< السورة السابقة | فهرس السور | السورة التالية >
surah081
At-Takwir (81)
The Overthrowing, makkah, 29 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا ٱلشَّمْسُ كُوِّرَتْ ١
(යුග අවසානය සඳහා) සූර්යයාගේ ආලෝකය මැකී යන විට-
وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتْ ٢
තාරකාවන්ගේ දීප්තිමත් ආලෝකය සිඳී කඩා වැටෙන විට-
وَإِذَا ٱلْجِبَالُ سُيِّرَتْ ۳
කඳු තල්ලූ කර, පාවෙන්නට සලස්වන විට-
وَإِذَا ٱلْعِشَارُ عُطِّلَتْ ٤
(දස මස්) ගැබ්බර ඔටු දෙනුන් සලකන්නට කෙනෙකු නොමැතිව (බැඳ ඇති දැය ලෙහී) ඒ මේ අත විසිරී යන්නට අත්හැර දමන විට-
وَإِذَا ٱلْوُحُوشُ حُشِرَتْ ٥
කැලේ සතුන් (ගම්වල) ඒකරාශී කරනු ලබන විට-
وَإِذَا ٱلْبِحَارُ سُجِّرَتْ ٦
මුහුදු උතුරා (ගොද ගොද ගා) නටන්නට සලස්වන විට-
وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتْ ۷
ජීවීන්ව ඒකරාශී කරනු ලබන විට-
وَإِذَا ٱلْمَوْءُۥدَةُ سُئِلَتْ ۸
පණපිටින් වළලනු ලැබූ ගැහැනු දරුවන්ට
بِأَىِّ ذَنۢبٍۢ قُتِلَتْ ۹
“කුමන වරදක් සඳහා ඔබව (පණපිටින් වළලනු ලැබ) ඝාතනය කරනු ලැබුවෙහුද?”යි විමසනු ලබන්නාහ.
وَإِذَا ٱلصُّحُفُ نُشِرَتْ ١۰
(විනිශ්චය සඳහා මිනිසුන්ගේ) ක්‍රියාකාරකම් ලේඛන දිගහරිනු ලබන විට
وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتْ ١١
අහස (පැළී) ඈත් කරනු ලබන විට-
وَإِذَا ٱلْجَحِيمُ سُعِّرَتْ ١٢
නිරය දවනු ලබන විට-
وَإِذَا ٱلْجَنَّةُ أُزْلِفَتْ ١۳
ස්වර්ගය (අලංකාරවත් කරනු ලැබ), සමීපයට ගෙන එනු ලබන විට-
عَلِمَتْ نَفْسٌۭ مَّآ أَحْضَرَتْ ١٤
සෑම ආත්මයක්ම (පින් හෝ පව් හෝ) තම ඉදිරියේ තිබීම හොඳින් දැන ගනු ඇත.
فَلَآ أُقْسِمُ بِٱلْخُنَّسِ ١٥
(මිනිසුනේ!) වේගයෙන් දිව ගොස් සැඟවී යා හැකි මාර්ගයේම-
ٱلْجَوَارِ ٱلْكُنَّسِ ١٦
නැවත නැවතත් ගමන් කරන ග්‍රහයන් මත සත්තකින්ම!
وَٱلَّيْلِ إِذَا عَسْعَسَ ١۷
ගමන් කරන රාත්‍රිය මතද සත්තකින්ම!
وَٱلصُّبْحِ إِذَا تَنَفَّسَ ١۸
උදා වන අළුයම මත සත්තකින්ම!
إِنَّهُۥ لَقَوْلُ رَسُولٍۢ كَرِيمٍۢ ١۹
නියත වශයෙන්ම (ශුද්ධ වූ කුර්ආනය නමැති) මෙය ඉතාමත් ගෞරවණීය (ජිබ්රීල් නමැති) දේව දූතයෙකු මගින් පවසනු ලැබූවක් වන්නේය.
ذِى قُوَّةٍ عِندَ ذِى ٱلْعَرْشِ مَكِينٍۢ ٢۰
ඔහු ඉතාමත් බලසම්පන්නයෙකි. අර්ෂ්හි හිමි වෙතින් ඉමහත් පදවි අයත් කෙනෙකි.
مُّطَاعٍۢ ثَمَّ أَمِينٍۢ ٢١
(ඔහු එහි සිටින මලායිකාවරුන්-ගෙන්) ප්‍රධානියාය. තවද ඉතාමත් විශ්වාසවන්තයෙකි.
وَمَا صَاحِبُكُم بِمَجْنُونٍۢ ٢٢
(මක්කාවාසීනී! අපගේ දූතයා වන) ඔබගේ මිතුරා පිස්සෙකු නොවන්නේය.
وَلَقَدْ رَءَاهُ بِٱلْأُفُقِ ٱلْمُبِينِ ٢۳
නියත වශයෙන්ම ඔහු (ජිබ්රීල් වන) ඔහුව පැහැදිලි වූ පහළ අහසෙහි ඇත්තෙන්ම දුටුවේය.
وَمَا هُوَ عَلَى ٱلْغَيْبِ بِضَنِينٍۢ ٢٤
ඔහු (ඒ අවස්ථාවේ දුටු) සැඟවුණු දැය (දැනුම් දීමෙහි) මසුරුකම් කරන්නෙකු නොව.
وَمَا هُوَ بِقَوْلِ شَيْطَٰنٍۢ رَّجِيمٍۢ ٢٥
තවද මෙය එළවන ලද ෂෙයිතාන්ගේ වදනක්ද නොව.
فَأَيْنَ تَذْهَبُونَ ٢٦
එබැවින් (මෙය අත්හැර) ඔබ කොහේ නම් දුවන්නෙහුද?
إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَٰلَمِينَ ٢۷
මෙය ලෝකයන් සියල්ලට ඔවදනක්ම මිස, වෙන කිසිවක් නැත.
لِمَن شَآءَ مِنكُمْ أَن يَسْتَقِيمَ ٢۸
ඔබගෙන් කවුරුන් ඍජු මාර්ගයෙහි යාමට කැමති වන අයටද
وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلْعَٰلَمِينَ ٢۹
එහෙත් ලෝකයන්ගේ දෙවියන් වන අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔබ (හොඳ වැටහීමක් ලබා ගැනීමට) කැමති නොවන්නෙහුය.