< السورة السابقة | فهرس السور | السورة التالية >
surah039
Az-Zumar (39)
The Groups, makkah, 75 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ تَنزِيلُ ٱلْكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ ١
අල්ලාහ් විසින්ම මෙම ධර්මය පහළ කරනු ලැබ ඇත්තේය. (ඔහු සියල්ලන්ට) බලසම්පන්නයෙකු හා (සියල්ල දන්නා) ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
إِنَّآ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ فَٱعْبُدِ ٱللَّهَ مُخْلِصًۭا لَّهُ ٱلدِّينَ ٢
(නබියේ!) නියත වශයෙන්ම සම්පූර්ණයෙන් සත්‍යයෙන් පිරි මෙම ධර්මය අපිම ඔබ වෙත පහළ කර ඇත්තෙමු. එබැවින් ඔබ සම්පුර්ණයෙන් පරිශුද්ධ වූ මනසින් යුතුව අල්ලාහ්ව නමදිමින් සිටිනු. නැමදුම් පිළිවෙත් ඔහුටම අයත්ය.
أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلْخَالِصُ ۚ وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلْفَىٰٓ إِنَّ ٱللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِى مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى مَنْ هُوَ كَٰذِبٌۭ كَفَّارٌۭ ۳
පරිශුද්ධ වූ නැමදුම් පිළිවෙත් අල්ලාහ්ටම අයත්ය යන්න දැන ගනු මැනව! කවුරුන් අල්ලාහ් නොවන දැය (තමන්ට) ආරක්ෂකයින් වශයෙන් ගන්නෝද, ඔවුන් “එම දෙවිවරුන් අපව අල්ලාහ්ට ඉතාමත් සමීප කර තැබීම සඳහාම මිස, මේවාට අපි නැමදුවේ නැත” (යයි පවසන්නාහ). ඔවුන් භේද බින්න වී (තර්ක) කරමින් සිටින මෙම කාරණාව ගැන නියත වශයෙන්ම අල්ලාහ් (විනිශ්චය දිනදී) ඔවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත. (සත්‍යය) ප්‍රතික්ෂේප කර, බොරු ගොතා පවසන්නන්ව නියත වශයෙන්ම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.
لَّوْ أَرَادَ ٱللَّهُ أَن يَتَّخِذَ وَلَدًۭا لَّٱصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَآءُ ۚ سُبْحَٰنَهُۥ ۖ هُوَ ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ ٤
අල්ලාහ් දරුවන් ඇර ගත යුතුය යයි අදහස් කර තිබුණේ නම්, ඔහු උත්පාදනය කළ දැයෙන් ඔහු කැමති (උසස්) දැයම තෝරා ගන්නට තිබුනි. (එහෙත් මෙවැනි කාරණාවන්ගෙන්) ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔහුම (සියල්ලන්වම) යටහත් පහත් කර පාලනය කරන එකම එක්කෙනෙකු වන අල්ලාහ්ය.
خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۖ يُكَوِّرُ ٱلَّيْلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيْلِ ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّۭ يَجْرِى لِأَجَلٍۢ مُّسَمًّى ۗ أَلَا هُوَ ٱلْعَزِيزُ ٱلْغَفَّٰرُ ٥
ඔහු අහස්ද, භූමියද, නියමිත කාරණාවන් සමග නිර්මාණය කර ඇත්තේය. (නිකරුණේ නොව). ඔහුම රාත්‍රිය හකුළා දහවල (දිග හරින්නේය). තවද ඔහුම දහවල හකුළා රාත්‍රිය (දිග හරින්නේය). සූර්යයාද, චන්ද්‍රයාද, තමන් තුළ යටත් කර තබා ඇත්තේය. මේවා සෑම දැයක්ම (එය, එයට නියමිත සීමාව තුළ) නියමිත කාලයකට අනුව ගමන් කරන්නේය. (නබියේ! ඔබ) දැන ගනු, ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඉතාමත් ක්ෂමාකරන්නෙකු වශයෙන් සිටින්නේය.
خَلَقَكُم مِّن نَّفْسٍۢ وَٰحِدَةٍۢ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَأَنزَلَ لَكُم مِّنَ ٱلْأَنْعَٰمِ ثَمَٰنِيَةَ أَزْوَٰجٍۢ ۚ يَخْلُقُكُمْ فِى بُطُونِ أُمَّهَٰتِكُمْ خَلْقًۭا مِّنۢ بَعْدِ خَلْقٍۢ فِى ظُلُمَٰتٍۢ ثَلَٰثٍۢ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ لَهُ ٱلْمُلْكُ ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ ٦
ඔහු ඔබව (ආරම්භයේදී) එකම මිනිසෙකුගෙන් නිර්මාණය (කර) තිබුණි. පසුව ඔහුගෙන් ඔහුගේ බිරිඳව නිර්මාණය කළේය. (ඒ දෙදෙනාගෙන්, ඔබව පිරිමි, ගැහැනු වශයෙන් උත්පාදනය කරන්නේය). තවද (ඔබගේ යහපතටම) සතුන් අට වර්ගයක් ජෝඩු ජෝඩු වශයෙන් පහළ කර ඇත්තේය. ඔබගේ මව්වරුන්ගේ කුසෙහි එකකට පසු එකක් වශයෙන් අඳුරු වහන්තරාවන් තුනක් තුළ තබා ඔබව උත්පාදනය කරන්නේය. මෙම අල්ලාහ්ම ඔබගේ දෙවියන්ය. සියලූ රාජ්‍යයන් ඔහුටම අයත් දැයයි. ඔහු හැර, වෙන දෙවියෙකු නැත. එබැවින් (ඔහුව අත්හැර දමා) ඔබ කොහේ නම් (යන්නට) හැරෙන්නෙහුද?
إِن تَكْفُرُوا۟ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ عَنكُمْ ۖ وَلَا يَرْضَىٰ لِعِبَادِهِ ٱلْكُفْرَ ۖ وَإِن تَشْكُرُوا۟ يَرْضَهُ لَكُمْ ۗ وَلَا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۗ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ۷
(ඔහුව) ඔබ ප්‍රතික්ෂේප කර දැමුවද, (ඔහුට කිසි පාඩුවක් නැත. මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් ඔබගේ අවශ්‍යතාවයක් නොමැත්තෙකු වශයෙන් සිටින්නේය. එහෙත් තම වහලූන් (තමන්ව) ප්‍රතික්ෂේප කිරීම ඔහු කැමති වන්නේ නැත. ඔබ (ඔහුට) කෘතඥ වන්නෙහු නම්, ඔබ ගැන ඔහු තෘප්තියට පත් වන්නේය. කෙනෙකුගේ (පාපයන්හි) බර වෙනත් කෙනෙකු උසුළන්නට නොහැක. මින් පසු ඔබ යා යුත්තේ ඔබගේ දෙවියන් වෙතය. ඒ අවස්ථාවේදී ඔබ කරමින් සිටි දැය ඔහු ඔබට දැනුම් දෙනු ඇත. හෘදයන්හි ඇති දැයද නියත වශයෙන්ම ඔහු හොඳින් දන්නේය.
