< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ طسٓمٓ ۝١

තා. සීම්. මීම්.

تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْمُبِينِ ۝٢

(නබියේ!) මේවා පැහැදිලි මෙම ධර්මයෙහි ඇති සමහර ආයාවන් වන්නේය.

لَعَلَّكَ بَٰخِعٌۭ نَّفْسَكَ أَلَّا يَكُونُوا۟ مُؤْمِنِينَ ۝۳

(නබියේ!) ඔවුන් (ඔබව) විශ්වාස නොකළ හේතුවෙන් දුකෙන් ඔබව, ඔබම දිවි නසා ගන්නාක් මෙන්ද!

إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةًۭ فَظَلَّتْ أَعْنَٰقُهُمْ لَهَا خَٰضِعِينَ ۝٤

අපි කැමති වුවහොත් ඔවුන්ගේ ඛෙලි යටහත් පහත් වී පැමිණෙන ලෙසට (දඬුවම්) දිය හැකි සාධකයන් අහසින් ඔවුන් මත අපි පහළ කර ඇත්තෙමු.

وَمَا يَأْتِيهِم مِّن ذِكْرٍۢ مِّنَ ٱلرَّحْمَٰنِ مُحْدَثٍ إِلَّا كَانُوا۟ عَنْهُ مُعْرِضِينَ ۝٥

රහ්මාන්ගේ සන්නිධානයෙන් අළුත් යම්කිසි හොඳ ඔවදනක් ඔවුන් වෙත පැමිණෙන සෑම විටම එය ඔවුන් ප්‍රතික්ෂේප නොකර සිටින්නේ නැත.

فَقَدْ كَذَّبُوا۟ فَسَيَأْتِيهِمْ أَنۢبَٰٓؤُا۟ مَا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ۝٦

(එබැවින් මෙයද) ඔවුන් නියත වශයෙන්ම බොරු කළහ. එහෙත් ඔවුන් කුමක් (බොරු ගොතා) සමච්චල් කරමින් සිටින්නෝද, එහි සත්‍යය ඉතාමත් ඉක්මනින් ඔවුන් වෙත පැමිණෙනු ඇත.

أَوَلَمْ يَرَوْا۟ إِلَى ٱلْأَرْضِ كَمْ أَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍۢ كَرِيمٍ ۝۷

ඔවුන් භූමිය බැලූවේ නැද්ද? (එහි) සෑම වර්ගයකම (ප්‍රයෝජනවත් විය හැකි) උසස් කොපමණදෝ පැලෑටි, ගස් වැල් වර්ග ජෝඩු ජෝඩු වශයෙන්ම අපි වැවෙන්නට සලස්වා ඇත්තෙමු.

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ۝۸

නියත වශයෙන්ම මෙහි එක් සාධකයක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත.

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ۝۹

(නබියේ!) ඔබගේ දෙවියන් නියත වශයෙන්ම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ٱئْتِ ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ ۝١۰

(නබියේ!) ඔබගේ දෙවියන් මූසාව කැඳවා “ඔබ අපරාධකාර (ෆිර්අව්න්ගේ) ජනතාව වෙත යනු” යයි පැවසීම ගැන ඔබ අවධානය කර බලනු.

قَوْمَ فِرْعَوْنَ ۚ أَلَا يَتَّقُونَ ۝١١

“(එම) ෆිර්අව්න්ගේ ජනතාව (මට) බිය නොවන්නෙහුද?”යි (විමසුවේය).

قَالَ رَبِّ إِنِّىٓ أَخَافُ أَن يُكَذِّبُونِ ۝١٢

එයට ඔහු “මගේ දෙවියනේ! මාව බොරුකාරයා කර දමනු ඇතැයි නියත වශයෙන්ම මා බිය වන්නෙමි” යයි කීවේය.

وَيَضِيقُ صَدْرِى وَلَا يَنطَلِقُ لِسَانِى فَأَرْسِلْ إِلَىٰ هَٰرُونَ ۝١۳

(එසේ බොරුකාරයා කළහොත්) මගේ මනස බිඳී යනු ඇත. (ඒ අතර මට ගොතභාවය තිඛෙණ බැවින්) මගේ දිවෙන් (හොඳ හැටි) කතා කිරීමට නොහැක. එබැවින් (මා සමග) හාරූන්වද පැමිණෙන මෙන් (ඔහුට) ඔබ දැනුම් දෙනු මැනව!

وَلَهُمْ عَلَىَّ ذَنۢبٌۭ فَأَخَافُ أَن يَقْتُلُونِ ۝١٤

“තවද මා කෙරෙහි ඔවුන් අත එක් චෝදනාවක්ද ඇත. ඒ වෙනුවෙන් ඔවුන් මාව ඝාතනය කර දමනු ඇතැයිද මා බිය වන්නෙමි” යයි පැවසුවේය.

قَالَ كَلَّا ۖ فَٱذْهَبَا بِـَٔايَٰتِنَآ ۖ إِنَّا مَعَكُم مُّسْتَمِعُونَ ۝١٥

එයට (දෙවියන්) මෙසේ පැවසීය: “එසේ නොව. (හාරූන්වද කැඳවාගෙන) ඔබ දෙදෙනාම මගේ සාධකයන් රැගෙන යනු. නියත වශයෙන්ම මා ඔබ සමග සිටිමින් (සියල්ල) සවන් දෙමින් සිටින්නෙමි”.

فَأْتِيَا فِرْعَوْنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلْعَٰلَمِينَ ۝١٦

“එබැවින් ඔබ දෙදෙනා ෆිර්අව්න් වෙත ගොස් ‘නියත වශයෙන්ම අපි ලෝකවාසී සියල්ලන්වම උත්පාදනය කර, පෝෂණය කරන්නාගේ දූතයින් වන්නෙමු”.

أَنْ أَرْسِلْ مَعَنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ۝١۷

“ඉස්රායීල දරුවන්ව ඔබ අප සමග යවනු’ යයිද පවසනු මැනව!” (යයි නියෝග කළේය).

قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًۭا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ ۝١۸

(එසේ ඔවුන් ෆිර්අව්න් වෙත ගොස් පැවසූ වහාම) මෙයට ඔහු (මූසාට) “අපි ඔබව ළදරුවෙකු වශයෙන් ගෙන, හදා වඩා ගත්තේ නැද්ද? ඔබ, (ඔබගේ තරුණ වියට පත් වන තුරු) වසර ගණනාවක් අප වෙත රැඳී සිටියේ නැද්ද?”

وَفَعَلْتَ فَعْلَتَكَ ٱلَّتِى فَعَلْتَ وَأَنتَ مِنَ ٱلْكَٰفِرِينَ ۝١۹

“ඔබ (කිරීමට නොසුදුසු) කාරණාවක් (ඝාතනයක්) කළෙහිය! (එයට සමාව දී තිබියදී) ඔබ කෙළෙහි ගුණ නොදන්නෙකු වශයෙන්ම සිටින්නෙහිය!” යයි කීවේය.

قَالَ فَعَلْتُهَآ إِذًۭا وَأَنَا۠ مِنَ ٱلضَّآلِّينَ ۝٢۰

එයට මූසා “මා නොදැනුවත්ව සිටි තත්වයෙහි එය මා කළෙමි”.

فَفَرَرْتُ مِنكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِى رَبِّى حُكْمًۭا وَجَعَلَنِى مِنَ ٱلْمُرْسَلِينَ ۝٢١

“එබැවින් මා ඔබට බිය වී දිව ගියෙමි. එහෙත් මගේ දෙවියන් මා හට (ඥානයද), සාධාරණයද ලබා දී තමන්ගේ දූතයින්ගෙන් කෙනෙකු වශයෙන්ද මාව පත් කළේය”.

وَتِلْكَ نِعْمَةٌۭ تَمُنُّهَا عَلَىَّ أَنْ عَبَّدتَّ بَنِىٓ إِسْرَٰٓءِيلَ ۝٢٢

“(මගේ ගෝත්‍රිකයින් වන) ඉස්රායීල පරම්පරාවේ දරුවන්ව ඔබ වහලූන් වශයෙන් තබාගෙන සිටින තත්වයෙහි මෙය ඔබ කියා පෑමට යුතු කෘතඥභාවයක් වන්නේද?”යි විමසුවේය.

قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ ٱلْعَٰلَمِينَ ۝٢۳

එයට ෆිර්අව්න් “ලෝකවාසීන්ගේ උත්පාදකයා කවරෙක්ද?”යි විමසුවේය.

