< السورة السابقة | فهرس السور | السورة التالية >
surah016
An-Nahl (16)
The Bee, makkah, 128 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ أَتَىٰٓ أَمْرُ ٱللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ ۚ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ ١
(මෙන්න!) අල්ලාහ්ගේ නියෝගය පැමිණ ඇත! ඒ ගැන ඔබ ඉක්මන් නොවනු. ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔවුන් සමානයන් වශයෙන් තබන දැයට වඩා ඉතාමත් ශ්‍රේෂ්ඨයෙකි.
يُنَزِّلُ ٱلْمَلَٰٓئِكَةَ بِٱلرُّوحِ مِنْ أَمْرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦٓ أَنْ أَنذِرُوٓا۟ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱتَّقُونِ ٢
ඔහු මලායිකාවරුන්ට වහී ලබා දී තම වහලූන්ගෙන් තමන් කැමති වන්නන් වෙත “නැමදුමට යුත්තා මා හැර වෙන කිසිවෙකු නැත. ඔබ මටම බිය වනු යයිම අනතුරු අඟවනු” යයි ඔවුන්ට නියෝග කර යැවුවේය.
خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۚ تَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ ۳
අහස්ද, භූමියද නියම කාරණාවක් සඳහාම ඔහු උත්පාදනය කර ඇත්තේය. ඔවුන් සමානයන් වශයෙන් තබන දැයට වඩා ඔහු ඉතාමත් ශ්‍රේෂ්ඨයෙකි.
خَلَقَ ٱلْإِنسَٰنَ مِن نُّطْفَةٍۢ فَإِذَا هُوَ خَصِيمٌۭ مُّبِينٌۭ ٤
ඔහුම ඉන්ද්රිය බිඳකින් මිනිසාව උත්පාදනය කළේය. එසේ තිබියදී ඔහු (දෙවියන් සමග) ප්‍රකට සතුරෙකු වශයෙන් සිටින්නේය.
وَٱلْأَنْعَٰمَ خَلَقَهَا ۗ لَكُمْ فِيهَا دِفْءٌۭ وَمَنَٰفِعُ وَمِنْهَا تَأْكُلُونَ ٥
(මිනිසුනේ!) ගමේ සතුන්වද ඔහුම උත්පාදනය කර ඇත්තේය. ඒවායෙන් ඔබ වෙනුවෙන් (ශීතය වැළැක්වීමට) භාණ්ඩද, විවිධ ප්‍රයෝජනවත් දැයද ඇත්තේය. ඒවායෙන් සමහරක් අනුභව කරන්නෙහුය.
وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ ٦
ඔබ ඒවා (උලා කෑමෙන් පසු) සැන්දෑවට දක්කාගෙන එන විටද, (උලා කෑම සඳහා) උදේ කාලයේ දක්කාගෙන යන විටද, ඒවා ඔබට අලංකාරවත් ලෙස ඇත්තේය.
وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍۢ لَّمْ تَكُونُوا۟ بَٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلْأَنفُسِ ۚ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌۭ رَّحِيمٌۭ ۷
ඉතාමත් අමාරුකමෙන් මිස, ඔබට යා නොහැකි රටවලට ඒවා (ඔබවද) ඔබගේ ඉමහත් බරද ඔසවාගෙන යන්නේය. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (ඔබ කෙරෙහි) ඉතාමත් දයාබරව හා කරුණාවන්තව සිටින්නේය.
وَٱلْخَيْلَ وَٱلْبِغَالَ وَٱلْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةًۭ ۚ وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ ۸
අශ්වයින්, අශ්වතරයන් හා බූරුවන් ආදී සතුන් මත ඔබ නැග ගමන් යාම සඳහාද, (ඔබට) අලංකාරවත් වශයෙන්ද (ඔහු ඒවා උත්පාදනය කර ඇත්තේය). තවද ඔබ නොදන්නා දැයද ඔහු උත්පාදනය කර ඇත්තේය.
وَعَلَى ٱللَّهِ قَصْدُ ٱلسَّبِيلِ وَمِنْهَا جَآئِرٌۭ ۚ وَلَوْ شَآءَ لَهَدَىٰكُمْ أَجْمَعِينَ ۹
(මිනිසුනේ! ඔබට මාර්ගයන් දෙකක් ඇත. එකක්) අල්ලාහ් වෙත යා හැකි ඍජු මාර්ගයයි. (තව) ඇද කුද මාර්ගද ඇත. ඔහු අදහස් කළහොත් ඔබ සියල්ලන්වම ඍජු මාර්ගයෙහි ඇතුළු කරනු ඇත.
هُوَ ٱلَّذِىٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ ۖ لَّكُم مِّنْهُ شَرَابٌۭ وَمِنْهُ شَجَرٌۭ فِيهِ تُسِيمُونَ ١۰
ඔහු වලාකුළෙන් ඔබට වැස්ස වැසීමට සලස්වන්නේය. එහිම ඔබ පානය කළ හැකි ජලයද ඇත. එමගින්ම (ඔබගේ ගමේ සතුන්ට) උලා කෑම සඳහා තණ කොළ පැළෑටි (ආදිය)ද පැළ වෙන්නේය.
يُنۢبِتُ لَكُم بِهِ ٱلزَّرْعَ وَٱلزَّيْتُونَ وَٱلنَّخِيلَ وَٱلْأَعْنَٰبَ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ ١١
එමගින්ම ගොවිතැන් භෝගද, සෙයිතූන්, ඉඳි, මිදි ආදී සියලූම පලතුරු වර්ගද ඔහු ඔබට උත්පාදනය කරන්නේය. නියත වශයෙන්ම මෙහි සිතා දැන ගත හැකි ජනතාවට එක් සාධකයක් ඇත්තේය.
وَسَخَّرَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ وَٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ وَٱلنُّجُومُ مُسَخَّرَٰتٌۢ بِأَمْرِهِۦٓ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَعْقِلُونَ ١٢
ඔහුම රාත්රියද, දහවලද, සූර්යයාද, චන්ද්‍රයාද ඔබ වෙනුවෙන් (උත්පාදනය කර), තම පාලනයට නතු කර තබා ඇත්තේය. (එසේම) තාරකාවන් සියල්ල ඔහුගේ නියෝගයන්ට අනුවම ඇත්තේය. නියත වශයෙන්ම මෙහිද, අවධානය කර දැන ගත හැකි ජනතාවට සාධකයන් බොහොමයක් ඇත්තේය.
وَمَا ذَرَأَ لَكُمْ فِى ٱلْأَرْضِ مُخْتَلِفًا أَلْوَٰنُهُۥٓ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّقَوْمٍۢ يَذَّكَّرُونَ ١۳
භූමියෙහි ඔබ වෙනුවෙන් උත්පාදනය කර ඇති දැය විවිධ වර්ණයන්ද (වර්ගයන්ගෙන්ද) සමන්විතව ඇත්තේය. හොඳ වැටහීමක් ලබා ගන්නා ජනතාවට නියත වශයෙන්ම මෙහිද එක් සාධකයක් ඇත්තේය.
وَهُوَ ٱلَّذِى سَخَّرَ ٱلْبَحْرَ لِتَأْكُلُوا۟ مِنْهُ لَحْمًۭا طَرِيًّۭا وَتَسْتَخْرِجُوا۟ مِنْهُ حِلْيَةًۭ تَلْبَسُونَهَا وَتَرَى ٱلْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ١٤
ඔහුම ඔබ මාළු (අල්ලා පිළියෙල කර) අනුභව කිරීමටද, ඔබ ආභරණ වශයෙන් පැළඳිය හැකි වස්තූන් ලබා ගැනීමටද, මුහුද (ඔබට) පහසුකම් ඇති කර දුන්නේය. (විවිධ ස්ථානයන්ට ගොස් වෙළෙඳාම මගින්) දෙවියන්ගේ වරප්රසාදයන් ඔබ සොයා ගන්නා පිණිස, (මුහුදෙහි යාත්‍රා කරන අවස්ථාවේදී) නැව් මුහුද දෙබෑ කරමින් යනු ඔබ දකින්නෙහුය. (මේ වෙනුවෙන් දෙවියන්ට) ඔබ කෘතඥ වෙමින් සිටිනු මැනව!
وَأَلْقَىٰ فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِكُمْ وَأَنْهَٰرًۭا وَسُبُلًۭا لَّعَلَّكُمْ تَهْتَدُونَ ١٥
අපව ඔසවාගෙන සිටින භූමිය නොසෙළවී තිඛෙණු පිණිස අති විශාල කඳු ඒ මත තැබුවේය! (ඔබගේ යාම් ඊම් සඳහා) ඍජු මාර්ගයන් ඔබ දැන ගැනීම සඳහා (විවිධ) මාර්ගයන්ද ගංඟාවන්ද නිර්මාණය කළේය.
وَعَلَٰمَٰتٍۢ ۚ وَبِٱلنَّجْمِ هُمْ يَهْتَدُونَ ١٦
තවද (දිශාවන් දැනුම් දිය හැකි) සළකුණු මගින්ද, තාරකාවන් (නිර්මාණය කර තැබීම) මගින්ද (සංචාරකයින් වන) ඔවුන් (තමන්ගේ) මාර්ගය දැන ගන්නාහ.
أَفَمَن يَخْلُقُ كَمَن لَّا يَخْلُقُ ۗ أَفَلَا تَذَكَّرُونَ ١۷
(සමානයන් තබා නමදින්ණෙනි! මේවා සියල්ල) උත්පාදනය කරන බලසම්පන්නයා නම්, (ඔබ නමදින කිසිවක්) උත්පාදනය කළ නොහැකි දැය මෙන් වන්නෙහිද? (මෙතරම් දැයක්වත්) ඔබ අවධානය කළ යුතු නොවේද?
وَإِن تَعُدُّوا۟ نِعْمَةَ ٱللَّهِ لَا تُحْصُوهَآ ۗ إِنَّ ٱللَّهَ لَغَفُورٌۭ رَّحِيمٌۭ ١۸
අල්ලාහ්ගේ වරප්රසාදයන් ඔබ ගණනය කළහොත්, ඒවා ඔබ විසින් ගණන් කළ නොහැක. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා ඉමහත් දයාබරවන්තයෙකුද වශයෙන් සිටින්නේය.
وَٱللَّهُ يَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ ١۹
ඔබ (මනසෙහි) සඟවා ගන්නා දැයද, (එයට වෙනස්ව) ඔබ එළිදරව් කරන දැයද නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය.
وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَا يَخْلُقُونَ شَيْـًۭٔا وَهُمْ يُخْلَقُونَ ٢۰
(නබියේ!) අල්ලාහ් හැර, කුමක් ඔවුන් (දෙවියන් යයි) ආරාධනා කරන්නෝද, ඒවා විසින් කිසිවක් උත්පාදනය කළ නොහැක. ඒවාද (ඔහු විසින්) උත්පාදනය කළ දැය වන්නේය.
أَمْوَٰتٌ غَيْرُ أَحْيَآءٍۢ ۖ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ ٢١
(තවද ඒවා) පණ ඇති දැයද නොව. පණ නැති දැයයි. (මරණයට පත් වූවන්) කවදා (පණ ලබා දී) නැගිට්ටවනු ලබන්නේදැයි යන්නද ඒවා දන්නේ නැත. (එබැවින් ඒවා කුමන ප්‍රයෝජනයක් නම් ලබා දේවිද?)