۞ وَإِذَا مَسَّ ٱلْإِنسَٰنَ ضُرٌّۭ دَعَا رَبَّهُۥ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُۥ نِعْمَةًۭ مِّنْهُ نَسِىَ مَا كَانَ يَدْعُوٓا۟ إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّهِ أَندَادًۭا لِّيُضِلَّ عَن سَبِيلِهِۦ ۚ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا ۖ إِنَّكَ مِنْ أَصْحَٰبِ ٱلنَّارِ ۸
මිනිසාට යම්කිසි විපතක් ඇති වන විට, සම්පූර්ණයෙන්ම තම දෙවියන් දෙසම බලා ප්‍රාර්ථනා කරමින්ම සිටින්නේය. නමුත් දෙවියන් තමන්ගේ යම්කිසි වරප්‍රසාදයක් පහළ කරන විට, මීට පෙර ඔහු කුමක් ප්‍රාර්ථනා කරමින් සිටියේද, එය අමතක කර දමා, අල්ලාහ්ට (බොරු දෙවිවරුන්ව) සමානයන් කර, (අන් අයවද) ඔහුගේ මාර්ගයෙන් වැරද යාමට සලස්වන්නේය. (නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ, (ඔබගේ) ප්‍රතික්ෂේපයේම ටික කලක් සුවය විඳිනු. (අවසානයේදී) නියත වශයෙන්ම ඔබ නිරාවාසීන්ගෙන්ම සිටින්නෙහුය”.
أَمَّنْ هُوَ قَٰنِتٌ ءَانَآءَ ٱلَّيْلِ سَاجِدًۭا وَقَآئِمًۭا يَحْذَرُ ٱلْءَاخِرَةَ وَيَرْجُوا۟ رَحْمَةَ رَبِّهِۦ ۗ قُلْ هَلْ يَسْتَوِى ٱلَّذِينَ يَعْلَمُونَ وَٱلَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ ۹
කවුරුන් පරලොව ගැන බිය වී තම දෙවියන්ගේ දයාව බලාපොරොත්තුවෙන් රාත්‍රී කාලයන්හි සිට ගන්නන් වශයෙන්ද, නළල බිම තබා සුජූද් කරන්නන් වශයෙන්ද, (අල්ලාහ්ව) නමදිමින් සිටින්නේද, (ඔහු විශ්වාසය නොතබා, ප්‍රතික්ෂේප කරන්නෙකු මෙන් වන්නේද? නබියේ!) ඔබ මෙසේ පවසනු: දැනුවත් අයද, නොදැනුවත් අයද සමාන අය වන්නෙහුද? (මෙම කුර්ආනය මගින්) හොඳ ඔවදන් ලබා ගන්නා සියල්ලන්ම (අධ්‍යාපන) දැනුමෙන් යුතු අයයි.
قُلْ يَٰعِبَادِ ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ رَبَّكُمْ ۚ لِلَّذِينَ أَحْسَنُوا۟ فِى هَٰذِهِ ٱلدُّنْيَا حَسَنَةٌۭ ۗ وَأَرْضُ ٱللَّهِ وَٰسِعَةٌ ۗ إِنَّمَا يُوَفَّى ٱلصَّٰبِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍۢ ١۰
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “විශ්වාසය තැබූ (හොඳ) වහලූනි! ඔබගේ දෙවියන්ට ඔබ බිය වී කටයුතු කරනු. මෙලොවදී පින් කරන්නන්ට හොඳක්ම ලැඛෙන්නේය. අල්ලාහ්ගේ භූමිය ඉතාමත් විශාලය. ඉවසිලිවන්තයින් තමන්ගේ ඵලවිපාක අප්‍රමාණව (අධික වශයෙන්ම) ලබා ගනු ඇත.
قُلْ إِنِّىٓ أُمِرْتُ أَنْ أَعْبُدَ ٱللَّهَ مُخْلِصًۭا لَّهُ ٱلدِّينَ ١١
(තවද නබියේ! අපි පවසන්නේ යයි) ඔබ මෙසේ පවසනු: “සම්පුර්ණයෙන්ම කළවම් නොවුන මනසින් යුතුව අල්ලාහ්වම නමදින මෙන් නියත වශයෙන්ම මා අණ කරනු ලැබ ඇත්තෙමි. (මන්දයත්) නැමදුම් පිළිවෙත් (සියල්ල) ඔහුටම අයත්ය.
وَأُمِرْتُ لِأَنْ أَكُونَ أَوَّلَ ٱلْمُسْلِمِينَ ١٢
“තවද (ඔහුට) සම්පූර්ණයෙන්ම අවනත වන්නන්ගෙන් පළමුවැන්නා වශයෙන් සිටින මෙන්ද මා අණ කරනු ලැබ ඇත්තෙමි” (යයිද පවසනු මැනව! පසුවද)
قُلْ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍۢ ١۳
ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියන්ට මා වෙනස්කමක් කළහොත් ඉමහත් වූ දිනයේ දඬුවමට නියත වශයෙන්ම මා බිය වන්නෙමි”.
قُلِ ٱللَّهَ أَعْبُدُ مُخْلِصًۭا لَّهُۥ دِينِى ١٤
(තවද) ඔබ මෙසේ පවසනු: “සම්පූර්ණයෙන්ම කළවම් නොවුන මනසින් යුතුව අල්ලාහ්වම මා නමදින්නෙමි. (මන්දයත්) මගේ නැමදුම ඔහුටම අයත්ය.
فَٱعْبُدُوا۟ مَا شِئْتُم مِّن دُونِهِۦ ۗ قُلْ إِنَّ ٱلْخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ أَلَا ذَٰلِكَ هُوَ ٱلْخُسْرَانُ ٱلْمُبِينُ ١٥
නමුත් ඔබ ඔහු හැර කැමති අයව නමදිමින් සිටිනු. (එයට අයත් දඬුවම අත් කර ගන්නෙහුය”. නබියේ!) ඔබ මෙසේද පවසනු: “ඇත්තෙන්ම පාඩුව විඳි අය කවුරුන්දයත් (දෙවියන්ට වෙනස්කම් කර) තමන්ටත්, තමන්ගේ පවුලටත් විනිශ්චය දිනදී පාඩුව ඇති කර ගත් අයයි. මෙය පැහැදිලි පාඩුවකැයි යන්න දැන ගනු!
لَهُم مِّن فَوْقِهِمْ ظُلَلٌۭ مِّنَ ٱلنَّارِ وَمِن تَحْتِهِمْ ظُلَلٌۭ ۚ ذَٰلِكَ يُخَوِّفُ ٱللَّهُ بِهِۦ عِبَادَهُۥ ۚ يَٰعِبَادِ فَٱتَّقُونِ ١٦
(විනිශ්චය දිනදී) මොවුන්ගේ (හිසට) උඩින්ද ගින්න වට කර ගනු ඇත. මොවුන්ගේ (පාදයන්හි) යටින්ද (ගින්න) වට කර ගනු ඇත. මේ අන්දමටම මෙමගින් අල්ලාහ් තම වහලූන්ට බිය ගන්වන්නේය. මගේ වහලූනි! මටම ඔබ බිය වනු”.