قَالَ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُم مُّوقِنِينَ ۝٢٤

එයට (මූසා) “අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද, උත්පාදනය කර පෝෂණය කළ අයම (ලෝකවාසීන්ගේ උත්පාදකයාද, පෝෂණය කරන්නාද වන්නේය. මෙම සත්‍යය) ඔබ විශ්වාස කරන්නෙහුද?”යි විමසුවේය.

قَالَ لِمَنْ حَوْلَهُۥٓ أَلَا تَسْتَمِعُونَ ۝٢٥

එයට ඔහු තමන් වටා සිටි අයට “ඔබ මෙයට සවන් දුන්නේ නැද්ද?”යි කීවේය.

قَالَ رَبُّكُمْ وَرَبُّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ ۝٢٦

එයට ඔහු “ඔබගේ දෙවියන් (පමණක් නොව, ඔබට) පෙර ඉකුත්ව ගිය ඔබගේ මුතුන් මිත්තන්ගේ දෙවියන්ද (ඔහුය)” යයි කීවේය.

قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِىٓ أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌۭ ۝٢۷

එයට (ෆිර්අව්න් ඔවුන්ට) “ඔබ වෙත යවන ලද (යයි පවසන) ඔබගේ දූතයා නියත වශයෙන්ම පිස්සෙකි” යයි කීවේය.

قَالَ رَبُّ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُمْ تَعْقِلُونَ ۝٢۸

එයට (මූසා) “නැගෙනහිර රටද, බස්නාහිර රටද, මේ අතර ඇති දැයද (වශයෙන් ප්‍රකට රටවල්ද) උත්පාදනය කර පෝෂණය කරන්නා (ඔහුය). මෙය ඔබ වටහා ගත යුතු නොවේද?”යි පැවසුවේය.

قَالَ لَئِنِ ٱتَّخَذْتَ إِلَٰهًا غَيْرِى لَأَجْعَلَنَّكَ مِنَ ٱلْمَسْجُونِينَ ۝٢۹

එයට ඔහු “මා හැර (වෙන කිසිවක්) ඔබ දෙවියන් යයි ඇර ගතහොත් නියත වශයෙන්ම මා ඔබව සිර ගෙදරට යවන්නෙමි” යයි කීවේය.

قَالَ أَوَلَوْ جِئْتُكَ بِشَىْءٍۢ مُّبِينٍۢ ۝۳۰

එයට ඔහු “පැහැදිලි එකක් (සාධකයක්) මා ඔබ වෙත ගෙනැවිත් තිබියදීද (විශ්වාස නොකරන්නේ)?” යයි විමසුවේය.

قَالَ فَأْتِ بِهِۦٓ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ۝۳١

එයට ඔහු “ඔබ කියන දැය ඇත්ත නම්, එය ගෙන එනු” යයි කීවේය.

فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِىَ ثُعْبَانٌۭ مُّبِينٌۭ ۝۳٢

එබැවින් මූසා තම සැරයටිය වීසි කළේය. එවෙලේම එය පැහැදිලි පිඹුරෙකු බවට පත් විය.

وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِىَ بَيْضَآءُ لِلنَّٰظِرِينَ ۝۳۳

තවද ඔහු තමන්ගේ අත (කමිස) සාක්කුව තුළට දමා එළියට ගත්තේය. (එවෙලේම බලන්නාගේ ඇස් හීන් වන තරමට දීප්තිමත් ආලෝකයෙන් බැබළෙන) සුදු වර්ණයෙන් දිස්වුණි.

قَالَ لِلْمَلَإِ حَوْلَهُۥٓ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٌۭ ۝۳٤

(මෙය දුටු ෆිර්අව්න්) තමන් වටා සිටි ප්‍රධානීන්ට “නියත වශයෙන්ම මොහු ඉතාමත් හොඳින් දැනුවත් සූනියම්කරුවෙකු වශයෙන් සිටින්නේය”.

يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِۦ فَمَاذَا تَأْمُرُونَ ۝۳٥

“මොහු තම සූනියම මගින් ඔබගේ රටින් ඔබව එළවා දමන්නට අදහස් කරන්නේය. එබැවින් මේ ගැන ඔබ කුමක් නම්, පවසන්නෙහුද?”යි විමසුවේය.

قَالُوٓا۟ أَرْجِهْ وَأَخَاهُ وَٱبْعَثْ فِى ٱلْمَدَآئِنِ حَٰشِرِينَ ۝۳٦

එයට ඔවුන් ඔහුටත්, ඔහුගේ සහෝදරයාටත් එක් නියමිත කාලයක් නියම කර කැඳවන්නන් (අණ ඛෙරකරුවන්) විවිධ නගරයන්ට යවනු.

يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍۢ ۝۳۷

“ඔවුන් හොඳින් දැන උගත් සූනියම්කරුවන් සියල්ල ඔබ වෙත කැඳවාගෙන එනු ඇත” යයි පැවසූහ.

فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِيقَٰتِ يَوْمٍۢ مَّعْلُومٍۢ ۝۳۸

(ඒ අන්දමට කැඳවන්නන් බොහොමයක් නගරයන්ට යවනු ලැබ), නියමිත දිනදී, නියමිත වේලාවට (නියමිත ස්ථානයෙහි), සූනියම්කරුවන් සියල්ල ඒකරාශී කරනු ලැබූහ.

وَقِيلَ لِلنَّاسِ هَلْ أَنتُم مُّجْتَمِعُونَ ۝۳۹

සියලූ මිනිසුන් වෙත “(නියමිත වේලාවට) ඔබ පැමිණ එක්රැස් වන්නෙහුද?”යි විමසනු ලැබූහ.

لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُوا۟ هُمُ ٱلْغَٰلِبِينَ ۝٤۰

“සූනියම්කරුවන් ජයග්‍රහණය කළහොත් (ඔවුන්ගේ ධර්මයම) අප අනුගමනය කරන්නටද ඉඩ ඇත” (යයිද ප්‍රචාරය කරන ලදී).

فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالُوا۟ لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ ٱلْغَٰلِبِينَ ۝٤١

සූනියම්කරුවන් සියල්ල පැමිණි අවස්ථාවේදී ඔවුන් ෆිර්අව්න්ගෙන් “ඇත්තෙන්ම අපි ජයග්‍රහණය කළහොත් එයට සරිලන කුලියක් අපට ලැඛෙයිද?”යි විමසූහ.

قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًۭا لَّمِنَ ٱلْمُقَرَّبِينَ ۝٤٢

එයට ඔහු “එසේය, ඇත. (කුලිය පමණක්ද?) ඒ අවස්ථාවේදී නියත වශයෙන්ම ඔබ (අපගේ රාජසභාවේ උසස් පදවීන්ද), අපට සමීප ප්‍රධානීන්ගෙන්ද අය බවට පත් වන්නෙහුය” යයි පැවසුවේය.

قَالَ لَهُم مُّوسَىٰٓ أَلْقُوا۟ مَآ أَنتُم مُّلْقُونَ ۝٤۳

ඔවුන්ට මූසා “ඔබ (සූනියම් කිරීමට) වීසි කළ යුතු දැය වීසි කරනු” යයි පැවසුවේය.

فَأَلْقَوْا۟ حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا۟ بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ ٱلْغَٰلِبُونَ ۝٤٤

එබැවින් ඔවුන් තමන්ගේ සැරයටිද කඹද වීසි කර,”ෆිර්අව්න්ගේ ගෞරවය මත සත්තකින්ම! නියත වශයෙන්ම අපිම ජයග්‍රහණය කරන්නෙමු” යයි පැවසූහ.

فَأَلْقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِىَ تَلْقَفُ مَا يَأْفِكُونَ ۝٤٥

පසුව මූසාද තම සැරයටිය වීසි කළේය. එය (විශාල නාගයෙක් බවට පත් වී) ඔවුන් කර තිබූ සුනියම් සියල්ල ගිල දැමීමට පටන් ගත්තේය.

فَأُلْقِىَ ٱلسَّحَرَةُ سَٰجِدِينَ ۝٤٦

(මෙය දුටු) සූනියම්කරුවන් සියල්ල බිම වැටී සුජූද් කළේය.

قَالُوٓا۟ ءَامَنَّا بِرَبِّ ٱلْعَٰلَمِينَ ۝٤۷

(තවද) “ලෝකයන් සියල්ලෙහි දෙවියන්වම අපි විශ්වාස කළෙමු” යයි පැවසූහ.

