| فهرس السور | السورة التالية >
surah001
Al-Faatiha (1)
The Opening, makkah, 7 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ١
අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්
ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ ٢
සියලූම ප්රශංසා අල්ලාහ්ටය (ඔහු) සකල ලෝකයම නිර්මාණය කර, සංවර්ධනය කර, සංරක්ෂණය කර, පරිපෝෂණය කර, පරිපාලනය කරන්නාවූද
ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ۳
අපරිමිත අනුකම්පාවද, අසමසම දයාවද
مَٰلِكِ يَوْمِ ٱلدِّينِ ٤
විනිශ්චය දින අධිපති(ද වන්නේය)
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ ٥
(අනුකම්පාවද දයාවද පිරි අප දෙවියනේ) ඔබවම අප නමදින්නෙමු. ඔබගෙන්ම අප පිහිට පතන්නෙමු.
ٱهْدِنَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ ٦
ඔබ අපට ඍජු මාර්ගය පෙන්වා දෙනු මැනව
صِرَٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ ٱلْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا ٱلضَّآلِّينَ ۷
ඔබගේ අනුකම්පාව හා දයාව කා හට පහළ කළේද, ඔවුන්ගේ මාර්ගයෙහි (යාමට සලස්වනු මැනව) (එය ඔබගේ) කෝපයට පාත්ර වූ මාර්ගයෙහිද නොව, අයහමග වූවන්ගේ මාර්ගයෙහිද නොව.