< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓر ۚ كِتَٰبٌ أَنزَلْنَٰهُ إِلَيْكَ لِتُخْرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ ۝١

අලිෆ්. ලාම්. රා. (නබියේ! මෙය) ධර්ම ග්‍රන්ථයයි. මෙය අපිම ඔබ කෙරෙහි පහළ කර ඇත්තෙමු. (මෙමගින්) මිනිසුන්ව ඔවුන්ගේ දෙවියන්ගේ නියෝගයන්ට අනුව අන්ධකාරයේ සිට පිටමං කර, ආලෝකය දෙසට ඔබ ගෙන එනු මැනව! (එම ආලෝකයද) ඉතාමත් ප්‍රශංසාවට අයත් (අල්ලාහ්ගේය; එය සියල්ලන්ටම) බලසම්පන්නයෙකුගේ ඍජු මාර්ගය වන්නේය.

ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَوَيْلٌۭ لِّلْكَٰفِرِينَ مِنْ عَذَابٍۢ شَدِيدٍ ۝٢

එම අල්ලාහ් (කෙබන්ඳයෙකුද-යත්) අහස්හිද, භූමියෙහිද තිඛෙන සියල්ල ඔහුට අයත් දැයයි! එබැවින් (මෙය) ප්‍රතික්ෂේප කරන්නන්ට පැමිණ අත් වන දරුණු දඬුවමේ හේතුවෙන් (ඔවුන්ට) ඉමහත් වූ විනාශයයි.

ٱلَّذِينَ يَسْتَحِبُّونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا عَلَى ٱلْءَاخِرَةِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًا ۚ أُو۟لَٰٓئِكَ فِى ضَلَٰلٍۭ بَعِيدٍۢ ۝۳

මොවුන් පරලොවට වඩා මෙලොව ජීවිතයම කැමති වන්නාහ. අල්ලාහ්ගේ මාර්ගයෙහි (ඔවුන් නොයන අතර අන් අයවද එහි නොයන සේ) වළක්වා ගනිමින්, එහි ඇදයද ඇති කරන්නාහ. මෙවැන්නන් ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම සිටින්නාහ.

وَمَآ أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِۦ لِيُبَيِّنَ لَهُمْ ۖ فَيُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ۝٤

(නබියේ!) සෑම දූතයෙකුම (තම ජනතාවට) පැහැදිලිව විවරණය කර පවසනු පිණිස, ඔවුනොවුන්ගේ ජනතාවගේ භාෂාවන් මගින්ම (දේශනා කරන මෙන්) අපි ඔවුන්ව යැව්වෙමු. (එම දූතයින් කොපමණ උත්සාහ දැරූවද, ඔවුන් කරන පව් පින් වලට සරිලන සේ) අල්ලාහ් අදහස් කළ අයව වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේය. ඔහු කැමති වන (දැහැමි ක්‍රියාවන් කරන්නන්)ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඔහු (සියල්ලටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ وَذَكِّرْهُم بِأَيَّىٰمِ ٱللَّهِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍۢ ۝٥

නියත වශයෙන්ම අපි මූසාව අපගේ බොහොමයක් සාධකයන් සමග යවා “ඔබ, ඔබගේ ජනතාව අන්ධකාරයෙන් පිටතට ගෙන ආලෝකය දෙසට ගෙන එනු (මැනව!) අල්ලාහ්ගේ (නියෝගය) මගින් ඇති වූ විවිධ සිදුවීම් ඔබ ඔවුන්ට මතක් කර දෙනු” යයි ඔහුට අණ කළෙමු. (අමාරුකම් විඳ දරාගෙන) ඉවසීමෙන් යුතුව සිටින්නන් හා කෘතඥ වන්නන් ආදී සියල්ලන්ටම නියත වශයෙන්ම මෙහි පාඩම් බොහොමයක් ඇත.

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ أَنجَىٰكُم مِّنْ ءَالِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوٓءَ ٱلْعَذَابِ وَيُذَبِّحُونَ أَبْنَآءَكُمْ وَيَسْتَحْيُونَ نِسَآءَكُمْ ۚ وَفِى ذَٰلِكُم بَلَآءٌۭ مِّن رَّبِّكُمْ عَظِيمٌۭ ۝٦

මූසා තම ජනතාවට මෙසේ පැවසූ අවස්ථාවේදී “අල්ලාහ් ඔබට ලබා දී ඇති වරප්‍රසාදයන් ගැන සිතා බලනු. ඔහු ඔබව ෆිර්අව්න්ගේ සමූහයෙන් බේරා ගත්තේය. ඔවුන් නම්, ඔබට දරුණු වේදනා ගෙන දෙමින් සිටි අතර ඔබගේ පිරිමි දරුවන්ව වද දී ගැහැනු දරුවන්ව (පමණක්) පණ පිටින් ජීවත් වීමට අත්හැර දමමින් සිටියහ. මෙහිදී ඔබගේ දෙවියන් විසින් ඔබව ඉමහත් වූ පිරික්සුමට ලක් කර තිබුණි” (යයි පැවසුවේය).

وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِن شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِى لَشَدِيدٌۭ ۝۷

තවද ඔබගේ දෙවියන් (ඔවුන්ට “මේ වෙනුවෙන්) ඔබ (මා හට) කෘතඥ වුවහොත් (මා මගේ වරප්‍රසාදයන් නැවතත්) ඔබට අධික කර දෙන්නෙමි. ඔබ (මගේ වරප්‍රසාදයන්ට කෘතඥ නොවී) වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම මගේ දඬුවම ඉතාමත් දරුණු එකක් වශයෙන් තිඛෙණු ඇත” යයි ප්‍රකාශයට පත් කිරීම යන්නද (නබියේ!) ඔබ (මොවුන්ට) මතක් කර දෙනු.