رَبِّ مُوسَىٰ وَهَٰرُونَ ۝٤۸

“ඔහුම මූසා, හාරූන් යන අයගේ දෙවියන්ද වන්නේය” (යයිද පැවසූහ).

قَالَ ءَامَنتُمْ لَهُۥ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ ۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِى عَلَّمَكُمُ ٱلسِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ ۚ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَٰفٍۢ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ ۝٤۹

එයට (ෆිර්අව්න්) “මා ඔබට අනුමැතිය ලබා දීමට පෙරම ඔබ ඔහුව විශ්වාස කළෙහුය. නියත වශයෙන්ම ඔබට සූනියම් උගන්වා දුන් ඔබගේ ප්‍රධානියා ඔහුය. (මෙහි ඵලවිපාක) ඉතා ඉක්මනින් ඔබ දැන ගන්නෙහුය. ඔබගේ අත් පා මාරුවෙන් මාරුවට කපා ඔබ සියල්ලන්වම කුරුසයෙහි තබා ඇන ගසන්නෙමි” යයි කීවේය.

قَالُوا۟ لَا ضَيْرَ ۖ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ ۝٥۰

එයට ඔවුන් “(එමගින්) අපට කිසිම අඩුපාඩුවක් නැත. (මන්දයත්) නියත වශයෙන්ම අපි අපගේ දෙවියන් දෙසටම ආපසු යන්නෙමු” යයි පැවසූහ.

إِنَّا نَطْمَعُ أَن يَغْفِرَ لَنَا رَبُّنَا خَطَٰيَٰنَآ أَن كُنَّآ أَوَّلَ ٱلْمُؤْمِنِينَ ۝٥١

(තවද) “නියත වශයෙන්ම (මූසාව) විශ්වාස කළ අයගෙන් අපි පළමුවැනි අය වශයෙන් සිටින බැවින් අපගේ දෙවියන් අපගේ වැරදිවලට සමාව දෙනු ඇතැයි නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෙමු” (යයිද පැවසූහ).

۞ وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَسْرِ بِعِبَادِىٓ إِنَّكُم مُّتَّبَعُونَ ۝٥٢

පසුව අපි මූසාට වහී දැන්වූවෙමු. “(ඉස්රායීල පරම්පරාවේ දරුවන් වන) මගේ වහලූන්ව කැඳවාගෙන, ඔබ රාත්‍රියේදීම පිටත් වී යනු. එහෙත් නියත වශයෙන්ම ඔවුන් ඔබව අනුගමනය කරමින් ලූහු බැඳ එනු ඇත”.

فَأَرْسَلَ فِرْعَوْنُ فِى ٱلْمَدَآئِنِ حَٰشِرِينَ ۝٥۳

(එසේ ඔවුන් ගිය විට) ෆිර්අව්න් විවිධ නගරවලට (ජනතාවන්ව කැඳවීමට) කැඳවන්නන් යවනු ලැබූහ.

إِنَّ هَٰٓؤُلَآءِ لَشِرْذِمَةٌۭ قَلِيلُونَ ۝٥٤

“නියත වශයෙන්ම (ඉස්රායීල පරම්පරාවේ දරුවන් වන) මොවුන් ඉතාමත් සුළු සංඛ්‍යාවක්(යයිද පැවසූහ).

وَإِنَّهُمْ لَنَا لَغَآئِظُونَ ۝٥٥

(තවද) “ඔවුන් අපව කෝපයට ලක් කළහ”.

وَإِنَّا لَجَمِيعٌ حَٰذِرُونَ ۝٥٦

නමුත් “නියත වශයෙන්ම අපි ඉතාමත් විශාල සංඛ්‍යාවකි. (ඒ සමගම) ඉතාමත් ප්‍රවේසම් සහිත අයයි” (යයි පවසා, විවිධ නගරවාසීන්ව ඒකරාශී කරගෙන ඉස්රායීල පරම්පරාවේ දරුවන් පසුපස ලූහු බැඳ ගියහ).

فَأَخْرَجْنَٰهُم مِّن جَنَّٰتٍۢ وَعُيُونٍۢ ۝٥۷

(මෙසේ ඔවුන්ගේ) වතු පිටිවලින්ද අපි ඔවුන්ව පිටමං කර හැරියෙමු.

وَكُنُوزٍۢ وَمَقَامٍۢ كَرِيمٍۢ ۝٥۸

තවද (ඔවුන්ගේ) නිධානයන්ගෙන්ද, ඉතාමත් උසස් නිවෙස්වලින්ද (ඔවුන්ව පිටමං කර හැරියෙමු).

كَذَٰلِكَ وَأَوْرَثْنَٰهَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ۝٥۹

මෙසේ (ඔවුන්ව පිටමං කර හැර) ඉස්රායීල දරුවන්ව ඒවාට උරුමක්කාරයින් බවටද පත් කළෙමු.

فَأَتْبَعُوهُم مُّشْرِقِينَ ۝٦۰

සූර්යයා උදා වන විට මොවුන්, ඔවුන් පිටුපස ලූහු බැන්දාහ.

فَلَمَّا تَرَٰٓءَا ٱلْجَمْعَانِ قَالَ أَصْحَٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدْرَكُونَ ۝٦١

මෙම සමූහයන් දෙක කෙනෙකුට කෙනෙකු දුටු අවස්ථාවේදී “නියත වශයෙන්ම අපි කොටු වුනෙමු” යයි මූසාගේ සහායයන් පැවසූහ.

قَالَ كَلَّآ ۖ إِنَّ مَعِىَ رَبِّى سَيَهْدِينِ ۝٦٢

එයට (මූසා) “එසේ නොව. නියත වශයෙන්ම මගේ දෙවියන් මා සමග සිටින්නේය. (අපි බේරෙන) මාර්ගය නියත වශයෙන්ම අපට දැනුම් දෙනු ඇත” යයි පැවසුවේය.

فَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضْرِب بِّعَصَاكَ ٱلْبَحْرَ ۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍۢ كَٱلطَّوْدِ ٱلْعَظِيمِ ۝٦۳

එබැවින් අපි මූසාට “ඔබ, ඔබගේ සැරයටියෙන් මෙම මුහුදට ගසනු” යයි වහී (මාර්ගයෙන්) දැනුම් දුන්නෙමු. (ඔහු එසේ ගැසූ වහාම) එය (විවිධ මාර්ගයන් බවට) පැලී දෙකඩ විය. සෑම පැල්මක්ම විශාල කඳු මෙන් දිස් විය.

وَأَزْلَفْنَا ثَمَّ ٱلْءَاخَرِينَ ۝٦٤

(පසුපසින් ගිය) අනිත් අයවද එයට ළඟා වීමට සැලැස්සුවෙමු.

وَأَنجَيْنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجْمَعِينَ ۝٦٥

මූසාවද, ඔහු සමග සිටි සියල්ලන්වම අපි බේරා ගත්තෙමු.

ثُمَّ أَغْرَقْنَا ٱلْءَاخَرِينَ ۝٦٦

පසුව (ඔවුන් පසුපස ගිය) අනිත් සියල්ලන්වම ගිල්වා දැමුවෙමු.

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ۝٦۷

නියත වශයෙන්ම මෙහි (මෙම සිද්ධියේදී) පාඩමක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) විශ්වාස කළේ නැත.

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ۝٦۸

(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම (සියල්ලන්ට) බලසම්පන්නයෙකු හා කරුණාවන්ත-යෙකු වශයෙන් සිටින්නේය.

وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَٰهِيمَ ۝٦۹

(නබියේ!) ඔවුන්ට ඉබ්රාහීම්ගේ ඉතිහාසයද සමුදීරණය කර පෙන්වනු.

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَا تَعْبُدُونَ ۝۷۰

ඔහු තමන්ගේ පියාගෙන්ද, තම ජනතාවගෙන්ද “ඔබ කුමක් නම්, නමදින්නෙහුද?”යි විමසූහ.

قَالُوا۟ نَعْبُدُ أَصْنَامًۭا فَنَظَلُّ لَهَا عَٰكِفِينَ ۝۷١

විට ඔවුන් “අපි පිළිරූ නමදින්නෙමු. එවාම අපි සදාකල් ආරාධනා කරමින්ම සිටින්නෙමු” යයි පැවසූහ.

قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ ۝۷٢

එයට (ඉබ්රාහීම් ඔවුන්ට) “ඔබ ඒවාට ආරාධනා කළහොත් ඔබට සවන් දෙන්නෙහුද?” යි විමසුවේය.

