< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِىٓ أَنزَلَ عَلَىٰ عَبْدِهِ ٱلْكِتَٰبَ وَلَمْ يَجْعَل لَّهُۥ عِوَجَا ۜ ۝١

සියලූ ප්‍රශංසා අල්ලාහ්ටම අයත්ය! ඔහුම තම වහලා (මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කෙරෙහි මෙම ධර්මය පහළ කළේය. එහි ඔහු කිසිම (අඩු පාඩුවක්ද), ඇදයක්ද තැබුවේ නැත.

قَيِّمًۭا لِّيُنذِرَ بَأْسًۭا شَدِيدًۭا مِّن لَّدُنْهُ وَيُبَشِّرَ ٱلْمُؤْمِنِينَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًۭا ۝٢

එය (වෙනස් කළ නොහැකි) ඉතාමත් ස්ථීරවත් එකකි. අල්ලාහ්ගේ දරුණු දඬුවම ගැන (ප්‍රතික්ෂේප කරන්නන්ට) බිය ගන්වා අනතුරු ඇඟවීම සඳහාද, කවුරුන් (එය) විශ්වාසය තබා (එහි සඳහන්ව ඇති අන්දමට) දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට (අලංකාරවත්) හොඳ ඵලවිපාකය (වන ස්වර්ගය) නියත වශයෙන්ම ඇතැයි ශුභාරංචි පැවසීම සඳහාද (මෙය සැලසුම් කර තැබුවේය).

مَّٰكِثِينَ فِيهِ أَبَدًۭا ۝۳

(එම ස්වර්ගයෙහි) ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත.

وَيُنذِرَ ٱلَّذِينَ قَالُوا۟ ٱتَّخَذَ ٱللَّهُ وَلَدًۭا ۝٤

තවද අල්ලාහ් පරම්පරාවේ දරුවන් ඇර ගන්නේය යයි පවසන්නන්වද මෙය තරයේ අවවාද කර, අනතුරු අඟවන්නේය.

مَّا لَهُم بِهِۦ مِنْ عِلْمٍۢ وَلَا لِءَابَآئِهِمْ ۚ كَبُرَتْ كَلِمَةًۭ تَخْرُجُ مِنْ أَفْوَٰهِهِمْ ۚ إِن يَقُولُونَ إِلَّا كَذِبًۭا ۝٥

ඔවුන්ට වුවද කම් නැත, ඔවුන්ගේ මුතුන් මිත්තන්ට වුවද කම් නැත, මෙයට අයත් සාධකයන් පොඩියක් හෝ නැත. මොවුන්ගේ මුවින් ඉකුත් වන මෙම වදන් ඉමහත් (පාපතර) වදන්ම වන්නේය. බොරුවක්ම මිස, (වෙන කිසිවක් මෙසේ) ඔවුන් පැවසුවේ නැත.

فَلَعَلَّكَ بَٰخِعٌۭ نَّفْسَكَ عَلَىٰٓ ءَاثَٰرِهِمْ إِن لَّمْ يُؤْمِنُوا۟ بِهَٰذَا ٱلْحَدِيثِ أَسَفًا ۝٦

(නබියේ!) මෙම ධර්මය ඔවුන් විශ්වාස නොකළා නම් ඒ වෙනුවෙන් ඔබ දුක් වී ඔබවම, ඔබ විනාශ කර ගන්නෙහිද? (ඒ වෙනුවෙන් ඔබ පොඩියක් හෝ දුක් නොවනු).

إِنَّا جَعَلْنَا مَا عَلَى ٱلْأَرْضِ زِينَةًۭ لَّهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًۭا ۝۷

භූමියෙහි ඇති දැය අපි එයට අලංකාරවත් කර තැබුවේ, ඔවුන්ගෙන් කවුරුන් හොඳ ගති පැවතුම් ඇත්තවුන් යන්න (දැන ගැනීමට හා) නියත වශයෙන්ම අපි පිරික්සුමට ලක් කිරීමටය.

وَإِنَّا لَجَٰعِلُونَ مَا عَلَيْهَا صَعِيدًۭا جُرُزًا ۝۸

(දිනකදී) නියත වශයෙන්ම අපි භූමියෙහි (අලංකාරවත්ව) ඇති මේවා සියල්ල (විනාශ වී) සමතලා කර හරින්නෙමු.

أَمْ حَسِبْتَ أَنَّ أَصْحَٰبَ ٱلْكَهْفِ وَٱلرَّقِيمِ كَانُوا۟ مِنْ ءَايَٰتِنَا عَجَبًا ۝۹

(නබියේ! අස්හාබුල් කහ්ෆ් නමැති ගුහාවට අයත් අය ගැන යුදෙව්වන් ඔබගෙන් විමසන්නාහ). එම ගුහාවට අයත් අයද, සන්නස අයත් අයද නියත වශයෙන්ම අපගේ සාධකයන්ගෙන් පුදුම සහගත අය වශයෙන් සිටියහ යයි අදහස් කරන්නෙහුද? (මෙන්න ඔවුන්ගේ ඉතිහාසය කියන්නෙමු).

إِذْ أَوَى ٱلْفِتْيَةُ إِلَى ٱلْكَهْفِ فَقَالُوا۟ رَبَّنَآ ءَاتِنَا مِن لَّدُنكَ رَحْمَةًۭ وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًۭا ۝١۰

එක්තරා තරුණයින් සමහරෙක් ගුහාවක් තුළට ගිය විට, “අපගේ දෙවියනේ! ඔබගේ දයාව අපට පහළ කරනු මැනව! ඔබ අප වෙනුවෙන් අපගේ කාරණාවන් නියම අන්දමට පත් කරනු මැනව!” යයි ප්‍රාර්ථනා කළහ.

فَضَرَبْنَا عَلَىٰٓ ءَاذَانِهِمْ فِى ٱلْكَهْفِ سِنِينَ عَدَدًۭا ۝١١

එබැවින් (එම ගුහාවෙහි) අවුරුදු ගණනාවක් (නිදා සිටින සේ) ඔවුන්ගේ කණ්හි මුද්‍රා තැබුවෙමු.

ثُمَّ بَعَثْنَٰهُمْ لِنَعْلَمَ أَىُّ ٱلْحِزْبَيْنِ أَحْصَىٰ لِمَا لَبِثُوٓا۟ أَمَدًۭا ۝١٢

ඔවුන් (එම ගුහාවෙහි) සිටි කාලය, ඔවුන්ගෙන් වූ) දෙකොට්ඨාශයෙන් කවුරුන් හොඳින් දන්නෙහුද යන්න අපි (මිනිසුන්ට) දැනුම් දෙනු පිණිස, (නින්දෙන්) ඔවුන්ව නැගිට්ටෙව්වෙමු.

نَّحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُم بِٱلْحَقِّ ۚ إِنَّهُمْ فِتْيَةٌ ءَامَنُوا۟ بِرَبِّهِمْ وَزِدْنَٰهُمْ هُدًۭى ۝١۳

(නබියේ!) ඔවුන්ගේ සත්‍ය ඉතිහාසය අපි ඔබට කියන්නෙමු. නියත වශයෙන්ම ඔවුන් සමහර තරුණයින්ය. ඔවුන් තමන්ගේ දෙවියන්ව විශ්වාස කළහ. (එබැවින් නැවත) නැවතත් ඍජු මාර්ගයෙහි අපි ඔවුන්ව ඇතුළු කළෙමු.

وَرَبَطْنَا عَلَىٰ قُلُوبِهِمْ إِذْ قَامُوا۟ فَقَالُوا۟ رَبُّنَا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ لَن نَّدْعُوَا۟ مِن دُونِهِۦٓ إِلَٰهًۭا ۖ لَّقَدْ قُلْنَآ إِذًۭا شَطَطًا ۝١٤

තවද ඔවුන්ගේ හෘදයන්ද (ඍජු මාර්ගයෙහි) අපි ස්ථීර කර හැරියෙමු. (ඒ සමයේ සිටි රජ තුමා, ඔවුන්ව පිළිරූ ආරාධනා කරන මෙන් බල කරනු ලැබූ අවස්ථාවේදී), ඔවුන් නැගී සිට “අහස්ද, භූමියද නිර්මාණය කළ අයම අපේ දෙවියන්ය. ඔහු හැර, (වෙන කිසිවෙකුත් දෙවියන් යයි) අපි ආරාධනා නොකරන්නෙමු. (එසේ ආරාධනා කළහොත්) නියත වශයෙන්ම සුදුසු නැති වදනක් පවසන්නන් බවට පත් වන්නෙමු” යයි කීහ.

هَٰٓؤُلَآءِ قَوْمُنَا ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ ءَالِهَةًۭ ۖ لَّوْلَا يَأْتُونَ عَلَيْهِم بِسُلْطَٰنٍۭ بَيِّنٍۢ ۖ فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًۭا ۝١٥

(තවද) “අපගේ මෙම ජනතාව ඔහුව මිස, වෙන හිමියෙකු ගෙන සිටින්නාහ. මෙයට පැහැදිලි සාධකයක් මොවුන් ගෙන ආ යුතු නොවෙද? අල්ලාහ් මත මනක්කල්පිතව බොරු කියන්නාට වඩා අපරාධකරුවා කවරෙක්ද?”යි (කීවේය).

وَإِذِ ٱعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا ٱللَّهَ فَأْوُۥٓا۟ إِلَى ٱلْكَهْفِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحْمَتِهِۦ وَيُهَيِّئْ لَكُم مِّنْ أَمْرِكُم مِّرْفَقًۭا ۝١٦

මොවුන්ගෙන්ද මොවුන් නමදින අල්ලාහ් නොවන දැයෙන්ද, ඔබ ඈත් වූ පසු ඔබ (ඔවුන්ගෙන් බේරීමට) මෙම ගුහාව තුළට යනු. ඔබගේ දෙවියන් ඔබ කෙරෙහි තම දයාව පහළ කර, (ජීවනෝපාය සඳහා අයත්) ඔබගේ කාරණාවන් පහසුවෙන්ද, ඔබට සැලසුම් කර දෙනු ඇත” (යයිද තමන් තුළ කියා ගත්හ).

