< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ ۝١

හා. මීම්.

تَنزِيلُ ٱلْكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ ۝٢

(සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා ඥානවන්තයෙකු වන අල්ලාහ් විසින් මෙම ධර්මය පහළ කරන ලදී.

إِنَّ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ لَءَايَٰتٍۢ لِّلْمُؤْمِنِينَ ۝۳

විශ්වාසවන්තයින්ට අහස්හි හා භූමියෙහි නියත වශයෙන්ම (බොහෝ) සාධකයන් ඇත්තේය.

وَفِى خَلْقِكُمْ وَمَا يَبُثُّ مِن دَآبَّةٍ ءَايَٰتٌۭ لِّقَوْمٍۢ يُوقِنُونَ ۝٤

ඔබව උත්පාදනය කිරීමෙහිද, (භූමියෙහි බොහෝ) ජීවීන්ව ඔහු විසුරුවා හැර තැබීමෙහිද, (විශ්වාසයෙහි) ස්ථීර වූ ජනතාවට (බොහෝ) සාධකයන් ඇත්තේය.

وَٱخْتِلَٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن رِّزْقٍۢ فَأَحْيَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفِ ٱلرِّيَٰحِ ءَايَٰتٌۭ لِّقَوْمٍۢ يَعْقِلُونَ ۝٥

රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණෙන සේ ඔහු සලස්වා තිබීමෙහිද, අහසින් වර්ෂාව අල්ලාහ් පහළ කර (වියළී) මැරී ගිය භූමිය එමගින් පණ ගැන්වීමෙහිද, (විවිධ දිශාවන්ටද) සුළං හරව හරවා යැවීමෙහිද, බුද්ධිමත් ජනතාවට (බොහෝ) සාධකයන් ඇත්තේය.

تِلْكَ ءَايَٰتُ ٱللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِٱلْحَقِّ ۖ فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَ ٱللَّهِ وَءَايَٰتِهِۦ يُؤْمِنُونَ ۝٦

(නබියේ!) ඇත්තෙන්ම ඔබ කෙරෙහි අපි සමුදීරණය කර පෙන්වන මේවා, අල්ලාහ්ගේ ආයාවන් වන්නේය. අල්ලාහ්ටද, ඔහුගේ ආයාවන්ටද පසුව මොවුන් කුමන කාරණාවක් නම්, විශ්වාස කරන්නෙහුද?

وَيْلٌۭ لِّكُلِّ أَفَّاكٍ أَثِيمٍۢ ۝۷

(මෙසේම ප්‍රතික්ෂේප කර දමා, බොරු දෙවිවරුන්ව) මනක්කල්පිතව ගොතා පවසන පාපතරයන්ට විනාශයයි!

يَسْمَعُ ءَايَٰتِ ٱللَّهِ تُتْلَىٰ عَلَيْهِ ثُمَّ يُصِرُّ مُسْتَكْبِرًۭا كَأَن لَّمْ يَسْمَعْهَا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍۢ ۝۸

කවුරුන් තමන්ට සමුදීරණය කර පෙන්වනු ලැබූ අල්ලාහ්ගේ ආයාවන් ඇසීමෙන් පසු උඞඟූ වී (එය) තම කණ්වලින් නොඇසුවාක් මෙන් (ප්‍රතික්ෂේපය මතම) හිතුවක්කාර කමින් සිටින්නේද, (ඔහුට විනාශයයි!) ඔහුට වේදනා ගෙන දෙන දඬුවම මගින් (නබියේ!) ඔබ සුභාරංචි පවසනු.

وَإِذَا عَلِمَ مِنْ ءَايَٰتِنَا شَيْـًٔا ٱتَّخَذَهَا هُزُوًا ۚ أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌۭ مُّهِينٌۭ ۝۹

අපගේ ආයාවන්ගෙන් කුමක් ඔහු දැන ගත්තා වුවද, එය ඔහු සමච්චලයෙන්ම ඇර ගන්නේය. මෙවැන්නන්ටම අවමන් ගෙන දෙන දඬුවම් ඇත.

مِّن وَرَآئِهِمْ جَهَنَّمُ ۖ وَلَا يُغْنِى عَنْهُم مَّا كَسَبُوا۟ شَيْـًۭٔا وَلَا مَا ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ أَوْلِيَآءَ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ ۝١۰

ඔවුන් ඉදිරියේ නිරයම ඇත්තේය. ඔවුන් සොයා ගත් දැයෙන් කිසිවක් ඔවුන්ට ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. නැතහොත් (තමන්ට) ආරක්ෂකයින් යයි ඔවුන් ඇර ගත් අල්ලාහ් නොවන දැයද (ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් අත් කර දිය හැකි දැය) නොව. ඔවුන්ට ඉමහත් වූ දඬුවම් ඇත.

