< السورة السابقة | فهرس السور | السورة التالية >
surah051
Adh-Dhaariyat (51)
The Winnowing Winds, makkah, 60 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلذَّٰرِيَٰتِ ذَرْوًۭا ١
(මුහුදු ජලය වාශ්ප වශයෙන්) විසුරුවා හරින සුළි සුළං මතද,
فَٱلْحَٰمِلَٰتِ وِقْرًۭا ٢
(එම ජල-වාශ්ප) උසුළන වලාකුළු මතද,
فَٱلْجَٰرِيَٰتِ يُسْرًۭا ۳
(විවිධ ප්‍රදේශයන්ටද එය) පහසුවෙන් දරාගෙන යන වලාකුළු මතද,
فَٱلْمُقَسِّمَٰتِ أَمْرًا ٤
එය (භූමියෙහි විවිධ ප්‍රදේශයන්හි) ඛෙදා වෙන්කර හරින දැය මතද සත්තකින්ම!
إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌۭ ٥
(ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක දෙනු ලබන්නේය යයි) ඔබට දෙනු ලැබූ පොරොන්දුව නියත වශයෙන්ම සත්‍යයකි.
وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٌۭ ٦
නියත වශයෙන්ම (ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාක අනිවාර්යයෙන්ම දෙනු ලැබේ.
وَٱلسَّمَآءِ ذَاتِ ٱلْحُبُكِ ۷
(තාරකාවන්ගේ) මාර්ගයන්ගෙන් යුත් අහස මත සත්තකින්ම!
إِنَّكُمْ لَفِى قَوْلٍۢ مُّخْتَلِفٍۢ ۸
නියත වශයෙන්ම ඔබ (දිව්රුමෙහි) වෙනස්කම් ඇති කරමින් කතා කරන්නෙහුය.
يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ ۹
(දැනටමත් අල්ලාහ්ගේ සිතුවිල්ලට අනුව) හරවනු ලැබූ අයම දිව්රුමෙන් ඈතට හරවනු ලබන්නේය.
قُتِلَ ٱلْخَرَّٰصُونَ ١۰
බොරු කියන්නන් විනාශම වන්නාහ.
ٱلَّذِينَ هُمْ فِى غَمْرَةٍۢ سَاهُونَ ١١
ඔවුන් (තමන්ගේ) මෝඩකම නිසා (විනිශ්චය දිනය) අමතක කර දැමූහ.
يَسْـَٔلُونَ أَيَّانَ يَوْمُ ٱلدِّينِ ١٢
“ඵලවිපාක දෙන දිනය කවදා එන්නේද?”යි ඔවුන් (සමච්චලයෙන් මෙන්) විමසන්නාහ.
يَوْمَ هُمْ عَلَى ٱلنَّارِ يُفْتَنُونَ ١۳
(එදින) ඔවුන්ව ගින්නෙන් දවා වද දෙන දිනයයි.
ذُوقُوا۟ فِتْنَتَكُمْ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ ١٤
(ඔවුන්ට) “ඔබගේ පිරික්සුම විඳ බලනු. (කවදා එන්නේදයි) ඔබ ඉක්මන් වෙමින් සිටින්නෙහුද, එය මෙයයි” (යයිද කියනු ලැබේ).
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍۢ وَعُيُونٍ ١٥
නියත වශයෙන්ම භය භක්තිකයින් ස්වර්ගයන්හිද, දිය දහරා වලද සිටිනු ඇත.
ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ ١٦
ඔවුන් තමන්ගේ දෙවියන් ඔවුන්ට දෙන දැය (තෘප්තියෙන් යුතුව) ලබා ගන්නාහ. නියත වශයෙන්ම ඔවුන් මීට පෙර පින් ඇති දැය කරන්නන් වශයෙන්ම සිටියහ.
كَانُوا۟ قَلِيلًۭا مِّنَ ٱلَّيْلِ مَا يَهْجَعُونَ ١۷
ඔවුන් රාත්‍රී කාලයන්හි ඉතාමත් සුළු (කාලයක්) මිස, නිදා ගන්නේ නැත.
وَبِٱلْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ ١۸
ඔවුන් අළුයම් කාලයෙහි (නැගිට දෙවියන් නමැද, තමන්ගේ දෙවියන් වෙතින්) සමාව ඉල්ලමින් සිටිනු ඇත.
وَفِىٓ أَمْوَٰلِهِمْ حَقٌّۭ لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ ١۹
ඔවුන්ගේ වස්තූවෙන් (කට ඇර හිඟමන්) ඉල්ලන්ටද, නොඉල්ලන්ටද පංගුවක් ඇත. (සියල්ලන්ටම දානමාන කරනු ඇත).
وَفِى ٱلْأَرْضِ ءَايَٰتٌۭ لِّلْمُوقِنِينَ ٢۰
ස්ථීර (වශයෙන් විශ්වාස) කළ අයට භූමියෙහි (බොහෝ) සාධකයන් ඇත්තේය.
وَفِىٓ أَنفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ ٢١
ඔබ ඇතුළුවද (බොහෝ සාධකයන් ඇත. ඒවා) ඔබ අවධානය කර බැලිය යුතු නොවේද?
وَفِى ٱلسَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ ٢٢
ඔබගේ ආහාරද, (තවද) ඔබට පොරොන්දු දෙන ලද දැයද අහසෙහි ඇත්තේය.
فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِنَّهُۥ لَحَقٌّۭ مِّثْلَ مَآ أَنَّكُمْ تَنطِقُونَ ٢۳
අහස් හා භූමියෙහි දෙවියන් මත සත්තකින්ම! (ඔබගේ වදන්) ඔබම පවසන්නෙහුය යන්නෙහි (සැකයක් නොමැතිව) ඇත්තාක් මෙන් නියත වශයෙන්ම මෙය (මෙම කුර්ආනයෙහි ඇති සියල්ල) සත්‍යය වන්නේය.
هَلْ أَتَىٰكَ حَدِيثُ ضَيْفِ إِبْرَٰهِيمَ ٱلْمُكْرَمِينَ ٢٤
(නබියේ!) ඉබ්රාහීම්ගේ ඉතාමත් ගෞරවයෙන් පිරි අමුත්තන්ගේ පුවත ඔබට ළඟා වී ඇත්තේද?
إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَٰمًۭا ۖ قَالَ سَلَٰمٌۭ قَوْمٌۭ مُّنكَرُونَ ٢٥
ඔවුන් ඔහු වෙත පැමිණි අවස්ථාවේදී (ඔහුට “අස්සලාමු අලෙයිකුම් - ඔබට) ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි පැවසූහ. එයට (ඉබ්රාහීම් “ඔබටත්) ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි පවසා, ‘(මොවුන් අපි) නාඳුණන ජනතාවක් වශයෙන් සිටින්නේය!’ (යයි තම මනස තුළින් සිතා ගනිමින්)
فَرَاغَ إِلَىٰٓ أَهْلِهِۦ فَجَآءَ بِعِجْلٍۢ سَمِينٍۢ ٢٦
ඉක්මනින්ම තම නිවැසියන් වෙත ගොස් තරබාරු වසු පැටවෙකුගේ (බදින ලද) මස් ටිකක් ගෙනැවිත්, එය ඔවුන් ඉදිරියේ තැබුවේය.
فَقَرَّبَهُۥٓ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ ٢۷
(එය ඔවුන් අනුභව කළේ නැත. එබැවින් ඔවුන්ට) “ඔබ අනුභව කරන්නේ නැද්ද?”යි විමසුවේය.
فَأَوْجَسَ مِنْهُمْ خِيفَةًۭ ۖ قَالُوا۟ لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٍۢ ٢۸
(පසුවත් අනුභව නොකරමින් සිටිනු දුටු) මොහුට ඔවුන් ගැන බියක් ඇති විය. (මෙය දැන ගත් ඔවුන් “ඕ ඉබ්රාහීම්!) ඔබ බිය නොවනු” යයි පවසා, (ඉස්හාක් නමැති) ඉතාමත් ඥානයෙන් යුත් පුතෙකුගෙන් ඔහුට සුභාරංචි පැවසූහ.
