< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَلَهُ ٱلْحَمْدُ فِى ٱلْءَاخِرَةِ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ ۝١

ප්‍රශංසා සියල්ල අල්ලාහ්ටම අයත්ය! අහස්හිසද, භූමියෙහිද ඇතිසියල්ල ඔහුටම අයත්ය! (මෙලොවදීද), පරලොවදීද සියලූ ප්‍රශංසාඔහුටම අයත්ය! ඔහු ඉතාමත් ඥානවන්තයෙකු හා (සියල්ල) හොඳින්දන්නෙකු වශයෙන් සිටින්නේය.

يَعْلَمُ مَا يَلِجُ فِى ٱلْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعْرُجُ فِيهَا ۚ وَهُوَ ٱلرَّحِيمُ ٱلْغَفُورُ ۝٢

භූමියෙහි පතිත වන (බීජයන් ආදී)දැයද, එයින් ඉකුත් වන (ගස් කොලන් ආදී) දැයද, අහසින් පහළ වනදැයද, ඒ දෙසට නැගෙන දැයද ඔහු හොඳින් දන්නේය. ඔහු ඉතාමත්කරුණාවන්තයෙකු හා ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්සිටින්නේය.

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَا تَأْتِينَا ٱلسَّاعَةُ ۖ قُلْ بَلَىٰ وَرَبِّى لَتَأْتِيَنَّكُمْ عَٰلِمِ ٱلْغَيْبِ ۖ لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍۢ فِى ٱلسَّمَٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ وَلَآ أَصْغَرُ مِن ذَٰلِكَ وَلَآ أَكْبَرُ إِلَّا فِى كِتَٰبٍۢ مُّبِينٍۢ ۝۳

එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් “විනිශ්චය දිනය අපට (කිසිදාක) පැමිණෙන්නේ නැත” යයි පවසන්නාහ. (නබියේ!) ඔබ මෙසේපවසනු: “එසේ නොව. මගේ දෙවියන් මත සත්තකින්ම! නියතවශයෙන්ම (එය) ඔබ වෙත අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. ඔහුගුප්ත දැය සියල්ල දන්නෙකි. ඔහු නොදැනුවත්ව අහස්හි හෝ භූමියෙහිහෝ ඇති දැයෙන් එක් අනු ප්‍රමාණයක් හෝ බේරී යන්නේ නැත. ඊටත්වඩා කුඩා හෝ ලොකු හෝ (සෑම දැයක්ම ලව්හුල් මව්ෆූල් නමැති)පැහැදිලි (සටහන්) පුස්තකයෙහි සටහන් නොවී නැත”.

لِّيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ ۚ أُو۟لَٰٓئِكَ لَهُم مَّغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ ۝٤

“විශ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නන්ට ඵලවිපාක දෙනුපිණිස, (එසේ එහි සටහන් කරනු ලැබ ඇත්තේය). මෙවැන්නන්ටමසමාවද ඇත. ගෞරවණීය ආහාරද, (ජීවිතයද) ඇත”.

وَٱلَّذِينَ سَعَوْ فِىٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌۭ مِّن رِّجْزٍ أَلِيمٌۭ ۝٥

කවුරුන් අපගේආයාවන් පරාජය කරන්නට (අපට විරුද්ධව) උත්සාහ කරන්නෝද,එවැන්නන්ට වේදනා ගෙන දෙන දරුණු දඬුවම් ඇත.

وَيَرَى ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ ٱلَّذِىٓ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ هُوَ ٱلْحَقَّ وَيَهْدِىٓ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ ۝٦

(නබියේ!) කවුරුන් හට (ධර්ම) ඥානය දෙනු ලැබුවේද, ඔවුන්(ඔවුන්ගෙන් වූ සත්‍යවන්තයින්) ඔබට, ඔබගේ දෙවියන් විසින් පහළකරන ලද (මෙම ධර්මය) සත්‍ය (ධර්මය) යයිද, සියල්ලන්ටම ඉමහත් වූඉතාමත් ප්‍රශංසාවට අයත් අයගේ ඍජු මාර්ගය දැනුම් දිය හැකි දැයක්යයිද, දැන ගන්නාහ.

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ هَلْ نَدُلُّكُمْ عَلَىٰ رَجُلٍۢ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِى خَلْقٍۢ جَدِيدٍ ۝۷

එහෙත් කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්(අන් අයට) “ඔබ (මරණයට පත් වී දීරා ගොස් ඉතාමත් කුඩා) අනුබවට වෙන්කරනු ලැබුවායින් පසුද, නියත වශයෙන්ම අපි (නැවතත්උත්පාදනය කරනු ලැබ), අළුත් උත්පාදනයක් බවට පත් වනු ඇතැයිඔබට (බිය ගන්වා) පැවසිය හැකි මිනිසෙකුව අපි ඔබට දැනුම්දෙන්නද?”යි (සමච්චලයෙන් මෙන්) පවසන්නාහ.

أَفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَم بِهِۦ جِنَّةٌۢ ۗ بَلِ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ فِى ٱلْعَذَابِ وَٱلضَّلَٰلِ ٱلْبَعِيدِ ۝۸

තවද (මෙසේ පවසන ඔවුන් අපගේ නබි) “අල්ලාහ් කෙරෙහිබොරුවට මනක්කල්පිත කර ගත්තේද, නැතහොත් ඔහුට පිස්සු හැදීඇත්තේදැ”යි (පවසන්නාහ). එසේ නොව. කවුරුන් පරලොව විශ්වාසනොකළෝද, ඔවුන්ම (ඉමහත්) දඬුවමෙහිද, ඉතාමත් දුරස්තදුර්මාර්ගයෙහිද සිටින්නාහ.