۞ وَتَرَى ٱلشَّمْسَ إِذَا طَلَعَت تَّزَٰوَرُ عَن كَهْفِهِمْ ذَاتَ ٱلْيَمِينِ وَإِذَا غَرَبَت تَّقْرِضُهُمْ ذَاتَ ٱلشِّمَالِ وَهُمْ فِى فَجْوَةٍۢ مِّنْهُ ۚ ذَٰلِكَ مِنْ ءَايَٰتِ ٱللَّهِ ۗ مَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِ ۖ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُۥ وَلِيًّۭا مُّرْشِدًۭا ۝١۷

(නබියේ! ඔබ එහි ගොස් බලන්නෙහි නම්), සූර්යයා උදා වන විට, ඔවුන් (සිටින එම) ගුහාවෙහි දකුණු පැත්තෙහි එය ඇල වීමද, එය අස්ථමයට යන විට, ඔවුන්ගේ වම් පැත්තට එය, පසු කර යාමද ඔබ දකින්නෙහිය! ඔවුන් නම්, එහි විශාලවත් මැද කොටසෙහි සිටින්නාහ. මෙය අල්ලාහ්ගේ සාධකයන්ගෙන් එකක් වන්නේය. කවුරුන්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද, ඔහු ඍජු මාර්ගයෙහිම යනු ඇත. කවුරුන්ව (ඔහු, ඔහුගේ පාපයන්හි හේතුවෙන්) වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේද, ඔහුට උදව් කරන්නන්ද, ඍජු මාර්ගය පෙන්වන්නන්ද ඔබ නොදකින්නෙහිය.

وَتَحْسَبُهُمْ أَيْقَاظًۭا وَهُمْ رُقُودٌۭ ۚ وَنُقَلِّبُهُمْ ذَاتَ ٱلْيَمِينِ وَذَاتَ ٱلشِّمَالِ ۖ وَكَلْبُهُم بَٰسِطٌۭ ذِرَاعَيْهِ بِٱلْوَصِيدِ ۚ لَوِ ٱطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًۭا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًۭا ۝١۸

(නබියේ! එම ගුහාවෙහි සිටින) ඔවුන් නිදාගෙන සිටියා වුවද, ඔවුන් ඇහැරගෙන සිටින්නන් වශයෙන්ම ඔබ සිතන්නෙහිය. ඔවුන්ව දකුණුපසට හා වම්පසට වශයෙන්ද (වෙනස් කර කර) අපි හරවමින් සිටින්නෙමු. ඔවුන්ගේ බල්ලා නම්, තමන්ගේ ඉදිරි පාදයන් දිගහැර ගෙන, ෙදාරටුවෙහි (වාඩිගෙන) සිටින්නේය (යනුවෙන් ඔබ දකින්නෙහිය). ඔවුන්ව ඔබ එබිකම් කර බැලූවහොත් ඔවුන්ගෙන් ඈත් වී දිව යන්නෙහිය. තිගැස්සීමද, (වෙව්ලීමද) ඔබව වටකර ගනු ඇත.

وَكَذَٰلِكَ بَعَثْنَٰهُمْ لِيَتَسَآءَلُوا۟ بَيْنَهُمْ ۚ قَالَ قَآئِلٌۭ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ ۖ قَالُوا۟ لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍۢ ۚ قَالُوا۟ رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَٱبْعَثُوٓا۟ أَحَدَكُم بِوَرِقِكُمْ هَٰذِهِۦٓ إِلَى ٱلْمَدِينَةِ فَلْيَنظُرْ أَيُّهَآ أَزْكَىٰ طَعَامًۭا فَلْيَأْتِكُم بِرِزْقٍۢ مِّنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا ۝١۹

ඔවුන් (එහි කොපමණ කලක් සිටියෙහුද යන්න) තමන් තුළ විමසා දැන ගනු පිණිස (නිදා ගන්නා) ඔවුන්ව මෙසේ අපි නැගිටෙව්වෙමු. ඔවුන්ගෙන් කෙනෙකු (අන් අයගෙන්) “ඔබ කොපමණ වේලාවක් (නින්දෙහි) සිටියෙහුද?”යි විමසුවේය. (එයට) ඔවුන්ගෙන් සමහරෙක් “එක් දිනක් නැතහොත් එක් දවසකින් සුළු කොටසක් සිටින්නට ඇත්තෙමු” යයි පැවසූහ. (අන් අය) “ඔබ (නින්දෙහි) සිටි කාලය ඔබගේ දෙවියන්ම හොඳින් දන්නේය!” යයි පවසා “ඔබගෙන් කෙනෙකු වෙත මෙම (රිදී) කාසිය දී ඔහුව නගරයට යවනු. ඔහු (එහි ගොස්) හොඳ ආහාර ද්‍රව්‍ය යමක් (කොහේ ඇත්තේදැයි) යන්න සොයා බලා, එයින් ටිකක් මිල දී ගෙන එනු. එහෙත් ඔබව (ඔවුන්ගෙන්) කිසිවෙකුත් දැන නොගන්නා සේ ඉතාමත් ප්‍රවේසමෙන්ම ඔහු සිටිය යුතුය.

إِنَّهُمْ إِن يَظْهَرُوا۟ عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِى مِلَّتِهِمْ وَلَن تُفْلِحُوٓا۟ إِذًا أَبَدًۭا ۝٢۰

මන්දයත් (ගමෙහි වාසය කරන ජනතාව) ඔබව (අසවලා යයි) දැන ගතහොත් නියත වශයෙන්ම ඔවුන් ඔබට ගල් ගසා මරා දමනු ඇත. නැතහොත් ඔබව තමන්ගේ ධර්මයෙහි එක්කාසු කර හරිනු ඇත. එසේ එක්කාසු වූවා නම්, කිසි කලෙකත් ඔබ ජයග්‍රහණය අත් කර නොගන්නෙහුය” (යයි කීහ).

وَكَذَٰلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوٓا۟ أَنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ وَأَنَّ ٱلسَّاعَةَ لَا رَيْبَ فِيهَآ إِذْ يَتَنَٰزَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْ ۖ فَقَالُوا۟ ٱبْنُوا۟ عَلَيْهِم بُنْيَٰنًۭا ۖ رَّبُّهُمْ أَعْلَمُ بِهِمْ ۚ قَالَ ٱلَّذِينَ غَلَبُوا۟ عَلَىٰٓ أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِم مَّسْجِدًۭا ۝٢١

(මරණයට පත් වූවන්ව පණ ගන්වන්නෙමු යන) අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය යයිද, විනිශ්චය දිනය පැමිණීමෙහි කිසිම සැකයක් නැත යයිද (එම නගරවාසීන් වන) ඔවුන් ස්ථීර වශයෙන් දැන ගනු පිණිස, මෙසේ (ආහාර සොයා එම නගරයට යන ලෙසට අපි සලස්වා), ඔවුන්ට මොවුන් ගැන වූ (කාරණාව) දැනුම් දුන්නෙමු. (එම නගරවාසීන්) මොවුන් කවුරුන්දැයි යන්න ගැන තර්ක කරමින් “මොවුන්ව දෙවියන්ම හොඳින් දන්නේය. මොවුන් සිටින ස්ථානයෙහි (උස් වූ) ස්මාරකයක් (මතක් වීම සඳහා) ඉදි කරනු!” යයිද පැවසූහ. මොවුන්ගේ කාරණාවෙහි කවුරුන්ගේ අභිප්‍රාය ඉස්මතු වී තිබුනේද, ඔවුන් “මොවුන් සිටින ස්ථානයෙහි නැමදුම්පළක් අනිවාර්යයෙන්ම අපි ඉදිකරන්නෙමු” යයි පැවසූහ.

سَيَقُولُونَ ثَلَٰثَةٌۭ رَّابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌۭ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًۢا بِٱلْغَيْبِ ۖ وَيَقُولُونَ سَبْعَةٌۭ وَثَامِنُهُمْ كَلْبُهُمْ ۚ قُل رَّبِّىٓ أَعْلَمُ بِعِدَّتِهِم مَّا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌۭ ۗ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَآءًۭ ظَٰهِرًۭا وَلَا تَسْتَفْتِ فِيهِم مِّنْهُمْ أَحَدًۭا ۝٢٢

(ගුහාවෙහි සිටි ඔවුන්) තිදෙනෙකි. හතරවැන්නා ඔවුන්ගේ බල්ලා යයි (සමහරෙක්) පවසන්නාහ. (වෙනත් සමහරෙක් ඔවුන්) පස්දෙනෙකි. ඔවුන්ගේ බල්ලා හයවැන්නා වන්නේය යයිද, සැඟවුනු කාරණාවන් තමන් සොයා ගනු ලැබූවන් මෙන් (ඉතාමත් ස්ථීරව) පවසන්නාහ. (තවත් සමහරෙක් නම්, ඔවුන්) හත් දෙනෙකි. අට වැන්නා ඔවුන්ගේ බල්ලා යයිද පවසන්නාහ. (නබියේ!) “ඔවුන්ගේ සංඛ්‍යාව මගේ දෙවියන්ම හොඳින් දන්නේය. ඔවුන්ගේ (සත්‍ය කාරණාව) සමහරෙකු හැර වෙනත් අය දැන ගන්නේ නැත” යයි පවසනු මැනව! තවද ඔවුන් ගැන සාමාන්‍යයෙන් බාහිරව දැක්වෙන දැය හැර, ඔබ තර්ක නොකරනු. ඔවුන් ගැන මොවුන්ගෙන් කිසිවෙකු වෙත (කිසිවක්) නොඅසනු.

وَلَا تَقُولَنَّ لِشَا۟ىْءٍ إِنِّى فَاعِلٌۭ ذَٰلِكَ غَدًا ۝٢۳

(නබියේ!) කිසිම කාරණාවක් ගැන හෝ “නියත වශයෙන්ම මා එය හෙට කරන්නෙමි” යයි නොකියනු.

إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ وَٱذْكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَىٰٓ أَن يَهْدِيَنِ رَبِّى لِأَقْرَبَ مِنْ هَٰذَا رَشَدًۭا ۝٢٤

එහෙත් “ඉන්ෂා අල්ලාහ්” (අල්ලාහ් කැමති වුවහොත් හෙට කරන්නෙමි යයි පවසනු මැනව!) ඔබට (මෙය), අමතක වුවහොත් (මතකයට නැගුනු වහාම මෙසේ) ඔබ දෙවියන්ගේ නාමය පවසනු මැනව! තවද මීටත් වඩා තවත් සමීපස්ත විවිධ හොඳ කාරණාවන්ද මගේ දෙවියන් මා හට දැනුම් දෙන්නට ඉඩ ඇත” යයිද පවසනු මැනව!