وَقَالَ مُوسَىٰٓ إِن تَكْفُرُوٓا۟ أَنتُمْ وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا فَإِنَّ ٱللَّهَ لَغَنِىٌّ حَمِيدٌ ۝۸

නැවතත් මූසා (තම ජනතාවට) “ඔබ ලොවෙහි ඇති ජනතාව සියල්ලන්ම (දෙවියන්ට සම්පූර්ණයෙන්ම) වෙනස්කම් කළා වුවද, (ඔහුට කිසිම පාඩුවක් ඇති වන්නේ නැත). මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් (කිසිවෙකුගේ උදව්වක්) අවශ්‍ය නොවන්නෙකු වශයෙන් හා ප්‍රශංසාවට හිමි කෙනෙකු වශයෙන් සිටින්නේය” යයිද පැවසුවේය.

أَلَمْ يَأْتِكُمْ نَبَؤُا۟ ٱلَّذِينَ مِن قَبْلِكُمْ قَوْمِ نُوحٍۢ وَعَادٍۢ وَثَمُودَ ۛ وَٱلَّذِينَ مِنۢ بَعْدِهِمْ ۛ لَا يَعْلَمُهُمْ إِلَّا ٱللَّهُ ۚ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَرَدُّوٓا۟ أَيْدِيَهُمْ فِىٓ أَفْوَٰهِهِمْ وَقَالُوٓا۟ إِنَّا كَفَرْنَا بِمَآ أُرْسِلْتُم بِهِۦ وَإِنَّا لَفِى شَكٍّۢ مِّمَّا تَدْعُونَنَآ إِلَيْهِ مُرِيبٍۢ ۝۹

ඔබට පෙර ඉකුත්ව ගිය නූහ්, ආද්, සමූද් වැනි ජනතාවන්ගේ ඉතිහාසයන්ද, ඔවුන්ගෙන් පසු පැමිණි අයගේ ඉතිහාසයන්ද, ඔබට ලැබුනේ නැද්ද? ඔවුන්ව (ඔවුන්ගේ විස්තර) අල්ලාහ් හැර වෙන කිසිවෙකුටත් දැන ගත නොහැක. එම ජනතාව වෙත යවනු ලැබූ (අපගේ) දූතයින් පැහැදිලි සාධකයන් සමග ඔවුන් වෙත පැමිණ “(ඍජු මාර්ගයට එනු, එනු” යයි තමන්ගේ දෑතම දිගු කර ආරාධනා කළ) අවස්ථාවේදී ඔවුන්ගේ අත් ඔවුන්ගේ කට දෙසටම තල්ලූ කර දමා (ඔවුන්ට) “නියත වශයෙන්ම අපි (දෙවියන්ගේ දූතයින් යන්න ප්‍රකාර) ඔබ ගෙන ආ දැය ප්‍රතික්ෂේප කරන්නෙමු. තවද ඔබ අපව කුමක් දෙසට ආරාධනා කරන්නෙහුද, ඒ ගැන නියත වශයෙන්ම අපි ඉමහත් වූ සැකයෙහිම සිටින්නෙමු” යයි පැවසූහ.

۞ قَالَتْ رُسُلُهُمْ أَفِى ٱللَّهِ شَكٌّۭ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يَدْعُوكُمْ لِيَغْفِرَ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرَكُمْ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ۚ قَالُوٓا۟ إِنْ أَنتُمْ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعْبُدُ ءَابَآؤُنَا فَأْتُونَا بِسُلْطَٰنٍۢ مُّبِينٍۢ ۝١۰

එයට ඔවුන්ගේ දූතයින් (ඔවුන්ට) “අහස්ද, භූමියද උත්පාදනය කළ අල්ලාහ් ගැනද (ඔබට ඇති) සැකය? ඔහු ඔබගේ වැරදිවලට සමාව දීම සඳහා ඔබව ආරාධනා කරන්නේය. (ඔහුට අවනත වුවහොත්) එක් නියමිත කාලයක් දක්වා ඔබව (භුමියෙහි සැපසේ ජීවත්ව සිටීමට) අත්හැර දමනු ඇත” යයි පැවසූහ. එයට ඔවුන් “ඔබ අප වැනි (සාමාන්‍ය) මිනිසුන්ම මිස, වෙන කිසිවෙකු නොව. අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෙවිවරුන්ව අත්හැර වළක්වා හැරීමටද ඔබ අදහස් කරන්නේ? එසේ නම්, (එයට අයත්) පැහැදිලි සාක්ෂීන් අප වෙත ගෙන එනු” යයි පැවසූහ.