أَفَلَمْ يَرَوْا۟ إِلَىٰ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۚ إِن نَّشَأْ نَخْسِفْ بِهِمُ ٱلْأَرْضَ أَوْ نُسْقِطْ عَلَيْهِمْ كِسَفًۭا مِّنَ ٱلسَّمَآءِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّكُلِّ عَبْدٍۢ مُّنِيبٍۢ ۝۹

අහස්හිද, භූමියෙහිද, ඔවුන්ට ඉදිරියෙන්ද,පසුපසින්ද, ඇති දැය ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? අපි කැමතිවුවහොත් ඔවුන්ව භූමියෙහි ගිලගෙන සිරකර ගන්නට සලස්වන්නෙමු.නැතහොත් අහසින් කැබැල්ලක් ඔවුන් මත වීසි කර, (ඔවුන්ව විනාශකර) දමන්නෙමු. නියත වශයෙන්ම (අල්ලාහ් දෙසම) බලා සිටින සෑමවහලෙකුටම මෙහි එක් සාධකයක් ඇත්තේය.

۞ وَلَقَدْ ءَاتَيْنَا دَاوُۥدَ مِنَّا فَضْلًۭا ۖ يَٰجِبَالُ أَوِّبِى مَعَهُۥ وَٱلطَّيْرَ ۖ وَأَلَنَّا لَهُ ٱلْحَدِيدَ ۝١۰

ඇත්තෙන්ම අපි දාවූද්ට අපගේ සන්නිධානයෙන් (ඉමහත් වූ)දයාව පහළ කර, (කඳුවලට කතා කර) “ඕ කඳු! ඔබ ඔහු සමග(එක්කාසු වී මගේ) දික්ර් දෝංකාර දෙනු. ඕ පක්ෂීණී! (ඔබත් දික්ර් කරගායනා කරනු” යයි නියෝග කළෙමු). තවද ඔහුට යකඩ, (ඉටි මෙන්)මෘදු කර දුන්නෙමු.

أَنِ ٱعْمَلْ سَٰبِغَٰتٍۢ وَقَدِّرْ فِى ٱلسَّرْدِ ۖ وَٱعْمَلُوا۟ صَٰلِحًا ۖ إِنِّى بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ۝١١

(තවද “දම්වැල්) පුරුක් (සාදා) පිළිවෙලකටසම්බන්ධ කර යුද ඇඳුම් සාදනු” යයිද (අණ කළ අතර ඔහුටද, ඔහුටලැදි අයටද) “ඔබ දැහැමි ක්‍රියාවන්ම කරමින් සිටිනු. නියත වශයෙන්ම මා ඔබ කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්සිටින්නෙමි” (යයිද පැවසුවෙමු),

وَلِسُلَيْمَٰنَ ٱلرِّيحَ غُدُوُّهَا شَهْرٌۭ وَرَوَاحُهَا شَهْرٌۭ ۖ وَأَسَلْنَا لَهُۥ عَيْنَ ٱلْقِطْرِ ۖ وَمِنَ ٱلْجِنِّ مَن يَعْمَلُ بَيْنَ يَدَيْهِ بِإِذْنِ رَبِّهِۦ ۖ وَمَن يَزِغْ مِنْهُمْ عَنْ أَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ ٱلسَّعِيرِ ۝١٢

තවද සුලෙයිමාන්ට සුළඟ (වසඟ කර දුන්නෙමු). එහි උදේගමන මාසයක දුරක්ද, එහි සවස් ගමන මාසයක දුරක්ද වශයෙන්තිබුණි. තවද උණු වූ තඹෙහි උල්පතක් (වතුර මෙන්) අපි ඔහුවෙනුවෙන් ගලා බසින්නට සැලැස්සුවෙමු. තම දෙවියන්ගේඅනුමැතියට අනුව ඔහුට වැඩ කර දිය හැකි ජින්වරුන්වද, (අපි ඔහුටවසඟ කර දී, ඔහුට අවනත වී කටයුතු කිරීමෙහි) ඔවුන්ගෙන් කවුරුන්අපගේ නියෝගයන් ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුව දළු ලා දැවෙන(නිරා) දඬුවම විඳින ලෙසට අපි සලස්වන්නෙමු” (යයි කීවෙමු).

يَعْمَلُونَ لَهُۥ مَا يَشَآءُ مِن مَّحَٰرِيبَ وَتَمَٰثِيلَ وَجِفَانٍۢ كَٱلْجَوَابِ وَقُدُورٍۢ رَّاسِيَٰتٍ ۚ ٱعْمَلُوٓا۟ ءَالَ دَاوُۥدَ شُكْرًۭا ۚ وَقَلِيلٌۭ مِّنْ عِبَادِىَ ٱلشَّكُورُ ۝١۳

(තවද) ඒවා (ජින් ආදිය) සුලෙයිමාන් කැමති වූ (බයිතුල් මුකද්දස්)නැමදුම්පළවල්ද, පිළිරූද, (අති දැවැන්ත) ජල තටාකයන් වැනි ඉමහත්ජල බේසම්ද, සෙළවීමට නොහැකි විශාල (කෑම පිසින) බඳුන්ද,සාදමින් සිටියේය. (ඔහුගේ පවුලේ උදවියට) “දාවූද්ගේ දරුවනි!(මේවාට ඔබ අපට) කෘතඥ විම පිණිස, (දැහැමි) ක්‍රියාවන් කරමින්සිටිනු. (මන්දයත්) මගේ වහලූන්ගෙන් කෘතඥ වන්නන් (ඉතාමත්)අල්පයකි” (යයි කීවෙමු).