وَلَبِثُوا۟ فِى كَهْفِهِمْ ثَلَٰثَ مِا۟ئَةٍۢ سِنِينَ وَٱزْدَادُوا۟ تِسْعًۭا ۝٢٥

තවද ඔවුන් ගුහාවෙහි අවුරුදු තුන්සියයක් සිටියහ යයි (සමහරෙක්)ද, ඊටත් වඩා අවුරුදු නවයක් සිටියහ (යයි වෙනත් සමහරෙක්ද පවසන්නාහ).

قُلِ ٱللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا۟ ۖ لَهُۥ غَيْبُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ أَبْصِرْ بِهِۦ وَأَسْمِعْ ۚ مَا لَهُم مِّن دُونِهِۦ مِن وَلِىٍّۢ وَلَا يُشْرِكُ فِى حُكْمِهِۦٓ أَحَدًۭا ۝٢٦

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔවුන් එහි සිටිය කාලය අල්ලාහ්ම හොඳින් දන්නේය. අහස් හා භූමියෙහි සැඟවී ඇති දැය ඔහුට අයත් දැයයි! ඒවා ඔහු එතරම් හොඳින් බලන්නෙකි. එතරම් හොඳින් අසන්නෙකි. ඔහු හැර, මේවා පරිපාලනය කරන්නෙකු වෙන කිසිවෙකුත් නැත. ඔහු තමන්ගේ පාලන බලයෙහි කිසිවෙකුත් සහාය කර ගත්තේ නැත”.

وَٱتْلُ مَآ أُوحِىَ إِلَيْكَ مِن كِتَابِ رَبِّكَ ۖ لَا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦ وَلَن تَجِدَ مِن دُونِهِۦ مُلْتَحَدًۭا ۝٢۷

(නබියේ!) වහී මගින් ඔබට දැනුම් දෙන ලද ඔබගේ දෙවියන්ගේ ධර්මය ඔබ (සදාකල්) සමුදීරණය කර (ඔවදන් දෙමින්) සිටිනු මැනව! ඔහුගේ නියෝගයන් කිසිවෙකුටත් වෙනස් කර දැමීමට නොහැකිය. ඔහු හැර (ඔබට) වෙනත් රැකවරණ දෙන්නෙකුද ඔබ නොදකින්නෙහිය.

وَٱصْبِرْ نَفْسَكَ مَعَ ٱلَّذِينَ يَدْعُونَ رَبَّهُم بِٱلْغَدَوٰةِ وَٱلْعَشِىِّ يُرِيدُونَ وَجْهَهُۥ ۖ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُۥ عَن ذِكْرِنَا وَٱتَّبَعَ هَوَىٰهُ وَكَانَ أَمْرُهُۥ فُرُطًۭا ۝٢۸

(නබියේ!) කවුරුන් තමන්ගේ දෙවියන්ගේ සොම්නස බලාපොරොත්තුවෙන් ඔහුවම උදේද, සවසද (ප්‍රාර්ථනා කර) ආරාධනා කරමින් සිටින්නෝද, ඔවුන් සමග ඔබත් (ඔබගේ දුක් ගැහැට විඳ දරාගෙන) ඉවසීමෙන් සිටිනු මැනව! මෙලොව ජීවිතයෙහි අලංකාරය ඔබ ආශා කර, එවැනි (හොඳ) අයව අත්හැර ඔබගේ ඇස් හරවා නොගනු මැනව! තවද කවුරුන් තම (ශරීර) සුවය අනුගමනය කිරීමේ හේතුවෙන් ඔහුගේ හෘදය අපව සිහි කර, යාච්ඤා කිරීමෙන් අපි හරවා දැමුවේද, ඔහුව ඔබ අනුගමනය නොකරනු. ඔහුගේ කාරණාව සීමාව ඉක්මවූ එකක් වන්නේය.

وَقُلِ ٱلْحَقُّ مِن رَّبِّكُمْ ۖ فَمَن شَآءَ فَلْيُؤْمِن وَمَن شَآءَ فَلْيَكْفُرْ ۚ إِنَّآ أَعْتَدْنَا لِلظَّٰلِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا ۚ وَإِن يَسْتَغِيثُوا۟ يُغَاثُوا۟ بِمَآءٍۢ كَٱلْمُهْلِ يَشْوِى ٱلْوُجُوهَ ۚ بِئْسَ ٱلشَّرَابُ وَسَآءَتْ مُرْتَفَقًا ۝٢۹

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “(සම්පූර්ණයෙන්ම) සත්‍යය වූ (මෙම ධර්මය) ඔබගේ දෙවියන් විසින් පහළ කරන ලදී”. කැමැත්තන්ට මෙය විශ්වාස කළ හැකිය. අකමැත්තන්ට (මෙය) ප්‍රතික්ෂේප කර දැමිය හැකිය. (නමුත් මෙය ප්‍රතික්ෂේප කරන) අපරාධකරුවන්ට නියත වශයෙන්ම අපි නිරයම පිළියෙල කර ඇත්තෙමු. එම නිරයෙහි ගිනි ජාලාවන් ඔවුන්ව වට කර ගනු ඇත. ඔවුන් (ජලය ඉල්ලා) විලාප නැගුවහොත්, රත් පැහැ වී උණු වී යන තඹ මෙන් වූ ජලයම (ලෝදියම) ඔවුන්ට දෙනු ලැබේ. (ඔවුන් එය බීමට කළින්ම) එය ඔවුන්ගේ මුහුණ පුළුස්සා අඟූරු කර දමනු ඇත. (තවද) එය ඉතාමත් පිළිකුල් සහගත බීමක්ද වන්නේය. ඔවුන් ගිමන් නිවන ස්ථානය ඉතාමත් නපුරුය.

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًا ۝۳۰

(එහෙත්) නියත වශයෙන්ම කවුරුන් (මෙම ධර්මය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, එවැනි දැහැමි ක්‍රියාවන් කරන්නන්ගේ ඵලවිපාක නියත වශයෙන්ම අපි අපතේ හරින්නේ නැත.

أُو۟لَٰٓئِكَ لَهُمْ جَنَّٰتُ عَدْنٍۢ تَجْرِى مِن تَحْتِهِمُ ٱلْأَنْهَٰرُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍۢ وَيَلْبَسُونَ ثِيَابًا خُضْرًۭا مِّن سُندُسٍۢ وَإِسْتَبْرَقٍۢ مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلْأَرَآئِكِ ۚ نِعْمَ ٱلثَّوَابُ وَحَسُنَتْ مُرْتَفَقًۭا ۝۳١

ඔවුන්ට ස්ථීර වූ ස්වර්ගයන් ඇත. ඒවායෙහි දිය දහරා සදාකල් ගලා බසිමින්ම ඇත්තේය. එහි ඔවුන්ට (ත්‍යාග වශයෙන්) රන් ආභරණ පළඳවනු ලැබේ. ඉතාමත් මෘදු හෝ ඝනකමින් හෝ (ඔවුන් කැමති) කොළ වර්ණයෙන් යුත් පට සේළ හඳිනු ඇත. එහි ඇති ආසණයන්හි ඇති කොට්ට මත හාන්සි වී (ඉතාමත් සතුටින්) සිටිනු ඇත. මොවුන්ගේ ඵලවිපාක ඉතාමත් අගනේය! මොවුන් සුවය විඳින ස්ථානයද ඉතාමත් අලංකාරවත්ය.

۞ وَٱضْرِبْ لَهُم مَّثَلًۭا رَّجُلَيْنِ جَعَلْنَا لِأَحَدِهِمَا جَنَّتَيْنِ مِنْ أَعْنَٰبٍۢ وَحَفَفْنَٰهُمَا بِنَخْلٍۢ وَجَعَلْنَا بَيْنَهُمَا زَرْعًۭا ۝۳٢

(නබියේ!) මිනිසුන් දෙදෙනෙකුව ඔබ ඔවුන්ට උපමා වශයෙන් පවසනු: ඔවුන්ගෙන් කෙනෙකුට මිදි වතු දෙකක් ලබා දුන්නෙමු. ඒ දෙක වටේ ඉඳි ගස් තිඛෙන්නට සැලැස්සුවෙමු. ඒ දෙක මධ්‍යයේ ධාන්‍ය කුඹුරු ඇති කළෙමු.

كِلْتَا ٱلْجَنَّتَيْنِ ءَاتَتْ أُكُلَهَا وَلَمْ تَظْلِم مِّنْهُ شَيْـًۭٔا ۚ وَفَجَّرْنَا خِلَٰلَهُمَا نَهَرًۭا ۝۳۳

ඒ වතු දෙකේ සෑම එකක්ම ඒවායේ අස්වැන්න කිසිම අඩු පාඩුවක් නැතිව ලබා දෙමින් ඇත්තේය. ඒ දෙක මධ්‍යයේ ගංඟාවක්ද ගලා බසින්නට සැලැස්සුවෙමු.

وَكَانَ لَهُۥ ثَمَرٌۭ فَقَالَ لِصَٰحِبِهِۦ وَهُوَ يُحَاوِرُهُۥٓ أَنَا۠ أَكْثَرُ مِنكَ مَالًۭا وَأَعَزُّ نَفَرًۭا ۝۳٤

ඔහු වෙත (මේවාට අමතරව) වෙනත් විවිධ පලතුරු (ගස්)ද තිබුණි. (මෙවැනි තත්වයකදී දිනක්) ඔහු තමන් සමග කතා කරමින් සිටි මිතුරාට “මා ඔබට වඩා අධික වශයෙන් වස්තුව ඇත්තෙකි. ජනතාවගෙන්ද මා (ඔබට වඩා) බලවත්ය” යයි (උඞගුකමින්) පැවසුවේය.

وَدَخَلَ جَنَّتَهُۥ وَهُوَ ظَالِمٌۭ لِّنَفْسِهِۦ قَالَ مَآ أَظُنُّ أَن تَبِيدَ هَٰذِهِۦٓ أَبَدًۭا ۝۳٥

පසුව ඔහු තම වත්තට ඇතුළු වී (සීමාව ඉක්මවා ගිය අති සන්තෝෂයේ හේතුවෙන්) තමන්ට, තමන්ම හානියක් කර ගනිමින් “මෙවා කිසි කලෙක විනාශ වී යනු ඇතැයි මා සිතුවේ නැත” (යයිද);

وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةًۭ وَلَئِن رُّدِدتُّ إِلَىٰ رَبِّى لَأَجِدَنَّ خَيْرًۭا مِّنْهَا مُنقَلَبًۭا ۝۳٦

“විනිශ්චය දින ඇතිවනු ඇතැයිද මා විශ්වාස කළේම නැත. කිසි කලෙක මා මගේ දෙවියන් වෙත ගෙන ගියා වුවද, මෙහි සිටිනවාටත් වඩා එහි මා උසස්වන්තයෙකු වශයෙන්ම සිටිනු මා දකින්නෙමි” යයිද පැවසුවේය.