أَوْ يَنفَعُونَكُمْ أَوْ يَضُرُّونَ ۝۷۳

“නැතහොත් (ඒවා ඔබ ආරාධනා කිරීමෙන්) ඔබට යම්කිසි හොඳක් හෝ (ආරාධනා නොකළහොත්) නරකක් හෝ කරන්නෙහුද?”යි විමසුවේය.

قَالُوا۟ بَلْ وَجَدْنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفْعَلُونَ ۝۷٤

(එයට ඔවුන්) “නැත. අපගේ මුතුන් මිත්තන් මේ අන්දමටම (ආරාධනා) කරමින් සිටිනු අපි දුටුවෙමු. (එබැවින් අපිත් ආරාධනා කරන්නෙමු)” යයි පවැසූහ.

قَالَ أَفَرَءَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَ ۝۷٥

එයට (ඉබ්රාහීම්) මෙසේ පැවසීය: “ඔබ නමදින දැය ඔබ අවධානය කර බැලූවෙහුද?”

أَنتُمْ وَءَابَآؤُكُمُ ٱلْأَقْدَمُونَ ۝۷٦

“ඔබ නමදින දැයද, ඔබට පෙර විසූ ඔබගේ පියවරුන් (නැමදූ දැය)ද ඔබ අවධානය කර බැලූවෙහුද?”

فَإِنَّهُمْ عَدُوٌّۭ لِّىٓ إِلَّا رَبَّ ٱلْعَٰلَمِينَ ۝۷۷

“නියත වශයෙන්ම මේවා මා හට සතුරන්ය! ලෝකයන් සියල්ල පෝෂණය කරන්නාම (මගේ දෙවියන්ය)”.

ٱلَّذِى خَلَقَنِى فَهُوَ يَهْدِينِ ۝۷۸

“ඔහුම මාව උත්පාදනය කළේය. ඔහුම මාව ඍජු මාර්ගයෙහි යාමට සලස්වන්නේය”.

وَٱلَّذِى هُوَ يُطْعِمُنِى وَيَسْقِينِ ۝۷۹

“ඔහුම මා හට ආහාර පානද ලබා දෙන්නේය”.

وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ ۝۸۰

“මා අසනීප වූ අවසථාවන්හිදී ඔහුම මාව සනීප කරන්නේය”.

وَٱلَّذِى يُمِيتُنِى ثُمَّ يُحْيِينِ ۝۸١

“ඔහුම මාව මරණයට පත් කරන්නේය. පසුව ඔහුම මාව (විනිශ්චය දිනදී) පණ දෙන්නේය”.

وَٱلَّذِىٓ أَطْمَعُ أَن يَغْفِرَ لِى خَطِيٓـَٔتِى يَوْمَ ٱلدِّينِ ۝۸٢

“ඵලවිපාක දෙනු ලබන (විනිශ්චය) දිනදී මගේ වැරදිවලට සමාව දීමට මා ඔහුවම විශ්වාස කරමින් සිටින්නෙමි”.

رَبِّ هَبْ لِى حُكْمًۭا وَأَلْحِقْنِى بِٱلصَّٰلِحِينَ ۝۸۳

“මගේ දෙවියනේ! ඔබ මට ඥානය පහළ කර, හොඳ අය සමග මාව එක්කාසු කර හරිනු මැනව!”

وَٱجْعَل لِّى لِسَانَ صِدْقٍۢ فِى ٱلْءَاخِرِينَ ۝۸٤

“පසු කාලයේදීද (යුග අවසාන දින දක්වා සියල්ල) මා හට (අෙලෙහිස්සලාම් යයි පවසන) හොඳ නාමයද (කීර්තියද) ලබා දෙනු මැනව!”

وَٱجْعَلْنِى مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ ۝۸٥

“සැප පහසුවෙන් යුත් ස්වර්ගය උරුමක්කාරයින් වශයෙන් සිටින්නන්ගෙන් කෙනෙකු බවට මාවද ඔබ පත් කරනු මැනව!”

وَٱغْفِرْ لِأَبِىٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ ۝۸٦

“මගේ පියාවද ඔබ ක්ෂමා කර හරිනු මැනව! නියත වශයෙන්ම ඔහුගේ මාර්ගය වැරද ගියේය”.

وَلَا تُخْزِنِى يَوْمَ يُبْعَثُونَ ۝۸۷

“(පණ දී) නැගිට්ටවනු ලබන (විනිශ්චය) දිනදී ඔබ මාව අවමානයට ලක් නොකරනු මැනව!”

يَوْمَ لَا يَنفَعُ مَالٌۭ وَلَا بَنُونَ ۝۸۸

“එදිනදී වස්තුවද මිනිසුන්ද කිසිම ප්‍රයෝජනයක් අත් කර නොදෙන්නේය”.

إِلَّا مَنْ أَتَى ٱللَّهَ بِقَلْبٍۢ سَلِيمٍۢ ۝۸۹

“එහෙත් පරිශුද්ධ හෘදය සමග (තම දෙවියන් වන) අල්ලාහ් වෙත පැමිණෙන්නාම (ජයග්‍රහණය කරනු ඇත)”.

وَأُزْلِفَتِ ٱلْجَنَّةُ لِلْمُتَّقِينَ ۝۹۰

“භය භක්තිකයින් (වෙනුවෙන් ඔවුන්)ව කළින්ම ස්වර්ගයට ගෙන එනු ලැබේ”.

وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِلْغَاوِينَ ۝۹١

“මාර්ගය වැරද ගියවුන් කළින්ම නිරයට ගෙනැවිත් තබනු ලැබේ”.

وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَ ۝۹٢

ඔවුන්ගෙන් “අල්ලාහ් හැර, ඔබ නමදිමින් සිටි දැය කොහේද? යි විමසනු ලැබේ.

مِن دُونِ ٱللَّهِ هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَ ۝۹۳

(ඒ අතර) අල්ලාහ් හැර ඒවා ඔබට උදව් කරයිද? නැතහොත් තමන්වම බේරා ගනීවිද?”යි විමසනු ලැබේ.

فَكُبْكِبُوا۟ فِيهَا هُمْ وَٱلْغَاوُۥنَ ۝۹٤

“(පසුව) ඒවාද (ඒවා නැමද) මාර්ගය වැරද ගිය අයද සියල්ලන්ම මුණින් අතට එහි (නිරයෙහි) තල්ලූ කරනු ලබන්නාහ”.

وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ ۝۹٥

ඉබ්ලීස්ගේ සේනාවද එහි (නිරයෙහි) තල්ලූ කරනු ලබන්නාහ.

قَالُوا۟ وَهُمْ فِيهَا يَخْتَصِمُونَ ۝۹٦

එහිදී ඔවුන් තමන් තුළ තර්ක කරමින් මෙසේ පවසන්නාහ:

تَٱللَّهِ إِن كُنَّا لَفِى ضَلَٰلٍۢ مُّبِينٍ ۝۹۷

“අල්ලාහ් මත සත්තකින්ම! අපි ප්‍රකට දුර්මාර්ගයෙහිම සිටියෙමු”.

إِذْ نُسَوِّيكُم بِرَبِّ ٱلْعَٰلَمِينَ ۝۹۸

(තමන්ගේ දෙවිවරුන්ට) “ඔබව අපි ලෝකයන්හි රහ්මාන්ට සමාන කර තැබුවෙමු!

وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلْمُجْرِمُونَ ۝۹۹

(තවද මෙම) වැරදිකරුවන් මිස, (කිසිවෙකුත්) අපිව මාර්ගය වැරද යැවුවේ නැත.

فَمَا لَنَا مِن شَٰفِعِينَ ۝١۰۰

“අපට මැදිහත් වී කතා කරන්නන් (අද) කිසිවෙකුත් නැත!”

وَلَا صَدِيقٍ حَمِيمٍۢ ۝١۰١

“(අප කෙරෙහි) අනුකම්පාව ඇති (සත්‍ය) මිතුරෙකුත් නැත නොවෙද!”

فَلَوْ أَنَّ لَنَا كَرَّةًۭ فَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ ۝١۰٢

“අපි (ලොවට) ආපසු හැරී යන්නට හැකි වුවහොත් නියත වශයෙන්ම අපි සත්‍ය විශ්වාසවන්තයින් බවට පත් වන්නෙමු” (යයි ප්‍රාර්ථනා කරනු ඇත).

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ۝١۰۳

ඇත්තෙන්ම මෙහි එක් පාඩමක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) විශ්වාස කරන්නේ නැත.