قَالَتْ لَهُمْ رُسُلُهُمْ إِن نَّحْنُ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ وَلَٰكِنَّ ٱللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۖ وَمَا كَانَ لَنَآ أَن نَّأْتِيَكُم بِسُلْطَٰنٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ۝١١

(එයට) ඔවුන් වෙත පැමිණි දූතයින් ඔවුන්ට “අපි ඔබ මෙන් මිනිසුන්ය. එහෙත් අල්ලාහ් තම වහලූන්ගෙන් තමන් කැමති අය කෙරෙහි වරප්‍රසාදයන් පහළ කරන්නේය. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර (ඔබගේ කැමැත්තට අනුව) කිසිම සාධකයක් අපි ඔබ වෙත ගෙන ඒමට ඉඩක් නැත” (යයි පවසා විශ්වාසවන්තයින්ට) “විශ්වාසවන්ත-යින් සියල්ලන්ම අල්ලාහ්වම විශ්වාස කළ යුතුය” යයිද;

وَمَا لَنَآ أَلَّا نَتَوَكَّلَ عَلَى ٱللَّهِ وَقَدْ هَدَىٰنَا سُبُلَنَا ۚ وَلَنَصْبِرَنَّ عَلَىٰ مَآ ءَاذَيْتُمُونَا ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُتَوَكِّلُونَ ۝١٢

“අපි අල්ලාහ්ව විශ්වාස නොකර සිටීමට අපට (කුමක් නම් සිදු වී ඇත්ද)? නියත වශයෙන්ම ඔහුම අපිට ඍජු මාර්ගය දැනුම් දුන්නේය. (ප්‍රතික්ෂේප කරන්ණෙනි!) ඔබ අපට දෙන දුක් ගැහැට විඳ දරාගෙන ස්ථීරව සිටින්නෙමු. එබැවින් විශ්වාස කරන්නන් සියල්ලන්ම අල්ලාහ්වම විශ්වාස කළ යුතුය” යයිද පැවසූහ.

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِرُسُلِهِمْ لَنُخْرِجَنَّكُم مِّنْ أَرْضِنَآ أَوْ لَتَعُودُنَّ فِى مِلَّتِنَا ۖ فَأَوْحَىٰٓ إِلَيْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ ٱلظَّٰلِمِينَ ۝١۳

ප්‍රතික්ෂේප කළ අය, තමන් වෙත පැමිණි (අපගේ) දූතයින්ට “නියත වශයෙන්ම ඔබ අපගේ ධර්මය දෙසට හැරිය යුතුය. නොඑසේ නම්, අපි ඔබව අපගේ රටින් පිටමං කරන්නෙමු” යයි පවැසූහ. එයට ඔවුන්ගේ දෙවියන් ඔවුන්ට “නියත වශයෙන්ම අපි මෙම අපරාධකාරයින්ව විනාශ කර දමන්නෙමු.

وَلَنُسْكِنَنَّكُمُ ٱلْأَرْضَ مِنۢ بَعْدِهِمْ ۚ ذَٰلِكَ لِمَنْ خَافَ مَقَامِى وَخَافَ وَعِيدِ ۝١٤

ඔබව ඔවුන්ගෙන් පසු (ඔවුන්ගේ) භූමියෙහි නියත වශයෙන්ම අපි පදිංචි කරන්නෙමු” යයි වහී මගින් දැනුම් දී “මෙය කවුරුන් මා ඉදිරියේ (විභාග කිරීම සඳහා) සිටීම ගැන බිය වී ද, මගේ බිය ගැන්වීමට බිය වී ද, කටයුතු කරන්නේද ඔහුට, (එක් ත්‍යාගයක් වන්නේය” යයි ඔවුන්ගේ දෙවියන් දැනුම් දුන්නේය).

وَٱسْتَفْتَحُوا۟ وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٍۢ ۝١٥

එබැවින් (නබිවරුන්) සියල්ලන්ම (අල්ලාහ්ගේ) උදව්ව ඉල්ලා සිටියහ. හිතුවක්කාර මැරවරයින් සියල්ලන්ම රැවටී (විනාශ වී) ගියහ.

مِّن وَرَآئِهِۦ جَهَنَّمُ وَيُسْقَىٰ مِن مَّآءٍۢ صَدِيدٍۢ ۝١٦

ඔවුන් ඉදිරියේ නිරයම ඇත්තේය. (එහිම ඔවුන් යා යුතුය. නිරාවාසීන්ගේ දේහයෙන් වෑහෙන) සැරව ඔවුන්ට පානයක් වශයෙන් පොවනු ලැබේ.

يَتَجَرَّعُهُۥ وَلَا يَكَادُ يُسِيغُهُۥ وَيَأْتِيهِ ٱلْمَوْتُ مِن كُلِّ مَكَانٍۢ وَمَا هُوَ بِمَيِّتٍۢ ۖ وَمِن وَرَآئِهِۦ عَذَابٌ غَلِيظٌۭ ۝١۷

එය ඔවුන් (ඉතාමත් අමාරුවෙන්) ටිකෙන් ටික ගිල දමන්නාහ. එහෙත් එය ඔවුන්ගේ උගුරෙන් පහළට බසින්නේ නැත. (ඉක්කා දමමින් සිර වෙන්නේය). සෑම දිශාවකින්ම ඔවුන් දෙසට මරණයම එමින් ඇත්තේය. එහෙත් ඔවුන් මිය යන්නේ නැත. මෙපමණක් නොව, දරුණු වේදනාවටද මුහුණ දීමට සිදු වනු ඇත.

مَّثَلُ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ ۖ أَعْمَٰلُهُمْ كَرَمَادٍ ٱشْتَدَّتْ بِهِ ٱلرِّيحُ فِى يَوْمٍ عَاصِفٍۢ ۖ لَّا يَقْدِرُونَ مِمَّا كَسَبُوا۟ عَلَىٰ شَىْءٍۢ ۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلْبَعِيدُ ۝١۸

කවුරුන් තමන්ව පෝෂණය කර, පරිපාලනය කරන්නාව ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ගේ ක්‍රියාවන්ගේ උපමාව අළු මෙන් ඇත්තේය! සුළි සුළං කාලයට හමන දැඩි සුළඟ එය, ගසාගෙන යන ලදී. තමන් සොයා ගත් දැයෙන් කිසිවක් ඔවුන් අත් කර ගන්නේ නැත. මෙයම ඉතාමත් ඈතින් වූ දුර්මාර්ගය වන්නේය.