إِلَٰهُكُمْ إِلَٰهٌۭ وَٰحِدٌۭ ۚ فَٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٌۭ وَهُم مُّسْتَكْبِرُونَ ٢٢
ඔබගේ දෙවියන් එකම එක දෙවියෙකි. එබැවින් කවුරුන් පරලොව විශ්වාස නොකළෝද, ඔවුන්ගේ හෘදයන් (කුමක් පැවසුවා වුවද), ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන්ම සිටින්නාහ. තවද ඔවුන් (ඉමහත් සේ උඞගුකම අත්කරගෙන) ආඩම්බර බස් දෝඩවන්නන් වශයෙන්ද සිටින්නාහ.
لَا جَرَمَ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْتَكْبِرِينَ ٢۳
නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් සඟවාගෙන ඇති දැයද, (එයට වෙනස්ව) ඔවුන් එළිදරව් කරන දැයද හොඳින් දන්නේය යන්නෙහි කිසිම සැකයක් නැත. නියත වශයෙන්ම ඔහු උඞගු වන මොවුන්ව ප්‍රිය කරන්නේ නැත.
وَإِذَا قِيلَ لَهُم مَّاذَآ أَنزَلَ رَبُّكُمْ ۙ قَالُوٓا۟ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ ٢٤
(නබියේ! මෙම කුර්ආනය ගෙනහැර දක්වමින් එහි) “ඔබගේ දෙවියන් කුමක් නම් පහළ කළේද?”යි ඔවුන්ගෙන් විමසනු ලැබුවහොත් “(මෙය) පෙර වාසය කළ අයගේ ප්‍රබන්ධ කතා” යයි පවසන්නාහ.
لِيَحْمِلُوٓا۟ أَوْزَارَهُمْ كَامِلَةًۭ يَوْمَ ٱلْقِيَٰمَةِ ۙ وَمِنْ أَوْزَارِ ٱلَّذِينَ يُضِلُّونَهُم بِغَيْرِ عِلْمٍ ۗ أَلَا سَآءَ مَا يَزِرُونَ ٢٥
විනිශ්චය දිනදී තමන්ගේ පව් බර, මොවුන් පූරණ වශයෙන් උසුළන අතර බුද්ධියක් නොමැතිව මොවුන් මාර්ගය වැරද යැවූ අන් අයගේ පව් බරද මොවුන්ම උසුළන්නාහ. (මෙසේ) (දෙදෙනාගේම පව් බර) මොවුන්ම ඉසිළීම ඉතාමත් නපුරක් නොවෙද?
قَدْ مَكَرَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَى ٱللَّهُ بُنْيَٰنَهُم مِّنَ ٱلْقَوَاعِدِ فَخَرَّ عَلَيْهِمُ ٱلسَّقْفُ مِن فَوْقِهِمْ وَأَتَىٰهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ ٢٦
මොවුන්ට පෙර වාසය කළ අයද (මෙසේම) නියත වශයෙන්ම කුමන්ත්‍රණ කරමින් සිටියහ. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ (කුමන්ත්‍රණ නමැති) ගොඩනැගිල්ල මුලින් උපුටා, ඔවුන්ගේ (හිස) මතම එහි මුදුන් වහලය වැටීමට සැලැස්සුවේය. ඔවුන් දැන ගැනීමට නොහැකි වන සේ දඬුවමද ඔවුන් වෙත පැමිණ සේන්දු විය.
ثُمَّ يَوْمَ ٱلْقِيَٰمَةِ يُخْزِيهِمْ وَيَقُولُ أَيْنَ شُرَكَآءِىَ ٱلَّذِينَ كُنتُمْ تُشَٰٓقُّونَ فِيهِمْ ۚ قَالَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ إِنَّ ٱلْخِزْىَ ٱلْيَوْمَ وَٱلسُّوٓءَ عَلَى ٱلْكَٰفِرِينَ ٢۷
පසුව විනිශ්චය දිනදී නම්, ඔහු ඔවුන්ව අවමන් කර “(ඔබ, ඔබගේ දෙවිවරුන්ව) මා හට සමානයන් යයි (පවසා, විශ්වාසවන්තයින් සමග) ඔබ තර්ක කරමින් සිටියා නොවෙද? ඒවා කොහේද?”යි විමසනු ඇත. ඒ අවස්ථාවේදී අධ්‍යාපන ඥානය දෙනු ලැබූවන් “අද දින අවමානයද, විපතද නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරමින් සිටි අයටයි” යයි පවසන්නාහ.
ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ ظَالِمِىٓ أَنفُسِهِمْ ۖ فَأَلْقَوُا۟ ٱلسَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِن سُوٓءٍۭ ۚ بَلَىٰٓ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا كُنتُمْ تَعْمَلُونَ ٢۸
තමන්ට තමන්ම අපරාධ කරගෙන සිටි මොවුන්ගේ පණ මලායිකාවරුන් අත්පත් කර ගන්නා විට, ඔවුන් “අපි කිසිම වැරැද්දක් කළේ නැත” යයි (කියමින් තමන්ව වේදනා ගෙන නොදෙනු යයි මලායිකාවරුන් වෙත) සමාදානය ඉල්ලා සිටින්නාහ. (එයට මලායිකාවරුන්) “නොඑසේය! නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරමින් සිටි දැය හොඳින් දැනගෙනම සිටින්නේය” (යයි පිළිතුරු දෙන්නාහ).
فَٱدْخُلُوٓا۟ أَبْوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَا ۖ فَلَبِئْسَ مَثْوَى ٱلْمُتَكَبِّرِينَ ٢۹
(නැවතත් මොවුන්ට) “නිරයෙහි දෝරටුවලින් ඔබ ඇතුළු වී සදහටම එහි ස්ථීරව සිටිනු” (යයි පවසන්නාහ). ආඩම්බර බස් දෝඩමින් සිටි මොවුන්ගේ රැඳී සිටින ස්ථානය ඉතාමත් නපුරුය.
۞ وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوْا۟ مَاذَآ أَنزَلَ رَبُّكُمْ ۚ قَالُوا۟ خَيْرًۭا ۗ لِّلَّذِينَ أَحْسَنُوا۟ فِى هَٰذِهِ ٱلدُّنْيَا حَسَنَةٌۭ ۚ وَلَدَارُ ٱلْءَاخِرَةِ خَيْرٌۭ ۚ وَلَنِعْمَ دَارُ ٱلْمُتَّقِينَ ۳۰
පරිශුද්ධවන්තයින්ට “(මෙම කුර්ආනයෙහි) ඔබගේ දෙවියන් කුමක් පහළ කළෙහිද?යි විමසනු ලැබුවහොත්, එයට ඔවුන් “හොඳක්ම (පහළ කළේය)” යයි පවසන්නාහ. (මන්දයත්) දැහැමි දැය කරන්නන්ට මෙලොවෙහිද හොඳක්ම වන්නේය. (ඔවුන්ගේ) පරලොව නිවසද ඉතාමත් උසස්ය. (භය භක්තියෙන් පිරි) මෙම පරිශුද්ධවන්තයින්ගේ නිවස කොපමණ නම් අලංකාරවත්ද!
جَنَّٰتُ عَدْنٍۢ يَدْخُلُونَهَا تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۖ لَهُمْ فِيهَا مَا يَشَآءُونَ ۚ كَذَٰلِكَ يَجْزِى ٱللَّهُ ٱلْمُتَّقِينَ ۳١
(එම නිවස සදාකල්) ස්ථීරව තිබිය හැකි ස්වර්ගයන් වන්නේය. ඒවායෙහි ඔවුන් ඇතුළු වනු ඇත. ඒවායෙහි දිය දහරා සදාකල් ගලා බසිමින්ම ඇත්තේය. ඔවුන් කැමති සෑම දැයක්ම එහිදී ඔවුන්ට ලැඛෙනු ඇත. භය භක්තිකයින්ට මේ ආකාරයටම අල්ලාහ් ඵලවිපාක දෙන්නේය.
ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ طَيِّبِينَ ۙ يَقُولُونَ سَلَٰمٌ عَلَيْكُمُ ٱدْخُلُوا۟ ٱلْجَنَّةَ بِمَا كُنتُمْ تَعْمَلُونَ ۳٢
මෙවැන්නන්ගේ පණ මලායිකාවරුන් ඔවුන් පරිශුද්ධවන්තයින් වශයෙන් සිටියදී අත්පත් කර ගන්නාහ. (ඒ අවස්ථාවේදී ඔවුන්ට) “සලාමුන් අලෙයිකුම්” (ඔබට ශාන්තිය හා සමාදානය අත් වේවා!) ඔබ කරමින් සිටි (දැහැමි ක්‍රියාවන්ගේ) හේතුවෙන් ස්වර්ගයට යනු” යයි පවසන්නාහ.
هَلْ يَنظُرُونَ إِلَّآ أَن تَأْتِيَهُمُ ٱلْمَلَٰٓئِكَةُ أَوْ يَأْتِىَ أَمْرُ رَبِّكَ ۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ۳۳
(එම අපරාධකාරයින් නම්, තමන්ගේ පණ අත්පත් කර ගැනීම සඳහා) ඔවුන් වෙත මලායිකාවරුන් පැමිණීම හෝ නැතහොත් ඔබගේ දෙවියන්ගේ නියෝගයට අනුව (දඬුවම්) පැමිණීම හෝ මිස, (වෙන කිසිවක්) ඔවුන් බලාපොරොත්තු වන්නෙහුද? මොවුන්ට පෙර වාසය කළ අයද මෙසේම (අපරාධ) කරමින් සිටියහ. අල්ලාහ් මොවුන්ට කිසියම් හානියක් කළේ නැත. එහෙත් ඔවුන් තමන්ට තමන්ම අපරාධ කර ගත්හ.
فَأَصَابَهُمْ سَيِّـَٔاتُ مَا عَمِلُوا۟ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ۳٤
එබැවින් ඔවුන් කරමින් සිටි අපරාධයන්ම ඔවුන් වෙත පැමිණ සේන්දු විය. තවද ඔවුන් සමච්චල් කරමින් සිටි දැයද ඔවුන්ව වට කර ගත්තේය.
وَقَالَ ٱلَّذِينَ أَشْرَكُوا۟ لَوْ شَآءَ ٱللَّهُ مَا عَبَدْنَا مِن دُونِهِۦ مِن شَىْءٍۢ نَّحْنُ وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمْنَا مِن دُونِهِۦ مِن شَىْءٍۢ ۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ فَهَلْ عَلَى ٱلرُّسُلِ إِلَّا ٱلْبَلَٰغُ ٱلْمُبِينُ ۳٥
සමානයන් තබා නමදින්නන් මෙසේ පවසන්නාහ: “අල්ලාහ් අදහස් කර තිබුනේ නම්, අපිත් අපගේ මුතුන් මිත්තන්ද ඔහු මිස, වෙන කිසි දැයක් නැමද ඇත්තේම නැත. ඔහුගේ නියෝගයෙන් මිස, කිසිවක් (සුදුසු නැත යයි) වළක්වා හරින්නේද නැත”. මේ අන්දමටම මොවුන්ගෙන් පෙර වාසය කළ අයද (පුහු වාද විවාද) කරමින්ම සිටියහ. (අපගේ) දුතයින්ට (ඔවුන්ට දෙන ලද නියෝගයන්) පැහැදිලිව දැනුම් දෙනවා මිස, (වෙන කිසිම) වගකීමක් ඇත්තේද? (නොමැත).