فَلَمَّا قَضَيْنَا عَلَيْهِ ٱلْمَوْتَ مَا دَلَّهُمْ عَلَىٰ مَوْتِهِۦٓ إِلَّا دَآبَّةُ ٱلْأَرْضِ تَأْكُلُ مِنسَأَتَهُۥ ۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ ٱلْجِنُّ أَن لَّوْ كَانُوا۟ يَعْلَمُونَ ٱلْغَيْبَ مَا لَبِثُوا۟ فِى ٱلْعَذَابِ ٱلْمُهِينِ ۝١٤

(සුලෙයිමාන් වන) ඔහු කෙරෙහි අපි මරණය නියම කළ විට, ඔහු මරණයට පත් වූවේය යන්න ඔහු හාන්සි වී සිටි සැරයටිය විනාශ කරදැමූ වේයන් මිස, (වෙන කිසිවෙකුත්) එම ජින්වරුන්ට දැනුම් දුන්නේනැත. (ඔහු හාන්සි වී සිටි සැරයටිය වේයන් කා දැමූහ. එබැවින් ඒ මතහාන්සි වී සිටි සුලෙයිමාන් බිමට ඇද වැටුනේය). ඔහු බිම ඇද වැටුනුවහාම (වැඩ කරමින් සිටි) ඔවුන් ගුප්ත කාරණාවන් දැන ගත හැකි අයවශයෙන් සිටියේ නම්, (රෑ දවල් තිස්සේ වැඩ කර) අවමන් ගෙන දෙනමෙම දඬුවමෙහි ස්ථීරව සිටිය යුතු නැතැයි ජින්වරුන් ඉතාමත්පැහැදිලිව දැන ගත්හ.

لَقَدْ كَانَ لِسَبَإٍۢ فِى مَسْكَنِهِمْ ءَايَةٌۭ ۖ جَنَّتَانِ عَن يَمِينٍۢ وَشِمَالٍۢ ۖ كُلُوا۟ مِن رِّزْقِ رَبِّكُمْ وَٱشْكُرُوا۟ لَهُۥ ۚ بَلْدَةٌۭ طَيِّبَةٌۭ وَرَبٌّ غَفُورٌۭ ۝١٥

ඇත්තෙන්ම සබා (නමැති නගර)වාසීන් වාසය කළ ස්ථානයෙහිඔවුන්ට එක් (හොඳ) සාධකයක් තිබුණි. (එම මාර්ගය ඔස්සේ ගමන්කරන්නන්ට) දකුණු පැත්තෙන්ද, වම් පැත්තෙන්ද, උයන් වතු දෙකක්තිබුණි. (මේවා මගින්) ඔබගේ දෙවියන් (ඔබට) පහළ කරන ලදවරප්‍රසාදයන්ගෙන් අනුභව කරමින්, ඔහුට කෘතඥද වෙමින් සිටිනු.(මෙලොවදී) සෞභාග්‍යමත් නගරද, (පරලොවදී) ඉතාමත් ක්ෂමාවෙන්පිරි දෙවියන්ද, (ඔබට) ඇත” (යයිද කියන ලදී).

فَأَعْرَضُوا۟ فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ ٱلْعَرِمِ وَبَدَّلْنَٰهُم بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَىْ أُكُلٍ خَمْطٍۢ وَأَثْلٍۢ وَشَىْءٍۢ مِّن سِدْرٍۢ قَلِيلٍۢ ۝١٦

එහෙත් ඔවුන් (අපගේ නියෝගයන්) ප්‍රතික්ෂේප කර, (පාපයන්හිගැලී) සිටියහ. (එබැවින් ඔවුන් මආරිෆ්හි ඉදි කරන ලද ඉමහත් වූ)අරිම් (නමැති බැම්ම බිඳිය හැකි විශාල) ජල ගැල්ම ඔවුන් කෙරෙහියැව්වෙමු. ඔවුන්ගේ (උසස් වූ පලතුරු වලින් පිරි) උයන් වතු දෙකතිත්ත හා ඇඹුල් සහිත පලතුරුවලින් පිරි ගස්ද, මසන් ගස්ස්වල්පයක්ද ඇති වතු බවට වෙනස් කර දැමුවෙමු.

ذَٰلِكَ جَزَيْنَٰهُم بِمَا كَفَرُوا۟ ۖ وَهَلْ نُجَٰزِىٓ إِلَّا ٱلْكَفُورَ ۝١۷

(අපගේ කළගුණඅමතක කළ) ප්‍රතික්ෂේපයට මෙය අපි ඔවුන්ට ඵලවිපාක වශයෙන්දුන්නෙමු. ප්‍රතික්ෂේප කරන්නන්ට මිස, (වෙන කිසිවෙකුටත් මෙවැනි)ඵලවිපාක අපි දෙන්නෙමුද?

وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ ٱلْقُرَى ٱلَّتِى بَٰرَكْنَا فِيهَا قُرًۭى ظَٰهِرَةًۭ وَقَدَّرْنَا فِيهَا ٱلسَّيْرَ ۖ سِيرُوا۟ فِيهَا لَيَالِىَ وَأَيَّامًا ءَامِنِينَ ۝١۸

ඔවුන්ටද (ඔවුන්ගේ රටටද) අපි දයාව පහළ කළ (සිරියාවෙහි ඇති සශ්‍රීක) නගරයන්ටද, ඒ අතර පහසුවෙන් දැක ගත හැකි බොහොමයක් නගරයන්ද ඇති කර, ඒවායෙහි මාර්ගයන්ද නිර්මාණයකර “රෑ දවාලේ ඕනෑම වේලාවක බිය නොමැත්තන් වශයෙන් එහි ගමන් කරනු” (යයි පවසා ඇත්තෙමු).