قَالَ لَهُۥ صَاحِبُهُۥ وَهُوَ يُحَاوِرُهُۥٓ أَكَفَرْتَ بِٱلَّذِى خَلَقَكَ مِن تُرَابٍۢ ثُمَّ مِن نُّطْفَةٍۢ ثُمَّ سَوَّىٰكَ رَجُلًۭا ۝۳۷

(එයට) ඔහු සමග කතා කරමින් සිටි ඔහුගේ මිතුරා, ඔහුට “ඔබව නිර්මාණය කළ අයවම ඔබ ප්‍රතික්ෂේප කරන්නෙහිද? කිරි මැටියෙන්ද, පසුව ඉන්ද්‍රිය (බිඳකින්)ද, නිර්මාණය කළ ඔහු පසුව එක් පූරණ මිනිසෙකු වශයෙන්ද ඔබව නිර්මාණය කළේය”.

لَّٰكِنَّا۠ هُوَ ٱللَّهُ رَبِّى وَلَآ أُشْرِكُ بِرَبِّىٓ أَحَدًۭا ۝۳۸

“නියත වශයෙන්ම එම අල්ලාහ්ම මාව උත්පාදනය කර, පෝෂණය කරන්නා (යයි මා ස්ථීර වශයෙන් විශ්වාස කරන්නෙමි). එබැවින් මා මගේ එම දෙවියන්ට කිසිවෙකු සම නොකරන්නෙමි”.

وَلَوْلَآ إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَآءَ ٱللَّهُ لَا قُوَّةَ إِلَّا بِٱللَّهِ ۚ إِن تَرَنِ أَنَا۠ أَقَلَّ مِنكَ مَالًۭا وَوَلَدًۭا ۝۳۹

“තවද ඔබ, ඔබගේ වත්තෙහි ඇතුළු වූ විට, ‘(මේවා සියල්ල) අල්ලාහ් (තම දයාවෙන්) අදහස් කර දුන් දැයයි! අල්ලාහ්ගේ උදව්වෙන් මිස, (අපි) කිසිවක් කිරීමට නොහැකිය’යයි ඔබ පැවසුවා නම් හොඳයි නොවෙද? වස්තුවෙන්ද, දරු මල්ලන්ගෙන්ද, මා ඔබට වඩා අඩුවෙන් ඇති බවට ඔබ දකිනවා වුවද”

فَعَسَىٰ رَبِّىٓ أَن يُؤْتِيَنِ خَيْرًۭا مِّن جَنَّتِكَ وَيُرْسِلَ عَلَيْهَا حُسْبَانًۭا مِّنَ ٱلسَّمَآءِ فَتُصْبِحَ صَعِيدًۭا زَلَقًا ۝٤۰

“ඔබගේ වත්තට වඩා ඉතාමත් උසස් දැය මගේ දෙවියන් මා හට දෙන්නටද, (ඔබගේ ගුණ මකුකමේ හේතුවෙන්) ඔබගේ වත්ත කෙරෙහි යම්කිසි විපතක් අහසින් පහළ කර, (එහි ඇති ගස් වැල් සියල්ල විනාශ කර දමා), එය සමතලා කර (කර්කෂක) භූමියක් බවටද (මගේ දෙවියන්) සලස්වන්නටද ඉඩ ඇත”.

أَوْ يُصْبِحَ مَآؤُهَا غَوْرًۭا فَلَن تَسْتَطِيعَ لَهُۥ طَلَبًۭا ۝٤١

“නැතහොත් එහි ඇති ජලය සම්පූර්ණයෙන්ම භූමිය තුළට උරාගෙන, (එය) ඔබට බලන්නට බැරි (තත්වයකට පත් කරන්නටද ඉඩ ඇත)” යයි පැවසුවේය.

وَأُحِيطَ بِثَمَرِهِۦ فَأَصْبَحَ يُقَلِّبُ كَفَّيْهِ عَلَىٰ مَآ أَنفَقَ فِيهَا وَهِىَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَيَقُولُ يَٰلَيْتَنِى لَمْ أُشْرِكْ بِرَبِّىٓ أَحَدًۭا ۝٤٢

(ඔහු පැවසූ අන්දමටම) ඔහුගේ වටිනා වස්තුව සියල්ල විනාශ වී, ඒ වෙනුවෙන් ඔහු වියදම් කළ දැය ගැන තම අත් දෙක පිස දමාගෙන එම වත්තෙහි ගස්වැල් (ආදී සියල්ල) මුලින් උපුටා යාම ගැන “මගේ දෙවියන්ට මා කිසිවෙකුත් සම නොකර සිටිය යුතු නොවේද?”යි කියන්නට සිදු විය.

وَلَمْ تَكُن لَّهُۥ فِئَةٌۭ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مُنتَصِرًا ۝٤۳

ඒ අතර අල්ලාහ් හැර, ඔහුට උදව් කළ හැකි කිසිම සමූහයක් ඔහුට තිබුනේ නැත. ඔහුටද (අල්ලාහ්ගෙන්) පළි ගැනීමට නොහැකි විය.

هُنَالِكَ ٱلْوَلَٰيَةُ لِلَّهِ ٱلْحَقِّ ۚ هُوَ خَيْرٌۭ ثَوَابًۭا وَخَيْرٌ عُقْبًۭا ۝٤٤

එවැනි තත්වයකදී සියලූ බලයන් ඇත්තෙන්ම අල්ලාහ්ටම අයත්ය. ඔහු ඵලවිපාක ලබා දෙන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයෙකි. තීරණ ගැනීමෙහිද ඉතාමත් උසස්වන්තයෙකි (යන්නද ඔහු දැන ගත්තේය).

وَٱضْرِبْ لَهُم مَّثَلَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَآءٍ أَنزَلْنَٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخْتَلَطَ بِهِۦ نَبَاتُ ٱلْأَرْضِ فَأَصْبَحَ هَشِيمًۭا تَذْرُوهُ ٱلرِّيَٰحُ ۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ مُّقْتَدِرًا ۝٤٥

(නබියේ!) මෙලොව ජීවිතයට එක් උපමාවක් ඔවුන්ට පවසනු: එය වලාකුළෙන් අපි පහළ කරනු ලබන (වර්ෂා) ජලයට සම වන්නේය. භූමියෙහි ඇති ගස්වැල්, තණ බීජයන් වැනි (ඒවා උරාගෙන) ඒවා සමග මිශ්‍ර වී (හොඳට පැළ වී වැඩී, එහි අස්වැන්න ලබා දීම වෙනුවට) සුළං හමා ගසාගෙන යා හැකි බොල් බවට පත් විය. (මෙයම මෙලොව ජීවිතයට උපමාව වන්නේය). සියලූ දැය කෙරෙහි අල්ලාහ් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

ٱلْمَالُ وَٱلْبَنُونَ زِينَةُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَٱلْبَٰقِيَٰتُ ٱلصَّٰلِحَٰتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًۭا وَخَيْرٌ أَمَلًۭا ۝٤٦

(එබැවින්) වස්තුවද, ජනතාවද මෙලොව ජීවිතයට අයත් අලංකාරවත් දැය (මිස, ස්ථීරවත් දැය නොව). කවදත් ස්ථීර වූ දැහැමි ක්‍රියාවන්ම ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙහි හොඳ ඵලවිපාක ලබා ගැනීමටද, හොඳ විශ්වාසයක් ගොඩ නැගීමටද ඉතාමත් උසස් දැය වන්නේය.

وَيَوْمَ نُسَيِّرُ ٱلْجِبَالَ وَتَرَى ٱلْأَرْضَ بَارِزَةًۭ وَحَشَرْنَٰهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًۭا ۝٤۷

(නබියේ!) අපි ජනතාවගේ (ගස්, වැල් ආදී භූමියෙහි ඇති) සියල්ල පහ කරන දින, ඔබ භූමිය සමතලා කර්කෂක දැයක් බවට දකින්නෙහිය. (එදිනදී) මිනිසුන්ගෙන් කිසිවෙකුත් අත්හැර නොදමා සියල්ලන්වම ඒකරාශී කරන්නෙමු.

وَعُرِضُوا۟ عَلَىٰ رَبِّكَ صَفًّۭا لَّقَدْ جِئْتُمُونَا كَمَا خَلَقْنَٰكُمْ أَوَّلَ مَرَّةٍۭ ۚ بَلْ زَعَمْتُمْ أَلَّن نَّجْعَلَ لَكُم مَّوْعِدًۭا ۝٤۸

ඔබගේ දෙවියන් ඉදිරියේ ඔවුන්ව ගෙන එනු ලැබ, “අපි ඔබව පළමුවෙන්ම උත්පාදනය කළ ආකාරයටම, මේ අවස්ථාවේදීද (ඔබට අපි පණ දී) ඔබ අප වෙත පැමිණ ඇත්තෙහුය. (එහෙත් ඔබ නම්, අප වෙත පැමිණිය යුතු) මෙම දිනය, අපි ඔබට ඇති කළේම නැත යයි ඔබ ස්ථීර වශයෙන් අදහස් කරමින් සිටියෙහුය” (යයි කියනු ලබන්නාහ).

وَوُضِعَ ٱلْكِتَٰبُ فَتَرَى ٱلْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَٰوَيْلَتَنَا مَالِ هَٰذَا ٱلْكِتَٰبِ لَا يُغَادِرُ صَغِيرَةًۭ وَلَا كَبِيرَةً إِلَّآ أَحْصَىٰهَا ۚ وَوَجَدُوا۟ مَا عَمِلُوا۟ حَاضِرًۭا ۗ وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًۭا ۝٤۹

(ඔවුන්ගේ දෛනික සටහන්) පොත (ඔවුන් ඉදිරියේ) තබනු ලැබුවහොත්, වැරදිකරුවන් (තමන් කළ පාපයන් සියල්ල) එහි සටහන්ව ඇති බව දැක බිය වී “අපට විනාශයයි! මේ මොන පොතක්ද! (අපගේ පාපයන්) කුඩා හෝ ලොකු හෝ කිසිවක් අත්හැර නොදමා මෙහි සටහන්ව ඇත්තේ නොවෙද!”යි ඔවුන් පවසනු ඔබ දකින්නෙහිය. ඔවුන් කළ සියල්ල (එහි) තිඛෙණු දකිනු ඇත. ඔබගේ දෙවියන් කිසිවෙකුටත් (ඔහුගේ දඬුවම වැඩි කර හෝ පින් අඩු කර හෝ) අපරාධ කරන්නේ නැත.