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ۝١۰٤

(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

كَذَّبَتْ قَوْمُ نُوحٍ ٱلْمُرْسَلِينَ ۝١۰٥

නූහුගේ ජනතාව (තමන් වෙත පැමිණි අපගේ) දූතයින්ව බොරුකාරයින් කළහ.

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ ۝١۰٦

ඔවුන්ගේ සහෝදර නූහ් ඔවුන්ට මෙසේ පැවසූ අවස්ථාවේදී, “ඔබ (අල්ලාහ්ට) බිය විය යුතු නොවේද?”

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ۝١۰۷

“ඇත්තෙන්ම මා ඔබ වෙත (දෙවියන් විසින්) යවන ලද ඉතාමත් විශ්වාසවන්ත දූතයෙකු වන්නෙමි”.

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ۝١۰۸

“එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී, මට අවනත වී කටයුතු කරනු.

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَٰلَمِينَ ۝١۰۹

(මේ වෙනුවෙන්) මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලී සියල්ල ලෝකයන් උත්පාදනය කර, බේරාගෙන ආරක්ෂා කරන්නා වෙතම ඇත්තේය”.

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ۝١١۰

“එබැවින් ඔබ (එම) අල්ලාහ්ට බිය වී, මට අවනත වී කටයුතු කරනු” (යයි පැවසුවේය).

۞ قَالُوٓا۟ أَنُؤْمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلْأَرْذَلُونَ ۝١١١

එයට ඔවුන් “ඔබව අපි විශ්වාස කරන්නද! (අපට කුලී වැඩ කරන) දීනවූ අයම ඔබව අනුගමනය කරමින් සිටින්නාහ” යයි පැවසූහ.

قَالَ وَمَا عِلْمِى بِمَا كَانُوا۟ يَعْمَلُونَ ۝١١٢

එයට ඔහු “ඔවුන් කරමින් සිටින වැඩ ගැන මා කුමක් නිසා දැන ගත යුතුද? (එය විපරම් කර බැලීම මගේ කාර්යයක් නොව)”.

إِنْ حِسَابُهُمْ إِلَّا عَلَىٰ رَبِّى ۖ لَوْ تَشْعُرُونَ ۝١١۳

“(මේවා ගැන) ඔවුන් වෙත ගණනය කිරීම මගේ දෙවියන් කෙරෙහිම අනිවාර්යය යුතුකමක් වන්නේය. (මා කෙරෙහි නොව. මෙය) ඔබ දැන ගත යුතු නොවේද”?

وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلْمُؤْمِنِينَ ۝١١٤

විශ්වාසය තැබූවන්ව (ඔවුන් දුප්පතුන් බැවින්) එළවා දැමීමට මට නොහැක.

إِنْ أَنَا۠ إِلَّا نَذِيرٌۭ مُّبِينٌۭ ۝١١٥

මා සියල්ලන්ටම ප්‍රසිද්ධියේ බිය ගන්වා අනතුරු අඟවන්නෙකු මිස, වෙන කිසිවක් නැත යයි පැවසුවේය.

قَالُوا۟ لَئِن لَّمْ تَنتَهِ يَٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلْمَرْجُومِينَ ۝١١٦

එයට ඔවුන් “ඕ නූහ්! ඔබ (මෙයින්) ඈත් නොවුවහොත් නියත වශයෙන්ම ඔබට ගල් ගසා මරා දමනු ලබන්නෙහිය” යයි පැවසූහ.

قَالَ رَبِّ إِنَّ قَوْمِى كَذَّبُونِ ۝١١۷

එයට ඔහු “මගේ දෙවියනේ! මගේ (මෙම) ජනතාව නියත වශයෙන්ම මාව බොරුකාරයා කර දැමූහ” යයි පැවසූහ.

فَٱفْتَحْ بَيْنِى وَبَيْنَهُمْ فَتْحًۭا وَنَجِّنِى وَمَن مَّعِىَ مِنَ ٱلْمُؤْمِنِينَ ۝١١۸

“එබැවින් මටත්, ඔවුන්ටත් අතරේ ඔබ තීන්දුවක් දී මාවද, මා සමග වූ විශ්වාසය තැබූවන්වද බේරා ගනු මැනව!” යයි ප්‍රාර්ථනා කළේය.

فَأَنجَيْنَٰهُ وَمَن مَّعَهُۥ فِى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ ۝١١۹

එබැවින් අපි ඔහුවද, (විශ්වාසය තබා) ඔහු සමග සිටි අයවද (අනිත් ජීව වස්තූන්ගෙන්) පිරි නැවෙහි (පටවා) බේරා ගත්තෙමු.

ثُمَّ أَغْرَقْنَا بَعْدُ ٱلْبَاقِينَ ۝١٢۰

ඉන්පසු (නැවෙහි නොනැගී) ඉතිරිව සිටි අයව අපි ගිල්වා දැමුවෙමු.

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ۝١٢١

නියත වශයෙන්ම මෙහි එක් පාඩමක් ඇත. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත.

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ۝١٢٢

(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම (ඔවුන්ට) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

كَذَّبَتْ عَادٌ ٱلْمُرْسَلِينَ ۝١٢۳

ආද් නමැති ජනතාවද අපගේ දූතයාව බොරුකාරයා කළහ.

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَ ۝١٢٤

ඔවුන්ගෙන් සහෝදර හූද් “ඔබ අල්ලාහ්ට බිය විය යුතු නොවේද” යයි විමසුවේය?

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ۝١٢٥

නියත වශයෙන්ම මා ඔබ වෙත යවනු ලැබූ විශ්වාසවන්ත එක් දූතයෙකු වන්නෙමි.

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ۝١٢٦

එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී මට අවනත වී කටයුතු කරනු.

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَٰلَمِينَ ۝١٢۷

“ඒ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලිය නම්, ලෝකවාසී සියල්ලන්වම උත්පාදනය කර, පෝෂණය කරන්නා වෙත ඇත්තේය”.

أَتَبْنُونَ بِكُلِّ رِيعٍ ءَايَةًۭ تَعْبَثُونَ ۝١٢۸

“ඔබ උසස් ස්ථානයන්හි (විශාල කුළුණු මෙන්) මතක සටහන් නිකරුණේ ඉදි කරන්නෙහුද”?

وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَ ۝١٢۹

ඔබ (විනාශ නොවන) සදාකල් වාසය කරන්නන් මෙන් (ඔබගේ මාලිගාවන්හි උසස්) කැටයම්ද නිර්මාණය කරන්නෙහුය!

وَإِذَا بَطَشْتُم بَطَشْتُمْ جَبَّارِينَ ۝١۳۰

“ඔබ (කවුරුන්ව හෝ) අල්ලා ගතහොත් (කිසි අනක් ගුණක් නැතිව) ඉතාමත් දරුණු ලෙස වද හිංසා කරන්නෙහුය.

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ۝١۳١

“ඔබ අල්ලාහ්ට බිය වී මට අවනත වී කටයුතු කරනු”

وَٱتَّقُوا۟ ٱلَّذِىٓ أَمَدَّكُم بِمَا تَعْلَمُونَ ۝١۳٢

“ඔබ දැනුවත් විවිධ වස්තූන්ද, කවුරුන් ඔබට (ලබා දී) උදව් කළෙහුද, ඔහුට ඔබ බිය වනු”.

أَمَدَّكُم بِأَنْعَٰمٍۢ وَبَنِينَ ۝١۳۳

“දරුවන්ද, එළු, ගව, ඔටුවන්ද, ඔබට (ලබා දී) උදව් උපකාර කර ඇත්තේය.

وَجَنَّٰتٍۢ وَعُيُونٍ ۝١۳٤

වතු පිටිද ඔහුම ඔබට ලබා දී ඇත්තේය.

إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍۢ ۝١۳٥

ඔහුට ඔබ වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම මා ඉමහත් වූ දිනක දඬුවම ඔබට පැමිණෙනු ඇතැයි බිය වන්නෙමි” යයි පැවසුවේය.

قَالُوا۟ سَوَآءٌ عَلَيْنَآ أَوَعَظْتَ أَمْ لَمْ تَكُن مِّنَ ٱلْوَٰعِظِينَ ۝١۳٦

එයට ඔවුන් “(ඕ හූද්!) ඔබ අපට හොඳ ඔවදන් දීමද, හොඳ ඔවදන් නොදීමද, එක සමානය!