هَٰذَا هُدًۭى ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ لَهُمْ عَذَابٌۭ مِّن رِّجْزٍ أَلِيمٌ ۝١١

මෙයම ඍජු මාර්ගයයි. එබැවින් කවුරුන් තම දෙවියන්ගේ ආයාවන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට ඉතාමත් දරුණු වේදනා ගෙන දෙන දඬුවම් ඇත.

۞ ٱللَّهُ ٱلَّذِى سَخَّرَ لَكُمُ ٱلْبَحْرَ لِتَجْرِىَ ٱلْفُلْكُ فِيهِ بِأَمْرِهِۦ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ۝١٢

ඔහුගේ නියෝගයන් මගින් (විවිධ රටවල්වලට) නැව් වලින් ගමන් කිරීමට අල්ලාහ් මුහුද ඔබට වසඟ කර දී ඇත්තේය. (එමගින්) ඔහුගේ වරප්‍රසාදයන් ඔබ සොයා ගන්නෙහුය. (ඒ වෙනුවෙන් ඔහුට) ඔබ කෘතඥ වනු මැනව!

وَسَخَّرَ لَكُم مَّا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ جَمِيعًۭا مِّنْهُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ ۝١۳

තවද (ඒ අන්දමටම) අහස්හිද, භූමියෙහිද ඇති සියල්ලම ඔහු තමන්ගේ දයාවෙන් ඔබට (ඔබගේ යහපත සඳහා හරි හම්බ කරන මෙන්) පාලනය කර තබා ඇත්තේය. සිතා පරිශීලණය කරන ජනතාවට නියත වශයෙන්ම මෙහි (බොහෝ) පාඩම් ඇත්තේය.

قُل لِّلَّذِينَ ءَامَنُوا۟ يَغْفِرُوا۟ لِلَّذِينَ لَا يَرْجُونَ أَيَّامَ ٱللَّهِ لِيَجْزِىَ قَوْمًۢا بِمَا كَانُوا۟ يَكْسِبُونَ ۝١٤

(නබියේ!) විශ්වාසවන්තයින්ට ඔබ මෙසේ පවසනු: අල්ලාහ්ගේ දඬුවම විශ්වාස නොකළ අයව, ඔවුන් සමාව දී (ඔවුන්ගේ කාරණාව අල්ලාහ් වෙතම බාර දී අත්හැරිය) යුතුය. (හොඳ හෝ නරක හෝ කරන) ජනතාවට ඔවුන් සොයා ගත් නපුරට සරිලන ඵලවිපාක ඔහු දෙනු ඇත.

مَنْ عَمِلَ صَٰلِحًۭا فَلِنَفْسِهِۦ ۖ وَمَنْ أَسَآءَ فَعَلَيْهَا ۖ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ ۝١٥

කවුරුන් හොඳ කරන්නේද, (එය) ඔහුටම හොඳය. කවුරුන් පාපයන් කරන්නේද, (එය) ඔහුටම විනාශයයි. පසුව ඔබ, ඔබගේ දෙවියන් වෙතම ගෙන එනු ලබන්නෙහුය.

وَلَقَدْ ءَاتَيْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْكِتَٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ وَرَزَقْنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلْنَٰهُمْ عَلَى ٱلْعَٰلَمِينَ ۝١٦

නියත වශයෙන්ම අපි ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට ධර්මයද (ඥානයද), බලයද, නබිත්වයද, ලබා දී උසස් ආහාරයද ලබා දුන්නෙමු. තවද ලෝකවාසී සියල්ලන්ගෙන්ද ඔවුන්ව උසස් කර තැබුවෙමු.

وَءَاتَيْنَٰهُم بَيِّنَٰتٍۢ مِّنَ ٱلْأَمْرِ ۖ فَمَا ٱخْتَلَفُوٓا۟ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۚ إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ ۝١۷

තවද පැහැදිලි නියෝගයන් අපි ඔවුන්ට ලබා දුන්නෙමු. (මෙසේ තිබියදී) ඔවුන් තමන් තුළ ඇති ඊර්ෂ්‍යාවේ හේතුවෙන් ඔවුන් වෙත (ධර්ම) ඥානය පැමිණි පසුද, ඔවුන් (තමන් තුළ තර්ක කර) ඛෙදී වෙන්ව ගියහ. (නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ඔවුන් තර්ක කළ දැය ගැන විනිශ්චය දිනදී ඔවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත.