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۚ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍۢ جَدِيدٍۢ ۝١۹

නියත වශයෙන්ම අල්ලාහ්ම අහස්ද, භූමියද ඇත්තෙන්ම (ඉතාමත් උසස් තත්වයකට) උත්පාදනය කර ඇත්තේය යන්න (මිනිසුනේ!) ඔබ අවධානය කර බැලූවේ නැද්ද? ඔහු කැමති වුවහොත් ඔබව යවා, (ඔබ වැනි) අළුත් උත්පාදනයක් ගෙන එනු ඇත.

وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٍۢ ۝٢۰

අල්ලාහ්ට මෙය එතරම් දැයක් නොව.

وَبَرَزُوا۟ لِلَّهِ جَمِيعًۭا فَقَالَ ٱلضُّعَفَٰٓؤُا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا كُنَّا لَكُمْ تَبَعًۭا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا مِنْ عَذَابِ ٱللَّهِ مِن شَىْءٍۢ ۚ قَالُوا۟ لَوْ هَدَىٰنَا ٱللَّهُ لَهَدَيْنَٰكُمْ ۖ سَوَآءٌ عَلَيْنَآ أَجَزِعْنَآ أَمْ صَبَرْنَا مَا لَنَا مِن مَّحِيصٍۢ ۝٢١

(පරලොවදී පාපතරයන්) සියල්ලන්ම (ඉකුත් වී) අල්ලාහ්ගේ ශුද්ධ වූ මුහුණ ඉදිරියේ සිටින අවස්ථාවේදී (මෙලොවදී) ඛෙලහීනයන් (යයි අදහස් කරනු ලැබූවන් ශක්තිවන්තයින් යයි) උඞගු බස් ෙදාඩමින් සිටි අයට “නියත වශයෙන්ම අපි ඔබවම අනුගමනය කර කටයුතු කළෙමු. එබැවින් අල්ලාහ්ගේ දඬුවමෙන් පොඩියක් හෝ අපට ඔබ වැළැක්විය යුතු නොවේද?” යයි පවසනු ඇත. (එයට) ඔවුන් “(දඬුවමෙන් බේරීමට) අල්ලාහ් අපට යම්කිසි මාර්ගයක් තබා තබුනේ නම්, (එය) අපි ඔබට දැනුම් දෙන්නෙමු. (බේරීමට මාර්ගයක් නැත. අපගේ දඬුවම ගැන) අපි දැඟලීමද, නැතහොත් (එය විඳ දරාගෙන) ඉවසා සිටීමද, අපට එක සමානව ඇත්තේය. (මෙම දඬුවමෙන්) බේරීමට අපට කිසියම් මාර්ගයක්ම නැත!” යයි වැළපෙනු ඇත.

وَقَالَ ٱلشَّيْطَٰنُ لَمَّا قُضِىَ ٱلْأَمْرُ إِنَّ ٱللَّهَ وَعَدَكُمْ وَعْدَ ٱلْحَقِّ وَوَعَدتُّكُمْ فَأَخْلَفْتُكُمْ ۖ وَمَا كَانَ لِىَ عَلَيْكُم مِّن سُلْطَٰنٍ إِلَّآ أَن دَعَوْتُكُمْ فَٱسْتَجَبْتُمْ لِى ۖ فَلَا تَلُومُونِى وَلُومُوٓا۟ أَنفُسَكُم ۖ مَّآ أَنَا۠ بِمُصْرِخِكُمْ وَمَآ أَنتُم بِمُصْرِخِىَّ ۖ إِنِّى كَفَرْتُ بِمَآ أَشْرَكْتُمُونِ مِن قَبْلُ ۗ إِنَّ ٱلظَّٰلِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ ۝٢٢

(මෙම වැරදිකරුවන් ගැන) තීන්දු දෙනු ලැබීමෙන් පසු ෂෙයිතාන් (මොවුන්ට) “නියත වශයෙන්ම අල්ලාහ් (මෙම දඬුවම් දෙන බවට) ඔබට ඇත්තෙන්ම පොරොන්දු දී තිබුණි. (ඒ අන්දමටම දුන්නේය). මමත් ඔබට (බොරුවට) පොරොන්දු දුන්නෙමි. එහෙත් මා ඔබට වංචා කළෙමි. මා ඔබව ආරාධනා කළෙමි. ඔබ මාව අනුගමනය කළෙහුය යන්න මිස, මා ඔබව බලකිරීමට මා හට කිසිම බලයක් නොමැතිවම තිබුණි. එබැවින් ඔබ මාව නින්දා නොකරනු. ඔබවම ඔබලා නින්දා කර ගනු. මා ඔබට කිසිම උදව්වක් කිරීමට නොහැක. මෙයට පෙර ඔබ මාව (අල්ලාහ්ට) සමානයන් බවට පත් කරගෙන සිටීමද, නියත වශයෙන්ම මා ප්‍රතික්ෂේප කර හැරියෙමි. නියත වශයෙන්ම (ඔබ වැනි) අපරාධකාරයින්ට ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත” යයි පවසනු ඇත.

وَأُدْخِلَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا بِإِذْنِ رَبِّهِمْ ۖ تَحِيَّتُهُمْ فِيهَا سَلَٰمٌ ۝٢۳

කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් ස්වර්ගයන්හි අතුළු කරනු ලබන්නාහ. එහි දිය දහරා සදාකල් ගලමින්ම ඇත්තේය. තමන්ගේ දෙවියන්ගේ නියෝගයන්ට අනුව එහි ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත. ඔවුන් (කෙනෙකු තවත් කෙනෙකුට “ඔබට සදා) ශාන්තිය හා සමාදානයද අත් වේවා!” යයි සුභ පැතුම් පවසනු ඇත.

أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ ٱللَّهُ مَثَلًۭا كَلِمَةًۭ طَيِّبَةًۭ كَشَجَرَةٍۢ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌۭ وَفَرْعُهَا فِى ٱلسَّمَآءِ ۝٢٤

(නබියේ! තව්හීද් කලිමා යයිම) හොඳ වදනට අල්ලාහ් කෙසේ (ඉතාමත් උසස්) උපමාවන් පවසන්නේද යන්න ඔබ අවධානය කළේ නැද්ද? (එම වදන) අහස දෙසට වූ අතුද, (භුමිය) සිසාරා ගිය මුල්ද ඇති විශාල ගසකට උපමා වන්නේය.

تُؤْتِىٓ أُكُلَهَا كُلَّ حِينٍۭ بِإِذْنِ رَبِّهَا ۗ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ۝٢٥

එය (නාඹර වයසේ පමණක් නොව), දෙවියන්ගේ දයාව මගින් සෑම කාලයකදීම පලතුරු ලබා දෙමින්ම ඇත්තේය. මිනිසුන් හොඳ හැඟීමක් ලබා ගනු වස් ඔවුන්ට (මේවා) අල්ලාහ් උපමා කර ඇත්තේය.

وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٍۢ كَشَجَرَةٍ خَبِيثَةٍ ٱجْتُثَّتْ مِن فَوْقِ ٱلْأَرْضِ مَا لَهَا مِن قَرَارٍۢ ۝٢٦

(ප්‍රතික්ෂේප කරන්නන්ගේ කබ්රු, ෂිර්ක් නමැති) නපුරු වදනට උපමාවකි. භූමියෙහි ඇති මුල් කැපී ගොස් (අස්ථාවර වී) තිඛෙන (ඛෙලහීන වූ) බාල ගසකට සම වන්නේය. එය ස්ථීරව නොපවතිනු ඇත.

يُثَبِّتُ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱلْقَوْلِ ٱلثَّابِتِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْءَاخِرَةِ ۖ وَيُضِلُّ ٱللَّهُ ٱلظَّٰلِمِينَ ۚ وَيَفْعَلُ ٱللَّهُ مَا يَشَآءُ ۝٢۷

ඇත්තෙන්ම කවුරුන් විශ්වාසය තබා ඇත්තෝද, ඔවුන්ව පරලොවදී වුවද, මොලොව ජීවිතයේදී වුවද, (කලිමා තයියිබ් නමැති) සත්‍යය වූ මෙම වදනේ හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව ස්ථීර කරන්නේය. අපරාධකරුවන්ව (ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන්) අල්ලාහ් වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේය. අල්ලාහ් අදහස් කරන දැය කරන්නේය. (එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැක).

۞ أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ بَدَّلُوا۟ نِعْمَتَ ٱللَّهِ كُفْرًۭا وَأَحَلُّوا۟ قَوْمَهُمْ دَارَ ٱلْبَوَارِ ۝٢۸

(නබියේ!) අල්ලාහ්ගේ දයාව ප්‍රතික්ෂේපය මගින් වෙනස් කර, තමන්ගේ ජනතාවද විනාශ පාතාලයෙහි බැසීමට සලස්වන ලද අයව ඔබ නොදැක්කෙහිද?

جَهَنَّمَ يَصْلَوْنَهَا ۖ وَبِئْسَ ٱلْقَرَارُ ۝٢۹

ඔවුන් නිරයටම පැමිණ සේන්දු වනු ඇත. (එය) නැවතී සිටින ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරු ස්ථානයයි!

وَجَعَلُوا۟ لِلَّهِ أَندَادًۭا لِّيُضِلُّوا۟ عَن سَبِيلِهِۦ ۗ قُلْ تَمَتَّعُوا۟ فَإِنَّ مَصِيرَكُمْ إِلَى ٱلنَّارِ ۝۳۰

ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනතාව) හරවා යැවීම පිණිස (බොහොමයක් ව්‍යාජ දෙවිවරුන්ව) ඔහුට සමානයන් වශයෙන් තබන්නාහ. (නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “(මෙලොවදී ටික කලක්) ඔබ සුවය විඳිනු. (අවසානයේදී) නියත වශයෙන්ම ඔබ සේන්දු වන ස්ථානය නිරයයි”.

قُل لِّعِبَادِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ يُقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَيُنفِقُوا۟ مِمَّا رَزَقْنَٰهُمْ سِرًّۭا وَعَلَانِيَةًۭ مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌۭ لَّا بَيْعٌۭ فِيهِ وَلَا خِلَٰلٌ ۝۳١

(නබියේ!) විශ්වාසය තැබූ මගේ වහලූන්ට ඔබ මෙසේ පවසනු: ඔවුන් සලාතය නොකඩවා ඉටු කරන්නටද, අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් රහසින්ද, ප්‍රසිද්ධියේද, දානමාන කරන ලෙසටද; ගනුදෙනුද, මිත්‍රකමක්ද නොමැති දිනක් පැමිණීමට පෙරම (මෙසේ කරනු).

ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزْقًۭا لَّكُمْ ۖ وَسَخَّرَ لَكُمُ ٱلْفُلْكَ لِتَجْرِىَ فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ ۖ وَسَخَّرَ لَكُمُ ٱلْأَنْهَٰرَ ۝۳٢

අල්ලාහ්ම අහස්ද, භූමියද උත්පාදනය කළ අයයි. ඔහුම අහසින් වැස්ස වැසීමට සලස්වා, එමගින් ඔබට ආහාර වශයෙන් (විවිධ) පලතුරු වර්ගද, ඉකුත් කරන්නේය. (ඔබ සංචාරය කරනු පිණිස) නැව ඔබට වසඟ කර දී, තම නියෝගයට අනුව සාගරයෙහි තරනය කරන්නට සලස්වන්නේය. ගංඟාවන්ද (ඇළ මාර්ගද) ඔබ කැමති ආකාරයට තරනය කිරීමට පහසුකම් ලබා දුන්නේය.

وَسَخَّرَ لَكُمُ ٱلشَّمْسَ وَٱلْقَمَرَ دَآئِبَيْنِ ۖ وَسَخَّرَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ ۝۳۳

(නොවැරදී) සීරුවෙන් ක්‍රියාත්මක වන සේ සූර්යයාද, චන්ද්‍රයාද ඔබට ප්‍රයෝජනවත් වන ආකාරයට (උත්පාදනය කර), ඇති කළේය. (මාරුවෙන් මාරුවට පැමිණෙන සේ) රාත්‍රිය හා දහවලද ඔබ වෙනුවෙන් (ඇති කර, එයින්) ප්‍රයෝජනයක් අත් කර ගැනීමට සැලැස්සුවේය.

وَءَاتَىٰكُم مِّن كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِن تَعُدُّوا۟ نِعْمَتَ ٱللَّهِ لَا تُحْصُوهَآ ۗ إِنَّ ٱلْإِنسَٰنَ لَظَلُومٌۭ كَفَّارٌۭ ۝۳٤

(මේවා හැර), ඔබ ඉල්ලු දෑ සියල්ල ඔහු ඔබට ලබා දුන්නේය. එබැවින් අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ඔබ ගණනය කර බැලු විට, ඒවා ඔබ විසින් ගණනය කළ නොහැක! (මෙසේ තිබියදී) නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවූවන් වශයෙන්ද, (මේවා ප්‍රතික්ෂේප කරන) ඉතාමත් කෙළෙහිගුණ නොදත් අය වශයෙන්ද සිටින්නේය.

وَإِذْ قَالَ إِبْرَٰهِيمُ رَبِّ ٱجْعَلْ هَٰذَا ٱلْبَلَدَ ءَامِنًۭا وَٱجْنُبْنِى وَبَنِىَّ أَن نَّعْبُدَ ٱلْأَصْنَامَ ۝۳٥

ඉබ්රාහීම් (තම දෙවියන් හට) පැවසූ දැය (නබියේ! ඔබ ඔවුන්ට) මතක් කර දෙනු. (ඔහු දෙවියන්ට) “මගේ දෙවියනේ! (මක්කාව වන) මෙම නගරය ආරක්ෂා සහිත නගරයක් බවට ඔබ පත් කරනු මැනව! මාවද, මගේ ජනතාවද -පිළිරූ නොඅදහන ලෙසට- ඔබ බේරා ගනු මැනව!

رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ ۖ فَمَن تَبِعَنِى فَإِنَّهُۥ مِنِّى ۖ وَمَنْ عَصَانِى فَإِنَّكَ غَفُورٌۭ رَّحِيمٌۭ ۝۳٦

“මගේ දෙවියනේ! නියත වශයෙන්ම මෙම පිළිරූ මිනිසුන්ගෙන් බොහොමයක් දෙනාව දුර්මාර්ගයෙහි යාමට සැලැස්සුවේය. එබැවින් (පිළිරූ නොනැමද) කවුරුන් මාව අනුගමනය කරන්නේද, ඔහුම නියත වශයෙන්ම මගෙන් කෙනෙකු වන්නේය. කවුරුන් මට වෙනස්කම් කරන්නේද, (ඔහු මගේ පාර්ශවයේ කෙනෙකු නොවූවද, මගේ දෙවියනේ!) නියත වශයෙන්ම ඔබ ඉතාමත් ක්ෂමා කරන්නෙකු වන අතර කරුණාවන්තයෙකු වශයෙන්ද සිටින්නෙහිය.

رَّبَّنَآ إِنِّىٓ أَسْكَنتُ مِن ذُرِّيَّتِى بِوَادٍ غَيْرِ ذِى زَرْعٍ عِندَ بَيْتِكَ ٱلْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُوا۟ ٱلصَّلَوٰةَ فَٱجْعَلْ أَفْـِٔدَةًۭ مِّنَ ٱلنَّاسِ تَهْوِىٓ إِلَيْهِمْ وَٱرْزُقْهُم مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمْ يَشْكُرُونَ ۝۳۷

මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මගේ පරම්පරාවේ දරුවන්ව ඉතාමත් ගෞරවයෙන් පිරි ඔබගේ නිවසෙහි සමීපයේ වාසය කිරීමට සැලැස්සුවෙමි. එය ගොවිතැනින් තොර එක් මිටියාවතකි! මගේ දෙවියනේ! ඔවුන් (ඔබව) සලාත් කරමින් සිටීම සඳහා (එහි වාසය කිරීමට සැලැස්සුවෙමි). මිනිසුන්ගෙන් එක් සමූහයකගේ හෘදයන්, ඔවුන්ව බලන ලෙසට ඔබ සලස්වනු මැනව! (විවිධ) පලතුරුද ඔබ ඔවුන්ට ආහාර වශයෙන් ලබා දෙනු මැනව! (එයට) ඔවුන් (ඔබට) කෘතඥ වනු ඇත.