إِنْ هَٰذَآ إِلَّا خُلُقُ ٱلْأَوَّلِينَ ۝١۳۷

(බිය ගැන්වීමට) මෙය (මෙසේ පැවසීම) පෙර විසූවන්ගේ පුරුද්දක් මිස, වෙන කිසිවක් නැත!”

وَمَا نَحْنُ بِمُعَذَّبِينَ ۝١۳۸

“(ඔබ පවසන අන්දමට) අපි (කිසිම) දඬුවමකට ලක් නොවන්නෙමු” යයි පැවසුවේය.

فَكَذَّبُوهُ فَأَهْلَكْنَٰهُمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ۝١۳۹

ඔවුන් ඔහුව බොරුකාරයා කළහ. එබැවින් අපි ඔවුන්ව විනාශ කර දැමුවෙමු. නියත වශයෙන්ම මෙහි (හොඳ) සාධකයක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත.

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ۝١٤۰

(නබියේ!) ඔබගේ දෙවියන්ම (ඔවුන්ටද) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

كَذَّبَتْ ثَمُودُ ٱلْمُرْسَلِينَ ۝١٤١

සමූද් (ජනතාවද ඔවුන් වෙත යවනු ලැබූ අපගේ) දූතයාව බොරුකාරයා කළහ.

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَٰلِحٌ أَلَا تَتَّقُونَ ۝١٤٢

ඔවුන්ගේ සහෝදර සාලිහ් (නබි) ඔවුන්ට ඔබ (පාපයන්) වළක්වා අල්ලාහ්ට බිය වී අවනත වී කටයුතු කළයුතු නොවේද? යයි පැවසුවේය.

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ۝١٤۳

නියත වශයෙන්ම මා ඔබ වෙත යවනු ලැබූ ඉතාමත් විශ්වාසවන්ත දූතයෙකි.

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ۝١٤٤

එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී, මා හට අවනත වී කටයුතු කරනු.

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَٰلَمِينَ ۝١٤٥

මේ වෙනුවෙන් මා ඔබගෙන් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලී සියල්ල ලෝකයන් උත්පාදනය කර, පෝෂණය කරන්නා වෙතම මිස, (වෙන කිසිවෙකු වෙත) නැත”.

أَتُتْرَكُونَ فِى مَا هَٰهُنَآ ءَامِنِينَ ۝١٤٦

“මෙහි (ඇති සැප සම්පත්වලින් සදාකල්) බිය නොවී (ජීවත් වීමට ඔබව) අත්හැර දමනු ලබන්නෙහුද?”

فِى جَنَّٰتٍۢ وَعُيُونٍۢ ۝١٤۷

“ (මෙහි ඇති) වතු පිටි වලද ගොවිපළවල්වලද,

وَزُرُوعٍۢ وَنَخْلٍۢ طَلْعُهَا هَضِيمٌۭ ۝١٤۸

(තවද) වලූ වලින් පිරුණු ඉඳි වතුවලද,

وَتَنْحِتُونَ مِنَ ٱلْجِبَالِ بُيُوتًۭا فَٰرِهِينَ ۝١٤۹

කඳු හාරා ඉදි කරන ලද නිවාසයන්හිද, ඉතාමත් සතුටින් (සදාකල් රැඳී සිටීමට ඔබව අත්හැර දමනු ලබන්නෙහුද?)”

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ۝١٥۰

“එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී, මා හට අවනත වී කටයුතු කරනු.

وَلَا تُطِيعُوٓا۟ أَمْرَ ٱلْمُسْرِفِينَ ۝١٥١

“සීමාව ඉක්මවා යන අයගේ අණට ඔබ යටත් නොවනු.

ٱلَّذِينَ يُفْسِدُونَ فِى ٱلْأَرْضِ وَلَا يُصْلِحُونَ ۝١٥٢

ඔවුන් භූමියෙහි අපරාධ කරන්නන් මිස, හොඳක් නොකරන්නාහ” යයි පැවසුවේය.

قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مِنَ ٱلْمُسَحَّرِينَ ۝١٥۳

එයට ඔවුන් (සාලිහ් නබිට) “සූනියමට අයත් අයගෙන් ඔබත් කෙනෙකි (එබැවින් ඔබගේ මනස කැළඹී ගියේය)” යයි පැවසූහ.

مَآ أَنتَ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا فَأْتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ۝١٥٤

“ඔබ අප වැනි මිනිසෙකු මිස වෙන කිසිවෙකු නොව. ඔබ ඇත්ත කියන්නෙකු වශයෙන් සිටින්නෙහි නම්, අපි කැමති වන අන්දමට) යම්කිසි සාධකයක් ගෙන එනු” යයි පැවසූහ.

قَالَ هَٰذِهِۦ نَاقَةٌۭ لَّهَا شِرْبٌۭ وَلَكُمْ شِرْبُ يَوْمٍۢ مَّعْلُومٍۢ ۝١٥٥

එයට ඔහු “(ඔබට සාධකයක් වශයෙන්) එක් ඔටු දෙනකු සිටින්නේය. (ඔබ වතුර බොන මෙම තොටුපළෙහි) එය එක් එක් නියමිත දිනකදී ඌ බීමටද, ඔබ බීමටද, නියම කරනු ලැබේ.

وَلَا تَمَسُّوهَا بِسُوٓءٍۢ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍۢ ۝١٥٦

තවද ඔබ යම්කිසි හානියක් කිරීමට ඌට ළං නොවනු. එසේ වුවහොත් දිනකදී දරුණු දඬුවම් ඔබව අල්ලා ගනු ඇත” යයි පැවසුවේය.

فَعَقَرُوهَا فَأَصْبَحُوا۟ نَٰدِمِينَ ۝١٥۷

(මෙසේ පවසා තිබියදී ඌ වතුර බීමට ගිය අවස්ථාවේදී) ඔවුන් උගේ (කකුලේ නහරයක්) කපා දැමූහ. (එබැවින් එම ඔටුවා මරණයට පත් වූ වහාම දඬුවම් පැමිණීමේ සළකුණු දුටු විට), ඔවුන් දුකෙහි ගැලී ගියහ.

فَأَخَذَهُمُ ٱلْعَذَابُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ۝١٥۸

ඔවුන්ව දඬුවමද අල්ලා ගත්තේය. නියත වශයෙන්ම (ඔවුන්ට) මෙහි එක් සාධකයක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේම නැත.

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ۝١٥۹

(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

كَذَّبَتْ قَوْمُ لُوطٍ ٱلْمُرْسَلِينَ ۝١٦۰

ලුත් (නබි)ගේ ජනතාවද (අපගේ) දූතයින්ව බොරුකාරයින් කළහ.

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ ۝١٦١

ඔවුන්ගේ සහෝදර ලුත් තුමා “ඔබ (පාපයෙන් ඔබව) ආරක්ෂා කර ගත යුතු නොවේද?” (යයි පැවසූහ).

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ۝١٦٢

නියත වශයෙන්ම මා ඔබ වෙත යවන ලද විශ්වාසවන්ත දූතයෙකු වශයෙන් සිටින්නෙමි.

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ۝١٦۳

එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී, මට අවනත වනු”.

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَٰلَمِينَ ۝١٦٤

“මේ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලී සියල්ල ලෝකවාසීන්ව පෝෂණය කරන දෙවියන් වෙතම මිස, (වෙන කිසිවෙකු වෙත) නැත”.

أَتَأْتُونَ ٱلذُّكْرَانَ مِنَ ٱلْعَٰلَمِينَ ۝١٦٥

“ලෝකවාසීන්ගෙන් (සුවය විඳීමට) ඔබ පිරිමින් වෙත පැමිණෙන්නෙහුද?

وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُم مِّنْ أَزْوَٰجِكُم ۚ بَلْ أَنتُمْ قَوْمٌ عَادُونَ ۝١٦٦

ඔබගේ භාර්යයාවන්ගෙන් (ඔබ සුවය විඳීමට) ඔබගේ රබ්බු ඔබ වෙනුවෙන් උත්පාදනය කර ඇති දැය ඔබ අත්හැර දමන්නෙහුය. නැත! ඔබ සීමාව ඉක්මවූ සමූහයකි” (යයි පැවසුවේය).

قَالُوا۟ لَئِن لَّمْ تَنتَهِ يَٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلْمُخْرَجِينَ ۝١٦۷

එයට ඔවුන් “ඕ ලුත්! (මෙසේ පැවසීමෙන්) ඔබ ඈත් නොවුවහොත් නියත වශයෙන්ම ඔබ (අපගේ රටින්) එළවා දමනු ලබන්නෙහිය” යයි පැවසූහ.