وَٱلَّذِينَ ٱجْتَنَبُوا۟ ٱلطَّٰغُوتَ أَن يَعْبُدُوهَا وَأَنَابُوٓا۟ إِلَى ٱللَّهِ لَهُمُ ٱلْبُشْرَىٰ ۚ فَبَشِّرْ عِبَادِ ١۷
(එබැවින්) “කවුරුන් පිළිරූ නොනැමද, ඒවායෙන් ඈත් වී සම්පුර්ණයෙන්ම අල්ලාහ් දෙසටම හැරී සිටින්නෝද, ඔවුන්ටම සුභාරංචි වන්නේය. එබැවින් (නබියේ!) ඔබ (අපගේ එම හොඳ) වහලූන්ට සුභාරංචි පවසනු (මැනව!)
ٱلَّذِينَ يَسْتَمِعُونَ ٱلْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُۥٓ ۚ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ هَدَىٰهُمُ ٱللَّهُ ۖ وَأُو۟لَٰٓئِكَ هُمْ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ ١۸
ඔවුන් (කෙබඳු අයදයත්, අපගේ) ආයාවන්ට සවන් දී එහි ඇති හොඳ දැය අනුගමනය කරමින් කටයුතු කරන්නාහ. නියත වශයෙන්ම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ මෙවැන්නන්ය. මොවුන්ම (ඇත්තෙන්ම) බුද්ධිමත් අයද වන්නාහ.
أَفَمَنْ حَقَّ عَلَيْهِ كَلِمَةُ ٱلْعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِى ٱلنَّارِ ١۹
(නබියේ!) කවුරුන් කෙරෙහි දඬුවම ගැනවූ පොරොන්දුව සත්‍යය වූවේද, (ඔහු අනිවාර්යයෙන්ම නිරයට යනු ඇත. නිරා) ගින්නෙහි සිටින ඔහුව ඔබ බේරා හරින්නෙහිද?
لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ لَهُمْ غُرَفٌۭ مِّن فَوْقِهَا غُرَفٌۭ مَّبْنِيَّةٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۖ وَعْدَ ٱللَّهِ ۖ لَا يُخْلِفُ ٱللَّهُ ٱلْمِيعَادَ ٢۰
නමුත් කවුරුන් තමන්ගේ දෙවියන්ට බිය වී කටයුතු කරන්නෝද, ඔවුන්ට (ස්වර්ගයෙහි) තට්ටු පිට තට්ටු වශයෙන් ඇති ඉහළ මහලයන්ගෙන් (යුත් මාලිගාවන්) ඇත. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින් ඇත. (මෙයම) අල්ලාහ්ගේ පොරොන්දුවකි. අල්ලාහ් (තමන්ගේ) පොරොන්දුවෙන් වෙනස් වන්නේ නැත.
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَسَلَكَهُۥ يَنَٰبِيعَ فِى ٱلْأَرْضِ ثُمَّ يُخْرِجُ بِهِۦ زَرْعًۭا مُّخْتَلِفًا أَلْوَٰنُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصْفَرًّۭا ثُمَّ يَجْعَلُهُۥ حُطَٰمًا ۚ إِنَّ فِى ذَٰلِكَ لَذِكْرَىٰ لِأُو۟لِى ٱلْأَلْبَٰبِ ٢١
(නබියේ!) “ඔබ බැලූවේ නැද්ද? නියත වශයෙන්ම අල්ලාහ්ම වලාකුළෙන් වර්ෂාව වැසීමට සලස්වා, එය භූමියෙහි උල්පත් බවට පත් කර, ගලන්නට සලස්වන්නේය. පසුව එමගින් විවිධ වර්ණයන්ගෙන් යුත් (විවිධ වර්ගයේ) භෝග ඔහු ඉකුත් කරන්නේය. පසුව (කරල්) පැසී, ඒවා කහ පැහැ වී තිඛෙණු දකින්නෙහිය. පසුව එය (වියළී) පිදුරු බවට පත් වන්නේය. නියත වශයෙන්ම මෙහි බුද්ධිමතුන්ට හොඳ පාඩමක් ඇත්තේය.
أَفَمَن شَرَحَ ٱللَّهُ صَدْرَهُۥ لِلْإِسْلَٰمِ فَهُوَ عَلَىٰ نُورٍۢ مِّن رَّبِّهِۦ ۚ فَوَيْلٌۭ لِّلْقَٰسِيَةِ قُلُوبُهُم مِّن ذِكْرِ ٱللَّهِ ۚ أُو۟لَٰٓئِكَ فِى ضَلَٰلٍۢ مُّبِينٍ ٢٢
කවුරුන්ගේ හෘදය ඉස්ලාමය වැළඳ ගැනීමට අල්ලාහ් විස්තීරණය කර ඇත්තේද, ඔහු (එමගින්) තම දෙවියන්ගේ ආලෝකයෙහි සිටින්නේය. අල්ලාහ්ව මතක් කිරීමෙන් ඈත් වී කවුරුන්ගේ හෘදයන් දැඩි බවට පත් වූවේද, ඔවුන්ට විනාශයයි. මෙවැන්නන් ප්‍රකට දුර්මාර්ගයෙහිම සිටින්නාහ.
ٱللَّهُ نَزَّلَ أَحْسَنَ ٱلْحَدِيثِ كِتَٰبًۭا مُّتَشَٰبِهًۭا مَّثَانِىَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَىٰ ذِكْرِ ٱللَّهِ ۚ ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهْدِى بِهِۦ مَن يَشَآءُ ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍ ٢۳
අල්ලාහ් ඉතාමත් අලංකාරවත් පුවත්ම (මෙම) ධර්මයෙහි පහළ කර ඇත්තේය. (මෙහි ඇති ආයාවන් එකකට එකක් පටහැනි නොවී) එකක් තවත් එකක් මගින් බැඳී (තිඛෙන අතර මනසෙහි ධාරණය වනු පිණිස එකම කාරණාව) නැවත නැවතත් (විවිධ ආකාරයට) පවසනු ලැබ ඇත්තේය. කවුරුන් තමන්ගේ දෙවියන්ට බිය වන්නෝද, (ඔවුන් එය ඇසූ සැණින්) ඔවුන්ගේ රෝම කූප පොපියන්නේය. පසුව ඔවුන්ගේ සම් හා හෘදයන්ද අල්ලාහ්ගේ සිතුවිල්ලෙහිම මෘදු වන්නේය. මෙයම අල්ලාහ්ගේ ඍජු මාර්ගය වන්නේය. තමන් කැමති අයව ඔහු මෙමගින් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. කවුරුන්ව අල්ලාහ් දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේද, ඔහුව ඍජු මාර්ගයෙහි ඇතුළු කළ හැකි කිසිවෙකුත් නැත.
أَفَمَن يَتَّقِى بِوَجْهِهِۦ سُوٓءَ ٱلْعَذَابِ يَوْمَ ٱلْقِيَٰمَةِ ۚ وَقِيلَ لِلظَّٰلِمِينَ ذُوقُوا۟ مَا كُنتُمْ تَكْسِبُونَ ٢٤
කවුරුන් විනිශ්චය දිනදී දරුණු දඬුවම තම මුහුණෙන් හෝ වළක්වා ගැනීමට ප්‍රයත්න දරන්නේද, ඔහු (ස්වර්ගවාසීන්ට සම වන්නේද?) අපරාධකාරයින්ට “ඔබ සොයා ගත් (නපුරු) විපත් විඳ බලනු” යයිම කියනු ලැබේ.
كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَىٰهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ ٢٥
(මෙසේම) මොවුන්ට පෙර සිටි අයද (අපගේ ආයාවන්) බොරු කරන්නාහ. එබැවින් (දඬුවම පැමිණේවි යයි) ඔවුන් (පොඩියක් හෝ) වටහා නොගත් අන්දමින් දඬුවම ඔවුන් වෙත පැමිණ සේන්දු විය.
فَأَذَاقَهُمُ ٱللَّهُ ٱلْخِزْىَ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَعَذَابُ ٱلْءَاخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ٢٦
මෙලොව ජීවිතයේදීද අවමානය ඔවුන් විඳින සේ අල්ලාහ් සැලැස්සුවේය. ඔවුන් දැන සිටියේ නම් පරලොව ඇති දඬුවම නම්, අති විශාල (යන්න දැන සිටින්නෙහුය!)
وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِى هَٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍۢ لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ ٢۷
නියත වශයෙන්ම මිනිසුන්ට මෙම කුර්ආනයෙහි සියලූ උදාහරණයන්ද අපි පවසා ඇත්තෙමු. (මෙමගින්) ඔවුන් හොඳ වැටහීමක් ලබා ගනු මැනව!
قُرْءَانًا عَرَبِيًّا غَيْرَ ذِى عِوَجٍۢ لَّعَلَّهُمْ يَتَّقُونَ ٢۸
තවද (අල්ලාහ්ට) ඔවුන් බිය වනු පිණිස, කිසිම ඇදයක් නැති මෙම කුර්ආනය (පැහැදිලි වූ) අරාබි බසින් (පහළ කර ඇත්තෙමු).
ضَرَبَ ٱللَّهُ مَثَلًۭا رَّجُلًۭا فِيهِ شُرَكَآءُ مُتَشَٰكِسُونَ وَرَجُلًۭا سَلَمًۭا لِّرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ٢۹
අල්ලාහ් එක් උදාහරණයක් පවසන්නේය: මිනිසෙකු හාම්පුතුන් කිහිප දෙනෙකුට (වහලෙකු වශයෙන්) සිට, ඔවුන් (සෑම දෙනෙකුම තමන්ටම ඔහු වැඩ කළ යුතුය යයි) කරදර කරමින් සිටියහ. තවත් මිනිසෙකු (වහලෙකි. නමුත් ඔහු) කෙනෙකුට පමණක් අයිතිය. මේ දෙදෙනා සමාන වන්නෙහුද? (එසේ වන්නේ නැත නොවෙද? මෙතරම් දැයක්වත් ඔබ දැන ගැනිීම ගැන) ප්‍රශංසා සියල්ල අල්ලාහටය (යයි සුවි ශුද්ධ කරමු මැනව! මෙසේම විවිධ දෙවිවරුන්ව නමදින කෙනෙකු, එකම අල්ලාහ්ව නමදින කෙනෙකුට සම වන්නේ නැත). එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙතරම් දැයක්වත්) දැන ගන්නේ නැත.
إِنَّكَ مَيِّتٌۭ وَإِنَّهُم مَّيِّتُونَ ۳۰
(නබියේ!) නියත වශයෙන්ම ඔබත් මරණයට පත් විය හැකි අයෙකි. නියත වශයෙන්ම ඔවුන්ද මරණයට පත් විය හැකි අයයි.
ثُمَّ إِنَّكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ عِندَ رَبِّكُمْ تَخْتَصِمُونَ ۳١
පසුව විනිශ්චය දිනදී (සියල්ලන්ම) ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙහි නියත වශයෙන්ම (ගෙන එනු ලැබ) ඔබ (සාධාරණය ඉල්ලා ඔබ තුළ) තර්ක කර ගනු ලබන්නෙහුය.
۞ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَبَ عَلَى ٱللَّهِ وَكَذَّبَ بِٱلصِّدْقِ إِذْ جَآءَهُۥٓ ۚ أَلَيْسَ فِى جَهَنَّمَ مَثْوًۭى لِّلْكَٰفِرِينَ ۳٢
අල්ලාහ් කෙරෙහි බොරු කියා, තමන් වෙත පැමිණි (ධර්මය වන) සත්‍යය බොරු කරන්නාට වඩා අති විශාල අපරාධකාරයා කවරෙක්ද? (එවැනි) ප්‍රතික්ෂේප කරන්නන් රැෙඳන ස්ථානය නිරයෙහි නොවෙද (ඇත්තේ)?
وَٱلَّذِى جَآءَ بِٱلصِّدْقِ وَصَدَّقَ بِهِۦٓ ۙ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُتَّقُونَ ۳۳
සත්‍යය ගෙන ආ අය (වන අපගේ දූතයා)ද, එය සත්‍යය යයිම ස්ථීර කරන්නන්ද, ආදී මෙවැන්නන්ම භය භක්තිකයින්ය.
لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمْ ۚ ذَٰلِكَ جَزَآءُ ٱلْمُحْسِنِينَ ۳٤
ඔවුන් කැමති සියල්ල ඔවුන්ගේ දෙවියන් වෙතින් ඔවුන්ට ලැඛෙනු ඇත. (මන්දයත් මෙවැනි) හොඳ කරන අයට මෙයම (සුදුසු) ඵලවිපාක වන්නේය.
لِيُكَفِّرَ ٱللَّهُ عَنْهُمْ أَسْوَأَ ٱلَّذِى عَمِلُوا۟ وَيَجْزِيَهُمْ أَجْرَهُم بِأَحْسَنِ ٱلَّذِى كَانُوا۟ يَعْمَلُونَ ۳٥
ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් ඉතාමත් නපුරු දැයද, අල්ලාහ් ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප කර, (සමාව දී) ඔවුන්ගේ (දැහැමි ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාක, ඔවුන් කළ දැයට වඩා ඉතාමත් අලංකාරවත් අන්දමට ඔවුන්ට ලබා දෙනු ඇත.
أَلَيْسَ ٱللَّهُ بِكَافٍ عَبْدَهُۥ ۖ وَيُخَوِّفُونَكَ بِٱلَّذِينَ مِن دُونِهِۦ ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍۢ ۳٦
තම වහලූන්ට (අවශ්‍ය උදව් කරන්නට) අල්ලාහ් (ප්‍රමාණවත් කෙනෙකු නොවෙද? (නබියේ!) ඔවුන් (තමන්ගේ දෙවිවරුන් වන) ඔහු නොවන දැය ගැන ඔබව බිය ගන්වන්නාහ. (එය ඔබ සැළකිල්ලට නොගනු). කවුරුන්ව අල්ලාහ් දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේද, ඔහුව ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමට හැකි කිසිවෙකුත් නැත.
وَمَن يَهْدِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّضِلٍّ ۗ أَلَيْسَ ٱللَّهُ بِعَزِيزٍۢ ذِى ٱنتِقَامٍۢ ۳۷
කවුරුන්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද, ඔහුව මාර්ගය වැරද යාමට සැලැස්විය හැකි කිසිවෙකුත් නැත. අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්යෙකු හා පළි ගැනීමට බලසම්පන්නයෙකු වන්නෙහි නොවෙද?
