< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَوْفُوا۟ بِٱلْعُقُودِ ۚ أُحِلَّتْ لَكُم بَهِيمَةُ ٱلْأَنْعَٰمِ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ غَيْرَ مُحِلِّى ٱلصَّيْدِ وَأَنتُمْ حُرُمٌ ۗ إِنَّ ٱللَّهَ يَحْكُمُ مَا يُرِيدُ ۝١

විශ්වාසවන්තයිනි! ඔබ (ඔබගේ) ගිවිසුම් පූරණ වශයෙන් ඉටු කරනු. (තවද) ඔබට (මින් පසු) කියනු ලබන දැය හැර, (වෙනත්) සිවුපා සතුන් ඔබට අනුමැතිය (හලාල්) දෙනු ලැබ ඇත්තේය. (ඒවා ඕනෑම අවස්ථාවකදී අනුභව කළ හැකිය. දඩයම් කළ හැකිය. එහෙත්) ඔබ ඉහ්රාම් (හජ් වන්ඳනාවේදී අඳින ඇඳුම) හැඳ සිටින අවස්ථාවේදී (මේවා) දඬයම් කිරීම ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් තමන් කැමති දැය (ඔබට) නියෝග කරන්නේය.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُحِلُّوا۟ شَعَٰٓئِرَ ٱللَّهِ وَلَا ٱلشَّهْرَ ٱلْحَرَامَ وَلَا ٱلْهَدْىَ وَلَا ٱلْقَلَٰٓئِدَ وَلَآ ءَآمِّينَ ٱلْبَيْتَ ٱلْحَرَامَ يَبْتَغُونَ فَضْلًۭا مِّن رَّبِّهِمْ وَرِضْوَٰنًۭا ۚ وَإِذَا حَلَلْتُمْ فَٱصْطَادُوا۟ ۚ وَلَا يَجْرِمَنَّكُمْ شَنَـَٔانُ قَوْمٍ أَن صَدُّوكُمْ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ أَن تَعْتَدُوا۟ ۘ وَتَعَاوَنُوا۟ عَلَى ٱلْبِرِّ وَٱلتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا۟ عَلَى ٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ۝٢

විශ්වාසවන්තයිනි! (ඔබ ඉහ්රාම් හැඳ සිටින අවස්ථාවේදී ඔබට ඇති කර ඇති) අල්ලාහ්ගේ ධර්ම සළකුණුද (රජබ්, දුල්කඅදා, දුල්හජ්ජි,මුහර්රම් ආදී) පරිශුද්ධ කරන ලද මාසයන්ද (හජ්හි) කුර්බානීන්ද (කුර්බාන් සඳහා) සළකුණු කරන ලද දැයද, තමන්ගේ දෙවියන්ගේ දයාවද, ශුද්ධ වූ සොම්නසද අත් කර ගැනීමේ අදහසින් ගෞරවනීය නැමදුම්පළ බලාපොරොත්තුවෙන් යන අයවද, ඔබ (අවමන් කිරීම) සුදුසු දැයක් බවට පත් කර නොගනු. ඔබ, (ඔබගේ) ඉහ්රාමයෙන් පහ වී ගියහොත් (අනුමැතිය දෙනු ලැබූ දැයෙන්) ඔබට දඬයම් කළ හැකිය. ගෞරවනීය මස්ජිදයට (නැමදුම්පළට) නොයන සේ ඔබව වැළැක්වූ ජනතාව කෙරෙහි (ඔබ අතරේ) ජාතිවාදීව (ඔවුන් කෙරෙහි) ඔබ සීමාව ඉක්මවා යාමට ඔබව පොළඹවා නොසිටිය යුතුය. තවද දැහැමියටද, (අල්ලාහ්ගේ) බියටද ඔබ කෙනෙකුට කෙනෙකු උදව් වශයෙන් සිටිනු. පාපයටද අපරාධයටද ඔබ කෙනෙකුට කෙනෙකු උදව්වට නොසිටිනු. අල්ලාහ්ටම ඔබ බිය වනු. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දරුණු කෙනෙකු වශයෙන් සිටින්නේය.

حُرِّمَتْ عَلَيْكُمُ ٱلْمَيْتَةُ وَٱلدَّمُ وَلَحْمُ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ وَٱلْمُنْخَنِقَةُ وَٱلْمَوْقُوذَةُ وَٱلْمُتَرَدِّيَةُ وَٱلنَّطِيحَةُ وَمَآ أَكَلَ ٱلسَّبُعُ إِلَّا مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى ٱلنُّصُبِ وَأَن تَسْتَقْسِمُوا۟ بِٱلْأَزْلَٰمِ ۚ ذَٰلِكُمْ فِسْقٌ ۗ ٱلْيَوْمَ يَئِسَ ٱلَّذِينَ كَفَرُوا۟ مِن دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَٱخْشَوْنِ ۚ ٱلْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِى وَرَضِيتُ لَكُمُ ٱلْإِسْلَٰمَ دِينًۭا ۚ فَمَنِ ٱضْطُرَّ فِى مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍۢ لِّإِثْمٍۢ ۙ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ۝۳

(විශ්වාසවන්තයිනි! ඉබේ) මැරුණු, ලේ, ඌරු මස්, අල්ලාහ් නොවන දැයෙහි නම් පවසනු ලැබූ දැය ආදියද, ඛෙල්ල මිරිකා මැරුණු දැයද, පහර වැදී මැරුණු, (ඉහළ සිට) වැටී මිය ගිය දැයද, අං වලින් අනිනු ලැබ මැරුණු, (සිංහ දත්, වීර නියපොතු වලින් යුත් මස් බුදින සතුන් වන සිංහයින්, කොටියන්, දිවියන් වැනි) දඬයම් සතුන් විසින් සපා (මැරුණු) දැයද ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. (එහෙත් මෙම සතුන් දඬයම් කරන ලද) ඒවායෙන් (පණ පිටින් සිටින විටදී) නියම අන්දමින් (බිස්මිල්ලාහ් කියා) ඔබ ඛෙල්ල කැපූ (කුර්බාන් කළ) දැය හැර. (එසේ ඛෙල්ල කැපූ දැය ආහාරයට ගත හැකිය. තවද පූජා කිරීම සඳහා) සිටුවන ලද (කුළුණු, කොඩි, පිළිරූ වැනි) දැය සඳහා කැපූ දැයද, දුන්නෙන් විද (නිවිති බලා) පංගු ඛෙදා ගැනීමද (ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය). මේ සියල්ල පාපයන් වන්නේය. අද දින ප්‍රතික්ෂේප කරන්නන්ට ඔබගේ ධර්මය (විනාශ කර දැමිය හැකිය යන්න) ගැන තිබූ විශ්වාසය බිඳී ගියහ. ඔවුන්ට ඔබ (පොඩියක් හෝ) බිය නොවනු. මටම බිය වනු. මා ඔබට ඔබගේ ධර්මය අද දින පූරණය කර තැබුවෙමි. ඔබ වෙනුවෙන් ඉස්ලාම් ධර්මයද තෝරාගෙන (ඔබට පහළ කර බාර) ගත්තෙමි. කවුරුන් හෝ පාපයක් කිරීමේ අදහසක් නොමැතිව බඩ ගින්නේ දරුණු කම නිසා, බල කරනු ලැබ, (ඉහත සඳහන් තහනම් කරනු ලැබූ දැය අනුභව කර) හැරියහොත් (එය වරදක් වන්නේ නැත). මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් (බල කරනු ලැබූ ඔහුගේ වැරදිවලට) සමාව ලබා දී, අනුකම්පා කරන්නෙකු වශයෙන් සිටින්නේය.

يَسْـَٔلُونَكَ مَاذَآ أُحِلَّ لَهُمْ ۖ قُلْ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَٰتُ ۙ وَمَا عَلَّمْتُم مِّنَ ٱلْجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ ٱللَّهُ ۖ فَكُلُوا۟ مِمَّآ أَمْسَكْنَ عَلَيْكُمْ وَٱذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَيْهِ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ ۝٤

(නබියේ! ආහාරයට ගැනීමට) තමන්ට අනුමැතිය දෙනු ලැබූ දැය කුමක්දැයි ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: (පරිශුද්ධ වූ) හොඳ දැයම ඔබට අනුමත කරනු ලැබ ඇත්තේය. තවද අල්ලාහ් ඔබට උගන්වා දී ඇති අන්දමට දඬයම් කරන (බල්ලා, දිවියා වැනි) සතුන්ට හා (රාජාලියා වැනි පක්ෂීන්ටද) ඔබ දඬයම් කිරීමට උගන්වා, ඒවා (දඬයම් කර, තමන් අනුභව නොකර) ඔබ වෙනුවෙන් වළක්වා (තබා ගත්) දැයද -(ඒවා මිය ගියා වුවද)- ඔබට ආහාරයට ගත හැකිය. (එහෙත් දඬයමට මුදා හරින විට, බිස්මිල්ලාහ් යයි) ඒවා කෙරෙහි අල්ලාහ්ගේ නාමය පවසා අත්හැරිය යුතුය. අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රශ්න ගණනය කිරීමෙහි ඉතාමත් තීව්‍රවන්තයෙකි.

ٱلْيَوْمَ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَٰتُ ۖ وَطَعَامُ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ حِلٌّۭ لَّكُمْ وَطَعَامُكُمْ حِلٌّۭ لَّهُمْ ۖ وَٱلْمُحْصَنَٰتُ مِنَ ٱلْمُؤْمِنَٰتِ وَٱلْمُحْصَنَٰتُ مِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ إِذَآ ءَاتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَٰفِحِينَ وَلَا مُتَّخِذِىٓ أَخْدَانٍۢ ۗ وَمَن يَكْفُرْ بِٱلْإِيمَٰنِ فَقَدْ حَبِطَ عَمَلُهُۥ وَهُوَ فِى ٱلْءَاخِرَةِ مِنَ ٱلْخَٰسِرِينَ ۝٥

(විශ්වාසවන්තයිනි!) අද පටන් (අනුභව කිරීමට) පරිශුද්ධ වූ දැයම ඔබට අනුමත කර ඇත්තේය. ධර්මය හිමි අයගේ ආහාරයද ඔබට අනුමත දැයයි! ඔබගේ ආහාරයද ඔවුන්ට අනුමත දැයයි! විශ්වාසය තැබූ කුළ කාන්තාවන්ද, ඔබට පෙර ධර්මය ලබා දෙන ලද කුළ කාන්තාවන්ද, වශ්‍යාවන් වශයෙන් හෝ අනියම් බිරියන් වශයෙන් හෝ අත්කර නොගෙන, ඔවුන්ට දිය යුතු මහර්ද ලබා දී (විවාහ කර) ගැනීම (ඔබට අනුමතය). තවද කවුරුන් විශ්වාසය තැබීමෙන් අනතුරුව (මේවා) ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුගේ (හොඳ) ක්‍රියාවන් නියත වශයෙන්ම විනාශ වී යනු ඇත. පරලොවදී නම්, ඔහු (සම්පූර්ණයෙන්ම) පරාජිතවූවෙකු වශයෙන්ම සිටිනු ඇත.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا قُمْتُمْ إِلَى ٱلصَّلَوٰةِ فَٱغْسِلُوا۟ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى ٱلْمَرَافِقِ وَٱمْسَحُوا۟ بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى ٱلْكَعْبَيْنِ ۚ وَإِن كُنتُمْ جُنُبًۭا فَٱطَّهَّرُوا۟ ۚ وَإِن كُنتُم مَّرْضَىٰٓ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَآءَ أَحَدٌۭ مِّنكُم مِّنَ ٱلْغَآئِطِ أَوْ لَٰمَسْتُمُ ٱلنِّسَآءَ فَلَمْ تَجِدُوا۟ مَآءًۭ فَتَيَمَّمُوا۟ صَعِيدًۭا طَيِّبًۭا فَٱمْسَحُوا۟ بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ ۚ مَا يُرِيدُ ٱللَّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍۢ وَلَٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُۥ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ ۝٦

විශ්වාසවන්තයිනි! ඔබ සලාත් කිරීමට ගියහොත් (ඊට පෙර) ඔබගේ මුහුණුද, වැළමිට දක්වා ඔබගේ දෑත්ද සෝදා ගනු. (අත් ජලයෙන් තෙමා) ඔබගේ හිස (පිස දමා) මෂ්හු කර ගනු. තවද වළලූකර දක්වා ඔබගේ දෙපාද (සොදා ගනු). ඔබ කිළ්ලට හසු වූවන් වශයෙන් සිටියහොත් (අත් පා සෝදා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. ශරීරය පුරාම සෝදා) පිරිසිදු කර ගනු. තවද ඔබ රෝගියෙකු වශයෙන් සිටියහොත් හෝ නැතහොත් (ගමනෙහි යෙදෙන) සංචාරකයෙකු වශයෙන් සිටියහොත් හෝ නැතහොත් ඔබගෙන් කවුරුන් හෝ මළජල පහ කිරීමට ගොස් පැමිණ සිටියහොත් හෝ නැතහොත් ඔබ කාන්තාවන්ට ළං වී (එක්කාසු වී) සිටියහොත් හෝ (සලාතයට යුතු වේලාව ළඟා වුවහොත්, ඔබව පිරිසිදු කර ගැනීමට අවශ්‍ය) ජලය ඔබ නොලදහොත් හෝ පිරිසිදු වැළි (ඔබගේ අත් වලින් ස්පර්ශ කර, එ)මගින් ඔබගේ මුහුණුද, අත්ද පිස දමා තයම්මම් කර ගනු. ඔබට අමාරුකමක් ඇති කිරීමට අල්ලාහ් අදහස් කරන්නේ නැත. එහෙත් ඔහු ඔබව පිරිසිදු කර තැබීමටද, තම වරප්‍රසාදයන් ඔබ කෙරෙහි පූරණය කර, තැබීමටම කැමති වන්නේය. (මේ සඳහා) ඔබ ඔහුට කෘතඥ වනු මැනව!

وَٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ وَمِيثَٰقَهُ ٱلَّذِى وَاثَقَكُم بِهِۦٓ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ۝۷

(යුදෙව්වනි!) ඔබ කෙරෙහි වූ අල්ලාහ්ගේ දයාවද, ඔහු (ඔබ වෙත)පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී, එය ඔබ ස්ථීර කර “අපි සවන් දුන්නෙමු; අපි (ඔබට) අවනත වුනෙමු” යයි ඔබගේ පැවසීමද, මතක් කරගෙන අල්ලාහ්ට බිය වනු. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ) හෘදයන්හි ඇති දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوا۟ قَوَّٰمِينَ لِلَّهِ شُهَدَآءَ بِٱلْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَـَٔانُ قَوْمٍ عَلَىٰٓ أَلَّا تَعْدِلُوا۟ ۚ ٱعْدِلُوا۟ هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ۝۸

විශ්වාසවන්තයිනි! නීතිය අකුරටම පිළිපැදීමෙන් අල්ලාහ් වෙනුවෙන් ස්ථීර වූ සාක්ෂියක් වශයෙන් සිටිනු. ජනතාවගෙන් එක් පාර්ශවයක් කෙරෙහි (ඔබ තුළ) ඇති ජාතිවාදීභාවය (ඔවුන්ට) අපරාධ කරන ලෙසට ඔබව නොපොළඹවා සිටීමටද, (කොපමණ ක්‍රෝධයක් තිබුණා වුවද) ඔබ නීතියම ක්‍රියාත්මක කරනු. එයම පරිශුද්ධභාවයට ඉතාමත් සමීපව ඇත්තේය. (කුමන අවස්ථාවන්හි වුවද) ඔබ අල්ලාහ්ටම බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ ۙ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌ عَظِيمٌۭ ۝۹

කවුරුන් (ඇත්තෙන්ම) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරනනෝද, ඔවුන්ට (පව්) ක්ෂමාවද, ඉමහත් වූ (හොඳ) ඵලවිපාකද (දෙන බවට) අල්ලාහ් පොරොන්දු වී ඇත්තේය.

وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَحِيمِ ۝١۰

කවුරුන් අපගේ ආයාවන් බොරු කර, ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් නිරාවාසීන්ය.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُوٓا۟ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ۝١١

විශ්වාසවන්තයිනි! ජනතාවගෙන් එක් පාර්ශවයක් ඔබට විපතක් කිරීමට තීරණය කර, තමන්ගේ අත් ඔබ වෙත දිගු කළ අවස්ථාවේදී ඔවුන්ගේ අත් ඔබ වෙතින් වළක්වා අල්ලාහ් ඔබට ලබා දුන් දයාව ඔබ මෙනෙහි කර බලනු. එබැවින් අල්ලාහ්ටම බිය වනු. තවද විශ්වාසවන්තයින් (සියල්ලන්ම) අල්ලාහ් (එක් කෙනෙකු) මතම විශ්වාසය තැබිය යුතුය.