قَالَ إِنِّى لِعَمَلِكُم مِّنَ ٱلْقَالِينَ ۝١٦۸

එයට ඔහු “නියත වශයෙන්ම මා ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නෙමි” (යයි පැවසුවේය).

رَبِّ نَجِّنِى وَأَهْلِى مِمَّا يَعْمَلُونَ ۝١٦۹

“මගේ දෙවියනේ! මොවුන්ගේ (මෙම නපුරු) ක්‍රියාවෙන් මාවද, මගේ පවුලේ උදවියද බේරා ගනු (මැනව!)” යයි ප්‍රාර්ථනා කළේය.

فَنَجَّيْنَٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ ۝١۷۰

එබැවින් ඔහුවද, ඔහුගේ පවුලේ සියල්ලන්වද අපි බේරා ගත්තෙමු.

إِلَّا عَجُوزًۭا فِى ٱلْغَٰبِرِينَ ۝١۷١

එහෙත් ඔහුගේ එක් මැහැල්ලියක් (භාර්යයාවක්) හැර, ඇය පසුපසින් රැඳී සිටියවුන් සමග නැවතී (විනාශ වී) ගියාය.

ثُمَّ دَمَّرْنَا ٱلْءَاخَرِينَ ۝١۷٢

පසුව අපි අන් සියල්ලන්වම සහමුලින්ම විනාශ කර දැමුවෙමු.

وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًۭا ۖ فَسَآءَ مَطَرُ ٱلْمُنذَرِينَ ۝١۷۳

ඔවුන් කෙරෙහි අපි (ගල්) වරුසාවක් වසින්නට සැලැස්සුවෙමු. බිය ගන්වා අනතුරු අඟවන ලද ඔවුන් (මත වසින්නට සැලැස්වූ ගල්) වරුසාව ඉතාමත් නපුරුය.

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ۝١۷٤

නියත වශයෙන්ම මෙහි එක් සාධකයක් ඇත. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත.

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ۝١۷٥

(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

كَذَّبَ أَصْحَٰبُ لْـَٔيْكَةِ ٱلْمُرْسَلِينَ ۝١۷٦

(මදියන් රටේ) අයිකා නමැති වනවාසීන්ද (අපගේ) දූතයින්ව බොරුකාරයන් කළහ.

إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ ۝١۷۷

ෂුඅයිබ් (නබි) ඔවුන්ට “ඔබ (අල්ලාහ්ට බිය වී, පාපයන්ගෙන්) ඈත් විය යුතු නොවේද?” (යයි පැවසූහ).

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ۝١۷۸

“නියත වශයෙන්ම මා ඔබ වෙත යවන ලද විශ්වාසවන්ත දූතයෙකු වශයෙන් සිටින්නෙමි”.

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ۝١۷۹

“අල්ලාහ්ට බිය වී, මට අවනත වනු”.

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَٰلَمِينَ ۝١۸۰

“මේ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලී සියල්ල ලෝකවාසීන්ව පෝෂණය කරමින් සිටින දෙවියන් වෙතම මිස, (වෙන කිසිවෙකුත් වෙත) නැත”.

۞ أَوْفُوا۟ ٱلْكَيْلَ وَلَا تَكُونُوا۟ مِنَ ٱلْمُخْسِرِينَ ۝١۸١

“මිනුම පූරණ වශයෙන් මනිනු. (ජනතාවට) පාඩුවක් ඇති කරන්නන් වශයෙන් නොසිටිනු”.

وَزِنُوا۟ بِٱلْقِسْطَاسِ ٱلْمُسْتَقِيمِ ۝١۸٢

“නිවැරදි තරාදියකින් කිරිනු”.

وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ ۝١۸۳

“මිනිසුන්ට ලබා දිය යුතු භාණ්ඩ ඔබ අඩුකර නොදමනු. ඔබ භූමියෙහි අපරාධ කරමින් නොහැසිරෙනු”.

وَٱتَّقُوا۟ ٱلَّذِى خَلَقَكُمْ وَٱلْجِبِلَّةَ ٱلْأَوَّلِينَ ۝١۸٤

“ඔබවද, ඔබට පෙර විසූවන්වද, කවුරුන් උත්පාදනය කළේද, ඔහුටම ඔබ බිය වනු” යයිද පැවසුවේය.

قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مِنَ ٱلْمُسَحَّرِينَ ۝١۸٥

එයට ඔවුන් “ඔබ සූනියමට ඇතුළු වූ කෙනෙකු බවට පත් වූවෙහිය”(යයි පැවසූහ).

وَمَآ أَنتَ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلْكَٰذِبِينَ ۝١۸٦

“ඔබ අප වැනි මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. නියත වශයෙන්ම අපි ඔබ බොරුකාරයින්ගෙන් කෙනෙකු වශයෙන්ම අදහස් කරන්නෙමු”.

فَأَسْقِطْ عَلَيْنَا كِسَفًۭا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ۝١۸۷

“ඔබ ඇත්ත කියන්නන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙහු නම් අහස කෑලිවලට කඩා එයින් එක් කැබැල්ලක් අප වෙත වීසි කරනු” යයි පැවසූහ.

قَالَ رَبِّىٓ أَعْلَمُ بِمَا تَعْمَلُونَ ۝١۸۸

එයට ඔහු “ඔබ කරමින් සිටින (නපුරු) කාරණාව මගේ දෙවියන් හොඳින් දන්නේය. (මෙයට අයත් දඬුවම ඔබට අනිවාර්යයෙන් දෙනු ඇත)” යයි පැවසුවේය.

فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ ٱلظُّلَّةِ ۚ إِنَّهُۥ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ ۝١۸۹

(එහෙත්) පසුවත් ඔහුව බොරුකාරයා කළහ. එබැවින් (ඝන) අඳුරු දිනයෙහි දඬුවම ඔවුන්ව හසු කර ගත්තේය. නියත වශයෙන්ම එය නපුරු දිනයක දඬුවමක් වශයෙන්ම තිබුණි.

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ۝١۹۰

නියත වශයෙන්ම මෙහිද සාධකයක් ඇත. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත.

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ۝١۹١

(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම (සියල්ලන්ටම) බලසම්පන්යෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلْعَٰلَمِينَ ۝١۹٢

(නබියේ! ශුද්ධ වූ කුර්ආනය වන) මෙය නියත වශයෙන්ම ලෝකයන්ගේ දෙවියන් විසින්ම පහළ කරන ලදී.

نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلْأَمِينُ ۝١۹۳

(දෙවියන්ගේ නියෝගයට අනුව) රූහුල් අමීන් (නමැති ජිබ්රීල්) මෙය ඔබගේ මනසෙහි පහළ කර තැබුවේය.

عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ ٱلْمُنذِرِينَ ۝١۹٤

(මිනිසුන්ට) ඔබ බිය ගන්වා අනතුරු ඇඟවීම සඳහා (මෙය පහළ කර තැබුවේය).

بِلِسَانٍ عَرَبِىٍّۢ مُّبِينٍۢ ۝١۹٥

පැහැදිලි අරාබි භාෂාවෙන් (මෙය පහළ කර තැබුවේය).

وَإِنَّهُۥ لَفِى زُبُرِ ٱلْأَوَّلِينَ ۝١۹٦

(මේ සම්බන්ධයෙන් වූ අනාවැකිය) නියත වශයෙන්ම පෙර තිබූ ධර්මයන්හිද ඇත්තේය.

أَوَلَمْ يَكُن لَّهُمْ ءَايَةً أَن يَعْلَمَهُۥ عُلَمَٰٓؤُا۟ بَنِىٓ إِسْرَٰٓءِيلَ ۝١۹۷

ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් වූ විද්වතුන් මෙය දැන සිටීමම ඔවුන්ට ප්‍රමාණවත් සාධකයක් නොවෙද?

وَلَوْ نَزَّلْنَٰهُ عَلَىٰ بَعْضِ ٱلْأَعْجَمِينَ ۝١۹۸

(මොවුන් කැමති අන්දමට අරාබි නොවන) අජමි (වෙනත් ජනතාවන්ට අයත්) යම්කිසි කෙනෙකු කෙරෙහි (ඔහුගේ භාෂාවෙන්) මෙය පහළ කර,

فَقَرَأَهُۥ عَلَيْهِم مَّا كَانُوا۟ بِهِۦ مُؤْمِنِينَ ۝١۹۹

ඔහු මෙය ඔවුන්ට සමුදීරණය කර පෙන්වූවා වුවද, ඔවුන් මෙය විශ්වාස කර ඇත්තේම නැත.

