පහළ කර ඇත්තේ ‘ඔබගේ දෙවියන් එකම එක්කෙනෙකි’ යනුවෙන්ය. එබැවින් ඔබ ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නෙහුද?”

فَإِن تَوَلَّوْا۟ فَقُلْ ءَاذَنتُكُمْ عَلَىٰ سَوَآءٍۢ ۖ وَإِنْ أَدْرِىٓ أَقَرِيبٌ أَم بَعِيدٌۭ مَّا تُوعَدُونَ ۝١۰۹

“තවද ඔබ ප්‍රතික්ෂේප කළා වුවද, මා (මගේ දූත මෙහෙවර) ඔබ සියල්ලන්ටම සමාන වන සේ ගෙනහැර දැක්වූවෙමි. ඔබට බිය ගන්වනු ලබන දඬුවම (අනිවාය්‍යයෙන්ම පැමිණෙන්නේය. එහෙත් එය) සමීපයෙහි ඇත්තේද, දුරින් ඇත්තේද යන්න මා නොදන්නෙමි” යයි පවසනු මැනව!.

إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ مِنَ ٱلْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ ۝١١۰

“නියත වශයෙන්ම (මගේ දෙවියන්) ඔබ (මුවින්) ශබ්ද නගා කතා කිරීමද, (ඔබගේ හෘදයන්හි එයට වෙනස්ව) සඟවා තබා ඇති දැයද, දැන ගන්නේය”.

وَإِنْ أَدْرِى لَعَلَّهُۥ فِتْنَةٌۭ لَّكُمْ وَمَتَٰعٌ إِلَىٰ حِينٍۢ ۝١١١

“තවද (මෙතෙක් දඬුවම් නොකර ඔබව) ටික කලක් සුවය බුක්ති විඳින සේ අත්හැර දමා තිබීම, ඔබව පිරික්සුමට ලක් කිරීමටද, නැද්ද යන්න මා නොදන්නෙමි”

قَٰلَ رَبِّ ٱحْكُم بِٱلْحَقِّ ۗ وَرَبُّنَا ٱلرَّحْمَٰنُ ٱلْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ ۝١١٢

(තවද) ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියනේ! (මටත් මෙම ප්‍රතික්ෂේප කරන්නන්ටත් අතරේ) ඔබ සාධාරණ තීන්දුවක් ලබා දෙනු මැනව!” ‘අපේ දෙවියන්ම ඉමහත් දයාබරවන්තයෙකි. ඔබගේ (බොරු) කියමන්වලට විරුද්ධව ඔහු වෙතම උදව් උපකාර ඉල්ලා සිටින්නෙමු”.