وَلَقَدْ بَعَثْنَا فِى كُلِّ أُمَّةٍۢ رَّسُولًا أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱجْتَنِبُوا۟ ٱلطَّٰغُوتَ ۖ فَمِنْهُم مَّنْ هَدَى ٱللَّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ ٱلضَّلَٰلَةُ ۚ فَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ ۳٦
(භුමියෙහි විවිධ ප්‍රදේශයන්හි වාසය කළ) සෑම සමුහයන්ටම නියත වශයෙන්ම අපි දුතයෙකු යවා ඇත්තෙමු. (එම දුතයින් ඔවුන්ට) “අල්ලාහ් එක් කෙනෙකුවම නමදිනු. (මාර්ගය වැරද යවන) ෂෙයිතාන්වරුන්ගෙන් ඔබ ඈත් වනු” (යයි කියමින් ගියහ). අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කළ අයද ඔවුන්ගෙන් ඇත. දුර්මාර්ගයම නියම කරනු ලැබූවන්ද ඔවුන්ගෙන් ඇත. එබැවින් ඔබ භූමියෙහි වටේ සංචාරය කර (නබිවරුන්ව) බොරු කළ අයගේ අවසානය කෙසේ වන්නේදැයි යන්න අවධානය කර බලනු.
إِن تَحْرِصْ عَلَىٰ هُدَىٰهُمْ فَإِنَّ ٱللَّهَ لَا يَهْدِى مَن يُضِلُّ ۖ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ۳۷
(නබියේ!) ඔවුන් ඍජු මාර්ගයෙහි යා යුතුය යයි ඔබ කෙතරම් කැමති වුවද, (එම මාර්ගයට එන්නේ නැත. මන්දයත් හිත එකළැස් නොවී) කවුරුන් වැරදි මාර්ගයෙහි යන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත. ඔවුන්ට උදව් කරන්නන්ද කිසිවෙකුත් නැත.
وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَٰنِهِمْ ۙ لَا يَبْعَثُ ٱللَّهُ مَن يَمُوتُ ۚ بَلَىٰ وَعْدًا عَلَيْهِ حَقًّۭا وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ۳۸
(නබියේ!) මරණයට පත් වුවන්ට අල්ලාහ් පණ ලබා දී නැගිට්ටවනු ලබන්නේ නැත යයි මෙම ප්‍රතික්ෂේප කරන්නන් අල්ලාහ් මත ඉතාමත් ස්ථීර වූ දිව්රුම් කරන්නාහ. එසේ නොව; “(ඔබට පණ දී නැගිට්ටවන්නෙමි” යයි) ඔහු දුන් පොරොන්දුව සම්පුර්ණයෙන්ම සත්‍යයකි! එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත.
لِيُبَيِّنَ لَهُمُ ٱلَّذِى يَخْتَلِفُونَ فِيهِ وَلِيَعْلَمَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّهُمْ كَانُوا۟ كَٰذِبِينَ ۳۹
(මෙලොවදී) ඔවුන් තර්ක කරමින් සිටි දැය ඔවුන්ට අල්ලාහ් පැහැදිලිව දැනුම් දීම සඳහාද, ප්‍රතික්ෂේප කරන්නන් තමන්ම බොරුකාරයින් යන්න දැන ගැනීම සඳහාද, (පරලොවදී ඔවුන්ට පණ දෙනු ලබන්නාහ. එසේ ඔවුන්ව නැගිට්ටවීම අපට එතරම් කාරියක් නොව).
إِنَّمَا قَوْلُنَا لِشَىْءٍ إِذَآ أَرَدْنَٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ ٤۰
(මන්දයත්) අපි යම්කිසි වස්තුවක් (උත්පාදනය කිරීමට) අදහස් කළහොත් ඒ වෙනුවෙන් අපි පවසන්නේ ‘වනු!’ යන්න පමණකි. එවෙලේම එය සිදු වනු ඇත.
وَٱلَّذِينَ هَاجَرُوا۟ فِى ٱللَّهِ مِنۢ بَعْدِ مَا ظُلِمُوا۟ لَنُبَوِّئَنَّهُمْ فِى ٱلدُّنْيَا حَسَنَةًۭ ۖ وَلَأَجْرُ ٱلْءَاخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ٤١
(විශ්වාසවන්තයිනි! ඔබගෙන්) කවුරුන් (සතුරන් විසින්) වේදනා කරනු ලැබ, පසුව අල්ලාහ් වෙනුවෙන් (තමන්ගේ රට-ගම අත්හැර දමා) පිටත්ව ගියෝද, ඔවුන්ට නියත වශයෙන්ම අපි මෙලොවදීද, හොඳ වාසස්ථානයන්ම ලබා දෙන්නෙමු. පරලොව ඵලවිපාක නම්, (මීටත් වඩා) ඉතාමත් විශාලය. (මෙය) ඔවුන් දැන ගත යුතු නොවේද?
ٱلَّذِينَ صَبَرُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ ٤٢
මොවුන්ම (අමාරුකම් ඉතාමත් ඉවසීමෙන් යුතුව) විඳ දරාගෙන, තම දෙවියන්වම සම්පුර්ණයෙන්ම විශ්වාස කර සිටියවුන්ය.
وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًۭا نُّوحِىٓ إِلَيْهِمْ ۚ فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ ٤۳
(නබියේ!) ඔබට පෙර වහී ලබා දී, අපි ඔවුන් වෙත යැවූ දූතයින් සියල්ල පිරිමින්ය. එබැවින් (මොවුන්ට) “ඔබ (මෙය) දැන නොගතහොත් (පෙර තිබූ ධර්මයන්) උගත් අයගෙන් අසා දැන ගනු” (යයි පවසනු මැනව!)
بِٱلْبَيِّنَٰتِ وَٱلزُّبُرِ ۗ وَأَنزَلْنَآ إِلَيْكَ ٱلذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ ٤٤
එම දූතයින්ටද පැහැදිලි සාධකයන්ද, ධර්මයන්ද, (ලබා දී යැව්වෙමු). එසේම මෙම කුර්ආනයද, (නබියේ!) අපි ඔබට පහළ කළෙමු. මිනිසුන් වෙනුවෙන් (ඔබ කෙරෙහි) පහළ කරනු ලැබූ මෙය, ඔබ ඔවුන්ට පැහැදිලිව ගෙනහැර දක්වනු. (මෙමගින්) ඔවුන් අවධානය කර දැන ගනු ඇත.
أَفَأَمِنَ ٱلَّذِينَ مَكَرُوا۟ ٱلسَّيِّـَٔاتِ أَن يَخْسِفَ ٱللَّهُ بِهِمُ ٱلْأَرْضَ أَوْ يَأْتِيَهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ ٤٥
හානියක් කිරීමට කුමන්ත්‍රණ කරන මොවුන්ව භූමිය ගිල දමන මෙන් අල්ලාහ් නොකරන්නේය යයි හෝ නැතහොත් මොවුන් නොදැන ගන්නා සේ මොවුන්ව දඬුවම පැමිණ ළඟා නොවනු ඇත යයි හෝ මොවුන් නොබියව සිටින්නෙහුද?
أَوْ يَأْخُذَهُمْ فِى تَقَلُّبِهِمْ فَمَا هُم بِمُعْجِزِينَ ٤٦
නැතහොත් මොවුන් ඒ මේ අත සැරිසරමින් සිටියදීම මොවුන්ව ඔහු අල්ලා ගැනීමට අදහස් කළහොත් මොවුන්ට ඔහුව පරාජය කිරීමට, (ඔහුගෙන් බේරී දිව යාමට) නොහැකිය.
أَوْ يَأْخُذَهُمْ عَلَىٰ تَخَوُّفٍۢ فَإِنَّ رَبَّكُمْ لَرَءُوفٌۭ رَّحِيمٌ ٤۷
නැතහොත් (මොවුන්ව විනාශ කර දැමිය හැකි යම්කිසි විපතක් පැමිණෙනු ඇත යන) බිය මත, බිය ලබා දී, මොවුන්ව අල්ලා නොගනු ඇත (යයිද නොබියව සිටින්නෙහුද? ඔහු තමන් කැමති දඬුවමක් මොවුන්ට ලබා දීමට බලසම්පන්නයෙකි). එහෙත් නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ඉතාමත් දයාබරවන්තවද කරුණාවන්තවද සිටින්නේය. (එබැවින් මෙතෙක් ඔවුන්ව දඬුවම් නොකර අත්හැර දමා ඇත්තේය).
أَوَلَمْ يَرَوْا۟ إِلَىٰ مَا خَلَقَ ٱللَّهُ مِن شَىْءٍۢ يَتَفَيَّؤُا۟ ظِلَٰلُهُۥ عَنِ ٱلْيَمِينِ وَٱلشَّمَآئِلِ سُجَّدًۭا لِّلَّهِ وَهُمْ دَٰخِرُونَ ٤۸
අල්ලාහ් උත්පාදනය කර ඇති දැයෙන් කිසිවක් මොවුන් බැලූවේ නැද්ද? ඒවායේ සෙවනළු දකුණට හා වමට වශයෙන් ඇල වන්නේ අල්ලාහ්ට අවනත වී සුජූද් කර නමදින්නටය.
وَلِلَّهِ يَسْجُدُ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ مِن دَآبَّةٍۢ وَٱلْمَلَٰٓئِكَةُ وَهُمْ لَا يَسْتَكْبِرُونَ ٤۹
අහස්හිද, භූමියෙහිද ඇති අනිත් ජීවීන්ද අල්ලාහ්ටම හිස නවා නමදින්නාහ. මලායිකාවරුන්ද, එසේමය. ඔවුන් (ඉබ්ලීස් මෙන් ඔහුට සුජූද් නොකර) උඞගු බස් දෝඩන්නේ නැත.
يَخَافُونَ رَبَّهُم مِّن فَوْقِهِمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ ۩ ٥۰
ඔවුන් තමන්ට උඩින් ඇති තමන්ගේ දෙවියන්ට යටත් වී තමන්ට දෙන ලද නියෝගයන්ම ඉටු කරමින් සිටින්නාහ.
۞ وَقَالَ ٱللَّهُ لَا تَتَّخِذُوٓا۟ إِلَٰهَيْنِ ٱثْنَيْنِ ۖ إِنَّمَا هُوَ إِلَٰهٌۭ وَٰحِدٌۭ ۖ فَإِيَّٰىَ فَٱرْهَبُونِ ٥١
(මිනිසුනේ!) අල්ලාහ් මෙසේ පවසන්නේය: (එකක් වෙනුවට) දෙවිවරුන් දෙකක් ඔබ නොගනු. නියත වශයෙන්ම (ඔබගේ) දෙවියන් එකම එක් කෙනෙකි. එබැවින් (එක්කෙනා වන) මා හට ඔබ බිය වනු. (වෙන කිසිවෙකුටත් බිය නොවනු).
وَلَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلَهُ ٱلدِّينُ وَاصِبًا ۚ أَفَغَيْرَ ٱللَّهِ تَتَّقُونَ ٥٢
අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල ඔහුටම අයත් දැයයි! ඔහුටම (සදාකල්) අවනත වීම අත්‍යාවශ්‍යය. (එබැවින්) එම අල්ලාහ් නොවන දැයටද ඔබ බිය වන්නේ?
وَمَا بِكُم مِّن نِّعْمَةٍۢ فَمِنَ ٱللَّهِ ۖ ثُمَّ إِذَا مَسَّكُمُ ٱلضُّرُّ فَإِلَيْهِ تَجْـَٔرُونَ ٥۳
ඔබට ලැබී ඇති හොඳ දැය සියල්ල අල්ලාහ් වෙතින් පැමිණ ඇති දැයයි. ඔබව කිසියම් දුක් කරදරයක් ළඟා වන අවස්ථාවේදී, ඔහු වෙතම පැමිණිලි කරන්නෙහුය.