وَإِذْ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِءَادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ كَانَ مِنَ ٱلْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِۦٓ ۗ أَفَتَتَّخِذُونَهُۥ وَذُرِّيَّتَهُۥٓ أَوْلِيَآءَ مِن دُونِى وَهُمْ لَكُمْ عَدُوٌّۢ ۚ بِئْسَ لِلظَّٰلِمِينَ بَدَلًۭا ۝٥۰

මලායිකාවරුන්ට “ආදම්ට සුජූද් කරනු” යයි අපි පැවසීම ගැන සිතා බලනු. ඉබ්ලීස් හැර, ඔවුන් සියල්ලන්ම සුජූද් කළහ. ඔහු නම්, ජින්වරුන්ගේ වර්ගයට අයත් කෙනෙකි. ඔහු තම දෙවියන්ගේ අණට වෙනස්කම් කර හැරියේය. එබැවින් (මිනිසුනේ!) ඔබ මා හැර, ඔහුවද, ඔහුගේ පරම්පරාවේ දරුවන්වද, හිමි වශයෙන් ගන්නෙහුද? ඔවුන් නම්, ඔබට දරුණු සතුරන් වශයෙන්ම සිටින්නාහ. අපරාධකරුවන් (මාව අත්හැර දමා, ඔවුන්ව තමන්ට ආරක්ෂකයින් වශයෙන්) වෙනස් කර ගැනීම ඉතාමත් නපුරුය.

۞ مَّآ أَشْهَدتُّهُمْ خَلْقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلَا خَلْقَ أَنفُسِهِمْ وَمَا كُنتُ مُتَّخِذَ ٱلْمُضِلِّينَ عَضُدًۭا ۝٥١

මා අහස්ද, භූමියද නිර්මාණය කළ අවස්ථාවේදී ඔවුන්ව (උදව්වට) ආරාධනා කළේ නැත. තවද (මා) එම ෂෙයතාන්වරුන්ව නිර්මාණය කළ අවස්ථාවේදීද, (උදව්වට) මා ඔවුන්ව ආරාධනා කළේ නැත. මාර්ගය වැරද යවන මොවුන්ව (කිසිම කාරණාවකදී) මා මගේ සහායයන් වශයෙන් පත් කර ගත්තේ නැත.

وَيَوْمَ يَقُولُ نَادُوا۟ شُرَكَآءِىَ ٱلَّذِينَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا۟ لَهُمْ وَجَعَلْنَا بَيْنَهُم مَّوْبِقًۭا ۝٥٢

(දෙවියන් සමානයන් තබා නමදින්නන්ට) “ඔබ මට සහායයන් යයි අදහස් කරමින් සිටියෙහු නොවෙද, ඒවා ඔබ ආරාධනා කරනු!” යයි දිනකදී පවසනු ඇත. ඔවුන් ඒවාට ආරාධනා කරනු ඇත. එහෙත් ඒවා ඔවුන්ට පිළිතුරු දෙන්නේ නැත. තවද අපි ඔවුන් අතරේ එක් අනතුරුදායක බාධකයක් ඇති කර දමමු.

وَرَءَا ٱلْمُجْرِمُونَ ٱلنَّارَ فَظَنُّوٓا۟ أَنَّهُم مُّوَاقِعُوهَا وَلَمْ يَجِدُوا۟ عَنْهَا مَصْرِفًۭا ۝٥۳

වැරදිකරුවන් නිරය දකින අවස්ථාවේදී “නියත වශයෙන්ම එහි වැටෙන්නෙමු” යයිම ඔවුන් ස්ථීර වශයෙන් අදහස් කරනු ඇත. ඔවුන් එයින් ගැලවී බේරීමට කිසිම මාර්ගයක් දකින්නේ නැත.

وَلَقَدْ صَرَّفْنَا فِى هَٰذَا ٱلْقُرْءَانِ لِلنَّاسِ مِن كُلِّ مَثَلٍۢ ۚ وَكَانَ ٱلْإِنسَٰنُ أَكْثَرَ شَىْءٍۢ جَدَلًۭا ۝٥٤

මිනිසුන්ට මෙම කුර්ආනයෙහි සෑම උපමාවක්ම විවරණය කර ඇත්තෙමු. එහෙත් මිනිසුන් නම්, අධික වශයෙන් (පුහු) තර්ක වල යෙදෙමින්ම සිටින්නාහ.

وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤْمِنُوٓا۟ إِذْ جَآءَهُمُ ٱلْهُدَىٰ وَيَسْتَغْفِرُوا۟ رَبَّهُمْ إِلَّآ أَن تَأْتِيَهُمْ سُنَّةُ ٱلْأَوَّلِينَ أَوْ يَأْتِيَهُمُ ٱلْعَذَابُ قُبُلًۭا ۝٥٥

මිනිසුන් වෙත ඍජු මාර්ගය පැමිණියායින් පසු ඔවුන් එය විශ්වාස කර, තමන්ගේ දෙවියන් වෙත සමාව ඉල්ලීම වළක්වා හරින්නේ, පෙර ඉකුත් වූවන්ට සිදු වූ (දැය මෙන්) සිදුවීම් මොවුන්ටද සිදු විය යුතුය යනුවෙන්ය. නැතහොත් මොවුන් (ඇස්) ඉදිරියේ (අපගේ) දඬුවම් පැමිණිය යුතුය යනුවෙනි.

وَمَا نُرْسِلُ ٱلْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ ۚ وَيُجَٰدِلُ ٱلَّذِينَ كَفَرُوا۟ بِٱلْبَٰطِلِ لِيُدْحِضُوا۟ بِهِ ٱلْحَقَّ ۖ وَٱتَّخَذُوٓا۟ ءَايَٰتِى وَمَآ أُنذِرُوا۟ هُزُوًۭا ۝٥٦

ශුභාරංචි දෙන්නන් වශයෙන්ද, බිය ගන්වා අනතුරු අඟවන්නන් වශයෙන්ද අපි අපගේ දූතයින්ව යැව්වෙමු. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් නම්, සත්‍යය විනාශ කර දැමීමට අදහස් කර, පුහු තර්කයන් කිරීමට ආරම්භ කර, මගේ ආයාවන්ද, ඔවුන්ට බිය ගන්වා අනතුරු අඟවන ලද (දඬුවම් පැමිණීම) ගැනද සමච්චලයට ලක් කරමින් ගෙන ඇත්තාහ.

وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ فَأَعْرَضَ عَنْهَا وَنَسِىَ مَا قَدَّمَتْ يَدَاهُ ۚ إِنَّا جَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًۭا ۖ وَإِن تَدْعُهُمْ إِلَى ٱلْهُدَىٰ فَلَن يَهْتَدُوٓا۟ إِذًا أَبَدًۭا ۝٥۷

තම දෙවියන්ගේ ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබූ විට, ඒවා ප්‍රතික්ෂේප කර, තම අත්වලින් කරන ලද වැරදි (සම්පූර්ණයෙන්ම) අමතක කර දමන්නාට වඩා අපරාධකරුවා කවරෙක්ද? ඔවුන් කිසිවක් දැන නොගන්නා ලෙස අපි ඔවුන්ගේ හෘදයන්හි තිරයක්ද, ඔවුන්ගේ කණ්වලට බිහිරිභාවයද නියත වශයෙන්ම ඇති කළෙමු. එබැවින් (නබියේ!) ඔබ ඔවුන්ව ඍජු මාර්ගයෙහි (කොපමණ බැගෑපත්ව) ආරාධනා කළා වුවද, කිසි කලෙකත් ඔවුන් ඍජු මාර්ගයට එන්නේම නැත.

وَرَبُّكَ ٱلْغَفُورُ ذُو ٱلرَّحْمَةِ ۖ لَوْ يُؤَاخِذُهُم بِمَا كَسَبُوا۟ لَعَجَّلَ لَهُمُ ٱلْعَذَابَ ۚ بَل لَّهُم مَّوْعِدٌۭ لَّن يَجِدُوا۟ مِن دُونِهِۦ مَوْئِلًۭا ۝٥۸

නමුත් (නබියේ!) ඔබගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය. ඔවුන් කරන (නපුරු) විපත්හි හේතුවෙන් ඔහු (එවෙලෙ එවෙලේම) ඔවුන්ව අල්ලා ගතහොත්, මෙතෙක් ඔවුන්ව අනිවාර්යයෙන්ම දඬුවම් කර ඇත. එහෙත් (ඔවුන්ට දඬුවම් කිරීමට) ඔවුන්ට එක් නියමිත කාලයක් ඇත. ඉන් පසුව ඔවුන්ට බේරීමට මාර්ගයක් දකින්නේ නැත.

وَتِلْكَ ٱلْقُرَىٰٓ أَهْلَكْنَٰهُمْ لَمَّا ظَلَمُوا۟ وَجَعَلْنَا لِمَهْلِكِهِم مَّوْعِدًۭا ۝٥۹

මෙවැනි රටවැසියන් සියල්ලන්ම පාපයන් කිරීමට ඉදිරිපත් වූ විට, ඔවුන්ව අපි විනාශ කර දැමුවෙමු. එහෙත් ඔවුන්ව විනාශ කර දැමීමටද අපි එක් නියමිත කාල අවකාශයක් ඇති කර ඇත්තෙමු. (එම කාල අවකාශය පැමිණි පසුවම අපි ඔවුන්ව විනාශ කර දැමුවෙමු).

وَإِذْ قَالَ مُوسَىٰ لِفَتَىٰهُ لَآ أَبْرَحُ حَتَّىٰٓ أَبْلُغَ مَجْمَعَ ٱلْبَحْرَيْنِ أَوْ أَمْضِىَ حُقُبًۭا ۝٦۰

මූසා තම සේවකයාට “මුහුදු දෙක සම්බන්ධ වන ස්ථානය මා අත් කර ගන්නා තුරු අවුරුදු ගණන් මා ගමන් කරමින් සිටින්නෙමි” යයි පැවසීම (නබියේ! ඔවුන්ට) ඔබ මතක් කර දෙනු.