فَقَالُوا۟ رَبَّنَا بَٰعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوٓا۟ أَنفُسَهُمْ فَجَعَلْنَٰهُمْ أَحَادِيثَ وَمَزَّقْنَٰهُمْ كُلَّ مُمَزَّقٍ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍۢ ۝١۹

නමුත් ඔවුන් (මෙම කළගුණ ප්‍රතික්ෂේප කර දමා “දිගටම ගමේ සිටීම අපගේ සංචාරයන්ට සතුටක්ගෙන දුන්නේ නැත). අපගේ දෙවියනේ! අපගේ සංචාරයන් ඉතාමත්දීර්ඝ ඒවා වන සේ පත් කර ගැනීම (සඳහා අතර මගදී පිළිවෙලින්ඇති මෙම නගරයන් විනාශ කර දමනු) මැනව!” යයි ප්‍රාර්ථනා කර,ඔවුන් තමන්ට තමන්ම හානියක් කර ගත්හ. එබැවින් (ඔවුන්වද,ඔවුන්ගේ නගරයන්ද විනාශ කර), ඔවුන්වද විවිධ ස්ථානයන්ට සීසීකඩ කර දමා (බොහොමයක් දෙනා අවමානයෙන් යුතුව කතාකරන) කතාවක් බවට පත් කළෙමු. ඉවසිලිවන්තයින්, කෘතඥ වන්නන්යන සෑම කෙනෙකුටම නියත වශයෙන්ම මෙහි (බොහෝ) පාඩම් ඇත්තේය.

وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُۥ فَٱتَّبَعُوهُ إِلَّا فَرِيقًۭا مِّنَ ٱلْمُؤْمِنِينَ ۝٢۰

නියත වශයෙන්ම (ඔවුන් තමන්ව අනුගමනය කරනු ඇතැයි) ඔවුන් ගැන ඉබ්ලීස් අදහස් කළ සිතුවිල්ල සත්‍යය යයි ඔහු දැකගත්තේය. එබැවින් විශ්වාසය තැබූ සමහරෙකු හැර, (අනිත්) ඔවුන් සියල්ල ඔහුවම අනුගමනය කළහ.

وَمَا كَانَ لَهُۥ عَلَيْهِم مِّن سُلْطَٰنٍ إِلَّا لِنَعْلَمَ مَن يُؤْمِنُ بِٱلْءَاخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِى شَكٍّۢ ۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَىْءٍ حَفِيظٌۭ ۝٢١

එහෙත් (ඔවුන්ට බල කිරීමට) ඔවුන්කෙරෙහි ඔහුට කිසිම බලයක් නැත. එහෙත් පරලොව විශ්වාසනොකළ ඔවුන්ගෙන් (පරලොව) විශ්වාස කරන්නන් කවුරුන්දැයි යන්නඅපි පැහැදිලිව දැනුම් දී හැරීමටම (මෙසේ සිදු විය). ඔබගේ දෙවියන්ම සියලූ වස්තූන් ආරක්ෂා කරන්නෙකු වශයෙන් සිටින්නේය.

قُلِ ٱدْعُوا۟ ٱلَّذِينَ زَعَمْتُم مِّن دُونِ ٱللَّهِ ۖ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍۢ فِى ٱلسَّمَٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ وَمَا لَهُمْ فِيهِمَا مِن شِرْكٍۢ وَمَا لَهُۥ مِنْهُم مِّن ظَهِيرٍۢ ۝٢٢

(නබියේ!)ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් හැර, කුමක් ඔබ (දෙවිවරුන් යයි)අදහස් කරමින් සිටියේද, ඒවා ඔබ ආරාධනා කර බලනු. අහස්හි හෝභූමියෙහි හෝ ඒවාට එක් අනු ප්‍රමාණයකට හෝ බලයක් නැත. තවදඒ දෙකෙන් (කිසිවක්) හෝ (ඒවා උත්පාදනය කිරීමෙහි) මේවාට කිසිමහවුලක් නැත. (මෙහි) ඔහුට උදව්කරුවන්ද ඔවුන්ගෙන් කිසිවෙකුත්නැත”.

وَلَا تَنفَعُ ٱلشَّفَٰعَةُ عِندَهُۥٓ إِلَّا لِمَنْ أَذِنَ لَهُۥ ۚ حَتَّىٰٓ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمْ قَالُوا۟ مَاذَا قَالَ رَبُّكُمْ ۖ قَالُوا۟ ٱلْحَقَّ ۖ وَهُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ ۝٢۳

“ඔහුගේ අනුමැතිය ලබා ගත් අය හැර, (අන් කිසිම මලායිකාවරයෙකුට හෝ) ඔහු වෙත මැදිහත් වී කතා කිරීමෙහි ප්‍රයෝජනයක් අත් වන්නේ නැත. (අල්ලාහ්ගේ යම්කිසි නියෝගයක්නික්මෙන විට, ඔවුන් බිය වී වෙව්ලන්නාහ). ඔවුන්ගේ හෘදයන්හි තිබී වෙව්ලීම පහ වී ගිය වහාම (ඔවුන්ගෙන් කෙනෙකු අනිත් අයට)“ඔබගේ දෙවියන් කුමන නියෝගයක් නිකුත් කළේද?”යි විමසන්නාහ.එයට අනිත් අය “(නිකුත් කළ යුතු) සත්‍යය (වූ නියෝගයන්)ම නිකුත් කළේය. ඔහු නම්, ඉතාමත් උසස්වන්තයෙකු හා ඉතාමත්විශාලවන්තයෙකුද වන්නේය” යයි පවසන්නාහ.