ثُمَّ إِذَا كَشَفَ ٱلضُّرَّ عَنكُمْ إِذَا فَرِيقٌۭ مِّنكُم بِرَبِّهِمْ يُشْرِكُونَ ٥٤
පසුව ඔහු ඔබගෙන් දුක් ගැහැට පහ කර හැරියහොත් නම්, එවෙලේම ඔබගෙන් එක් කොටසක් (මෙවැනි) තමන්ගේ දෙවියන්ටම සමානයන් තබන්නාහ.
لِيَكْفُرُوا۟ بِمَآ ءَاتَيْنَٰهُمْ ۚ فَتَمَتَّعُوا۟ ۖ فَسَوْفَ تَعْلَمُونَ ٥٥
අපි ඔවුන්ට පහළ කළ දැයද, ප්‍රතික්ෂේප කර හරින්නාහ. (එබැවින් ඔවුන්ට “මොලොවදී) පොඩියක් සුවය විඳ ගනු. පසුව (පරලොවදී) ඔබ (සත්‍යය) දැන ගන්නෙහුය” (යයි නබියේ! ඔබ පවසනු මැනව!)
وَيَجْعَلُونَ لِمَا لَا يَعْلَمُونَ نَصِيبًۭا مِّمَّا رَزَقْنَٰهُمْ ۗ تَٱللَّهِ لَتُسْـَٔلُنَّ عَمَّا كُنتُمْ تَفْتَرُونَ ٥٦
අපි ඔවුන්ට දුන් වස්තුන්ගෙන් එක් කොටසක් තමන් නොදැනුවත් දැය (වන දෙවිවරුන්ට) යයි සඳහන් කර පවසන්නාහ. අල්ලාහ් මත සත්තකින්ම! ඔබ මනක්කල්පිතව පවසන මෙම බොරු (කියමන්) ගැන (පරලොවදී) නියත වශයෙන්ම ඔබව විමසනු ලබන්නෙහුය.
وَيَجْعَلُونَ لِلَّهِ ٱلْبَنَٰتِ سُبْحَٰنَهُۥ ۙ وَلَهُم مَّا يَشْتَهُونَ ٥۷
(නබියේ!) මොවුන් අල්ලාහ්ට ගැහැනු දරුවන් ඇත යයි පවසන්නාහ. ඔහු නම්, (මෙයින්) ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. එහෙත් ඔවුන් නම්, තමන්ට වෙනත් (පිරිමි දරුවන්වම) කැමති වන්නාහ.
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِٱلْأُنثَىٰ ظَلَّ وَجْهُهُۥ مُسْوَدًّۭا وَهُوَ كَظِيمٌۭ ٥۸
ඔවුන්ගෙන් කෙනෙකුට ගැහැනු දරුවෙකු ඉපදුනේය යයි ශුභාරංචි පැවසුවහොත්, ඔහුගේ මුහුණ (ශෝකයෙන්) කළු වී කෝපය ගිල ගන්නේය.
يَتَوَٰرَىٰ مِنَ ٱلْقَوْمِ مِن سُوٓءِ مَا بُشِّرَ بِهِۦٓ ۚ أَيُمْسِكُهُۥ عَلَىٰ هُونٍ أَمْ يَدُسُّهُۥ فِى ٱلتُّرَابِ ۗ أَلَا سَآءَ مَا يَحْكُمُونَ ٥۹
(ගැහැනු දරුවකු ඉපදුනේය යයි) ඔහුට කියන ලද මෙම නපුරු ශුභාරංචිය ගැන (පිළිකුලට ලක් වී) ‘අවමානයෙන් යුතුව එය තබා ගන්නේද? නැතහොත් (පණ පිටින්) එය පස්වල වළලා දමන්නේද?’යි (දුකට පත් වී) ජනතාව ඉදිරියට නොපැමිණ සැඟවෙමින් සැරිසරන්නේය. (මෙසේ තමන්ට පිරිමි දරුවන්ද, දෙවියන්ට ගැහැනු දරුවන්ද වශයෙන්) ඔවුන් කරනු ලබන තීරණය ඉතාමත් නපුරුයි නොවෙද?
لِلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ مَثَلُ ٱلسَّوْءِ ۖ وَلِلَّهِ ٱلْمَثَلُ ٱلْأَعْلَىٰ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ٦۰
(මෙවැනි) නපුරු උපමාවන් සියල්ල පරලොව විශ්වාස නොකරන අයටම (සුදුසුය). අල්ලාහ්ට නම්, ඉතාමත් උසස් වර්ණනාවන් ඇත. ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَلَوْ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِظُلْمِهِم مَّا تَرَكَ عَلَيْهَا مِن دَآبَّةٍۢ وَلَٰكِن يُؤَخِّرُهُمْ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ۖ فَإِذَا جَآءَ أَجَلُهُمْ لَا يَسْتَـْٔخِرُونَ سَاعَةًۭ ۖ وَلَا يَسْتَقْدِمُونَ ٦١
මිනිසුන් කරන වැරදි ගැන ඔවුන්ව අල්ලාහ් (එවෙලෙ එවෙලේම) අල්ලා ගනු ලබන්නේ නම්, (භූමියෙහි) ජීවීන්ගෙන් කිසිවක් ඔහු අත්හැර දමන්නේ නැත. එහෙත් එක් නියමිත කාලයක් දක්වා (හසු නොකර) ඔවුන්ව කල් දමන්නේය. ඔවුන්ගේ වාරය පැමිණෙන අවස්ථාවේදී, එක් තත්පරයක් හෝ පසු වන්නේද නැත. කළින් වන්නේද නැත.
وَيَجْعَلُونَ لِلَّهِ مَا يَكْرَهُونَ وَتَصِفُ أَلْسِنَتُهُمُ ٱلْكَذِبَ أَنَّ لَهُمُ ٱلْحُسْنَىٰ ۖ لَا جَرَمَ أَنَّ لَهُمُ ٱلنَّارَ وَأَنَّهُم مُّفْرَطُونَ ٦٢
තමන් කැමති නැති දැය (වන ගැහැනු දරුවන්ව), අල්ලාහ්ට ඈඳන මොවුන් (පරලොවදී) නියත වශයෙන්ම තමන්ට හොඳක්ම ලැඛෙනු ඇත යයි තමන්ගේ දිවෙන් (මුවින්) බොරු ගොතමින් ප්‍රශංසා කර පවසන්නාහ. නියත වශයෙන්ම මොවුන්ට නිරයම ඇත්තේය යන්නෙහිද, (නිරයට) පළමුවෙන්ම මොවුන්වම එළවනු ලබන්නාහ යන්නෙහිද, කිසිම සැකයක් නැත.
تَٱللَّهِ لَقَدْ أَرْسَلْنَآ إِلَىٰٓ أُمَمٍۢ مِّن قَبْلِكَ فَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَٰنُ أَعْمَٰلَهُمْ فَهُوَ وَلِيُّهُمُ ٱلْيَوْمَ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ٦۳
(නබියේ!) අල්ලාහ් මත සත්තකින්ම! ඔබට පෙර විසූ විවිධ සමුහයන්ටද අපි (අපගේ) දූතයින්ව යැව්වෙමු. එහෙත් ෂෙයිතාන් ඔවුන්ට නම්, ඔවුන්ගේ (නපුරු) කාරණාවන්ම අලංකාරවත් කර පෙන්වූවේය. අද දින මොවුන්ටද ඔහුම සහායයන් වශයෙන් සිටින්නේය. එබැවින් මොවුන්ට ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
وَمَآ أَنزَلْنَا عَلَيْكَ ٱلْكِتَٰبَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ ٱلَّذِى ٱخْتَلَفُوا۟ فِيهِ ۙ وَهُدًۭى وَرَحْمَةًۭ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ٦٤
තවද (නබියේ!) මොවුන් කුමන කාරණාවන්හි තර්ක කරමින් සිටියෝද, ඒවා ඔබ පැහැදිලි කිරීම ස`දහාම මෙම ධර්මය ඔබ කෙරෙහි අපි පහළ කළෙමු. තවද විශ්වාසවන්ත ජනතාවට (මෙය) ඍජු මාර්ගයක් වශයෙන්ද, එක් වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය.
وَٱللَّهُ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَحْيَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّقَوْمٍۢ يَسْمَعُونَ ٦٥
අල්ලාහ්ම වලාකුළෙන් වැස්ස වැසීමට සලස්වා ජීවය නැති වී ගිය භූමියට එමගින් ජීවය ලබා දෙන්නේය. (හොඳ ඔවදනට) සවන් දෙන ජනතාවට නියත වශයෙන්ම මෙහි එක් සාධකයක් ඇත.
وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَٰمِ لَعِبْرَةًۭ ۖ نُّسْقِيكُم مِّمَّا فِى بُطُونِهِۦ مِنۢ بَيْنِ فَرْثٍۢ وَدَمٍۢ لَّبَنًا خَالِصًۭا سَآئِغًۭا لِّلشَّٰرِبِينَ ٦٦
(එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ගෙන්ද ඔබට පාඩමක් ඇත. ලේ වලටද, ගොම වලටද අතරේ උන්ගේ කුසෙන් කළවම් නොවුන කිරි (උත්පාදනය කර) අපි ඔබට පොවන්නෙමු. (එය) පානය කිරීමට ඉතාමත් රසවත්ය.
وَمِن ثَمَرَٰتِ ٱلنَّخِيلِ وَٱلْأَعْنَٰبِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًۭا وَرِزْقًا حَسَنًا ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّقَوْمٍۢ يَعْقِلُونَ ٦۷
ඉඳි, මිදි ආදී පලතුරුවලින් මත්පැන්ද, හොඳ ආහාරයන්ද ඔබ නිපදවන්නෙහිය. නියත වශයෙන්ම මෙහිද බුද්ධිමත් ජනතාවට එක් සාධකයක් ඇත.
وَأَوْحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحْلِ أَنِ ٱتَّخِذِى مِنَ ٱلْجِبَالِ بُيُوتًۭا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ ٦۸
ඔබගේ දෙවියන් මී මැස්සන්ට හොඳ වැටහීමක් ඇති කරන්නේය. “කඳුවලද, ගස්වලද, උස ගොඩනැගිලිවලද ඔබ කූඩු තනා ගනු”.
ثُمَّ كُلِى مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسْلُكِى سُبُلَ رَبِّكِ ذُلُلًۭا ۚ يَخْرُجُ مِنۢ بُطُونِهَا شَرَابٌۭ مُّخْتَلِفٌ أَلْوَٰنُهُۥ فِيهِ شِفَآءٌۭ لِّلنَّاسِ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ ٦۹
“තවද ඔබ සෑම වර්ගයකම පලතුරුවලින් (මල්වලින්) පානය කර, ඔබගේ දෙවියන්ගේ පහසු මාර්ගයන්හි (ඔබගේ කූඩු තුළට) හැකිළී යනු”. මෙමගින් උගේ කුසෙන් විවිධ වර්ණයන්ගෙන් යුත් පානයක් (මී පැනි) ඉකුත් වන්නේය. එයින් මිනිසුන්ට සුවය ඇත. නියත වශයෙන්ම මෙහිද සිතා දැන ගත හැකි ජනතාවට එක් සාධකයක් ඇත”.
وَٱللَّهُ خَلَقَكُمْ ثُمَّ يَتَوَفَّىٰكُمْ ۚ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرْذَلِ ٱلْعُمُرِ لِكَىْ لَا يَعْلَمَ بَعْدَ عِلْمٍۢ شَيْـًٔا ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۭ قَدِيرٌۭ ۷۰
ඔබව උත්පාදනය කළේ අල්ලාහ්ය. පසුව ඔහුම ඔබව මරණයට පත් කරන්නේය. ඉගෙන ගෙන දැන සිටියද, කිසිවක් නොදන්නා අය මෙන් බවට පත් වන මහළු විය දක්වා ජීවත්ව සිටින අයද ඔබගෙන් ඇත. (ඔබගෙන් කවුරුන්, කවුරුන්ව කොපමණ කලක් අත්හැර දමා සිටිය යුතුද යන්න) නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නෙකු හා (එසේ කිරීමට) ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.