فَلَمَّا بَلَغَا مَجْمَعَ بَيْنِهِمَا نَسِيَا حُوتَهُمَا فَٱتَّخَذَ سَبِيلَهُۥ فِى ٱلْبَحْرِ سَرَبًۭا ۝٦١

ඔවුන් දෙදෙනාම මුහුදු දෙක හමු වන ස්ථානය අත් කර ගත් විට, තමන්ගේ මාළුවාව ඔවුන් අමතක කර දැමූහ. එය මුහුදෙහි තමන්ගේ මාර්ගය ගුහාවක් මෙන් ඇති කරගෙන ගියේය.

فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَىٰهُ ءَاتِنَا غَدَآءَنَا لَقَدْ لَقِينَا مِن سَفَرِنَا هَٰذَا نَصَبًۭا ۝٦٢

(තමන් යා යුතු ස්ථානය එයයි යන්න නොදැන) ඒ දෙදෙනාම එය පසුකර ගිය පසු, මූසා තම සේවකයාට “අපගේ උදේ ආහාරය ඔබ ගෙන එනු. නියත වශයෙන්ම අපි මෙම ගමනෙහි ඉතාමත් වෙහෙසට පත් වුනෙමු” යයි පැවසුවේය.

قَالَ أَرَءَيْتَ إِذْ أَوَيْنَآ إِلَى ٱلصَّخْرَةِ فَإِنِّى نَسِيتُ ٱلْحُوتَ وَمَآ أَنسَىٰنِيهُ إِلَّا ٱلشَّيْطَٰنُ أَنْ أَذْكُرَهُۥ ۚ وَٱتَّخَذَ سَبِيلَهُۥ فِى ٱلْبَحْرِ عَجَبًۭا ۝٦۳

එයට ඔහු “එම ගල් පරයෙහි අපි නැවතී සිටි අවස්ථාවේදී, (සිදු වූ පුදුමාකාර දැය) ඔබ දුටුවෙහිද? නියත වශයෙන්ම මා (අප සමග ගෙන ආ) මාළුවා අමතක කර දැමුවෙමි. එය මා (ඔබට) පැවසීම ෂෙයිතාන් මිස, (වෙන කිසිවෙකුත්) මා හට අමතක වීමට සැලැස්සුවේ නැත. (ඒ ස්ථානයේදී එය) මුහුදෙහි (යනු) ඉතාමත් පුදුමාකාර අන්දමට තම මාර්ගය ඇති කර ගත්තේය” යයි කීවේය.

قَالَ ذَٰلِكَ مَا كُنَّا نَبْغِ ۚ فَٱرْتَدَّا عَلَىٰٓ ءَاثَارِهِمَا قَصَصًۭا ۝٦٤

එයට මූසා “අපි සොයාගෙන ආ ස්ථානය එයයි” යයි පවසා ඒ දෙදෙනාම (ඒ ස්ථානය සොයා) තම පා සටහන් අනුගමනය කරමින් ආපු පාර දිගේ ගියහ.

فَوَجَدَا عَبْدًۭا مِّنْ عِبَادِنَآ ءَاتَيْنَٰهُ رَحْمَةًۭ مِّنْ عِندِنَا وَعَلَّمْنَٰهُ مِن لَّدُنَّا عِلْمًۭا ۝٦٥

ඒ දෙදෙනාම (එම ස්ථානයෙහි) අප වහලූන්ගෙන් කෙනෙකුව දුටුවහ. ඔහුට, අපට (අයත්) වරප්‍රසාදයන් ලබා දී අපට (අයත්) ඥානයද අපි ඔහුට උගන්වා දී තිබුණෙමු.

قَالَ لَهُۥ مُوسَىٰ هَلْ أَتَّبِعُكَ عَلَىٰٓ أَن تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًۭا ۝٦٦

මූසා ඔහුට “ඔබට උගන්වා දෙන ලද හොඳ දැය ඔබ මා හට උගන්වන කොන්දේසිය මත මා ඔබව අනුගමනය කළ හැකිද?”යි විමසුවේය.

قَالَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِىَ صَبْرًۭا ۝٦۷

එයට ඔහු “මා සමග ඉවසීමෙන් යුතුව සිටීමට නියත වශයෙන්ම ඔබ ශක්තියක් අත් කර ගන්නේ නැත”.

وَكَيْفَ تَصْبِرُ عَلَىٰ مَا لَمْ تُحِطْ بِهِۦ خُبْرًۭا ۝٦۸

“(එසේ තිබියදී), ඔබගේ ඥානය කඩ කළ අයෙකු වශයෙන් සිටින (මා කරන) කාරණාවන් ගැන ඔබ කෙසේ නම් විඳ දරාගෙන සිටින්නෙහිද?”යි කීවේය.

قَالَ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ صَابِرًۭا وَلَآ أَعْصِى لَكَ أَمْرًۭا ۝٦۹

(එයට) මූසා “අල්ලාහ් කැමති වුවහොත් (කෙබඳු කාරණාවක් වුවද), විඳ දරා ගන්නෙකු වශයෙන්ම ඔබ මාව දකින්නෙහිය. කෙබඳු කාරණාවකදී වුවද මා ඔබට වෙනස්කමක් නොකරන්නෙමි” යයි පැවසුවේය.

قَالَ فَإِنِ ٱتَّبَعْتَنِى فَلَا تَسْـَٔلْنِى عَن شَىْءٍ حَتَّىٰٓ أُحْدِثَ لَكَ مِنْهُ ذِكْرًۭا ۝۷۰

එයට ඔහු “ඔබ මාව අනුගමනය කරන්නේ නම්, කුමන කාරණාවක් ගැන හෝ මම ම ඔබට එය, දැනුම් දෙන තුරු ඔබ මා වෙතින් (ඒ ගැන) නොඇසිය යුතුය” යයි කීවේය.

فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا رَكِبَا فِى ٱلسَّفِينَةِ خَرَقَهَا ۖ قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْـًٔا إِمْرًۭا ۝۷١

(මෙසේ තීරණයකට එළඹීමෙන් අනතුරුව) ඒ දෙදෙනාම එක් ලී වල්ලමකට නගින තුරු (පා ගමනින්) ගියහ. (ලී වල්ලම මතට නැග ගත් පසු), ඔහු (ලී වල්ලමේ එක් ලෑල්ලක සිදුරක් විද) එය සිදුරු කර දැමුවේය. එයට (මූසා) “මෙහි සිටින අයව ගිල්වා දැමීමටද ඔබ සිදුරු කර හැරියේ? නියත වශයෙන්ම ඔබ ඉතාමත් අනතුරුදායක දැයක් කළෙහිය!” යයි පැවසුවේය.

قَالَ أَلَمْ أَقُلْ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِىَ صَبْرًۭا ۝۷٢

එයට ඔහු “ඔබ මා සමග ඉවසීමෙන් යුතුව සිටීමට ඔබට නොහැකිය යයි මා නොකීවෙමිද?”යි කීවේය.

قَالَ لَا تُؤَاخِذْنِى بِمَا نَسِيتُ وَلَا تُرْهِقْنِى مِنْ أَمْرِى عُسْرًۭا ۝۷۳

(එයට මූසා) “මා හට අමතක වූ දැය ගැන ඔබ මාව වරදට හසු නොකරනු. මගේ කාරණාවෙහි ඔබ මෙතරම් දැඩි නොවනු” යයි පැවසුවේය.

فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا لَقِيَا غُلَٰمًۭا فَقَتَلَهُۥ قَالَ أَقَتَلْتَ نَفْسًۭا زَكِيَّةًۢ بِغَيْرِ نَفْسٍۢ لَّقَدْ جِئْتَ شَيْـًۭٔا نُّكْرًۭا ۝۷٤

පසුව දෙදෙනාම ගමන් කළහ. (අතරමගදී සෙල්ලම් කරමින් සිටි) කොලූවෙකු හමු වූ වහාම ඔහු, ඔහුව කපා දැමුවේය. (එයට මූසා තිගැස්සී) “ඝාතන වරදක් නොමැතිව පරිශුද්ධ ආත්මයක් ඔබට ඝාතනය කළ හැකිද? නියත වශයෙන්ම ඔබ සුදුසු නැති කාරණාවක්ම කළෙහිය!” යයි පැවසුවේය.

۞ قَالَ أَلَمْ أَقُل لَّكَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِىَ صَبْرًۭا ۝۷٥

එයට ඔහු (මූසාට) “ඔබට මා සමග ඉවසීමෙන් යුතුව සිටීමට නියත වශයෙන්ම නොහැකිය’යයි මා ඔබට (කළින්ම) කීවේ නැද්ද?”යි විමසුවේය.

قَالَ إِن سَأَلْتُكَ عَن شَىْءٍۭ بَعْدَهَا فَلَا تُصَٰحِبْنِى ۖ قَدْ بَلَغْتَ مِن لَّدُنِّى عُذْرًۭا ۝۷٦

(එයට මූසා) “මින් පසුව මා කිසිම කාරණාවක් ගැන ඔබගෙන් විමසුවහොත්, ඔබ මාව ඔබ සමග තබා නොගනු. මා හට සමාව දෙන සීමාව නියත වශයෙන්ම ඔබ පසු කර ගියෙහිය” යයි පැවසුවේය.

فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَآ أَتَيَآ أَهْلَ قَرْيَةٍ ٱسْتَطْعَمَآ أَهْلَهَا فَأَبَوْا۟ أَن يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارًۭا يُرِيدُ أَن يَنقَضَّ فَأَقَامَهُۥ ۖ قَالَ لَوْ شِئْتَ لَتَّخَذْتَ عَلَيْهِ أَجْرًۭا ۝۷۷

පසුව දෙදෙනාම ගමන් කරන්නට වූහ. ඔවුන් ගම්වාසීන් කෙනෙකු වෙත පැමිණි විට, තමන් දෙදෙනාට ආහාරයක් ලබා දෙන මෙන් එම ගම්වාසීන්ගෙන් ඉල්ලා සිටියහ. නමුත් ඔවුන්, ඒ දෙදෙනාට භෝජණ සංග්‍රහයක් නොකර ඈත් වූහ. පසුව ඔවුන් එහි වැටෙන්නට හැකි තත්වයේ තිබූ බිත්තියක් දුටුවහ. එබැවින් ඔහු (එයට මැටි ගසා පිළිසකර කර), එය (නොවැටී) සිටින සේ නවතා තැබුවේය. (එයට මූසා ඔහුට) “ඔබ කැමති වී (ඉල්ලා) තිබුනේ නම් (මේ ගව්වාසීන්ගෙන්) මෙයට අයත් කුලියක් ඔබට ලබා ගන්නට හැකිව තිබුණා නොවෙද?”යි කීවේය.