ثُمَّ جَعَلْنَٰكَ عَلَىٰ شَرِيعَةٍۢ مِّنَ ٱلْأَمْرِ فَٱتَّبِعْهَا وَلَا تَتَّبِعْ أَهْوَآءَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ ۝١۸

(නබියේ! ඍජු) ධර්මයෙහි එක් මගකම ඔබව පත් කර ඇත්තෙමු. එබැවින් එයම ඔබ අනුගමනය කර කටයුතු කරනු මැනව! අඥානයින්ගේ කැමත්ත ඔබ අනුගමනය නොකරනු.

إِنَّهُمْ لَن يُغْنُوا۟ عَنكَ مِنَ ٱللَّهِ شَيْـًۭٔا ۚ وَإِنَّ ٱلظَّٰلِمِينَ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍۢ ۖ وَٱللَّهُ وَلِىُّ ٱلْمُتَّقِينَ ۝١۹

නියත වශයෙන්ම අල්ලාහ්ට විරුද්ධව මොවුන් ඔබට කිසියම් උදව්වක් කිරීමට නොහැකිය. නියත වශයෙන්ම අපරාධකාරයින්ගෙන් සමහරෙක් ඔවුන්ගෙන් සමහරෙකුටම මිතුරන්ය. (විශ්වාසවන්තයින්ට නොව). අල්ලාහ් නම්, භය භක්තිකයින්ට මිතුරෙකු වන්නේය.

هَٰذَا بَصَٰٓئِرُ لِلنَّاسِ وَهُدًۭى وَرَحْمَةٌۭ لِّقَوْمٍۢ يُوقِنُونَ ۝٢۰

මෙය මිනිසුන්ට පැහැදිලි සාධකයක් වශයෙන්ද, විශ්වාස කළ හැකි ජනතාවට ඍජු මාර්ගය වශයෙන්ද, වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය.

أَمْ حَسِبَ ٱلَّذِينَ ٱجْتَرَحُوا۟ ٱلسَّيِّـَٔاتِ أَن نَّجْعَلَهُمْ كَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ سَوَآءًۭ مَّحْيَاهُمْ وَمَمَاتُهُمْ ۚ سَآءَ مَا يَحْكُمُونَ ۝٢١

කවුරුන් නපුරු විපත් සොයා ගත්තෝද, ඔවුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කළ අය මෙන් තමන්ද පත් වනු ඇතැයි අදහස් කරමින් සිටින්නෙහුද? ඔවුන් පණ පිටින් සිටීමද, ඔවුන් මැරී යාමද, එක සමානය. ඔවුන් (මෙයට වෙනස්ව) කර ගත් අවසානය ඉතාමත් නපුරුය.

وَخَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ وَلِتُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ ۝٢٢

අහස්ද, භුමියද, අල්ලාහ් නියමිත කාරණාවක් කෙරෙහිම උත්පාදනය කර ඇත්තේය. එබැවින් (ඔවුන්ගෙන් වූ) සියලූම ආත්මයන්ම ඒවා සොයා ගත් ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක දෙනු ලැබේ. ඒවා (අනු ප්‍රමාණයකින් හෝ) අපරාධයක් කරනු නොලබන්නාහ.

أَفَرَءَيْتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ وَأَضَلَّهُ ٱللَّهُ عَلَىٰ عِلْمٍۢ وَخَتَمَ عَلَىٰ سَمْعِهِۦ وَقَلْبِهِۦ وَجَعَلَ عَلَىٰ بَصَرِهِۦ غِشَٰوَةًۭ فَمَن يَهْدِيهِ مِنۢ بَعْدِ ٱللَّهِ ۚ أَفَلَا تَذَكَّرُونَ ۝٢۳

(නබියේ!) තමන්ගේ (ශරීර) ආශාවන් (තමන් නමදින) දෙවිවරුන් වශයෙන් ඇර ගත් කෙනෙකුව ඔබ අවධානය කළෙහිද? ඔහුට (ප්‍රමාණවත්) අධ්‍යාපන දැනුමක් තිබියදී (ඔහුගේ පාපයන්හි හේතුවෙන්) අල්ලාහ් ඔහුව වැරදි මාර්ගයෙහි අත්හැර දමා, ඔහුගේ කණ් මතද, හෘදයන් මතද, මුද්‍රා තැබුවේය. තවද ඔහුගේ බැල්ම මතද, තිරයක් නිර්මාණය කර හැරියේය. අල්ලාහ් (මෙසේ) කිරීමෙන් පසු ඔහුව කවුරුන්ට නම් ඍජු මාර්ගයෙහි ඇතුළු කළ හැකිද? (මෙය) ඔබ අවධානය කර බැලිය යුතු නොවේද?