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ ٱللَّهُ ۚ قُلْ أَفَرَءَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ إِنْ أَرَادَنِىَ ٱللَّهُ بِضُرٍّ هَلْ هُنَّ كَٰشِفَٰتُ ضُرِّهِۦٓ أَوْ أَرَادَنِى بِرَحْمَةٍ هَلْ هُنَّ مُمْسِكَٰتُ رَحْمَتِهِۦ ۚ قُلْ حَسْبِىَ ٱللَّهُ ۖ عَلَيْهِ يَتَوَكَّلُ ٱلْمُتَوَكِّلُونَ ۳۸
(නබියේ!) ‘අහස්ද, භූමියද උත්පාදනය කළේ කවරෙක්ද?’යි ඔබ ඔවුන්ගෙන් විමසන්නෙහි නම්, ‘අල්ලාහ්’යයි නියත වශයෙන්ම ඔවුන් පවසනු ඇත. (නැවතත් නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් මට යම්කිසි විපතක් කිරීමට අදහස් කළහොත්, ඔබ දෙවිවරුන් යයි ආරාධනා කරන අල්ලාහ් නොවන දැයට, එම විපත පහ කිරීමට හැකිදැයි යන්න ඔබ අවධානය කළෙහුද? නැතහොත් යම්කිසි වරප්‍රසාදයක් පහළ කිරීමට අදහස් කළහොත් ඔහුගේ වරප්‍රසාදය මේවා වළක්වා හරින්නෙහුද? (යන්නද ඔබ අවධානය කළෙහුද? නබියේ! තවද) ඔබ මෙසේ පවසනු: අල්ලාහ් (එක් කෙනෙකුම) මට ප්‍රමාණවත් කෙනෙකි. විශ්වාස කළ හැකි අය ඔහු මතම විශ්වාසය තබන්නාහ”.
قُلْ يَٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَٰمِلٌۭ ۖ فَسَوْفَ تَعْلَمُونَ ۳۹
(නැවතත් නබියේ!) ඔබ මෙසේ පවසනු: “මගේ ජනතාවෙනි! ඔබ, ඔබගේ තත්වයෙහි සිටිමින් ඔබට (කළ හැකි දැය) ඔබ කරමින් සිටිනු. මමත් (මගේ තත්වයෙහි සිටිමින්, මා කළ හැකි දැය) නියත වශයෙන්ම මා කරමින් සිටින්නෙමි. (තවුරුන්ගේ ක්‍රියාවන් වැරදිද යන්න) පසුව ඔබ දැන ගන්නෙහුය.
مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌۭ مُّقِيمٌ ٤۰
අවමන් ගෙන දෙන දඬුවම කවුරුන් වෙත පැමිණ සේන්දු වන්නේද? සිථීර වූ දඬුවම කවුරුන් කෙරෙහි ඇත්තේද? (යන්නද ඔබ දැන ගන්නෙහුය)”.
إِنَّآ أَنزَلْنَا عَلَيْكَ ٱلْكِتَٰبَ لِلنَّاسِ بِٱلْحَقِّ ۖ فَمَنِ ٱهْتَدَىٰ فَلِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍ ٤١
(නබියේ!) නියත වශයෙන්ම අපි මිනිසුන්ගේ (යහපත) සඳහාම සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් පිරි මෙම ධර්මය ඔබ වෙත පහළ කළෙමු. එබැවින් කවුරුන් (මෙය) අනුගමනය කර කටයුතු කරන්නේද, ඔහුටම එය හොඳකි. කවුරුන් (එයින්) මාර්ගය වැරද යන්නේද, එය ඔහුටම නපුරක් වශයෙන් අවසන් වනු ඇත. (නබියේ!) ඔබ ඔවුන්ව (ඍජු මාර්ගයෙහි යන මෙන් බල කර), බේරා ගන්නෙකු නොව.
ٱللَّهُ يَتَوَفَّى ٱلْأَنفُسَ حِينَ مَوْتِهَا وَٱلَّتِى لَمْ تَمُتْ فِى مَنَامِهَا ۖ فَيُمْسِكُ ٱلَّتِى قَضَىٰ عَلَيْهَا ٱلْمَوْتَ وَيُرْسِلُ ٱلْأُخْرَىٰٓ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّى ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ ٤٢
මිනිසුන් මරණයට පත් වන විටද, මරණයට පත් නොවී නින්දෙහි සිටින විටද, අල්ලාහ්ම ඔවුන්ගේ පණ අත්පත් කර ගන්නේය. පසුව කවුරුන් කෙරෙහි මරණය නියම වූවේද, ඔවුන්ගේ පණ (තමන් වෙතම) නවතා තබා ගන්නේය. අන් අයගේ (පණ) නියමිත කාලය දක්වා (ජීවත් වීමට) ඔවුන් වෙතම ඔහු යවන්නේය. අවධානය කර දැන ගත හැකි ජනතාවට නියත වශයෙන්ම මෙහි පාඩම් (බොහොමයක්) ඇත්තේය.
أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ شُفَعَآءَ ۚ قُلْ أَوَلَوْ كَانُوا۟ لَا يَمْلِكُونَ شَيْـًۭٔا وَلَا يَعْقِلُونَ ٤۳
මොවුන් අල්ලාහ් නොවන දැය (තමන් වෙනුවෙන්) මැදිහත් වී කතා කරන දැය යයි (අදහස් කර) තබාගෙන සිටින්නෙහුද? “ඒවා කිසිම ශක්තියක් නැතිව සිටියදී හා (කිසිවක්) නොදැනුවත්ව සිටියා වුවද, (ඒවා ඔබ, ඔබට මැදිහත්ව කතා කරන දැය වශයෙන් ඇර ගන්නෙහුද?)”යි (නබියේ! ඔවුන්ගෙන්) ඔබ විමසනු.
قُل لِّلَّهِ ٱلشَّفَٰعَةُ جَمِيعًۭا ۖ لَّهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ ٤٤
(නැවතත් නබියේ!) ඔබ මෙසේ පවසනු: “මැදිහත් වීම් සියල්ල අල්ලාහ්ටම අයත්ය. (එබැවින් ඔහුගේ අනුමැතියෙන් තොර, ඔහු වෙත කිසිවෙකුත් මැදිහත් වී කතා කළ නොහැක). අහස් හා භූමියෙහි රාජ්‍යය (සම්පුර්ණයෙන්ම) ඔහුටම අයත්ය. පසුව (විනිශ්චය දිනදී) ඔහු වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය”.
وَإِذَا ذُكِرَ ٱللَّهُ وَحْدَهُ ٱشْمَأَزَّتْ قُلُوبُ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ ۖ وَإِذَا ذُكِرَ ٱلَّذِينَ مِن دُونِهِۦٓ إِذَا هُمْ يَسْتَبْشِرُونَ ٤٥
තනි කෙනෙකු වන අල්ලාහ්(ගේ නාමය) පමණක් කියනු ලැබුවහොත් පරලොව විශ්වාස නොකළ අයගේ හෘදයන් (කෝපයෙන්) හැකිළී යන්නේය. (එහෙත්) ඔහු නොවන (දැයෙහි නාම)යන් කියනු ලැබුවහොත් නම්, සතුටු වී (ඔවුන්ගේ හෘදයන් විවර වී පොපියා) යන්නේය.
