< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلنَّٰزِعَٰتِ غَرْقًۭا ۝١

(පාපතරයින්ගේ ආත්මය) තදින් උදුරා ගන්නා අය මත සත්තකින්ම!

وَٱلنَّٰشِطَٰتِ نَشْطًۭا ۝٢

(හොඳ අයගේ ආත්මය පහසුවෙන්) අත්පත් කර ගන්නා අය මත සත්තකින්ම!

وَٱلسَّٰبِحَٰتِ سَبْحًۭا ۝۳

(අහසෙහිද, මුහුදෙහිද) අධි වේගයෙන් (පියාඹා) පිහිනා යන අය මත සත්තකින්ම!

فَٱلسَّٰبِقَٰتِ سَبْقًۭا ۝٤

(දෙවියන්ගේ නියෝගය ඉටු කිරීමට) තරඟ කරමින් ඉදිරියට යන අය මතද සත්තකින්ම!

فَٱلْمُدَبِّرَٰتِ أَمْرًۭا ۝٥

සියලූ කාරණාවන්ම (දෙවියන්ගේ නියෝගයට අනුව) පරිපාලනය කරන අය මතද සත්තකින්ම!

يَوْمَ تَرْجُفُ ٱلرَّاجِفَةُ ۝٦

(දරුණු භූමි කම්පාවෙන් භූමිය) දැඩි ලෙස චලනය වන දිනදී,

تَتْبَعُهَا ٱلرَّادِفَةُ ۝۷

(නැවත) නැවතත් ඉන් පසුවද නොකඩවා (බොහොමයක් භූමි චලනයන්) පැමිණෙන (දින අනිවාර්යයෙන්ම යුග අවසානය සිදු වන්නේය).

قُلُوبٌۭ يَوْمَئِذٍۢ وَاجِفَةٌ ۝۸

එදිනදී හෘදයන් සියල්ල තිගැස්සී වෙව්ලමින් තිඛෙණු ඇත.

أَبْصَٰرُهَا خَٰشِعَةٌۭ ۝۹

ඔවුන්ගේ බැල්ම නම්, (බියෙන්) පහත හෙළමින් තිඛෙණු ඇත.

يَقُولُونَ أَءِنَّا لَمَرْدُودُونَ فِى ٱلْحَافِرَةِ ۝١۰

(මෙසේ තිබියදී ප්‍රතික්ෂේප කරන්නන් මෙය ප්‍රතික්ෂේප කර) “අපි (මරණයට පත් වූ පසු) ඇත්තෙන්ම (පණ ලබා දී) කළින් තිබූ තත්වයට ආපසු ගෙන එනු ලබන්නෙමුද?”

أَءِذَا كُنَّا عِظَٰمًۭا نَّخِرَةًۭ ۝١١

“(එයත්) අපි දිරා පත් වී ඇට කටු බවට පත් වූ පසුද, (පණ ලබා දී නැගිට්ටවනු ලබන්නෙමුද?)” යයි පවසන්නාහ.

قَالُوا۟ تِلْكَ إِذًۭا كَرَّةٌ خَاسِرَةٌۭ ۝١٢

“එසේ නම්, එය ඉමහත් අලාභ සහිත ආපසු ගැනීමකි” යයිද ඔවුන් (සමච්චලයෙන් මෙන්) පවසන්නාහ.

فَإِنَّمَا هِىَ زَجْرَةٌۭ وَٰحِدَةٌۭ ۝١۳

(මෙය එසේ සිදු විය හැකි දැයක් නොව යයි ඔවුන්ට දැනෙන්නට ඉඩ ඇත. එහෙත් අපට නම්) එය එක්තරා භයානක චලනයක්, (එක්තරා බලපෑමක් හා භයානක ශබ්දයක්) පමණකි.

فَإِذَا هُم بِٱلسَّاهِرَةِ ۝١٤

එවෙලේම ඔවුන් (සියල්ලන්ම පණ ලැබී නැගිට විත්) එක්තරා ස්ථානයක ඒකරාශී වන්නාහ.

هَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ ۝١٥

(නබියේ!) මූසාගේ පුවත ඔබට ළඟා වූවේද?

إِذْ نَادَىٰهُ رَبُّهُۥ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى ۝١٦

‘තුවා’ නමැති පරිශුද්ධ වූ ඇළට ඔහුගේ දෙවියන් ඔහුව කැඳවා,

ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ ۝١۷

“නියත වශයෙන්ම ෆිර්අව්න් සීමාව ඉක්මවා ගියේය.

فَقُلْ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ ۝١۸

ඔබ ඔහු වෙත ගොස් (ඔහුට “පාපයන්ගෙන් ඈත්ව) ඔබ පරිශුද්ධවන්තයෙකු බවට පත් වීමට කැමැත්තෙහිද?”

وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ ۝١۹

“(එසේ නම්) ඔබ දෙවියන් දෙසට යා හැකි මාර්ගය මා ඔබට දැනුම් දෙන්නෙමි. ‘ඔහුට ඔබ බිය වනු’යි පවසනු” (යයි මූසාට දෙවියන් නියෝග කළේය).

فَأَرَىٰهُ ٱلْءَايَةَ ٱلْكُبْرَىٰ ۝٢۰

(මූසා ඔහු වෙත ගොස් එසේ පවසා) විශාල ප්‍රාතිහාර්යයක්ද ඔහුට පෙන්වූවේය.

فَكَذَّبَ وَعَصَىٰ ۝٢١

එහෙත් ඔහු නම්, (එය) බොරු කර, (ඔහු කියූ දැයට) වෙනස්කම් කළේය.