۞ قُلْ مَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قُلِ ٱللَّهُ ۖ وَإِنَّآ أَوْ إِيَّاكُمْ لَعَلَىٰ هُدًى أَوْ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ۝٢٤

(නබියේ! ප්‍රතික්ෂේප කරන මොවුන්ට) “අහස්වලින්ද,භූමියෙන්ද ඔබට ආහාර ලබා දෙන්නා කවරෙක්ද?”යි විමසනු. (එයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද?) “අල්ලාහ්ය” යයි ඔබම පවසනු.“ඇත්තෙන්ම ඍජු මාර්ගයෙහි නැතහොත් ප්‍රකට වූ දුර්මාර්ගයෙහි සිටින්නන් අපිද නැතහොත් ඔබලාද?” (යයිද විමසනු).

قُل لَّا تُسْـَٔلُونَ عَمَّآ أَجْرَمْنَا وَلَا نُسْـَٔلُ عَمَّا تَعْمَلُونَ ۝٢٥

(නබියේ!) ඔබමෙසේ පවසනු: “අපි කරන වැරදි ගැන ඔබව විමසනු නොලබන්නෙහුය. (එසේම) ඔබ කරන දැය ගැන අපව විමසනු නොලබන්නෙමු”.

قُلْ يَجْمَعُ بَيْنَنَا رَبُّنَا ثُمَّ يَفْتَحُ بَيْنَنَا بِٱلْحَقِّ وَهُوَ ٱلْفَتَّاحُ ٱلْعَلِيمُ ۝٢٦

(තවද) ඔබ මෙසේ පවසනු: “අවසානයේදී(විනිශ්චය දිනදී) අපගේ දෙවියන් අප සියල්ලන්වම ඒකරාශී කර, අපඅතරේ සාධාරණ ලෙසටම තීන්දු දෙනු ඇත. ඔහු තීන්දු දීමෙහිඉතාමත් උසස්වන්තයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන්සිටින්නේය”.

قُلْ أَرُونِىَ ٱلَّذِينَ أَلْحَقْتُم بِهِۦ شُرَكَآءَ ۖ كَلَّا ۚ بَلْ هُوَ ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ۝٢۷

(තවද) “අල්ලාහ්ට සමානයන් වූ දැය යයි (පවසා) ඔබ ඔහුට සමකර හරිනවා නොවෙද, ඒවා ඔබ මට පෙන්වනු” (යයි විමසා “ඔහුටකිසිවෙකුත් සමාන) නැත. ඔහු නම්, සියල්ලන්ටම බලසම්පන්යෙකු හාඥානවන්තයෙකු වන අල්ලාහ් වන්නේය” යයි පවසනු.

وَمَآ أَرْسَلْنَٰكَ إِلَّا كَآفَّةًۭ لِّلنَّاسِ بَشِيرًۭا وَنَذِيرًۭا وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ۝٢۸

(නබියේ!) අපිඔබව (මෙලොවෙහි ඇති) සියලූ මිනිසුන්ටම ශුභාරංචි පවසන්නෙකුවශයෙන්ද, බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද යවා ඇත්තෙමු. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගත්තේ නැත.

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ ۝٢۹

(නබියේ!) “ඔබ ඇත්ත කියන්නෙකු වශයෙන් සිටින්නෙහි නම්,(විනිශ්චය කාලය යයි ඔබ පවසන) එම පොරොන්දුව කවදාඑන්නේද?”යි ඔවුන් විමසන්නාහ.

قُل لَّكُم مِّيعَادُ يَوْمٍۢ لَّا تَسْتَـْٔخِرُونَ عَنْهُ سَاعَةًۭ وَلَا تَسْتَقْدِمُونَ ۝۳۰

එයට ඔබ මෙසේ පවසනු: “ඔබවෙනුවෙන් එක් දිනක් සඳහන් කර ඇත්තේය. එය ඔබට පැයකින් කල්දැමීමටද නොහැකිය. ඉදිරියට ගෙන ඒමටද නොහැකිය”.

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَن نُّؤْمِنَ بِهَٰذَا ٱلْقُرْءَانِ وَلَا بِٱلَّذِى بَيْنَ يَدَيْهِ ۗ وَلَوْ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ مَوْقُوفُونَ عِندَ رَبِّهِمْ يَرْجِعُ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ ٱلْقَوْلَ يَقُولُ ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوا۟ لَوْلَآ أَنتُمْ لَكُنَّا مُؤْمِنِينَ ۝۳١

“නියතවශයෙන්ම අපි මෙම කුර්ආනයද විශ්වාස නොකරමු. මෙයට පෙරඇති (ධර්මය)ද (විශ්වාස නොකරමු)” යයිද මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ. එබැවින් මෙම අපරාධකාරයින් තමන්ගේ දෙවියන් ඉදිරියේ සිටුවා තබා ඔවුන්ගෙන් සමහරෙක් සමහරෙකුගේ තර්කය ප්‍රතික්ෂේප කර, (නින්දිතව සිටි) ඛෙලහීනයන්, උඞඟූ වූ අයට“ඔබ නොසිටියේ නම්, නියත වශයෙන්ම අපි විශ්වාස කරමඇත්තෙමු” යයි පැවසීමද ඔබ බලන්නෙහි නම්, (ඔවුන්ගේ දීන වූතත්වය ඔබ දැක ගන්නෙහිය).

قَالَ ٱلَّذِينَ ٱسْتَكْبَرُوا۟ لِلَّذِينَ ٱسْتُضْعِفُوٓا۟ أَنَحْنُ صَدَدْنَٰكُمْ عَنِ ٱلْهُدَىٰ بَعْدَ إِذْ جَآءَكُم ۖ بَلْ كُنتُم مُّجْرِمِينَ ۝۳٢

එයට (ඔවුන්ගෙන්) උඞඟූ වී සිටියවුන්ඛෙලහීනව සිටියවුන්ට “ඔබ වෙත ඍජු මාර්ගය පැමිණි පසු (ඔබ එහිනොගොස්) අපිද, ඔබව එයින් වළක්වා ගත්තේ? (එසේ) නොව. ඔබම(එහි නොගොස්) වැරදිකරුවන් බවට පත් වූවෙහුය” යයි පවසන්නාහ.