وَقَالُوا۟ مَا هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُهْلِكُنَآ إِلَّا ٱلدَّهْرُ ۚ وَمَا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَظُنُّونَ ۝٢٤

“මෙලොවෙහි අප ජීවත් වන ජීවිතය හැර වෙන (ජීවිතයක්) නැත” යයිද, “(මෙහිම) අපි ජීවත් වන්නෙමු. පසුව මරණයට පත් වන්නෙමු. කාලයා මිස, (වෙන කිසිවක්) අපව විනාශ කරන්නේ නැත” යයිද ඔවුන් පවසන්නාහ. මේ ගැන මොවුන්ට කිසිම ඥානයක් නැත. මොවුන් (පුහු) මනක්කල්පිත කරන්නන් මිස, වෙන කිසිවක් නැත.

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا بَيِّنَٰتٍۢ مَّا كَانَ حُجَّتَهُمْ إِلَّآ أَن قَالُوا۟ ٱئْتُوا۟ بِـَٔابَآئِنَآ إِن كُنتُمْ صَٰدِقِينَ ۝٢٥

ඔවුන්ට අපගේ පැහැදිලි ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් (ඔවුන් විශ්වාසවන්තයින්ට “ඇත්තෙන්ම මරණයට පත් වූවන් පණ ලැබී නැගිටින්නාහ යන කාරණාවෙහි) ඔබ සත්‍යය පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (මරණයට පත් වූ) අපගේ මුතුන් මිත්තන්ව (පණ ගන්වා) ගෙන එනු” යයි පැවසීම ම ඔවුන් කරනු ලබන තර්කය වශයෙන් තිබුණි.

قُلِ ٱللَّهُ يُحْيِيكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يَجْمَعُكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَا رَيْبَ فِيهِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ۝٢٦

(නබියේ!) ඔබ (ඔවුන්ට) මෙසේ පවසනු: අල්ලාහ්ම ඔබට පණ දෙන්නේය. (මම නොව). ඔහුම ඔබව මරණයට පත් කරන්නේය. පසුව විනිශ්චය දිනදී (පණ දී) ඔබව ඒකරාශී කරනු ඇත. මෙහි කිසිම සැකයක් නැත. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) වටහා ගන්නේ නැත.

وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يَوْمَئِذٍۢ يَخْسَرُ ٱلْمُبْطِلُونَ ۝٢۷

අහස් හා භූමියෙහි පාලනය අල්ලාහ්ටම අයත්ය. (අපගේ ආයාවන්) බොරු කරන්නන් විනිශ්චය සිදු වන දින පරාජයට ලක් වී සිටිනු ඇත.

وَتَرَىٰ كُلَّ أُمَّةٍۢ جَاثِيَةًۭ ۚ كُلُّ أُمَّةٍۢ تُدْعَىٰٓ إِلَىٰ كِتَٰبِهَا ٱلْيَوْمَ تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ ۝٢۸

(නබියේ! එදිනදී) සෑම සමූහයක්ම දණින් වැටී සිටිනු ඔබ දකින්නෙහිය. සෑම සමුහයක්ම (විනිශ්චය සඳහා) ඔවුනොවුන්ගේ (සටහන්) පුස්තකයන් දෙසට කැඳවනු ලබන්නාහ. (ඔවුන්ට) “අද දින ඔබ, ඔබගේ ක්‍රියාවන්ට අයත් ඵලවිපාක දෙනු ලබන්නාහ” (යයිද)-

هَٰذَا كِتَٰبُنَا يَنطِقُ عَلَيْكُم بِٱلْحَقِّ ۚ إِنَّا كُنَّا نَسْتَنسِخُ مَا كُنتُمْ تَعْمَلُونَ ۝٢۹

“මෙය ඔබ ගැන ඇත්ත පවසන අපගේ (සටහන්) පුස්තකයයි. නියත වශයෙන්ම අපි ඔබ කළ සියල්ල (එහි) සටහන් කරවනු ලබන්නෙමු” (යයිද කියනු ලැබේ).

