< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِّسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِنَّآ أَنزَلْنَٰهُ فِى لَيْلَةِ ٱلْقَدْرِ ۝١

නියත වශයෙන්ම අපි මෙය (මෙම කුර්ආනය ඉතාමත් ගෞරවයෙන් පිරි) ලෙයිලතුල් කද්ර් නමැති එක් රාත්‍රියකදී (පළමුවෙන්ම) පහළ කර තැබුවෙමු.

وَمَآ أَدْرَىٰكَ مَا لَيْلَةُ ٱلْقَدْرِ ۝٢

(නබියේ!) එම ගෞරවයෙන් පිරි රාත්‍රියේ (මහිමය) ඔබ දන්නෙහිද?

لَيْلَةُ ٱلْقَدْرِ خَيْرٌۭ مِّنْ أَلْفِ شَهْرٍۢ ۝۳

ගෞරවයෙන් පිරි එම රාත්‍රිය මාසයන් දහසකට වඩා ඉතාමත් උසස් වන්නේය.

تَنَزَّلُ ٱلْمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍۢ ۝٤

එහි මලායිකාවරුන්ද, (ජිබ්රීල් වන පරිශුද්ධ) ආත්මයද, තම දෙවියන්ගේ නියෝගයට අනුව (සිදු විය යුතු) සියලූ කාරණාවන් සමග පහළ වන්නාහ.

سَلَٰمٌ هِىَ حَتَّىٰ مَطْلَعِ ٱلْفَجْرِ ۝٥

ශාන්තිය හා සමාදානය සමග- (එම රාත්‍රිය) අළුයම් කාලය උදා වන තුරුය.