۞ وَلَقَدْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَبَعَثْنَا مِنْهُمُ ٱثْنَىْ عَشَرَ نَقِيبًۭا ۖ وَقَالَ ٱللَّهُ إِنِّى مَعَكُمْ ۖ لَئِنْ أَقَمْتُمُ ٱلصَّلَوٰةَ وَءَاتَيْتُمُ ٱلزَّكَوٰةَ وَءَامَنتُم بِرُسُلِى وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ ٱللَّهَ قَرْضًا حَسَنًۭا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَلَأُدْخِلَنَّكُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۚ فَمَن كَفَرَ بَعْدَ ذَٰلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ ۝١٢

ඉස්රායීල පරම්පරාවේ දරුවන් වෙත අල්ලාහ් ඇත්තෙන්ම පොරොන්දු ලබා ඇත්තේය. තවද ඔවුන් වෙතින්ම ප්‍රධානීන් ෙදාළොස් දෙනෙකු අපි යවා ඇත්තෙමු. (එසේම පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී ඔවුන්ට) “නියත වශයෙන්ම මා ඔබ සමගම සිටින්නෙමි. ඔබ සලාතය (නොවරදවා) නොකඩවා ඉටු කර, සකාත්ද ගෙවා, මගේ දූතයින්ව විශ්වාස කර, ඔවුන්ට උදව්ද දී, (අමාරුකමෙහි සිටින අයට) අල්ලාහ් වෙනුවෙන් අලංකාරවත් අන්දමට ණය දුන්නහොත් නියත වශයෙන්ම මා (මේවා) ඔබගේ පාපයන්ට ප්‍රතිකාරයක් බවට පත් කර, සදාකල් දිය දහරා ගලා බසිමින් ඇති ස්වර්ගයන්හිද ඔබව ඇතුළු වන්නට සලස්වන්නෙමු. එබැවින් ඔබගෙන් කවුරුන් හෝ මින් පසුවද ප්‍රතික්ෂේප කරන්නෙකු බවට පත් වුවහොත්, නියත වශයෙන්ම ඔහු ඍජු මාර්ගයෙන් වැරද ගියේය” යයි අල්ලාහ් පැවසුවේය.

فَبِمَا نَقْضِهِم مِّيثَٰقَهُمْ لَعَنَّٰهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَٰسِيَةًۭ ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ ۙ وَنَسُوا۟ حَظًّۭا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ ۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَآئِنَةٍۢ مِّنْهُمْ إِلَّا قَلِيلًۭا مِّنْهُمْ ۖ فَٱعْفُ عَنْهُمْ وَٱصْفَحْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُحْسِنِينَ ۝١۳

ඔවුන් තමන්ගේ පොරොන්දු වලට වෙනස්කම් කිරීමේ හේතුවෙන් අපි ඔවුන්ට ශාප කර, ඔවුන්ගේ හෘදයන් ඝන වීමට සැලැස්සුවෙමු. (එබැවින්) ඔවුන් (තමන්ගේ) ධර්ම ආයාවන්, ඒවායේ (සත්‍ය) අර්ථයන්ගෙන් වෙනතකට පෙරලා දමන්නාහ. තවද (අපගේ මෙම නබිවරයා ගැන) එහි (ඔහුට) මතක් කරනු ලැබ තිබූ කොටසද අමතක කර දැමූහ. එබැවින් (නබියේ!) ඔවුන්ගෙන් සමහරෙකු හැර, ඔවුන්ගෙන් (වැඩි දෙනෙකුගේ) වංචාව (ගැන වූ පුවත) ඔබට (නැවත නැවතත්) නොවරදවා ආරංචි වනු ඇත. එබැවින් මොවුන්ව ඔබ ක්ෂමා කර, ප්‍රතික්ෂේප කර දමනු මැනව! නියත වශයෙන්ම අල්ලාහ් දැහැමි දැය කරන්නන්ව ප්‍රිය කරන්නේය.

وَمِنَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّا نَصَٰرَىٰٓ أَخَذْنَا مِيثَٰقَهُمْ فَنَسُوا۟ حَظًّۭا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ فَأَغْرَيْنَا بَيْنَهُمُ ٱلْعَدَاوَةَ وَٱلْبَغْضَآءَ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ ۚ وَسَوْفَ يُنَبِّئُهُمُ ٱللَّهُ بِمَا كَانُوا۟ يَصْنَعُونَ ۝١٤

තවද කවුරුන් තමන්ව “ඇත්තෙන්ම අපි ක්‍රිස්තියානුවන්” යයි පවසන්නෝද, ඔවුන් වෙතද (මෙසේම) අපි පොරොන්දු ලබා ඇත්තෙමු. එහෙත් ඔවුන්ද (මෙම නබිවරයා ගැන තමන්ගේ ධර්මයෙහි) තමන්ට කියනු ලැබ තිබූ කොටස අමතක කර දැමූහ. එබැවින් ඔවුන් තුළ වෛරයද, ක්‍රෝධයද විනිශ්චය දින දක්වා (පහ නොවී සිටින සේ) පටලවා හැරියෙමු. (මෙලොවදී) ඔවුන් කුමක් කරමින් සිටියෝදැයි යන්න (පරලොවදී) අල්ලාහ් ඔවුන්ට ගෙනහැර දක්වනු ඇත.

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ قَدْ جَآءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًۭا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ ٱلْكِتَٰبِ وَيَعْفُوا۟ عَن كَثِيرٍۢ ۚ قَدْ جَآءَكُم مِّنَ ٱللَّهِ نُورٌۭ وَكِتَٰبٌۭ مُّبِينٌۭ ۝١٥

ධර්මය හිමි අයවළුනි! ඔබ වෙත ඇත්තෙන්ම අපගේ එක් දුතයෙකු පැමිණ ඇත්තේය. ධර්මයෙහි ඔබ සඟවා ගත් බොහොමයක් කාරණා ඔහු ඔබට පැහැදිලිව ගෙනහැර දක්වන්නේය. තවත් (ධර්මයන් ගැන ඔබ ගෙන ඇති වැරදි අදහස්) බොහොමයක් පහ කර හරින්නේය. නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙන් ඉමහත් වූ ආලෝකයද පැහැදිලිභාවයද ඇති එක් ධර්මයක් (දැන්) ඔබ වෙත පැමිණ ඇත්තේය.

يَهْدِى بِهِ ٱللَّهُ مَنِ ٱتَّبَعَ رِضْوَٰنَهُۥ سُبُلَ ٱلسَّلَٰمِ وَيُخْرِجُهُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِهِۦ وَيَهْدِيهِمْ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ۝١٦

(ඔබගෙන්) කවුරුන් අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස අනුගමනය කරන්නෝද, ඔවුන්ව එමගින් අල්ලාහ් සමාදානයට අයත් මාර්ගයෙහි ඇතුළු කරන්නේය. තවද (ඝන) අන්ධකාරයෙන්ද ඔවුන්ව පිටතට ගෙන තම දයාව මගින් දීප්තිය දෙසට ගෙන හරින්නේය. තවද ඔවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු වීමටද සලස්වන්නේය.

لَّقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ هُوَ ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ ۚ قُلْ فَمَن يَمْلِكُ مِنَ ٱللَّهِ شَيْـًٔا إِنْ أَرَادَ أَن يُهْلِكَ ٱلْمَسِيحَ ٱبْنَ مَرْيَمَ وَأُمَّهُۥ وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا ۗ وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۚ يَخْلُقُ مَا يَشَآءُ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ۝١۷

කවුරුන් මර්යම්ගේ පුත් මසීහ්ව අල්ලාහ්ම යයි පවසන්නෝද, ඔවුන් නියත වශයෙන්ම (සත්‍යය) ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන්ම සිටින්නාහ. (එබැවින් නබියේ!) ඔබ මෙසේ පවසනු: “මර්යම්ගේ පුත් මසීහ්වද, ඔහුගේ මවවද, භූමියෙහි සිටින (අනිත්) සියල්ලන්වම අල්ලාහ් විනාශ කර දමන්නට අදහස් කළහොත් (ඔහුව වැළැක්වීමට) කවුරුන් නම් පොඩියක් හෝ ශක්තියක් ලබන්නෙහුද? (මන්දයත්) අහස්ද, භූමියද, ඒ අතර ඇති දැයෙහිද රාජ්‍යය අල්ලාහ්ටම අයත්ය! ඔහු කැමති දැය උත්පාදනය කරන්නේය. අල්ලාහ් සියල්ල කෙරෙහිම ඉමහත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

وَقَالَتِ ٱلْيَهُودُ وَٱلنَّصَٰرَىٰ نَحْنُ أَبْنَٰٓؤُا۟ ٱللَّهِ وَأَحِبَّٰٓؤُهُۥ ۚ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم ۖ بَلْ أَنتُم بَشَرٌۭ مِّمَّنْ خَلَقَ ۚ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ ۚ وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ ۝١۸

යුදෙව්වන්ද, ක්‍රිස්තියානුවන්ද “අපි අල්ලාහ්ගේ පුත්‍රයන් වශයෙන්ද, ඔහු විසින් ආදරය කරනු ලැබූවන් වශයෙන්ද සිටින්නෙමු” යයි පවසන්නාහ. (එබැවින් නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “එසේ නම්, ඔබගේ වැරදි වලට ඔහු ඔබව කුමක් නිසා (වරින් වර දඬුවම් කිරීමේ ආකාරයට) වේදනා කරන්නෙහිද? (සත්‍යය) එසේ නොව. ඔබත් ඔහු උත්පාදනය කළ (අනිත්) මිනිසුන් (මෙන්) වන්නේය. (ඔබ ඔහුට ඉපදුනු පුත්‍රයන් නොව. එබැවින් ඔබගෙන්ද) ඔහු කැමති අයව ක්ෂමා කරන්නේය. ඔහු අදහස් කරන අයට දඬුවම් කරන්නේය” (මන්දයත්) අහස්හිද භූමියෙහිද, මේවා මධ්‍යයේ ඇති දැයෙහිද රාජ්‍යය අල්ලාහ්ටම අයත්ය! ඔහු වෙතම (සියල්ලන්ම) යා යුතුව ඇත්තේය.

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ قَدْ جَآءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَىٰ فَتْرَةٍۢ مِّنَ ٱلرُّسُلِ أَن تَقُولُوا۟ مَا جَآءَنَا مِنۢ بَشِيرٍۢ وَلَا نَذِيرٍۢ ۖ فَقَدْ جَآءَكُم بَشِيرٌۭ وَنَذِيرٌۭ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ۝١۹

ධර්මය හිමි අයවළුනි! (ඊසාගෙන් පසුව මේ දක්වා) දූතයින් නොපැමිණෙමින් වැළකී සිටි කාලයෙහි “ශුභාරංචි දීමටද, බිය ගන්වා අනතුරු ඇඟවීමටද හැකි (එක් දූතයෙකු) අප වෙත පැමිණියේ නැත නොවේද!”යි ඔබ (ෙදාස්) නොනගා සිටීම පිණිස, (ධර්ම නියෝගයන්) ඔබට පැහැදිලිව දැනුම් දිය හැකි අපගේ (මෙම) දූතයා නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ ඇත්තේය. ඔහු බියගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද, ශුභාරංචි දෙන්නෙකු වශයෙන්ද ඔබ වෙත පැමිණ ඇත්තේය. අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَٰقَوْمِ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنۢبِيَآءَ وَجَعَلَكُم مُّلُوكًۭا وَءَاتَىٰكُم مَّا لَمْ يُؤْتِ أَحَدًۭا مِّنَ ٱلْعَٰلَمِينَ ۝٢۰

තවද මූසා තම ජනතාවට “මගේ ජනතාවෙනි! ඔබ කෙරෙහි අල්ලාහ් පහළ කර ඇති වරප්‍රසාදයන් ගැන ඔබ සිතා බලනු. ඔහු ඔබ තුළ (මූසා, හාරූන් වැනි) නබිවරුන්ව නිර්මාණය කර (ඊජිප්තු ජාතිකයින් වෙත වහලූන් වශයෙන් සිටි) ඔබව රජවරුන් වශයෙන්ද පත් කර, සකල ලෝකයෙහිම වෙන කිසිවෙකුටත් ලබා නොදුන් (පුදුමාකාර දැය වන මුහුද ඛෙදා ඒ අතරින් යාමට සැලැස්වීම, මන්නු, සල්වා නමැති ආහාර ලබා දීම, වැනි) දැයද ඔබට ලබා දී ඇත්තේය” (යයි පැවසීම නබියේ! ඔබ ඔවුන්ට) මතක් කර දෙනු.

يَٰقَوْمِ ٱدْخُلُوا۟ ٱلْأَرْضَ ٱلْمُقَدَّسَةَ ٱلَّتِى كَتَبَ ٱللَّهُ لَكُمْ وَلَا تَرْتَدُّوا۟ عَلَىٰٓ أَدْبَارِكُمْ فَتَنقَلِبُوا۟ خَٰسِرِينَ ۝٢١

(තවද) ඔහු “මගේ සමූහයිනි! අල්ලාහ් ඔබට යයි නියම කරනු ලැබූ පරිශුද්ධ වූ භූමියෙහි (සිටින ඔබගේ සතුරන් සමග යුද්ධ කර, එහි) ඇතුළු වනු. (ඔවුන්ට) ඔබ පිටුපස හරවා ආපසු නොහැරෙනු. (පිටුපස හැරුණහොත්) ඔබ පරාජිතයින් වශයෙන්ම ආපසු හැරෙන්නෙහුය” (යයි පැවසූහ).

قَالُوا۟ يَٰمُوسَىٰٓ إِنَّ فِيهَا قَوْمًۭا جَبَّارِينَ وَإِنَّا لَن نَّدْخُلَهَا حَتَّىٰ يَخْرُجُوا۟ مِنْهَا فَإِن يَخْرُجُوا۟ مِنْهَا فَإِنَّا دَٰخِلُونَ ۝٢٢

(එයට) ඔවුන් (මූසාට) “ඕ මූසා! නියත වශයෙන්ම එහි බලපරාක්‍රමයෙන් පිරි ජනතාව සිටින්නාහ. ඔවුන් එයින් පිට වී යන තුරු අපි එහි තුළ ඇතුළු නොවන්නෙමු. ඔවුන් එයින් පිට වී ගියහොත් අපි නොවරදවා ඇතුළු වන්නෙමු” යයි පැවසූහ.

قَالَ رَجُلَانِ مِنَ ٱلَّذِينَ يَخَافُونَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِمَا ٱدْخُلُوا۟ عَلَيْهِمُ ٱلْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَٰلِبُونَ ۚ وَعَلَى ٱللَّهِ فَتَوَكَّلُوٓا۟ إِن كُنتُم مُّؤْمِنِينَ ۝٢۳

(මෙසේ) බිය වූවන්ගෙන් (ජෝෂුවා, කාලේෆ් නමැති) දෙදෙනා කෙරෙහි අල්ලාහ් දයාව පහළ කර තිබුණි. ඔවුන් (අනිත් අයට) “ඔබ (ඔවුන්ගේ ශක්තිය ගැන බිය නොවනු). ඔවුන්ට විරුද්ධව (එම නගරයේ) ෙදාරටුව තෙක් යනු. එහි ඔබ ඇතුළු වූ වහාම නියත වශනේම ඔබ ජයග්‍රහණය කරන්නෙහුය. ඔබ (සත්‍ය) විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම් අල්ලාහ්වම විශ්වාස කරනු” යයි පැවසූහ.

قَالُوا۟ يَٰمُوسَىٰٓ إِنَّا لَن نَّدْخُلَهَآ أَبَدًۭا مَّا دَامُوا۟ فِيهَا ۖ فَٱذْهَبْ أَنتَ وَرَبُّكَ فَقَٰتِلَآ إِنَّا هَٰهُنَا قَٰعِدُونَ ۝٢٤

(මින් පසුවද ඔවුන් මූසාට) “ඕ මූසා! ඔවුන් එහි සිටින තුරු කිසි විටෙකත් අපි එහි ඇතුළු නොවන්නෙමු. ඔබත් ඔබගේ දෙවියාත් (එහි) ඇතුළු වී (ඔවුන් සමග) යුද්ධ කරනු. නියත වශයෙන්ම අපි මෙහිම වාඩී වී (අවධානය කර) බලා සිටින්නෙමු” යයි පැවසූහ.

قَالَ رَبِّ إِنِّى لَآ أَمْلِكُ إِلَّا نَفْسِى وَأَخِى ۖ فَٱفْرُقْ بَيْنَنَا وَبَيْنَ ٱلْقَوْمِ ٱلْفَٰسِقِينَ ۝٢٥

(එයට මූසා) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා කෙරෙහිද, මගේ සහෝදරයා කෙරෙහිද මිස, (අන් කිසිවෙකු කෙරෙහි) මා හට බලයක් නැත. එබැවින් පාපතරයන් වන මෙම ජනතාවගෙන් ඔබ අපව වෙන්කර හරිනු මැනව!” යයි (ප්‍රාර්ථනා කර) කීවේය.

قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيْهِمْ ۛ أَرْبَعِينَ سَنَةًۭ ۛ يَتِيهُونَ فِى ٱلْأَرْضِ ۚ فَلَا تَأْسَ عَلَى ٱلْقَوْمِ ٱلْفَٰسِقِينَ ۝٢٦

(එයට දෙවියන්, එසේ නම්, ඔවුන්ට පොරොන්දු දෙන ලද පලස්තීනය නමැති) “එම ස්ථානය නියත වශයෙන්ම අවුරුදු හතළිහක් දක්වා ඔවුන්ට තහනම් කරනු ලැබීය. (ඒ දක්වා) ඔවුන් භූමියෙහි ඒ මේ අත (එය ලබා දෙන මෙන් ඉල්ලා) මං මුළා වී සැරිසරනු ඇත. එබැවින් මෙම පාපතරයන් වන ජනතාව ගැන ඔබ දුක් නොවනු මැනව!” යයි (මූසාට) පැවසුවේය.

۞ وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ ٱبْنَىْ ءَادَمَ بِٱلْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًۭا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ ٱلْءَاخَرِ قَالَ لَأَقْتُلَنَّكَ ۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ ٱللَّهُ مِنَ ٱلْمُتَّقِينَ ۝٢۷

(නබියේ!) ආදම්ගේ (හාබිල්, කාබිල් නමැති) පුතණුවන් දෙදෙනාගේ සත්‍ය ඉතිහාසය ඔබ ඔවුන්ට සමුදීරණය කර පෙන්වනු. ඒ දෙදෙනා කුර්බානි (බිළි දීම) කරනු ලැබූ අවස්ථාවේදී ඒ දෙදෙනාගෙන් එක් කෙනෙකුගේ එක බාර ගනු ලැබීය. අනිත් කෙනාගේ එක බාර ගනු නොලැබීය. එබැවින් (බාර ගනු ලැබූ කෙනා ගැන බාර ගනු නොලැබූ කෙනා ඊර්ෂ්‍යා කර) “නියත වශයෙන්ම මා ඔබව මරා දමන්නෙමි” යයි පැවසුවේය. (එයට, කළින් බාර ගනු ලැබුණු කෙනා) “අල්ලාහ් බාර ගනු ලබන්නේ භය භක්තිකයින්ගේ කුර්බානියයි” යයි පැවසුවේය.

لَئِنۢ بَسَطتَ إِلَىَّ يَدَكَ لِتَقْتُلَنِى مَآ أَنَا۠ بِبَاسِطٍۢ يَدِىَ إِلَيْكَ لِأَقْتُلَكَ ۖ إِنِّىٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلْعَٰلَمِينَ ۝٢۸

(තවද) “ඔබ මාව කපා දැමීම සඳහා ඔබගේ අත මා වෙත දිගු කළහොත්, ඒ (අවස්ථාවේ වුවද), මා ඔබව කපා දැමීමට මාගේ අත ඔබ වෙත දිගු නොකරන්නෙමි. මන්දයත් නියත වශයෙන්ම මා සකල ලෝකවාසීන් සියල්ල උත්පාදනය කර, පෝෂණය කර, ආරක්ෂා කරන්නා වන අල්ලාහ්ට බිය වන්නෙමි”.

إِنِّىٓ أُرِيدُ أَن تَبُوٓأَ بِإِثْمِى وَإِثْمِكَ فَتَكُونَ مِنْ أَصْحَٰبِ ٱلنَّارِ ۚ وَذَٰلِكَ جَزَٰٓؤُا۟ ٱلظَّٰلِمِينَ ۝٢۹

“මගේ පාපයද, ඔබගේ පාපයද ඔබ පටවාගෙන (දෙවියන් වෙත) පැමිණීමම මා කැමති වන්නෙමි. එසේ වුවහොත් ඔබ නිරාවාසීන්ගෙන් කෙනෙකු බවට පත් වනු ඇත. මෙයයි අපරාධකරුවන්ට ඇති ඵලවිපාක වන්නේ” (යයි කීවේය).

فَطَوَّعَتْ لَهُۥ نَفْسُهُۥ قَتْلَ أَخِيهِ فَقَتَلَهُۥ فَأَصْبَحَ مِنَ ٱلْخَٰسِرِينَ ۝۳۰

(මින් පසුවද) ඔහු තම සහෝදරයාව කපා දමන ලෙසට ඔහුගේ මනස ඔහුව පෙළඹූ විට ඔහුව, ඔහු කපා දැමුවේය. එබැවින් ඔහු පරාජිතයින්ගෙන් කෙනෙකු බවට පත් වූවේය.

فَبَعَثَ ٱللَّهُ غُرَابًۭا يَبْحَثُ فِى ٱلْأَرْضِ لِيُرِيَهُۥ كَيْفَ يُوَٰرِى سَوْءَةَ أَخِيهِ ۚ قَالَ يَٰوَيْلَتَىٰٓ أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَٰذَا ٱلْغُرَابِ فَأُوَٰرِىَ سَوْءَةَ أَخِى ۖ فَأَصْبَحَ مِنَ ٱلنَّٰدِمِينَ ۝۳١

පසුව තම සහෝදරයාගේ දේහය කෙසේ සැඟවිය යුතුද යන්න ඔහුට දැනුම් දීම සඳහා අල්ලාහ් කපුටෙකු යැවුවේය. එය (ඔහුගේසහෝදරයාගේ දේහය කෙසේ සැඟවිය යුතුද යන්න ඔහුට පෙන්වීම පිණිස) භූමිය හෑරුවේය. (මෙය දුටු) ඔහු “අහෝ! මෙම කපුටා මෙන් (සුළු දැනුමක් ඇති කෙනෙකු වශයෙන්) මා සිටියේ නම්, මගේ සහෝදරයාගේ මිනිය මා සඟවා ඇත්තෙමි නොවෙද! (එයත්) මගෙන් සිදු වූයේ නැත නොවෙද!”යි (හඬා) වැළපෙමින් දුකෙහි ගැලී ගියේය.

مِنْ أَجْلِ ذَٰلِكَ كَتَبْنَا عَلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَنَّهُۥ مَن قَتَلَ نَفْسًۢا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍۢ فِى ٱلْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعًۭا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَآ أَحْيَا ٱلنَّاسَ جَمِيعًۭا ۚ وَلَقَدْ جَآءَتْهُمْ رُسُلُنَا بِٱلْبَيِّنَٰتِ ثُمَّ إِنَّ كَثِيرًۭا مِّنْهُم بَعْدَ ذَٰلِكَ فِى ٱلْأَرْضِ لَمُسْرِفُونَ ۝۳٢

මේ හේතුව නිසාම කවුරුන් හෝ අනිත් ආත්මයක් ඝාතනයට වන්දි වශයෙන් හෝ නැතහොත් භූමියෙහි ආරවුල් ඇති වීම වැළැක්වීම සඳහා හෝ මිස, (අසාධාරණයේ) මරා දමන්නේද, ඔහු මිනිසුන් සියල්ලන්වම මරා දැමූවෙකු බවට පත් වන්නේය. තවද කවුරුන් හෝ එක් ආත්මයක් ජීවත් කරවීමට සලස්වන්නේද, ඔහු මිනිසුන් සියල්ල ජීවත් කරවන්නෙකු මෙන් බවට පත් වන්නේය” යයි ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට (ලබා දුන් ගල් ලෑල්ලෙහි) අපි ඇඳ ඇත්තෙමු. තවද ඔවුන් වෙත අපගේ දූතයින් බොහොමයක් දෙනා නියත වශයෙන්ම පැහැදිලි සාධකයන්ද ගෙන පැමිණ සිටියහ. මින් පසුවද, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු භූමියෙහි සීමාව ඉක්මවා කටයුතු කරමින්ම සිටියහ.

إِنَّمَا جَزَٰٓؤُا۟ ٱلَّذِينَ يُحَارِبُونَ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَسْعَوْنَ فِى ٱلْأَرْضِ فَسَادًا أَن يُقَتَّلُوٓا۟ أَوْ يُصَلَّبُوٓا۟ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلَٰفٍ أَوْ يُنفَوْا۟ مِنَ ٱلْأَرْضِ ۚ ذَٰلِكَ لَهُمْ خِزْىٌۭ فِى ٱلدُّنْيَا ۖ وَلَهُمْ فِى ٱلْءَاخِرَةِ عَذَابٌ عَظِيمٌ ۝۳۳

අල්ලාහ් සමගද, ඔහුගේ දූතයා සමගද, යුද්ධ කර, භූමියෙහි අපරාධ කරමින්ද සැරිසැරූ අයට අයත් දඬුවම මෙයයි. (ඔවුන්ව) කපා දමනු ලැබිය යුතුය, නැතහොත් එල්ලා මරා දැමිය යුතුය, නැතහොත් මාරුවෙන් මාරුවට අත් පා කපා වෙන්කර දැමිය යුතුය. නැතහොත් (අත් අඩංගුවට ගෙන සිර කර තැබිය යුතුය. නැතහොත්) රටින් පිටුවහල් කර දැමිය යුතුය. මෙය මෙලොවදී ඔවුන්ට අවමන් ගෙන (දෙන දඬුවම) වන්නේය. තවද පරලොවදී නම්, ඉමහත් වූ දඬුවම් ඔවුන්ට ඇත.

إِلَّا ٱلَّذِينَ تَابُوا۟ مِن قَبْلِ أَن تَقْدِرُوا۟ عَلَيْهِمْ ۖ فَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ۝۳٤

එහෙත් ඔවුන් කෙරෙහි ඔබ යටත් කර ගැනීමට කළින්ම ඔවුන්ගෙන් කවුරුන් හෝ පසුතැවිලි වී (තමන්ගේ අපරාධයන්ගෙන් ඈත් වුවහොත්) නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ට) සමාව දී ඉතාමත් කරුණාව දක්වන්නෙකු වශයෙන් සිටින්නේය යන්න ඔබ දැන ගනු.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَٱبْتَغُوٓا۟ إِلَيْهِ ٱلْوَسِيلَةَ وَجَٰهِدُوا۟ فِى سَبِيلِهِۦ لَعَلَّكُمْ تُفْلِحُونَ ۝۳٥

විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට බිය වී ඔහු වෙත යාමට ඇති මාර්ගය සොයා ගනු. තවද ඔහුගේ මාර්ගයෙහි (යුද්ධ කිරීමටද) අති විශාල වෑයමක් දරනු. (එමගින්) ඔබට ජයග්‍රහණය අත් කර ගත හැකිය.

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ أَنَّ لَهُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًۭا وَمِثْلَهُۥ مَعَهُۥ لِيَفْتَدُوا۟ بِهِۦ مِنْ عَذَابِ يَوْمِ ٱلْقِيَٰمَةِ مَا تُقُبِّلَ مِنْهُمْ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ۝۳٦

නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ට මෙම භූමියෙහි ඇති සියල්ල තිබී, ඒ සමග ඒවා මෙන් තවත් කොටසක්ද (අයිතිව) තිබී, ඔවුන් මේ සියල්ල (තමන්) විනිශ්චය දිනදී විඳින දඬුවමට වන්දි වශයෙන් ලබා දුන්නා වුවද, ඔවුන් වෙතින් (එය) බාර ගනු නොලැබේ. පසුව ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවමම ලැඛෙනු ඇත.

يُرِيدُونَ أَن يَخْرُجُوا۟ مِنَ ٱلنَّارِ وَمَا هُم بِخَٰرِجِينَ مِنْهَا ۖ وَلَهُمْ عَذَابٌۭ مُّقِيمٌۭ ۝۳۷

ඔවුන් (නිරා) ගින්නෙන් පිටමං වීමටම කැමති වනු ඇත. එහෙත් එයින් පිටමං වීමට ඔවුන්ට (කිසිසේත්) නොහැකි වනු ඇත. තවද ඔවුන්ට ස්ථීරවත් දඬුවමද ඇත.

وَٱلسَّارِقُ وَٱلسَّارِقَةُ فَٱقْطَعُوٓا۟ أَيْدِيَهُمَا جَزَآءًۢ بِمَا كَسَبَا نَكَٰلًۭا مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌۭ ۝۳۸

පිරිමි වුවද, ගැහැනු වුවද, කවුරුන් සොරකම් කළද, (මෙම නපුරු) ක්‍රියාවට දඬුවම වශයෙන් ඔවුන්ගේ අත් කපා වෙන්කර දමනු. (මෙය) අල්ලාහ් විසින් ඇති කරන ලද ආදර්ශමත් දඬුවමකි. අල්ලාහ් බලසම්පන්න වන අතර ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

فَمَن تَابَ مِنۢ بَعْدِ ظُلْمِهِۦ وَأَصْلَحَ فَإِنَّ ٱللَّهَ يَتُوبُ عَلَيْهِ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ ۝۳۹

කවුරුන් හෝ තමන්ගේ නපුරු ක්‍රියාවෙන් පසු පසුතැවිලි වී (තම වැරදි) පිළිසකර කර ගතහොත් නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ සමාව ඉල්ලීමට බාර ගන්නෙකු වශයෙන් සිටින්නේය. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය.

أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ يُعَذِّبُ مَن يَشَآءُ وَيَغْفِرُ لِمَن يَشَآءُ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ۝٤۰

(නබියේ!) නියත වශයෙන්ම අහස්හි හා භූමියෙහි රාජ්‍ය පාලනය අල්ලාහ්ටම අයත්ය යන්න ඔබ දැන ගත්තේ නැද්ද? එබැවින් ඔහු අදහස් කරන අයට දඬුවම් කරන්නේය. ඔහු කැමති අයට සමාව දෙන්නේය. අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි.

۞ يَٰٓأَيُّهَا ٱلرَّسُولُ لَا يَحْزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِى ٱلْكُفْرِ مِنَ ٱلَّذِينَ قَالُوٓا۟ ءَامَنَّا بِأَفْوَٰهِهِمْ وَلَمْ تُؤْمِن قُلُوبُهُمْ ۛ وَمِنَ ٱلَّذِينَ هَادُوا۟ ۛ سَمَّٰعُونَ لِلْكَذِبِ سَمَّٰعُونَ لِقَوْمٍ ءَاخَرِينَ لَمْ يَأْتُوكَ ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ مِنۢ بَعْدِ مَوَاضِعِهِۦ ۖ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَٰذَا فَخُذُوهُ وَإِن لَّمْ تُؤْتَوْهُ فَٱحْذَرُوا۟ ۚ وَمَن يُرِدِ ٱللَّهُ فِتْنَتَهُۥ فَلَن تَمْلِكَ لَهُۥ مِنَ ٱللَّهِ شَيْـًٔا ۚ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَمْ يُرِدِ ٱللَّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ ۚ لَهُمْ فِى ٱلدُّنْيَا خِزْىٌۭ ۖ وَلَهُمْ فِى ٱلْءَاخِرَةِ عَذَابٌ عَظِيمٌۭ ۝٤١

(අපගේ) දූතයාණෙනි! සමහරෙකු ප්‍රතික්ෂේපය දෙසට වේගයෙන් දිවීම ඔබට දුකක් ගෙන දිය යුතු නැත. මන්දයත් “විශ්වාසය තැබුවෙමු” යයි ඔවුන් තමන්ගේ මුවින් පමණක් පැවසුවා මිස, ඔවුන්ගේ හෘදයන් (එය) බාර ගත්තේ නැත. (එසේම) යුදෙව්වන්, (යුදව්වන්ගෙන්ද සමහරෙකු ඇත. ඔවුන්) බොරු කාරණාවන්ම (ඉතාමත් ආශාවෙන් යුතුව) අධික වශයෙන් ඉල්ලා සිටින්නාහ. තවද (මෙතෙක්) ඔබ වෙත නොපැමිණි තවත් සමුහයක් වෙනුවෙන් (මේවා දැනුම් දීම සඳහාද නපුරු වදන්ම) අධික වශයෙන් අසන්නාහ. ඔවුන් (ධර්ම) ආයාවන් ඒවායේ (සත්‍ය) අර්ථයන් පෙරළා (මොවුන්ට) “ඔබට (මෙම නබිවරයාගෙන්) මෙය (අසවල් දැය) දෙනු ලැබුවහොත් එය ලබා ගනු. එය ඔබට නොලැබුණහොත් (එයින්) ඈත් වනු” යයිද පවසන්නාහ. අල්ලාහ් කිසිවෙකුට හෝ (වේදනා ගෙන දී) පිරික්සුමට ලක් කිරීමට අදහස් කළහොත් අල්ලාහ්ව වැළැක්වීමට ඔබට පොඩියක් හෝ කළ නොහැකිය. මෙවැන්නන්ගේ හෘදයන් පරිශුද්ධ කර හැරීමට අල්ලාහ් කැමති වූයේම නැත. මොවුන්ට මෙලොවදී අවමානය ඇත. තවද පරලොවදී මොවුන්ට ඉමහත් වූ දඬුවම්ද ඇත.

سَمَّٰعُونَ لِلْكَذِبِ أَكَّٰلُونَ لِلسُّحْتِ ۚ فَإِن جَآءُوكَ فَٱحْكُم بَيْنَهُمْ أَوْ أَعْرِضْ عَنْهُمْ ۖ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْـًۭٔا ۖ وَإِنْ حَكَمْتَ فَٱحْكُم بَيْنَهُم بِٱلْقِسْطِ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ ۝٤٢

(තවද) මොවුන් බොරුවම අධික වශයෙන් අසන්නාහ. අනුමත නොමැති දැයම අධික වශයෙන් ගිල දමමින් සිටින්නාහ. මෙවැන්නන් (යම්කිසි සාධාරණයක් සදහා) ඔබ වෙත පැමිණියහොත් (ඔබ කැමති නම්) ඔවුන් අතරේ විනිශ්චය දෙනු. නැතහොත් (විනිශ්චය නොකර) ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමනු. ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර දැමුවද, ඔවුන් ඔබට කිසිම හානියක් කිරීමට නොහැක. ඔබ විනිශ්චය කළහොත්, ඔවුන් අතරේ සාධාරණ තීන්දුවක්ම ලබා දෙනු. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චයකරුවන්ව ප්‍රිය කරන්නේය.

وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوْرَىٰةُ فِيهَا حُكْمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِنۢ بَعْدِ ذَٰلِكَ ۚ وَمَآ أُو۟لَٰٓئِكَ بِٱلْمُؤْمِنِينَ ۝٤۳

(එහෙත් නබියේ!) මොවුන් ඔබව (තමන්ට) තීන්දුවක් දෙන්නෙකු වශයෙන් කෙසේ නම් අත් කර ගන්නෙහුද? මොවුන් වෙත නම්, තව්රාත් (නමැති ධර්මය) ඇත්තේය. එය තුළ අල්ලාහ්ගේ නියමයන්ද ගැබ් වී ඇත්තේය. එසේ තිබියදී එය මොවුන් ප්‍රතික්ෂේප කර දැමූහ. එබැවින් (එයද) මොවුන් විශ්වාස කළවුන් නොව.

إِنَّآ أَنزَلْنَا ٱلتَّوْرَىٰةَ فِيهَا هُدًۭى وَنُورٌۭ ۚ يَحْكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسْلَمُوا۟ لِلَّذِينَ هَادُوا۟ وَٱلرَّبَّٰنِيُّونَ وَٱلْأَحْبَارُ بِمَا ٱسْتُحْفِظُوا۟ مِن كِتَٰبِ ٱللَّهِ وَكَانُوا۟ عَلَيْهِ شُهَدَآءَ ۚ فَلَا تَخْشَوُا۟ ٱلنَّاسَ وَٱخْشَوْنِ وَلَا تَشْتَرُوا۟ بِـَٔايَٰتِى ثَمَنًۭا قَلِيلًۭا ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَٰفِرُونَ ۝٤٤

තව්රාත් (නමැති ධර්මයද) නියත වශයෙන්ම අපිම පහළ කර ඇත්තෙමු. එහි ඍජු මාර්ගය ඇත්තේය. දීප්තිමත් ආලෝකයද ඇත්තේය. (අල්ලාහ්ට) සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කළ නබිවරුන්, එමගින්ම යුදෙව්වන්ට (ධර්ම) නියෝගයන් දෙමින් සිටියහ. (ඔවුන්ගේ පඬිවරුන් වන) රබ්බීයූන්වරුන්ද, (ශාස්තෘවරුන් වන) අහ්බාර්වරුන්ද, අල්ලාහ්ගේ ධර්මය ආරක්ෂා කරන්නන් යන ආකාරයෙන් (එමගින්ම විනිශ්චය කරමින් සිටියහ. තවද මොවුන්) එයට සාක්ෂිකරුවන් වශයෙන්ද සිටියහ. (එසේ තිබියදී යුදෙව්වන් ප්‍රතික්ෂේප කර දැමුහ). එබැවින් (විශ්වාසවන්තයිනි!) ඔබ මිනිසුන්ට බිය නොවනු. (නමුත්) මටම බිය වනු. මගේ ආයාවන් එක් සුළු මුදලකට විකුණා නොදමනු. කවුරුන් අල්ලාහ් පහළ කළ දැය මගින් විනිශ්චය නොදෙන්නෝද, ඔවුන් නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ම වන්නාහ!

وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَآ أَنَّ ٱلنَّفْسَ بِٱلنَّفْسِ وَٱلْعَيْنَ بِٱلْعَيْنِ وَٱلْأَنفَ بِٱلْأَنفِ وَٱلْأُذُنَ بِٱلْأُذُنِ وَٱلسِّنَّ بِٱلسِّنِّ وَٱلْجُرُوحَ قِصَاصٌۭ ۚ فَمَن تَصَدَّقَ بِهِۦ فَهُوَ كَفَّارَةٌۭ لَّهُۥ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ ۝٤٥

ඔවුන් වෙනුවෙන් එහි (ඔවුන්ගේ ධර්මය වන තව්රාතයෙහි) අපි මෙසේ නියම කර තිබුණෙමු: “පණට පණ, ඇසට ඇස, නහයට නහය, කණට කණ, දතට දත වශයෙන්ද, තුවාලවටද නියතවශයෙන්ම පළි ගනු ලබනු ඇත” යනුවෙනි. එහෙත් කවුරුන් හෝ පළි ගැනීම (ක්ෂමා කර), දානමානයක් වශයෙන් අත්හැර දැමුවහොත් එය ඔහුට (ඔහුගේ නපුරු ක්‍රියාවන්ට) වන්දි වශයෙන් වනු ඇත. කවුරුන් අල්ලාහ් පහළ කළ (ධර්ම නියමයන්ට) අනුව විනිශ්චය නොකළෝද, ඔවුන් නියත වශයෙන්ම අපරාධකරුවන්ය!

وَقَفَّيْنَا عَلَىٰٓ ءَاثَٰرِهِم بِعِيسَى ٱبْنِ مَرْيَمَ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلتَّوْرَىٰةِ ۖ وَءَاتَيْنَٰهُ ٱلْإِنجِيلَ فِيهِ هُدًۭى وَنُورٌۭ وَمُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلتَّوْرَىٰةِ وَهُدًۭى وَمَوْعِظَةًۭ لِّلْمُتَّقِينَ ۝٤٦

(පෙර විසූ නබිවරුන් වන) ඔවුන්ගේ පා සටහන් වලම මර්යම්ගේ පුත් ඊසාවද අපි යැව්වෙමු. ඔහු තමාට පෙර තිබූ තව්රාතය සත්‍යය කර තබන්නෙකු වශයෙන් සිටියේය. තවද ඔහුට ඉන්ජීල් නමැති ධර්මයද අපි පහළ කළෙමු. එහිද ඍජු මාර්ගයද, දීප්තිමත් ආලෝකයද ඇත්තේය. එය තම පෙර තිබූ තව්රාතය සත්‍යය කර තබන්නේය. භය භක්තිකයින්ට එය ඍජු මාර්ගය (පෙන්වන්න)ක් වශයෙන්ද, හොඳ ඔවදනක් වශයෙන්ද ඇත්තේය.

وَلْيَحْكُمْ أَهْلُ ٱلْإِنجِيلِ بِمَآ أَنزَلَ ٱللَّهُ فِيهِ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَٰسِقُونَ ۝٤۷

එබැවින් ඉන්ජීලයට අයත් අය, එහි අල්ලාහ් දැනුම් දී ඇති (නියෝගයන්ට) අනුවම විනිශ්චය දිය යුතුය. කවුරුන් අල්ලාහ් පහළ කළ (නියෝගයන්ට) අනුව විනිශ්චය නොදුන්නෝද, ඔවුන් නියත වශයෙන්ම පාපතරයන්ය!

وَأَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلْكِتَٰبِ وَمُهَيْمِنًا عَلَيْهِ ۖ فَٱحْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ ۖ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ عَمَّا جَآءَكَ مِنَ ٱلْحَقِّ ۚ لِكُلٍّۢ جَعَلْنَا مِنكُمْ شِرْعَةًۭ وَمِنْهَاجًۭا ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَلَٰكِن لِّيَبْلُوَكُمْ فِى مَآ ءَاتَىٰكُمْ ۖ فَٱسْتَبِقُوا۟ ٱلْخَيْرَٰتِ ۚ إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ جَمِيعًۭا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ۝٤۸

(නබියේ! සම්පූර්ණයෙන්ම) සත්‍යයෙන් පිරි මෙම ධර්මයද, අපිම ඔබ කෙරෙහි පහළ කළෙමු. මෙය තමන්ට පෙර ඇති (අනිත්) ධර්මයන්ද, සත්‍යය කර තබන්නේය. තවද ඒවා ආරක්ෂා කරන්නක් වශයෙන්ද ඇත්තේය. එබැවින් (නබියේ!) ඔබ අල්ලාහ් (ඔබට) පහළ කළ මෙමගින්ම ඔවුන් අතරේ විනිශ්චය දෙනු. ඔබට පැමිණි සත්‍යය ප්‍රතික්ෂේප කර දමා ඔවුන්ගේ කැමැත්ත ඔබ අනුගමනය නොකරනු. ඔබගෙන් සෑම කෙනෙකුටම (සමූහයකටම) එක් එක් ධර්මයද, මාර්ගයද අපිම ඇති කළෙමු. අල්ලාහ් අදහස් කළා නම් ඔබ සියල්ලන්වම එකම (ධර්මය අනුගමනය) ජනතාවක් බවට පත් කර තිබිය හැකිය. එහෙත් ඔබට පහළ කළ දැයෙන් (ඔබ කෙසේ නම් කටයුතු කරන්නේද යන්න) ඔබව පිරීක්සුමට ලක් කිරීම සඳහාම (මෙසේ කර ඇත්තේය). එබැවින් (ඉස්ලාමීය) හොඳ දැය දෙසටම ඉක්මන් කර යනු. අල්ලාහ් දෙසටම ඔබ සියල්ලන්ම යා යුතුව ඇත්තේය. ඔබ කුමන (දැය කෙරෙහි මතභේද ඇති කරගෙන) තර්ක කරමින් සිටියේද, එය ඔහු, ඔබට හොඳින් දැනුම් දෙනු ඇත.

وَأَنِ ٱحْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ وَٱحْذَرْهُمْ أَن يَفْتِنُوكَ عَنۢ بَعْضِ مَآ أَنزَلَ ٱللَّهُ إِلَيْكَ ۖ فَإِن تَوَلَّوْا۟ فَٱعْلَمْ أَنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُصِيبَهُم بِبَعْضِ ذُنُوبِهِمْ ۗ وَإِنَّ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ لَفَٰسِقُونَ ۝٤۹

(නබියේ!) අල්ලාහ් පහළ කළ දැය මගින්ම ඔබ ඔවුන් අතරේ විනිශ්චය දෙනු මැනව! ඔබ ඔවුන්ගේ තැමැත්ත අනුගමනය නොකරනු. තවද ඔබට අල්ලාහ් පහළ කළ දැයෙන් කුමකින් හෝ ඔබව ඔවුන් හරවා නොයන ලෙසටද ඔබ ඔවුන් ගැන ප්‍රවේසමෙන් සිටිනු. (ඔබගේ තීන්දුව) ඔවුන් ප්‍රතික්ෂේප කර හැරියහොත් නියත වශයෙන්ම ඔබ දැන ගනු; ඔවුන්ගේ සමහර (දරුණු) පාපයන්ගේ හේතුවෙන් අල්ලාහ් (ඔවුන්ව දඬුවම් කිරීම පිණිස) ඔවුන්ට අමාරුකමක් දීමට අදහස් කරන්නේය. නියත වශයෙන්ම මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු පාපතරයන් වශයෙන්ම සිටින්නාහ.

أَفَحُكْمَ ٱلْجَٰهِلِيَّةِ يَبْغُونَ ۚ وَمَنْ أَحْسَنُ مِنَ ٱللَّهِ حُكْمًۭا لِّقَوْمٍۢ يُوقِنُونَ ۝٥۰

මිථ්‍යාදෘෂ්ටික කාලයේ නීති රීතිද මොවුන් කැමති වන්නේ? ස්ථීර වශයෙන් විශ්වාසය තැබූ ජනතාවට විනිශ්චය දීමෙහි අල්ලාහ්ට වඩා අලංකාරවත් කෙනා කවරෙක්ද?

۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ ٱلْيَهُودَ وَٱلنَّصَٰرَىٰٓ أَوْلِيَآءَ ۘ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍۢ ۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَإِنَّهُۥ مِنْهُمْ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ ۝٥١

විශ්වාසවන්තයිනි! යුදෙව්වන්වද, ක්‍රිස්තියානුවන්වද, (ඔබට) ආරක්ෂකයින් (අව්ලියා) බවට පත් කර නොගනු. (ඔබට සතුරුකම් කිරීමෙහි) ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට උදව්කරුවන් වශයෙන් සිටින්නාහ. ඔබගෙන් කවුරුන් හෝ ඔවුන්ව (තමන්ට) ආරක්ෂකයින් බවට පත් කර ගතහොත් නියත වශයෙන්ම ඔහුද ඔවුන්ගෙන් වූවෙකු වන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් (මෙම) අපරාධකාර ජනතාව (ඔවුන්ගේ නපුරු ක්‍රියාවන්හි හේතුවෙන්) ඍජු මාර්ගයෙහි ඇතුළු නොකරන්නේය.

فَتَرَى ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ يُسَٰرِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَىٰٓ أَن تُصِيبَنَا دَآئِرَةٌۭ ۚ فَعَسَى ٱللَّهُ أَن يَأْتِىَ بِٱلْفَتْحِ أَوْ أَمْرٍۢ مِّنْ عِندِهِۦ فَيُصْبِحُوا۟ عَلَىٰ مَآ أَسَرُّوا۟ فِىٓ أَنفُسِهِمْ نَٰدِمِينَ ۝٥٢

(නබියේ!) කවුරුන්ගේ හෘදයන්හි (වංචනිකභාවය නමැති) රෝගය ඇත්තේද, ඔවුන් වෙත (මිතුරුකම් පැවැත්වීමටම) ඔවුන් ඉක්මන් කර යාම ඔබ දකින්නෙහිය! (තවද “අපි ඔවුන්ව තරහ කර ගතහොත්) අපට යම්කිසි විපතක් සිදු වී යනු ඇතැයි අපි බිය වන්නෙමු” යයි ඔවුන් පවසන්නාහ. අල්ලාහ් තමන් වෙතින් ජයග්‍රහණය හෝ නැතහොත් එක (හොඳ) කාරණාවක් හෝ (ඉතාමත් සීඝ්‍රයෙන් ඔබට) දිය හැකිය. ඒ අතරම ඔවුන් තමන්ගේ හෘදයන් තුළ සඟවා තබා තිබූ (නපුරු අදහස්) ගැන ලජ්ජාවට පත් වන්නාහ.

وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَهَٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَٰنِهِمْ ۙ إِنَّهُمْ لَمَعَكُمْ ۚ حَبِطَتْ أَعْمَٰلُهُمْ فَأَصْبَحُوا۟ خَٰسِرِينَ ۝٥۳

විශ්වාසවන්තයින් (පරලොවදී) මොවුන්ව ගෙනහැර දක්වා “නියත වශයෙන්ම තමන්ද ඔබ සමග සිටින්නෝය යයි අල්ලාහ් මත ස්ථීරව දිව්රමින් සිටි අය මොවුන් නොවෙද?”යි පවසන්නාහ. මොවුන්ගේ ක්‍රියාවන් සියල්ල විනාශ වී ගියේය. එබැවින් (මොවුන්) පරාජිතයින් බවටම පත් වූහ.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِۦ فَسَوْفَ يَأْتِى ٱللَّهُ بِقَوْمٍۢ يُحِبُّهُمْ وَيُحِبُّونَهُۥٓ أَذِلَّةٍ عَلَى ٱلْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى ٱلْكَٰفِرِينَ يُجَٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَآئِمٍۢ ۚ ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ ۝٥٤

විශ්වාසවන්තයිනි! ඔබගෙන් කවුරුන් හෝ තමන්ගේ ධර්මයෙන් මාරු වුවහොත් (එමගින් අල්ලාහ්ට කිසිම පාඩුවක් නැත. ඔබව යවා) වෙනත් ජනතාවක් අල්ලාහ් ගෙන එනු ඇත. ඔහු ඔවුන්ව ප්‍රිය කරනු ඇත. ඔවුන්ද ඔහුව ප්‍රිය කරනු ඇත. ඔවුන් විශ්වාසය තැබූවන් වෙත යටත් පහත්ව කටයුතු කරනු ඇත. ප්‍රතික්ෂේප කරන්නන් වෙත හිතක් පපුවක් නොමැත්තන් වශයෙන් සිටිනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරන්නාහ. අවමන් ගෙන දෙන කිසිවෙකුගේ අවමානයටවත් ඔවුන් බිය නොවන්නාහ. මෙය අල්ලාහ්ගේ වරප්‍රසාදයකි. ඔහු කැමැත්තන්ටම මෙය ලබා දෙන්නේය. අල්ලාහ් ඉතාමත් විශාලවන්තයෙකු හා (සියල්ලන්වම) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

إِنَّمَا وَلِيُّكُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَٱلَّذِينَ ءَامَنُوا۟ ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُمْ رَٰكِعُونَ ۝٥٥

අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද (ඇත්තෙන්ම) තවත් කවුරුන් විශ්වාසය තබා, සලාතය නොකඩවා ඉටු කර, සකාතයද ගෙවා, (අල්ලාහ්ගේ නියෝගයන්ට සෑමවිටම) හිස නමා සිටින්නෝද, ඔවුන්ම නියත වශයෙන්ම ඔබගේ (සත්‍ය) සහායයන් වන්නාහ.