وَٱللَّهُ فَضَّلَ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍۢ فِى ٱلرِّزْقِ ۚ فَمَا ٱلَّذِينَ فُضِّلُوا۟ بِرَآدِّى رِزْقِهِمْ عَلَىٰ مَا مَلَكَتْ أَيْمَٰنُهُمْ فَهُمْ فِيهِ سَوَآءٌ ۚ أَفَبِنِعْمَةِ ٱللَّهِ يَجْحَدُونَ ۷١
ඔබගෙන් සමහරෙකුව සමහරෙකුට වඩා ආහාරයෙන් අල්ලාහ් උසස් කර තබා ඇත්තේය. එසේ උසස් තත්වයට පත් වූවන් තමන්ට එක්කාසු වූ (මිනිසුන්, වහලූන් ආදී) අයට ආහාරයෙන් තමන්ටත් සමාන වන සේ දිය හැකිව තිබියදී තමන් වෙත ඇති ආහාරයන් (ප්‍රතිශතයට අනුව) ඔවුන්ට ලබා දෙන්නේ නැත. (මෙසේ කිරීම මගින් ඔවුන්ට ලබා දී ඇති) අල්ලාහ්ගේ වරප්රසාදයන් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නෙහුද?
وَٱللَّهُ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًۭا وَجَعَلَ لَكُم مِّنْ أَزْوَٰجِكُم بَنِينَ وَحَفَدَةًۭ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ ۚ أَفَبِٱلْبَٰطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَتِ ٱللَّهِ هُمْ يَكْفُرُونَ ۷٢
ඔබගෙන්ම ඔබ වෙනුවෙන් භාර්යයාවන් අල්ලාහ් නිර්මාණය කර ඇත්තේය. තවද ඔබගේ භාර්යයාවන්ගෙන් දරුවන්වද, මුනුබුරු මිණිබිරියන්වද උත්පාදනය කර, ඔබට හොඳ ආහාරයන්ද කවන්නේය. (මෙසේ තිබියදී) ඔවුන් (තමන් වෙනුවෙන් මනක්කල්පිත කර ගත්) ව්‍යාජ දැය විශ්වාස කර, අල්ලාහ්ගේ වරප්රසාදයන් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නෙහුද?
وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمْلِكُ لَهُمْ رِزْقًۭا مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ شَيْـًۭٔا وَلَا يَسْتَطِيعُونَ ۷۳
තවද ඔවුන් අල්ලාහ් නොවන දැය නමදින්නාහ. (ඒවා) අහස්හි හෝ භූමියෙහි හෝ ඇති කිසිම වස්තුවක් මොවුන්ට විනාශ කර දැමීමට නිදහස හෝ බලයක් හෝ නැති දැයයි.
فَلَا تَضْرِبُوا۟ لِلَّهِ ٱلْأَمْثَالَ ۚ إِنَّ ٱللَّهَ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ ۷٤
එබැවින් (ඒවා සර්ව බලධාරී) අල්ලාහ්ට ඔබ උපමාවන් බවට පත් නොකරනු. (අල්ලාහ්ට අයත් උපමාව) නියත වශයෙන්ම අල්ලාහ්ම දන්නේය. ඔබ නොදන්නෙහුය.
۞ ضَرَبَ ٱللَّهُ مَثَلًا عَبْدًۭا مَّمْلُوكًۭا لَّا يَقْدِرُ عَلَىٰ شَىْءٍۢ وَمَن رَّزَقْنَٰهُ مِنَّا رِزْقًا حَسَنًۭا فَهُوَ يُنفِقُ مِنْهُ سِرًّۭا وَجَهْرًا ۖ هَلْ يَسْتَوُۥنَ ۚ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ۷٥
අල්ලාහ් (මෙයට දෙදෙනෙකු) උපමා වශයෙන් පවසන්නේය. කෙනෙකු කිසිම (භාණ්ඩයක් සුවයංව තනන්නට හෝ දෙන්නට හෝ) ශක්තියක් නොමැති වහලෙකි. අනිත් කෙනා නම්, අපි ඔහුට අප වෙතින් හො`ද වස්තූන් බොහෝ ලබා දී ඇත්තෙමු. ඔහුද ඒවා රහසින්ද, ප්රසිද්ධියේද දානමාන කරමින් සිටින්නේය. මේ දෙදෙනාම සමාන වන්නෙහුද? (සමාන වන්නේ නැත). ප්‍රශංසා සියල්ල අල්ලාහ්ටම අයත්ය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත.
وَضَرَبَ ٱللَّهُ مَثَلًۭا رَّجُلَيْنِ أَحَدُهُمَآ أَبْكَمُ لَا يَقْدِرُ عَلَىٰ شَىْءٍۢ وَهُوَ كَلٌّ عَلَىٰ مَوْلَىٰهُ أَيْنَمَا يُوَجِّههُّ لَا يَأْتِ بِخَيْرٍ ۖ هَلْ يَسْتَوِى هُوَ وَمَن يَأْمُرُ بِٱلْعَدْلِ ۙ وَهُوَ عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ۷٦
අල්ලාහ් මිනිසුන් දෙදෙනෙකු (වෙනත්) උපමාවක් වශයෙන් පවසන්නේය. එයින් කෙනෙකු ගොළු (වහලෙකි). කිසිවක් කිරීමට ශක්තියක් නොමැත්තෙකි. ඔහු තම හාම්පුතාට බරක් වශයෙන්ද සිටින්නේය. ඔහුව කුමක් සඳහා යැවුවද, (හානියක් මිස) කිසිම හොඳක් ගෙන එන්නේ නැත. අනිත් කෙනා නම්, (සියල්ල හොඳින් දැන) ඍජු මාර්ගයෙහි සිටිමින් (අනිත් අයටද) සාධාරණයම පොළඹවමින්ම සිටින්නේය. මෙවැන්නෙකුට (ගොළුවෙකු වන) ඔහු සමාන වන්නෙහුද?
وَلِلَّهِ غَيْبُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَآ أَمْرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمْحِ ٱلْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ۷۷
අහස්හිද, භූමියෙහිද ඇති රහස් අල්ලාහ්ටම අයත්ය. (එය වෙන කිසිවෙකුත් දන්නේ නැත). එබැවින් (යුග) අවසන් කාලය, ඇස්පිල්ලමක් ගසන්නාක් මෙන් හෝ නැතහොත් ඊටත් වඩා වේගයෙන් හෝ අවසන් වී යනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන්ම සිටින්නේය.
وَٱللَّهُ أَخْرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَٰتِكُمْ لَا تَعْلَمُونَ شَيْـًۭٔا وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَٱلْأَفْـِٔدَةَ ۙ لَعَلَّكُمْ تَشْكُرُونَ ۷۸
කිසිවක් ඔබ නොදන්නා අය වශයෙන් සිටියදී, ඔබගේ මව්වරුන්ගේ කුසෙන් අල්ලාහ්ම ඔබව ඉකුත් කළේය. තවද ඔබට කණ්ද, ඇස්ද හෘදයද, ලබා දුන් අයද ඔහුය. (මෙයට) ඔබ (ඔහුට) කෘතඥ වනු මැනව!
أَلَمْ يَرَوْا۟ إِلَى ٱلطَّيْرِ مُسَخَّرَٰتٍۢ فِى جَوِّ ٱلسَّمَآءِ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱللَّهُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ۷۹
අහස් ගැඛෙහි (දෙවියන්ගේ නියෝගයට) අනුව යටත් වී පියාඹන පක්ෂීන්ව ඔවුන් දුටුවේ නැද්ද? ඒවා (අහස්හි) උසුළාගෙන සිටින්නා අල්ලාහ් හැර වෙන කිසිවෙකුත් නැත. විශ්වාසය තැබූ ජනතාවට නියත වශයෙන්ම මෙහිද විවිධ සාධකයන් ඇත්තේය.
وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۢ بُيُوتِكُمْ سَكَنًۭا وَجَعَلَ لَكُم مِّن جُلُودِ ٱلْأَنْعَٰمِ بُيُوتًۭا تَسْتَخِفُّونَهَا يَوْمَ ظَعْنِكُمْ وَيَوْمَ إِقَامَتِكُمْ ۙ وَمِنْ أَصْوَافِهَا وَأَوْبَارِهَا وَأَشْعَارِهَآ أَثَٰثًۭا وَمَتَٰعًا إِلَىٰ حِينٍۢ ۸۰
ඔබගේ නිවෙස් අල්ලාහ් ඔබට නිදහස ලබා දෙන ස්ථානයක් වශයෙන් සැලැස්සුවේය. ගමේ සතුන්ගේ හම් වලින් ඔබ නිවෙස් වශයෙන් තනා ගැනීමට (පහසු ආකාරයට) ඔබ වෙනුවෙන් ඔහු උත්පාදනය කර ඇත්තේය. එය ඔබ සංචාරය කරන අවස්ථාවන්හිදීද, ස්ථානයකදී කඳවුරු බැඳ ගන්නා අවස්ථාවන්හිදීද, ඉතා පහසුවෙන් උසුළාගෙන යා හැකිව ඇත්තේය. (ඇඳුම් ආදී විවිධ භාණ්ඩද නිෂ්පාදනයට) ඒවායෙන් (බැටළුවන්ගේ) ලොම්, (ඔටුවන්ගේ) රෝම, (සුදු එළුවන්ගේ) කෙස්, ආදී දැයද (ඔහු ඔබ වෙනුවෙන් නිර්මාණය කර ඇත්තේය. ඒවායෙන් නිෂ්පාදිත භාණ්ඩ) කාලයක් දක්වා (නිවෙස් වලට) අලංකාරවත් ආකාරයටද, (ජීවිතයට) ප්‍රයෝජනවත් දැය වශයෙන්ද ඇත්තේය.
وَٱللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَٰلًۭا وَجَعَلَ لَكُم مِّنَ ٱلْجِبَالِ أَكْنَٰنًۭا وَجَعَلَ لَكُمْ سَرَٰبِيلَ تَقِيكُمُ ٱلْحَرَّ وَسَرَٰبِيلَ تَقِيكُم بَأْسَكُمْ ۚ كَذَٰلِكَ يُتِمُّ نِعْمَتَهُۥ عَلَيْكُمْ لَعَلَّكُمْ تُسْلِمُونَ ۸١
අල්ලාහ් ඔබ වෙනුවෙන් උත්පාදනය කර ඇති දැයෙන් සෙවණ දිය හැකි දැයද නිර්මාණය කර ඇත්තේය. කඳුවල (ගුහාවල) ඔබට වාසස්ථානද නිර්මාණය කළේය. උෂ්ණයද (ශීතයද) ඔබට වැළැක්විය හැකි ඇඳුම්ද, (පිහි, හෙල්ල වැනි) ආයුධ වලින් වැළැක්විය හැකි පළිහ (ආදිය සෑදිය හැකි වස්තූන්)ද ඔහුම ඔබ වෙනුවෙන් නිර්මාණය කළේය. ඔහු තමන්ගේ වරප්රසාදයන් මෙසේ ඔබ කෙරෙහි පූරණ කර ඇත්තේය. (මේ වෙනුවෙන්) ඔබ (ඔහුට) සම්පූර්ණයෙන්ම අවනත වී තටයුතු කරනු මැනව!
فَإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَٰغُ ٱلْمُبِينُ ۸٢
(මෙසේ තිබියදී නබියේ!) ඔවුන් (ඔබව) ප්‍රතික්ෂේප කළහොත් (ඒ ගැන ඔබ දුක් නොවනු. මන්දයත් අපගේ දූත මෙහෙවර ඔවුන්ට) පැහැදිලිව සේන්දු කිරීමම ඔබගේ යුතුකම වන්නේය.
يَعْرِفُونَ نِعْمَتَ ٱللَّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكْثَرُهُمُ ٱلْكَٰفِرُونَ ۸۳
අල්ලාහ්ගේ (මෙවැනි) වරප්රසාදයන් ඔවුන් හොඳින් දැන සිටීමෙන් පසුවද, එය ඔවුන් ප්‍රතික්ෂේප කරන්නාහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කෙළෙහි ගුණ නොදත් අය වශයෙන්ම සිටින්නාහ.
وَيَوْمَ نَبْعَثُ مِن كُلِّ أُمَّةٍۢ شَهِيدًۭا ثُمَّ لَا يُؤْذَنُ لِلَّذِينَ كَفَرُوا۟ وَلَا هُمْ يُسْتَعْتَبُونَ ۸٤
සෑම වාර්ගිකයින් වෙතම (අපි යැවූ අපගේ දූතයාව ඔවුන්ට) සාක්ෂි වශයෙන් අපි කැඳවන (දිනය ගැන නබියේ! ඔබ ඔවුන්ට මතක් කර දෙනු). එදිනදී (එම දූතයින්ව) ප්‍රතික්ෂේප කළ අයට (යම්කිසිවක් කතා කිරීමට) අනුමැතිය දෙනු ලබන්නේ නැත. තවද ඔවුන් නිදහසට බොරු කරුණු ඉදිරිපත් කිරීමටද මාර්ගයක් නොතිඛෙණු ඇත.
وَإِذَا رَءَا ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلْعَذَابَ فَلَا يُخَفَّفُ عَنْهُمْ وَلَا هُمْ يُنظَرُونَ ۸٥
මෙම අපරාධකාරයින් (පරලොවදී) දඬුවම (ඇස්වලින්) දුටු පසු, (ඔවුන් කුමන ප්‍රශංසාවක් කළා වුවද), ඔවුන්ට (දඬුවම) අඩු කරනු ලබන්නේ නැත. තවද ඔවුන්ට අවකාශයක්ද දෙනු නොලැබේ.
وَإِذَا رَءَا ٱلَّذِينَ أَشْرَكُوا۟ شُرَكَآءَهُمْ قَالُوا۟ رَبَّنَا هَٰٓؤُلَآءِ شُرَكَآؤُنَا ٱلَّذِينَ كُنَّا نَدْعُوا۟ مِن دُونِكَ ۖ فَأَلْقَوْا۟ إِلَيْهِمُ ٱلْقَوْلَ إِنَّكُمْ لَكَٰذِبُونَ ۸٦
සමානයන් තබා නමදින මොවුන් තමන් සමානයන් වශයෙන් තැබූ (ව්‍යාජ) දෙවිවරුන්ව (පරලොවදී) දුටුවහොත් (දෙවියන්ට) “අපගේ දෙවියනේ! ඔබව හැර (දෙවිවරුන් යයි) අපි ආරාධනා කරමින් සිටි අපගේ දෙවිවරුන් මේවාය” යයි පවසන්නාහ. එයට ඒවා මොවුන්ට “නියත වශයෙන්ම ඔබ බොරු කියන්නෙහුය. (අපි දෙවිවරුන් නොව)” යයි විරුද්ධව පවසනු ඇත.
وَأَلْقَوْا۟ إِلَى ٱللَّهِ يَوْمَئِذٍ ٱلسَّلَمَ ۖ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ ۸۷
එදිනදී මොවුන් අල්ලාහ්ට නැමදීම කරනු ඇත. පසුව මොවුන් ව්‍යාජ වශයෙන් (දෙවිවරුන් යයි) පවසමින් සිටි දැය සියල්ල මොවුන්ගෙන් සැඟවී යනු ඇත.
ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ زِدْنَٰهُمْ عَذَابًۭا فَوْقَ ٱلْعَذَابِ بِمَا كَانُوا۟ يُفْسِدُونَ ۸۸
(එහෙත් පරලොවද) ප්‍රතික්ෂේප කර, අල්ලාහ්ගේ මාර්ගයද වළක්වා (අපරාධ කරමින්) සිටි මොවුන්ට, මොවුන්ගේ අපරාධයන්හි හේතුවෙන් දඬුවම පිට දඬුවම වශයෙන් අපි අධික කරමින්ම සිටින්නෙමු.
وَيَوْمَ نَبْعَثُ فِى كُلِّ أُمَّةٍۢ شَهِيدًا عَلَيْهِم مِّنْ أَنفُسِهِمْ ۖ وَجِئْنَا بِكَ شَهِيدًا عَلَىٰ هَٰٓؤُلَآءِ ۚ وَنَزَّلْنَا عَلَيْكَ ٱلْكِتَٰبَ تِبْيَٰنًۭا لِّكُلِّ شَىْءٍۢ وَهُدًۭى وَرَحْمَةًۭ وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ ۸۹
(නබියේ! සෑම සමූහයකටම ඔවුන්ගෙන්ම (ඔවුන් වෙත පැමිණි නබිවරයාව) ඔවුන්ට සාක්ෂි වශයෙන් අපි කැඳවන දිනදී, ඔබව (ඔබ ඉදිරියේ සිටින) මොවුන්ට සාක්ෂි වශයෙන් ගෙන එන්නෙමු. (නබියේ!) සෑම කාරණාවක්ම පැහැදිලිව විවරණය කළ හැකි මෙම ධර්මය, අපිම ඔබ වෙත පහළ කර ඇත්තෙමු. මෙය ඍජු මාර්ගය වශයෙන්ද, වරප්‍රසාදයක් වශයෙන්ද තිඛෙණ අතර (මට) සම්පුර්ණයෙන්ම අවනත වන්නන්ට එක් ශුභාරංචියක් වශයෙන්ද ඇත්තේය.
۞ إِنَّ ٱللَّهَ يَأْمُرُ بِٱلْعَدْلِ وَٱلْإِحْسَٰنِ وَإِيتَآئِ ذِى ٱلْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ ٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ وَٱلْبَغْىِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ ۹۰
(විශ්වාසවන්තයිනි!) ඔබ සාධාරණය ඉටු කරන මෙන්ද, හොඳක් කරන මෙන්ද, ඥාතීන්ට (වස්තුව දී) උදව් උපකාර කරන මෙන්ද, නියත වශයෙන්ම අල්ලාහ් (ඔබට) අණ කරන්නේය. අවමන් ගෙන දෙන කාරණාවන්, පාපයන්, අපරාධයන් ආදියෙන් (ඔබව) ඔහු තහනම් කරන්නේය. (මේවා) ඔබ මතකයේ තබා ගන්නා මෙන්ද ඔබට හොඳ ඔවදන් ලබා දෙන්නේය.
وَأَوْفُوا۟ بِعَهْدِ ٱللَّهِ إِذَا عَٰهَدتُّمْ وَلَا تَنقُضُوا۟ ٱلْأَيْمَٰنَ بَعْدَ تَوْكِيدِهَا وَقَدْ جَعَلْتُمُ ٱللَّهَ عَلَيْكُمْ كَفِيلًا ۚ إِنَّ ٱللَّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ ۹١
ඔබ අල්ලාහ්ගේ නාමයෙන් කරන ගිවිසුම සම්පූර්ණ වශයෙන් ඉටු කරනු. අල්ලාහ්ව සාක්ෂි වශයෙන් තබා දිව්රා, එය ස්ථීර කළ පසු, එම දිව්රුම ඔබ කඩ නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබගේ ක්‍රියාවන් හොඳින් දන්නේය.
وَلَا تَكُونُوا۟ كَٱلَّتِى نَقَضَتْ غَزْلَهَا مِنۢ بَعْدِ قُوَّةٍ أَنكَٰثًۭا تَتَّخِذُونَ أَيْمَٰنَكُمْ دَخَلًۢا بَيْنَكُمْ أَن تَكُونَ أُمَّةٌ هِىَ أَرْبَىٰ مِنْ أُمَّةٍ ۚ إِنَّمَا يَبْلُوكُمُ ٱللَّهُ بِهِۦ ۚ وَلَيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ مَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ۹٢
(මිනිසුනේ! ස්ථීර කරන ලද දිව්රුම කඩ කර), ඔබ ගැහැනියකට සම නොවනු. ඇය ඉතාමත් අමාරුවෙන් කටින ලද නූලක් තමන්ම (කපා දමා) කෑලි කෑලි වලට කර දමන්නීය. (තවද) එක් සමුහයකට වඩා තවත් සමුහයක් බලසම්පන්න වශයෙන් වීමට ඔබගේ දිව්රුම ඔබ අතරේ හේතුවක් බවට පත් කර නොගනු. මෙම කාරණාවෙහි (ඔබ නියම ආකාරයෙන් කටයුතු කරන්නේද, නැද්ද යන්න) නියත වශයෙන්ම අල්ලාහ් ඔබව පිරික්සුමට ලක් කරන්නේය. තවද ඔබ තර්ක කරමින් සිටි දැයද, විනිශ්චය දිනදී ඔහු ඔබට පැහැදිලිව විස්තරාත්මකව පෙන්වනු ඇත.
وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَلَٰكِن يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَلَتُسْـَٔلُنَّ عَمَّا كُنتُمْ تَعْمَلُونَ ۹۳
අල්ලාහ් අදහස් කර තිබුණේ නම්, ඔබ සියල්ලන්වම එකම (ධර්මයක් අදහන) සමූහයක් බවට පත් කරන්නට ඉඩ තිබුණි. එහෙත් (ඔහු) තමන් අදහස් කළ අයව, (ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන්) වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේය. තමන් අදහස් කරන අයව, (ඔවුන්ගේ පරිශුද්ධභාවයේ හේතුවෙන්) ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඔබ කරමින් සිටි ක්‍රියාවන් ගැන නියත වශයෙන්ම ඔබ (විනිශ්චය දිනදී) ප්‍රශ්න කරනු ලබන්නෙහුය.
وَلَا تَتَّخِذُوٓا۟ أَيْمَٰنَكُمْ دَخَلًۢا بَيْنَكُمْ فَتَزِلَّ قَدَمٌۢ بَعْدَ ثُبُوتِهَا وَتَذُوقُوا۟ ٱلسُّوٓءَ بِمَا صَدَدتُّمْ عَن سَبِيلِ ٱللَّهِ ۖ وَلَكُمْ عَذَابٌ عَظِيمٌۭ ۹٤
ඔබ අතරේ ඔබ (අපරාධ කිරීම සඳහා) ඔබගේ දිව්රුම හේතුවක් බවට පත් කර නොගනු. එසේ කළහොත් ස්ථීර වූ (ඔබගේ) පාදයන් ලිස්සා යනු ඇත. තවද (දිව්රුම කඩ කිරීම මගින්) අල්ලාහ්ගේ මාර්ගය ඔබ වළක්වා ගැනීමේ හේතුවෙන් විවිධ දුක් ගැහැටද ඔබ විඳීමට සිදු වනු ඇත. තවද ඉමහත් වූ දඬුවම්ද ඔබට ලැඛෙනු ඇත.
وَلَا تَشْتَرُوا۟ بِعَهْدِ ٱللَّهِ ثَمَنًۭا قَلِيلًا ۚ إِنَّمَا عِندَ ٱللَّهِ هُوَ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ ۹٥
අල්ලාහ් වෙත දුන් පොරොන්දුව සුළු මුදලකට ඔබ විකුණා නොදමනු. ඔබ බුද්ධිමතුන් වශයෙන් සිටින්නෙහු නම්, අල්ලාහ් වෙත සිටීමම ඉතාමත් උසස් වනු ඇත.