فَأَقْبَلَتِ ٱمْرَأَتُهُۥ فِى صَرَّةٍۢ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌۭ ٢۹
(මෙයට සවන් දුන්) ඔහුගේ බිරිඳ (සාරා) ශබ්ද නගා (සිනාසෙමින්) ඔවුන් ඉදිරියට පැමිණ තම මුහුණෙහි (කම්මුල්) පහරවල් ගසා ගනිමින් “(මා නම් කිසිවක් කර කියා ගත නොහැකි) නාකි ගැහැනියකි. (එයිනුත්) වඳ ගැහැනියකි. (කෙසේ නම් මා හට දරුවෙකු ලැඛෙන්නේද?)”යි පැවසුවාය.
قَالُوا۟ كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُۥ هُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ ۳۰
එයට ඔවුන් “මේ අන්දමටම ඔබගේ දෙවියන් පවසන්නේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ඥානවන්තයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකුද වන්නේය” යයි පැවසූහ.
۞ قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ ۳١
(පසුව ඉබ්රාහීම් මලායිකාවරුන්ට) “දූතයිනි! ඔබගේ කාරණාව කුමක්ද? (කුමක් නිසා ඔබ මෙහි පැමිණියෙහුද?)”යි විමසුවේය.
قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍۢ مُّجْرِمِينَ ۳٢
එයට ඔවුන් මෙසේ පැවසූහ: “නියත වශයෙන්ම අපි (ඉමහත්) වැරදි කරන (ලුත්ගේ) ජනයා වෙත යවනු ලැබ ඇත්තෙමු.
لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةًۭ مِّن طِينٍۢ ۳۳
අපි ඔවුන් කෙරෙහි මැටියෙන් තනා (පුළුස්සන) ලද ගල් කැට වීසි කිරීම සඳහා (යවනු ලැබ ඇත්තෙමු)”.
مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ ۳٤
“එය ඔබගේ දෙවියන් වෙතම සීමාව ඉක්මවූ අයගේ (නාමයන් ලියනු ලැබ), සළකුණු කරන ලද ගල්” (යයිද පැවසූහ).
فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ ٱلْمُؤْمِنِينَ ۳٥
එබැවින් (ඔවුන් දැන ගැනීමට පෙරම එම රටේ සිටි) විශ්වාසය තැබූවන්ව එයින් අපි පිටත් කර හැරියෙමු”.
فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍۢ مِّنَ ٱلْمُسْلِمِينَ ۳٦
එහෙත් එහි (ලුත්ගේ) එක් නිවැසියෙකු හැර.
وَتَرَكْنَا فِيهَآ ءَايَةًۭ لِّلَّذِينَ يَخَافُونَ ٱلْعَذَابَ ٱلْأَلِيمَ ۳۷
(දෙවියන්ට අවනත වූ) මුස්ලිම් කිසිවෙකුත් අපි දුටුවේ නැත. වේදනා ගෙන දෙන දඬුවමට බිය වන්නන්ට එහි එක් පාඩමක් අපි අත්හැර තිබුණි.
وَفِى مُوسَىٰٓ إِذْ أَرْسَلْنَٰهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَٰنٍۢ مُّبِينٍۢ ۳۸
මූසාගේ (ඉතිහාසයෙහි)ද (එක් පාඩමක්) ඇත්තේය. පැහැදිලි ප්‍රාතිහාර්යයක් සමග ෆිර්අව්න් වෙත ඔහුව අපි යැවූ අවස්ථාවේදී
فَتَوَلَّىٰ بِرُكْنِهِۦ وَقَالَ سَٰحِرٌ أَوْ مَجْنُونٌۭ ۳۹
ඔහු තමන්ගේ ප්‍රධානීන් සමග (ඔහුව) ප්‍රතික්ෂේප කර, “(මොහු එක්තරා) සූනියම්කාරයෙකි. නැතහොත් පිස්සෙකි” යයි පැවසුවේය.
فَأَخَذْنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَٰهُمْ فِى ٱلْيَمِّ وَهُوَ مُلِيمٌۭ ٤۰
එබැවින් ඔහුවද, ඔහුගේ සේනාවන්ද, අපි අල්ලා මුහුදෙහි වීසි කර දැමුවෙමු. ඔහු (සැමදා) අවමානයට ලක් වූවේය.
وَفِى عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ ٱلرِّيحَ ٱلْعَقِيمَ ٤١
ආද් (නමැති ජනයා)ගෙන්ද (එක් පාඩමක් ඇත). ඔවුන් වෙත අපි විනාශකාරී සුළඟක් යැවූ අවස්ථාවේදී,
مَا تَذَرُ مِن شَىْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَٱلرَّمِيمِ ٤٢
එය වැදුනු සියල්ල දූවිළි (බවට පත් කර විසිරී) නොයා හැරියේ නැත.
وَفِى ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا۟ حَتَّىٰ حِينٍۢ ٤۳
සමූද් (නමැති ජනයා)ගෙන්ද (එක් පාඩමක් ඇත). “ඔබ එක් කාලයක් දක්වා සුවසේ ජීවත්ව සිටිනු” යයි ඔවුන්ට කියනු ලැබීමට
فَعَتَوْا۟ عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ ٱلصَّٰعِقَةُ وَهُمْ يَنظُرُونَ ٤٤
ඔවුන් තමන්ගේ දෙවියන්ගේ නියෝගයන් කඩ කළහ. එබැවින් ඔවුන් (තමන්ව විනාශ කර දැමීමට පැමිණි වලාකුළ) බලාගෙන සිටියදීම, ඔවුන්ව එක් හෙණ හඞක් අල්ලා ගත්තේය.
فَمَا ٱسْتَطَٰعُوا۟ مِن قِيَامٍۢ وَمَا كَانُوا۟ مُنتَصِرِينَ ٤٥
එබැවින් ඔවුන්ට සිට ගැනීමටද නොහැකි විය. (වාඩි වීමටද නොහැකි විය). අපගෙන් පළි ගැනීමටද නොහැකි විය. (සිටි අන්දමටම විනාශ වී ගියහ).
وَقَوْمَ نُوحٍۢ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ قَوْمًۭا فَٰسِقِينَ ٤٦
(මොවුන් සියල්ලන්ටම) කළින් (මරණයට පත් වූ) නූහුගේ ජනයාවද (විනාශ කර දැමුවෙමු). නියත වශයෙන්ම ඔවුන්ද පාපයන් කරන ජනතාවක් වශයෙන්ම සිටියහ.
وَٱلسَّمَآءَ بَنَيْنَٰهَا بِأَيْي۟دٍۢ وَإِنَّا لَمُوسِعُونَ ٤۷
(කිසිවෙකුගේ උදව්වක් නොමැතිව) අපගේ ශක්තිය මගින්ම අහස නිර්මාණය කළෙමු. නියත වශයෙන්ම අපි (එය ඔවුන්ගේ බුද්ධියට හසු නොවන සේ) අති විශාලවත් අන්දමටම තබා ඇත්තෙමු.
وَٱلْأَرْضَ فَرَشْنَٰهَا فَنِعْمَ ٱلْمَٰهِدُونَ ٤۸
තවද භූමිය අපි (විශාලවත් අන්දමට) දිග හැරියෙමු. ඉතාමත් උසස් අන්දමට දිග හරින්නා (අපිමය).
وَمِن كُلِّ شَىْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ ٤۹
සෑම වස්තුවක්ම (පිරිමින්, ගැහැනුන්ගෙන් වූ) ජෝඩු ජෝඩු වශයෙන්ම අපි උත්පාදනය කර ඇත්තෙමු. (මෙමගින්) ඔබ හොඳ වැටහීමක් ලබා ගනු මැනව!
فَفِرُّوٓا۟ إِلَى ٱللَّهِ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌۭ مُّبِينٌۭ ٥۰
එබැවින් (පාපයන්ගෙන් ඈත් වී) අල්ලාහ් දෙසට ඔබ ඉක්මනින් දිව යනු. නියත වශයෙන්ම මා ඔහු වෙතින් ඔබට පැහැදිලි අන්දමටම බියගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන් සිටින්නෙමි.