رَبَّنَآ إِنَّكَ تَعْلَمُ مَا نُخْفِى وَمَا نُعْلِنُ ۗ وَمَا يَخْفَىٰ عَلَى ٱللَّهِ مِن شَىْءٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ ۝۳۸

අපගේ දෙවියනේ! අපි (හෘදයන්හි) සඟවා ගන්නා දැයද, අපි එළිදරව් කරන දැයද නියත වශයෙන්ම ඔබ හොඳින් දන්නෙහිය. අහස්හිද, භූමියෙහිද ඇති දැයෙන් කිසිවක් අල්ලාහ්ට සැඟවී ඇති දැය නොව.

ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى وَهَبَ لِى عَلَى ٱلْكِبَرِ إِسْمَٰعِيلَ وَإِسْحَٰقَ ۚ إِنَّ رَبِّى لَسَمِيعُ ٱلدُّعَآءِ ۝۳۹

සියලූ ප්‍රශංසා අල්ලාහ්ටම අයත්ය! ඔහුම මගේ මහළු වයසේදී ඉස්මායිල්වද, ඉස්හාක්වද මා හට (දරුවන් වශයෙන්) ලබා දුන්නේය. නියත වශයෙන්ම මගේ දෙවියන් ප්‍රාර්ථනාවන් (ඉතාමත් කරුණාවන්තව) සවන් දෙන්නෙකු වශයෙන් සිටින්නේය.

رَبِّ ٱجْعَلْنِى مُقِيمَ ٱلصَّلَوٰةِ وَمِن ذُرِّيَّتِى ۚ رَبَّنَا وَتَقَبَّلْ دُعَآءِ ۝٤۰

මගේ දෙවියනේ! මාවද, මගේ පරම්පරාවේ දරුවන්වද, (ඔබව) සලාත් කර සිටින්නන් වශයෙන් පත් කරනු මැනව! අපගේ දෙවියනේ! මගේ ප්‍රාර්ථනාව බාර ගනු මැනව!

رَبَّنَا ٱغْفِرْ لِى وَلِوَٰلِدَىَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ ٱلْحِسَابُ ۝٤١

අපගේ දෙවියනේ! මටත්, මගේ දෙමව්පියන්ටත්, අනිත් විශ්වාසවන්තයින්ටත්, ප්‍රශ්න කරනු ලබන (විනිශ්චය) දිනදී සමාව ලබා දෙනු මැනව!” (යයි ප්‍රාර්ථනා කළේය).

وَلَا تَحْسَبَنَّ ٱللَّهَ غَٰفِلًا عَمَّا يَعْمَلُ ٱلظَّٰلِمُونَ ۚ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍۢ تَشْخَصُ فِيهِ ٱلْأَبْصَٰرُ ۝٤٢

(නබියේ!) මෙම අපරාධකාරයින්ගේ ක්‍රියාවන් ගැන අල්ලාහ් නොසැලකිලි-මත්ව සිටින්නේය යයි ඔබ නොසිතනු. ඔවුන්ව (දඬුවම මගින් එවෙලෙ එවෙලේම අල්ලා නොගෙන) ප්‍රමාද කර සිටින්නේ ඇරුණු ඇස් ඇරී තිබියදීම සිටින්නට හැකි (දරුණු විනිශ්චය) දිනක් පැමිණෙන තුරුය!

مُهْطِعِينَ مُقْنِعِى رُءُوسِهِمْ لَا يَرْتَدُّ إِلَيْهِمْ طَرْفُهُمْ ۖ وَأَفْـِٔدَتُهُمْ هَوَآءٌۭ ۝٤۳

(එදිනදී) මොවුන්ගේ එසවුණු හිස පහත් කිරීමට නොහැකිව (තිගැස්සී විවිධ දිසාවන් ඔස්සේ) වේගයෙන් දුවනු ඇත. (තිගැස්සෙන සුළු සිදුවීම් දුටු) මොවුන්ගේ බැල්ම වෙනස් නොවී -(ඒ දෙසටම බලාගෙන සිටිනු ඇත).- මොවුන්ගේ හෘදයන් තිගැස්සී වෙව්ලන්නට වනු ඇත.

وَأَنذِرِ ٱلنَّاسَ يَوْمَ يَأْتِيهِمُ ٱلْعَذَابُ فَيَقُولُ ٱلَّذِينَ ظَلَمُوا۟ رَبَّنَآ أَخِّرْنَآ إِلَىٰٓ أَجَلٍۢ قَرِيبٍۢ نُّجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ ٱلرُّسُلَ ۗ أَوَلَمْ تَكُونُوٓا۟ أَقْسَمْتُم مِّن قَبْلُ مَا لَكُم مِّن زَوَالٍۢ ۝٤٤

එබැවින් (නබියේ!) මෙවැනි දඬුවම් දිනයක් ඔවුන්ට පැමිණීම ගැන ඔබ මිනිසුන්ට බිය ගන්වා අනතුරු අඟවනු මැනව! සීමාව ඉක්මවූවන් (එදින තමන්ගේ දෙවියන්ට) “අපගේ දෙවියනේ! ඔබ අපට එක් සුළු කාල අවකාශයක් දෙනු (මැනව!) අපි ඔබගේ ආරාධනාවට (මින් පසු) සවන් දී, (ඔබගේ) දූතයින්ව අනුගමනය කර කටයුතු කරන්නෙමු” යයි පවසනු ඇත. (එයට දෙවියන් ඔවුන්ට) “මීට පෙර ඔබ, ඔබගේ (මෙලොව ජීවිතයට) විනාශයක්ම නැත යයි දිව්රා පවසමින්ම සිටියේ නැද්ද?”යි (විමසනු ඇත).