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَيُدْخِلُهُمْ رَبُّهُمْ فِى رَحْمَتِهِۦ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْمُبِينُ ۝۳۰

කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද ඔවුන්ව, ඔවුන්ගේ දෙවියන් තමන්ගේ දයාවෙහි ඇතුළු කරවන්නේය. මෙයම පැහැදිලි ජයග්‍රහණයක් වන්නේය.

وَأَمَّا ٱلَّذِينَ كَفَرُوٓا۟ أَفَلَمْ تَكُنْ ءَايَٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَٱسْتَكْبَرْتُمْ وَكُنتُمْ قَوْمًۭا مُّجْرِمِينَ ۝۳١

කවුරුන් (අපගේ ආයාවන්) ප්‍රතික්ෂේප කළෝද, (ඔවුන්ට) “ඔබට මගේ ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවේ නැද්ද? නමුත් (ඒ අවස්ථාවේදී) ඔබ ආඩම්බරයට පත්ව (එය ප්‍රතික්ෂේප කර) හැරියෙහුය. තවද ඔබ වැරදි කරන ජනතාවක් වශයෙන්ම සිටියෙහුය” (යයිද කියනු ලැබේ).

وَإِذَا قِيلَ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ وَٱلسَّاعَةُ لَا رَيْبَ فِيهَا قُلْتُم مَّا نَدْرِى مَا ٱلسَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنًّۭا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ ۝۳٢

තවද “නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයකි. (විනිශ්චය) කාලයේදී (එය පැමිණෙනු යන්නෙහි) කිසිම සැකයක් නැත’ යයි (ඔබට) පවසනු ලැබුවහොත් එයට ‘(විනිශ්චය) කාලය අසවල් දැය යයි අපි දන්නේ නැත. එය (පුහු) සිතුවිල්ලක් මිස, වෙන කිසිවක් නැත යයිම අදහස් කරන්නෙමු. (එය සත්‍යය යයි) අපි විශ්වාස කළේද නැත’ යයි ඔබ කීවෙහු (නොවෙද?”යි ඔවුන්ගෙන් විමසනු ලැබේ).

وَبَدَا لَهُمْ سَيِّـَٔاتُ مَا عَمِلُوا۟ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ۝۳۳

ඔවුන් කරමින් සිටි නපුරු දැය (සියල්ල) ඔවුන්ට එළිදරව් වනු ඇත. ඔවුන් සමච්චල් කරමින් සිටි දැයම ඔවුන් වටා වට කර ගනු ඇත.

وَقِيلَ ٱلْيَوْمَ نَنسَىٰكُمْ كَمَا نَسِيتُمْ لِقَآءَ يَوْمِكُمْ هَٰذَا وَمَأْوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّٰصِرِينَ ۝۳٤

තවද (ඔවුන්ට) “ඔබගේ මෙදින හමු වීම ඔබ අමතක කළ ආකාරයෙන්ම අපිද අද දින ඔබව අමතක කර දැමුවෙමු. ඔබගේ රැෙඳන ස්ථානය නිරයයි. (අද දින) ඔබට උදව් කරන්නන් කිසිවෙකුත් නැත” යයිද කියනු ලැබේ.

ذَٰلِكُم بِأَنَّكُمُ ٱتَّخَذْتُمْ ءَايَٰتِ ٱللَّهِ هُزُوًۭا وَغَرَّتْكُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا ۚ فَٱلْيَوْمَ لَا يُخْرَجُونَ مِنْهَا وَلَا هُمْ يُسْتَعْتَبُونَ ۝۳٥

මෙහි හේතුව නම්: “නියත වශයෙන්ම ඔබ අල්ලාහ්ගේ ආයාවන් සමච්චලයෙන් ඇර ගත්තෙහුය. මෙලොව ජීවිතය ඔබව රවටා දැමුවේය” (යයිද කියනු ලැබේ). අද දින එයින් ඔවුන්ව පිටමං කරනු නොලබන්නාහ. තවද ඔවුන්ගේ සමාව ඉල්ලීමද, බාර ගනු ලබන්නේ නැත.

فَلِلَّهِ ٱلْحَمْدُ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَرَبِّ ٱلْأَرْضِ رَبِّ ٱلْعَٰلَمِينَ ۝۳٦

අහස්හි දෙවියන්ද, භූමියෙහි දෙවියන්ද, ලෝකයන් සියල්ලෙහි දෙවියන්ද වන අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා හිමි වන්නේය.

وَلَهُ ٱلْكِبْرِيَآءُ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ۝۳۷

අහස්හි හා භූමියෙහි ඇති (සියලූ) වස්තූන් ඔහුටම අයත්ය. ඔහුම (සියලලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.