وَلَا تَجْعَلُوا۟ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌۭ مُّبِينٌۭ ٥١
(නැමදුම සඳහා) අල්ලාහ් සමග වෙන කිසිම (ව්‍යාජ) දෙවියෙකු එක්කාසු නොකරනු. නියත වශයෙන්ම මා ඔහු වෙතින් ඔබට (මේ ගැනද) පැහැදිලිව බියගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන් සිටින්නෙමි.
كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبْلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُوا۟ سَاحِرٌ أَوْ مَجْنُونٌ ٥٢
මේ අන්දමටම ඔවුන්ට පෙර විසූ අයද (ඔවුන් වෙත) කුමන දූතයෙකු පැමිණියා වුවද, (ඔහුට) ‘සූනියම්කාරයා’ නැතහොත් ‘පිස්සෙකු’ යයි ඔවුන් නොකියා සිටියේ නැත.
أَتَوَاصَوْا۟ بِهِۦ ۚ بَلْ هُمْ قَوْمٌۭ طَاغُونَ ٥۳
මෙසේ (කියන අන්දමටම) ඔවුන් තමන් තුළ (පරම්පරාවෙන්ම) කෙනෙකුට කෙනෙකු දේශනා කරමින් පැමිණියාක් මෙන්ය! නොඑසේය! ඔවුන් (ස්වභාවෙන්ම) අපරාධකාර ජනතාවක් වශයෙන් සිටින්නාහ.
فَتَوَلَّ عَنْهُمْ فَمَآ أَنتَ بِمَلُومٍۢ ٥٤
(නබියේ!) ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමනු. (ඔවුන් ප්‍රතික්ෂේප කිරීම ගැන) ඔබව නින්දා කරනු නොලබන්නෙහිය.
وَذَكِّرْ فَإِنَّ ٱلذِّكْرَىٰ تَنفَعُ ٱلْمُؤْمِنِينَ ٥٥
(නබියේ!) ඔබ හොඳ ඔවදන් දෙනු (මැනව!). මන්දයත් නියත වශයෙන්ම හොඳ ඔවදන් විශ්වාසවන්තයින්ට ප්‍රයෝජනවත් වනු ඇත.
وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ ٥٦
(මට අවනත වී මාව) නැමදීමට මිස ජින්වරුන්වද, මිනිසුන්වද මා උත්පාදනය කළේ නැත.
مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍۢ وَمَآ أُرِيدُ أَن يُطْعِمُونِ ٥۷
ඔවුන් වෙතින් මා කිසිම වස්තුවක් කැමති වූයේ නැත. තවද (මට) ආහාර ලබා දෙමින් සිටින මෙන්ද කැමති වූයේ නැත.
إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلْقُوَّةِ ٱلْمَتِينُ ٥۸
(නබියේ! ඔබ මෙසේ පවසනු): නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලන්ටම) අහාර ලබා දෙන්නෙකු හා සසළ කළ නොහැකි බලසම්පන්නයෙකුද වන්නේය.
فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ ذَنُوبًۭا مِّثْلَ ذَنُوبِ أَصْحَٰبِهِمْ فَلَا يَسْتَعْجِلُونِ ٥۹
මෙම අපරාධකාරයින්ගේ මිතුරන්ට තිබූ (පින් පව් මැන බැලිය හැකි) තරාදි පඩිය මෙන්ම, නියත වශයෙන්ම මොවුන්ටද තරාදි පඩි ඇත. (ඒවා පිරුණු වහාම දඬුවම මගින් මොවුන්ව අල්ලා ගන්නෙමු). එබැවින් ඔවුන්ට (දඬුවම සඳහා මා වෙත) ඉක්මන් නොවනු.
فَوَيْلٌۭ لِّلَّذِينَ كَفَرُوا۟ مِن يَوْمِهِمُ ٱلَّذِى يُوعَدُونَ ٦۰
(විනිශ්චය සඳහා පාපතරයන් වන) ඔවුන්ට පොරොන්දු වන ලද ඔවුන්ගේ දිනදී මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට විනාශයයි.