ثُمَّ أَدْبَرَ يَسْعَىٰ ۝٢٢

පසුව (ඔහුව) ප්‍රතික්ෂේප කර, (ඔහුට විපත් කිරීමටද) උත්සාහ කළේය.

فَحَشَرَ فَنَادَىٰ ۝٢۳

මේ වෙනුවෙන් (තම ජනතාව) ඒකරාශී කර, (ඔවුන්ට) නිවේදනයක්ද නිකුත් කළේය.

فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلْأَعْلَىٰ ۝٢٤

(ඔවුන්ට) “මමයි ඔබට උසස් දෙවියන්” යයිද පැවසුවේය.

فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلْءَاخِرَةِ وَٱلْأُولَىٰٓ ۝٢٥

එබැවින් අල්ලාහ් ඔහුව මෙලොව හා පරලොව දඬුවම මගින් අල්ලා ගත්තේය.

إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةًۭ لِّمَن يَخْشَىٰٓ ۝٢٦

ඇත්තෙන්ම බිය වන්නන්ට මෙහි එක්තරා හොඳ පාඩමක් ඇත්තේය.

ءَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ ٱلسَّمَآءُ ۚ بَنَىٰهَا ۝٢۷

(මිනිසුනේ! හැඩරුව) නිර්මාණයෙහි ඔබ බලවන්තයින්ද? නැතහොත් ඔහු උත්පාදනය කළ අහසද?

رَفَعَ سَمْكَهَا فَسَوَّىٰهَا ۝٢۸

ඔහුම එහි මුදුන ඔසවා එය සැලසුම් කළේය.

وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَىٰهَا ۝٢۹

එබැවින් එහි රාත්‍රිය අන්ධකාර කර, (සූර්යයා මගින්) දහවල එළියට ගෙන, (ආලෝකමත්) කළේය.

وَٱلْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَىٰهَآ ۝۳۰

මින් පසුව ඔහුම භූමිය දිග හැරියේය.

أَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعَىٰهَا ۝۳١

ඔහුම එයින් ජලයද, තණ (බිම්)ද ඉකුත් කරන්නේය.

وَٱلْجِبَالَ أَرْسَىٰهَا ۝۳٢

කඳුද ඔහුම එහි ස්ථීරවත් කළේය.

مَتَٰعًۭا لَّكُمْ وَلِأَنْعَٰمِكُمْ ۝۳۳

ඔබටද ඔබගේ සතුන්ටද ප්‍රයෝජනවත් විය හැකි දැයද (එහි නිර්මාණය කළේය).

فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلْكُبْرَىٰ ۝۳٤

(විනිශ්චය දින) ඉමහත් වූ විපත පැමිණියහොත්-

يَوْمَ يَتَذَكَّرُ ٱلْإِنسَٰنُ مَا سَعَىٰ ۝۳٥

මිනිසා කළ සෑම දැයක්ම එදිනදී ඔහුගේ මතකයට නැගෙනු ඇත.

وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِمَن يَرَىٰ ۝۳٦

බලන්නෙකුට (පෙණෙන අන්දමට) නිරය ඉදිරියට ගෙනැවිත් තබනු ඇත.

فَأَمَّا مَن طَغَىٰ ۝۳۷

කවුරුන් සීමාව ඉක්මවා (විනිශ්චය දිනය ප්‍රතික්ෂේප කර)

وَءَاثَرَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ۝۳۸

මෙලොව ජීවිතය තෝරා ගත්තේද

فَإِنَّ ٱلْجَحِيمَ هِىَ ٱلْمَأْوَىٰ ۝۳۹

නියත වශයෙන්ම ඔහු රැදෙන ස්ථානය නිරයයි.

وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفْسَ عَنِ ٱلْهَوَىٰ ۝٤۰

කවුරුන් තම දෙවියන්ගේ සන්නිධානයෙහි (ප්‍රශ්න කිරීම සඳහා නැගී සිටීම) ගැන බිය වී (පහත් වර්ගයේ ශරීර) ආශාවන්ගෙන් ඈත්ව තමන්ව වළක්වා ගත්තේද-

فَإِنَّ ٱلْجَنَّةَ هِىَ ٱلْمَأْوَىٰ ۝٤١

නියත වශයෙන්ම ඔහු රැදෙන ස්ථානය ස්වර්ගයයි.

يَسْـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا ۝٤٢

(නබියේ!) විනිශ්චය දිනය ගැන එය කවදා එන්නේදැයි ඔබගෙන් ඔවුන් විමසන්නාහ.

فِيمَ أَنتَ مِن ذِكْرَىٰهَآ ۝٤۳

ඒ ගැන ඔබ මතක් කර (දීම මිස, පවසන්නට) ඇත්තේ කුමක්ද?

إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ ۝٤٤

එහි අවසානය නම්, ඔබ දෙවියන් වෙතම ඇත්තේය.

إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخْشَىٰهَا ۝٤٥

ඒ ගැන බිය වන්නන්ට නියත වශයෙන්ම ඔබ බියගන්වා අනතුරු අඟවන්නෙකු (මිස, වෙන කිසිවෙකු නොව. එය පැමිණෙන සමයද, කාලයද දැන්වීම ඔබගේ යුතුකමක් නොව).

كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوٓا۟ إِلَّا عَشِيَّةً أَوْ ضُحَىٰهَا ۝٤٦

එය ඔවුන් (දෑසින්) දකින දිනදී සවස හෝ නැතහොත් උදේ හෝ එක අල්ප මොහොතක් මිස, (මෙලොවදී) රැඳී සිටියේ නැත යයිම ඔවුන්ට දැනෙනු ඇත.