قَالَ هَٰذَا فِرَاقُ بَيْنِى وَبَيْنِكَ ۚ سَأُنَبِّئُكَ بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِع عَّلَيْهِ صَبْرًا ۝۷۸

එයට “මටත් ඔබටත් අතර වෙන් විය (යුතු කාලය) මෙයයි. ඔබ ඉවසා සිටිය නොහැකිව තිබූ කාරණාවන්හි ඇත්ත (මෙන්න) මා ඔබට දැනුම් දෙන්නෙමි”.

أَمَّا ٱلسَّفِينَةُ فَكَانَتْ لِمَسَٰكِينَ يَعْمَلُونَ فِى ٱلْبَحْرِ فَأَرَدتُّ أَنْ أَعِيبَهَا وَكَانَ وَرَآءَهُم مَّلِكٌۭ يَأْخُذُ كُلَّ سَفِينَةٍ غَصْبًۭا ۝۷۹

“එම ලී වල්ලම මුහුදෙහි (කුලී) වැඩ කරමින් සිටින දුප්පතුන් සමහරෙකුට අයත්ය. එය ප්‍රමාද කරලීමටම මා අදහස් කළෙමි. (මන්දයත් මෙය ගමන් කරන මාර්ගයෙහි) මොවුන් ඉදිරියේ එක් (නපුරු) රජෙකු සිටින්නේය. ඔහු (දකින හොඳ) ලී වල්ලම් සියල්ල අසාධාරණයේ උදුරා ගන්නේය. අබලන් වල්ලම් ඔහු කැමති වන්නේ නැත. ඔහුගෙන් බේරා ගැනීම සඳහාම එය ප්‍රමාද කර හැරියෙමි)”.

وَأَمَّا ٱلْغُلَٰمُ فَكَانَ أَبَوَاهُ مُؤْمِنَيْنِ فَخَشِينَآ أَن يُرْهِقَهُمَا طُغْيَٰنًۭا وَكُفْرًۭا ۝۸۰

“(ඝාතනයට ලක් වූ) එම කුඩා දරුවා නම්, ඔහුගේ දෙමව්පියන් (හොඳ) විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නාහ. ඔහු (තරුණ වියට පත් වී), ඒ දෙදෙනාවම අපරාධ කරන ලෙසටද, (දෙවියන්ව) ප්‍රතික්ෂේප කරන ලෙසටද, පත් කරනු ඇතැයි මා බිය වී (එසේ) සිදු කළෙමි”.

فَأَرَدْنَآ أَن يُبْدِلَهُمَا رَبُّهُمَا خَيْرًۭا مِّنْهُ زَكَوٰةًۭ وَأَقْرَبَ رُحْمًۭا ۝۸١

“ඒ දෙදෙනාටම දෙවියන් මොහුට වඩා හොඳ කෙනෙකුවද වෙනස් කර දීමම අපි කැමති වූවෙමු”.

وَأَمَّا ٱلْجِدَارُ فَكَانَ لِغُلَٰمَيْنِ يَتِيمَيْنِ فِى ٱلْمَدِينَةِ وَكَانَ تَحْتَهُۥ كَنزٌۭ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَٰلِحًۭا فَأَرَادَ رَبُّكَ أَن يَبْلُغَآ أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنزَهُمَا رَحْمَةًۭ مِّن رَّبِّكَ ۚ وَمَا فَعَلْتُهُۥ عَنْ أَمْرِى ۚ ذَٰلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِع عَّلَيْهِ صَبْرًۭا ۝۸٢

“එම බිත්තිය නම්, එම නගරයේ සිටින අනාථ දරුවන් දෙදෙනෙකුට අයත්ය. ඊට යටින් ඔවුන්ට අයිති නිධානයක් ඇත්තේය. ඒ දෙදෙනාගේ පියා ඉතාමත් හොඳ මිනිසෙකු වශයෙන් සිටියේය. එබැවින් ඔබගේ දෙවියන් ඒ දෙදෙනා තරුණ වියට පත් වූ පසු තමන්ගේ නිධානය ලබා ගන්නට සැලැස්වීමට අදහස් කර ඇත්තේය. (එබැවින් එතෙක් එම බිත්තිය නොවැටී සිටින සේ එය පිළිසකර කළෙමි. මෙය) ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයකි. (මේ තුනෙන්) කිසිවක් මා මගේ කැමැත්තට කළේ නැත. ඔබ ඉවසාගත නොහැකි වූ (මගේ) ක්‍රියාවන්හි අදහස මෙයයි” යයි පැවසුවේය.

وَيَسْـَٔلُونَكَ عَن ذِى ٱلْقَرْنَيْنِ ۖ قُلْ سَأَتْلُوا۟ عَلَيْكُم مِّنْهُ ذِكْرًا ۝۸۳

(නබියේ!) දුල්කර්නයින් ගැන (එම යුදෙව්වන්) ඔබගෙන් විමසන්නාහ. “ඔහුගේ ඉතිහාසයෙන් පොඩියක් ඔබට සමුදීරණය කර පෙන්වන්නෙමි” යයි ඔබ පවසනු මැනව!

إِنَّا مَكَّنَّا لَهُۥ فِى ٱلْأَرْضِ وَءَاتَيْنَٰهُ مِن كُلِّ شَىْءٍۢ سَبَبًۭا ۝۸٤

නියත වශයෙන්ම අපි ඔහුට භූමියෙහි බලය පවරා ආධිපත්‍යය දී ඉතාමත් සැප පහසුවද ලබා දුන්නෙමු.

فَأَتْبَعَ سَبَبًا ۝۸٥

ඔහු (භූමියෙහි) එක් මාර්ගයක් අනුගමනය කරමින් ගියේය.

حَتَّىٰٓ إِذَا بَلَغَ مَغْرِبَ ٱلشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِى عَيْنٍ حَمِئَةٍۢ وَوَجَدَ عِندَهَا قَوْمًۭا ۗ قُلْنَا يَٰذَا ٱلْقَرْنَيْنِ إِمَّآ أَن تُعَذِّبَ وَإِمَّآ أَن تَتَّخِذَ فِيهِمْ حُسْنًۭا ۝۸٦

සූර්යයා අස්ථමයට යන (බටහිර) දිසාවට ඔහු ළඟා වූ විට, මඩ සහිත මුහුදෙහි සූර්යයා අස්ථමයට යන්නා (සේ) දුටුවේය. ඒ ස්ථානයේ ඔහු ජන සමුහයක් ද දුටුවේය. (අපි ඔහුට) “ඕ දුල්කර්නයින්! ඔබ (මොවුන්ට දඬුවම් කර) වේදනා කළ හැකිය. (මෙම කාරණාවෙහි ඔබට පූරණ නිදහස ලබා දී ඇත්තෙමු)” යයි පැවසුවෙමු.

قَالَ أَمَّا مَن ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهُۥ ثُمَّ يُرَدُّ إِلَىٰ رَبِّهِۦ فَيُعَذِّبُهُۥ عَذَابًۭا نُّكْرًۭا ۝۸۷

එබැවින් ඔහු (ඔවුන්ට “ඔබගෙන්) කවුරුන් (මගේ අණ නොතකා) අපරාධ කරන්නේද, ඔහුව අපි (දඬුවම් කර) වේදනා කරන්නෙමු. පසුව කවුරුන් තම දෙවියන් වෙත ගෙන යනු ලැබ, ඔහුද ඔහුව ඉතාමත් දරුණු ලෙස වේදනා ගෙන දෙනු ඇත” යයි කීවේය.

وَأَمَّا مَنْ ءَامَنَ وَعَمِلَ صَٰلِحًۭا فَلَهُۥ جَزَآءً ٱلْحُسْنَىٰ ۖ وَسَنَقُولُ لَهُۥ مِنْ أَمْرِنَا يُسْرًۭا ۝۸۸

තවද “කවුරුන් විශ්වාසය තබා (අපි පවසන ආකාරයට) දැහැමි ක්‍රියාවන් කරන්නේද, ඔහුට (දෙවියන්ගේ සන්නිධානයෙහිද) අලංකාරවත් (හොඳ) ඵලවිපාක ඇත්තේය. අපිත් අපගේ වැඩ කටයුතු වල පහසු වැඩ කටයුතු (කරන මෙන්) ඔහුට පවසන්නෙමු”.

ثُمَّ أَتْبَعَ سَبَبًا ۝۸۹

පසුව ඔහු (වෙනත්) මාර්ගයක් අනුගමනය කර ගියේය.

حَتَّىٰٓ إِذَا بَلَغَ مَطْلِعَ ٱلشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلَىٰ قَوْمٍۢ لَّمْ نَجْعَل لَّهُم مِّن دُونِهَا سِتْرًۭا ۝۹۰

ඔහු සූර්ය උදාවන (නැගෙනහිර) දිසාව අත් කර ගත් අවස්ථාවේදී සමහර ජනතාව කෙරෙහි සූර්යයා උදා වී (ඔවුන් පිටතෙහි) සිටීමද දුටුවේය. ඔවුන්ටද සූර්යයාටද අතරේ අපි කිසිම බාධකයක් ඇති කළේ නැත. (ඔවුන් ඇඳුම් හැඳ හෝ නිවාසයන් ඉදි කර හෝ සූර්ය රශ්මිය අඩු කර ගත හැකි ඥානය නොමැති ජනතාවක් වශයෙන් සිටියහ).

كَذَٰلِكَ وَقَدْ أَحَطْنَا بِمَا لَدَيْهِ خُبْرًۭا ۝۹١

(ඔවුන්ගේ තත්වය ඇත්තෙන්ම) මේ අන්දමටම තිබුණි. ඔහුගේ සෑම පුවතක්ම අපි හොඳින් දනිමු.

ثُمَّ أَتْبَعَ سَبَبًا ۝۹٢

පසුව ඔහු (වෙනත්) මාර්ගයක් අනුගමනය කරමින් ගියේය.

حَتَّىٰٓ إِذَا بَلَغَ بَيْنَ ٱلسَّدَّيْنِ وَجَدَ مِن دُونِهِمَا قَوْمًۭا لَّا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًۭا ۝۹۳

(එහි තිබූ) කඳු දෙක අතරට ඔහු ළඟා වූ අවස්ථාවේදී ඒවාට එහාද ජනතාව සමහරෙකුව දුටුවේය. (ඔවුන්ගේ) කතා බහ (පහසුවෙන්) තේරුම් ගත හැකිව තිබුනේ නැත.