قُلِ ٱللَّهُمَّ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ عَٰلِمَ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ أَنتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِى مَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ ٤٦
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “අපගේ අල්ලාහ් (දෙවියන් වහන්ස!) අහස්ද, භූමියද උත්පාදනය කළ තැනැත්තෙනි! රහසද, නොරහසද දන්නා තැනැත්තෙනි! ඔවුන් භේද බින්න වී (තර්ක) කරමින් සිටින කාරණාවෙහි ඔබගේ වහලූන් අතරේ ඔබම තීන්දු දෙන්නෙහිය”.
وَلَوْ أَنَّ لِلَّذِينَ ظَلَمُوا۟ مَا فِى ٱلْأَرْضِ جَمِيعًۭا وَمِثْلَهُۥ مَعَهُۥ لَٱفْتَدَوْا۟ بِهِۦ مِن سُوٓءِ ٱلْعَذَابِ يَوْمَ ٱلْقِيَٰمَةِ ۚ وَبَدَا لَهُم مِّنَ ٱللَّهِ مَا لَمْ يَكُونُوا۟ يَحْتَسِبُونَ ٤۷
අපරාධ කළ අය වෙත භූමියෙහි ඇති සියල්ල (අයිතිව තිබී) ඒ සමග එවැනි දැයද තිබුණා වුවද, විනිශ්චය දිනදී දරුණු දඬුවමට (එනම් දඬුවමෙන් බේරීමට) වන්දි වශයෙන් දෙනු ඇත. (එහෙත් එය එසේ සිදු වන්නේ නැත). තවද ඔවුන් නොසිතූ සියල්ල අල්ලාහ් වෙතින් ඔවුන්ට එළිදරව් වනු ඇත.
وَبَدَا لَهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ٤۸
තවද ඔවුන් සොයා ගත් නපුරු විපත් වල (ඵලවිපාක)ද ඔවුන්ට ඉකුත් වනු ඇත. තවද ඔවුන් සමච්චල් කරමින් සිටි දඬුවමද ඔවුන්ව වට කර ගනු ඇත.
فَإِذَا مَسَّ ٱلْإِنسَٰنَ ضُرٌّۭ دَعَانَا ثُمَّ إِذَا خَوَّلْنَٰهُ نِعْمَةًۭ مِّنَّا قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلْمٍۭ ۚ بَلْ هِىَ فِتْنَةٌۭ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ٤۹
මිනිසාට යම්කිසි විපතක් ළඟා වන විට, (එය පහ කරන මෙන් ප්‍රාර්ථනා කර), අපවම ආරාධනා කරන්නාහ. (එය පහ කර) ඔහුට අපි යම්කිසි වරප්‍රසාදයක් පහළ කළහොත් නම්, “(මගේ) දැනුම මගින්ම මා මෙය අත් කර ගත්තෙමි” යයි පවසන්නේය. එය (නිවැරදි) නොව. එයද (ඔවුන්ට) එය පිරික්සුමකි. එහෙත් ඔවුන්ගෙන් බොහොමයක් දෙනා (මෙය) දැන ගන්නේ නැත.
قَدْ قَالَهَا ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يَكْسِبُونَ ٥۰
මොවුන්ට පෙර සිටිය අයද, මේ අන්දමටම පවසමින් සිටියහ. එහෙත් ඔවුන් සොයා ගත් දැයෙන් කිසිවක් ඔවුන්ට ප්‍රයෝජනයක් නැතිව ගියේය.
فَأَصَابَهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ ۚ وَٱلَّذِينَ ظَلَمُوا۟ مِنْ هَٰٓؤُلَآءِ سَيُصِيبُهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ وَمَا هُم بِمُعْجِزِينَ ٥١
ඔවුන් සොයා ගත් නපුරු විපත්හි (ඵලවිපාක)යන්ම ඔවුන් වෙත පැමිණ සේන්දු විය. තවද (යුදෙව්වන් වන) මොවුන්ගෙන්ද, කවුරුන් අපරාධ කරන්නෝද, ඔවුන්ව, ඔවුන් සොයා ගත් නපුරු විපත්හි (ඵලවිපාක)යන් ඉතා ඉක්මනින් පැමිණ සේන්දු වනු ඇත. ඔවුන්ට (මෙම කාරණාවෙහි අල්ලාහ්ව) පරාජය කර දැමිය නොහැක.
أَوَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ٥٢
ඔවුන් දැන ගත්තේ නැද්ද? අල්ලාහ්ම තමන් අදහස් කළ අයට ආහාරය විස්තීරණ කරන්නේය. (තමන් අදහස් කරන අයට) සීමා සහිතව දෙන්නේය. විශ්වාසය තැබූ ජනතාවට නියත වශයෙන්ම මෙහි පාඩම් (බොහොමයක්) ඇත්තේය.
۞ قُلْ يَٰعِبَادِىَ ٱلَّذِينَ أَسْرَفُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ لَا تَقْنَطُوا۟ مِن رَّحْمَةِ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ يَغْفِرُ ٱلذُّنُوبَ جَمِيعًا ۚ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ ٥۳
(නබියේ! මා පැවසුවේය යයි) ඔබ මෙසේ පවසනු: මගේ වහලූනි! (ඔබගෙන්) කවුරුන් හෝ සීමාව ඉක්මවා තමන්ට තමන්ම හානියක් කර ගත්තා වුවද, අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ගැන ඔබ විශ්වාසය බිඳ නොදැමිය යුතුය. (ඔබ පාපයන්ගෙන් ඈත් වී සිත් තැවුල් වී සමාව ඉල්ලා සිටියහොත්) නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ) පාපයන් සියල්ලට සමාව දෙන්නේය. මන්දයත් නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَأَنِيبُوٓا۟ إِلَىٰ رَبِّكُمْ وَأَسْلِمُوا۟ لَهُۥ مِن قَبْلِ أَن يَأْتِيَكُمُ ٱلْعَذَابُ ثُمَّ لَا تُنصَرُونَ ٥٤
එබැවින් (මිනිසුනේ!) ඔබව දඬුවම පැමිණ සේන්දු වීමට කළින්ම, ඔබ, ඔබගේ දෙවියන් දෙසට හැරී, ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරනු. (දඬුවම පැමිණියහොත් නම්) ඉන් පසු (කිසිවෙකුත්) ඔබට උදව් කරනු නොලබන්නෙහුය.
وَٱتَّبِعُوٓا۟ أَحْسَنَ مَآ أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُم مِّن قَبْلِ أَن يَأْتِيَكُمُ ٱلْعَذَابُ بَغْتَةًۭ وَأَنتُمْ لَا تَشْعُرُونَ ٥٥
(මිනිසුනේ!) ඔබ නොදැනුවත් අන්දමට හදිසියේම ඔබ වෙත දඬුවම පැමිණීමට කළින්ම ඔබගේ දෙවියන් විසින් ඔබට පහළ කරන ලද අලංකාරවත් නියෝගයන් අනුගමනය කරනු.