وَسَكَنتُمْ فِى مَسَٰكِنِ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ ٱلْأَمْثَالَ ۝٤٥

තවද “තමන්ට තමන්ම හානියක් (කර ගනිමින් විනාශයට පත් වූවන්) වාසය කළ ස්ථානයෙහි ඔබත් වාසය කළේ නැද්ද?” (යයිද) “අපි ඔවුන්ට කුමක් කළෙමුද යන්න ඔබ හොඳින් දැන සිටියා නොවෙද? (මේ ගැන) ඔබට බොහොමයක් උදාහරණයන්ද අපි ගෙනහැර දැක්වූවේ නැද්ද?” (යයිද පිළිතුරු දෙනු ඇත).

وَقَدْ مَكَرُوا۟ مَكْرَهُمْ وَعِندَ ٱللَّهِ مَكْرُهُمْ وَإِن كَانَ مَكْرُهُمْ لِتَزُولَ مِنْهُ ٱلْجِبَالُ ۝٤٦

එහෙත් ඔවුන් තමන්ගේ කුමන්ත්‍රණ කරමින්ම සිටියහ. ඔවුන්ගේ කුමන්ත්‍රණ නම්, කඳු චලණය කළ හැකිව තිබුණා වුවද, දෙවියන්ගේ (ඥානයට) ඇතූළු වී තිබුණි. (එබැවින් ඔවුන්ගේ කුමන්ත්‍රණ කිසිවක් වදින්නට යන්නේ නැත!)

فَلَا تَحْسَبَنَّ ٱللَّهَ مُخْلِفَ وَعْدِهِۦ رُسُلَهُۥٓ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌۭ ذُو ٱنتِقَامٍۢ ۝٤۷

අල්ලාහ් තමන්ගේ දූතයින්ට ලබා දී තිබුණු පොරොන්දුවලින් ඔහු වැරද යනු ඇතැයි (නබියේ!) ඔබ කිසිදාක නොසිතනු. නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන් සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා පළි ගන්නෙකු වශයෙන්ද සිටින්නේය.

يَوْمَ تُبَدَّلُ ٱلْأَرْضُ غَيْرَ ٱلْأَرْضِ وَٱلسَّمَٰوَٰتُ ۖ وَبَرَزُوا۟ لِلَّهِ ٱلْوَٰحِدِ ٱلْقَهَّارِ ۝٤۸

(නබියේ! එක් දිනයක් ගැන ඔබ ඔවුන්ට මතක් කර දෙනු). එදිනදී මෙම භූමිය වෙනස් කර වෙනත් ආකාරයක භූමියක් බවට පත් කර හරිනු ඇත. අහස්ද ඒ ආකාරයටමයි. ඔවුන් (තම තමන්ගේ ස්ථානයන්හි සිට) ඉකුත් වී (සියල්ලන්වම) යටහත් පහත් කර එකම දෙවියන් වන එම අල්ලාහ්ගේ සන්නිධානයෙහි එක්රැස් වනු ඇත.

وَتَرَى ٱلْمُجْرِمِينَ يَوْمَئِذٍۢ مُّقَرَّنِينَ فِى ٱلْأَصْفَادِ ۝٤۹

තවද වැරදිකරුවන්ගේ සියල්ලන්ම එදිනදී දම්වැල් දමා බැඳ දමනු ලැබී තිඛෙණු ඔබ දකින්නෙහිය.

سَرَابِيلُهُم مِّن قَطِرَانٍۢ وَتَغْشَىٰ وُجُوهَهُمُ ٱلنَّارُ ۝٥۰

ඔවුන්ගේ ඇඳුම් තාරවලින් නිමා කර තිඛෙණු ඇත. ඔවුන්ගේ මුහුණු ගිණ්නෙන් දවා හරිනු ඇත.

لِيَجْزِىَ ٱللَّهُ كُلَّ نَفْسٍۢ مَّا كَسَبَتْ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ ۝٥١

සෑම ආත්මයකටම එය කර ඇති අපරාධයන්ට සරිලන ඵලවිපාක අල්ලාහ් (මෙසේ) ලබා දෙනු ඇත. නියත වශනේම අල්ලාහ් ප්‍රශ්න කිරීමෙහි ඉතාමත් කඩිසරවන්තයෙකි.

هَٰذَا بَلَٰغٌۭ لِّلنَّاسِ وَلِيُنذَرُوا۟ بِهِۦ وَلِيَعْلَمُوٓا۟ أَنَّمَا هُوَ إِلَٰهٌۭ وَٰحِدٌۭ وَلِيَذَّكَّرَ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ ۝٥٢

මිනිසුන්ට අනතුරු අඟවනු ලැබ, නැමදුමට යුත්තා එකම දෙවියාය යයි ඔවුන් ස්ථීරව දැන ගැනීම සඳහාද, බුද්ධිමතුන් හොඳ වැටහීමක් ලබා ගැනීම සඳහාද (කුර්ආනය වන) මෙය (අල්ලාහ්ගේ නියෝගයන්ගෙන් පිරි) එක් ප්‍රකාශණයක් වන්නේය.