مَا عِندَكُمْ يَنفَدُ ۖ وَمَا عِندَ ٱللَّهِ بَاقٍۢ ۗ وَلَنَجْزِيَنَّ ٱلَّذِينَ صَبَرُوٓا۟ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا۟ يَعْمَلُونَ ۹٦
ඔබ වෙත ඇති (වස්තූන්) සියල්ල වියදම් වී යනු ඇත. අල්ලාහ් වෙත ඇති දැය නම්, (සදාකල්) ස්ථීරව තිඛෙණු ඇත. කවුරුන් (දුක් ගැහැට ස්ථීර වශයෙන්) විඳ දරා ගන්නෝද, ඔවුන් (කරන බොහොමයක් දැහැමි කාරණාවන්ට ඔවුන්) කළ දැයට වඩා ඉතාමත් අලංකාරවත් ඵලවිපාක නියත වශයෙන්ම අපි ඔවුන්ට ලබා දෙන්නෙමු.
مَنْ عَمِلَ صَٰلِحًۭا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌۭ فَلَنُحْيِيَنَّهُۥ حَيَوٰةًۭ طَيِّبَةًۭ ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا۟ يَعْمَلُونَ ۹۷
පිරිමි වුවද, ගැහැනු වුවද, විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කවුරුන් කළා වුවද, නියත වශයෙන්ම අපි ඔවුන්ව (මෙලොවදී) හොඳ ජීවිතයක් ගත කිරීමට සලස්වන්නෙමු. තවද (පරලොවදී නම්), ඔවුන් කරමින් සිටි දැයට වඩා ඉතාමත් අලංකාරවත් ඵලවිපාකම නියත වශයෙන්ම අපි ඔවුන්ට දෙන්නෙමු.
فَإِذَا قَرَأْتَ ٱلْقُرْءَانَ فَٱسْتَعِذْ بِٱللَّهِ مِنَ ٱلشَّيْطَٰنِ ٱلرَّجِيمِ ۹۸
(නබියේ!) ඔබ කුර්ආනය සමුදීරණය කිරීමට ආරම්භ කළහොත් (එයට පෙර) එළවන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂා කර ගන්නා මෙන් අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිනු.
إِنَّهُۥ لَيْسَ لَهُۥ سُلْطَٰنٌ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ ۹۹
කවුරුන් විශ්වාසය තබා තමන්ගේ දෙවියන්ට සම්පුර්ණයෙන්ම විශ්වාසය තබා අත්තෝද, ඔවුන් වෙතින් නියත වශයෙන්ම (මෙම) ෂෙයිතාන්ට කිසිම බලයක් නැත.
إِنَّمَا سُلْطَٰنُهُۥ عَلَى ٱلَّذِينَ يَتَوَلَّوْنَهُۥ وَٱلَّذِينَ هُم بِهِۦ مُشْرِكُونَ ١۰۰
ඔහුගේ බලය ඔහු සමග සම්බන්ධකම් පවත්වන්නන් වෙත හා අල්ලාහ්ට සමානයන් තබන්නන් වෙතම වළංගු වේ.
وَإِذَا بَدَّلْنَآ ءَايَةًۭ مَّكَانَ ءَايَةٍۢ ۙ وَٱللَّهُ أَعْلَمُ بِمَا يُنَزِّلُ قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مُفْتَرٍۭ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ١۰١
(නබියේ!) අපි එක් වගන්තියක් තවත් වගන්තියක් මගින් වෙනස් කළහොත් මොවුන් (ඔබට) “නියත වශයෙන්ම ඔබ බොරුකාරයෙකි” යයි පවසන්නාහ. කුමක් (කුමන වෙලාවකදී, කුමන නියෝගයන් හා කුමන ආයාවන්) පහළ කළ යුතුද යන්න අල්ලාහ්ම හොඳින් දන්නේය. මොවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙම සත්‍යය) දැන ගන්නේ නැත.
قُلْ نَزَّلَهُۥ رُوحُ ٱلْقُدُسِ مِن رَّبِّكَ بِٱلْحَقِّ لِيُثَبِّتَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَهُدًۭى وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ ١۰٢
ඇත්තෙන්ම මෙය ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් රූහුල් කුදුස් (නමැති ජිබ්රීල්) මගින්ම පහළ කර තැබුවේය යයි ඔබ පවසනු මැනව! (මෙම කුර්ආනය දෙවියන්ට) විශ්වාසය තැබූවන්ව ස්ථීර කිරීම සඳහාද, සම්පූර්ණයෙන්ම අවනත වුවන් හට ඍජු මාර්ගයක් වශයෙන්ද, ශුභාරංචියක් වශයෙන්ද ඇත්තේය.
وَلَقَدْ نَعْلَمُ أَنَّهُمْ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٌۭ ۗ لِّسَانُ ٱلَّذِى يُلْحِدُونَ إِلَيْهِ أَعْجَمِىٌّۭ وَهَٰذَا لِسَانٌ عَرَبِىٌّۭ مُّبِينٌ ١۰۳
(නබියේ! “මෙම ධර්ම ආයාවන් රෝම රටේ සිට පැමිණ සිටින) එක් (ක්‍රිස්තියානු) මිනිසෙකුම නියත වශයෙන්ම ඔහුට උගන්වා දෙන්නේය. (දෙවියන් නොව)” යයි ඔවුන් පැවසීම, නියත වශයෙන්ම අපි දන්නෙමු. කවුරුන් (ඔබට) උගන්වා දෙන්නේය යයි ඔවුන් පවසන්නෝද, ඔහුගේ (එම ක්රිස්තියානුවාගේ) භාෂාව (අරාබි නොවන) අජමිය. මෙම ධර්මය නම්, ඉතාමත් (නවීන පන්නයේ) පැහැදිලි අරාබි භාෂාවෙන් ඇත්තේය. (එබැවින් ඔවුන් පවසන දැය නිවැරදි නොව).
إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِ لَا يَهْدِيهِمُ ٱللَّهُ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ ١۰٤
නියත වශයෙන්ම කවුරුන් අල්ලාහ්ගේ ආයාවන් (මුරණ්ඩුකමින්) විශ්වාස නොකළෝද, ඔවුන්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත. තවද ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවමම ඇත.
إِنَّمَا يَفْتَرِى ٱلْكَذِبَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَٰذِبُونَ ١۰٥
(මෙය) බොරු යයි මනක්කල්පිත කරන්නන් සියල්ල අල්ලාහ්ගේ ආයාවන් විශ්වාස නොකරන්නන්ය. (ඇත්තෙන්ම) මොවුන්ම බොරුකාරයින්ය.
مَن كَفَرَ بِٱللَّهِ مِنۢ بَعْدِ إِيمَٰنِهِۦٓ إِلَّا مَنْ أُكْرِهَ وَقَلْبُهُۥ مُطْمَئِنٌّۢ بِٱلْإِيمَٰنِ وَلَٰكِن مَّن شَرَحَ بِٱلْكُفْرِ صَدْرًۭا فَعَلَيْهِمْ غَضَبٌۭ مِّنَ ٱللَّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌۭ ١۰٦
(නබියේ! ඔබ බොරුකාරයෙකු නොව). (එබැවින්) කවුරුන් හෝ විශ්වාස කළායින් පසුව ඔහු අල්ලාහ්ව (ප්‍රතික්ෂේප කළහොත් ඔහු ගැන අවධානය කරනු ඇත). ඔහුගේ හෘදය විශ්වාසය මගින් සම්පූර්ණයෙන්ම සෑහීමට පත්ව තිබියදී ඔහුගේ බලකිරීමක් මත ඔහු (මෙසේ) ප්‍රතික්ෂේප කළහොත් (ඔහු කෙරෙහි කිසිම වැරැද්දක් නැත). එහෙත් (මෙවැනි) ඔවුන්ගේ හෘදයන්හි ප්‍රතික්ෂේපයම පිරී තිබී (මෙසේ කළහොත්) ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ කෝපයම අත් වනු ඇත. ඔවුන්ට ඉමහත් වූ දඬුවම්ද ඇත.
ذَٰلِكَ بِأَنَّهُمُ ٱسْتَحَبُّوا۟ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا عَلَى ٱلْءَاخِرَةِ وَأَنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَٰفِرِينَ ١۰۷
මන්දයත් නියත වශයෙන්ම මොවුන් පරලොවට වඩා මෙලොව ජීවිතයම තෝරා ගත්හ. නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන මෙවැනි ජනතාව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَأَبْصَٰرِهِمْ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْغَٰفِلُونَ ١۰۸
මෙවැන්නන්ගේ හෘදයන් මතද, කණ් මතද, ඇස් මතද අල්ලාහ් මුද්‍රා තබා හැරියේය. මොවුන්ම (තමන්ගේ නපුරු අවසානය) වටහා නොගත් අයයි.
لَا جَرَمَ أَنَّهُمْ فِى ٱلْءَاخِرَةِ هُمُ ٱلْخَٰسِرُونَ ١۰۹
පරලොවදී සම්පුර්ණයෙන්ම පරාජය වන්නන් මොවුන් යන්නෙහි කිසිම බියක් නැත.
ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُوا۟ مِنۢ بَعْدِ مَا فُتِنُوا۟ ثُمَّ جَٰهَدُوا۟ وَصَبَرُوٓا۟ إِنَّ رَبَّكَ مِنۢ بَعْدِهَا لَغَفُورٌۭ رَّحِيمٌۭ ١١۰
(නබියේ!) කවුරුන් (සතුරන් විසින්) වේදනා ගෙන දීමෙන් අනතුරුව (තමන්ගේ නිවෙස්වලින්) පිටමං වී යුද්ධ කර, (විවිධ දුක් ගැහැටද) විඳ දරාගෙන (ස්ථීර වශයෙන්) සිටියෝද, ඔවුන් වෙනුවෙන් (ඔවුන්ට වරප්රසාදයන්) පහළ කිරීමටම නියත වශයෙන්ම ඔබගේ දෙවියන් මින් පසුවද, (ඔවුන්ව) ක්ෂමා කරන්නෙකු හා (ඔවුන් කෙරෙහි) දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.
۞ يَوْمَ تَأْتِى كُلُّ نَفْسٍۢ تُجَٰدِلُ عَن نَّفْسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفْسٍۢ مَّا عَمِلَتْ وَهُمْ لَا يُظْلَمُونَ ١١١
සෑම ආත්මයක්ම (කිසිවෙකුව අවධානය නොකර), තමන් ගැන (පමණක්ම) කතා කිරීම සඳහා පැමිණෙන (දින ගැන නබියේ! ඔබ ඔවුන්ට මතක් කර දෙනු). එදින සෑම ආත්මයකටම එහි ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක පූරණ වශයෙන් දෙනු ලැබේ. (එය වැඩි කර හෝ අඩු කර හෝ කුමන ආකාරයකට හෝ) ඔවුන්ට අපරාධයක් කරනු නොලබන්නාහ.