أَن تَقُولَ نَفْسٌۭ يَٰحَسْرَتَىٰ عَلَىٰ مَا فَرَّطتُ فِى جَنۢبِ ٱللَّهِ وَإِن كُنتُ لَمِنَ ٱلسَّٰخِرِينَ ٥٦
(ඔබගෙන්) සෑම දෙනෙකුම “අල්ලාහ් ගැන, මා (අවධානය කළ යුතු දැය අවධානය නොකර) වැරදී ගිය හේතුවෙන් මගේ විනාශයයි! මා (මේ දැය ගැන) සමච්චල් කරමින් සිටියා නොවෙද!” යයි නොකියා සිටීම සඳහාද,
أَوْ تَقُولَ لَوْ أَنَّ ٱللَّهَ هَدَىٰنِى لَكُنتُ مِنَ ٱلْمُتَّقِينَ ٥۷
නැතහොත් “අල්ලාහ් මට ඍජු මාර්ගය දැනුම් දී තිබුණේ නම්, මමත් භය භක්තිකයින්ගෙන් කෙනෙකු බවට පත් වී ඇත්තෙමි!” යයි නොකියා සිටීම සඳහාද,
أَوْ تَقُولَ حِينَ تَرَى ٱلْعَذَابَ لَوْ أَنَّ لِى كَرَّةًۭ فَأَكُونَ مِنَ ٱلْمُحْسِنِينَ ٥۸
නැතහොත් දඬුවම (දෑසින්) දුටු විට, (මෙලොවට) “මා ආපසු යාමට මාර්ගයක් ඇත්ද? එසේ වුවහොත් මා දැහැමි දැය කරන්නන්ගෙන් කෙනෙකු බවටම පත් වී ඇත්තෙමි!” යයි නොකියා සිටීම සඳහාද,
بَلَىٰ قَدْ جَآءَتْكَ ءَايَٰتِى فَكَذَّبْتَ بِهَا وَٱسْتَكْبَرْتَ وَكُنتَ مِنَ ٱلْكَٰفِرِينَ ٥۹
(දෙවියන් ඔහුට) “ඇත්තෙන්ම මගේ ආයාවන් ඔබ වෙත පැමිණියේය. ඒවා බොරු කරන්නෙහිය. උඞඟූ වූවෙහිය. (ඒවා) ප්‍රතික්ෂේප කරන්නෙකු වශයෙන්ම සිටින්නෙහිය” (යයි නොකියා සිටීම සඳහාද, ඔබගේ දෙවියන් විසින් ඔබට පහළ කරන ලද අලංකාරවත් නියෝගයන් අනුගමනය කරනු).
وَيَوْمَ ٱلْقِيَٰمَةِ تَرَى ٱلَّذِينَ كَذَبُوا۟ عَلَى ٱللَّهِ وُجُوهُهُم مُّسْوَدَّةٌ ۚ أَلَيْسَ فِى جَهَنَّمَ مَثْوًۭى لِّلْمُتَكَبِّرِينَ ٦۰
(නබියේ!) අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසන මොවුන්ගේ මුහුණු විනිශ්චය දිනදී කළු වී ගොස් තිඛෙණු ඔබ දකින්නෙහිය. උඞඟූ වූ මොවුන් නිරයෙහි නොවෙද (ඇත්තේ)?
وَيُنَجِّى ٱللَّهُ ٱلَّذِينَ ٱتَّقَوْا۟ بِمَفَازَتِهِمْ لَا يَمَسُّهُمُ ٱلسُّوٓءُ وَلَا هُمْ يَحْزَنُونَ ٦١
කවුරුන් (පාපයන් නොකර) සම්පුර්ණයෙන්ම ඈත් වූවෝද, ඔවුන්ව අල්ලාහ් බේරා ගනු ඇත. ඔවුන්ට (කිසියම්) විපතක්ද ළඟා නොවේ. ඔවුන් දුක් වන්නේද නැත.
ٱللَّهُ خَٰلِقُ كُلِّ شَىْءٍۢ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ وَكِيلٌۭ ٦٢
අල්ලාහ්ම සියලූ වස්තූන් උත්පාදනය කළේය. ඔහුම සියල්ලෙහි ආරක්ෂකයාය.
لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ ٦۳
අහස් හා භූමියෙහි ඇති (නිධානයන් ආදී) දැයේ යතුරු ඔහු වෙතම ඇත්තේය. එබැවින් අල්ලාහ්ගේ ආයාවන් කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් සම්පූර්ණයෙන්ම පාඩුව අත් කර ගත් අයයි!
قُلْ أَفَغَيْرَ ٱللَّهِ تَأْمُرُوٓنِّىٓ أَعْبُدُ أَيُّهَا ٱلْجَٰهِلُونَ ٦٤
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “අඥානයෙනි! අල්ලාහ් නොවන දැය නමදින මෙන්ද, ඔබ මට අණ කරන්නේ?”
وَلَقَدْ أُوحِىَ إِلَيْكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ ٱلْخَٰسِرِينَ ٦٥
(නබියේ!) ඔබට, ඔබට පෙර සිටි සෑම (දූත)යෙකුටම අත්තෙන්ම වහී මගින් දැනුම් දෙනු ලැබූ දැය (කිමෙක්දයත්, දෙවියන්ට) ඔබ සමානයන් තැබුවහොත්, ඔබගේ පින් (සියල්ල) විනාශ වී, නියත වශයෙන්ම ඔබ පරාජිතයින්ගෙන් වූ අය බවට පත් වන්නෙහුය” (යනුවෙන් වේ).
بَلِ ٱللَّهَ فَٱعْبُدْ وَكُن مِّنَ ٱلشَّٰكِرِينَ ٦٦
එබැවින් ඔබ අල්ලාහ්වම නමදිනු. ඔහුට කෘතඥ වන්නන්ගෙන් කෙනෙකු වශයෙන් ඔබත් සිටිනු.
وَمَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦ وَٱلْأَرْضُ جَمِيعًۭا قَبْضَتُهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ وَٱلسَّمَٰوَٰتُ مَطْوِيَّٰتٌۢ بِيَمِينِهِۦ ۚ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ ٦۷
(නබියේ!) අල්ලාහ්ගේ (උසස්) තත්වයට සරිලන සේ ඔහුව ඔවුන් ගෞරව කරන්නේ නැත. භූමිය (මෙතරම් විශාලව තිබියදී එය) සම්පූර්ණයෙන්ම විනිශ්චය දිනදී ඔහුගේ එක් මිටකද, අහස් (සියල්ල) හකුළනු ලැබ (හුරුල්ලක් මෙන්) ඔහුගේ දකුණතෙහිද තිඛෙණු ඇත. මොවුන් සමානයන් තැබීමෙන් ඈත්ව, ඔහු ඉතාමත් උසස්වන්කයෙකි. ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි.
وَنُفِخَ فِى ٱلصُّورِ فَصَعِقَ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ إِلَّا مَن شَآءَ ٱللَّهُ ۖ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَىٰ فَإِذَا هُمْ قِيَامٌۭ يَنظُرُونَ ٦۸
සූර් (නමැති හොරණෑව කවදා හෝ) පිඹිනු ලැබුවහොත් අහස්හි සිටින්නන්ද, භූමියෙහි සිටින්නන්ද, -අල්ලාහ් අදහස් කරන්නන් හැරහුස්ම සිර වී (සිහිසන් වී මැරී වැටී) යන්නෙහුය. අනිත් වර සුර් පිඹිනු ලැබුවහොත් එවෙලේම ඔවුන් සියල්ලන්ම (පණ ලැබී) නැගිට ඉදිරිය බලා සිටිනු ඇත.