قَالُوا۟ يَٰذَا ٱلْقَرْنَيْنِ إِنَّ يَأْجُوجَ وَمَأْجُوجَ مُفْسِدُونَ فِى ٱلْأَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلَىٰٓ أَن تَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُمْ سَدًّۭا ۝۹٤

ඔවුන් (මොහුට සංඥාවක් කරමින්) “ඕ දුල්කර්නයින්! නියත වශයෙන්ම යාජූජ්, මාජූජ් (නමැති ජනතාව අපගේ) භූමියට (පැමිණ) ඉමහත් අපරාධ කරන්නාහ. අපටත් ඔවුන්ටත් අතර ඔබ බාධාවක් ඇති කරනු පිණිස මුදලක් ඔබ වෙනුවෙන් අපි එක්කාසු කළ හැකිද?”යි විමසූහ.

قَالَ مَا مَكَّنِّى فِيهِ رَبِّى خَيْرٌۭ فَأَعِينُونِى بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا ۝۹٥

එයට ඔහු “මගේ දෙවියන් මට ලබා දී ඇති දැයම (ප්‍රමාණවත්ය); ඉතාමත් උසස්ය. (ඔබගේ වස්තුව අවශ්‍යය නැත. එහෙත් ඔබගේ) දහඩිය මහන්සිය මගින් මට උදව් කරනු. ඔබටත් ඔවුන්ටත් අතරේ ස්ථීර (බැම්මක්) බාධකයක් වශයෙන් ඉදි කරන්නෙමු” යයිද;

ءَاتُونِى زُبَرَ ٱلْحَدِيدِ ۖ حَتَّىٰٓ إِذَا سَاوَىٰ بَيْنَ ٱلصَّدَفَيْنِ قَالَ ٱنفُخُوا۟ ۖ حَتَّىٰٓ إِذَا جَعَلَهُۥ نَارًۭا قَالَ ءَاتُونِىٓ أُفْرِغْ عَلَيْهِ قِطْرًۭا ۝۹٦

“ඔබ (එයට අවශ්‍ය) යකඩ පාලම් මා වෙත ගෙන එනු” යයිද පවසා (ඒවා ගෙනැවිත්, කඳු දෙක අතරේ තිබූ පල්ලම පුරවා) කඳු දෙක මුදුනට ඒවා සම වන සේ උස් වූ පසු “ගින්දර මෙන් රත් වන තුරු පිඹිනු” යයි කීවේය. (ඉන් පසුව) “උණු කරන ලද තඹද මා වෙත ගෙන එනු. මා (එය) ඒ මත වත් කරන්නෙමි” (යයි කීවේය).

فَمَا ٱسْطَٰعُوٓا۟ أَن يَظْهَرُوهُ وَمَا ٱسْتَطَٰعُوا۟ لَهُۥ نَقْبًۭا ۝۹۷

“පසුව එය පසු කර ඒමට (යාජූජ්, මාජූජ්වරුන්ට) නොහැක. එය සිදුරු කිරීමද ඔවුන්ට කළ නොහැකිය” යයි පැවසුවේය.

قَالَ هَٰذَا رَحْمَةٌۭ مِّن رَّبِّى ۖ فَإِذَا جَآءَ وَعْدُ رَبِّى جَعَلَهُۥ دَكَّآءَ ۖ وَكَانَ وَعْدُ رَبِّى حَقًّۭا ۝۹۸

(මෙසේ පිළියෙල වූ බාධකය දැක ඔහු) “මෙය මගේ දෙවියන්ගේ වරප්‍රසාදයකි. මගේ දෙවියන්ගේ පොරොන්දුව (වන යුග අවසානය) පැමිණෙන විට, මෙයද සුණු විසුණු කර කුඩු කර දමනු ඇත. මගේ දෙවියන්ගේ පොරොන්දුව (සම්පූර්ණයෙන්ම) සත්‍යය!” යයි පැවසුවේය.

۞ وَتَرَكْنَا بَعْضَهُمْ يَوْمَئِذٍۢ يَمُوجُ فِى بَعْضٍۢ ۖ وَنُفِخَ فِى ٱلصُّورِ فَجَمَعْنَٰهُمْ جَمْعًۭا ۝۹۹

එදින සමහරෙක් සමරුන් සමග (මුහුදු) රළ මෙන් එකට එක හැපෙන සේ අපි අත්හැර දමන්නෙමු. (පසුව) සූර් (නමැති හොරණෑව කුමන කලකදී) පිඹිණු ලැබ, (සියල්ලන්ම මැරී) ගියහොත් පසුව (පණ දී) ඔවුන් සියල්ලන්වම ඒකරාශී කර හරින්නෙමු.

وَعَرَضْنَا جَهَنَّمَ يَوْمَئِذٍۢ لِّلْكَٰفِرِينَ عَرْضًا ۝١۰۰

ප්‍රතික්ෂේප කරන්නන්ට එදිනදී නිරයම අපි (නියත වශයෙන්ම) ඔවුන් ඉදිරියට තබන්නෙමු.

ٱلَّذِينَ كَانَتْ أَعْيُنُهُمْ فِى غِطَآءٍ عَن ذِكْرِى وَكَانُوا۟ لَا يَسْتَطِيعُونَ سَمْعًا ۝١۰١

(ඔවුන් කෙබන්ඳන්දයත් අපගේ) හොඳ ඔවදන් නොබලා ඔවුන්ගේ ඇස්වලට තිරයක් දමනු ලැබේ. එබැවින් ඔවුන් (හොඳ ඔවදන්) සවන් දීමටද ශක්තියක් නැති බවට පත් වූහ.

أَفَحَسِبَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَن يَتَّخِذُوا۟ عِبَادِى مِن دُونِىٓ أَوْلِيَآءَ ۚ إِنَّآ أَعْتَدْنَا جَهَنَّمَ لِلْكَٰفِرِينَ نُزُلًۭا ۝١۰٢

මෙම ප්‍රතික්ෂේප කරන්නන් අපව අත්හැර දමා අපගේ වහලූන්ව (තමන්ට) ආරක්ෂකයින් වශයෙන් ගත හැකිය යයි අදහස් කරමින් සිටින්නෙහුද? නියත වශයෙන්ම මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට ආගන්තුක සත්කාර කිරීම සඳහා නිරයම අපි පිළියෙල කර ඇත්තෙමු.

قُلْ هَلْ نُنَبِّئُكُم بِٱلْأَخْسَرِينَ أَعْمَٰلًا ۝١۰۳

“(පාපතර) ක්‍රියාවන්හි මොවුන්ට වඩා පරාජිත වූවන්වද අපි ඔබට දැනුම් දෙන්නද?”යි (නබියේ!) ඔබ විමසනු.

ٱلَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا ۝١۰٤

ඔවුන් (කවුරුන්දයත්) මෙලොව ජීවිතයෙහි වැරදි මාර්ගයෙහිම උත්සාහ කරමින් තමන් ඇත්තෙන්ම හොඳ ක්‍රියාවන්ම කරන බවට සිතා ගන්නාහ.

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ وَلِقَآئِهِۦ فَحَبِطَتْ أَعْمَٰلُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ وَزْنًۭا ۝١۰٥

මෙවැන්නන්ම තමන්ගේ දෙවියන්ගේ ආයාවන්ද, ඔහුව හමු වන්නෙමු යන්නද ප්‍රතික්ෂේප කළ අයයි. ඔවුන්ගේ (හොඳ) ක්‍රියාවන් සියල්ල විනාශ වී ගියේය. (පින්, පව් කිරා බැලීමට) ඔවුන් වෙනුවෙන් විනිශ්චය දිනදී තරාදියද අපි නොසිටුවන්නෙමු.

ذَٰلِكَ جَزَآؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوا۟ وَٱتَّخَذُوٓا۟ ءَايَٰتِى وَرُسُلِى هُزُوًا ۝١۰٦

ඔවුන් මගේ ආයාවන්ද, මගේ දූතයින්වද, ප්‍රතික්ෂේප කර, සමච්චලයට ලක් කළ හේතුවෙන් නිරයම ඔවුන්ට ඵලවිපාක වන්නේය.

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ كَانَتْ لَهُمْ جَنَّٰتُ ٱلْفِرْدَوْسِ نُزُلًا ۝١۰۷

කවුරුන් ඇත්තෙන්ම විශ්වාසය තබා, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් ෆිර්දව්ස් නමැති ස්වර්ගයන්හි (අමුත්තන් වශයෙන්) ආගන්තුක සත්කාර කරනු ලබන්නාහ.

خَٰلِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلًۭا ۝١۰۸

එහි ඔවුන් සදාකල් ස්ථීර වනු ඇත. එයින් පිටමං වීමට කැමතිම නොවන්නාහ.

قُل لَّوْ كَانَ ٱلْبَحْرُ مِدَادًۭا لِّكَلِمَٰتِ رَبِّى لَنَفِدَ ٱلْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَٰتُ رَبِّى وَلَوْ جِئْنَا بِمِثْلِهِۦ مَدَدًۭا ۝١۰۹

(නබියේ!) ඔබ මෙසේ පවසනු: මුහුදෙහි ඇති ජලය සියල්ල තීන්ත බවට තිබී, මගේ දෙවියන්ගේ වදන් (ලිවීමට) ආරම්භ කළහොත් මගේ දෙවියන්ගේ වදන් අවසන් වීමට පෙරම මෙම මුහුදු සියල්ල ක්ෂය වී යනු ඇත. එවැනිම තවත් පංගුවක් (මුහුදු) එක්කාසු වූවා වුවද!”

قُلْ إِنَّمَآ أَنَا۠ بَشَرٌۭ مِّثْلُكُمْ يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَٰهُكُمْ إِلَٰهٌۭ وَٰحِدٌۭ ۖ فَمَن كَانَ يَرْجُوا۟ لِقَآءَ رَبِّهِۦ فَلْيَعْمَلْ عَمَلًۭا صَٰلِحًۭا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِۦٓ أَحَدًۢا ۝١١۰

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම මමත් ඔබ මෙන් එක් මිනිසෙකි. නියත වශයෙන්ම ඔබගේ හිමි එකම දෙවියෙකි යයි මා හට වහී මගින් දැනුම් දෙනු ලැබ ඇත්තේය. එබැවින් කවුරුන් තම දෙවියන්ව හමු වීමට කැමති වන්නේද, ඔහු දැහැමි ක්‍රියාවන් කර, තම දෙවියන්ට කිසිවෙකුත් සම නොකර (ඔහුවම) නැමද සිටිනු මැනව!”