كَذَٰلِكَ سَلَكْنَٰهُ فِى قُلُوبِ ٱلْمُجْرِمِينَ ۝٢۰۰

මෙසේ (ඍනාත්මක මනසින් යුතුව ප්‍රතික්ෂේප කරන නපුරු ගති ගුණයෙන් යුතු) මෙය මෙම වැරදිකරුවන්ගේ හෘදයන්හි අපි ඇතුළු කර ඇත්තෙමු.

لَا يُؤْمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُا۟ ٱلْعَذَابَ ٱلْأَلِيمَ ۝٢۰١

එබැවින් වේදනා ගෙන දෙන දඬුවම මොවුන් (තමන්ගේ දෑසින්) දකින තුරු මෙය විශ්වාස කරන්නේම නැත.

فَيَأْتِيَهُم بَغْتَةًۭ وَهُمْ لَا يَشْعُرُونَ ۝٢۰٢

එය ඔවුන් වටහා නොගන්නා සේ හදිසියේ ඔවුන් වෙත පැමිණ ළඟා වන ඒ අවස්ථාවේදී,

فَيَقُولُوا۟ هَلْ نَحْنُ مُنظَرُونَ ۝٢۰۳

ඔවුන් “අපට (පොඩි) අවකාශයක් ලබා දෙනු ලැබේද?”යි විමසනු ඇත.

أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ ۝٢۰٤

කිමෙක්ද! අපගේ දඬුවමටද ඔවුන් ඉක්මන් වන්නේ?

أَفَرَءَيْتَ إِن مَّتَّعْنَٰهُمْ سِنِينَ ۝٢۰٥

(නබියේ!) ඔබ අවධානය කළෙහිද? අපි මොවුන්ව (මොවුන් කැමති වන ආකාරයට) වසර ගණනාවක් සැප සම්පත් විඳින්නට අත්හැර දමා සිටියද,

ثُمَّ جَآءَهُم مَّا كَانُوا۟ يُوعَدُونَ ۝٢۰٦

ඉන්පසුව ඔවුන්ට පොරොන්දු දෙන ලද (දඬුවම) පැමිණ ළඟා වන්නේ නම්,

مَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يُمَتَّعُونَ ۝٢۰۷

ඔවුන් විඳිනු ලැබූ සැප සම්පත් කිසිවක් ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත නොවෙද!

وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ ۝٢۰۸

බිය ගන්වා අනතුරු අඟවා (හොඳ ඔවදන් ලබා දෙන) දූතයෙකු නොයවන තුරු කිසිම රටක් අපි විනාශ කර දැමුවේ නැත.

ذِكْرَىٰ وَمَا كُنَّا ظَٰلِمِينَ ۝٢۰۹

(දූතයෙකු යවා දඬුවම ගැන) මතක් නොකර (කිසිවෙකුත් කිසි විටෙකත්) අපරාධ කරන්නෙකු වශයෙන් අපි සිටියේ නැත.

وَمَا تَنَزَّلَتْ بِهِ ٱلشَّيَٰطِينُ ۝٢١۰

(මොවුන් පවසන අන්දමට) මෙය (මෙම ධර්මය) ෂෙයිතාන්වරුන් ගෙන ආවේද නැත.

وَمَا يَنۢبَغِى لَهُمْ وَمَا يَسْتَطِيعُونَ ۝٢١١

(එය) ඔවුන්ට සුදුසුද නැත. (එයට අවශ්‍ය) ශක්තියද ඔවුන්ට නැත.

إِنَّهُمْ عَنِ ٱلسَّمْعِ لَمَعْزُولُونَ ۝٢١٢

නියත වශයෙන්ම ඔවුන් (මෙය සවණට) ඇසීමෙන්ද වළක්වා දමනු ලැබ ඇත්තාහ.

فَلَا تَدْعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلْمُعَذَّبِينَ ۝٢١۳

එබැවින් (නබියේ!) ඔබ අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු ආරාධනා නොකරනු. (එසේ ආරාධනා කළහොත්) එනිසා ඔබ දඬුවම් කරනු ලබන්නෙහිය.

وَأَنذِرْ عَشِيرَتَكَ ٱلْأَقْرَبِينَ ۝٢١٤

ඔබ, ඔබගේ සමීප ඥාතීන්ටද, බිය ගන්වා අනතුරු අඟවනු.

وَٱخْفِضْ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْمُؤْمِنِينَ ۝٢١٥

ඔබව අනුගමනය කරන විශ්වාසවන්තයින් වෙත උරහිස් පහත් කොට (කරුණාවන්තව) හැසිරෙනු මැනව!

فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّى بَرِىٓءٌۭ مِّمَّا تَعْمَلُونَ ۝٢١٦

නමුත් ඔවුන් ඔබට වෙනස්කම් කළහොත් “නියත වශයෙන්ම මා ඔබගේ කාරණාවන්ගෙන් ඈත් වූවෙමි” යයි පවසා,

وَتَوَكَّلْ عَلَى ٱلْعَزِيزِ ٱلرَّحِيمِ ۝٢١۷

(සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ආදර කරුණාවෙන් යුතු අය වෙතම ඔබ (ඔබගේ කාරණාවන්) බාර කර හරිනු.

ٱلَّذِى يَرَىٰكَ حِينَ تَقُومُ ۝٢١۸

(ඔහු නම්) ඔබ (තනියෙන් නැමදීමට) සිට ගත් විටද,

وَتَقَلُّبَكَ فِى ٱلسَّٰجِدِينَ ۝٢١۹

(නැතහොත් අන් අය සමග එක්කාසු වී නළල බිම තබා) සුජූද් කර නැමදීමේ තත්වය වෙනස් වන විටද, ඔබව ඔහු බලන්නේය.

إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ۝٢٢۰

නියත වශයෙන්ම ඔහු සියල්ල සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

هَلْ أُنَبِّئُكُمْ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّيَٰطِينُ ۝٢٢١

(විශ්වාසවන්තයිනි!) කවුරුන් කෙරෙහි ෂෙයිතාන්වරුන් පහළ වන්නාහ යන්න ඔබට දැනුම් දෙන්නද?

تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٍۢ ۝٢٢٢

බොරු කියන සෑම පාපතරයෙක් කෙරෙහිම පහළ වන්නාහ.

يُلْقُونَ ٱلسَّمْعَ وَأَكْثَرُهُمْ كَٰذِبُونَ ۝٢٢۳

තමන් ආරංචි වූ දැය (සියල්ල ඒවා ඔවුන්ට) පවසන්නාහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (ඉමහත්) බොරුකාරයින්ය!

وَٱلشُّعَرَآءُ يَتَّبِعُهُمُ ٱلْغَاوُۥنَ ۝٢٢٤

කිවිඳියන්වද දුර්මාර්ගිකයින්ම අනුගමනය කරන්නාහ.

أَلَمْ تَرَ أَنَّهُمْ فِى كُلِّ وَادٍۢ يَهِيمُونَ ۝٢٢٥

නියත වශයෙන්ම ඔවුන් සෑම මිටියාවතකම මං මුළාවී ඒ මේ අත සැරිසරන්නාහ යන්න (නබියේ!) ඔබ බැලූවේ නැද්ද?

وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ ۝٢٢٦

නියත වශයෙන්ම ඔවුන් නොකළ කාරණාවන් (කළේය යයි) පවසන්නාහ.

إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَذَكَرُوا۟ ٱللَّهَ كَثِيرًۭا وَٱنتَصَرُوا۟ مِنۢ بَعْدِ مَا ظُلِمُوا۟ ۗ وَسَيَعْلَمُ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَىَّ مُنقَلَبٍۢ يَنقَلِبُونَ ۝٢٢۷

(එහෙත් ඔවුන්ගෙන්) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කර, (තමන්ගේ කාව්‍යයන්හි) අල්ලාහ්ව අධික වශයෙන් සිහි කොට, (අනුන්ගේ නින්දාවෙන්) අපරාධයන්ට ලක් වූ පසු පළි ගත්තෝද, ඔවුන් හැර, (අන් අය වැරදිකරුවන්ය. අනුන්ව නින්දා කර, වේදනා ගෙන දුන් මෙම) අපරාධ කළ අය, තමන් කොහේ ආපසු යා යුතුද යන්න ඉතාමත් ඉක්මනින් දැන ගන්නෙහුය.