وَقَالَ ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوا۟ بَلْ مَكْرُ ٱلَّيْلِ وَٱلنَّهَارِ إِذْ تَأْمُرُونَنَآ أَن نَّكْفُرَ بِٱللَّهِ وَنَجْعَلَ لَهُۥٓ أَندَادًۭا ۚ وَأَسَرُّوا۟ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ وَجَعَلْنَا ٱلْأَغْلَٰلَ فِىٓ أَعْنَاقِ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا۟ يَعْمَلُونَ ۝۳۳

එයට ඛෙලහීනයන් වශයෙන් සිටියවුන් උඞඟූ වී සිටියවුන්ට“කිමෙක්ද! අපි අල්ලාහ්ව ප්‍රතික්ෂේප කර දමා ඔහුට සමානයන් තබනමෙන් ඔබ අපව පොළඹවමින්, රෑ දවල් තිස්සේ කුමන්ත්‍රණ කළේනැද්ද?”යි පවසන්නාහ. එබැවින් මොවුන් (සියල්ලන්ම) දඬුවම (දෑසින්)දකින විට, තමන්ගේ දුක සඟවාගෙන (මෙසේ) පවසන්නාහ. නමුත්ප්‍රතික්ෂේප කරන්නන්ගේ ඛෙල්ලෙහි අපි විළංගු දමන්නෙමු. මොවුන්කරමින් තිබූ (නපුරු) ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක මිස, වෙන කිසිවක්දෙනු ලබන්නෙහුද?

وَمَآ أَرْسَلْنَا فِى قَرْيَةٍۢ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَآ إِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَٰفِرُونَ ۝۳٤

බිය ගන්වා අනතුරු අඟවන්නෙකු අපි කුමන රටකට යැව්වද,එහි සිටි ධනපතියන් (ඔහුට) “නියත වශයෙන්ම අපි, ඔබ ගෙන ආ දූතමෙහෙවර ප්‍රතික්ෂේප කරන්නෙමු” යයි පවසා නොසිටියේ නැත”

وَقَالُوا۟ نَحْنُ أَكْثَرُ أَمْوَٰلًۭا وَأَوْلَٰدًۭا وَمَا نَحْنُ بِمُعَذَّبِينَ ۝۳٥

තවද “අපි අධික වශයෙන් වස්තුවද, දරුවන්ද හිමි අයයි. එබැවින්(පරලොවදී) අපි දඬුවම් කරනු නොලබන්නෙමු” යයි පැවසූහ.

قُلْ إِنَّ رَبِّى يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ۝۳٦

(එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම මගේ දෙවියන් තමන් කැමති අයට වස්තුව විස්තීරණ කර දෙන්නේය. (තමන් කැමති අයට) සීමිතවද දෙන්නේය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (එහිඅදහස) දැන ගන්නේ නැත”.

وَمَآ أَمْوَٰلُكُمْ وَلَآ أَوْلَٰدُكُم بِٱلَّتِى تُقَرِّبُكُمْ عِندَنَا زُلْفَىٰٓ إِلَّا مَنْ ءَامَنَ وَعَمِلَ صَٰلِحًۭا فَأُو۟لَٰٓئِكَ لَهُمْ جَزَآءُ ٱلضِّعْفِ بِمَا عَمِلُوا۟ وَهُمْ فِى ٱلْغُرُفَٰتِ ءَامِنُونَ ۝۳۷

ඔබව අපට සමීපස්තයන් බවට පත් කිරීම (ඔබ සිතන අන්දමට) ඔබගේ වස්තුව හෝ දරුවන් හෝ නොව. නමුත් විශ්වාසය තබා දැහැමික්‍රියාවන් කරන්නන්ම වන්නාහ. මෙවැන්නන්ටම ඔවුන් කළ (දැහැමි)ක්‍රියාවන්හි හේතුවෙන් ඵලවිපාක දෙගුණයක් වශයෙන් ඇත. තවදඔවුන් (ස්වර්ගයෙහි ඇති) උඩුමහල් වල ඉතාමත් සිත් සැහැල්ලූවෙන්වාසය කරනු ඇත.

وَٱلَّذِينَ يَسْعَوْنَ فِىٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُو۟لَٰٓئِكَ فِى ٱلْعَذَابِ مُحْضَرُونَ ۝۳۸

කවුරුන් අපගේ ආයාවන් පරාජය කරන්නට (අපටඑරෙහිව) උත්සාහ කරන්නෝද, ඔවුන් දඬුවම අත් කර ගැනීම සඳහා (අප ඉදිරියට) ගෙන එනු ලබන්නාහ.

قُلْ إِنَّ رَبِّى يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُ لَهُۥ ۚ وَمَآ أَنفَقْتُم مِّن شَىْءٍۢ فَهُوَ يُخْلِفُهُۥ ۖ وَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ ۝۳۹

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම මගේදෙවියන් තම වහලූන්ගෙන් තමන් කැමති අයට (ජීවනෝපායට අවශ්‍ය)වස්තුව විස්තීරණය කරන්නේය. (තමන් කැමැත්තන්ට) සීමිතවදෙන්නේය. එබැවින් ඔබ කුමක් දානමාන වශයෙන් දුන්නද, එයට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලබා දෙන්නේය. දානමාන කරන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයා ඔහුය”.

وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًۭا ثُمَّ يَقُولُ لِلْمَلَٰٓئِكَةِ أَهَٰٓؤُلَآءِ إِيَّاكُمْ كَانُوا۟ يَعْبُدُونَ ۝٤۰

(මලායිකාවරුන්ව නමදිමින් සිටි)ඔවුන් සියල්ලන්වම ඒකරාශී කරන දිනදී, මලායිකාවරුන්ට“මොවුන්ද ඔබව නමදිමින් සිටි අය” යයි විමසනු ලැබේ.

قَالُوا۟ سُبْحَٰنَكَ أَنتَ وَلِيُّنَا مِن دُونِهِم ۖ بَلْ كَانُوا۟ يَعْبُدُونَ ٱلْجِنَّ ۖ أَكْثَرُهُم بِهِم مُّؤْمِنُونَ ۝٤١

එයට ඔවුන් “(අපගේ දෙවියනේ!) ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි.ඔබමය අපගේ දෙවියන්. ඔවුන් නොව. (මොවුන් අපව) නොව,ජින්වරුන්වම නමදිමින් සිටියහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ඔවුන්ව(එම ජින්වරුන්ව)ම විශ්වාස කරමින්ද සිටියහ” යයි පවසන්නාහ.

فَٱلْيَوْمَ لَا يَمْلِكُ بَعْضُكُمْ لِبَعْضٍۢ نَّفْعًۭا وَلَا ضَرًّۭا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُوا۟ ذُوقُوا۟ عَذَابَ ٱلنَّارِ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ ۝٤٢

“එබැවින් මෙම දිනදී ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාට හොඳක්හෝ නරකක් හෝ කිරීමට ශක්තියක් නොමැත්තන් වශයෙන්සිටින්නෙහුය”. තවද එම අපරාධකරුවන්ට “ඔබ බොරු කරමින් සිටිමෙම (නිරා) ගින්නෙහි දඬුවම විඳ බලනු” යයි පවසන්නෙමු.

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا بَيِّنَٰتٍۢ قَالُوا۟ مَا هَٰذَآ إِلَّا رَجُلٌۭ يُرِيدُ أَن يَصُدَّكُمْ عَمَّا كَانَ يَعْبُدُ ءَابَآؤُكُمْ وَقَالُوا۟ مَا هَٰذَآ إِلَّآ إِفْكٌۭ مُّفْتَرًۭى ۚ وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلْحَقِّ لَمَّا جَآءَهُمْ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ ۝٤۳

ඔවුන්ට අපගේ පැහැදිලි ආයාවන් සමුදීරණය කර පෙන්වනුලැබුවහොත්, එයට ඔවුන් (අපගේ දූතයා ගැන) “මොහු එක් (සාමාන්‍ය)මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. ඔබගේ මුතුන් මිත්තන්නමදිමින් තිබූ දැයෙන් ඔබව වළක්වා හැරීමටම මොහු අදහස්කරන්නේය. (ඔහු පවසන) මෙය නිකම්ම නිකම් ප්‍රබන්ධ කතාවක් මිස,වෙන කිසිවක් නොව” යයි පවසන්නාහ. තවද (ශුද්ධ වූ කුර්ආනය වනමෙම) සත්‍යය ඔවුන් වෙත පැමිණි අවස්ථාවේදී “මෙය ප්‍රකටසූනියමක් මිස, වෙන කිසිවක් නොව” යයිද මෙම ප්‍රතික්ෂේපකරන්නන් පවසන්නාහ.

وَمَآ ءَاتَيْنَٰهُم مِّن كُتُبٍۢ يَدْرُسُونَهَا ۖ وَمَآ أَرْسَلْنَآ إِلَيْهِمْ قَبْلَكَ مِن نَّذِيرٍۢ ۝٤٤

(නබියේ!) අපි (ඔබව ප්‍රතික්ෂේප කරන අරාබිවරුන් වන)මොවුන්ට (මීට පෙර) මොවුන් සමුදීරණය කළ හැකි යම්කිසි ධර්මයක්ලබා දුන්නේද නැත. බිය ගන්වා අනතුරු ඇඟවිය හැකි යම්කිසි දූතයෙකු ඔබට පෙර මොවුන් වෙත යැව්වේද නැත. (මෙසේ තිබියදී ඔබව ඔවුන් ප්‍රතික්ෂේප කරන්නාහ).

وَكَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَمَا بَلَغُوا۟ مِعْشَارَ مَآ ءَاتَيْنَٰهُمْ فَكَذَّبُوا۟ رُسُلِى ۖ فَكَيْفَ كَانَ نَكِيرِ ۝٤٥

මොවුන්ට පෙර සිටි (අරාබිවරුන්නොවන) අයද (ඔවුන් වෙත යවනු ලැබූ අපගේ දූතයින්ව මේ අන්දමටම) බොරු කළහ. ඔවුන්ට අපි ලබා දුන් දැයෙන් දහයෙන් පංගුවක්ද මොවුන් අත් කර ගත්තේ නැත. (ඒ අතරම මොවුන් ඔබව බොරු කරන්නට ඉදිරිපත් වී සිටින්නාහ. මොවුන්ට පෙර) මගේ දූතයින්ව (ප්‍රතික්ෂේප කර) බොරු කළ අයගේ ප්‍රතික්ෂේපය කෙසේවූයේද (යන්න මොවුන් අවධානය කරනු මැනව!)