وَأَشْرَقَتِ ٱلْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ ٱلْكِتَٰبُ وَجِا۟ىٓءَ بِٱلنَّبِيِّۦنَ وَٱلشُّهَدَآءِ وَقُضِىَ بَيْنَهُم بِٱلْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ ٦۹
භූමිය තම දෙවියන්ගේ ‘ආලෝකය’මගින් ආලෝකමත්ව බැබලෙන්නේය. (ඔවුනොවුන්ගේ) සටහන් පිටුව (ඔවුන් ඉදිරියේ) තබනු ලැබේ. නබිවරුන්වද, (ඔවුන්ගේ අනිත්) සාක්ෂීන්ද ගෙන එනු ලැබ, ඔවුන් අතරේ සාධාරණ ලෙස තීන්දු දෙනු ලැබේ. (ඔවුන්ගේ පින් වලින් එක් අනු ප්‍රමාණයක් හෝ අඩු කර හෝ, පාපයන්ගෙන් එක් අනු ප්‍රමාණයක් හෝ වැඩි කර හෝ) ඔවුන්ට අපරාධයක් කරනු ලබන්නේම නැත.
وَوُفِّيَتْ كُلُّ نَفْسٍۢ مَّا عَمِلَتْ وَهُوَ أَعْلَمُ بِمَا يَفْعَلُونَ ۷۰
සෑම මිනිසෙකුම ඔහු කළ දැයට සරිලන ඵලවිපාක පූරණ වශයෙන්ම අත් කර ගනු ඇත. (අල්ලාහ් වන) ඔහු නම්, ඔවුන් කළ දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
وَسِيقَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ جَهَنَّمَ زُمَرًا ۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا فُتِحَتْ أَبْوَٰبُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَآ أَلَمْ يَأْتِكُمْ رُسُلٌۭ مِّنكُمْ يَتْلُونَ عَلَيْكُمْ ءَايَٰتِ رَبِّكُمْ وَيُنذِرُونَكُمْ لِقَآءَ يَوْمِكُمْ هَٰذَا ۚ قَالُوا۟ بَلَىٰ وَلَٰكِنْ حَقَّتْ كَلِمَةُ ٱلْعَذَابِ عَلَى ٱلْكَٰفِرِينَ ۷١
(එදිනදී) ප්‍රතික්ෂේප කළ අය (සියල්ලන්ම) සමූහ සමූහ වශයෙන්ම නිරය දෙසට දක්කාගෙන එනු ලබන්නාහ. එහිදී ඔවුන් පැමිණි වහාම එහි ෙදාරටු විවෘත කරනු ලැබේ. එහි ආරක්ෂකයා ඔවුන්ට “ඔබගෙන් වූ අල්ලාහ්ගේ දූතයින් ඔබ වෙත පැමිණියේ නැද්ද? ඔබගේ දෙවියන්ගේ ආයාවන් ඔවුන් ඔබට සමුදීරණය කර පෙන්වූයේ නැද්ද? මේ දිනය ඔබ හමු විය යුතුය යන්න ගැන ඔවුන් ඔබට බිය ගන්වා අනතුරු ඇඟවූයේ නැද්ද?”යි විමසනු ඇත. එයට ඔවුන් “එසේය! (පැමිණියහ)” යයිම පවසන්නාහ. (එහෙත් එය ප්‍රයෝජනවත් නොවනු ඇත. මන්දයත්) ප්‍රතික්ෂේප කරන්නන් කෙරෙහි දඬුවම ගැන වූ පොරොන්දුව ස්ථීර වී ගියේය.
قِيلَ ٱدْخُلُوٓا۟ أَبْوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى ٱلْمُتَكَبِّرِينَ ۷٢
(එබැවින්) “නිරයෙහි ෙදාරටුවලින් ඔබ ඇතුළු (වනු. සදාකල් ඔබ) එහි රැඳී සිටිනු” යයි කියනු ලැබේ. උඞඟූ වූ මොවුන් රැෙඳන ස්ථානය ඉතාමත් නපුරුය.
وَسِيقَ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ إِلَى ٱلْجَنَّةِ زُمَرًا ۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا وَفُتِحَتْ أَبْوَٰبُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَٰمٌ عَلَيْكُمْ طِبْتُمْ فَٱدْخُلُوهَا خَٰلِدِينَ ۷۳
කවුරුන් තමන්ගේ දෙවියන්ට බිය වී (කටයුතු) කරමින් සිටියෝද, ඔවුන් (එදිනදී) සමූහ සමුහයන් වශයෙන් ස්වර්ගය දෙසට කැඳවාගෙන එනු ලබන්නාහ. එහි ඔවුන් පැමිණෙන අවස්ථාවේදී එහි ෙදාරටු විවෘත කරනු ලැබ එහි ආරක්ෂකයින් ඔවුන්ට “ඔබට ශාන්තිය හා සමාදානය අත් වේවා! ඔබ භාග්‍යවන්තයින් බවට පත් වූවෙහුය. ඔබ මෙහි ඇතුළු වී සදාකල් (මෙහි) රැඳී සිටිනු” යයි පවසන්නාහ.
وَقَالُوا۟ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى صَدَقَنَا وَعْدَهُۥ وَأَوْرَثَنَا ٱلْأَرْضَ نَتَبَوَّأُ مِنَ ٱلْجَنَّةِ حَيْثُ نَشَآءُ ۖ فَنِعْمَ أَجْرُ ٱلْعَٰمِلِينَ ۷٤
එයට ඔවුන් “සියලූ ප්‍රශංසා අල්ලාහ්ටම අයතත්ය. ඔහු තමන්ගේ පොරොන්දුව අපට සත්‍යය කර හැරියේය. ස්වර්ගයෙහි අපි කැමති ස්ථානයන් සියල්ලෙහි යමින් සිටියදී (එහි) භූමිය අපට උරුම කර තැබුවේය” යයි පවසන්නාහ. දැහැමි දැය කළ අයගේ ඵලවිපාක (මෙසේ) යහපතක් බවටම පත් විය.
وَتَرَى ٱلْمَلَٰٓئِكَةَ حَآفِّينَ مِنْ حَوْلِ ٱلْعَرْشِ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ ۖ وَقُضِىَ بَيْنَهُم بِٱلْحَقِّ وَقِيلَ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ ۷٥
(නබියේ! එදිනදී) මලායිකාවරුන් තමන්ගේ දෙවියන්ට ප්‍රශංසා කර සුවිශුද්ධ කරමින්, අර්ෂ් වටා වට කරගෙන සිටිනු ඔබ දකින්නෙහිය. ඒ අතර ඔවුන් අතරේ සාධාරණ ලෙසටම විනිශ්චය කරනු ලැබේ. “ලෝකවාසීන් සියල්ලන්වම උත්පාදනය කර, පෝෂණය කර, සංරක්ෂණය කරමින් සිටින අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා අයත් වේ” යයි (සියල්ලන් විසින් සුවිශුද්ධ කර, ප්‍රශංසා කර) පවසනු ලැබේ.