< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلْقَارِعَةُ ۝١

(මරණයට පත් වූවන්ව) තිගැස්සීමට සලස්වන සිද්ධියයි!

مَا ٱلْقَارِعَةُ ۝٢

(එවැනි) තිගැස්සීමට සලස්වන සිද්ධිය කුමක්ද?

وَمَآ أَدْرَىٰكَ مَا ٱلْقَارِعَةُ ۝۳

(නබියේ!) එම සිද්ධිය අසවල් එක යයි ඔබ දන්නෙහිද?

يَوْمَ يَكُونُ ٱلنَّاسُ كَٱلْفَرَاشِ ٱلْمَبْثُوثِ ۝٤

එදිනදී මිනිසුන් ඇවිස්සී විසිරී තිඛෙන මෙරු මෙන් බවට පත් වනු ඇත.

وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ ٱلْمَنفُوشِ ۝٥

කඳු විසිරී දැමූ පුළුන් මෙන් පාවී යනු ඇත.

فَأَمَّا مَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ ۝٦

කවුරුන්ගේ පින් වල බර වැඩි වූවේද-

فَهُوَ فِى عِيشَةٍۢ رَّاضِيَةٍۢ ۝۷

ඔහු තෘප්තියට පත් ජීවිතයෙහි (සැපසේ) ජීවත්ව සිටිනු ඇත.

وَأَمَّا مَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ ۝۸

කවුරුන්ගේ (පින් වල) බර පහසු වී (පාපයන්හි බර වැඩි) වූවේද,

فَأُمُّهُۥ هَاوِيَةٌۭ ۝۹

ඔහු රැෙඳන ස්ථානය හාවියාය.

وَمَآ أَدْرَىٰكَ مَا هِيَهْ ۝١۰

(එම) හාවියා අසවල් එක යයි (නබියේ!) ඔබ දන්නෙහිද?

نَارٌ حَامِيَةٌۢ ۝١١

(එය) ඉදී තිඛෙන (නිරා) ගින්න වන්නේය.