۞ قُلْ إِنَّمَآ أَعِظُكُم بِوَٰحِدَةٍ ۖ أَن تَقُومُوا۟ لِلَّهِ مَثْنَىٰ وَفُرَٰدَىٰ ثُمَّ تَتَفَكَّرُوا۟ ۚ مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌۭ لَّكُم بَيْنَ يَدَىْ عَذَابٍۢ شَدِيدٍۢ ۝٤٦

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මා ඔබට ඔවදන් දෙන්නේ එකම එක කාරණාවකි. ඔබ එක් එක් කෙනෙකු වශයෙන් හෝදෙදෙන දෙදෙනා වශයෙන් හෝ අල්ලාහ් වෙනුවෙන් පොඩියක් තනියෙන් හිඳ පසුව (ඔබ තුළ) සාකච්ඡා කර බලනු”. ඔබගේ මිතුරා(වන ඔහුට) කිසිම පිස්සුවක් නැත. ඔබට දරුණු දඬුවම පැමිණීමට පෙර ඔහු (ඒ ගැන) බිය ගන්වා අනතුරු අඟවන්නෙකුම මිස, වෙනකෙනෙකු නොව.

قُلْ مَا سَأَلْتُكُم مِّنْ أَجْرٍۢ فَهُوَ لَكُمْ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌۭ ۝٤۷

(නබියේ! තවද) ඔබ මෙසේ පවසනු: “මා ඔබවෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. එය ඔබටම අයිති විය යුතුය.මගේ කුලිය අල්ලාහ් වෙතම මිස, (ඔබ වෙත) නැත. ඔහු සෑමකාරණාවකටම සාක්ෂි වශයෙන් සිටින්නේය”.

قُلْ إِنَّ رَبِّى يَقْذِفُ بِٱلْحَقِّ عَلَّٰمُ ٱلْغُيُوبِ ۝٤۸

(තවද) ඔබ මෙසේපවසනු: “නියත වශයෙන්ම මගේ දෙවියන් (බොරුව විනාශ කර දැමීමසඳහා) සත්‍යය වීසි කරන්නේය. ගුප්ත දැය සියල්ල ඔහු හොඳින් දන්නෙකි”.

قُلْ جَآءَ ٱلْحَقُّ وَمَا يُبْدِئُ ٱلْبَٰطِلُ وَمَا يُعِيدُ ۝٤۹

(තවද) ඔබ මෙසේ පවසනු: “සත්‍යය පැමිණියේය. බොරුව අළුතින් කිසිවක් (මෙතෙක්) කළේ නැත. මින් පසුවද කරන්නටයන්නේ නැත”.

قُلْ إِن ضَلَلْتُ فَإِنَّمَآ أَضِلُّ عَلَىٰ نَفْسِى ۖ وَإِنِ ٱهْتَدَيْتُ فَبِمَا يُوحِىٓ إِلَىَّ رَبِّىٓ ۚ إِنَّهُۥ سَمِيعٌۭ قَرِيبٌۭ ۝٥۰

(තවද) ඔබ මෙසේ පවසනු: “මා මාර්ගය වැරද ගොස්සිටියේ නම්, එය මටම පාඩුවක් වන්නේය. මා ඍජු මාර්ගය අත්කරගෙන තිබුනේ නම්, (එය) මගේ දෙවියන් මා හට වහී මගින් දැනුම්දීමෙන්ම වන්නේය. නියත වශයෙන්ම ඔහු (සියල්ල) සවන් දෙන්නෙකුවශයෙන්ද, (සියල්ලට) සමීපස්තයෙකු වශයෙන්ද සිටින්නේය”.

وَلَوْ تَرَىٰٓ إِذْ فَزِعُوا۟ فَلَا فَوْتَ وَأُخِذُوا۟ مِن مَّكَانٍۢ قَرِيبٍۢ ۝٥١

(පරලොවදී) ඔවුන් තිගැස්සී (බේරී) දුවන්නට උත්සාහ කළා වුවද,(කිසිවෙකුටත්) බේරෙන්නට නොහැකිව ඉතාමත් සමීපයේදීම අල්ලාගනු ලබන්නෙහුය යන්න ඔබ දකින්නෙහි නම්, (එසේම වන්නේය!)

وَقَالُوٓا۟ ءَامَنَّا بِهِۦ وَأَنَّىٰ لَهُمُ ٱلتَّنَاوُشُ مِن مَّكَانٍۭ بَعِيدٍۢ ۝٥٢

(ඒ අවස්ථාවේදී) ඔවුන් (තිගැස්සී) “අපි එය (එම ධර්මය) විශ්වාසකළෙමු. (විශ්වාස කළෙමු)’යයි විළාප නගන්නාහ. (සත්‍ය ධර්මයෙන්)මෙතරම් දුර ගිය ඔවුන්, (සත්‍ය විශ්වාසය) කෙසේ නම් අත් කරගන්නෙහුද?”

وَقَدْ كَفَرُوا۟ بِهِۦ مِن قَبْلُ ۖ وَيَقْذِفُونَ بِٱلْغَيْبِ مِن مَّكَانٍۭ بَعِيدٍۢ ۝٥۳

මීට පෙර නම්, ඔවුන් ප්‍රතික්ෂේප කරමින්ද, ඔවුන්ට ඉතාමත් ඈතින් සැඟවී තිබූ දැය (බොරු යයි) ඔවුන් නින්දා කරමින්ද සිටියහ.

وَحِيلَ بَيْنَهُمْ وَبَيْنَ مَا يَشْتَهُونَ كَمَا فُعِلَ بِأَشْيَاعِهِم مِّن قَبْلُ ۚ إِنَّهُمْ كَانُوا۟ فِى شَكٍّۢ مُّرِيبٍۭ ۝٥٤

ඔවුන්ටද, ඔවුන් කැමති දැයටද අතරේ බාධකයක් ඇති වනු ඇත. ඔවුන්ට පෙර සිටි ඔවුන්ගේ වාර්ගිකයින්ටද එසේ කරනු ලැබීය. මන්දයත් නියත වශයෙන්ම ඔවුන්ද ඉමහත් සැකයෙහිම ගැලී සිටියහ.