وَضَرَبَ ٱللَّهُ مَثَلًۭا قَرْيَةًۭ كَانَتْ ءَامِنَةًۭ مُّطْمَئِنَّةًۭ يَأْتِيهَا رِزْقُهَا رَغَدًۭا مِّن كُلِّ مَكَانٍۢ فَكَفَرَتْ بِأَنْعُمِ ٱللَّهِ فَأَذَٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلْجُوعِ وَٱلْخَوْفِ بِمَا كَانُوا۟ يَصْنَعُونَ ١١٢
එක් රටක් අල්ලාහ් (ඔවුන්ට) උපමාවක් වශයෙන් පවසන්නේය. එම රට (ඉතාමත් සාරවත් ලෙසටද), සාමයෙන්ද, බියෙන් තොරවද තිබුණි. එයට අවශ්‍ය වස්තූන් සියල්ල සෑම දිසාවකින්ම බාධාවකින් තොරව පැමිණෙමින් තිබුණි. මෙසේ තිබියදී, (එම රටවැසියන් අල්ලාහ්ව ප්‍රතික්ෂේප කර), අල්ලාහ්ගේ වරප්රසාදයන්ටද (කෘතඥ නොවී) වෙනස්කම් කළහ. එබැවින් ඔවුන් කරමින් තිබුණු (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන් අල්ලාහ් කුසගින්නද, බියද ඔවුන්ට වස්ත්‍ර වශයෙන් (අන්ඳවා ඔවුන් එය) සුවය විඳින සේ සැලැස්සුවේය.
وَلَقَدْ جَآءَهُمْ رَسُولٌۭ مِّنْهُمْ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ ٱلْعَذَابُ وَهُمْ ظَٰلِمُونَ ١١۳
(නබියේ!) නියත වශයෙන්ම ඔවුන්ගෙන්ම (අපි යැවූ අපගේ) දූතයාද ඔවුන් වෙත පැමිණියේය. එහෙත් ඔවුන් ඔහුව බොරු කර දැමූහ. එබැවින් (මෙසේ) ඔවුන් අපරාධකරුවන් වශයෙන් සිටියදී ඔවුන්ව දඬුවම අල්ලා ගත්තේය.
فَكُلُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلًۭا طَيِّبًۭا وَٱشْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ ١١٤
(විශ්වාසවන්තයිනි!) අල්ලාහ් ඔබට ලබා දුන් දැයෙන් අනුමත හොඳ දැයම අනුභව කරනු. ඔබ අල්ලාහ්ව නමදින්නන් වශයෙන් සිටින්නෙහු නම් ඔහුගේ වරප්රසාදයන්ට ඔබ කෘතඥ වෙමින් සිටිනු.
إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ ٱلْمَيْتَةَ وَٱلدَّمَ وَلَحْمَ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ ۖ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍۢ وَلَا عَادٍۢ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ١١٥
(අනුභව නොකළ යුතුය යයි) ඔබට තහනම් කර ඇත්තේ, මැරී ගිය දැය, ලේද, ඌරන්ගේ මස් මාංශ, අල්ලාහ් නොවන දැයෙහි නාමය සඳහන් කරනු ලැබූ දැයයි. කවුරුන් හෝ සිමාව ඉක්මවා නොයාද, පාපයක් කිරීමේ චේතනාවක් නොමැතිවද, (කවුරුන් විසින් හෝ) බල කරනු ලැබ, (නැතහොත් කුස ගින්න දරා ගත නොහැකිව, අවශ්‍යතාවය නොඉක්මවා මේවා අනුභව) කළහොත් (ඔහු කෙරෙහි වැරැද්දක් නැත. එබැවින් මෙවැනි තත්වයකදී ඔහුව) නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.
وَلَا تَقُولُوا۟ لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ ٱلْكَذِبَ هَٰذَا حَلَٰلٌۭ وَهَٰذَا حَرَامٌۭ لِّتَفْتَرُوا۟ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ ۚ إِنَّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ لَا يُفْلِحُونَ ١١٦
ඔබගේ දිවට (මුවට) නැගෙන සේ බොරු කියන්නාක් මෙන් (කුමක් ගැන හෝ ධර්මයෙහි) මෙය අනුමතය; මෙය අනුමත නැත යයි අල්ලාහ් මත (අමූලික) බොරු නොකියනු. කවුරුන් අල්ලාහ් කෙරෙහි බොරු ගොතා මනක්කල්පිත කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේම නැත.
مَتَٰعٌۭ قَلِيلٌۭ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ١١۷
(මෙවැන්නන් මෙලොවෙහි වින්ඳේ) ඉතාමත් අල්ප සුවයකි. (පරලොවදී) ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
وَعَلَى ٱلَّذِينَ هَادُوا۟ حَرَّمْنَا مَا قَصَصْنَا عَلَيْكَ مِن قَبْلُ ۖ وَمَا ظَلَمْنَٰهُمْ وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ١١۸
(නබියේ!) මීට පෙර අපි ඔබට විවරණය කළ දැය යුදෙව්වන්ට වළක්වා හැරියෙමු. (එහෙත්) අපි විසින්ම (එය වළක්වා) ඔවුන්ට හානියක් කළේ නැත. එහෙත් ඔවුන් (තමන් විසින්ම ඒවා තහනම් කරගෙන) තමන්ට තමන්ම අපරාධ කර ගත්හ.
ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُوا۟ ٱلسُّوٓءَ بِجَهَٰلَةٍۢ ثُمَّ تَابُوا۟ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوٓا۟ إِنَّ رَبَّكَ مِنۢ بَعْدِهَا لَغَفُورٌۭ رَّحِيمٌ ١١۹
(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් කවුරුන් (තමන්ගේ) නොදැනුවත්කමින් පාපයන් කිරීමෙන් අනතුරුව, එයින් ඈත් වී (දැහැමි ක්‍රියාවන් කර), පිළිසකර කර ගන්නෝද, ඔවුන්ව (ක්ෂමා කරන්නෙකු වශයෙන් සිටින්නේය. ඔවුන් පාපයෙන් ඈත් වී දැහැමි ක්‍රියාවන් කළ) පසු, නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවද සිටින්නේය.
إِنَّ إِبْرَٰهِيمَ كَانَ أُمَّةًۭ قَانِتًۭا لِّلَّهِ حَنِيفًۭا وَلَمْ يَكُ مِنَ ٱلْمُشْرِكِينَ ١٢۰
නියත වශයෙන්ම ඉබ්රාහීම් අල්ලාහ්ට ඉතාමත් බිය වී කටයුතු කරන ඍජු මාර්ගය පෙන්වන මාර්ගෝපදේශකයෙකු වශයෙන් සිටියා මිස, (දෙවියන්ට) සමානයන් තබා නමදින්නන්ගෙන් ඔහුත් (කෙනෙකු වශයෙන්) සිටියේ නැත.
شَاكِرًۭا لِّأَنْعُمِهِ ۚ ٱجْتَبَىٰهُ وَهَدَىٰهُ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ١٢١
(තවද) දෙවියන්ගේ වරප්රසාදයන්ට (සෑම විටම) කෘතඥ වන්නෙකු වශයෙන්ද සිටියේය. එබැවින් ඔහුද, ඔහුව තෝරාගෙන ඍජු මාර්ගයෙහි ඇතුළු කළේය.
وَءَاتَيْنَٰهُ فِى ٱلدُّنْيَا حَسَنَةًۭ ۖ وَإِنَّهُۥ فِى ٱلْءَاخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ ١٢٢
(එබැවින් ඔහුගේ දෙවියන් වන) අපි මෙලොවදීද, හොඳක්ම ඔහුට ලබා දුන්නෙමු. පරලොවදීද නියත වශයෙන්ම ඔහු හොඳ වහලූන්ගෙන් (කෙනෙකු වශයෙන්) සිටින්නේය.
ثُمَّ أَوْحَيْنَآ إِلَيْكَ أَنِ ٱتَّبِعْ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًۭا ۖ وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ ١٢۳
එබැවින් “(නබියේ!) ඔබ (ඉතාමත් උසස් එම) ඉබ්රාහිම්ගේ ඍජු ධර්මය අනුගමනය කරනු මැනව!” යයි ඔබට වහී දැනුම් දුන්නෙමු. ඔහු සමානයන් තබා නමදින්නන්ගෙන් (කෙනෙකු වශයෙන්) සිටියේම නැත.
إِنَّمَا جُعِلَ ٱلسَّبْتُ عَلَى ٱلَّذِينَ ٱخْتَلَفُوا۟ فِيهِ ۚ وَإِنَّ رَبَّكَ لَيَحْكُمُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ ١٢٤
සෙනසුරාදා (දින ගෞරව කරන මෙන්) පවරන ලද්දේ ඒ ගැන (යුදෙව්වන්ගෙන්) තර්ක කරමින් සිටි අයටය. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් විනිශ්චය දිනදී ඔවුන් අතරේ, ඔවුන් (මෙලොවදී) තර්ක කරමින් සිටි දැය ගැන තීන්දුවක් දෙනු ඇත.
ٱدْعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِٱلْحِكْمَةِ وَٱلْمَوْعِظَةِ ٱلْحَسَنَةِ ۖ وَجَٰدِلْهُم بِٱلَّتِى هِىَ أَحْسَنُ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ ۖ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ ١٢٥
(නබියේ!) ඔබ (මිනිසුන්ට) ප්‍රඥාවෙන්ද, අලංකාරවත් හොඳ ඔවදන් මගින්ද ඔබගේ දෙවියන්ගේ මාර්ගය දෙසට ආරාධනා කරනු මැනව! තවද ඔවුන් සමග (තර්ක කිරීමට සිදු වුවහොත්) ඔබ (ගෞරවණීය හා) අලංකාරවත් අන්දමින් තර්ක කරනු මැනව! ඔහුගේ මාර්ගයෙන් වැරද ගිය අය කවුරුන්ද යන්න නියත වශයෙන්ම ඔබගේ දෙවියන් හොඳින් දන්නේය. ඍජු මාර්ගයෙහි සිටින්නන් කවුරුන්ද යන්නද ඔහුම හොඳින් දන්නේය.
وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُوا۟ بِمِثْلِ مَا عُوقِبْتُم بِهِۦ ۖ وَلَئِن صَبَرْتُمْ لَهُوَ خَيْرٌۭ لِّلصَّٰبِرِينَ ١٢٦
(විශ්වාසවන්තයිනි! ඔබට වේදනා ගෙන දුන් කවුරුන්ව හෝ) ඔබ ප්‍රති ප්‍රහාර වශයෙන් වේදනා ගෙන දීමට අදහස් කළහොත් ඔබව ඔවුන් වේදනා ගෙන දුන් ප්‍රමාණයටම ඔවුන්ව ඔබ වේදනා ගෙන දෙනු. (ඊට අධික වශයෙන් නොව. තවද ඔබව වේදනා ගෙන දුන් දැය) ඔබ විඳ (දරා) ගතහොත් හෝ එය විඳ දරාගන්නා අයට ඉතාමත් අගනේය!
وَٱصْبِرْ وَمَا صَبْرُكَ إِلَّا بِٱللَّهِ ۚ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُ فِى ضَيْقٍۢ مِّمَّا يَمْكُرُونَ ١٢۷
එබැවින් (නබියේ!) ඔබ විඳ දරා ගනු. එහෙත් අල්ලාහ්ගේ උදව්වෙන් මිස, විඳ දරා ගැනීමට ඔබට නොහැකිය. ඔවුන් වෙනුවෙන් ඔබ (කිසිවක් ගැන) දුක් නොවනු. ඔවුන් කරන කුමන්ත්‍රණ ගැන ඔබ සසළද නොවනු.
إِنَّ ٱللَّهَ مَعَ ٱلَّذِينَ ٱتَّقَوا۟ وَّٱلَّذِينَ هُم مُّحْسِنُونَ ١٢۸
නියත වශයෙන්ම කවුරුන් (ඇත්තෙන්ම) භය භක්තිකයින් වශයෙන් සිටින්නෝද ඔවුන් සමගද, කවුරුන් (අන් අයට) කෘතඥ වන්නෝද ඔවුන් සමගද, අල්ලාහ් සිටින්නේය.