وَمَن يَتَوَلَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلَّذِينَ ءَامَنُوا۟ فَإِنَّ حِزْبَ ٱللَّهِ هُمُ ٱلْغَٰلِبُونَ ۝٥٦

තවද කවුරුන් අල්ලාහ්ද ඔහුගේ දූතයාවද, විශ්වාසය තැබූවන්වද, (තමන්ට) සහායයන් වශයෙන් ඇර ගන්නෝද, (ඔවුන්ම නියත වශයෙන්ම හිස්බුල්ලාහ් නමැති) අල්ලාහ්ගේ සමූහයන් (වන්නාහ). ඔවුන්ම නියත වශයෙන්ම ජයග්‍රාහකයින්ය.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ دِينَكُمْ هُزُوًۭا وَلَعِبًۭا مِّنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ وَٱلْكُفَّارَ أَوْلِيَآءَ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَ ۝٥۷

විශ්වාසවන්තයිනි! ඔබට පෙර ධර්මය ලබා දුන් අයගෙන්ද, ප්‍රතික්ෂේප කරන්නන්ගෙන්ද, කවුරුන් ඔබගේ ධර්මය සමච්චලයක් වශයෙන්ද, (පුහු) කෙළියක් වශයෙන්ද ඇර ගන්නෝද, ඔවුන්ව (ඔබට) සහායයන් වශයෙන් (හෝ ආරක්ෂකයින් වශයෙන් හෝ) නොගනු. ඔබ (සත්‍ය) විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, අල්ලාහ්ටම බිය වී (කටයුතු) කරනු. (මොවුන්ගෙන් කිසිවෙකුටත් බිය නොවනු).

وَإِذَا نَادَيْتُمْ إِلَى ٱلصَّلَوٰةِ ٱتَّخَذُوهَا هُزُوًۭا وَلَعِبًۭا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَعْقِلُونَ ۝٥۸

ඔබ (ඔවුන්ව) සලාතයට ආරාධනා කළහොත්, එය ඔවුන් සමච්චලයක් වශයෙන්ද, සෙල්ලමක් වශයෙන්ද ඇර ගන්නාහ. ඇත්තෙන්ම ඔවුන් (සම්පූර්ණයෙන්ම) නොදැනුවත් ජනතාවක් වශයෙන් සිටීමම මෙයට අයත් හේතුව වේ!

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ هَلْ تَنقِمُونَ مِنَّآ إِلَّآ أَنْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيْنَا وَمَآ أُنزِلَ مِن قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَٰسِقُونَ ۝٥۹

“ධර්මය හිමි අයවළුනි! අල්ලාහ්වද, තමන් වෙත පහළ කරන ලද (මෙම ධර්මය)ද, මෙයට පෙර (ඔබට) පහළ කරන ලද දැයද, අපි විශ්වාස කිරීම මිස, වෙන කිසියම් වැරැද්දක් ඔබ අප වෙත දකින්නෙහුද?”යි (නබියේ! ඔබ ඔවුන්ගෙන් විමසා) “නියත වශයෙන්ම ඔබගෙන් වැඩි දෙනෙකු පාපතරයන් වශයෙන් සිටින්නෙහුය. (ඔබට සරිලන ඵලවිපාක නිරයයි)” යයි පවසනු මැනව!

قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّۢ مِّن ذَٰلِكَ مَثُوبَةً عِندَ ٱللَّهِ ۚ مَن لَّعَنَهُ ٱللَّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ ٱلْقِرَدَةَ وَٱلْخَنَازِيرَ وَعَبَدَ ٱلطَّٰغُوتَ ۚ أُو۟لَٰٓئِكَ شَرٌّۭ مَّكَانًۭا وَأَضَلُّ عَن سَوَآءِ ٱلسَّبِيلِ ۝٦۰

“අල්ලාහ් වෙත ඇති මීටත් වඩා නපුරු ඵලවිපාක (අත් කර ගත් අයව) මා ඔබට දැනුම් දෙන්නද?”යි (නබියේ! ඔබ ඔවුන්ගෙන් විමසා), “අල්ලාහ් කවුරුන්ව ශාප කර, ඔවුන් මත කෝපයට පත්ව, ඔවුන්ගෙන් සමහරෙකුව වඳුරන් බවටද, ඌරන් බවටද පත් කළේද ඔවුන්ද, කවුරුන් බොරු දෙවිවරුන්ව නමදින්නෝද ඔවුන්ද, ඉතාමත් බාල වර්ගයේ අයයි. තවද ඔවුන් ඍජු මාර්ගයෙන් වැරද ගිය අයයි” යයි ඔබ පවසනු (මැනව!)

وَإِذَا جَآءُوكُمْ قَالُوٓا۟ ءَامَنَّا وَقَد دَّخَلُوا۟ بِٱلْكُفْرِ وَهُمْ قَدْ خَرَجُوا۟ بِهِۦ ۚ وَٱللَّهُ أَعْلَمُ بِمَا كَانُوا۟ يَكْتُمُونَ ۝٦١

(විශ්වාසවන්තයිනි!) මෙවැන්නන් ඔබ වෙත පැමිණියහොත් “අපි විශ්වාසය තැබූවෙමු” යයි පවසන්නාහ. එහෙත් නියත වශයෙන්ම ඔවුන් ප්‍රතික්ෂේපය (මනසෙහි) තබාගෙනම (ඔබ වෙත) පැමිණියහ. නියත වශයෙන්ම ඒ සමගම (ඔබ ඉදිරියේ සිට) ඔවුන් පිටමං වී ගියහ. ඔවුන් (තමන්ගේ හෘදයන් තුළ) සඟවා තබාගෙන ඇති දැය අල්ලාහ් ඉතාමත් හොඳින් දන්නේය.

وَتَرَىٰ كَثِيرًۭا مِّنْهُمْ يُسَٰرِعُونَ فِى ٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَأَكْلِهِمُ ٱلسُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَعْمَلُونَ ۝٦٢

(නබියේ!) ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පාපයටද, තහනම් කරන ලද දැය ගිල දැමීමටද, (ඉතාමත් තීව්‍රව) ඉක්මන් කර යනු ඔබ දකින්නෙහිය! ඔවුන් කරන දැය ඉතාමත් නපුරු දැයයි!

لَوْلَا يَنْهَىٰهُمُ ٱلرَّبَّٰنِيُّونَ وَٱلْأَحْبَارُ عَن قَوْلِهِمُ ٱلْإِثْمَ وَأَكْلِهِمُ ٱلسُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَصْنَعُونَ ۝٦۳

ඔවුන් (බොරු කියා) පාපතර වදන් කීමෙහිද, තහනම් කරන ලද දැය ගිල දැමීමෙහිද, (ඔවුන්ගේ පඬිවරුන් වන) රබ්බානියූන්වරුන් හෝ (පූජකයින් වන) අහ්බාර්වරුන් හෝ ඔවුන්ව වැළැක්විය යුතු නොවේද? මොවුන්ගේ ක්‍රියාවද ඉතාමත් නපුරුය.

وَقَالَتِ ٱلْيَهُودُ يَدُ ٱللَّهِ مَغْلُولَةٌ ۚ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُوا۟ بِمَا قَالُوا۟ ۘ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنفِقُ كَيْفَ يَشَآءُ ۚ وَلَيَزِيدَنَّ كَثِيرًۭا مِّنْهُم مَّآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَٰنًۭا وَكُفْرًۭا ۚ وَأَلْقَيْنَا بَيْنَهُمُ ٱلْعَدَٰوَةَ وَٱلْبَغْضَآءَ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ ۚ كُلَّمَآ أَوْقَدُوا۟ نَارًۭا لِّلْحَرْبِ أَطْفَأَهَا ٱللَّهُ ۚ وَيَسْعَوْنَ فِى ٱلْأَرْضِ فَسَادًۭا ۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلْمُفْسِدِينَ ۝٦٤

“අල්ලාහ්ගේ අත් බැඳ දමා ඇත්තේය” යයි මෙම යුදෙව්වන් පවසන්නාහ. (එසේ නොව). ඔවුන්ගේ අත්ම බැඳ දමා ඇත්තේය. තවද මෙසේ ඔවුන් පැවසීමේ හේතුවෙන් ඔවුන්ව ශාප කර දමන ලදී. අල්ලාහ්ගේ අත් නම්, (සෑම විටම) දිග හැරම ඇත්තේය. ඔහු කැමති සෑම අන්දමටම (ගොඩ) ගොඩවල් ලබා දෙන්නේය. නමුත් ඔබගේ දෙවියන් විසින් ඔබට පහළ කරන ලද මෙම ධර්මය ඔවුන්ගෙන් වැඩි ජනතාවකට නපුරද, ප්‍රතික්ෂේපයද වැඩි කර හරින්නේය. එබැවින් අපි ඔවුන් අතරේ වෛරයද, ක්‍රෝධයද විනිශ්චය දින දක්වා (සිටින සේ) වපුරා හැරියෙමු. ඔවුන් (විශ්වාසවන්තයින් අතරේ) යුද ගිනි අවුළුවන සෑම විටම, අල්ලාහ් එය නිවා දමන්නේය. නමුත් (තවත්) ඔවුන් භූමියෙහි නපුර කරමින්ම ඒ මේ අත සැරිසරන්නාහ. අල්ලාහ් නපුර කරන්නන්ව ප්‍රිය නොකරන්නේය.

وَلَوْ أَنَّ أَهْلَ ٱلْكِتَٰبِ ءَامَنُوا۟ وَٱتَّقَوْا۟ لَكَفَّرْنَا عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَأَدْخَلْنَٰهُمْ جَنَّٰتِ ٱلنَّعِيمِ ۝٦٥

ධර්මය හිමි මොවුන් ඇත්තෙන්ම විශ්වාසය තබා (අල්ලාහ්ට) බිය වී (කටයුතු කර) තිබුණේ නම් (එය) ඔවුන්ගේ පාපයන්ට වන්දි වශයෙන් බවට පත් කර, සියලූ සුවයන්ගෙන් පිරි ස්වර්ගයන්හි ඔවුන් ඇතුළු වන ලෙසට නියත වශයෙන්ම අපි සලස්වන්නෙමු.

وَلَوْ أَنَّهُمْ أَقَامُوا۟ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيْهِم مِّن رَّبِّهِمْ لَأَكَلُوا۟ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم ۚ مِّنْهُمْ أُمَّةٌۭ مُّقْتَصِدَةٌۭ ۖ وَكَثِيرٌۭ مِّنْهُمْ سَآءَ مَا يَعْمَلُونَ ۝٦٦

තව්රාතයද ඉන්ජීලයද, ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ඔවුන්ට පහළ කරන ලද (අනිත්) ධර්මයන්ද, (ඇත්තෙන්ම) ඔවුන් බාරගෙන අනුගමනය කර තිබුණේ නම් (කිසිම අමාරුකමක් නොමැතිව) ඔවුන්ට ඉහළින් (අහසින්)ද, ඔවුන්ගේ පාදයන්ට යටින් (භූමියෙන්)ද අනුභව කරන්නට ඉඩ තිබුණි. නමුත් ඔවුන්ගෙන් සමහරෙක්ම (ඍජු මාර්ගයෙහි සිටින) දැහැමි ජනතාවක් වශයෙන් සිටින්නාහ. ඔවුන්ගෙන් බහුතරයක් කරන ක්‍රියාවන් ඉතාමත් නපුරු දැය වශයෙන්ම ඇත්තේය.

۞ يَٰٓأَيُّهَا ٱلرَّسُولُ بَلِّغْ مَآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُۥ ۚ وَٱللَّهُ يَعْصِمُكَ مِنَ ٱلنَّاسِ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَٰفِرِينَ ۝٦۷

(අපගේ) දූතයාණෙනි! ඔබගේ දෙවියන්ගෙන් ඔබට පහළ කරන ලද දැය (කිසිම අඩුපාඩුවකින් තොරව ඔවුන්ට) දැනුම් දී හරිනු. ඔබ (එසේ) නොකළහොත් ඔවුන්ගේ දූත මෙහෙවර ඔබ ඉටු කළ කෙනෙකු බවට පත් වන්නේ නැත. (මෙහිදී ඔබ කිසිවෙකුටත් බිය නොවනු!). මිනිසුන්ගේ (නපුරෙ)න් අල්ලාහ් ඔබව (ආරක්ෂා කර) බේරා ගනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු නොකරන්නේය.

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لَسْتُمْ عَلَىٰ شَىْءٍ حَتَّىٰ تُقِيمُوا۟ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ ۗ وَلَيَزِيدَنَّ كَثِيرًۭا مِّنْهُم مَّآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَٰنًۭا وَكُفْرًۭا ۖ فَلَا تَأْسَ عَلَى ٱلْقَوْمِ ٱلْكَٰفِرِينَ ۝٦۸

(නබියේ! ඔවුන්ට) “ධර්මය හිමි අයවළුනි! ඔබ තව්රාතයද ඉන්ජීලයද ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ඔබට පහළ කරන ලද (අනිත්) ධර්මයන්ද (ඇත්තෙන්ම) ඔබ නොකඩවා ඉටු කර අනුගමනය කරන තුරු ඔබ කිසිවකටත් අයත් කෙනෙකු නොව” යයි ඔබ කියනු. ඔබගේ දෙවියන්ගෙන් ඔබට පහළ කරන ලද මෙම ධර්මය ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට අපරාධයද, ප්‍රතික්ෂේපයද නියත වශයෙන්ම වැඩි කර තබනු ඇත. එබැවින් මෙම ප්‍රතික්ෂේප කරන ජනතාව වෙනුවෙන් ඔබ දුක් නොවනු (මැනව!)

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلصَّٰبِـُٔونَ وَٱلنَّصَٰرَىٰ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَعَمِلَ صَٰلِحًۭا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ۝٦۹

විශ්වාසය තැබූවන්ගෙන්ද, යුදෙව්වන්ගෙන්ද, සාබීඊන්වරුන්ගෙන්ද, ක්‍රිස්තියානුවන්ගෙන්ද, කවුරුන් (ඇත්තෙන්ම) අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම කිසිම බියක් නැත. ඔවුන් දුක් නොවන්නාහ.

لَقَدْ أَخَذْنَا مِيثَٰقَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَأَرْسَلْنَآ إِلَيْهِمْ رُسُلًۭا ۖ كُلَّمَا جَآءَهُمْ رَسُولٌۢ بِمَا لَا تَهْوَىٰٓ أَنفُسُهُمْ فَرِيقًۭا كَذَّبُوا۟ وَفَرِيقًۭا يَقْتُلُونَ ۝۷۰

නියත වශයෙන්ම ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් (අපගේ දූතයින්ව අනුගමනය කරන මෙන්) පොරොන්දු ලබාගෙන, ඔවුන් වෙත අපගේ දූතයින් බොහොම දෙනෙකු අපි යැව්වෙමු. (එහෙත්) ඔවුන්ගේ මනස කැමති නොවූ දැයක් (නියෝගයක් අපගේ) දූතයා ඔවුන් වෙත ගෙන ආ සෑම විටම (එම දූතයින්ගෙන්) සමහරෙකුව බොරුකාරයින් යයි පැවසූ අතර සමහරෙකුව ඝාතනය කරමින්ම සිටියහ.

وَحَسِبُوٓا۟ أَلَّا تَكُونَ فِتْنَةٌۭ فَعَمُوا۟ وَصَمُّوا۟ ثُمَّ تَابَ ٱللَّهُ عَلَيْهِمْ ثُمَّ عَمُوا۟ وَصَمُّوا۟ كَثِيرٌۭ مِّنْهُمْ ۚ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا يَعْمَلُونَ ۝۷١

(මෙමගින් තමන්ට) කිසිම විපතක් ඇති වන්නේ නැත යයි ඔවුන් සිතා ගත්හ! එබැවින් ඔවුන් (සත්‍යය දැක ගත නොහැකි) අන්ධයින් බවටද, (එය ඇසීමට නොහැකි) බිහිරන් බවටද පත් වූහ. මින් පසුවද අල්ලාහ් ඔවුන්ට සමාව දුන්නේය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක්, පසුවත් අන්ධයින් වශයෙන්ද, බිහිරන් වශයෙන්ද සිටින්නාහ. නමුත් අල්ලාහ් ඔවුන් කළ දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය.

لَقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ هُوَ ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ ۖ وَقَالَ ٱلْمَسِيحُ يَٰبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱعْبُدُوا۟ ٱللَّهَ رَبِّى وَرَبَّكُمْ ۖ إِنَّهُۥ مَن يُشْرِكْ بِٱللَّهِ فَقَدْ حَرَّمَ ٱللَّهُ عَلَيْهِ ٱلْجَنَّةَ وَمَأْوَىٰهُ ٱلنَّارُ ۖ وَمَا لِلظَّٰلِمِينَ مِنْ أَنصَارٍۢ ۝۷٢

“නියත වශයෙන්ම මර්යම්ගේ පුත් මසීහ්, අල්ලාහ්ය” යයි පැවසූ අයද ඇත්තෙන්ම ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූහ. එහෙත් එම මසීහ් නම්, “ඉස්රායීල පරම්පරාවේ දරුවනි! මගේ දෙවියන්ද, ඔබගේ දෙවියන්ද වන අල්ලාහ්වම නමදිනු” යයිම පැවසූහ. කවුරුන් අල්ලාහ්ට සමානයන් තබන්නේද, ඔහුට නියත වශයෙන්ම අල්ලාහ් ස්වර්ගය වළක්වා හරින්නේය. ඔහු රැෙඳන ස්ථානය නිරයයි. (මෙවැනි) අපරාධකරුවන්ට (විනිශ්චය දිනදී) උදව් කරන්නන් කිසිවෙකුත් නැත”.

لَّقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ ثَالِثُ ثَلَٰثَةٍۢ ۘ وَمَا مِنْ إِلَٰهٍ إِلَّآ إِلَٰهٌۭ وَٰحِدٌۭ ۚ وَإِن لَّمْ يَنتَهُوا۟ عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ عَذَابٌ أَلِيمٌ ۝۷۳

“නියත වශයෙන්ම අල්ලාහ් (පියා, සුදන්, පරිශුද්ධ ආත්මය ආදී මෙම) තිදෙනාගෙන් කෙනෙකි” යයි පැවසූ අයද, නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූහ. මන්දයත් (එකම) එක දෙවියෙකු මිස, වෙන කිසිම දෙවියෙකු (ඇත්තේම) නැත. එබැවින් (මෙසේ) ඔවුන් පවසන දැයෙන් ඈත් නොවුවහොත්, (මෙසේ පැවසූ) ඔවුන්ගෙන් වූ ප්‍රතික්ෂේප කරන්නන්ව නියත වශයෙන්ම වේදනා ගෙන දෙන දඬුවම පැමිණ සේන්දු වනු ඇත.

أَفَلَا يَتُوبُونَ إِلَى ٱللَّهِ وَيَسْتَغْفِرُونَهُۥ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ۝۷٤

මොවුන් අල්ලාහ් දෙසට හැරී ඔහු වෙතින් (තමන්ගේ වැරදිවලට) සමාව ඉල්ලා ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? අල්ලාහ් නම්, ඉතාමත් පව් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ම සිටින්නේය.

مَّا ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ إِلَّا رَسُولٌۭ قَدْ خَلَتْ مِن قَبْلِهِ ٱلرُّسُلُ وَأُمُّهُۥ صِدِّيقَةٌۭ ۖ كَانَا يَأْكُلَانِ ٱلطَّعَامَ ۗ ٱنظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ ٱلْءَايَٰتِ ثُمَّ ٱنظُرْ أَنَّىٰ يُؤْفَكُونَ ۝۷٥

මර්යම්ගේ පුත් මසීහ් එක් දූතයෙකු මිස, (දෙවියන් හෝ දෙවියන්ගේ පුත්‍රයාණන් හෝ) නොව. මොහුට පෙරද, (මොහු මෙන්) දූතයින් බොහොමයක් දෙනා (පැමිණ) ගියහ. ඔහුගේ මවද (දෙවියෙකු නොව. ඇය ඉතාමත් සත්‍යයෙන් පිරි) එක් සත්‍යවන්තියක් වශයෙන්ම සිටියාය. මේ දෙදෙනාම (මෙලොවෙහි සිටි කාලය පුරා අනිත් මිනිසුන් මෙන්) ආහාර අනුභව කරමින්ම (ජීවත්ව) සිටියහ. (එබැවින් මේ දෙදෙනා කෙසේ නම් දෙවිවරුන් වන්නෙහුද? මෙය) අපි විවිධ සාධකයන් මගින් ඔවුන්ට කෙසේ නම් පැහැදිලි කර ඇත්තේද යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු. (ඇත්තෙන්ම) ඔවුන් කොපමණ දුරක් නම් ඈත් වී ගියෙහුද යන්න ඔබ අවධානය කර බලනු.

قُلْ أَتَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمْلِكُ لَكُمْ ضَرًّۭا وَلَا نَفْعًۭا ۚ وَٱللَّهُ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ۝۷٦

(තවද ඔවුන්ට) “ඔබට යම්කිසි හොඳක් හෝ විපතක් හෝ කිරීමට ශක්තියක් නොමැති අල්ලාහ් නොවන දැයද ඔබ නමදින්නේ?” යයි (නබියේ!) ඔබ විමසනු. නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لَا تَغْلُوا۟ فِى دِينِكُمْ غَيْرَ ٱلْحَقِّ وَلَا تَتَّبِعُوٓا۟ أَهْوَآءَ قَوْمٍۢ قَدْ ضَلُّوا۟ مِن قَبْلُ وَأَضَلُّوا۟ كَثِيرًۭا وَضَلُّوا۟ عَن سَوَآءِ ٱلسَّبِيلِ ۝۷۷

“ධර්මය හිමි අයවළුනි! ඔබ ඔබගේ ධර්මයෙහි සත්‍යය නොවන දැය ලොකු කර පවසා (සීමාව ඉක්මවා) නොයනු. තවද මෙයට පෙර (මෙසේ) මාර්ගය වැරද ගිය ජනතාවගේ කැමත්තද, ඔබ අනුගමනය නොකරනු. (මන්දයත්) ඔවුන් බොහොමයක් දෙනාව මාර්ගය වැරද යන්නට සැලැස්වූ අතර තමන්ද ඍජු මාර්ගයෙන් ඈත් වූහ” යයිද (නබියේ!) ඔබ පවසනු මැනව!

لُعِنَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَلَىٰ لِسَانِ دَاوُۥدَ وَعِيسَى ٱبْنِ مَرْيَمَ ۚ ذَٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ ۝۷۸

ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් කවුරුන් ප්‍රතික්ෂේප කළෝද ඔවුන්ව, දාවූද්, මර්යම්ගේ පුත් ඊසා ආදී මොවුන්, මුවින්ද ශාප කරනු ලැබ ඇත්තාහ. මන්දයත් ඔවුන් (ඒ කාලයේදීද) සීමාව ඉක්මවාද, පාපයන් කරමින්ද සිටියහ.

كَانُوا۟ لَا يَتَنَاهَوْنَ عَن مُّنكَرٍۢ فَعَلُوهُ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَفْعَلُونَ ۝۷۹

(තවද) ඔවුන් කරමින් සිටි කුමන තහනම් කරන ලද කාරණාවක් හෝ කෙනෙකුට කෙනෙකු වළක්වා හැරියේද නැත. ඔවුන් කරමින් සිටි දැයද නියත වශයෙන්ම ඉතාමත් නපුරුය.

تَرَىٰ كَثِيرًۭا مِّنْهُمْ يَتَوَلَّوْنَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنفُسُهُمْ أَن سَخِطَ ٱللَّهُ عَلَيْهِمْ وَفِى ٱلْعَذَابِ هُمْ خَٰلِدُونَ ۝۸۰

ඔවුන්ගෙන් බහුතරයක් ප්‍රතික්ෂේප කරන්නන්ව මිතුරුකමට සේන්දු කර ගැනීම (නබියේ!) ඔබ දකින්නෙහිය! අල්ලාහ් ඔවුන් මත කෝප වන සේ, ඔවුන් තමන්ට තමන්ම සොයා යැවූ දැය ඉතාමත් නපුරුය. ඔවුන් (නිරා) ගින්නෙහි සදහටම රැඳී සිටින්නාහ.

وَلَوْ كَانُوا۟ يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلنَّبِىِّ وَمَآ أُنزِلَ إِلَيْهِ مَا ٱتَّخَذُوهُمْ أَوْلِيَآءَ وَلَٰكِنَّ كَثِيرًۭا مِّنْهُمْ فَٰسِقُونَ ۝۸١

ඔවුන් අල්ලාහ්වද මෙම නබිවරයාවද ඔහුට පහළ කරන ලද දැයද (ධර්මයද, ඇත්තෙන්ම) විශ්වාස කර තිබුණේ නම්, (ප්‍රතික්ෂේප කළ) ඔවුන්ව (තමන්ට) මිතුරන් බවට පත් කර ගන්නට ඉඩ නොතිබිණි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් පාපතරයන් වශයෙන්ම සිටින්නාහ.

۞ لَتَجِدَنَّ أَشَدَّ ٱلنَّاسِ عَدَٰوَةًۭ لِّلَّذِينَ ءَامَنُوا۟ ٱلْيَهُودَ وَٱلَّذِينَ أَشْرَكُوا۟ ۖ وَلَتَجِدَنَّ أَقْرَبَهُم مَّوَدَّةًۭ لِّلَّذِينَ ءَامَنُوا۟ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّا نَصَٰرَىٰ ۚ ذَٰلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًۭا وَأَنَّهُمْ لَا يَسْتَكْبِرُونَ ۝۸٢

(නබියේ!) යුදෙව්වන්ද, සමානයන් තබා නමදින්නන්ද, විශ්වාසවන්තයින්ට මිනිසුන් සියල්ලන්ගෙන්ම දරුණු සතුරන් බවට සිටිනු නියත වශයෙන්ම ඔබ දකින්නෙහිය! කවුරුන් තමන්ව ක්‍රිස්තියානුවන් යයි පවසන්නෝද, ඔවුන් විශ්වාසවන්තයින්ට (ඔවුන්ට වඩා) ස්නේහවන්තභාවයෙන් ඉතාමත් සමීපස්තයන් බවට දකින්නෙහිය! මන්දයත් ඔවුන්ගෙන් (ඉගෙන ගත්) පඬිවරුන්ද, සන්‍යාසිවරුන්ද සිටින්නාහ. තවද ඔවුන් උඬගු වන්නේද නැත.

وَإِذَا سَمِعُوا۟ مَآ أُنزِلَ إِلَى ٱلرَّسُولِ تَرَىٰٓ أَعْيُنَهُمْ تَفِيضُ مِنَ ٱلدَّمْعِ مِمَّا عَرَفُوا۟ مِنَ ٱلْحَقِّ ۖ يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱكْتُبْنَا مَعَ ٱلشَّٰهِدِينَ ۝۸۳

තවද (මෙවැන්නන්ගෙන් බොහොමයක් දෙනා අපගේ) දූතයා කෙරෙහි පහළ කරන ලද දැයට සවන් දුන්නහොත් සත්‍යය ඔවුන් වටහා ගන්නා හේතුවෙන් ඔවුන්ගේ ඇස්වලින් කඳුළු ගලනු දකින්නෙහිය. (තවද) “අපගේ දෙවියනේ! (මෙම ධර්මය) අපි විශ්වාස කළෙමු. එබැවින් (මෙම ධර්මය සත්‍යය යයි) සාක්ෂි දරන්නන් සමග අපවද ඔබ සටහන් කරනු මැනව!” යයි (ප්‍රාර්ථනා කරමින්) පවසන්නාහ.

وَمَا لَنَا لَا نُؤْمِنُ بِٱللَّهِ وَمَا جَآءَنَا مِنَ ٱلْحَقِّ وَنَطْمَعُ أَن يُدْخِلَنَا رَبُّنَا مَعَ ٱلْقَوْمِ ٱلصَّٰلِحِينَ ۝۸٤

“තවද අල්ලාහ්වද (ඔහු වෙතින්) අපට පැමිණි සත්‍යය (ධර්මය)ද අපි විශ්වාස නොකර සිටීමට අපට කුමන (තහනමක්ද? දැහැමි දැය කළ) හොඳ අය සමග අපවද, අපගේ දෙවියන් එක්කාසු කර තැබීමම අපි ආශා කරන්නෙමු” යයිද (පවසන්නාහ).

فَأَثَٰبَهُمُ ٱللَّهُ بِمَا قَالُوا۟ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَآءُ ٱلْمُحْسِنِينَ ۝۸٥

ඔවුන් මෙසේ කීමේ හේතුවෙන් සදාකල් ජල දහරා ගලා බසිමින් ඇති ස්වර්ගයන් අල්ලාහ් ඔවුන්ට ඵලවිපාක වශයෙන් ලබා දෙනු ඇත. ඒවායෙහි ඔවුන් (සදහටම) රැෙඳන්නාහ. මෙයම දැහැමි ක්‍රියාවන් කරන්නන්ට අයත් ඵලවිපාක වන්නේය.

وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَحِيمِ ۝۸٦

කවුරුන් (අපගේ දූතයාව) ප්‍රතික්ෂේප කර, තම ආයාවන්ද බොරු කර හරින්නෝද, ඔවුන් නිරාවාසීන්ය!

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُحَرِّمُوا۟ طَيِّبَٰتِ مَآ أَحَلَّ ٱللَّهُ لَكُمْ وَلَا تَعْتَدُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُعْتَدِينَ ۝۸۷

විශ්වාසවන්තයිනි! අල්ලාහ් ඔබට අනුමත කරනු ලැබ ඇති පරිශුද්ධ වූ දැය, ඔබ අනුමත නැති දැය බවට පත් කර නොගනු. තවද ඔබ සීමාව ඉක්මවාද නොයනු. නියත වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන්ව ප්‍රිය කරන්නේ නැත.

وَكُلُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلًۭا طَيِّبًۭا ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ أَنتُم بِهِۦ مُؤْمِنُونَ ۝۸۸

අල්ලාහ් ඔබට ලබා දුන් දැයෙන් (ඔබ ආහාරයට ගැනීමට) අනුමත කරනු ලැබ ඇති දැයද, හොඳ දැයද අනුභව කරනු. ඔබ කවුරුන්ව විශ්වාස කර ඇත්තේද එම අල්ලාහ්ටම බිය වනු.

لَا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغْوِ فِىٓ أَيْمَٰنِكُمْ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ ٱلْأَيْمَٰنَ ۖ فَكَفَّٰرَتُهُۥٓ إِطْعَامُ عَشَرَةِ مَسَٰكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍۢ ۖ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٍۢ ۚ ذَٰلِكَ كَفَّٰرَةُ أَيْمَٰنِكُمْ إِذَا حَلَفْتُمْ ۚ وَٱحْفَظُوٓا۟ أَيْمَٰنَكُمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَٰتِهِۦ لَعَلَّكُمْ تَشْكُرُونَ ۝۸۹

ඔබගේ පුහු දිව්රුම් මගින් අල්ලාහ් ඔබව (වැරැද්දට) හසු කරන්නේ නැත. එහෙත් (යම් කිසිවක්) ස්ථීර කර හැරීමට ඔබ කරන දිව්රුම ගැන (එහි වැරැද්දක් කළහොත්) ඔබව හසු කර ගනු ඇත. (එහි වැරැද්දක් ඇති වුවහොත්) එයට වන්දි වශයෙන් ඔබ, ඔබගේ පවුලේ උදවියට දෙමින් සිටින ආහාර වේලකින් මධ්‍යස්ථ වර්ගයේ (ආහාර) වේල් දහයක් දුප්පතුන්ට ලබා දිය යුතුය. නැතහොත් (එසේම) ඔවුන්ට ඇඳුම් ලබා දිය යුතුය. නැතහොත් එක් වහලෙකු නිදහස් කර හැරිය යුතුය. (වන්දි වශයෙන් ලබා දිය යුතු මේවායෙන් කිසිවක්) කවුරුන් හෝ නොලදහොත් ඔහු දින තුනක් උපවාසයේ යෙදිය යුතුය. ඔබ දිව්රන විට, (ඔබගේ දිව්රුම ඉටු කිරීමට නොහැකි වුවහොත්) ඔබ කරන දිව්රුමට අයත් වන්දිය මෙයයි. එහෙත් ඔබ ඔබගේ දිව්රුම් (ඉතාමත් ප්‍රවේසමෙන් යුතුව කටයුතු කර) ආරක්ෂා කර ගනු. ඔබ අල්ලාහ්ට කෘතඥ වීම පිණිස, ඔහු තමන්ගේ ආයාවන් මෙසේ ඔබට විවරණය කරන්නේය.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّمَا ٱلْخَمْرُ وَٱلْمَيْسِرُ وَٱلْأَنصَابُ وَٱلْأَزْلَٰمُ رِجْسٌۭ مِّنْ عَمَلِ ٱلشَّيْطَٰنِ فَٱجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ ۝۹۰

විශ්වාසවන්තයිනි! නියත වශයෙන්ම මත්පැනද, සූදු කෙළියද, පිළිරූ ආරාධනයද, දුන්නෙන් විද නිවිති බැලීමද ෂෙයිතාන්ගේ පිළිකුල් සහගත වැඩ කටයුතු වළින් ඇති ඒවා වන්නේය. එබැවින් මේවායෙන් ඔබ ඈත් වනු. (එමගින්) ඔබ ජයග්‍රහණය කරනු ඇත.

إِنَّمَا يُرِيدُ ٱلشَّيْطَٰنُ أَن يُوقِعَ بَيْنَكُمُ ٱلْعَدَٰوَةَ وَٱلْبَغْضَآءَ فِى ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ ۝۹١

මත්පැන් මගින්ද, සූදු කෙළිය මගින්ද, ඔබ අතරේ වෛරයද, ක්‍රෝධයද ඇති කිරීමටද, අල්ලාහ්ගේ මතකයෙන්ද, සලාතයෙන්ද, ඔබව වළක්වා හැරීමටම නියත වශයෙන්ම ෂෙයිතාන් කැමති වන්නේය. (එබැවින් ඒවායෙන්) ඔබ ඈත් වන්නෙහුද?

وَأَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَٱحْذَرُوا۟ ۚ فَإِن تَوَلَّيْتُمْ فَٱعْلَمُوٓا۟ أَنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلْبَلَٰغُ ٱلْمُبِينُ ۝۹٢

අල්ලාහ්ටම අවනත වනු. (අල්ලාහ්ගේ) දූතයාටද අවනත වනු. (ඔවුන්ට වෙනස්කම් නොකර) ප්‍රවේසමෙන් සිටිනු. (මෙය) ඔබ ප්‍රතික්ෂේප කර හැරියහොත් (අපගේ නියෝගයන් ඔබට) පැහැදිලිව ගෙනහැර දැක්වීම පමණක්ම අපගේ දූතයා කෙරෙහි අනිවායදැය වන්නේය යන්න නියත වශයෙන්ම ඔබ දැන ගනු.

لَيْسَ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جُنَاحٌۭ فِيمَا طَعِمُوٓا۟ إِذَا مَا ٱتَّقَوا۟ وَّءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ ثُمَّ ٱتَّقَوا۟ وَّءَامَنُوا۟ ثُمَّ ٱتَّقَوا۟ وَّأَحْسَنُوا۟ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ ۝۹۳

විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නන් (තහනම් කරන ලද ආහාරවලින්) කිසිවක් (එය තහනම් කරනු ලැබීමට පෙර) අනුභව කර තිබුණේ නම්, (එය) ඔවුන් කෙරෙහි වරදක් නැත. ඔවුන් (තහනම් කරනු ලැබීමෙන් පසු ඒවායෙන්) ඈත් වී විශ්වාසය මතම ස්ථීර වශයෙන් සිටිමින්, දැහැමි ක්‍රියාවන්ද කරමින් (අනිත් පාපයන්ගෙන්ද) ඈත් වී විශ්වාසය ස්ථීර කර, (අල්ලාහ්ට) බිය වී (අන් අයට) යහපතක්ම කරමින් සිටියහොත් (ප්‍රමාණවත්ය. එබැවින් තහනම් කරන ලද දැය කළින් ආහාරයට ගැනීම ගැන වරදට හසු කරන්නේ නැත). අල්ලාහ් (මෙවැනි) හොඳ අයවම ප්‍රිය කරන්නේය.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَيَبْلُوَنَّكُمُ ٱللَّهُ بِشَىْءٍۢ مِّنَ ٱلصَّيْدِ تَنَالُهُۥٓ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ ٱللَّهُ مَن يَخَافُهُۥ بِٱلْغَيْبِ ۚ فَمَنِ ٱعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٌۭ ۝۹٤

විශ්වාසවන්තයිනි! ඔබ ඉහ්රාම් හැඳ සිටින අවස්ථාවේදී) ඔබගේ අත්ද, ඔබගේ ඊතලද, (පහසුවෙන්) ලබා ගත හැකි යම්කිසි දඬයම් වස්තුවක් මගින්ද නියත වශයෙන්ම අල්ලාහ් ඔබව පරීක්ෂා කරනු ඇත. රහසින්ද අල්ලාහ්ට බිය වන අය කවුදැයි යන්න ඔහු දැනුම් (දීම) සඳහාම (මෙසේ කරන්නේය). මින් පසුව කවුරුන් හෝ (අල්ලාහ්ගේ නියෝගය) කඩ කළහොත් ඔහුට වේදනා ගෙනදෙන දඬුවම් ඇත.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقْتُلُوا۟ ٱلصَّيْدَ وَأَنتُمْ حُرُمٌۭ ۚ وَمَن قَتَلَهُۥ مِنكُم مُّتَعَمِّدًۭا فَجَزَآءٌۭ مِّثْلُ مَا قَتَلَ مِنَ ٱلنَّعَمِ يَحْكُمُ بِهِۦ ذَوَا عَدْلٍۢ مِّنكُمْ هَدْيًۢا بَٰلِغَ ٱلْكَعْبَةِ أَوْ كَفَّٰرَةٌۭ طَعَامُ مَسَٰكِينَ أَوْ عَدْلُ ذَٰلِكَ صِيَامًۭا لِّيَذُوقَ وَبَالَ أَمْرِهِۦ ۗ عَفَا ٱللَّهُ عَمَّا سَلَفَ ۚ وَمَنْ عَادَ فَيَنتَقِمُ ٱللَّهُ مِنْهُ ۗ وَٱللَّهُ عَزِيزٌۭ ذُو ٱنتِقَامٍ ۝۹٥

විශ්වාසවන්තයිනි! ඔබ ඉහ්රාම් හැඳ සිටින අවස්ථවේදී දඩයම් සතූන් නොමරනු. ඔබගෙන් කවුරුන් හෝ එය (වැරදීමකින් මිස), මැරීමේ චේතනාවෙන්ම මැරුවහොත් එළු, බැටළු, ගව, ඔටුවන් වැනි සතුන් ආදියෙන් එයට සමාන වන දැයක් වන්දි වශයෙන් දිය යුතුය. ඔබගෙන් දැහැමි කෙනෙකු එයට සමාන යයි තීන්දුවක් (දෙන දැයක් වන්දි වශයෙන්) දිය යුතුය. (මෙය) පඬුරක් වශයෙන් කඃබාවට යැවිය යුතුය. නැතහොත් (එහි වටිනාකමට) දුප්පතුන්ට ආහාර ලබා දීම මගින් වන්දි ගෙවිය යුතුය. (වන්දි ගෙවීමට වස්තුව නොමැති අය) තමන් කළ ක්‍රියාවෙහි ඵලවිපාක විඳීම සඳහා (ගණනයෙන්) එයට සමාන වන (දින ගණනක්) උපවාසයේ යෙදිය යුතුය. (මෙයට) පෙර සිදු වූ දැය අල්ලාහ් ක්ෂමා කර හැරියේය. (මෙවැනි වැරදි කිරීමට) කවුරුන් හෝ (පසුවද) නැවතත් ඉදිරිපත් වුවහොත් අල්ලාහ් ඔහුගෙන් එවැනි දැයක් (දඬුවමට) වන්දි වශයෙන් අත්කර ගනු ඇත. අල්ලාහ් (සියල්ලටම) බලසම්පන්න වන අතර දඬුවම් කරන්නෙකු වශයෙන්ද සිටින්නේය.

أُحِلَّ لَكُمْ صَيْدُ ٱلْبَحْرِ وَطَعَامُهُۥ مَتَٰعًۭا لَّكُمْ وَلِلسَّيَّارَةِ ۖ وَحُرِّمَ عَلَيْكُمْ صَيْدُ ٱلْبَرِّ مَا دُمْتُمْ حُرُمًۭا ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ إِلَيْهِ تُحْشَرُونَ ۝۹٦

(විශ්වාසවන්තයිනි!) ජලයෙහි දඬයම් කිරීමද, ඒවා ආහාර වශයෙන් ගැනීමද, (ඉහ්රාම් හැඳ සිටින) ඔබටද, (අනිත්) වන්ඳනාකරුවන්ටද, ප්‍රයෝජනයක් අත් කර දීමේ අදහසින් අනුමත කරනු ලැබ ඇත්තේය. එහෙත් ඔබ ඉහ්රාම් හැඳ සිටින තුරු (ජල තටාකයක මිස) ගොඩ බිමදී දඬයම් කිරීම ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. එබැවින් අල්ලාහ්ට බිය වී (කටයුතු) කරනු. ඔහු වෙතම ඔබ ඒකරාශී කරනු ලබන්නෙහුය.

۞ جَعَلَ ٱللَّهُ ٱلْكَعْبَةَ ٱلْبَيْتَ ٱلْحَرَامَ قِيَٰمًۭا لِّلنَّاسِ وَٱلشَّهْرَ ٱلْحَرَامَ وَٱلْهَدْىَ وَٱلْقَلَٰٓئِدَ ۚ ذَٰلِكَ لِتَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَأَنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ ۝۹۷

පරිශුද්ධ වූ නිවස වන කඃබාව මිනිසුන්ට, අල්ලාහ් ආරක්ෂාව ලබා දිය හැකි ස්ථානයක් බවට පත් කර ඇත්තේය. (එසේම දුල් කඅදා, දුල් හජ්, මුහර්රම්, රජබ් ආදී මෙම මාස හතර) පරිශුද්ධ වූ මාසයන්ද, කුර්බානිද, (අල්ලාහ්ගේ පඬුර වශයෙන් යන්න) සළකුණු කරන ලද ගමේ සතුන්ද, (ආරක්ෂාව දෙනු ලැබූ දැය බවට පත් කර ඇත්තේය). අහස්හිද, භූමියෙහිද ඇති සියල්ලම නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය යන්න ඔබ දැන ගැනීම සඳහාම (මෙසේ කර ඇත්තේය). නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොඳින් දැන ගන්නේය.

ٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ وَأَنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ۝۹۸

නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දරුණු කෙනෙකු වශයෙන් සිටින අතර නියත වශයෙන්ම අල්ලාහ් වැරදිවලට සමාව දී කරුණාව දක්වන්නෙකු වශයෙන්ම සිටින්නේය යන්න ඔබ ස්ථීර වශයෙන් දැන ගනු.

مَّا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلْبَلَٰغُ ۗ وَٱللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ ۝۹۹

(අපගේ) දූතයාගේ යුතුකම (අපගේ දූත මෙහෙවර) ගෙනහැර දැක්වීම මිස, (එසේ කටයුතු කරන මෙන් ඔබට බල කිරීමක්) නොව. ඔබ එළිදරව් කරන දැයද, ඔබ සඟවාගෙන ඇති දැයද, අල්ලාහ් හොඳින් දන්නේය.

قُل لَّا يَسْتَوِى ٱلْخَبِيثُ وَٱلطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ ٱلْخَبِيثِ ۚ فَٱتَّقُوا۟ ٱللَّهَ يَٰٓأُو۟لِى ٱلْأَلْبَٰبِ لَعَلَّكُمْ تُفْلِحُونَ ۝١۰۰

(නබියේ! සෑම තැනම) නපුරු දැයම වැඩි වී තිබීම ඔබව පුදුමයට පත් කළා වුවද, ඔබ මෙසේ කියනු: “හොඳද, නරකද සම වන්නේ නැත. එබැවින් බුද්ධිමතුනි! අල්ලාහ්ට බිය වී (නපුරු දැයෙන් ඈත්) වනු. (එමගින්) ඔබ ජයග්‍රහණය කරන්නෙහුය”.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَسْـَٔلُوا۟ عَنْ أَشْيَآءَ إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِن تَسْـَٔلُوا۟ عَنْهَا حِينَ يُنَزَّلُ ٱلْقُرْءَانُ تُبْدَ لَكُمْ عَفَا ٱللَّهُ عَنْهَا ۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٌۭ ۝١۰١

විශ්වාසවන්තයිනි! (අවශ්‍යතාවයකට මිස, නබිවරයාගෙන්) සෑම කාරණාවක් ගැනම (හාර හාරා) විමසමින් නොසිටිනු. (මන්දයත් ඒවා) ඔබට දැනුම් දුන්නහොත් (එය) ඔබට කණගාටුවක් ඇති කළ හැකිය. එයින්ද මෙම කුර්ආනය පහළ කරන අවසථාවේදී, එවැනි කාරණාවන් ගැන ඔබ විමසමින් සිටියහොත්, ඒවා ඔබට දැනුම් දෙනු ලබනු ඇත. (එමගින් ඔබව අමාරුකමකට ඇතුළු කරනු ලබන්නට ඉඩ ඇත. එහෙත් ඒ සමගම) ඒ ගැන අල්ලාහ් සමාව දෙන්නෙකු වශයෙන් හා ඉතාමත් ඉවසිලිවන්තයෙකු වශයෙන් සිටින්නේය.

قَدْ سَأَلَهَا قَوْمٌۭ مِّن قَبْلِكُمْ ثُمَّ أَصْبَحُوا۟ بِهَا كَٰفِرِينَ ۝١۰٢

ඔබට පෙර විසූ ජනතාවද, (ඔවුන්ගේ නබිවරයාගෙන් මෙවැනි ප්‍රශ්නයන්) මේ ආකාරයටම විමසමින් සිටියහ. (ඒවා ඔවුන්ට දැනුම් දෙනු ලැබීමෙන්) පසු, ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූහ.

مَا جَعَلَ ٱللَّهُ مِنۢ بَحِيرَةٍۢ وَلَا سَآئِبَةٍۢ وَلَا وَصِيلَةٍۢ وَلَا حَامٍۢ ۙ وَلَٰكِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ ۖ وَأَكْثَرُهُمْ لَا يَعْقِلُونَ ۝١۰۳

බහිරා, සායිබා, වසීලා, හාම් (ආදී) මේ සියල්ල අල්ලාහ් ඇති කළ දැය නොව. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන්ම (ඒවා අල්ලාහ් විසින් ඇති කළ දැය යයි) අල්ලාහ් මත බොරුවට මනක්කල්පිත කරන්නාහ. ඔවුන්ගෙන් බොහොමයක් නොදැනුවත් අය වශයෙන්ම සිටින්නාහ.

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ قَالُوا۟ حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَآ ۚ أَوَلَوْ كَانَ ءَابَآؤُهُمْ لَا يَعْلَمُونَ شَيْـًۭٔا وَلَا يَهْتَدُونَ ۝١۰٤

“අල්ලාහ් පහළ කරන ලද දැය (ධර්මය) දෙසටද, (ඔහුගේ) දුතයා දෙසටද, පැමිණෙනු” යයි කියනු ලැබුවහොත් “අපගේ මුතුන් මිත්තන් කුමක් මත සිටියෝදැයි අපි දුටුවෙමුද, එයම (අපි අනුගමනය කිරීම) අපට ප්‍රමාණවත්ය” යයි පවසන්නාහ. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදැනගෙන ඍජු මාර්ගයෙහි නොමැතිව සිටියත් වුවද, (ඔවුන් තම මුතුන් මිත්තන්ව අනුගමනය කරන්නේ)?

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ عَلَيْكُمْ أَنفُسَكُمْ ۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا ٱهْتَدَيْتُمْ ۚ إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ جَمِيعًۭا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ۝١۰٥

විශ්වාසවන්තයිනි! ඔබ (වැරදි මාර්ගයක නොයන්නට) ඔබව ආරක්ෂා කර ගනු. ඔබ ඍජු මාර්ගයෙහි ගියහොත්, මාර්ගය වැරද ගිය කිසිවෙකුගේ නපුරක් ඔබට බලපාන්නේ නැත. ඔබ සියල්ල අල්ලාහ් වෙතම යා යුතුව ඇත්තේය. ඔබ (මෙහිදී) කරමින් සිටින දැය ගැන (ඒ අවස්ථාවේදී) ඔහු ඔබට දැනුම් දෙනු ඇත.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ شَهَٰدَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلْمَوْتُ حِينَ ٱلْوَصِيَّةِ ٱثْنَانِ ذَوَا عَدْلٍۢ مِّنكُمْ أَوْ ءَاخَرَانِ مِنْ غَيْرِكُمْ إِنْ أَنتُمْ ضَرَبْتُمْ فِى ٱلْأَرْضِ فَأَصَٰبَتْكُم مُّصِيبَةُ ٱلْمَوْتِ ۚ تَحْبِسُونَهُمَا مِنۢ بَعْدِ ٱلصَّلَوٰةِ فَيُقْسِمَانِ بِٱللَّهِ إِنِ ٱرْتَبْتُمْ لَا نَشْتَرِى بِهِۦ ثَمَنًۭا وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۙ وَلَا نَكْتُمُ شَهَٰدَةَ ٱللَّهِ إِنَّآ إِذًۭا لَّمِنَ ٱلْءَاثِمِينَ ۝١۰٦

විශ්වාසවන්තයිනි! ඔබගෙන් කිසිවෙකුටත් මරණය ළඟා වී, (ඔහු මරණ ශාසණය වන අන්තිම කැමැත්ත පැවසීමට අදහස් කළහොත්) ඔහු අන්තිම කැමැත්ත පවසන අවස්ථාවේදී ඔබගෙන් නීතිගරුක (දැහැමි) කෙනෙකු ඔබ අතරේ සාක්ෂි වශයෙන් සිටිය යුතුය. නැතහොත් ඔබ භූමියෙහි සංචාරය කරමින් සිටින අවස්ථාවේදී ඔබගෙන් කෙනෙකුට මරණය ළඟා වුවහොත් (ඒ අවස්ථාවේදී අන්තිම කැමැත්තට සාක්ෂි වශයෙන් මුස්ලිම් කෙනෙකු නොලදහොත්) ඔබ නොවන වෙනත් දෙදෙනෙකු (සාක්ෂි වශයෙන්) සිටිය යුතුය. (මෙම සාක්ෂීන් පවසන කාරණාවෙහි) ඔබට සැකයක් මතු වුවහොත් ඒ දෙදෙනාවම (අසර්) සලාතයෙන් පසු නවතා තබා ගනු. ඒ දෙදෙනාම “අපි පවසන දැය (සාක්ෂිය) මිලට විකුණා කිසිවක් ඒ වෙනුවෙන් අත් කර නොගන්නෙමු. ඔවුන් අපගේ ඥාතින් වුවද කම් නැත, අපි අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දැරීමෙහි කිසිවක් සැඟවූවේ නැත. එසේ කළේ නම්, නියත වශයෙන්ම අපි පාපතරයන් බවට පත් වන්නෙමු” යයි අල්ලාහ් මත දිව්රා පැවසිය යුතුය.

فَإِنْ عُثِرَ عَلَىٰٓ أَنَّهُمَا ٱسْتَحَقَّآ إِثْمًۭا فَـَٔاخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ ٱلَّذِينَ ٱسْتَحَقَّ عَلَيْهِمُ ٱلْأَوْلَيَٰنِ فَيُقْسِمَانِ بِٱللَّهِ لَشَهَٰدَتُنَآ أَحَقُّ مِن شَهَٰدَتِهِمَا وَمَا ٱعْتَدَيْنَآ إِنَّآ إِذًۭا لَّمِنَ ٱلظَّٰلِمِينَ ۝١۰۷

(මෙසේ ඔවුන් දිව්රීමෙන්ද) ඔවුන් (බොරුවම පවසා) පාපයටම ඇතුළු වූහ යයි නියත වශයෙන්ම එළිදරව් වුවහොත් (මෙම බොරු සාක්ෂියෙන්) පාඩුව සිදු වූ අයගේ පැත්තෙන් වෙනත් දෙදෙනෙකු (දිව්රූ) ඔවුන්ගේ ස්ථානයෙහි සිටිමින් “ඔවුන්ගේ සාක්ෂියට වඩා අපගේ සාක්ෂියම සත්‍යය (යයි ස්ථීර කරන්නෙමු). අපි වැරදිව කිසිවක් පැවසුවේ නැත. එසේ පැවසුවහොත් නියත වශයෙන්ම අපි අපරාධකරුවන් බවට පත් වන්නෙමු” යයි ඒ දෙදෙනාම අල්ලාහ් මත දිව්රා පැවසිය යුතුය.

ذَٰلِكَ أَدْنَىٰٓ أَن يَأْتُوا۟ بِٱلشَّهَٰدَةِ عَلَىٰ وَجْهِهَآ أَوْ يَخَافُوٓا۟ أَن تُرَدَّ أَيْمَٰنٌۢ بَعْدَ أَيْمَٰنِهِمْ ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱسْمَعُوا۟ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَٰسِقِينَ ۝١۰۸

ඇත්ත ඇති සැටියෙන් ඔවුන් සාක්ෂි දෙන ලෙසට සැලැස්වීමට මෙය ඉතාමත් හොඳ මාර්ගයකි. නැතහොත් ඔවුන් (බොරු) දිව්රුම් කළද, අනිත් අයගේ දිව්රුම එය වළක්වා හරිනු ඇත යයි ඔවුන් බිය වීමටද, (මෙය ඉතාමත් අගනා මාර්ගයකි). එබැවින් ඔබ අල්ලාහ්ට බිය වනු. (ඔහුගේ නියෝගයන්ටම) ඔබ සවන් දෙනු. පාපයන් කරන ජනතාව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු නොකරන්නේය.

۞ يَوْمَ يَجْمَعُ ٱللَّهُ ٱلرُّسُلَ فَيَقُولُ مَاذَآ أُجِبْتُمْ ۖ قَالُوا۟ لَا عِلْمَ لَنَآ ۖ إِنَّكَ أَنتَ عَلَّٰمُ ٱلْغُيُوبِ ۝١۰۹

(නබියේ!) එක් දිනකදී අල්ලාහ් (තමන්ගේ) දූතයින්ව ඒකරාශී කර, “(ඔබ මගේ දූත මෙහෙවර ජනතාව වෙත ගෙනහැර දැක්වූ අවස්ථාවේදී) ඔවුන් ඔබට කුමන පිළිතුරක් නම් දුන්නෙහුද?”යි විමසනු ඇත. එයට ඔවුන් “(අපි ජීවතුන් අතර සිටින තුරු ඔවුන්ගේ පිටස්තර හැඩයම දැන සිටියෙමු. ඊට වෙනස්ව ඇති දැය හෝ අපි මරණයට පත් වූවායින් පසුව, ඔවුන් කළ දැය හෝ) අපි නොදන්නෙමු. නියත වශයෙන්ම ඔබම සැඟවුනු සියල්ල හොඳින් දන්නෙකු” යයි පවසන්නාහ.

إِذْ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبْنَ مَرْيَمَ ٱذْكُرْ نِعْمَتِى عَلَيْكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذْ أَيَّدتُّكَ بِرُوحِ ٱلْقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَ فِى ٱلْمَهْدِ وَكَهْلًۭا ۖ وَإِذْ عَلَّمْتُكَ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ ۖ وَإِذْ تَخْلُقُ مِنَ ٱلطِّينِ كَهَيْـَٔةِ ٱلطَّيْرِ بِإِذْنِى فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيْرًۢا بِإِذْنِى ۖ وَتُبْرِئُ ٱلْأَكْمَهَ وَٱلْأَبْرَصَ بِإِذْنِى ۖ وَإِذْ تُخْرِجُ ٱلْمَوْتَىٰ بِإِذْنِى ۖ وَإِذْ كَفَفْتُ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَنكَ إِذْ جِئْتَهُم بِٱلْبَيِّنَٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ ۝١١۰

පසුව අල්ලාහ් (ඊසාට) මෙසේ පවසන්නේය: “ඕ මර්යම්ගේ පුත් ඊසා! ඔබ කෙරෙහිද ඔබ මව කෙරෙහිද (මා ලබා දී) ඇති මගේ වරප්‍රසාදයන් ඔබ මතක් කර බලනු. පරිශුද්ධ ආත්මය මගින් ඔබට උදව් කර, (ඔබ මවගේ පරිශුද්ධභාවය ගැන) ඔබ තොටිල්ලේ සිටින ළදරුවෙකු වශයෙන් සිටි අවස්ථාවේදීද, (ඔබගේ දර්ශණය ගැන) තරුණ වියේදීද, ඔබව මිනිසුන් ඉදිරියේ කතා කිරීමට සැලැස්වීම ගැනද (සිතා බලනු). ධර්මයද, ඥානයද, තව්රාතයද, ඉන්ජීලයද මා ඔබට ඉගැන්වීමද (සිතා බලනු). තවද ඔබ මගේ නියෝගයට අනුව මැටියෙන් පක්ෂියෙකුගේ හැඩයට අඹා, එහි ඔබ පිම්ඹ අවස්ථාවේදී එය මගේ අණ මගින් පක්ෂියෙකු බවට පත් වීමද, උත්පත්තියෙන් අන්ධයින්වද, ලාදුරු (කුෂ්ට) රෝගීන්වද, මගේ පිහිටෙන් ඔබ සුව කිරීම ගැනද (සිතා බලනු). ඔබ මගේ දයාවෙන් මරණයට පත් වූවන්ව (ගල් ගුහාවෙන් පණ ලැබී) පිටත්ව යාමට සැලැස්වීම ගැනද (සිතා බලනු). තවද ඉස්රායීල පරම්පරාවේ දරුවන් වෙත ඔබ පැහැදිලි සාධකයන් ගෙන ආ අවස්ථාවේදී ඔවුන්ගෙන් වූ ප්‍රතික්ෂේප කළ අය “ නියත වශයෙන්ම මෙය පැහැදිලි සූනියමක් මිස, වෙන කිසිවක් නැත” යයි පැවසූ (අතර ඔබට හානියක් කිරීමට උත්සාහ කළ) අවස්ථාවේදී, ඔවුන්ගේ (විපත් වලින්) මා ඔබව බේරා ගැනීම ගැනද සිතා බලනු.

وَإِذْ أَوْحَيْتُ إِلَى ٱلْحَوَارِيِّۦنَ أَنْ ءَامِنُوا۟ بِى وَبِرَسُولِى قَالُوٓا۟ ءَامَنَّا وَٱشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ ۝١١١

“තවද මාවද, මගේ දූතයාවද (ඔබවද), විශ්වාස කරන මෙන් (හවාරීහූන් වන ඔබගේ) ගෝලයින්ට මා දැනුම් දුන් අවස්ථාවේදී ඔවුන් “(ඒ අන්දමටම) අපි විශ්වාස කළෙමු. නියත වශයෙන්ම අපි (ඔබට සම්පූර්ණයෙන්ම අවනත වී සිටින) මුස්ලීම්වරුන් බවට ඔබම සාක්ෂී වශයෙන් සිටිනු මැනව!” යයි පැවසීමද, සිතා බලනු” (යයිද එදින පවසනු ඇත).

إِذْ قَالَ ٱلْحَوَارِيُّونَ يَٰعِيسَى ٱبْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيْنَا مَآئِدَةًۭ مِّنَ ٱلسَّمَآءِ ۖ قَالَ ٱتَّقُوا۟ ٱللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَ ۝١١٢

(තවද නබියේ! ඔබ ඔවුන්ට මෙසේ මතක් කර දෙනු): එම ගෝලයින් (ඊසාට) “ඕ මර්යම්ගේ පුත් ඊසා! ඔබගේ දෙවියන් අහසින් අප වෙනුවෙන් “(ආහාර ද්‍රව්‍යන්ගෙන් පිරි) එක් බන්දේසියක් පහළ කරන්නට හැකිද?”යි විමසීමට, (ඊසා ඔවුන්ට “ඇත්තෙන්ම) ඔබ විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම්, (මෙවැනි ප්‍රශ්න විමසීම ගැන) අල්ලාහ්ට ඔබ බිය වනු” යයි පැවසුවේය.

قَالُوا۟ نُرِيدُ أَن نَّأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَن قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ ٱلشَّٰهِدِينَ ۝١١۳

එයට ඔවුන් “එයින් අපි අනුභව කර, අපගේ හෘදයන් තෘප්තියට පත් වීමටද, තවද ඔබ (ඔබගේ දූත මෙහෙවර ගැන) ඇත්තෙන්ම අප වෙත සත්‍යය පැවසුවෙහිය යයි අපි දැනගෙන, එයට අපි සාක්ෂි දැරීමටම කැමති වන්නෙමු” යයි පැවසූහ.

قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ ٱللَّهُمَّ رَبَّنَآ أَنزِلْ عَلَيْنَا مَآئِدَةًۭ مِّنَ ٱلسَّمَآءِ تَكُونُ لَنَا عِيدًۭا لِّأَوَّلِنَا وَءَاخِرِنَا وَءَايَةًۭ مِّنكَ ۖ وَٱرْزُقْنَا وَأَنتَ خَيْرُ ٱلرَّٰزِقِينَ ۝١١٤

එයට මර්යම්ගේ පුත් ඊසා “අපගේ දෙවියනේ! අහසින් එක් බන්දේසියක් ඔබ අපට පහළ කරනු මැනව! අපටද, අප ඉදිරියේ සිටින අයටද, අපගෙන් පසු පැමිණෙන්නන්ටද (මෙදින) එක් අළුත් අවුරුදු දිනයක් බවටද, ඔබගේ (බලමහිමයට) එක් සාධකයක් බවටද තිඛෙණු ඇත. එබැවින් (එසේම) අපටද ආහාර ලබා දෙනු මැනව! ඔබ නම් ආහාර ලබා දීමෙහි ඉතාමත් ශ්‍රේෂ්ඨය” යයි (ප්‍රාර්ථනා කර) කීවේය.

قَالَ ٱللَّهُ إِنِّى مُنَزِّلُهَا عَلَيْكُمْ ۖ فَمَن يَكْفُرْ بَعْدُ مِنكُمْ فَإِنِّىٓ أُعَذِّبُهُۥ عَذَابًۭا لَّآ أُعَذِّبُهُۥٓ أَحَدًۭا مِّنَ ٱلْعَٰلَمِينَ ۝١١٥

(එයට) අල්ලාහ් “නියත වශයෙන්ම මා (ඔබ ඉල්ලු පරිදි) එය ඔබට පහළ කරන්නෙමු. (එහෙත්) මින් පසුව ඔබගෙන් කවුරුන් හෝ (මගේ නියෝග) ප්‍රතික්ෂේප කළහොත් ඔහුව මෙලොවදී කිසිවෙකුටත් කර නොතිබුණු තරම් දරුණු දඬුවමක් මගින් නියත වශයෙන්ම මා දඬුවම් කරමි” යයි පැවසුවේය.

وَإِذْ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبْنَ مَرْيَمَ ءَأَنتَ قُلْتَ لِلنَّاسِ ٱتَّخِذُونِى وَأُمِّىَ إِلَٰهَيْنِ مِن دُونِ ٱللَّهِ ۖ قَالَ سُبْحَٰنَكَ مَا يَكُونُ لِىٓ أَنْ أَقُولَ مَا لَيْسَ لِى بِحَقٍّ ۚ إِن كُنتُ قُلْتُهُۥ فَقَدْ عَلِمْتَهُۥ ۚ تَعْلَمُ مَا فِى نَفْسِى وَلَآ أَعْلَمُ مَا فِى نَفْسِكَ ۚ إِنَّكَ أَنتَ عَلَّٰمُ ٱلْغُيُوبِ ۝١١٦

තවද අල්ලාහ් (විනිශ්චය දිනදී ඊසාට) “ඕ මර්යම්ගේ පුත් ඊසා! “අල්ලාහ් හැර, මාවද මගේ මවවද දෙවිවරුන් දෙදෙනෙකු වශයෙන් ඇර ගනු” යයි මිනිසුන්ට ඔබ පැවසුවෙහිද?”යි විමසනු ඇත. (එයට) ඔහු මෙසේ පවසන්නේය: “ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. මා හට පොඩියක් හෝ සුදුසු නැති දැයක් මා කිසිවිටෙකත් පැවසුවේ නැත. එසේ මා පැවසුවේ නම් නියත වශයෙන්ම ඔබ දන්නෙහිය! මගේ සිතෙහි ඇති දැය ඔබ හොඳින් දන්නෙහිය! ඔබේ සිතෙහි ඇති දැය මා නොදන්නෙමි! නියත වශයෙන්ම ඔබමය ගුප්ත දැය සියල්ල හොඳින් දන්නෙකු වන්නේ!”

مَا قُلْتُ لَهُمْ إِلَّا مَآ أَمَرْتَنِى بِهِۦٓ أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ رَبِّى وَرَبَّكُمْ ۚ وَكُنتُ عَلَيْهِمْ شَهِيدًۭا مَّا دُمْتُ فِيهِمْ ۖ فَلَمَّا تَوَفَّيْتَنِى كُنتَ أَنتَ ٱلرَّقِيبَ عَلَيْهِمْ ۚ وَأَنتَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ ۝١١۷

“(තවද) ඔබ මා හට අණ කළ අන්දමටම මා (ඔවුන්ට) “ඔබ, මටද ඔබටද දෙවියන් වන අල්ලාහ්වම නමදිනු” යයි පැවසුවා මිස, මා වෙන කිසිවක් (කිසි විටෙකත්) පැවසුවේ නැත. මා ඔවුන් සමග සිටින තාක් කල් ඔවුන්ගේ වැඩ කටයුතු බලා සිටියෙමි. ඔබ මාව අත්පත් කළ පසු, ඔබම ඔවුන්ව අවධානය කරන්නෙකු වශයෙන් සිටි අතර සියල්ලට ඔබම සාක්ෂි දරන්නෙහිය”.

إِن تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ ۖ وَإِن تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ۝١١۸

“ඔවුන්ව ඔබ දඬුවම් කළහොත් -නියත වශයෙන්ම ඔවුන් ඔබගේ වහලූන්ය! (ඔබගේ වහලූන්ව, ඔබ කැමති දැයක් කිරීමට ඔබට අයිතියක් ඇත). තවද ඔවුන්ට ඔබ සමාව දුන්නේ නම්, (එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකිය. මන්දයත්) නියත වශයෙන්ම ඔබම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නෙහිය” (යයි පවසනු ඇත).

قَالَ ٱللَّهُ هَٰذَا يَوْمُ يَنفَعُ ٱلصَّٰدِقِينَ صِدْقُهُمْ ۚ لَهُمْ جَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۚ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ۝١١۹

(එයට) අල්ලාහ් ඇත්ත කියන සත්‍යවන්තයින්ට, ඔවුන්ගේ ඇත්ත ප්‍රයෝජනවත් විය හැකි දිනය මෙය යයි සදාකල් දිය දහරා ගලා බසිමින් ඇති ස්වර්ගයන්ද ඔවුන්ට ඇත. ඒවායෙහි ඔවුන් සදහටම රැඳී සිටිනු ඇත” යයි පවසන්නේය. (එදින) ඔවුන් ගැන අල්ලාහ්ද තෘප්තියට පත් වනු ඇත. ඔවුන්ද ඔහු ගැන තෘප්තියට පත් වනු ඇත. මෙය අති විශාල භාග්‍යයකි.

لِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا فِيهِنَّ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۢ ۝١٢۰

අහස්හිද, භූමියෙහිද, ඒවායෙහි ඇති සියල්ලෙහිද පාලනය අල්ලාහ්ටම අයිතිය! ඔහු (මේවා) සියල්ල කෙරෙහිද ඉතාමත් බලසම්පන්නයෙකි.